Title
stringlengths
9
246
Content
stringlengths
3
62.9k
"උ/නැ හමුදාවට ස්පාඤ්ඤයත් යන්න කියයි"
"උතුරු නැගෙනහිරින් ආරක්‍ෂක හමුදාව ඉවත් කරන ලෙස ජිනීවා නුවර පැවති වියට සමාලෝචන සමුළුවේදී ස්පාඤ්ඤය ඉල්ලා ඇත. එසේම ආරක්‍ෂක හමුදාව ප්‍රතිසංස්කරණයට ලක් කරන ලෙස ද ස්පාඤ්ඤ රජය ශ්‍රී ලංකාවට දන්වා තිබේ. උතුරු නැගෙනහිරින් ආරක්‍ෂක හමුදාව ඉවත් කර ගැනීමේ ඉල්ලීම පසුබිමේ ද්‍රවිඩ සන්ධානය හා ද්‍රවිඩ ඩයස්පෝරාව සිටින බව හෙළිවී ඇත. මෙම ඉල...
"ජනක පන්නන්න අලුත්ම ප්ලෑනක්!"
"ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිසමේ සභාපතිවරයා ඉවත්කරලීමට පාර්ලිමේන්තුවේ ඡන්දයක් විමසා බහුතර අනුමැතියකින් එය සිදුකරගත නොහැකි නිසා කොමිසමේ සාමාජිකයන් ඉල්ලා අස්කරලීමට කටයුතු යොදා ඇතැයි එහි සාමාජිකයෙක් පැවසීය. ඒ අනුව ඉකුත් 03 වැනිදා කොමිසමේ සාමාජිකයන් දෙදෙනකු ඉල්ලා අස්වී ඇතැයි ද ඔහු සඳහන් කළේය. ඉකුත් 03 වැනිදා ඉල්ලා අස්වූයේ...
"ඔප්පු කොපි ගාස්තු ඉහළට"
"ඉඩම් රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුව මගින් නිකුත් කරන ඔප්පු කොපි, පත්තිරු ඇතුළු ලේඛනවල ගාස්තු ඉහළ දැමීමට තීරණය කර ඇත. මීට අදාළ සංශෝධනයන් එම දෙපාර්තමේන්තුව මගින් සකස් කර කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීම සඳහා විෂය භාර අමාත්‍යාංශයට භාරදීමට කටයුතු කළ බව රෙජිස්ට්‍රාර් දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙක් පැවසීය. දෙපාර්තමේන්ත...
"ගිලුණු නැව් 47 සල්ලි දෙයි"
"ශ්‍රී ලංකා මුහුදු තීරයේ ගිලී මුහුදුබත් වී ඇති නෞකා 47 ක සංඛ්‍යාව ආදායම් උපයා ගැනීම සඳහා යොදා ගැනීමට වරාය නාවික හා ගුවන් සේවා අමාත්‍යාංශය පියවර ගෙන ඇත. මෙම නෞකා අතරින් කෞතුක වටිනාකමක් සහිත ඒවා සංරක්‍ෂණය කිරීමටත් එසේ නොමැති නෞකා අබලි ද්‍රව්‍ය ලෙස විකුණු මුදල් රජයේ ගිණුමට බැර කිරීමටත් පියවර ගන්නා ලෙස වරාය නාවික හා ගුවන් ...
"ශ්‍රී ලාංකිකයන් දන්දුන් ඇස්වලින් පිටරැටියෝ 87870 ක් ලොව දකිති"
"ශ්‍රී ලාංකිකයන් දන් දුන් ඇස්වලින් පිටරැටියන් අසූ හත් දහස් අටසිය හැත්තෑදෙනකුට (87870ක්) පෙනීම ලබා දුන් බව ශ්‍රී ලංකා අක්ෂිදාන සංගමයේ ජාත්‍යන්තර ඇස් බැංකුවේ ජ්‍යෙෂ්ඨ කළමනාකරු ජගත් සමන් මාතර ආරච්චි මහතා පැවැසීය. දන්දුන් ඇස්වලින් ශ්‍රී ලාංකිකයන් 58260 දෙනකුටද පෙනීම ලබාදී ඇත. ලාංකිකයන් ලක්ෂ 21ක් ස්ව කැමැත්තෙන් ඇස් දන්දීමට ...
"වෙනත් විනිසුරු මඬුල්ලක් හමුවේ ලයිට් කපන්නෑ කියූ ප්‍රතිඥාව අස්කර ගනී"
"ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව විසින් විදුලිය විසන්ධි කිරීමට එරෙහිව ගොනුකර ඇති නඩුව සලකා බැලීම අවසන් වන තුරු විදුලිය විසන්ධි කිරීමක් සිදු නොකරන බවට ලංකා විදුලිබල මණ්ඩලය පෙරේදා (2 දා) ලබාදුන් ප්‍රතිඥාව ඉවත් කරගන්නා බව ලංකා විදුලිබල මණ්ඩලය ඊයේ (3 දා) ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නේය. එම නඩුව ඊයේ ගාමිණී අමරසේකර, කුම...
"ජනතාව පැත්තෙන් කතා කරන නිසා මිහින්තලේ ප්‍රතිසංස්කරණවලින් හමුදා පැය 24න් ඉවත් කරලා"
"වලවාහැංගුණවැවේ ධම්මරතන නාහිමි ධාතූන්වහන්සේට හානියක් වුණොත් රජය වගකිවයුතුයි දේශපාලකයන්ගේ පැත්තේ නොසිට, ජනතාවගේ පැත්තේ සිට කතා කරනවා කියලා, මිහින්තලා රජමහා විහාරස්ථානයේ ප්‍රතිසංස්කරණ කටයුතුවල නිරත ත්‍රිවිධ හමුදාව, සිවිල් ආරක්ෂක බළකාය ඇතුළු ආරක්ෂක අංශ පැය 24ක් ඇතුළත ඉවත් කරන ලෙස රජය විසින් නියෝග ලබාදී ඇති බව, මිහින්තලා ර...
"ද්විපාර්ශ්වික සබඳතා පුළුල් කර ගනිමු – ජෝ බයිඩ්න් ජනපති රනිල්ට ලියයි"
"ශ්‍රී ලංකාවේ 75 වැනි ජාතික නිදහස් දින සැමරුමට සමගාමීව ශ්‍රී ලංකාව සහ එක්සත් ජනපදය අතර ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් හා පුළුල් කර ගැනීමට අපේක්ෂා කරන බව ඇමෙරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් මහතා සඳහන් කරයි. 75 වැනි ජාතික නිදහස් සැමරුම වෙනුවෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහ සියලු ශ්‍රී ලාංකික ජනතාවට සුබපැතුම් එක් ...
"කොහේ තියෙන නිදහසක්ද!"
"‘කොහේ තියෙන නිදහසක්ද’ තේමාව යටතේ ඊයේ (03 දා) රජයේ මර්දනයට එරෙහිව කොළඹ මරදානේ එල්ෆින්ස්ටන් රඟහල ඉදිරිපිට පැවැති සත්‍යක්‍රියාවේ අවස්ථාවකි. ඡායාරූප – නිශාන් එස්. ප්‍රියන්ත"
"අවසර නැති අයට අද ගෝල්ෆේස් තහනම්"
"75 වැනි ජාතික නිදහස් සමරු දින උත්සවය පැවැත්වෙන අද (04 දා) දිනයේදී එම උත්සව කටයුතු අවසන් වනතුරු අවසර නොලත් සාමාන්‍ය ජනතාවට ගාලු මුවදොර පිටිය හා ඒ අවට ප්‍රදේශවලට ඇතුල්වීම වළක්වමින් කොටුව මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා ඊයේ (03දා) තහනම් නියෝගයක් නිකුත් කළේය. එම නිදහස් උත්සවයට දේශීය හා විදේශීය සම්භාවනීය ආරාධිත අමුත්තන් රැසක්...
"මහජන උපයෝගිතා කොමිසමේ දෙදෙනෙක් අස්වෙති"
"මහජන උපයෝගිතා කොමිසමේ සාමාජිකයෝ දෙදෙනෙක් ඊයේ (03දා) සිය තනතුරුවලින් ඉල්ලා අස්වූහ. ඒ අනුව එකී සාමාජිකයන් ලෙස කටයුතු කළ මොහාන් සමරනායක හා කොමිසමේ උප සභාපති උදේනි වික්‍රමසිංහ යන මහත්වරුන් සිය තනතුරුවලින් ඉල්ලා අස්වී තිබේ. ඔවුන් එම ඉල්ලා අස්වීමට අදාළ ලිපි මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා වෙත භාරදී තිබේ. ශිරාන් රණසිංහ"
"කෝටිපතියා මරා තරුණ යුවළ රටින් පැනලා!"
"උපත් පාලන කොපු තුනකුත් මිලට අරන්මෝටර් රථය මීගමුවේ දමා ගිහින් ෂේඩ්ස් ෆැෂන් රෙදිපිළි ආයතනයේ හිමිකරු වූ රොෂාන් වන්නිනායක මහතා ඝාතනය කර පිහිනුම් තටාකයේ ගිල්ලවා ඇත්තේ තරුණ යුවළක විසින් බව හෙළි කරගත් කොළඹ අපරාධ කොට්ඨාසය ඔවුන් පැහැරගෙන ගිය මෝටර් රථය මීගමුව ප්‍රදේශයේ තිබී සොයාගෙන ඇත. රොෂාන් ඝාතනය කළ අඹුසැමි යුවළ කටුනායක ගුවන්...
"ජනපතිගේ රාජාසන කතාව ගැන විවාදය 9 – 10 දිනවල"
"ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ලබන 8 වැනිදා ඉදිරිපත් කරනු ලබන ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය පිළිබඳ සභාව කල් තැබීමේ විවාදය ලබන 9 වැනිදා බ්‍රහස්පතින්දා සහ 10 වැනිදා සිකුරාදා දෙදින පැවැත්වීමට තීරණය වූ බව පාර්ලිමේන්තුවේ මහලේකම් ධම්මික දසනායක මහතා පැවසීය. කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (03 දා...
"ඔස්වල්ඩ් ගෝමිස් අගරදගුරුතුමෝ ස්වර්ගස්ථ වෙති"
"කොළඹ පදවියේ අගරදගුරුතුමන් ලෙස වසර හතක කාලයක් සේවය කළ එලෙසම කොළඹ විශ්වවිiාලයේ හා කොළඹ අගරදගුරු පදවියේ ඇක්වයිනස් උසස් අධ්‍යාපන ආයතනයේ හිටපු උපකුලපති ලෙස වසර 19ක් සේවය කළ අතිඋතුම් දේවධර්මාචාර්ය ඔස්වල්ඩ් ගෝමිස් රදගුරුතුමෝ ඊයේ (03දා) ස්වර්ගස්ථ වූහ. 1932 දෙසැ. 12 වැනිදා කැලණියේදී උපත ලද එතුමෝ කොළඹ ශාන්ත බෙනදික් හා වරාගොඩ ශා...
"මේ නොනිමෙන දිවි ගමන නිමවෙයි"
"‘මේ නොනිමෙන දිවි ගමනේ’, ‘පුංචි දෝනි තරහාවෙලා’, ඇතුළු ජනප්‍රිය ගී රැසක් සිංහල ගීත සාහිත්‍යයට දායාද කළ ප්‍රවීණ ගීත රචකයකු වූ තිස්ස ඩයස් මහතා 02දා අභාවප්‍රාප්ත විය. ශ්‍යාමලී ජයමහ මහත්මියගේ සැමියා වූ ඒ මහතා මියයන විට 65 වැනි වියෙහි පසුවිය. එක්දරු පියකු වූ තිස්ස ඩයස් ගීපද රචකයකු මෙන්ම පුවත්පත් කලාවේදියකු, වේදිකා නළුවකු මෙන...
"අභිමානවත් 75 වැනි නිදහස් සැමරුම අද"
"හැත්තෑ පස්වන නිදහස් දින සැමරුම අද (04දා) යෙදී තිබේ. නිදහස් දින සැමරුම් උළෙල ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ගාලුමුවදොර පිටියේදී උත්සවාකාරයෙන් පැවැත්වෙයි. ශ්‍රී ලංකා යුද, ගුවන්, නාවික, පොලිස් හා සිවිල් ආරක්‍ෂක බළකා උත්තමාචාර පැවැත්වීමෙන් අනතුරුව ආචාර පෙළපාලි පැවැත්වීමට නියමිතය. උත්සවය සඳහා පොදු රාජ්‍ය ...
"කිරිපිටි තොරතුරු නොදුන් සෞඛ්‍ය ලොක්කන් දෙදෙනකුට උසාවියෙන් සිතාසි"
"ලබන මාර්තු 21 වැනිදා තම අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා සෞඛ්‍ය අමාත්‍යාංශය නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් වෛද්‍ය ජේ. සී. ගම්ලත් මහතාට සහ එම අමාත්‍යාංශයේ තොරතුරු නිලධාරී වී. ටී. එස්. සිරිවර්ධන මහතාට සිතාසි යැවීමට කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා නියෝග කළේය. ආනයනික කිරිපිටි සම්බන්ධයෙන් නිදහස් සෞ...
"හිටපු කතානායක කරු ජයසූරිය ‘ශ්‍රී ලංකාභිමාන්‍ය’ ගෞරව සම්මානයෙන් පිදුම් ලබයි"
"හිටපු කථානායකවරයකු මෙන්ම කෘතහස්ත දේශපාලනඥයකු වන කරු ජයසූරිය මහතා “ශ්‍රී ලංකාභිමාන්‍ය” ගෞරව සම්මානයෙන් පිදුම් ලැබීමේ උත්සවය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (03 දා) පෙරවරුවේ කොටුව ජනාධිපති මන්දිරයේ දී පැවැත්විණි. කරු ජයසූරිය මහතා ජාතිය උදෙසා කරන ලද උත්කෘෂ්ඨ සේවය අගයමින් ඒ මහතා වෙත මෙම සම්මානය පිළිගැ...
"ජනතාවගේ මානව නිදහස ශක්තිමත් කිරීමට නව පනත් 24 ක් ගේනාවා"
"අධිකරණ ඇමැති විජයදාස රාජපක්‍ෂ ශ්‍රී ලංකාවේ ජාතික සංහිඳියාව හා ප්‍රතිසංවිධාන කටයුතු සඳහා අඛණ්ඩව සහාය ලබාදීමට නිරන්තරයෙන් ක්‍රියාකරන බවත්, එම කටයුතු ඉදිරියට ගෙන යාම සඳහා ජපන් යෙන් මිලියන 100 ක ප්‍රදානයක් ලබාදෙන බවත්, ජපාන විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය ටාකි ෂුන්සුකේ මහතා සඳහන් කළේය. ජපාන විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යවරයා මෙම...
"සිරකරුවන් 588 කට හා රැඳවියන් 31කට අද නිදහස"
"75 වැනි ජාතික නිදහස් සැමරුම නිමිත්තෙන් සිරකරුවන් 588 දෙනකුට සහ රැඳවියන් 31 දෙනකුට ජනාධිපති සමාව ලබාදී තිබේ. ඒ අනුව අද නිදහස්දා(04දා) ඔවුන් බන්ධනාගාරවලින් නිදහස් කරන බව බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශක අතිරේක බන්ධනාගාර කොමසාරිස් චන්දන ඒකනායක මහතා ‘දිවයින’ට පැවසීය. මත්ද්‍රව්‍ය චෝදනා සම්බන්ධයෙන් අධිකරණය මගින් දඬ...
"වැටුණු රට දාලා පිටරට යන එක හපන්කමක් නොවේ!"
"‘රට වැටෙන වෙලාවේ රට දාලා පිටරට යන එක හපන්කමක් නොවේ’ යැයි ජාතික ජන බලවේගය පක්ෂයේ විධායක සභික හිටපු පා.ම. සමන්ත විද්‍යාරත්න මහතා හාලිඇල නුගසෙවන ගම්මානයේ පැවැති ජනහමුවක් අමතා පෙරේදා (02 දා) පැවසීය. අපි එකතුවෙලා මේ රට ගොඩ ගන්න ඕන. මේ රට හදන්න නම් හදන්න පුළුවන් පාරක් හොයා ගන්න ඕන බව පැවසූ සමන්ත විද්‍යාරත්න මහතා මෙසේද පැවැස...
"සැබෑ නිදහසක් අත්විඳින ශ්‍රී ලංකාවක් වෙනුවෙන් කැපවෙමු"
"නිදහස් පණිවිඩය දියුණු සමාජ ආර්ථික සහ දේශපාලන අවකාශයක සැබෑ නිදහස අත්විඳින ශ්‍රී ලංකාවක් වෙනුවෙන් අපි කැප වෙමු යැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නිදහස් දිනය නිමිත්තෙන් පණිවිඩයක් නිකුත් කරමින් සඳහන් කරයි. එම පණිවුඩය මෙසේය. 75 වන ජාතික නිදහස් දිනය සමරන මේ අවස්ථාව අපට අතිශයින්ම තීරණාත්මක සහ අභියෝගාත්මක කාලයකි. පසුගිය වස...
"සැලසුම් කර තිබුණේ මාව මරන්නයි!"
"පිස්තෝලයක් මගේ පැත්තට හරවා විජේවීරට, විජය කුමාරතුංගට වුණ දේ මතකද කියා ඇහුවානාන්න දුන්නේ කොමඩ් එකේ බිඩේ ෂවර්එක: කෑවේ බිමදාපු යකඩ තහඩුවකවෙරළබඩ නේවාසිකාගාරයට ගෙනගොස් රෙදිවලින් ඔතලා කළුවර කාමරවලට දැම්මා….නවගමුවේ දේවාලය පහළ ගඟ අයිනට ගෙනිහින් සර් අදාළ තැනට ඇවිත් ඉන්නේ මොකද කරන්නේ කියා ඇහුවා….අපිව හොර රහසෙන් ගෙනයද්දී පොලිසිය...
"13 සම්පූර්ණයෙන් දෙන්න එපා!"
"ත්‍රෛනිකායික මහා නාහිමිවරු ජනපතිට කියතිඉඩම් හා පොලිස් බලතල දීම අනතුරක් 13 වැනි ව්‍යවස්ථා සංශෝධනය කිසිසේත් බලාත්මක නොකළ යුතු බව ත්‍රෛනිකායික මහා සංඝරත්නය ජනපතිවරයා වෙත ලිපියක් යොමු කරමින් අවධාරණය කරති. එය බලාත්මක කළහොත් එමගින් රටේ ස්වාධීනත්වය, භෞමික අඛණ්ඩතාව හා ජාතික ආරක්ෂාව පිළිබඳ බරපතළ ගැටලු නිර්මාණය වන බව ද උන්වහන්ස...
"කෝටිපතියාගේ මළ සිරුර නාන තටාකයේ"
"ගෙදරින් ගියේ ව්‍යායාම කරන්නසිරුර තිබී ඇත්තේ නිරුවතින්වට්ස්ඇප් පණිවිඩ කවුද කියවලා ෂේඩ් (Shade) රෙදිපිළි ව්‍යාපාරයේ අධිපති මෙන්ම කෝටිපති ව්‍යාපාරික රොෂාන් වන්නිනායක අවුරුදු (51) මහතා ඔහුට අයත් පැලවත්ත සුවිසල් නිවසේ පිහිනුම් තටාකයේ නිරුවත්ව අභිරහස් අන්දමින් මියගොස් සිටියදී තලංගම පොලිසිය මගින් ඊයේ (2 දා) සොයා ගෙන තිබේ. මෙ...
"අයවැයෙන් වෙන් කළ පුනරාවර්තන ප්‍රතිපාදන 6%ක් කපන්න චක්‍රලේඛයක්"
"මේ වර්ෂය (2023) සඳහා අයවැයෙන් වෙන් කර ඇති පුනරාවර්තන ප්‍රතිපාදන සියයට 6 කින් කපා හරින ලෙස මුදල් අමාත්‍යාංශය චක්‍රලේඛයක් නිකුත් කරමින් උපදෙස් දී තිබේ. සියලුම අමාත්‍යාංශ ලේකම්වරුන්, පළාත් ප්‍රධාන ලේකම්වරුන්, දෙපාර්තමේන්තු ප්‍රධානීන්, දිස්ත්‍රික් ලේකම්වරුන්, රාජ්‍ය සංස්ථා, ව්‍යවස්ථාපිත මණ්ඩල සහ රජය සතු සමාගම්වල ප්‍රධානීන...
"හිටපු ජනපතිවරුන් නඩත්තුවට කෝටි ගණනක් දෝරේ ගලයි"
"හිටපු ජනාධිපතිවරුන් සිව්දෙනෙකු සහ ජනාධිපති ආර්යාවකගේ නඩත්තුව සඳහා 2023 වසර සඳහා අයවැය මගින් ඇස්තමේන්තු කර ඇති මුදල රුපියල් ලක්‍ෂ 844.6 ක් බව මහා භාණ්ඩාගාර වාර්තා අනුව හෙළි වේ. ඒ අනුව චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය සඳහා රුපියල් ලක්‍ෂ 156.7 ක්ද, මහින්ද රාජපක්‍ෂ මහතාට රුපියල් ලක්‍ෂ 231.7 ක්ද, මෛත්‍රිපාල සිරිසේන ...
"නඩුවට පැමිණ…"
"උසස් පෙළ විභාගය අවසන් වනතුරු කිසිදු අයුරකින් විදුලිය විසන්ධි නොකරන ලෙසට ලබාදුන් උපදෙස් උල්ලංඝනය කිරීමෙන් අධිකරණයට අපහාස කළ බවට චෝදනා කරමින් මානව හිමිකම් කොමිසම් සභාව ශ්‍රේෂ්ඨාධිකරණයේ ගොනු කළ පෙත්සමේ වගඋත්තරකරුවන් වන මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා හා ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ පාලනාධිකාරියේ බලධාරීන් ...
"නඩුව සලකා බැලීම අවසන් වනතුරු විදුලි කැපිලි නෑ"
"ලංවිම ශ්‍රේෂ්ඨාධිකරණයට ප්‍රතිඥා දෙයි මෙවර අපොස උසස් පෙළ විභාගය අවසන් වනතුරු කිසිදු ආකාරයකින් විදුලි විසන්ධි කිරීමක් සිදුනොකරන ලෙසට ලබාදුන් උපදෙස් උල්ලංඝනය කිරීමෙන් අධිකරණයට අපහාස කළේ යැයි චෝදනා කරමින් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව ගොනු කර ඇති නඩුව සලකා බැලීම අවසන් වනතුරු විදුලිය කප්පාදුවක් සිදුනොකරන බවට ලංකා වි...
"ලාභ ලබන පෙට්‍රල් මිල යළි නග්ගපු රහස එළියට"
"තෙල් සංස්ථාව මේ වනවිට විශාල ලාභයක් ලබමින් තිබියදී පෙරේදා (01 දා) මධ්‍යම රාත්‍රියේ සිට පෙට්‍රල් ලීටරයක මිල රුපියල් තිහකින් ඉහළ දමා ඇත්තේ දැනට දැරීමට සිදුවන විවිධ වියදම් පියවා ගැනීමට යැයි තෙල් සංස්ථා උසස් නිලධාරියෙක් හෙළිකර සිටී. මෙරට සමස්ත ඉන්ධන අවශ්‍යතාවෙන් සියයට හැත්තෑවකට වැඩි ප්‍රමාණයක් පෙට්‍රල්, ඩීසල් ලෙස නිමි ද්‍ර...
"සිංහල – දෙමළ – මුස්ලිම් සහෝදරත්වයෙන් ජීවත්වීමට මාලිමාවට ඡන්දය දෙන්න"
"අනුර කුමාර දිසානායක සමන්තුරේ දී කියයි අපරාදෙ යැයි නොසිතෙන ඡන්දයක් දෙනවා නම් ඒ මාලිමාව පමණක් යැයි ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා පැවසීය. සමන්තුරේ පැවති ජාතික ජන බලවේගය ජනහමුව අමතමින් පසුගියදා ඒ මහතා මෙසේ කීය. වැඩිදුරටත් කතා කළ දිසානායක මහතා මෙසේද කීය. වසර ගණනාවක් ඔබ ඡන්දය දීලා ආණ්ඩු මාරු කළා. ආණ්ඩු මාරු...
"නිදහස් දිනය සමරා නිකුත්කළ සමරු මුද්දරය සහ කාසිය ජනපතිට"
"75 වන ජාතික නිදහස් දිනය වෙනුවෙන් ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ සමරු මුද්දරය සහ ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කළ විශේෂ සමරු කාසිය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත පිළිගැන්වීම ඊයේ (02 දා) පෙරවරුවේ මහනුවර ජනාධිපති මන්දිරයේ දී සිදු විය. සමරු මුද්දරය ජනමාධ්‍ය ප්‍රවාහන හා මහා මහාමාර්ග අමාත්‍ය බන්...
"මා සමාව ගත්තේ කතෝලික ජනතාවගෙන් හා දෙවියන් වහන්සේගෙන් මිස කතෝලික පල්ලියෙන් නොවෙයි"
"මෛත්‍රිපාල සිරිසේන හිරුට කියයි රෙජිනෝල්ඩ් මැරුණා නෙවෙයි මැරුවාඒ නිසා හෙළිකොප්ටරයෙන් බැස්සා පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් තමා සමාව අයැද සිටියේ කතෝලික පල්ලියෙන් නොව කතෝලික ජනතාවගෙන් සහ දෙවියන් වහන්සේගෙන් බවත් කතෝලික සභාව සහ කතෝලික ජනතාව කියන්නේ දෙගොල්ලක් බවත් ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේ...
"කුඩු ජාවාරම් කළ ජාතික රෝහල් සේවිකාව අත්අඩංගුවට"
"රූපලාවන්‍ය ක්‍රීම් විකුණන මුවාවෙන් ජාවාරමේ යෙදිලාමම හෙළි කළේ ඔය වගේ සිද්ධියි – වෛද්‍ය රුක්‍ෂාන් බෙල්ලන මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරත වූ බව කියන කොළඹ ජාතික රෝහලේ සුළු සේවිකාවක හෙරොයින් සමග කටුනායක පොලිසිය මගින් පෙරේදා (01 වැනිදා) අත්අඩංගුවට ගෙන ඇත. රූපලාවන්‍ය ක්‍රීම් වර්ග නිෂ්පාදනය කර බෙදාහරින මුවාවෙන් මෙම කාන්තාව කාලයක් ති...
"ජී.එල්. ලාට පොහොට්ටුවෙන් විනය ක්‍රියා"
"පක්‍ෂය හැරගිය මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා ඇතුළු සියලු දෙනා සම්බන්ධයෙන් විනය ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් මහතා පැවසීය. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් පාර්ලිමේන්තුවට තේරීපත් වී එම පක්‍ෂයට එරෙහිව කටයුතු කරමින් වෙනත් පක්‍ෂ ප්‍රවර්ධනය කිරීමට ක්‍රිය...
"ඉතිරි නඩු තුනෙනුත් මුදලිගේ එළියට – දින 167ක් අතුළේ ඉඳලා"
"අන්තර් විශ්වවිiාල ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ රුපියල් ලක්‍ෂ 5 බැගින් වූ ශරීර ඇප හයක ඇප මත මුදාහැරීමට කොටුව මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා ඊයේ (01දා) නියෝග කළේය. ඇප ලබා ගැනීමෙන් අනතුරුව ලබන 7 වැනිදා කොටුව පොලිසිය හමුවේ පෙනී සිට ප්‍රකාශ ලබාදෙන ලෙසට ද මහෙස්ත්‍රාත්වරයා වසන්ත මුදලිගේට නියෝග කළේය. ඔහුට එරෙහිව කො...
"කැලණිය විරෝධතාවට ජල ප්‍රහාර"
"අත්අඩංගුවේ පසුවන අනෙකුත් විශ්වවිiාල සිසුන් ද නිදහස් කරන ලෙස ඉල්ලා කැලණිය විශ්වවිiාලයේ සිසුන් එම සරසවිය ඉදිරිපිට ඊයේ (01දා) පැවැත්වූ විරෝධතාව පොලිසිය ජල ප්‍රහාර එල්ල කර විසුරුවා හැරිය අවස්ථාවක්. පිංතූර – නිශාන් එස්. ප්‍රියන්ත"
"කතෝලික සභාව නිදහස් උළෙල වර්ජනය කරයි – සිරිල් ගාමිණී පියතුමා"
"75 වැනි නිදහස් උළෙල වර්ජනය කිරීමට කතෝලික සභාව තීරණය කර ඇත. රට ආර්ථික වශයෙන් විශාල පරිහානියකට ලක්ව තිබියදීත් ලෙස බිඳවැටී ඇති සහ මානව අයිතිවාසිකම් බරපතළ ලෙස උල්ලංඝනය වී ඇති මොහොතක විශාල මුදලක් වැය කරමින් රජය නිදහස සැමරීම මහත් අපරාධයක් වනු ඇතැයි ද කතෝලික සභාව ඊයේ (01 දා) පැවැත්වූ මාධ්‍ය හමුවකදී පැවසීය. මෙම මාධ්‍ය හමුවේදී...
"උ/පෙළ නිමවෙන තෙක් විදුලි කැපිලි එපා – මහජන උපයෝගිතා කොමිසම උසාවි යයි"
"අ.පො.ස. උසස් පෙළ පැවැත්වෙන සමයේ විදුලිය විසන්ධි කිරීමක් සිදු නොකර අඛණ්ඩව විදුලිය ලබාදෙන ලෙසට ලංකා විදුලි මණ්ඩලයට නියෝගයක් කරන්නැයි ඉල්ලා මහජන උපයෝගිතා කොමිෂන් සභාව ඊයේ (01 දා) අභියාචනාධිකරණයට පෙත්සමක් ගොනු කළේය. විභාගය පැවැත්වෙන සමයේ කිසිදු ආකාරයකින් විදුලි කප්පාදුවක් සිදුනොකරන ලෙසට තම කොමිෂන් සභාව නිර්දේශ කොට විදුලි ...
"ශ්‍රී ලංකාවට අයි.එම්.එෆ් ගන්න චීන ප්‍රතිචාර මදි"
"ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ශ්‍රී ලංකාවට ලබාදෙනු ලබන ණය ආධාරය ඉතා ඉක්මනින් ලබාදෙනු ඇතැයි ඇමරිකාව බලාපොරොත්තු වන බව ඇමරිකා එක්සත් ජනපදයේ දේශපාලන කටයුතු පිළිබඳ උප රාජ්‍ය ලේකම් වික්ටෝරියා නූලන්ස් මහත්මිය ප්‍රකාශ කළාය. කෙසේ නමුත් මෙම ණය නිකුත්කිරීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අධ්‍යක්ෂ මණ්ඩලය සෑහීමකට පත්වන ආකාරයේ ප්...
"සා/පෙළ අයැදුම්පත් ඔන් ලයින් ක්‍රමයට"
"අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ 2022 (2023) විභාගයට අයැදුම්පත් භාරගැනීම පෙබරවාරි 28 දා දක්වා මාර්ගගත ක්‍රමයට :(Online) සිදුකිරීමට විභාග දෙපාර්තමේන්තුව ආරම්භ කර ඇත. ඒ අනුව සියලුම පාසල් අයැදුම්කරුවන් තම පාසලේ විදුහල්පති මගින් ද, පෞද්ගලික අයැදුම්කරුවන් පෞද්ගලිකවම අදාළ උපදෙස් අනුව අයැදුම්පත්‍ර ඉදිරිපත් කළ යුතුය. පෙබ...
"උසාවි බිමේදී කෙහෙළිය හිරවේ රට යන්න අවසර ලැබෙයි"
"සෞඛ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල මහතාට ලබන 21 වැනිදා සිට මැයි 20 වැනිදා දක්වා විදේශ ගතවීමට කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ මහතා ඊයේ (01දා) අවසර ලබා දුන්නේය. ශ්‍රී ලංකාවට අවශ්‍ය ඖෂධ වර්ග ලබා ගැනීමේ කාර්ය සඳහා ඔහු විදේශ ගතවන බැවින් එලෙස සිය සේවාදායකයාට විදේශ ගතවීමට ප්‍රමාණවත් කාලයක් සඳහා අවසර නොලැබුණහොත් ඖෂධ ලබා ගැ...
"ශිෂ්‍යයාට බරපතළ අපයෝජනයක් කළ ක්‍රිකට් පුහුණුකරු අත්අඩංගුවට"
"හත වසරේ පාසල් සිසුවෙකුට බරපතළ අපයෝජනයක් සිදුකිරීම සම්බන්ධයෙන් පාසලක ක්‍රිකට් පුහුණුකරන ගුරුවරයකු 31 වැනිදා රාත්‍රි අත්අඩංගුවට ගත් බව කරන්දෙණිය පොලිසිය පවසයි. සිසුවාගේ පියා විසින් කරන ලද පැමිණිල්ලක් අනුව සැකකාර ගුරුවරයා අත්අඩංගුවට ගෙන තිබේ. සැකකාර ගුරුවරයා පාසලේ ක්‍රිකට් පුහුණුකරු බවත් අවස්ථා කිහිපයක දී මෙම සිසුවා බරපත...
"පස්සෙ සල්ලි දෙන්න ඉන්දුනීසියාවෙන් ගල්අඟුරු නැව් 12ක්"
"ගල්අඟුරු ලබාගෙන දින 200කට පසු මුදල් ගෙවීමේ එකඟතාව ඇතිව ගල්අඟුරු නැව් 12ක් ඉන්දුනීසියාවෙන් මිලදී ගැනීමට විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය ගිවිසුම්ගත වී ඇත. ටෙන්ඩර් කැඳවීමට ඉදිරිපත් වූ ඉන්දුනීසියානු සමාගමෙන් ගල්අඟුරු මිලදී ගැනීම සඳහා පසුගිය දා ණයවර ලිපි නිකුත් කිරීමට ද කටයුතු කර ඇත. ඉන්දුනීසියානු සමාගමෙන් ගල්අඟුරු මෙටි්‍ර...
"ජලාපවහන මණ්ඩලයේ සාමාන්‍යාධිකාරී ධුරයට ප්‍රථම වරට කාන්තාවක් – වසන්තා ඉලංගසිංහ වැඩ භාර ගනී"
"ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩල ඉතිහාසයේ… සාමාන්‍යාධිකාරී ධුරයට පත් වූ ප්‍රථම කාන්තාව ලෙස ඉතිහාසගත වෙමින් අභිනව සාමාන්‍යාධිකාරී ලෙස ආචාර්ය ඉංජිනේරු වසන්තා ඉලංගසිංහ මහත්මිය පත්වීම් ලැබ ඇත. වසර 47 ක ඉතිහාසයක් ඇති ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩල ඉතිහාසයේ සාමාන්‍යාධිකාරී ධුරයට පත්වූ පළමු කාන්තාව ඇය වෙයි. ඇය 33 වසරක සේ...
"75 වැනි ජාතික නිදහස් උළෙලට විදෙස් නියෝජිතයෝ 300 ක් – ත්‍රිවිධ හමුදාවේ 4846 දෙනෙක්"
"මෙවර 75 වැනි නිදහස් උළෙල (04 දා) සඳහා පොදු රාජ්‍ය මණ්ඩලයීය ලේකම්වරිය, විදේශ ඇමැතිවරුන් 10 දෙනකු, තානාපතිවරුන් ඇතුළු විදෙස් නියෝජිතයන් 300 දෙනකු පමණ සහභාගි වීමට නියමිත බව රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය පවසයි. උළෙල සඳහා සහභාගි වන මහජනතාව සහ ආරාධිතයන්ට එදින පෙරවරු 7.30 ට පෙර පැමිණෙන ලෙ...
"ඇල්පිටියේ ගෙදරක කාන්තාවෝ දෙදෙනෙක් අභිරහස් ලෙස මිය ගිහින්"
"ඇල්පිටිය පහල ඕමත්ත ගනේගොඩ ප්‍රදේශයේ නිවසක තිබී අභිරහස් ලෙස මියගිය කාන්තාවන් දෙදෙනකුගේ මළ සිරුරු දෙකක් ඊයේ (01) දහවල් හමු වී ඇති බැව් ඇල්පිටිය පොලිසිය පවසයි. මෙසේ අභිරහස් ලෙස මියගොස් ඇත්තේ පහල ඕමත්ත, ගනේගොඩ ලිපිනයේ පදිංචි උඩුගමසූරියගේ ඥානවතී (අවු. 80) හා උහන්ඕවිටගේ මල්ලිකා ජයරත්න (අවු. 69) යන කාන්තාවන් දෙදෙනෙකි. මෙම කා...
"හිටපු උපකුලපතිට පහර දීම: පේරාදෙණියේ සිසුන් 14දෙනාට ඇප"
"රක්ෂිත බන්ධනාගාර ගතකර සිටි පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සිසුන් 14 දෙනා එක් අයකුට රුපියල් 15000 බැගින් මුදල් හා රුපියල් ලක්ෂ 05 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හරින ලෙස මහනුවර මහෙස්ත්‍රාත් ශ්‍රීනිත් විජේසේකර මහතා ඊයේ (1 දා) නියෝග කළේය. හිටපු උපකුලපති, ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අතුල සේනාරත්න මහතාට හා ඔහුගේ පවුලේ උදවියට පහර දී නිල ...
"විදුලිය කැපිල්ල යළි ඇරැඹෙයි"
"ජල විදුලි බලාගාරවලින් අඛණ්ඩ විදුලිය ලබාදීම සඳහා ජලය මුදාහැරිය නොහැකි බවට දැනුම්දීම නිසා පැය දෙකයි විනාඩි විස්සක විදුලි කප්පාදුවට නැවත වරක් යෑමට සිදුවන බව විදුලිබල මණ්ඩලය පවසයි. ජල විදුලිය මගින් පසුගිය දින දෙකේදී (30/31) අඛණ්ඩව විදුලිය ලබාදීමට කටයුතු කළත් එම තත්ත්වය තවදුරටත් ලබාදිය නොහැකිව පවතින බව විදුලිබල මණ්ඩලයේ මාධ...
"දිගටම ඉල්ලා ස්ටාලින් උසාවි යයි"
"ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව හමුවේදී පසුගිය 25 වැනිදා ඇතිකර ගත් එකඟතාව අනුව අපොස උසස් පෙළ විභාගය අවසන් වනතුරු රටේ කිසිදු ආකාරයකින් විදුලිය…. විසන්ධි කිරීමක් සිදු නොකරන ලෙසට විදුලි බල හා බලශක්ති අමාත්‍යාංශයේ ලේකම්වරයා විදුලිබල හා බලශක්ති අමාත්‍යවරයා හා ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපතිවරයා ඇතුළු බලධාරීන්ට නියෝගයක් න...
"ජනාධිපතිවරණයට මම එනවා; පාස්කු ප්‍රහාරයට මට සමාව දෙන්න – මෛත්‍රී ඉල්ලයි"
"ඉදිරි ජනාධිපතිවරණයට තමා ඉදිරිපත් වන බව ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පවසයි. ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ මූලස්ථානයේ ඊයේ (31 දා) පැවැති මාධ්‍ය හමුවකට සහභාගි වෙමින් හිටපු ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය. එසේම තමා කිසිවක් නොදැන සිටියදී, තමාගේ පාලන කාලය තුළ වෙනත් පිරිසක් සිදුකරන ලද පාස්කු ...
"මෛත්‍රීගේ සමාව ඉල්ලීම පිළිගන්න බැහැ – ජූඩ් ක්‍රිෂාන්ත පියතුමා"
"පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා කතෝලික ජනතාවගෙන් සමාව ඉල්ලා සිටින බවට කළ ප්‍රකාශය පිළිගත නොහැකි බව අගරදගුරු පදවි ජන සන්නිවේදන අධ්‍යක්‍ෂ ජූඩ් ක්‍රිෂාන්ත ප්‍රනාන්දු පියතුමා පවසයි. එසේ සමාව ඉල්ලනවා නම් සිද්ධිය වූ මොහොතේදී ජනාධිපති ධුරයෙන් ඉවත්වී සමාව ඉල්ලා සිටිය යුතුව තිබූ බවත් එසේ නොමැ...
"මුදලිගේ සිරකරන්න පොලිසිය ත්‍රස්ත පනත අයුතු ලෙස යොදාගෙන"
"කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් කියයි නිදහස් වෙද්දී තවත් නඩු 3කට ඇතුළටමෝටිවේෂන් අප්පච්චි හා ගැමුණුගේ ප්‍රකාශ මත විමර්ශන කරලානිහඬ විරෝධතාව වළක්වන්න පොලිසිය කළ ඉල්ලීම අහකටයළි ඇතුළට දැමූ නඩු 3 ට අද ඇප ඉල්ලයිත්‍රස්ත විමර්ශන කොට්ඨාසය සාක්‍ෂි නිර්මාණය කරලා අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ ත්‍රස්තවාදය...
"උ. පෙළ විභාගයට අඛණ්ඩව විදුලිය දෙන්න මණ්ඩලයට පුළුවන් – රංජන් ජයලාල්"
"අපොස උසස් පෙළ විභාගයට පෙනී සිටින සිසු සිසුවියන් වෙනුවෙන් අඛණ්ඩව විදුලිය ලබාදීමට මණ්ඩලයට හැකියාව ඇතැයි ලංකා විදුලිබල ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානයේ කැඳවුම්කරු රංජන් ජයලාල් මහතා පැවසීය. මාධ්‍ය හමුවේ තවදුරටත් අදහස් දක්වමින් ඒ මහතා මෙසේ ද කියා සිටියේය. 1969 අංක 19 දරන පනතට ප්‍රකාරව ලංකා විදුලිබල මණ්ඩලය මේ රටේ ජනතාවට අඛණ්ඩ...
"ලොව 3 වැනි ධනවතාව සිටි අදානි 11ට පල්ලම් බසී: ව්‍යාපාර කොටස් අගය පහළට"
"අදානි සමූහ ව්‍යාපාරයේ කොටස් අගය ඩොලර් බිලියන ගණනින් පහළ යෑම නිසා ලොව තුන්වැනි ධනවතාව සිටි ගෞතම් අදානි දැන් 11 වැනියා දක්වා පහළ බැස තිබේ. 60 හැවිරිදි අදානිගේ වත්කම්වල අගය දැන් සටහන් වන්නේ ඩොලර් බිලියන 84ක් ලෙස ය. පසුගිය දින කිහිපයේ අදානිගේ පෞද්ගලික වත්කම ඩොලර් බිලියන 36 කින් අඩු වී ඇත. 2022 දී අදානිගේ වත්කම් ඩොලර් බිලි...
"ගෝඨාගෝගම අන්තර්ජාලයට මුදාහැරි යැයි ඇල්ලූ අනුරුද්ධ බණ්ඩාරගේ පෙත්සම විභාගයට අවසර"
"ගෝඨාගෝගම යන වැකිය අන්තර්ජාලයට මුදාහැරියේ යැයි චෝදනා කරමින් සමාජ ක්‍රියාකාරිකයකු වන අනුරුද්ධ බණ්ඩාර මහතා ගොනුකර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (31දා) අවසර ලබා දුන්නේය. පොලිස්පතිවරයා, බස්නාහිර පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් හා නීතිපතිවරයා ඇතුළු 12 දෙනකු වගඋත්ත...
"මෙදා පාර සියලු‍ දෙනා විශ්වාසයෙන් ගොඩවෙන්නේ මාලිමාවේ වේදිකාවට"
"ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක අම්බලන්තොටදී කියයි අපේ රටේ එක් කාලයක් තිබුණා මාසෙන් මාසෙට ඡන්ද පවත්වන කාලයක්. ඒ, එයාලගේ බඹරේ වැල්ලෙත් කැරකෙන කාලයේ. මේ ඡන්දය පැවැත්වෙන මාර්තු මාසේ 09 දිනය රටේ හැරවුම් ලක්ෂය බවට පත්වෙනවා. සියලු‍ සමාජ ස්ථර විශ්වාසයෙන් ගොඩවෙන්නේ මාලිමාවේ වේදිකාවට යැයි ජාතික ජන බලවේගයේ නායක අනුර ක...
"මල්වතු – අස්ගිරි මහනාහිමි සාකච්ඡාවෙන් පසු ව්‍යවස්ථාව ගැන ජනපතිට විවෘත ප්‍රකාශයක්"
"අස්ගිරි පාර්ශ්වයේ ලේඛකාධිකාරී මැදගම ධම්මානන්ද හිමි මල්වතු හා අස්ගිරි පාර්ශ්වයේ මහානායක හිමි දෙනම සාකච්ඡා කිරීමෙන් අනතුරුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්බන්ධයෙන් ජනාධිපතිවරයා වෙත විවෘත ප්‍රකාශයක් ඉදිරිපත් කරන බව අස්ගිරි පාර්ශ්වයේ ලේඛකාධිකාරී මැදගම ධම්මානන්ද හිමියෝ පවසති. පවතින ව්‍යවස්ථාවක් සංශෝධනය කිරීම හෝ නව ව්‍යවස්ථාවක් ස...
"බිත්තර ආනයනයට හරස් කපන අය ගැන ජනපති වාර්තාවක් ඉල්ලයි"
"බිත්තර ආනයනය කිරීමට අනුමැතිය ලබා නොදෙන පුද්ගලයන් හා පාර්ශ්ව පිළිබඳව ලබන සතියේ කැබිනට් මණ්ඩල රැස්වීමට පූර්ණ වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් දැනුම් දී තිබේ. රට තුළ පවතින බිත්තර හිඟය සහ මිල ඉහළ යෑම හේතුවෙන් ජනතාවට ඇතිවන ගැටලුවලට විසඳුමක් වශයෙන් තාවකාලිකව බිත්තර ආනයනය කිරීමට මීට පෙර පැවති...
"දළදා වහන්සේට අවමන් කළ සේපාල් ප්‍රසිද්ධියේ සමාව ගැනීමට සූදානම්"
"යූටියුබ් නාලිකාවකට මුදාහල වීඩියෝ පටය මගින් ශ්‍රී දළදා වහන්සේට හෝ බුදු දහමට අපහාසයක් සිදු කිරීමේ කිසිදු අරමුණක් නොතිබූ බවත්, එමගින් යම් සිත් රිදුමක් ඇති වූයේ නම් මහා සංඝරත්නයෙන් හා සමස්ත බෞද්ධ ජනතාවගෙන් ප්‍රසිද්ධියේ සමාව ගැනීමට සිය සේවාදායකයා සූදානම් බවත් සේපාල් අමරසිංහ නමැති සැකකරු වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ නීතිඥ දර...
"වියදමට වඩා රාජ්‍ය ආදායම විශාල ලෙස පහළට: රජයේ වියදම් තවත් සීමා කරන්න"
"ජනපති කැබිනට්ටුවට කියයි මෙම 2023 දී ඇස්තමේන්තු කළ රාජ්‍ය ආදායම රජයේ වියදමට වඩා විශාල ලෙස පහත ගොස් ඇති බැවින් රජයේ වියදම් තවදුරටත් සීමා කරන ලෙස මුදල්, ආර්ථීක ස්ථායිකරණ සහ ජාතික ප්‍රතිපත්ති ඇමැති ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ සටහන් මගින් කැබිනට් මණ්ඩලයට පෙන්වා දී තිබේ. මෙම තත්ත්වය තුළ රාජ්‍ය සේවක වැටුප්, විශ්‍රා...
"වසරකට පිළිකා රෝගයෙන් මිලියන 10ක් මියයති"
"ලෝක පිළිකා දිනය 04 දා ලොව පුරා නව පිළිකා රෝගීන් මිලියන 20ක් පමණ හඳුනාගෙන තිබේ. පිළිකා රෝගයෙන් වසරකට ලොව මිලියන 10ක් පමණ රෝගීහු මියයන බව ද වාර්තා වී තිබේ. මීළඟ වසර 20 තුළදී ලොව පිළිකා රෝගීන්ගේ ගණන මිලියන 28.15 දක්වා ඉහළ යනු ඇතැයි ද අපේක්‍ෂිතය. පෙබරවාරි 4 වැනි දිනට යෙදෙන ලෝක පිළිකා මර්දන දිනය නිමිත්තෙන් සෞඛ්‍ය අමාත්‍යාං...
"එළවළු මිල පහත බැස්සත් අඩු මිලට විකුණන්න බෑ"
"එළවළු වෙළෙන්දෝ කියති දේශීය වෙළෙඳ පොළේ එළවළු තොග මිල සැලකිය යුතු ලෙස පහත බැස තිබුණ ද එළවළු තොග අලෙවි මධ්‍යස්ථානවල සිට එළවළු ප්‍රවාහනය කර සිල්ලර මිලට එළවළු අලෙවි කිරීමේ දී ඉතා අඩු මිලට පාරිභෝගිකයන්ට එළවළු අලෙවි කළ නොහැකි බව හැටන් ප්‍රදේශයේ එළවළු වෙළෙඳුන් කියා සිටිති. දඹුල්ල සහ කැප්පෙටිපොළ යන ආර්ථික මධ්‍යස්ථානවල සිට එළවළ...
"දුමින්ද නාගමුව ඇතුළු හයකට යළි නොතීසි"
"පෙරටුගාමී සමාජවාදී පක්‍ෂයේ ප්‍රචාරක ලේකම් දුමින්ද නාගමුව ඇතුළු සැකකරුවන් හයදෙනකුට ලබන මාර්තු 28 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා නැවත සිතාසි යැවීමට කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා ඊයේ (31දා) නියෝග කළේය. එම නඩුවේ හයවැනි සැකකරු ලෙස නම්කොට තිබූ අන්ජන රොද්‍රිගෝ නමැත්තාව අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදි...
"පාසල්වලට ලබාදුන් බස්රථ නඩත්තු කිරීමට බැරිව විදුහල්පතිවරු අසරණ වෙති"
"දේශපාලඥයන් විසින් පාසල්වලට ලබාදුන් බස්රථ සහ ත්‍රිරෝද රථ නඩත්තු කිරීමට අවශ්‍ය මුදල් දෙමවුපියන්ගෙන් අය කිරීමට සිදුවීම හේතුවෙන් පාසල්වල විදුහල්පතිවරුන් දැඩි අපහසුතාවකට ලක් වී ඇති බව විදුහල්පතිවරුන් සඳහන් කළේය. මෙම බස් රථ සඳහා ටයර් සර්විස් ආදායම් බලපත්‍ර මෙන්ම රක්ෂණ ගාස්තු සඳහා වසරකට ලක්ෂ දෙකක් ඉක්ම වන අතර එම මුදල සොයා ගැ...
"13 න් ඊළමට පාර කපන ජනාධිපතිගේ උත්සාහය ජීවිත පරිත්‍යාගයෙන් පරාජය කරනවා"
"පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත සමරවීර පවතින ව්‍යවස්ථාමය බාධක ඉවත් කර, 13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්පූර්ණයෙන්ම බලාත්මක කර, ඊළමට පාර කපන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උත්සාහය ජීවිත පරිත්‍යාගයෙන් හෝ පැරදවීමට මෙරට දේශප්‍රේමී ජනතාව සූදානම් බවත් ඒ සඳහා නායකත්වය දීමට තම පක්ෂය කටයුතු කරන බවත් ජාතික නිදහස් පෙරමුණේ ...
"සජබ මැතිවරණ කටයුතු ගංගාරාමයෙන් අරඹයි"
"සමගි ජනබලවේගයේ කොළඹ මැතිවරණ කටයුතු හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේදී මහා සංඝරත්නයේ ආශිර්වාද මැද ආරම්භ විය. විහාරාධිකාරී පූජ්‍ය කිරින්දේ අස්සජී හිමියන්, පිරිස පන්සිල්හි පිහිටුවූහ. විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස, කොළඹ පුරපති අපේක්‍ෂක මුජිබර් රහුමාන්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ආචාර්ය හර්ෂ ද සිල්වා, හර්ෂණ රාජකරුණා, මනෝ ග...
"කරුට ‘ශ්‍රී ලංකාභිමාන්‍ය’ සම්මානය පිරිනැමීමට කැබිනට් එකඟතාව"
"දේශබන්දු කරු ජයසූරිය මහතා රට වෙනුවෙන් ඉටු කළ සේවය ඇගයීමට ලක් කරමින් ඒ මහතා වෙත ‘ශ්‍රී ලංකාභිමාන්‍ය’ සම්මානය පිරිනැමීම සඳහා කැබිනට් මණ්ඩල එකඟතාව ලබාදී තිබේ. රට වෙනුවෙන් විශිෂ්ට සේවාවක් ඉටු කරන ශ්‍රී ලාංකිකයන්ට හෝ ලාංකිකයන් නොවන පුද්ගලයන්ට ජීවිතයේ එක් වරක් පමණක් හිමිවන ජාතික සම්මානයක් පිරිනැමීම 1986 වසරේ සිට ආරම්භ වූ අත...
"තෙල් නැතුව ඡන්දය මඟ නවතී !"
"මැතිවරණ රාජකාරි සඳහා අවශ්‍ය ඉන්ධන නොලැබීම හේතුවෙන් පළාත් පාලන මැතිවරණ කටයුතු සිදු කිරීමට දැඩි ගැටලු මතු වී ඇතැයි වාර්තා වෙයි. දිස්ත්‍රික් මැතිවරණ කාර්යාල මගින් අවශ්‍ය රාජකාරි සඳහා වාහන භාවිතා කිරීමට නොහැකි වීමෙන් බොහෝ දිස්ත්‍රික්කවල කටයුතුවලට දැඩි බාධා මතුව ඇතැයි මැතිවරණ කාර්යාලයේ නිලධාරියෙක් ‘දිවයින’ ට පැවසීය. මැතිවර...
"බද්දට එරෙහිව වරාය එළියට"
"අසාධාරණ ලෙස බදු පනවමින්, වෘත්තිකයන් තළා පෙළා දැමීමේ ආණ්ඩුවේ තීරණයන්ට විරෝධය පළ කරමින් ඊයේ (30දා) කෑම පැයේදී වරාය සියලු වෘත්තීය සමිති දැවැන්ත විරෝධතාවක නිරත විය. මෙම විරෝධතාව හේතුවෙන් වරාය ප්‍රදේශයේ දැඩි වාහන තදබදයක්ද පැවැති අතර, වරාය කටයුතු රැසක්ද අඩපණ විය. විරෝධතාව සඳහා එක්ව සිටි වරාය සේවකයෝ බහුතරයක් වැඩබිම් ඇඳුමින්ම...
"අයිඑම්එෆ් සහන ගැනීමේ ඉලක්කය අත ළඟ – මුදල් රාජ්‍ය ඇමැති රංජිත් සියඹලාපිටිය"
"අයිඑම්එෆ් මූල්‍ය පහසුකම ලබාගැනීම සම්බන්ධයෙන් වන ඉලක්කයට ඉතාම නුදුරේදීම යෑමට හැකිවනු ඇතැයි මුදල් රාජ්‍ය ඇමැති රංජිත් සියඹලාපිටිය මහතා ඊයේ (30දා) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී පැවසීය. මේ සාකච්ඡා සම්බන්ධයෙන් දැන් ඉතාම හොඳ තැනක සිටින බවද අප අයිඑම්එෆ් සහනය ලබා ගන්නා තැනට පැමිණියේ බොහෝ දුර්වල ...
"ඡන්දයක් ප්‍රකාශ කර තිබියදී මැතිවරණ කොමිසමට නව සාමාජිකයන් බඳවා ගැනීම ව්‍යවස්ථා විරෝධීයි – විපක්‍ෂ නායක සජිත් කියයි"
"ව්‍යවස්ථාදායක සභාව ඊයේ (30දා) හමු වූ බවත් මැතිවරණයක් ප්‍රකාශ කර තිබියදී එම කොමිසමේ සාමාජිකත්වය සඳහා ඉල්ලුම්පත් කැඳවීම දේශපාලන විරෝධී ක්‍රියාවක් බව දැන්වූ බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය. අනෙකුත් කොමිෂන් සඳහා එලෙස ඉල්ලුම්පත් කැඳවූවද මැතිවරණ කොමිසමට එසේ කැඳවීම අනුමත කළ නොහැකි බව ද විපක්ෂ නායකවරයා කීවේය. එසේ...
"ඡන්දයක් අවශ්‍යයි කියද්දී මගේ මොළේ පරීක්ෂා කරන්න කියූ රතු සහෝදරයන්ගේ නායකයාත් අද ඡන්දයක් ඉල්ලනවා"
"එදා තමන් රටට ඡන්දයක් අවශ්‍යයි කියද්දී සජිත්ගේ මොලේ පරීක්ෂා කරන්නයි කියූ රතු සහෝදරයන්ගේ නායකයා අද ඡන්දයක් ඕන කියලා කියන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය. විපක්ෂ නායක මේ බව පැවසුවේ පෙරේදා (29දා) කුරුණෑගල සත්‍යවාදී පිටියේදී නිරුත්තර රටක උත්තරය මැයෙන් මෙවර පළාත් පාලන මැතිවරණයේ ජයග්‍රහණය වෙනුවෙන් පැවැති සමගි ජනබල...
"රටේ අත්තිවාරම දිරලා – ජනවරමක් සහිත ආණ්ඩුවක් හදන්න ඕනෑ"
"ජනවරමක් සහිත ආණ්ඩුවක් හදන්න ඕනෑ. අද අපේ රටේ අත්තිවාරම දිරලා. පදනමක් නැහැ. මෙවැනි අත්තිවාරම දිරපු රටක නෙළුම් කුලු‍නු හැදුවාට, හයිවේ හැදුවාට, ෆෝට් සිටි හැදුවාට පලක් වෙන්නේ නැහැ යැයි ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා පැවසීය. ඔහු මේ කරුණු අනාවරණය කළේ බැංකු හා මූල්‍ය සමුළුව අමතමිනි. එම සමුළුව කොළඹ ගලධාරි හෝටලය...
"විදුලිබල ලේකම් ඇතුළු පිරිසකට එරෙහිව මානව හිමිකම් කොමිසමෙන් පෙත්සමක් – උ.පෙළ විභාග සමයේ විදුලිය කැපීම"
"අ.පො.ස. උසස් පෙළ විභාගය පැවැත්වෙන ජනවාරි 23 වැනිදා සිට ලබන 17 වැනිදා දක්වා රට තුළ කිසිදු ආකාරයකින් විදුලි බලය විසන්ධි කිරීමක් සිදුනොකරන ලෙසට ලබාදුන් නිර්දේශ ක්‍රියාත්මක නොකිරීම සම්බන්ධයෙන් විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයේ ලේකම්වරයා ඇතුළු පිරිසකට එරෙහිව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව ඊයේ (30 දා) ශ්‍රේෂ්ඨාධිකරණයට ...
"විදුලි නඩත්තුවට ගිය කෝටි 2 ලංවිම ජනාධිපති ලේකම් කාර්යාලයෙන් වහාම ඉල්ලයි"
"ජනාධිපති ලේකම් කාර්යාලයේ විදුලි නඩත්තු කටයුතු වෙනුවෙන් ගෙවිය යුතු රුපියල් කෝටි දෙකකට ආසන්න මුදල වහාම ගෙවා දමන ලෙස ලංකා විදුලිබල මණ්ඩලය ජනාධිපති කාර්යාලයට දැනුම් දී තිබේ. ඉකුත් 2021-2022 වසරවලට අදාළව ජනාධිපති ලේකම් කාර්යාලය විදුලිබල මණ්ඩලයට ගෙවිය යුතු රුපියල් 1,9825,970 මුදලක් මෙසේ නොගෙවා පැහැර හැර ඇත. රාජ්‍ය ආයතනවල වි...
"ජාතිකවාදයෙන් වංචාව වහන්න බැහැ – ඇමරිකානු හින්ඩන්බර්ග් ආයතනය අදානි සමාගමට කියයි"
"ඉන්දියානුවන් කොල්ලකන අතරතුර ‘අදානි’ ඉන්දීය ධජයෙන් සැරසී සිටින බව ඇමරිකාවේ හින්ඩන්බර්ග් ආයතනය ප්‍රකාශ කර ඇත. හින්ඩන්බර්ග් ආයතනය මේ කරුණු හෙළිකර ඇත්තේ අදානි සමාගම කොටස් වංචා සිදුකර ඇති බවට හෙළිදරව්වීමෙන් පසු අදානි සමාගම ලබාදුන් පිටු 413 ක පැහැදිලි කිරීම පිළිබඳව අදහස් දක්වමිනි. අප විසින් එල්ල කළ චෝදනා නොසලකා හරිමින් ජාති...
"13 අනතුර පෙන්වාදී රට මුදාගන්න"
"13 වැනි සංශෝධනය බලාත්මක කිරීම මගින් රටට වියහැකි අනතුර පිළිබඳව පාලකයන්ට සෘජුව කරුණු දක්වා බෙදුම්වාදී උවදුරින් රට ගලවා ගන්නා ලෙස ජාතික සංවිධාන එකමුතුව ත්‍රෛනිකායික මහනාහිමිවරුන් වෙත ලිපියක් යවමින් ඉල්ලීමක් කර තිබේ. ජනවරමක් නොමැතිව ජනාධිපති වශයෙන් පත්වූ රටේ නායනයාට තමාට පෙර ද කළ නොහැකිවූ රට ෆෙඩරල්කරණය කිරීමේ ක්‍රියාවලිය ...
"තරුණයකු පැහැරගෙන ගොස් පහරදීම: හිරුණිකාට එරෙහි නඩුව ලබන 28 ට කල් යයි"
"දෙමටගොඩ ප්‍රදේශයේ පිහිටි වෙළෙඳසලක සේවය කරමින් සිටි තරුණයකු මහ දවල් බලහත්කාරයෙන් ඩිෆෙන්ඩර් රථයකින් පැහැරගෙන ගොස් පහරදීමට ආධාර අනුබලදීම, ඒ සඳහා කුමන්ත්‍රණය කිරීම ඇතුළු අධිචෝදනා යටතේ කොළඹ දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියට එරෙහිව පවරා ඇති නඩුව ලබන මස 28 වැනිදා දක්වා කල් තැබීමට කොළඹ ...
"ජල විදුලි නිපැයුම ඉහළට – ඊයේ – අද විදුලි කප්පාදුවක් නෑ"
"ජල විදුලිය නිෂ්පාදනය වැඩිකිරීම නිසා ඊයේ හා අද (30 සහ 31) විදුලි කප්පාදුවක් සිදු නොකරන බව මහජන උපයේගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා පැවසීය. විදුලිය කප්පාදු කරන පැය දෙකයි විනාඩි විස්ස තුළ විදුලිය නොකපා තබාගැනීම සඳහා ජල විදුලිය නිපදවීමට ජලය ලබාදෙන ලෙස මහජන උපයෝගිතා කොමිසම විසින් ජල ලේකම් කාර්යාලය වෙත ලිඛිතව ඉල්ලීම් ක...
"සංවර්ධන ලොතරැයි හිටපු සභාපතිට එරෙහි අල්ලස් නඩුව මාර්තු 1 දා"
"සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ හිටපු සභාපති චන්ද්‍රවංශ පතිරාජ නමැත්තාට එරෙහිව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව විසින් පවරා ඇති නඩුවේ පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණය සඳහා දින නියම කිරීම සඳහා ලබන මාර්තු 1 වැනිදා කැඳවීමට කොළඹ මහාධිකරණ විනිසුරු අමල් රණරාජා මහතා ඊයේ (30 දා) දින නියම කළේය. සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සභාපතිවරයා ලෙස කට...
"පාකිස්තානයේ පල්ලියක මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් : 31 ක් මරුට"
"පාකිස්තානයේ පෙෂාවර් නගරයේ පිහිටි පල්ලියක් තුළ ඊයේ (30 දා) සිදුවූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් පුද්ගලයන් 31 දෙනකු ජීවිතක්‍ෂයට පත්ව ඇතැයි විදෙස් මාධ්‍ය සඳහන් කරයි. තුවාල ලැබූ ගණන 150කට අධිකය. මෙය පොලිස් නිලධාරීන් ඉලක්ක කර සිදුකළ ප්‍රහාරයක් බව පාකිස්තාන මාධ්‍ය සඳහන් කරයි. ඔවුන් දහවල් යාඥාව සඳහා පල්ලියට ගොස් ඇති අතර එහ...
"ලංවිම දීමනා කෝටි 50කින් කපයි – ලයිට් කැපුවත් ලොක්කන්ගේ ප්‍රතිලාභ වෙනසක් නෑ"
"ලංකා විදුලිබල මණ්ඩලය මුහුණ පා තිබෙන දැඩි මූල්‍ය අර්බුදය නිසා සේවකයන්ට ගෙවනු ලබන අතිකාල, බටා ඇතුළු විවිධ දීමනා රුපියල් කෝටි පනහකින් කපා හැරීමට මේ වනවිට පියවර ගෙන තිබේ. නමුත් විසිහතර දහසකට ආසන්න ලංවිම සේවකයන්ට වැටුප් සඳහා මේ වනවිටත් රුපියල් කෝටි තුන්සිය පනහකට අධික මුදලක් වැය වන අතර එයින් සියයට විස්සකට අධික මුදල් ප්‍රමාණ...
"සභාපති ගෙදර යවන්න චෝදනා පත්‍රයක්"
"උසස් පෙළ විභාගය පවත්වන කාලය තුළ අඛණ්ඩව විදුලිය ලබාදීම සඳහා විදුලිබල මණ්ඩලය ඉල්ලා සිටි නිර්ණායකයන් සපුරා ගැනීමට නොහැකිවී ඇති නිසා විදුලි කප්පාදුව නැවැත්විය නොහැකි බව විදුලිබල හා බලශක්ති ඇමැති කංචන විජේසේකර මහතා ඊයේ (29 දා) පැවසීය. 2023 වර්ෂයේ ජනවාරි 01 වැනිදා සිට අඛණ්ඩව විදුලිය ලබාදීමට නම් ගිය නොවැම්බර් මාසයේදී විදුලි ...
"චෝදනා කිව්වොත් උත්තර දෙන්නම් – හරි දේ කියන්නයි බිම ඉඳගන්නයි කාගෙවත් අවසර ඕනෑ නෑ"
"හරි දේ කියන්නයි බිම ඉඳගන්නයි කාගෙන්වත් අවසර ගැනීමේ වුවමනාවක් නැතැයි මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා ‘දිවයින’ට ඊයේ (29 දා) පැවසීය. තමාට එරෙහි චෝදනා ඇතැයි පවසන බවත් එම චෝදනා මොනවාද යන්න ඉදිරිපත් කරනවා නම් ඊට තමා පිළිතුරු දීමට කටයුතු කරන බවත් ඒ මහතා කීය. විදුලි බිල වැඩි කිරීමේ අවශ්‍යතාවක් නැති බවට තමා කරුණු...
"13 සම්පූර්ණයෙන්ම බලාත්මක කිරීමට සංඝරත්නය ඉඩ දෙන්නේ නෑ – මහාචාර්ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි"
"13 වන ව්‍යවස්ථා සංශෝධනය පූර්ණ වශයෙන් බලාත්මක කිරීමට මෙරට මහා සංඝරත්නය ඉඩ ලබා නොදෙන බව මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමියෝ පවසති. පසුගිය සිකුරාදා නාරාහේන්පිට අභයාරාමයේ පැවති ආගමික උත්සවයකට එක්වෙමින් උන්වහන්සේ මේ කරුණු අනාවරණය කළේය. එහිදී අදහස් දැක්වූ කැලණිය විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය මහාචාර්ය. පූජ්‍ය ඉඳුර...
"රතන හිමි ඇතුළු පිරිසගේ වැරදි උපදෙස් නිසා අද රටට කන්නවත් නෑ"
"අද රටේ ජනතාවට කන්නවත් නැත්තේ රතන හිමියන් ඇතුළු පිරිසකගේ වැරදි උපදෙස් සහ ගෝඨාභය රජය දරදඬු ප්‍රතිපත්ති ක්‍රියාත්මක කළ නිසා බවත් එබැවින් දහතුන්වැනි ව්‍යවස්ථා සංශෝධනය ක්‍රියාත්මක කිරීම කඩාකප්පල්කර තවදුරටත් රට විනාශ නොකරන ලෙස උන්වහන්සේගෙන් ඉල්ලා සිටින බවත් නව ලංකා නිදහස් පක්‍ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා...
"උ.පෙළ විභාග කාලයේ විදුලිය කැපීමට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට යනවා – ස්ටාලින් කියයි"
"දිගින් දිගටම විදුලිය කපමින් අපොස උසස් පෙළ විභාගයට පෙනී සිටින අහිංසක දරුවන්ට, ආණ්ඩුව කරන මානසික හිරිහැරයට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයේ පිහිට පතන බව ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝෂප් ස්ටාලින් මහතා ‘දිවයින’ට ඊයේ (29 දා) පැවසීය. මෙය තනිකරම මානව හිමිකම් උල්ලංඝනය කිරීමක් බවද හෙතෙම කීය. දිගින් දිගටම දරුවන්ගේ අධ්‍යාපනය සමග සෙල්...
"සාමාජිකයන්ට තර්ජන ආවත් පුංචි ඡන්දයේ වැඩ ඉදිරියට – මැ.කො. සභාපති"
"මැතිවරණ කොමිසමේ සාමාජිකයන්ට තර්ජනය කළත් පළාත් පාලන මැතිවරණය පැවැත්වීම සඳහා අනුගමනය කර තිබෙන වැඩපිළිවෙළ අඛණ්ඩව ඉදිරියට කරගෙන යන බව මැතිවරණ කොමිසමේ සභාපති නිමල් ජී. පුංචිහේවා මහතා ‘දිවයින’ට ඊයේ (29 දා) පැවසීය. මැතිවරණය සඳහා කොමිසම වැඩකටයුතු ආරම්භ කිරීමෙන් පසු ඉල්ලීම් කළ මුදල් අවශ්‍යතාව අනුව ක්‍රමානුකූලව කොමිසමට ලැබෙමින්...
"අභිමානයෙන් ජීවත්විය හැකි ණය නැති ආර්ථිකයක් ගොඩනගනවා – ජනාධිපති රනිල් වික්‍රමසිංහ කියයි"
"අනුරාධපුර රාජධානී සමයේ ණය ලබා නොගෙන ශක්තිමත් ආර්ථිකයක් ගොඩනැඟු‍වාසේ ඉදිරි වසර 05-10 තුළදී කිසිවෙකුට යටත් නොවී අභිමානයෙන් ජීවත්විය හැකි ණය නැති ආර්ථිකයක් ගොඩනැඟීම තම අරමුණ බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. රටේ ආදායම් තත්ත්වය ස්ථාවර වී ආර්ථික ප්‍රගතියක් උදාවුවහොත් මේ වසරේ තුන්වන කාර්තුවේදී සහනයක් ලෙස සියලු‍ රාජ...
"පරපුටු අසමතුන්ට බලයේ සිටීමට අයිතියක් නෑ"
"මාර්තු 9 වැනිදාට, මේ පරපුටු අසමත් පාලනයට තවදුරටත් පාර්ලිමේන්තුවේ බලය හෙබවීමට අයිතියක් නොමැති බව පෙන්විය යුතුව ඇති බවත් ඒ සඳහා අනිවාර්යෙන්ම රට වළපල්ලට ඇදදැමූ බැසිල් රාජපක්ෂලාගේ ‘පොහොට්ටුව’ පළාත් පාලන මැතිවරණයේදී බිංදුවට වට්ටවා, පවුල් පාලනයේ ක්‍රියාන්විතය නතර කළ යුතු බවත් නිදහස් ජනතා සන්ධානයේ විධායක සභික, උත්තර ලංකා සභා...
"ප්‍රවීණ නාට්‍යවේදී කේ. බී. හේරත් දිවි රඟමඬලින් බැසයයි"
"ප්‍රවීණ නාට්‍යවේදී, නාට්‍යකීර්ති, රූපවාහිනි නාට්‍ය, චිත්‍රපට හා වේදිකා නාට්‍ය තිර රචක කේ. බී.හේරත් මහතා ඊයේ (29 දා) දිවි රඟමඬලින් සමුගත්තේය. ඒ මහතා මියයන විට 81 වැනි වියේ පසුවිය. කුරුණෑගල ඉබ්බාගමුව ග්‍රාමයේ ඉපදී ඉබ්බාගමුව මහා විiාලයෙන් අධ්‍යාපනය හැදෑරූ ඒ මහතා 1962 දී පේරාදෙණිය විශ්වවිiාලයෙන් උපාධිය ලබා පසුකාලීනව කොළඹ,...
""උපාධිධාරීන් 26,000 ක් ගුරු සේවයට ගැනීමට අයදුම්පත් කැඳවයි""
"රාජ්‍ය සේවයේ නියුතු උපාධිධාරීන්ගෙන් 26,000 ක් ගුරුවරුන් ලෙස බඳවා ගැනීමේ තරග විභාගය සඳහා අයදුම්පත් කැඳවීමට අධ්‍යාපන දෙපාර්තමේන්තුව කටයුතු කර තිබේ. 2018, 2019, 2020 වකවානුවේ රාජ්‍ය සේවයට එක්වූ සංවර්ධන නිලධාරීන් ඇතුළු උපාධිධාරීන් ඉලක්ක කරගෙන මෙම පත්වීම් ලබාදෙන අතර වයස අවුරුදු 40 නොඉක්මවන සියලුම ඌණ සේවා නියුක්ත උපාධිධාරීන...
"අමරපුර මහා නිකායේ අඹගහපිටිය පාර්ශ්වයේ වැඩබලන මහානායක උදම්මිට අස්සජි තිස්ස නාහිමියෝ අපවත්වෙති"
"මහාවිහාරවංශික ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ අඹගහපිටිය පාර්ශ්වයේ වැඩබලන මහානායක උදම්මිට උත්තමාරාම පුරාණ විහාරාධිපති ශ්‍රී සංඝතිස්ස ධම්මාලංකාර ධර්ම විiාලාධිපති විනය කීර්ති ශ්‍රී ධම්මාලංකාර කවිධජ ශ්‍රී සද්ධර්ම ජෝතිකධජ ශාසන සෝභන, ලෝකත්ථචාරි අතිපූජ්‍ය උදම්මිට අස්සජිතිස්සාභිධාන නාහිමිපාණන් වහන්සේ 2023 ජනවාරි 27 වන දින උදෑසන ...
"මීගමුවේ තරු හෝටලයක බූරු පළ වලානෙන් ගොස් වටලයි"
"මීගමුව ප්‍රදේශයේ තරුපහේ හෝටලයක බූරුවා ගසමින් සිටි බව කියන ඉහළ පෙළේ ව්‍යාපාරිකයන් ඇතුළු ප්‍රභූන් 21 දෙනකු වලාන මධ්‍යම දූෂණ ප්‍රහාරක ඒකකයේ පොලිස් කණ්ඩායමක් විසින් ඊයේ (29 දා) අලුයම අත්අඩංගුවට ගෙන ඇත. බූරුවා ගසමින් සිටි පිරිස අතරට පොලිස් උපාය දූතයකු යොදවා වැටලීම සිදුකර තිබේ. එම අවස්ථාවේ එහි තිබූ රුපියල් ලක්‍ෂ පහක පමණ මුද...
"පළාත් පාලන ආයතන විසුරුවා නොහැර ඡන්දයකට ඉඩදීම බරපතළ වරදක් – මුජිබර් රහුමාන්"
"‘නිව්ස් ප්ලාන්ට්’ කර මැතිවරණ කල් දැමීමේ යාන්ත්‍රණය මෙහෙයවන්නේ ජනාධිපති මාධ්‍ය අංශය විසින් බව සමගි ජනබලවේගයේ කොළඹ පුරපති අපේක්‍ෂක මුජිබර් රහුමාන් මහතා ඊයේ (29දා) පැවසීය. පළාත් පාලන ආයතන විසුරුවා නොහැර ඡන්දයකට ඉඩදීම බරපතළ වරදක් බවත් ඡන්දයක් ප්‍රකාශයට පත් කළ දින සිට එම ආයතන විසුරුවා හැරීමේ බලය ඇත්තේ අදාළ ඇමැතිවරයාට වුවත්...
"පාර්ලිමේන්තුවේ වාර අවසානය අර්බුදයක්!"
"හදිසියේම පාර්ලිමේන්තු වාර අවසන් කිරීම අලුත් දේශපාලන අර්බුදයකට මුලපිරීමක් බවට දේශපාලන අංශ මත පළ කරයි. මේ වනවිට පළාත් පාලන මැතිවරණය ප්‍රකාශයට පත්කර ඇති නිසා ආණ්ඩුව මැතිවරණයට බලපෑමක් එල්ලකිරීම අරමුණු කරගෙන මෙම ක්‍රියාමාර්ගයට පිවිස ඇති බවට සැකකරන බව ද ඔව්හු පවසති. මේ පිළිබඳව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති නිමල් ජී. පුංචිහේව...
"රට බෙදෙන්නේ නෑ 13 සම්පූර්ණයෙන්ම දෙනවා"
"ජනාධිපතිවරයාට හිමි විධායක බලතල අනුව රටේ පවතින නීතිය ක්‍රියාත්මක කිරීමට තමන් බැඳී සිටින බවත් ඒ අනුව 13 වැනි සංශෝධනය මුළුමනින්ම ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සර්වපාක්ෂික හමුව අමතමින් ප්‍රකාශ කළේය. මෙම සංශෝධනය අහෝසි කිරීම සඳහා ඕනෑම මන්ත්‍රීවරයකුට පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් පාර්ලිමේන්ත...
"13 දෙන්න කලින් ගැඹුරු අධ්‍යයනයක් කළ යුතුයි"
"රනිල් වික්‍රමසිංහ මහතා අගමැතිවරයා ලෙස කටයුතු කළ සමයේදීවත් සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක නොකළ 13 වැනි සංශෝධනය මෙම අවස්ථාවේ දී ක්‍රියාත්මක කිරීමට සූදානම් වන්නේ නම් ඊට පෙර ඒ පිළිබඳව ගැඹුරින් අධ්‍යයනය කළ යුතු බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ සාගර කාරියවසම් මහතා ‘දිවයින ඉරිදා සංග්‍රහය’ට පැවසීය. ...
"පොලිසිය කෑලි 10 කට කැඩෙන්න යයි"
"උතුරු නැඟෙනහිරට පොලිස් බලතල ලබාදුන්නොත් ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුව කැබැලි දහයකට කැඩෙන බව විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් කණ්ඩායමක් සඳහන් කර ඇත. මේ අනුව ත්‍රස්ත මර්දන ඒකකය, මත්ද්‍රව්‍ය නාශක අංශය, රහස් පොලිසිය සහ ජාතික බුද්ධි බළකාය යන අංශවලට උතුරු නැඟෙනහිරට මහ ඇමැතිවරුන් දෙදෙනාගේ අවසරයකින් තොරව යෑමට නො හැකි ව...