Title
stringlengths
9
246
Content
stringlengths
3
62.9k
"රට බෙදෙන්නේ නෑ 13 සම්පූර්ණයෙන් දෙනවා"
"ජනාධිපතිවරයාට හිමි විධායක බලතල අනුව රටේ පවතින නීතිය ක්‍රියාත්මක කිරීමට තමන් බැඳී සිටින බවත් ඒ අනුව 13 වැනි සංශෝධනය මුළුමනින්ම ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සර්වපාක්ෂික හමුව අමතමින් ප්‍රකාශ කළේය. මෙම සංශෝධනය අහෝසි කිරීම සඳහා ඕනෑම මන්ත්‍රීවරයකුට පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් පාර්ලිමේන්ත...
"උතුරේ අක්කර 100 ක් අයිතිකරුවන්ට මුදාහැරේ"
"75 වැනි නිදහස් දිනයට සමගාමීව උතුරේ ආරක්‍ෂක අංශ පරිහරණය කළ දෙමළ ජනතාවට අයත් පෞද්ගලික ඉඩම් අක්කර 100 ක් පෙබරවාරි 11 ට පෙර මුදාහරින්නැයි ජනාධිපති ජ්‍යෙෂ්ඨ ආරක්‍ෂක උපදේශක සාගල රත්නායක මහතා දිස්ත්‍රික් ලේකම්වරුන්ට උපදෙස් දී ඇත. එම ඉඩම්වල පවත්වාගෙන ගිය කඳවුරු වෙනත් ස්ථානවල ස්ථාපිත කර පෙර හිමිකරුවන්ට ලබාදෙන ලෙස ද උපදෙස් දී ත...
"බැංකු පොලිය අඩුවෙන්නට පටන්ගනී"
"ඉදිරි කාලයේ දී වෙළෙඳ පොළ පොලී අනුපාත තවදුරටත් අඩුවනු ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි. ඉහළ මට්ටමක පවතින වෙළෙඳ පොළ පොලී අනුපාත පහළ යෑම ආරම්භ වී ඇති බවද මහ බැංකුව නිකුත් කළ වාර්තාවක දැක්වේ. මහ බැංකුව විසින් දියත් කරන ලද පරිපාලනමය ක්‍රියාමාර්ග මෙන්ම දේශීය මුදල් වෙළෙඳ පොළ ද්‍රවශීලතාව වර්ධනය වීම සහ දේශීය වෙළෙඳ පොළෙහි සමස්ත...
"ජපන් සමාගම නොමිලේම බේරේ වැවට"
"කොළඹ බේරේ වැව පිරිසිදු කොට අලංකාර කිරීමේ ව්‍යාපෘතියක් නොමිලේ කරදීමට ජපන් සමාගමක් රජයට එකඟතාව පළකර තිබේ. මාස 06 ක් ඇතුළත මෙම ව්‍යාපෘතිය අවසන් කිරීමට නියමිතය. ව්‍යාපෘතිය සඳහා ඩොලර් මිලියන 03 ක් වැයවනු ඇතැයි ඇස්තමේන්තු කර ඇත. එම මුදල අදාළ සමාගමේ ප්‍රදානයක් ලෙස ලැබීමට නියමිතය. බේරේ වැව මේ වනවිට අපවිත්‍රවී දුඟඳ හමන තත්ත්වය...
"නොරොච්චෝලේ මාස එකහමාරකට රෙඩි"
"නොරොච්චෝල බලාගාරයේ යන්ත්‍ර තුන ම සඳහා මාස එකහමාරකට පමණ ගල් අඟුරු සංචිත පවතින බව බලාගාර ඉංජිනේරුවෝ පවසති. බලාගාරයේ යන්ත්‍ර තුන ම ක්‍රියාත්මක කර නිපදවන මෙගාවොට් 900ක ප්‍රමාණයෙන් මෙගාවොට් 90ක් බලාගාරයේ අවශ්‍යතා සඳහා රඳවාගෙන ජාතික පද්ධතියට මෙගාවොට් 810ක් එක්කර තිබෙන බවද ඔවුහු සඳහන් කළහ. අප්‍රේල් මාසයේ වාරකන් කාලය ආරම්භ වී...
"හෙක්ටයාරයකින් කිලෝ 3207 ක් රසායනික පොහොර නිසා වී අටුව සරුවෙයි"
"යූරියා ඇතුළු රසායනික පොහොර භාවිත කිරීම නිසා පසුගිය යල කන්නයේ වී අස්වැන්න ඉහළ ගොස් ඇතැයි කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි. ඒ අනුව 2022 යල කන්නයේ දී හෙක්ටයාර් එකකින් වී කිලෝග්‍රෑම් 3207ක අස්වැන්නක් ලැබී ඇතැයි සඳහන් ය. 2021 වසරේ දී රසායනික පොහොර තහනම සහ කාබනික පොහොර ප්‍රතිපත්තිය නිසා එම මහ කන්නයේ දී හෙක්ටයාර් එකකට ලැබී ඇති වී ...
"ඔස්‌ට්‍රේලියාවෙන් ලැබුණු දැඩිසත්කාර ඇඳන් රේගුවේ හිරවෙලා"
"ඔස්‌ට්‍රේලියානු ආධාර ක්‍රමය යටතේ මෙරටට පරිත්‍යාග ලෙස එවනු ලබන දැඩිසත්කාර ඇඳන් ප්‍රමාණයක් රේගුවෙන් නිදහස් කර ගැනීමට අවශ්‍ය සහාය සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය සැපයීම් අංශයෙන් නොලැබීම නිසා ඔස්‌ට්‍රේලියාවේ එම ආධාර ක්‍රමයේ ආධාර ඉදිරියේදී මෙරටට නොලැබෙන තත්ත්වයක් උද්ගතව ඇතැයි හිටපු ජ්‍යෙෂ්ඨ විදේශ සේවයේ නිලධාරියෙක් ‘දිවයින ඉරිදා...
"මලල්ගොඩ වාර්තාව පෙබාවාරි 9 දාට පෙර මුදාහරින්න නියෝග"
"පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බැලීමට හිටපු ජනාධිපතිවරයකු වූ මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් පත් කරන ලද විනිසුරු විජිත් මලල්ගොඩගේ ප්‍රධානත්වයෙන් යුත් කමිටුවේ වාර්තාව තොරතුරු පනත යටතේ පෙබරවාරි 09 වැනිදාට පෙර මුදා හරින ලෙස තොරතුරු දැන ගැනීමේ අයිතිවාසිකම පිළිබඳ කොමිෂන් සභාව නියෝග කළේය. ජනාධිපති ලේකම් කාර්යාලය ඉකුත් 26 ව...
"ආදිවාසීහු පොරවත් අරන් නිදහස් උත්සවයට"
"පෙබරවාරි මස 04 වැනිදා පැවැත්වෙන 75 වැනි නිදහස් උත්සවයේදී ආදිවාසීන්ගේ සංස්කෘතිය රැකගැනීම සඳහා පොරොවත් රැගෙන නිදහස් උත්සවයෙට සහභාගි වෙන බව ආදිවාසි නායක ඌරුවරිගේ වන්නිල ඇත්තන් “දිවයින ඉරිදා සංග්‍රය”ට පැවසීය. මෙවර නිදහස් උත්සවයට සහභාගිවෙන ලෙස අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ආදිවාසි නායක වන්නිල ඇත්තන්ට මෙන්ම සෙසු පළාත් න...
"බද්දට එරෙහිව…."
"රජයේ නව බදු සංශෝධනවලට එරෙහිව මහ බැංකු සේවක සේවිකාවන් කළු ඇඳුමින් සැරසී මහ බැංකුව ඉදිරිපිටදී විරෝධය පළ කළ අයුරු."
"නිදහස් උත්සවයට ආරාධිතයෝ 3250 ක් : ජනපති ජාතිය අමතන්නේ නෑ"
"75 වන ජාතික නිදහස් උළෙල පෙබරවාරි 04 වැනිදා අවම පිරිවැයක් යටතේ අභිමානවත්ව පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කරමින් පවතී. ජාතික උත්සවය සඳහා පොදු රාජ්‍ය මණ්ඩලයේ ලේකම්වරිය සමග සාර්ක් කලාපීය රටවල් පහක විදේශ ඇමැතිවරුන් 05 දෙනකු ඇතුළු දෙස් විදෙස් ආරාධිතයන් 3250දෙනකු පැමිණීමට නියමිත ය. උත්සවය සඳහා ආරාධිතයන් පෙරවරු 7.28ට අසුන් ග...
"නිවාඩු නිකේතන හතරෙන් කෝටි පහක පාඩුවක්"
"සංචාරක සංවර්ධන අධිකාරියට අයත් නිවාඩු නිකේතන 04න් 2021 වර්ෂයේ දී රුපියල් පන්කෝටි, හත්ලක්ෂ හතළිස් දහස් අටසිය තිස්අටක (50,740,838) පාඩුවක් ලබා ඇති බව ජාතික විගණන කාර්යාලය මගින් නිකුත් කර ඇති විගණන වාර්තාවක සඳහන් වේ. මෙකී නිවාඩු නිකේතන 04න් 2020 වර්ෂයේ ලබා ඇති පාඩුව රුපියල් හාරකෝටි හැට ලක්‍ෂ පහළොස් දහස් පන්සිය අනූවකි. මෙක...
"ජාතික නිදහස් උත්සවයට පෙර ජනපතිට අගමැතිට තවත් උත්සවයක්"
"ඩී එස් හිටවපු අඹ ගස ළඟට යති 75 වැනි නිදහස් සමරුවට සමගාමීව ඓතිහාසික කොල්ලුපිටිය පොල්වත්ත ශ්‍රී ධර්මකීර්තියාරාම විහාරස්ථානයේ සිදුකෙරෙන නිදහස් දින බෞද්ධාගමික වැඩසටහන ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ අගමැති දිනේෂ් ගුණවර්ධන යන මහත්වරුන්ගේ සහභාගිත්වයෙන් ලබන මස 04 වැනිදා උදෑසන 6.30 ට පැවැත්වෙන බව විහාරාධිපති බණ්ඩාරවෙල විමලධම්ම ...
"සජිත්ලා අනුරලා නිදහස් උළෙලට නෑ"
"සමගි ජන බලවේගය, ජාතික ජන බලවේගය ප්‍රධාන විපක්‍ෂය අනෙකුත් පක්‍ෂ මෙවර ජාතික නිදහස් උත්සවයට සහභාගි නොවීමට තීරණය කර ඇත. රටේ පවතින වාතාවරණය සහ එම උත්සවය සැමරීමට අධික මුදලක් වියදම් වීම ඇතුළු කාරණා කිහිපයක් මුල්කර ගනිමින් විපක්‍ෂය මෙලෙස ජාතික නිදහස් උත්සවය වර්ජනය කිරීමට එම පක්‍ෂය තීරණය කර තිබේ. ජාතික නිදහස් උළෙල වියදම් අඩුවෙ...
"බෑන්කි මූන් ළඟ ළඟ එයි"
"ශ්‍රී ලංකාව සමග ගිවිසුම් කිහිපයකට අත්සන් කිරීම සඳහා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ හිටපු මහ ලේකම් සහ වත්මන් දකුණු කොරියාවේ රාජ්‍ය ආයතනයක් වන ගෝලීය හරිත වර්ධන ආයතනයේ සභාපති බැන්කි මූන් මහතා පෙබරවාරි මස 06 වැනිදා ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ආරාධනයකට අනුව ඒ මහතා මෙරටට පැමිණෙන බව දේශගුණික ව...
"පාර්ලිමේන්තුවේ වාර අවසන්!"
"කෝප් කෝපා ඇතුළු කමිටු රැසක් අහෝසියිනව සැසිය පෙබරවාරි 8 වැනිදා පාර්ලිමේන්තුව ඊයේ (27 දා) මධ්‍යම රාත්‍රියේ සිට වාර අවසාන කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නියෝග කර ඇත. ඊට අදාළ අති විශේෂ අදාළ ගැසට් නිවේදනය ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා විසින් මුද්‍රණය සඳහා රජයේ මුද්‍රණාලය වෙත යොමුකර තිබේ. පාර්ලිමේන්තු නව සැසි වාරය...
"මෛත්‍රී විත්ති කූඩුවට: අධිකරණයෙන් අවවාද"
"මෛත්‍රීපාල සිරිසේන මහතාට එරෙහිව කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ ගොනු කර ඇති නඩුව ලබන මාර්තු 17 වැනිදා යළි කැඳවීමට කොටුව මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා ඊයේ (27දා) නියෝග කළේය. එම නඩුව ඊයේ (27දා) විවෘත අධිකරණය හමුවේදී කැඳවූ අවස්ථාවේදී සැකකාර මෛත්‍රීපාල සිරිසේන මහතා විත්ති කූඩුවට නොපැමිණ පිටත රැඳී සිටි අතර පැමිණිලිකරුවන් ව...
"අයි.එම්.එෆ්. ළඟදීම ලැබෙනවා"
"ශ්‍රී ලංකාවට සහාය පළ කරමින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීරණ මූල්‍ය පහසුකමේ මුල් වාරිකය නුදුරේදීම ශ්‍රී ලංකාවට ලැබෙනු ඇතැයි මුදල් රාජ්‍ය ඇමැති රංජිත් සියඹලාපිටිය පවසයි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් සහ මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා අතර විශේෂ සාකච්ඡාවක් 26 වැනිදා මුදල් අමාත්‍යාංශයේ දී පැව...
"විනිශ්චයකාර මණ්ඩලය ලබා දී ඇති තීන්දුව අනුව මා 13 වැනි සංශෝධනය ක්‍රියාත්මක කරනවා"
"ජනාධිපතිට හිමි බලතල අනුව රටේ නීතිය ක්‍රියාත්මක කරනවාබලතල බෙදා දීමට එකඟ වුවත් මා ෆෙඩරල් රාජ්‍යයකට විරුද්ධයිඉඩම් කොමිසම වහාම පත්කළ යුතුයි13 ක්‍රියාත්මක කරන්නේ නැතිනම් එය ව්‍යවස්ථාවෙන් ඉවත් කළ යුතුයිපළාත් පොලිස් කොමිසම වෙනුවට ගෙනෙන ජාතික පොලිස් කොමිසමට විරුද්ධනම් පරාජය කළ හැකියිඅප ගනු ලබන පියවර පෙබරවාරි 08 වැනිදා පාර්ලිම...
"රටේ පොදු ප්‍රශ්නවලදී අසාධාරණයට එරෙහිවන කතෝලික ජනතාවක් ඕනෑ – කාදිනල්තුමා කියයි"
"රටේ ලෝකයේ පොදු ප්‍රශ්නවලදී අසාධාරණයට එරෙහිව පෙරට පැමිණ හඬක් නඟන කතෝලික ගිහි ජනතාවක් අද අපට අවශ්‍ය කරනවා යැයි කොළඹ අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල්තුමා ප්‍රකාශ කළේය. කොළඹ අගරදගුරු මැඳුරේදී ශාන්ත ජුසේතුමාගේ දේවධර්ම නිකේතනයේ 40 වැනි සංවත්සර උත්සවය අමතා කාදිනල්තුමා එසේ කීවේය. කාදිනල්තුමා මෙසේද පැවසීය. කාලයක් අප පුරුදුව සිට...
"පවිත්‍රාට මුතුරාජවෙල මනින්න උසාවියෙන් නියෝග"
"මුතුරාජවෙල අභය භූමිය හා පරිසර ආරක්‍ෂක තෙත්බිම් කලාපය මැනුම් කටයුතු කර සීමා මායිම් ලකුණු කිරීම මාස තුනක් ඇතුළත කඩිනමින් අවසන් කර තම අධිකරණයට වාර්තා කරන ලෙසට අභියාචනාධිකරණය ඊයේ (27දා) වනජීවී විෂය භාර ඇමැතිනි පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය ඇතුළු වනජීවී හා වන සංරක්‍ෂණ දෙපාර්තමේන්තු බලධාරීන්ට නියෝග කළේය. අභියාචනාධිකරණය විසින...
"අටමස්ථානාධිපති පල්ලේගම නාහිමියන්ට සන්නස් පත්‍රය පිළිගැන්වීම ජනපති අතින් අද"
"අනුරාධපුර අභිනව අටමස්ථානාධිපති ශ්‍යාමෝපාලි මහා නිකායේ මල්වතු පාර්ශ්වයේ නුවර කලාවියේ ප්‍රධාන සංඝනායක අතිපූජ්‍ය පල්ලේගම හේමරතන නාහිමිපාණන් වහන්සේ වෙත ඊට අදාළ ශ්‍රී සන්නස් පත්‍ර පිළිගැන්වීමේ පුණ්‍ය මහෝත්සවය අද (28 වැනිදා) සවස 2.30ට ත්‍රෛනිකායික මහ නාහිමිපාණන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් ඓතිහාසික ජය ශ්‍රී මහා බෝධි මහ මළුවේදී ...
"බදු බරට විසඳුමක් නැත්නම් ඉදිරි සතියේ දැඩි ක්‍රියාමාර්ග – රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය"
"රෝහල් තුළ පවතින උග්‍ර ඖෂධ හිඟය සහ බදු වැඩි කිරීම යන ගැටලුවලට විසඳුම් ලබාදීමට රජය ක්‍රියා නොකරන්නේනම් ඉදිරි සතියේ දී වෘත්තීය සමිති හා ජනතාව සමග එකතුව දැඩි වෘත්තීය ක්‍රියා මාර්ගයකට එළැඹෙන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ මහතා ‘දිවයින’ට ඊයේ (27 වැනිදා) පැවසී ය. කළු සතිය ඊයේ අවසන් කළ...
"පාස්කු ප්‍රහාරය දැන දැනත් පොලිසියට දැනුම් නොදුන් ඉබ්‍රාහිම් ඉස්මයිල්ගේ ඇප ඉල්ලීම අධිකරණයෙන් ඉවතට"
"සිය සහෝදරයා ඇතුළු මුස්ලිම් අන්තවාදීන් මරාගෙන මැරෙන ප්‍රහාර මාලාවක් එල්ලකරන බවට තොරතුරු දැන දැනත් ඒ බව පොලිසියට දැනුම් නොදීම ඇතුළු චෝදනා යටතේ අත්අඩංගුවට ගෙන වසර තුනකට අධික කාලයක් රක්‍ෂිත බන්ධනාගාර ගතකර සිටින මොහොමඩ් ඉබ්‍රාහිම් ඉස්මයිල් අහමඩ් නමැත්තා ඇපමත මුදාහරින ලෙසට විත්තිය කළ ඉල්ලීමක් කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න ම...
"විදුලි කප්පාදුව: වෙන අය උසාවි ගියොත් ලංවිමත් උසාවි යන්න හදයි"
"දෛනික විදුලි කප්පාදුවට එරෙහිව යම් පාර්ශ්වයක් අධිකරණය වෙත ගියහොත් වත්මන් අර්බුදකාරී තත්ත්වය සලකා බලන ලෙස ඉල්ලමින් ලංකා විදුලිබල මණ්ඩලය ද අභියාචනාවක් ගොනු කිරීමට තීරණය කර ඇත. දැනට පවතින තත්ත්වය මත අඛණ්ඩව විදුලිය ලබාදීමට නොහැකි නිසා ලංවිම අධ්‍යක්‍ෂ මණ්ඩලය රැස්වී මෙම තීරණය ගෙන තිබේ. දැනට රටේ පවතින විදුලි ඉල්ලුම සපුරාලීමට ...
"උ/පෙළ සමයේ විදුලි කැපිල්ලට කොමිසමෙන් අවසර නෑ – ජනක රත්නායක"
"අපොස උසස් පෙළ විභාගය පැවැත්වෙන ලබන මස 17 වැනිදා දක්වා විදුලි කප්පාදු කිරීමට මහජන උපයෝගිතා කොමිසම අවසර නොදෙන බවත් විදුලිය එම කාලය තුළ කපා දැමුවහොත් ලංවිම නීතිමය වශයෙන් ඊට වගකිවයුතු බවත් මහජන උපයෝගිතා කොමිසම ලංවිමට ලිඛිතව දැනුම් දී තිබේ. කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා විසින් ඊයේ (27 වැනිදා) ලිපියක් මගින් මණ්ඩලයට ඒ බව ද...
"උ/නැ විහාරස්ථාන ළඟ හමුදා කඳවුරු ඉවත් කරන්න එපා"
"ත්‍රෛනිකායික මහනාහිමිවරු ජනපතිට ලියති උතුරු නැගෙනහිර පළාත්වල විහාරස්ථාන ආශ්‍රිතව පවතින හමුදා කඳවුරු එම ප්‍රදේශවල සුරක්‍ෂාව උදෙසා එලෙසම පවත්වාගෙන යෑම සුදුසු බව ත්‍රෛනිකායික මහා නායක හිමිවරුන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගෙන් ඉල්ලා ඇත. මල්වතු පාර්ශ්වයේ මහානායක අති පූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල නාහිමි, අස්ගිරි පාර්ශ...
"බදු නොගෙවූ සමාගම් ගැන ආණ්ඩුවට වගේ වගක් නෑ"
"බදු පීඩනය මුදා හැරිය යුත්තේ ධනවත්ම ව්‍යාපාරික පැලැන්තියට මිස වෘත්තිකයන්ට නොවෙයි – දුමින්ද නාගමුව බදු පීඩනය මුදා හැරිය යුත්තේ ප්‍රකෝටි ගණන් ලාභ ලබන ධනවත්ම ව්‍යාපාරික පැළැන්තියට මිස සුළු හා මධ්‍යම පරිමාණ කර්මාන්ත කර්මාන්තකරුවන්ට හෝ රුපියල් ලක්ෂයට වඩා වැඩි වැටුපක් ගන්නා වෘත්තිකයන්ට නොවේ යැයි පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්‍...
"ඇප ලැබුණත් මුදලිගේ ඇතුළේ"
"මහජන පීඩාවක් වන පරිදි උද්ඝෝෂණ ව්‍යාපාර හා විරෝධතා නොපවත්වන ලෙසට තම අධිකරණය විසින් නියෝග කර තිබියදීත් එකී අධිකරණ නියෝග උල්ලංඝනය කර පසුගිය වසරේ ජුනි 20 වැනිදා පොලිස් මූලස්ථානය ඉදිරිපිට විරෝධතාවක් පැවැත්වීම ඇතුළු චෝදනා යටතේ පවරා තිබූ නඩුවේ සැකකරුවකු වන අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ රුපියල...
"ක්‍රිකට් ක්‍රීඩක ධනංජයගේ පියා ඝාතනය: ගොනාකෝවිලේ අංජුගෙන් ඕ.අයි.සී.ට තර්ජන"
"ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනංජය ද සිල්වාගේ පියා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් කොටියා නමැති පාතාල අපරාධකරු අත්අඩංගුවට ගැනිමෙන් පසු කෝපයට පත් වී ඇති පාතාල කල්ලි නායක ගොනාකෝවිලේ අංජු නමැත්තා එම විමර්ශනය සිදු කළ ගල්කිස්ස කොට්ඨාස අපරාධ ඒකකයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක නිලන්ත ගමගේ මහතාට තර්ජන එල්ල කර ඇත. ප්‍රධා...
"ලොරියට බෝම්බ පැටවූ සැකකරු මන්නාරමේදී දැලේ"
"බිංගිරියේදී සොයාගත් පුපුරන ද්‍රව්‍ය සහිත ලොරියේ රහසිගත කුටියක අධිබල පුපුරන ද්‍රව්‍ය ඇතුළු උපකරණ තොගයක් ගබඩා කළ බවට සැක කරන පුද්ගලයා මන්නාරම ප්‍රදේශයේ සැඟවී සිටියදී විශේෂ පොලිස් කණ්ඩායමක් මගින් පෙරේදා (26 වැනිදා) අත්අඩංගුවට ගෙන ඇත. වාරියපොල ප්‍රදේශයේ පදිංචිකරුවකු බව කියන සැකකාර මුස්ලිම් ජාතිකයා මන්නාරම ප්‍රදේශයේ සැඟවී ...
"පවිත්‍රා ඇමැති ලෙස අපවිත්‍ර තීරණ අරන්"
"අභියාචනාධිකරණයෙන් රීට් ආඥාවක්…වෛද්‍ය සභාවේ ඉවත් කිරීම් බල රහිත කරයි… ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ සභාපති ධුරය දැරූ මහාචාර්ය හරේන්ද්‍ර ද සිල්වා මහතා හා එම සමයේ එම සභාවේ සාමාජිකයන් ලෙස කටයුතු කළ සෙසු සිව්දෙනා එම ධුරවලින් ඉවත් කරමින් එදා සෞඛ්‍ය ඇමැතිනියව කටයුතු කළ නීතිඥ පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය විසින් 2020.11.27 වැනිදා නි...
"සමාජිකයකු අස්වුවත් ඡන්දය එලෙසමයි – මැකො කියයි"
"මැතිවරණ කොමිෂන් සභාවේ සාමාජිකාවක ඉල්ලා අස්වුවද එම කාරණය කොමිෂන් සභාවේ ඉදිරි කටයුතුවලට හෝ පළාත් පාලන මැතිවරණයට කිසිදු බාධාවක් නොමැති බව කොමිෂන් සභාවේ සභාපති නිමල් ජී. පුංචිහේවා මහතා ‘දිවයින’ට පැවසීය. කොමිෂන් සභාවේ සාමාජිකාවක වන පී. එස්. එම්. චාල්ස් මහත්මිය කොමිෂන් සභාවෙන් ඉල්ලා අස්වූ බවටත් ඊට අදාළ ලිපිය ජනාධිපති කාර්යා...
"ජපාන සහය මුලින්ම ශ්‍රී ලංකාවට"
"ණය අර්බුදයට මුහුණ දෙන රටවලට සහාය වීමේ දී ශ්‍රී ලංකාවට ප්‍රමුඛත්වයක් ලබා දෙන බව ජාත්‍යන්තර කටයුතු පිළිබඳ ජපාන නියෝජ්‍ය මුදල් ඇමැති මසාටෝ කනිඩා මහතා පවසයි. රොයිටර් පුවත් සේවයට අදහස් දක්වමින් ඔහු සඳහන් කර ඇත්තේ මැදි ආදායම්ලාභී රටවල ණය අර්බුදයට ජාත්‍යන්තර විසඳුමක් හිමිවිය යුතු බවය. එවැනි ක්‍රියාමාර්ග සඳහා පැරිස් සමාජය, ජා...
"දේශීය ආදායම් නීතියට පිටින් ඇතැම් දිසාපතිලා උපදෙස් දීලා"
"රාජ්‍ය නිලධාරීන්ගෙන් උපයනවිට බදු අයකිරීමේ දී ඔවුන්ට ලැබෙන මූල්‍ය නොවන පහසුකම් මත එම බදු අයකිරීම නොකරන ලෙස ඇතැම් දිස්ත්‍රික් ලේකම්වරුන් තම ප්‍රධාන ගිණුම් නිලධාරීන්ට උපදෙස් දී ඇත. මෙසේ ඔවුන් උපදෙස් දීම දේශීය ආදායම් සංශෝධන විධිවිධානවලට පටහැනි බව දේශීය ආදායම් වෘත්තීය සමිති නියෝජිතයෝ පෙන්වා දෙති. සංශෝධිත නව දේශීය ආදායම් නී...
"ලක්‍ෂයට වැඩි වැටුප: අධිකරණ විනිසුරුවරුන්ට බදු නොගහන්නැයි අතුරු තහනමක්"
"රුපියල් ලක්‍ෂයකට අධික ඉහළ වැටුප් ලබන වෘත්තිකයන්ගෙන් ඔවුන් ලබන වැටුප අනුව බදු අයකර ගැනීමට රජය ගෙන ඇති තීරණය අනුව අධිකරණ විනිසුරුවරුන් සම්බන්ධයෙන් කටයුතු නොකර පෙර පැවැති තත්ත්වයෙන්ම තබාගන්නා ලෙසට අභියාචනාධිකරණය පෙරේදා (25දා) ආදායම් බදු දෙපාර්තමේන්තුවට අතුරු තහනම් නියෝගයක් නිකුත් කළේය. 2017 අංක 24 දරන දේශීය ආදායම් පනතේ න...
""ඖෂධ හිඟය ගැන GMOA, WHO ට පැමිණිලි කරයි""
"සෞඛ්‍ය බලධාරීන්ගේ නොසැලකිලිමත් භාවය නිසා රට මුහුණ පා ඇති ඖෂධ හිඟය, ඖෂධ මිල අධික ලෙස ඉහළ යෑම පිළිබඳව ලෝක සෞඛ්‍ය සංවිධානයේ (WHO) මෙරට පිහිටි කාර්යාලය වෙත ලිඛිතවය ඊයේ (26 වැනිදා) පැමිණිලි කළ බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ මහතා “දිවයින”ට පැවැසීය. ඊයේ පෙරවරු 10.00 ට පමණ සංගමයේ ලේකම්...
"කබ්රාල්ට ලලිත් වීරතුංගට යළි නඩුවකට සිතාසි"
"හිටපු ජනාධිපති ලේකම්වරයකු වන ලලිත් වීරතුංග හා හිටපු මහ බැංකු අධිපතිවරයකු වන අජිත් නිවාඩ් කබ්රාල් මහතාට ලබන 17 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා සිතාසි යැවීමට කොටුව මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා ඊයේ (26 දා) නියෝග කළේය. ලලිත් වීරතුංග මහතා ජනාධිපති ලේකම්වරයා ලෙස කටයුතු කළ 2014 වසරේදී නිසි අවසරයකින් තොරව ශ්‍රී ලංකා...
"යහපාලන ආණ්ඩුව හා ජවිපෙ වත්මන් ආර්ථික අර්බුදය ඇතිකිරීමේ කොටස්කරුවන් – උදය ගම්මන්පිල"
"යහපාලන ආණ්ඩුව හා ජනතා විමුක්ති පෙරමුණත් වත්මන් ආර්ථික අර්බුදය ඇති කිරීමේ කොටස්කාරයන් යැයි පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පැවසීය. එම පක්‍ෂ මූලස්ථානයේ දී (25 දා) පැවැති මාධ්‍ය හමුවේදී ඔහු මේ බව කීවේය. ගම්මන්පිල මහතා එහිදී මෙසේ ද පැවසීය. ආර්ථික අර්බුදයට දැන් වසරකට වඩා වයසයි. නමුත් මේ අර...
"ජනපති කැඳවූ සර්ව පාක්‍ෂික සමුළුවට ප්‍රධාන පක්‍ෂ කිහිපයක් නෑ"
"‘13’ බලගන්වන්නත් යෝජනා කෙරේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (27 වැනිදා) ජනාධිපති ලේකම් කාර්යාලයේදී කැඳවා තිබූ සර්ව පාක්‍ෂික සමුළුවට ප්‍රධාන පක්‍ෂ කිහිපයක්ම සහභාගි නොවූහ. සමගි ජනබලවේගය, ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය, උත්තර සභාව මෙන්ම ජාතික ජනබලවේගයද මෙම සර්ව පාක්‍ෂික සමුළුවට පැමිණ සිටියේ නැත. සංහිඳියාව වැඩිදියුණු කිරීම ...
"ජනපති මැඳුරේ සල්ලි: දේශබන්දුට සිතාසි"
"අරගලකරුවන් ජනාධිපති මන්දිරය සිය ග්‍රහණයට ගත් පසුගිය ජුලි 9 වැනිදා එවකට ජනාධිපතිවරයා ලෙස කටයුතු කළ ගෝඨාභය රාජපක්‍ෂ මහතා භාවිත කළ කාමරයක තිබී සොයාගෙන කොටුව පොලිසියට භාරදී තිබූ රුපියල් එක්කෝටි හැත්තෑඅටලක්‍ෂ පනස් දහසක මුදල් අමාත්‍ය ටිරාන් අලස් මහතාට භාරදෙන ලෙසට කොටුව පොලිස් ස්ථානාධිපතිවරයාට නියෝග කිරීමෙන් එම මුදල සාපරාධී ...
"සංජීව ධම්මිකට ආනන්ද පාලිතට ඇප"
"මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සාමාජිකයන් දෙදෙනකු වන මොහාන් සමරනායක හා උදේනි වික්‍රමසිංහ යන මහත්වරුන්ට සාපරාධී බලහත්කාරකම් පෑම හා සාපරාධී බියගැන්වීම ඇතුළු චෝදනා යටතේ සැකපිට අත්අඩංගුවට ගෙන රක්‍ෂිත බන්ධනාගාර ගතකර සිටි සමගි ඒකාබද්ධ වෘත්තීය සමිති බලවේගයේ මාධ්‍ය ප්‍රකාශක ආනන්ද පාලිත හා විදුලි පාවිච්චිකරන්නන්ගේ සංගමයේ ලේකම් සං...
"සමීප මිතුරන් ලෙස සැබෑ සහජීවනයේ රිද්මය පිළිබිඹු කරමින් නිදහස එකට එක්ව සැමරිය යුතුයි"
"ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් බග්ලේ ඉන්දියාව 2047දීත්, ශ්‍රී ලංකාව 2048දීත් සමරනු ලබන නිදහසේ ශත සංවත්සරය දක්වා වූ ගමනේදී දෙරට සහයෝගීතාවයෙන් සහ එක්ව ඉදිරියට යෑම ඉතා වැදගත් බව ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් බග්ලේ මහතා පැවසීය. ඉන්දියාවේ 74 වන ජනරජ දිනය නිමිත්තෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ඉකු...
"ලොරියේ දෙදෙනාට පුපුරන ද්‍රව්‍ය දුන් පුද්ගලයා අතුරුදන්"
"ලොරියක සඟවාගෙන රැගෙන යද්දී බිංගිරියේදී අත්අඩංගුවට ගත් අධිබල පුපුරන ද්‍රව්‍ය තොගය දෙමළ ජාතිකයන් දෙදෙනාට ලබාදුන් මුස්ලිම් ජාතිකයා අතුරුදන්ව ඇති අතර එම පුද්ගලයා සොයා ත්‍රස්ත විමර්ශන ඒකකය සහ පොලිසිය පුළුල් විමර්ශන ආරම්භ කර ඇත. මෙම පුද්ගලයා කුරුණෑගල ප්‍රදේශයේ පදිංචිකරුවකු බවත් ඔහු සිය නිවස අතහැර පලාගොස් ඇති බවත් පොලිසිය පව...
"කොස්තාපල් ශ්‍යාමන්ට ඇගැයුම්!"
"බිංගිරියේදී පුපුරන ද්‍රව්‍ය අඩංගු ලොරිය ඇතුළු සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගැනීම සඳහා මුල් වූ පොලිස් කොස්තාපල් ශ්‍යාමන් ප්‍රභාත් අප්පුහාමි නමැති පොලිස් කොස්තාපල්වරයාගේ සේවය ඇගැයීමට මෙන්ම ඔහුට දිරි දීමනාවක් ලබාදීමට දැඩි අවධානය යොමු කළ බව කුලියාපිටිය ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නෙරන්ජන් අබේවර්ධන මහතා ‘දිවයින’ට පැවසීය. මේ හැර...
"බද්දට එරෙහිව වෘත්තිකයෝ සටනට"
"සියලු වෘත්තීයවේදීන් සහ සාමාන්‍ය ජනතාව මත අධික බදු බරක් පටවමින් රජය ගෙන යන අසාධාරණ බදු ප්‍රතිපත්තිය හකුලා නොගන්නේ නම් ඉදිරියේදී රජයට විරුද්ධව දැඩි වෘත්තීය ක්‍රියාමාර්ග ගැනීමට ක්‍රියාකරන බව වෘත්තීයවේදීන්ගේ වෘත්තීය සමිති එකමුතුව සඳහන් කරයි. රටේ සාධාරණ බදු ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කළ යුතුව ඇතත්, ශ්‍රී ලංකාව ඉතා අසාධාරණ ...
"ඡන්ද පත්‍රිකා ගහන්න මුද්‍රණාලය සූදානමින්"
"පළාත් පාලන මැතිවරණය පවත්වනවා නම් ඒ සඳහා අවශ්‍ය ඡන්ද පත්‍රිකා ඇතුළු ලිපි ලේඛන කඩිනමින් මුද්‍රණය කරදීමට රජයේ මුද්‍රණාලය සූදානම් බව මුද්‍රණාලාධිපති ගංගානි ලියනගේ මහත්මිය ‘දිවයින’ට ඊයේ (25 දා) පැවසුවාය. මුද්‍රණාලය සතුව මේ වනවිට මුද්‍රණ කටයුතු සඳහා අවශ්‍ය කඩදාසි පවතින බවත්, ඉන්දියන් ණය යටතේ ඇනවුම් කළ කඩදාසි ද මුද්‍රණාලයට ල...
"එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ආයෝජකයෝ පෝර්ට් සිටි බලන්න එති"
"එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ෂෙයික් මොහොමඩ් බින් මක්ටූම් බින් ජුමා අල් මක්ටූම් ප්‍රමුඛ ආයෝජකයෝ පිරිසක් ඉකුත්දා කොළඹ වරාය නගරයේ සංචාරයක නිරත වූහ. එහිදී වරාය නගර ව්‍යාපෘතියෙහි සෘජු විදේශ ආයෝජන අවස්ථා සම්බන්ධයෙන් එම කණ්ඩායම සහ කොළඹ වරාය නගරය ආර්ථික කොමිෂන් සභාවේ හා කොළඹ වරාය නගරයේ නියෝජිතයන් අතර සාකච්ඡා කිහිපයක් ද පැවැත්ව...
"යූ ටියුබ් සාකච්ඡාවකදී උසාවියට අපහාස කළ විශ්‍රාමික මේජර් අජිත් ප්‍රසන්න වසර 4 ක් හිරේ"
"යූ ටියුබ් නාලිකාවක් සමඟ සිදු කළ සාකච්ඡාවකදී අධිකරණය සම්බන්ධයෙන් කරන ලද ප්‍රකාශ මගින් අධිකරණයට අපහාස කළ විශ්‍රාමික මේජර් නීතිඥ අජිත් ප්‍රසන්න මහතාට බරපතළ වැඩ සහිත වසර හතරක සිර දඬුවම් ලබාදීමට ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (24 දා) නියෝග කළේය. එම සිර දඬුවමට අමතරව එම වගඋත්තරකරුට රුපියක් ලක්ෂ 3 ක දඩයක් ද නියම කළ විනිසුරු මඬුල්ල එම දඩ...
"චීන අපනයන හා ආනයන බැංකුවෙන් ලංකාවට වසර දෙකක සහන කාලයක්"
"ශ්‍රී ලංකාවට ණය ගෙවීම සඳහා වසර දෙකක සහනයක් ලබාදෙන බවට චීන අපනයන හා ආනයන බැංකුව දැනුම්දී ඇත. ඒ අනුව වසර දෙකක් සඳහා ණය නොගෙවා සිටීමට ශ්‍රී ලංකාවට අවස්ථාව උදා වේ. එසේම ශ්‍රී ලංකාව ජාත්‍යන්තර මුල්‍ය අරමුදලෙන් බලාපොරොත්තු වන ඩොලර් බිලියන 2.9 ක විස්තීරණ මූල්‍ය සහනය ලබාගැනීමට ද අවශ්‍ය සහාය ලබාදෙන බව පවසා තිබේ. ශ්‍යාම් නුවන් ...
"බිලියන 3 ක් දෙනවාද? නැද්ද? දැනුම් දෙන්නැයි ඉල්ලා ලිපියක්"
"මැතිවරණ කටයුතු ආරම්භ වී ඇති නිසා දැනට අවශ්‍ය වන මුදල් ප්‍රමාණය කඩිනමින් නිදහස් කරන ලෙස මැතිවරණ කොමිසම විසින් මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා වෙත අද (25 දා) ලිඛිතව දැනුම් දීමට නියමිතය. මැතිවරණ කටයුතු සඳහා පුනරාවර්තන වියදම් (එදිනෙදා වියදම්) සඳහා රුපියල් බිලියන 03 ක් පමණ ගණන් බලා ඇති බව මුදල් අමාත්‍යාංශයට දැනුම් දෙනු ඇත. මෙම ...
"විදුලි බිල උස්සන තීරණය බලරහිත කරන්න අභියාචනාධිකරණයට රිට් පෙත්සමක්"
"ජනවාරි 1 වැනිදා සිට බලපැවැත්වෙන පරිදි විදුලි බිල්පත් ගාස්තු සංශෝධනය කර ගාස්තු ඉහළ දැමීමට කැබිනට් මණ්ඩලය ගෙන ඇති තීරණය බලරහිත කරන ලෙස ඉල්ලා විදුලි පාරිභෝගිකයන්ගේ සංගමයේ ලේකම් සංජීව ධම්මික, එම සංගමය, පරිසර යුක්ති කේන්ද්‍රය හා එහි විධායක අධ්‍යක්ෂ හේමන්ත විතානගේ ඇතුළු පිරිසක් අභියාචනාධිකරණයට ඊයේ (24 දා) රිට් ආඥා පෙත්සමක් ...
"ආනන්ද පාලිත සංජීව ධම්මික රිමාන්ඩ්"
"මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සාමාජිකයන් දෙදෙනකුට තර්ජනය කළේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන ඉදිරිපත්කොට තිබූ සමගි ඒකාබද්ධ වෘත්තීය සමිති බලවේගයේ මාධ්‍ය ප්‍රකාශක ආනන්ද පාලිත සහ විදුලිය පාවිච්චි කරන්නන්ගේ සංගමයේ ලේකම් සංජීව ධම්මික යන මහත්වරුන් හෙට ( 26 දා) දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොටුව මහෙස්ත...
"ආනයනික ටින්මාළු සඳහා බදු වැඩි කිරීමෙන් දේශීය ටින්මාළු කර්මාන්තය ආරක්‍ෂා වෙනවා"
"ආනයනික ටින්මාළු සඳහා විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද වැඩිකිරීම නිසා දේශීය ටින්මාළු කර්මාන්තය ආරක්‍ෂා කිරීමට රජය පියවර ගෙන ඇතැයි දේශීය ටින්මාළු නිෂ්පාදකයන්ගේ සංගමයේ සභාපති ශිරාන් ප්‍රනාන්දු මහතා පෙරේදා (23 දා) පැවසීය. විශේෂ වෙළෙඳ භාණ්ඩ රුපියල් 100 ක්ව පැවැති බවත් එය රුපියල් 200 දක්වා වැඩිකිරීම සඳහා ධීවර ඇමැති ඩග්ලස් දේවානන්දා ම...
"නවතම පොලී අනුපාතික මහ බැංකුව අද කියයි"
"ශ්‍රී ලංකා මහ බැංකුව මේ වසරේ (2023) නවතම මුදල් ප්‍රතිපත්ති විවරණය අද (25දා) පෙරවරුවේ දැනුම් දීමට නියමිතව ඇති අතර එහිදී මහ බැංකුවේ පොලී අනුපාතික පිළිබඳ නවතම තීරණය ද ප්‍රකාශයට පත් කිරීමට නියමිතය. එම පොලී අනුපාත පවතින මට්ටමේම පවත්වාගෙන යනවා ද එසේ නැතිනම් වෙනසක් කරනවාද යන්න පිළිබඳව ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලයේ තීරණ...
"ශ්‍රී ලංකාවේ ණය ගැන ඉන්දියාව දුන් කැපවීම අයිඑම්එෆ් පිළිගනී"
"ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා ඉන්දියාව ලබා දුන් සහතිකය ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පිළිගෙන ඇති අතර අනෙකුත් ණය හිමියන්ගෙන් ද එවැනිම කැපවීම් බලාපොරොත්තුවෙන් සිටින බව අයිඑම්එෆ් ප්‍රකාශකයකු විදෙස් මාධ්‍යයට පවසා ඇත. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අනුග්‍රහය ලබන වැඩසටහන යටතේ ශ්‍රී ලංකාවේ රාජ්‍ය ණයවල තිරසාරභාවය යථා තත්ත්ව...
"වැටුපෙන් බදු අයකිරීමේ තීරණයට සංශෝධනයක් පෙබරවාරි වැටුපට පෙර ඉල්ලයි"
"මාසික වැටුප මත (ඉපැයීම් මත) බදු අයකිරීමට රජය ගෙන ඇති තීරණයේ යම් සංශෝධනයක් සිදු කිරීමට මුදල් අමාත්‍යාංශය එකඟ වී ඇතැයි ශ්‍රී ලංකා පරිපාලන සේවා සංගමය පවසයි. මෙම සංශෝධනය පෙබරවාරි වැටුප ලැබීමට පෙර ඉදිරිපත් කරන ලෙස මුදල් අමාත්‍යාංශ නිලධාරීන් සමග ශ්‍රී ලංකා පරිපාලන සේවා සංගමය කළ සාකච්ඡාවේදී දැනුම්දුන් බව එම සංගමයේ සභාපති පදු...
"කටුනායක ගුවන්තොටුපළේ ඉදිකිරීම් වෙනත් පාර්ශ්වයකට පැවරීමක් නෑ!"
"කටුනායක බණ්ඩාරනායක අන්තර්ජාතික ගුවන්තොටුපළේ දෙවැනි පර්යන්තයේ ඉදිකිරීමේ ව්‍යාපෘතිය ජපානයේ ජයිකා ආයතනය විසින් සිදුකිරීම රජයේ අපේක්ෂාව බවත් කිසිදු හේතුවක් නිසා වෙනත් පාර්ශ්වයක සහායක ලබාගැනීමට අපේක්ෂා නොකරන බවත් වරාය හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා ශ්‍රී ලංකාවේ ජපාන තානාපති මිසුකොෂි හිදෙකි මහතා වෙත ප්‍රක...
"විදේශ සේවා නියුක්ති කාර්යාංශයෙන් මහා භාණ්ඩාගාරයට බිලියන තුනක්"
"ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයෙන් මහා භාණ්ඩාගාරයට රුපියල් බිලියන 03 ක් ලබාදීමට අදාළ චෙක්පත කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා විසින් ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත නිල වශයෙන් භාර දෙනු ලැබීය. රටේ පවතින ආර්ථික තත්ත්වය සැලකිල්ල ගෙන අත්‍යවශ්‍ය ඖෂධ මිලදී ගැනීම, රාජ්‍ය සේ...
"විදේශ සේවා නියුක්ති කාර්යාංශයෙන් මහා භාණ්ඩාගාරයට බිලියන තුනක්"
"ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයෙන් මහා භාණ්ඩාගාරයට රුපියල් බිලියන 03 ක් ලබාදීමට අදාළ චෙක්පත කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා විසින් ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත නිල වශයෙන් භාර දෙනු ලැබීය. රටේ පවතින ආර්ථික තත්ත්වය සැලකිල්ල ගෙන අත්‍යවශ්‍ය ඖෂධ මිලදී ගැනීම, රාජ්‍ය සේ...
"පළාත් පාලන ආයතන ප්‍රධානීන් නිල වාහන සහ සම්පත් තාමත් පාවිච්චි කරනවා"
"සජබ මහ ලේකම්ගෙන් මැ. කො. සභාපතිට ලිපියක් පුංචි ඡන්දය සඳහා නාමයෝජනා භාරදී ඇති පළාත් පාලන ආයතනවල ප්‍රධානීන් නිල වාහන සහ සභාව සතු අනෙකුත් සම්පත් තවදුරටත් පරිහරණය කරන බව නිරීක්‍ෂණය වී ඇතැයි සමගි ජන බලවේගයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුමබණ්ඩාර මහතා මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයාට ලිපියක් මගින් දැනුම් දී තිබ...
"දේවානන්දාගේ කාර්යාලයට කොටි බෝම්බකාරිය ගෙනා කාන්තාවට මරණ දඬුවම"
"අත්හිටුවූ සිර දඬුවම් ඉවතට පොලිස් නිලධාරීන් දෙදෙනකු ඇතුළු සිවු දෙනකු මරණයට පත්කරමින් 2004 වසරේදී එවකට අමාත්‍යවරයකු ලෙස කටයුතු කළ ඩග්ලස් දේවානන්දා මහතාගේ කොල්ලුපිටියේ පිහිටි කාර්යාලයේ බෝම්බයක් පුපුරුවාගත් මරාගෙන මැරෙන එල්. ටී. ටී. ඊ. බෝම්බකාරිය එම කාර්යාලයට රැගෙන පැමිණියේ යැයි කියන සෙල්වකුමාර් සත්‍යලීලා හෙවත් සත්‍යා නමැ...
"මහජන උපයෝගිතා සභාපතිට හා විදුලිබල ලේකම්ට මානව හිමිකම් කොමිසමෙන් හදිසි කැඳවීමක්"
"උසස් පෙළ විභාග කාලසීමාවන් තුළදී විදුලිය ඇනහිටීම සම්බන්ධයෙන් කරුණු විමසීමට මහජන උපයෝගිතා කොමිසමේ සභාපතිවරයාට හා විදුලිබල අමාත්‍යාංශයේ ලේකම්වරයාට වහා පැමිණෙන ලෙසට මානව හිමිකම් කොමිසම මගින් ඊයේ (24 දා) දැනුම් දීමක් කර ඇත. සිද්ධියට අදාළව ඉදිරිපත් වූ පැමිණිලි කීපයක් කෙරෙහි අවධානය යොමු කරමින් මෙම කැඳවීම සිදු කර ඇත."
"පහර කා මියගිය සැකකරුගේ දරුවන්ට වන්දි ගෙවන්න – පොලිසියේ 6කට නියෝග – 4කට මිනීමැරුම් නඩුත් වැටේ"
"අත්අඩංගුවට ගත් 35 හැවිරිදි නීති විරෝධී මත්පැන් ජාවාරම්කරුවකු යැයි කියන පුද්ගලයකුට රබර් බටවලින් හා පොලු මුගුරුවලින් පහරදීමේ සිද්ධියකට එරෙහිව ගොනු කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සමක වගඋත්තරකරුවන් ලෙස නම් කොට තිබූ සූරියවැව පොලිසියට අනුයුක්තව සේවය කළ පොලිස් නිලධාරීන් හයදෙනකුට එකී පහරදීමෙන් මියගිය පුද්ගලයාගේ කුඩා දරුවන් ති...
"නිදහස් දින උතුරු පළාත් සභාව බුදුදහමට පමණක් මුල් තැන දීමට විරෝධය"
"ජාතික නිදහස් දින උළෙල නිමිත්තෙන් උතුරු පළාත් සභාව සිංහල බෞද්ධ වත් පිළිවෙත් හා සැරසිලිවලට පමණක් මුල්තැන දීම දැඩි අසාධාරණයක් බව යාපනයේ දෙමළ දේශපාලන පක්ෂ කීපයක් 22දා උතුරු පළාත් ආණ්ඩුකාර කාර්යාලය වෙත දැනුම් දී තිබේ. සිංහ ධජ හා බෞද්ධ කොඩි යොදාගෙන උතුරු පළාත් සභා කාර්යාලය හා ඒ අවට සැරසිලි සිදු කොට තිබීමත්, ජාතික නිදහස් දින...
"සක්විති ළඟ තැන්පත් කළ කෝටි 14 ක් ආපසු ගෙවන සැලැස්ම උසාවිය ඉල්ලයි"
"ශ්‍රී ලංකාවේ මහ බැංකුවේ නිසි අනුමැතියකින් තොරව සක්විති හවුස් ඇන්ඩ් කන්ට්‍රක්ෂන් ප්‍රයිවට් ලිමිටඩ් නමින් මූල්‍ය ආයතනයක් පිහිටුවා අධික පොලී ලබාදෙන බවට පොරොන්දු වී ගනුදෙනුකරුවන්ගෙන් තැන්පත්කරවා ගත් රුපියල් කෝටි 14 කට අධික මුදල විත්තිකාර සක්විති රණසිංහ හා ඔහුගේ බිරිඳ ඇතුළු අධ්‍යක්ෂවරුන් ආපසු ගෙවීමට එකඟ වී ඇති බැවින් ගෙවීම...
"පළාත් සභාවලට ඉඩම් – පොලිස් බලතල දීමට රජය එකඟ වෙයි"
"උතුරු නැගෙනහිරට සහ අනිකුත් පළාත්වලට පොලිස් සහ ඉඩම් බලතල ලබාදීමට රජය එකඟ වී ඇත. ද්‍රවිඩ සන්ධාන නායක ආර්. සම්බන්ධන් සහ එම්. සුමන්තිරන් යන මහත්වරුන් සමඟ පැවැති සාකච්ඡාවකදී රජය එම තීරණයට කැමැත්ත පළකර තිබේ. මේ අනුව සෑම පළාත් සභාවක් සඳහාම එක් නියෝජ්‍ය පොලිස්පතිවරයකු බැගින් නව දෙනෙක් පත්කෙරතෙි. කොළඹ නගරාසන්න සහ අවම පාලනයට තව...
"හොර පාරෙන් යුරෝපයට රිංගූ ශ්‍රී ලාංකිකයෝ 14 ක් හිරේ"
"ශ්‍රී ලංකාවේ සිට රියුනියන් දූපත ඔස්සේ ද්‍රවිඩ ජාතිකයන් යුරෝපයට යැවීමේ ජාවාරමේ ප්‍රධානියා වූ තයාකරන් මාරකන්ද්‍ර නමැත්තා ඇතුළු ශ්‍රී ලාංකිකයන් 14 දෙනකුට ප්‍රංශ අධිකරණය වසර 3 සිට 4 දක්වා සිර දඬුවම් නියම කර ඇත. මීගමුව – තෝප්පුව – හලාවත යන ප්‍රදේශවලින් මෙම පුද්ගලයන් විදේශගත කිරීමේ ජාවාරම ක්‍රියාත්මක කර තිබේ. තයාකරන් එක් ද්...
"කඩඉමක ඇරැඹුම……"
"මෙවර අපොස උසස් පෙළ විභාගයට පෙනී සිටින මහරගම ජනාධිපති විiාලයේ ශිෂ්‍යයන් තම මුල්ම ප්‍රශ්න පත්‍රයට පිළිතුරු ලිවීමෙන් පසුව විභාග ශාලාවෙන් පිටතට පැමිණ සාකච්ඡා කරන අයුරු මෙසේ ඡායාරූපයට ලක්විය. තුෂාර අතපත්තු"
"අද රටේ කොතැන ගියත් ජනතාව කියන්නේ මේ ක්‍රමය වෙනස් කළයුතු බවයි – අනුර කුමාර දිසානායක බියගමදී කියයි"
"ආණ්ඩුව ඡන්දය නොතියන්න කරන සියලු කුමන්ත්‍රණ පාර්ලිමේන්තුවේදීත්, අධිකරණයේදීත් මහපාරේදීත් පරාජය කරනවා. අධිකරණය තියෙන්නේ ජනතාවගේ මූලික අයිතීන් තහවුරු කරන්නයි. අධිකරණය කළ යුත්තේ ඡන්දය කල්දැමීම නොව ජනතාවගේ ඡන්ද ප්‍රකාශන අයිතිය රැකදීම යැයි ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා ප්‍රකාශ කළේය. ජාතික ජනබලවේගයේ බියගම ආසන ...
"රට මෙතැනින් ගොඩගන්න අඩුවෙන් නිවාඩු ගෙන වැඩියෙන් වැඩ කරමු – විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මොරවැව දී කියයි"
"පවතින තත්ත්වයෙන් රට ගොඩ ගැනීමට නම් පාලකයන් මෙන් ම ජනතාව ද අඩුවෙන් නිවාඩු අරගෙන වැඩියෙන් වැඩ කිරීමේ වැඩපිළිවෙළකට යොමු විය යුතු බවත් ඒ සඳහා පක්ෂයේ නායකයා ලෙස තමා ද ප්‍රායෝගිකව දායකත්වය ලබා දෙන බවත් එය වචනයට පමණක් සීමා නොකර මහපොළොවේ යථාර්ථයක් බවට පත් කිරීමට කටයුතු කරන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මොරවැව දී පැවසී...
"බදු ප්‍රතිපත්තියට එරෙහිව ජන හඬ"
"රජය මගින් අසාධාරණ ලෙස වැඩ කරන ජනතාව වෙත පැනවීමට ප්‍රයත්න දරන බදුවලට එරෙහිව වරාය වෘත්තීය සමිති ඒකාබද්ධ සංවිධානය ඊයේ (23 දා) දහවල් කොළඹ වරාය දොරටු අංක 3 ඉදිරිපිට පැවැත්වූ විරෝධතාවයට මහ පිරිසක් එක්ව සිටියහ. මේ එහි අවස්ථාවකි. පිංතූර – නිමල් දයාරත්න"
"රටේ ආර්ථිකය ගොඩගන්න ඇමරිකානු බෞද්ධ ප්‍රජාවගේ සහාය ගන්නවා"
"ශ්‍රී ලංකාවේ ආර්ථිකය ගොඩ නැඟීම සඳහා ඇමරිකාවේ වෙසෙන ශ්‍රී ලාංකිකයන්ගේ සහ එරට බෞද්ධ ප්‍රජාවගේ සහාය ලබා ගැනීමට කටයුතු කරන බව උතුරු ඇමරිකාවේ ප්‍රධාන අධිකරණ සංඝනායක, වොෂින්ටන් සරසවියේ බෞද්ධ අධ්‍යාපනය හා භාවනාව පිළිබඳ උපදේශක කටුගස්තොට උපරතන නායක හිමියෝ අවධාරණය කරති. පසුගියදා දිවයිනට වැඩම කළ උපරතන හිමිපාණන් වහන්සේ මේ බව කියා...
"දෙසැම්බරයේ උද්ධමනය සියයට 59.2ක්"
"ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව මගින් මාසිකව නිකුත් කරන ජාතික පාරිභෝගික මිල දර්ශකයට අනුව, 2022 දෙසැම්බර් මාසයේ උද්ධමනය 59.2%කි. 2022 නොවැම්බර් මාසයේදී 69.8% ක් ලෙස වාර්තා වූ ආහාර කාණ්ඩයේ වාර්ෂික උද්ධමනය 2022 දෙසැම්බර් මාසයේදී 59.3%ක් දක්වා අඩු වී ඇත. ආහාර නොවන කාණ්ඩයේ වාර්ෂික උද්ධමනය ද 2022 නොවැම්බර් මාසයේදී 60.4...
"සිරගෙදර 5ක් උසස් පෙළ ලියති"
"වැලිකඩ බන්ධනාගාරයේ රඳවා සිටින රැඳවියන් සිව් දෙනකු නව මැගසින් බන්ධනාගාරයේ ස්ථාපිත කෙරුණු විශේෂ විභාග මධ්‍යස්ථානයකදී ඊයේ (23 වැනිදා) අපොස උසස් පෙළ විභාගයට පෙනී සිට තිබේ. මේ අතරින් එක් රැඳවියකු මරණීය දණ්ඩනය හිමි වූ අයකු වන අතර ඔවුන් සිව් දෙනා කලා විෂය ධාරාව යටතේ විභාගයට පෙනී සිටි බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක කොමසාරිස් චන...
"මෛත්‍රීගේ ඇපෑල විභාගයට පූර්ණ විනිසුරු මඬුල්ලක් ඉල්ලයි"
"පාස්කු ප්‍රහාර මාලාව වළක්වා නොගැනීමට එරෙහිව කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ ගොනුකර ඇති පෞද්ගලික නඩුව අභියෝගයට ලක්කරමින් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ගොනුකර ඇති අභියාචනාව විභාග කිරීම සඳහා පූර්ණ විනිසුරු මඬුල්ලක් පත්කරන ලෙස සිරිල් ගාමිණී ප්‍රනාන්දු පියතුමා වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ ජනාධිපති නීතිඥ රියෙන්සි අ...
"දේශපාලන ඇඟිලිගැසීම් නිසා පාපන්දුවට ජාත්‍යන්තර තහංචියක් වැටුණා – ක්‍රීඩා අමාත්‍යාංශ ලේකම්"
"ශ්‍රී ලංකාවේ ජනප්‍රිය ජාත්‍යන්තර ක්‍රීඩාවලට දේශපාලන ඇඟිලිගැසීම් හේතුවෙන් පාපන්දු ක්‍රීඩාවට ජාත්‍යන්තර තහනමක් වැටුණු බව ක්‍රීඩා අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛi අමල් හර්ෂ ද සිල්වා මහතා ‘දිවයින’ට ඊයේ (23 දා) පැවසීය. ජාත්‍යන්තර වශයෙන් අපේ ක්‍රීඩා කණ්ඩායම් කැපිලිවලට ලක්වන අවස්ථාවල ඔවුන් බේරා ගැනීමට තමා උත්සාහ කළ ද ඒ සෑම ප්‍ර...
"රාජ්‍ය සේවක වැටුප නියමිත දිනම: – විධායක නිලධාරීන්ගේ වැටුප දිනකට පසුව"
"රාජ්‍ය සේවක වැටුප් සඳහා වැය වන රුපියල් බිලියන 93ක මුදලින් රුපියල් බිලියන 87ක් දැනටමත් වැටුප් ගෙවීම සඳහා වෙන් කර ඇතැයි මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි. අමාත්‍යවරයා කියා සිටින්නේ ඒ අනුව රාජ්‍ය සේවක වැටුප ජනවාරි 25 වැනිදා නියමිත පරිදි ගෙවීමට හැකි බවයි. විධායක නිලධාරීන්ගේ වැටුප ද එදිනම හෝ දිනක ප්...
"රුපියල උඩ යයි"
"මේ වසරේ (2023) මුල සිට ජනවාරි 20 වැනිදා දක්වා කාලය තුළ ශ්‍රී ලංකා රුපියල ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව සියයට 0.3 කින් අතිප්‍රමාණය වී ඇත. ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කළ නවතම වර්තාවක මේ බව දැක්වේ. අනෙකුත් විදේශ ව්‍යවහාර මුදල් ඒකකවල හැසිරීම පිළිබිඹු කරමින් මෙම කාලපරිච්ඡේදය තුළ ශ්‍රී ලංකා රුපියල, යුරෝවලට සාපේක්ෂව සියයට 1.5කින...
"ඖෂධ හිඟයට විසඳුම් නොදී රජය ජීවිත අනතුරේ දාලා"
"ඖෂධ හිඟයට, උපකරණ හිඟයට සහ ඖෂධ මිල පාලනයට පියවර නොගෙන රජය ජනතාවගේ සෞඛ්‍ය අනතුරේ හෙළන බව කියමින් ලෝක සෞඛ්‍ය සංවිධානය වෙත ලිපියක් යැවීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය තීරණය කර ඇත. මේ පිළිබඳව මහජන පෙත්සමකට අත්සන් ගැනීම ඊයේ (23 දා) සිට ආරම්භ කළ බවත්, ලෝක සෞඛ්‍ය සංවිධානය වෙත අදාළ ලිපිය මෙම සතියේ යැවීමට කටයුතු කරන බවත් එම සං...
"පුංචි ඡන්දයේ නිල ඡන්ද පත්‍රිකා මුද්‍රණය මේ සතියේ සිට"
"පළාත් පාලන මැතිවරණයට අදාළ නිල ඡන්ද පත්‍රිකා මුද්‍රණය කිරීම මෙම සතියේ අග සිට ආරම්භ කරන බව මැතිවරණ කොමිසමේ නිලධාරියෙක් පැවසීය. මේ වන විට සෑම තේරීම්භාර නිලධාරි කාර්යාලයකම නාම යෝජනා පත්‍ර අධීක්‍ෂණය සිදුවන බව ද හෙතෙම කීය. එම කටයුතු කඩිනමින් අවසන් කර මුද්‍රණ කටයුතු සඳහා යොමු කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස මැතිවරණ කොමිසම සියල...
"ඡන්දය මාර්තු 09 – නාම යෝජනා 100කට වැඩිය අහකට"
"පළාත් පාලන මැතිවරණය ලබන මාර්තු මස 09 වැනිදා පැවැත්වීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කළේය. පළාත් පාලන ආයතන 340ක් සඳහා තරඟ කරන දේශපාලන පක්‍ෂ හා ස්වාධීන කණ්ඩායම්වලින් නාමයෝජනා පත්‍ර භාර ගැනීම පෙරේදා මධ්‍යහ්න 12.00ට අවසන් වූ… අතර ඉන් පසුව පිළිගත් හා ප්‍රතික්‍ෂේප වූ… කණ්ඩායම් දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරීන් විසින් ප්‍රකාශයට...
"කුරුණෑගල නගරාධිපති ධුරයෙන් ඉවතට – වයඹ ආණ්ඩුකාරගෙන් අතිවිශේෂ ගැසට් නිවේදනයක්"
"කුරුණෑගල නගරාධිපති තුෂාර සංජීව විතාරණ මහතා එම ධුරයෙන් ඉවත් කර ඇත. ඔහු ඉවත්කර ඇත්තේ වයඹ පළාත් ආණ්ඩුකාර විශ්‍රාමික අද්මිරාල් වසන්ත කරන්නාගොඩ මහතා විසින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරමිනි. කුරුණෑගල නගරාධිපතිවරයා විසින් 2023 වර්ෂයට අදාළව ඉදිරිපත් කරන ලද අයවැය ලේඛනය සම්මත නොකිරීම සහ 2020 වසරේ මහ නගර සභා අයවැය සම්පාදනය...
"ඡන්දයක් ප්‍රකාශ කර තිබියදී රාජ්‍ය සේවක මාරුවීම් බැහැ – මැ.කො. සභාපති"
"පළාත් පාලන මැතිවරණය ප්‍රකාශයට පත්කර තිබෙන නිසා රාජ්‍ය සේවයේ සේවා අවශ්‍යතා ලෙස සලකා ස්ථාන මාරුවීම් සිදුකිරීමට නොහැකි බව මැතිවරණ කොමිසමේ සභාපති නිමල් ජී. පුංචිහේවා මහතා පැවසීය. පළාත් පාලන මැතිවරණය මාර්තු 9 වැනිදා පැවැත්වීමට දින නියම කර ඇත. මැතිවරණය පැවැත්වීමට අදාළ කාලසීමාව තුළ රාජ්‍ය සේවයේ ස්ථාන මාරුවීම් කළ යුතු නම් ඒ ස...
"චීනයෙත් මනාපය!"
"ණය බරින් පීඩා විඳින ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලින් ලැබීමට නියමිත ඇමෙරිකානු ඩොලර් බිලියන 2.9 ක ණය මුදල ලබා ගැනීම සඳහා අවශ්‍ය මූල්‍ය සහතික ලබා දෙන බව නිල වශයෙන් ඉන්දියාව ප්‍රකාශ කර දින කිහිපයක් තුළ චීනයද මූල්‍ය සහතික ලබා දෙන බව ප්‍රකාශයට පත් කර ඇතැයි එන්.ඩී.ටී.වී පුවත් සේවය වාර්තා කර ඇත. ශ්‍රී ලංකාවේ ණය ආපසු ග...
"උ.පෙළ විභාගයට සියල්ල ලෑස්තියි – පැය තුනේ ප්‍රශ්න පත්‍රයට අමතර විනාඩි 10ක්"
"අද (23 දා) ආරම්භ වන උසස් පෙළ විභාගය සඳහා සියල්ල සූදානම් කර ඇතැයි ද පැය 03 ක ප්‍රශ්න පත්‍රවලට පිළිතුරු ලිවීමේදී අමතර විනාඩි 10 ක් ලබාදීමට කටයුතු කරන බව ද විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා පැවසීය. මධ්‍යස්ථාන 2200 කදී විභාගය පැවැත්වෙන අතර ඊයේ (22 දා) වනවිට විභාග සම්බන්ධීකරණ මධ්‍යස්ථාන සඳහා ප්‍රශ්න පත්‍ර ඇතුළු ලි...
"උසස් පෙළ විභාගය කාලයේ අඛණ්ඩව විදුලිය දීම ආණ්ඩුවේ යුතුකමක්"
"උසස් පෙළ විභාගය පැවැත්වෙන කාලසිමාව තුළ විදුලිය ලබාදීම රජයක යුතුකමක් යැයි මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා ‘දිවයින’ ට ඊයේ (22 දා) පැවසීය. අඛණ්ඩව විදුලිය ලබාදීමට නම් විදුලි බිල වැඩිකළ යුතු බව ඇමැතිවරයා ප්‍රකාශ කළත් ඒ සඳහා මේ අවස්ථාවේ ඉඩ ලබාදිය නොහැකි බව ද රත්නායක මහතා කීය. මෙම තත්ත්වය හමුවේ උසස් පෙළ කාලසීමා...
"හතර පස්දෙනකුගේ බිත්තර මාෆියාවට ඉඩ දෙන්න බැහැ"
"හතර පස්දෙනකුගේ බිත්තර මාෆියාවට ඉඩ නොතබා බිලියන 22 ක් වූ පාරිභෝගිකයන් ආරක්‍ෂා කිරීමට කටයුතු කළ යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් ලන්සා මහතා විසින් පාර්ලිමේන්තුවේ පැවැති කෝප් කමිටු රැස්වීමේදී පෙන්වා දී තිබේ. එහිදී මන්ත්‍රීවරයා පහත කරුණු ද අවධාරණය කළේය. ‘පාරිභෝගික කටයුතු අධිකාරිය, පාරිභෝගිකයන් පිළිබඳ අවධානය යොමු කරමින්...
"පක්ෂ ලේකම්වරුන් හෙට මැතිවරණ කොමිසමට කැඳවයි"
"මැතිවරණයට තරග වදින සියලු දේශපාලන පක්ෂ ලේකම්වරුන් හෙට (24 දා) පෙරවරුවේ මැතිවරණ කොමිෂන් සභාව විසින් කැඳවා තිබේ. නාමයෝජනා භාර ගැනීමෙන් පසුව මැතිවරණ කොමිසම දේශපාලන පක්ෂ හමුවන ප්‍රථම අවස්ථාව මෙය වෙයි. මැතිවරණ කටයුතුවලදී දැනට බලපා ඇති කරුණු පිළිබඳව මෙහිදී සාකච්ඡා කිරීමට නියමිත බව වාර්තා වෙයි.රනිල් ධර්මසේන"
"සජබයෙන් ඡන්ද රැස්වීම් පන්දහසක්"
"පළාත් පාලන මැතිවරණයට අදාළව සමගි ජන බලවේගය ඡන්ද රැස්වීම් පන්දහසක් පවත්වන බව සමගි ජන බලවේගය මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර මහතා පවසයි. මෙවර පුංචි ඡන්දයට තම පක්‍ෂයෙන් 100% ක් සාර්ථකව නාමයෝජනා ඉදිරිපත් කළ බවද සජබ මහ ලේකම්වරයා කියා සිටියේය.අකිත පෙරේරා"
"ගුජරාට් ගැටුම පිළිබඳ බීබීසී චිත්‍රපටය ඉන්දියාව වාරණය කරයි"
"2002 වසරේ විශාල ජන සංහාරයක් සිදු වූ ගුජරාට් කෝලාහලය සම්බන්ධයෙන් බි්‍රතාන්‍ය ගුවන්විදුලිය මගින් නිර්මාණය කරන ලද වාර්තා චිත්‍රපටය වාරණය කිරීමට ඉන්දීය රජය පියවර ගෙන තිබේ. එවකට ගුජරාට් මහ ඇමැතිවරයා ලෙස කටයුතු කළ මෝදිගේ ක්‍රියාකලාපය ප්‍රශ්න කරන මෙම වාර්තා චිත්‍රපටය බෙදා හැරීම අවහිර කරන ලෙස ඉන්දීය රජය ට්විටර් සහ යූ ටියුබ් ව...
"ගුජරාට් ගැටුම පිළිබඳ බීබීසී චිත්‍රපටය ඉන්දියාව වාරණය කරයි"
"2002 වසරේ විශාල ජන සංහාරයක් සිදු වූ ගුජරාට් කෝලාහලය සම්බන්ධයෙන් බි්‍රතාන්‍ය ගුවන්විදුලිය මගින් නිර්මාණය කරන ලද වාර්තා චිත්‍රපටය වාරණය කිරීමට ඉන්දීය රජය පියවර ගෙන තිබේ. එවකට ගුජරාට් මහ ඇමැතිවරයා ලෙස කටයුතු කළ මෝදිගේ ක්‍රියාකලාපය ප්‍රශ්න කරන මෙම වාර්තා චිත්‍රපටය බෙදා හැරීම අවහිර කරන ලෙස ඉන්දීය රජය ට්විටර් සහ යූ ටියුබ් ව...
"නගරාධිපති ධුරයෙන් නෙරපීම ගැන අද රටට කරුණු කියනවා – නඩු යනවාද සලකා බලනවා – කුරුණෑගල නගරාධිපති"
"නගරාධිපති ධුරයෙන් ඉවත් කිරීම පිළිබඳ අද (23 දා) මධ්‍ය හමුවක් පවත්වමින් රටට කරුණු කියන බව කුරුණෑගල නගරාධිපති තුෂාර සංජීව විතාරණ මහතා ‘දිවයින’ ට පැවසීය. තමා ඉවත් කළ බවට දැනගන්නට ලැබුණු බවත් එයට එරෙහිව අධිකරණමය ක්‍රියාමාර්ගයකට යනවාද යන්න සලකා බලමින් සිටින බව ද ඒ මහතා කීය. කුරුණෑගල නගරාධිපතිවරයා ලෙස තමා නගර සභා සීමාවේ වැසි...
"රටේ ප්‍රධාන පක්ෂ දෙක තුන රටේ ධනය කොල්ලකෑම වහා නතර කළ යුතුයි – ජවිපෙ නායක අනුර කුමාර දිසානායක"
"දේශාපාලන හොරු රැළක් ප්‍රධාන පක්ෂ දෙක තුනකට බෙදී රටේ ධනය මංකොල්ලකෑම වහා නතර කළ යුතුව ඇති බව ජාතික ජන බලවේගයේ සහ ජනතා විමුක්ති පෙරෙමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා සඳහන් කළේය. රටත් ජනතාවත් විනාශය කරා ගෙන ගොස් ඇති හොරුන්ට දඬුවම් දෙන වෙනස සිදුකළ හැක්කේ ජාතික ජන බලවේගයට පමණක් බවත් කී හෙතෙම ඔවුන්ට දඬුවම් දෙනවා විතරක් නොව ...
"උපයෝගිතා කොමිසමේ සභාපතිගේ වැඩ තනි මතයට – කංචනගෙන් ජනපතිට පැමිණිලි"
"මහජන උපයෝගිතා කොමිසම තනි පුද්ගලයකුගේ මතයට ක්‍රියාකරන බවත් ඒ සඳහා සොයා බලා අවශ්‍ය නීතිමය පියවර ගන්නා ලෙසත් විදුලිබල හා බලශක්ති ඇමැති කංචන විජේසේකර මහතා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගෙන් ඉල්ලීමක් කර ඇත. සභාපතිවරයා සමග සාමාජිකයන් සිව්දෙනකු කොමිසමේ සිටින බවත් සභාපතිවරයා අනෙක් නිලධාරීන්ගෙන් විමසීමක් නොකර තනි මතයට කටයුතු ...
"ඉදිරියටත් ශීතලයි – කාලගුණේ කියයි"
"දිවයිනේ ප්‍රදේශ කිහිපයකට බලපා ඇති අධික ශීත කාලගුණික තත්ත්වය ඉදිරි දිනවලදීත් පවතින බව කාලගුණ විiා දෙපාර්තමේන්තුව පවසයි. බොහෝ ප්‍රදේශවල අහස වළාකුළින් බරව පැවතීම නිසා මෙම තත්ත්වය ඇතිව තිබෙන බවත් එම දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයෙක් පැවසීය. ඌව සහ නැඟෙනහිර පළාත්වලත් හම්බන්තොට හා පොලොන්නරුව දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගි...
"ණය ප්‍රතිව්‍යුහගතකරණයට චීන එකඟතාව"
"අපේ ප්‍රධාන ණයකරුවා චීනය ඉතා ඉක්මනින් ශ්‍රී ලංකා වරාය ප්‍රතිව්‍යුහගතකරණය සම්බන්ධයෙන් ඔවුන්ගේ එකඟතාව ලබාදෙනු ඇතැයි අපේක්ෂා කරන බව මුදල් රාජ්‍ය ඇමැති රංජිත් සියඹලාපිටිය මහතා පවසයි. දැනට එම සාකච්ඡා අවසන් අදියරේ පවතී. ඒ අනුව නුදුරේ දී මූල්‍ය අරමුදලේ ගිවිසුමට යන්න ශ්‍රී ලංකාවට හැකිවනු ඇති බව ද ඔහු සඳහන් කරයි. ඉන්දියාව ණය ප...
"කෝටි 100 හලලා ටර්බයිනයට පැනලා!"
"කැලණි තිස්ස ජී.ටි -1 කුඩා ජෙනරේටර් හයක් අලුත්වැඩියා කිරීමට රුපියල් කෝටි සියයකට ආසන්න මුදලක් වැය කර තිබිය දී එය නවතා තවත් රුපියල් කෝටි 4500ක් වැයකර ගෑස් ටර්බයින් බලාගාරයක (මෙගාවොට් 105) ඉදිකිරීමට කැබිනට් මණ්ඩලය අනුමැතිය ලබාගෙන තිබේ. මෙගාවොට් 105ක් නිපදවිය හැකි ජී. ටී -1 කුඩා ජෙනරේටර් හය අලුත්වැඩියා කිරීම සඳහා අවශ්‍ය කො...
"පළාත් පොලිසියක් ටීඑන්ඒ ඉල්ලයි"
"පළාත් පොලිස් සේවාවක් ස්ථාපිත කිරීමට වහාම ක්‍රියාකරන ලෙස සහ තවත් ඉල්ලීම් පහක් ඉටුකරන ලෙසත් ද්‍රවිඩ සන්ධානය රජය වෙත තව කරුණු ඉදිරිපත් කරමින් ඉල්ලා ඇත. ද්‍රවිඩ සන්ධාන නායක ආර්. සම්බන්දන් මහතාගේ නිවසේ පැවති සාකච්ඡාවේදී මෙම නව ඉල්ලීම් ප්‍රකාශයට පත් වී තිබේ. ජාතික ප්‍රවාහන කොමිසම් පනත, කෘෂිකාර්මික පනත, දිවි නැගුම පනත යන පනත...
"කැනඩාවෙන් තවත් ප්‍රහාරයක්!"
"කැනඩා අගමැති ජස්ටින් ටෘඩෝ මෙම ජනවාරි මාසය ද්‍රවිඩ උරුමයට හිමිකම් ඇති මාසය ලෙස නම් කර ඇත. මෙතෙක් කැනඩාව ද්‍රවිඩ උරුමය ගැන ප්‍රකාශ කර නොතිබිණි. කැනඩා අගමැතිවරයා මෙම නම් කිරීමට පෙර කැනඩාවේ කොටි ඩයස්පොරාව උතුරු නැගෙනහිර 2/3ක ප්‍රදේශය ද්‍රවිඩ උරුමය බවට ප්‍රකාශ කර තිබිණි. කැනඩා අගමැතිගේ මෙම තීරණය නිසා උතුරු නැගෙනහිර ද්‍රවිඩ...