Title
stringlengths
9
246
Content
stringlengths
3
62.9k
"ජාතික පාසල්වල උ.පෙළ පන්තිවලට යන්න අමාත්‍යාංශයෙන් ලියුම් නෑ"
"සාමාන්‍ය පෙළ සමත් සිසුන් විෂය ධාරා අනුව ජාතික පාසල්වල උසස් පෙළ පන්තිවලට ඇතුළත් කිරීම සඳහා ලිපි නිකුත් නොකරන බව අධ්‍යාපන අමාත්‍යාංශය ඊයේ (16දා) දැනුම්දී ඇත. මේ සඳහා අවශ්‍ය පියවර ගැනීමට චක්‍රලේඛයක් මගින් පාසල්වලට අවසර ලබාදී ඇත. තමන් පදිංචි ප්‍රදේශය තුළ අදාළ විෂය ධාරාව ඇති පාසලක් ලබාගැනීමට එම ප්‍රදේශයේ කලාප අධ්‍යාපන අධ්‍...
"මෙරට ණය අර්බුදය විසඳා ගන්න ඉන්දියාවෙන් සුබවාදී ප්‍රතිචාර"
"ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගතකරණය පිළිබඳව ඉන්දීය රජය විසින් සුබවාදී ප්‍රතිචාරයක් දක්වනු ඇති බව හින්දු පුවත්පත අනාවරණය කර තිබේ. අනිද්දා (19දා) මෙරටට පැමිණෙන ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස්. ජයිශංකර් මහතා මේ පිළිබඳව රජය දැනුවත් කරනු ඇත. ඉන්දීය විදේශ ඇමැතිවරයාගේ දෙදින නිල සංචාරයේදී බලශක්ති සුරක්ෂිතතාව, ආහාර සුරක්ෂිතතාව,...
"විදුලි බිල වැඩියි – මනු කියවන්නා ගුටිකයි – රෝහල්ගත කිරීමට නොදී පාරත් වහලා"
"මහකුඹුක්කඩවල ගල්කුලිය විහාරස්ථානය ආසන්නයේ නිවෙස්වල විදුලි බිල නිකුත් කරමින් සිටි මනු කියවන්නකු නිකුත් කළ විදුලි බිල වැඩි වී ඇති බව පවසමින් ඔහුට පොලු මුගුරුවලින් අමානුෂික ලෙස පහර දුන් පුද්ගලයකු මහකුඹුක්කඩවල පොලිසිය මගින් ඊයේ (15 දා) අලුයම අත්අඩංගුවට ගෙන තිබේ. මෙසේ පහරකෑමට ලක්ව ඇත්තේ හලාවත විදුලි ඉංජිනේරු කාර්යාලට අනුයු...
"චීන – ඉන්දියා තීරණය තීරණාත්මකයි – ණය ගැටලුව විසඳා ගන්න IMF චීනය සමග සාකච්ඡා කරයි"
"ශ්‍රී ලංකාවේ ණය අර්බුදය නිරාකරණය කර ගැනීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල චීන මුදල් අමාත්‍යාංශය චීන මහජන බැංකුව, චීන සංවර්ධන බැංකුව හා චීන එක්සීම් බැංකුව සමග සාකච්ඡා පවත්වා ඇත. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකාර අධ්‍යක්‍ෂ ක්‍රිස්ටලිනා ජොර්ජිවා මේ බව ප්‍රකාශ කර ඇත්තේ වොෂින්ටනයේදී වාර්තාකරුවන් අමතාය. වැඩ්, සැම්බියා, ශ්‍රී...
"පිටකොටුවෙ බෝගහ ළඟ ටින් එකක් හොල්ල හොල්ලා ඉන්නද – කෝටි 10ක් වන්දි ගෙවන්න මට වත්කමක් නෑ"
"පාස්කු සිද්ධියට මට රුපියල් කෝටි 10 ක් ගෙවන්න කිව්වට මට ඒ මුදල ගෙවන්න වත්කමක් නෑ. ඒනිසා එම වන්දි ගෙවන්න මුදල් හොයන්න මම පිටකොටුවෙ බෝගහ ළඟ ටින් එකක් හොල්ල හොල්ලා ඉන්නදැයි හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන නිට්ටඹුවේදී විමසීය. ජනාධිපතිවරයා විසින් පත් කරන ලද නිලධාරීන් යම් වැරැද්දක් කළොත් එයට ජනාධිපතිවරයාද වගකිව යුතුයි කියා...
"ගොඩ එන්න එකම මඟ IMF පමණයි – ජනපති කියයි"
"ශ්‍රී ලංකාව චිනයෙන් හා ඉන්දියාවෙන් ලබාගත් ණය ප්‍රතිව්‍යුහගත කර ගැනීමට දරන උත්සාහය කිසිසේත් අතහැර නැති බවත් චීනයේ එක්සිම් බැංකුව හා පැවැති සාකච්ඡාවලින් පසු ඔවුන් සමග අදහස් හුවමාරු කර ගැනීම දැන් සිදුවන බවත් ඉන්දීය විදේශ ඇමැතිවරයා ලබන 19 දා මෙහි පැමිණීමෙන් පසු ඔහුත් සමඟ සිදු කරන ණය ප්‍රතිව්‍යුහගත කිරීම ගැන තවදුරටත් සාකච්...
""මොනරාගල එස්එස්පී ගේ නිවසේ හැම්පර් 18ක්, විදෙස් මත්පැන් බෝතල් 38ක්""
"ගංජා ළඟ තබාගැනීම, නිධන් සෙවීමට අනුබල දීම ඇතුළු විෂමාචාර ක්‍රියා සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව මගින් අත්අඩංගුවටගෙන ඉකුත් 13දා සවස මොනරාගල දිසා විනිසුරු සහ මහෙස්ත්‍රාත් ඒ. එල්. සජිනී අමරවික්‍රම මහත්මිය හමුවට ඉදිරිපත් කරන ලද මොනරාගල වැඩබලන ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී එම්. බී. එස්. එස් සිසිල කුමාර, ඇතිමලේ පොලිස් ස...
"දෙදින සංචාරයකට ඉන්දීය විදේශ ඇමැති දිවයිනට – ණය ගැනත් කතා"
"ඉන්දීය විදේශ කටයුතු ඇමැති එස්. ජයිෂන්කර් මහතා ලබන බ්‍රහස්පතින්දා (19 දා) දෙදින නිල සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය. ජනපති රනිල් වික්‍රමසිංහ මහතා පසුගිය ජූලි මාසයේ ජනපති ධුරයට පත්වීමෙන් පසුව ඉන්දීය විදේශ ඇමැතිවරයකු ලංකාවට පැමිණෙන පළමු වතාව මෙය වේ. ණය අර්බුදය ගැන සාකච්ඡා කිරීම සඳහා ඉන්දීය විදේ ඇමැතිවරයා ලංකා...
"ඡන්ද වැඩට පොලිසියට සතයක්වත් ණය නෑ – මැ. කො. සභාපති"
"මැතිවරණ රාජකාරි වෙනුවෙන් පොලිස් දෙපාර්තමේන්තුවට සතයක්වත් ගෙවීමට නැතැයි මැතිවරණ කොමිසමේ සභාපති නිමල් ඩී. පුංචිහේවා මහතා ‘දිවයින’ ට පැවසීය. මැතිවරණ සඳහා සහාය දැක්වූ පොලිස් දෙපාර්තමේන්තුවට මුදල් ගෙවීමට ඇති නිසා මැතිවරණ රාජකාරිවලට පොලිසියට සහාය ලබා දිය නොහැකි බව මැතිවරණ කොමිසම පොලිස්පතිවරයා සමඟ සාකච්ඡාවේදී පොලිස්පතිවරයා ප...
"ඡන්ද වැඩට පොලිසියට සතයක්වත් ණය නෑ – මැ. කො. සභාපති"
"මැතිවරණ රාජකාරි වෙනුවෙන් පොලිස් දෙපාර්තමේන්තුවට සතයක්වත් ගෙවීමට නැතැයි මැතිවරණ කොමිසමේ සභාපති නිමල් ඩී. පුංචිහේවා මහතා ‘දිවයින’ ට පැවසීය. මැතිවරණ සඳහා සහාය දැක්වූ පොලිස් දෙපාර්තමේන්තුවට මුදල් ගෙවීමට ඇති නිසා මැතිවරණ රාජකාරිවලට පොලිසියට සහාය ලබා දිය නොහැකි බව මැතිවරණ කොමිසම පොලිස්පතිවරයා සමඟ සාකච්ඡාවේදී පොලිස්පතිවරයා ප...
"ගමන් කරන විනාශකාරීත්වයෙන් රට ගොඩගන්නවා – රට අලුත් දිශාවකට යොමු කරනවා"
"ජවිපෙ නායක අනුර කුමාර දිසානායක හොරොව්පොතානේදී කියයි “මේ රටේ පැරණි වැව් ප්‍රතිසංස්කරණය කරලා ගුණාත්මකව වතුර ටික දීමේ සැලැස්ම හදනවා. ඒ විතරක් නෙවෙයි ගොවියාට කම්පා නොවන ශක්තිමත් ආර්ථිකයක් හදනවා” යැයි ජාතික ජන බලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා පැවසීය. දීර්ග කාලයක සිට රට ගමන් කරමින් තිබෙන විනාශකාරී...
"සිරදඬුවම් නියම වූ ප්‍රකට විද්‍යාඥයා මුදා ගන්න වෛද්‍ය විද්‍යා පර්යේෂකයෝ පෙරට එතිජේ. එම්. පී. ජයමහ"
"සිරදඬුවමකට යටත්ව මේ වන විට බන්ධනාගාරගත කර සිටින ප්‍රකට ශ්‍රී ලාංකික විද්‍යාඥයකු වන ජේ. එම්. පී. ජයමහ මහතාට ජනාධිපති සමාවක් ලබා ගැනීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමඟ සාකච්ඡා කිරීමට ඇමරිකාවේ සහ කැනඩාවේ වෙසෙන ශ්‍රී ලාංකික වෛද්‍ය විද්‍යා පර්යේෂකයන් පිරිසක් තීරණය කර තිබේ. බටහිර ඖෂධ රැසක හා කොරෝනා එන්නතක ද නිර්මාතෘ...
"හොර ස්ටිකර් සොයා රට පුරාම සුරාබදු වැටලීම්"
"ව්‍යාජ ස්ටිකර් අලවා දිවයින පුරා මත්පැන් අලෙවිකරන බවට ලද තොරතුරු මත සුරාබදු දෙපාර්තමේන්තුව වැටලීම් කටයුතු ආරම්භ කර ඇත. මේ සඳහා විශේෂ වැටලීම් කණ්ඩායම් යොදවා ඇතැයි සුරාබදු දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශක සුරාබදු කොමසාරිස් (ආදායම්/මෙහෙයුම්) කපිල කුමාරසිංහ මහතා පැවසීය. තඹුත්තේගම, තලාව, ගොළුබෑව සහ කහටගස්දිගිලිය යන ප්‍රදේශවල...
"සංචාරයට හොඳම රටවල් 24 අතර පළමු තැන ලංකාවට"
"ට්‍රැවල් ට්‍රෑන්ගල් නම් සංචාරක වෙබ් අඩවියට අනුව 2023 වසරේ සංචාරය කිරීමට හොඳම රටවල් 24 අතර ශ්‍රී ලංකාව පළමු ස්ථානයට පත්ව ඇත. එම වෙබ් අඩවියට අනුව රන්වන් වෙරළ, වන සතුන්ගෙන් පොහොසත් කැලෑ, පෙරළෙන තේ වතු සහ මීදුමෙන් වැසී ගිය කඳු ශ්‍රී ලංකාව සංචාරය කිරීමට හොඳම ආසියාතික රටවලින් එකක් බවට පත්ව තිබේ. “මෙම දූපතේ සුන්දරත්වය සහ භෞත...
"රට ගොඩ නැගිය හැක්කේ කාටද කියා ජනතාව කල්පනාකාරී විය යුතුයි"
"මේ මොහොතේ රටේ තිබෙන බරපතළම ප්‍රශ්නය වන්නේ මුදල් නැතිකම බවත් රටේ ජනතාව කල්පනා කළ යුත්තේ රටට මුදල් සහ විදේශ විනිමය ගෙන ආ හැකි කණ්ඩායම සිටින්නේ කොහෙද කියා බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව පවසා සිටියේ ඉකුත් 14 වැනිදා මහරගම ආසන බල මණ්ඩලයේ සමගි ජනබලවේග කාර්යාලය විවෘත කිරීම...
"නොරොච්චෝලෙට ගල්අඟුරු එයි: නැවතුණු යන්ත්‍රයටත් පණ ලැබේ"
"නොරොච්චෝල බලාගාරයට අවශ්‍ය ගල්අඟුරු තොග ලැබීම නිසා නවතා තිබෙන දෙවැනි යන්ත්‍රය ද ලබන බ්‍රහස්පතින්දා (19 දා) පමණ වනවිට යළි ක්‍රියාත්මක කිරීමට බලාගාර ඉංජිනේරුවෝ කටයුතු කරගෙන යති. මේ මාසයට අදාළව ගල්අඟුරු නැව් 03 ක් පැමිණ තිබෙන බවත් තවත් ගල්අඟුරු නැව් 03 ක් මේ මාසය ඇතුළත පැමිණීමට නියමිත බවත් එම බලාගාරයේ සභාපති ෂෙහාන් සුමනසේ...
"ජනපති යාපනය ශ්‍රී නාග විහාරයේ ආගමික වතාවත්වල"
"යාපනය රදගුරු හිමි ප්‍රමුඛ ආගමික නායකයන් කිහිපදෙනෙකුද බැහැදැක ආශිර්වාද ලබාගනී තෛපොංගල් රාජ්‍ය උත්සවයට සහභාගි වීම සඳහා යාපනයට ගොස් සිටින ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (15 දා) පෙරවරුවේ යාපනය ශ්‍රී නාග විහාරය වෙත ගොස් මහා සංඝරත්නය බැහැදැක ආගමිකවතාවත්වල නිරතව ආශිර්වාද ලබා ගත්තේය. පුදබිම වෙත ගිය ජනාධිපතිවරයා පළමුව බුද...
"වන්දි නොගෙව්වොත් මෛත්‍රීලාගේ වත්කම් තහනම්"
"ජ්‍යෙෂ්ඨ නීතිඥ ගාමිණී පෙරේරා පාස්කු ප්‍රහාරය වළක්වා ගැනීමට අපොහොසත් වීම සහ රාජකාරි පැහැරහැරි බවට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තීන්දු කර වන්දි ගෙවන ලෙස නියෝග කරනු ලැබූ හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන, හේමසිරි ප්‍රනාන්දු, පූජිත් ජයසුන්දර, සිසිර මෙන්ඩිස්, නිලන්ත ජයවර්ධන යන වගඋත්තරකරුවන් අදාළ වන්දි මුදල නොගෙවන්නේ නම් ඔවුන් සත...
"සැබෑ ඝාතකයන් කවුද කියා සොයනවා!"
"පාස්කු දා ප්‍රහාරය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ සත් සාමාජිකයන් විසින් ලබාදුන් තීන්දුව ඓතිහාසික මෙන්ම යුක්තිය හා සාධාරණත්වය මැනවින් ලබාදුන් තීන්දුවක් බවත්, නීතියේ ආධිපත්‍ය දේශපාලකයන්ගේ තීන්දු මුළුමනින් වෙනස්කරන තීන්දුවක් බවත් කොළඹ අගරදගුරු අතිඋතුම් දේවධර්මාචාර්ය මැල්කම් කාදිනල් රංජිත් අගරදගුරුතුමා කොළඹ අගරදගුරු නිවසේ ස...
"අල්කයිඩාට මුදල් දුන් කෝටිපතියා හෙළිවෙයි"
"ශ්‍රී ලංකාවේ මැණික් ඔස්‌ට්‍රේලියාවට සහ බ්‍රසීලයට විකුණා අල්කයිඩා ත්‍රස්ත සංවිධානයට අරමුදල් ලබාදුන්නේ ලුක්මාන් අහමද් නමැති කෝටිපති ශ්‍රී ලාංකික ව්‍යාපාරිකයා බව බ්‍රිතාන්‍යයේ ‘කහරොන්’ නමැති ජගත් ආරක්ෂක බුද්ධි ආයතනය අනාවරණය කර ඇත. අල්කයිඩා සංවිධානයට ප්‍රධාන මූල්‍ය පහසුකම් සපයන්නා වූ මොහු ඔස්‌ට්‍රේලියානු පෙඩරල් පොලිසිය අත...
"රාජ්‍ය සේවක නිවාඩු කපයි"
"දැනට විවිධ විශේෂ අවශ්‍යතා සහ උත්සව ආදිය වෙනුවෙන් රාජ්‍ය සේවකයන්ට ලබාදෙන රජයේ නිවාඩු දින අඩුකිරීම සම්බන්ධයෙන් ආණ්ඩුවේ අවධානය යොමුව ඇත. මේ ගැන අවධානය යොමුවී ඇත්තේ මහජනතාවට අත්‍යවශ්‍ය රාජකාරී ප්‍රමාදයකින් තොරව ඉටුකර ගැනීම වෙනුවෙනි. ඒ අනුව රජයේ නිවාඩු දින අඩුකර වැඩ කරන දින ප්‍රමාණය වැඩිකිරීම සම්බන්ධයෙන් ජනාධිපති රනිල් වික...
"කොටි 8000 කට කැනඩා රැකවරණ"
"යුද අපරාධ සිදු කළ හිටපු කොටි ත්‍රස්තවාදීන් 8000 කට ද කොටි ආයුධ ප්‍රවාහන නෞකා ජාලයේ ප්‍රධානී රවි ශංකර් හෙවත් සංගිලිට ද කැනඩා රජය දේශපාලන රැකවරණ ලබාදී ඇත. රවි ශංකර්ට වව්නියා මහාධිකරණය මගින් ජීවිතාන්තය දක්වා සිරදඬුවම් නියම කර තිබූ අතර ඔහු කැනඩාවට පැන ගියේය. ඒ බව කැනඩා මාධ්‍ය අනාවරණය කර තිබිණි. එසේම යුද හමුදා නිලධාරීන් 21...
"බෝන් අගේන් බලපෑමක් ක්‍රිකට් ආයතනයට නැහැ"
"2022 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ දී සිදුවූ බව කියන අක්‍රමිකතා පිළිබඳව සොයා බැලීමට පත්කළ පංච පුද්ගල කමිටු වාර්තාවේ නිකුත් වූ කරුණු අනුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය බෝන් අගේන් ආගමේ බලපෑමකට ලක් වී නොමැති බව තහවුරුවී ඇතැයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසයි. ඇතැම් ක්‍රීඩකයන් ගේ පෞද්ගලික ආකල්ප පිළිබඳ එම වාර්තාවේ සඳහන්ව ඇතත් එ...
"මෛත්‍රී පාර්ලිමේන්තුවේදී නඩුව කතා කරයි"
"පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාට එරෙහිව ලද ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව පිළිබඳව හිටපු ජනාධිපතිවරයා ඉදිරි පාර්ලිමේන්තු සතියේදී විශේෂ ප්‍රකාශයක් කිරීමට නියමිතව ඇත. එම ප්‍රහාරය පිළිබඳව හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාට එරෙහිව එල්ල වූ විවිධ චෝදනා සහ ලැබුණු නඩු තීන්දුව පිළිබඳව ශ්‍රී ලංකා ...
"විදුලි අර්බුදය දරුණු අතට ඉංජිනේරුවෝ කියති"
"ගල්අඟුරු මිලදී ගැනීමට හා බලාගාරවලට අවශ්‍ය ඩීසල් ඇතුළු ඉන්ධන මිලදී ගැනීමට මුදල් නොමැතිවීම නිසා ඉදිරි මාසවල පවතින විදුලි අර්බුදය දරුණු විය හැකි බව ලංවිම ඉංජිනේරුවෝ පවසති. ඒ අනුව දැනට දිනකට කපාහරින පැය දෙකයි විනාඩි විස්සක විදුලි කප්පාදුව පැය හතර පහ දක්වා දීර්ඝ කිරීම හැර විකල්පයක් නොමැති බවද ඔව්හු කියති. කැලණිතිස්ස බලාගාර...
"පාර්ලිමේන්තුවටත් කැකුළන් ලෑස්තියි"
"පළාත් පාලන මැතිවරණයට පමණක් නොව පාර්ලිමේන්තු මැතිවරණයට පවා මුහුණදීමට සුදානම් යැයි ආදිවාසි නායක ඌරුවරිගේ වන්නිල ඇත්තෝ “දිවයින ඉරිදා සංග්‍රහය”ට ප්‍රකාශ කළහ. පාර්ලිමේන්තු මැතිවරණයටත් ඉදිරිපත් කළ හැකි කැකුළන් සිටින බවද ආදිවාසි නායකයා පැවසීය. මෙවර පළාත් පාලන මැතිවරණයේදී පෝස්ටර් පත්‍රිකා බැනර්වලින් බැහැරව ආදිවාසීන්ගේ නිවෙස්ක...
"අඹකැලේ කිරි දෙනුන් නිකම්ම තියලා – විගණනයෙන් හෙළිවෙයි"
"පොල් පර්යේෂණ මණ්ඩලයට අයත් අඹකැලේ ජාන සම්පත් මධ්‍යස්ථානයේ කිරි ලබාගත හැකි එළදෙනුන් 21 දෙනකු සිටිය ද වසර 04 ක පමණ කාලයක සිට එම කිරි දෙනුන්ගෙන් කිරි ලබාගෙන නොමැති බව ජාතික විගණන කාර්යාලය පවසයි. 2018 වර්ෂයේ සිට කිරි එළදෙනුන්ගෙන් කිරි ලබා ගැනීම සඳහා කම්කරුවකු නොමැති වීම නිසා මෙම තත්ත්වය උදාවී ඇති බව ද විගණන වාර්තාවේ සඳහන් ...
"උ. පෙළ දිනවල විදුලි කැපිලි එපා – විභාග කොමසාරිස් ජනරාල්"
"උසස් පෙළ විභාගය (2022) පවත්වන දිනවලදී විදුලි කප්පාදුවක් සිදුනොකරන ලෙස විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා බලධාරීන්ගෙන් ඉල්ලීමක් කර ඇත. උසස් පෙළ විභාගය ජනවාරි 23 වැනිදා ආරම්භ කර පෙබරවාරි 17 වැනිදා තෙක් පැවැත්වෙයි. විභාගය සඳහා පාසල් සහ පෞද්ගලික අයැදුම්කරුවන් තුන්ලක්‍ෂ තිස් එක්දහස් හත්සිය නව දෙනකු පෙනී සිටින අතර ම...
"පොහොට්ටුව හැම තැනම"
"ඉදිරි පළාත් පාලන මැතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පොහොට්ටුව ලකුණ යටතේ අති බහුතර පළාත් පාලන ආයතන සංඛ්‍යාවකට තරග කරන බවත් එජාපය සමග ඒකාබද්ධව අලියා ලකුණ යටතේ තරග කරන ස්ථාන පිළිබඳව මේ දක්වා අවසන් තීරණයක් ගෙන නොමැති බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් සාගර කාරියවසම් මහතා “දිවයින ඉරිදා සංග්‍රහය”ට පැවසීය. පසුගිය පළාත්...
"ගාල්ල අයිස් යන්ත්‍රාගාරය ඇමැති මිතුරාට කුණු කොල්ලයට"
"ගාල්ල ධීවර සංස්ථා අයිස් යන්ත්‍රාගාරය දකුණු පළාත නියෝජනය කරන ප්‍රබල ඇමැතිවරයෙකුගේ ගජ මිතුරකුට කුණු කොල්ලයට අලෙවි කිරීමට උත්සාහ දරන බවත් ඊට එරෙහිව ලංකා ධීවර සංස්ථා වෘත්තීය සමිති එකමුතුව දැඩි විරෝධතාවක් ආරම්භ කරන බවත් ලංකා ධීවර සංස්ථා පොදු සේවක සංගමයේ ලේකම් ජේ. එච්. නිශාන්ත මහතා “දිවයින ඉරිදා සංග්‍රහය”ට පැවසීය. සේවකයින්ග...
"ග්ලුකොමා රෝගීහු ඖෂධ තර්ජනයක"
"මෙරට ජනගහනයෙන් වයස අවුරුදු 40 ට වැඩි සියයට 03 ත් 05 ත් අතර පිරිසක් ග්ලුකෝමා තත්ත්වයෙන් පෙළෙන බවත් ඔවුනට අවශ්‍ය නිසි ප්‍රතිකාර නොකොළොත් ඔවුන් සදා අන්ධභාවයට පත්වීමේ තර්ජනයක් පවතින බවත් ශ්‍රී ලංකා අක්‍ෂි ශල්‍ය විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ සභාපති අක්‍ෂි වෛද්‍ය විශේෂඥ කේ. ඒ. සැල්වින් මහතා “දිවයින ඉරිදා සංග්‍රහය”ට පැවසීය. දැ...
"කොවිඩ් දරුණුයි මාස්ක් දාන්න"
"කොවිඩ් නව රැල්ලෙන් බේරීම සඳහා නැවතත් සියලුදෙනා මුව ආවරණ පැළඳීම ඇතුලු නිසි සෞඛ්‍ය උපදෙස් පිළිපැදීම ඉතා වැදගත් බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ කොවිඩ් රෝගය පිළිබඳ ප්‍රධාන සම්බන්ධිකාරක වෛද්‍ය අන්වර් හම්දානි මහතා “දිවයින ඉරිදා සංග්‍රහය”ට පැවැසීය. මේ වනවිට චීනය ඇතුළු රටවල් කීපයකම කොවිඩ් ශීඝ්‍රයෙන් පැතිරෙමින් තිබෙන බවද ඒ මහතා කීය. මෙ...
"සජබ සූදානම්"
"ඉදිරි පළාත් පාලන මැතිවරණයට තරග කිරීම වෙනුවෙන් සමගි ජනබලවේගය මේ වනවිට නාමයෝජනා සැකසීම අවසන් අදියරට පැමිණ ඇතැයි එහි ජාතික සංවිධායක තිස්ස අත්තනායක මහතා “දිවයින ඉරිදා සංග්‍රහය”ට කීය. මැතිවරණයට තරග කිරීම වෙනුවෙන් අලුතින් අයදුම්පත්‍ර විශාල ප්‍රමාණයක් ලැබී තිබූ බවද, අපේක්‍ෂකයන් 4000 ත් 5000 ත් අතර ප්‍රමාණයක් සම්මුඛ පරීක්‍ෂණ ...
"නාමයෝජනා භාර ගැනීම 18 වැනිදා සිට"
"පළාත් පාලන මැතිවරණයට අදාළ නාම යෝජනා පත්‍ර භාර ගැනීම ලබන 18 වැනිදා සිට 21 වැනිදා මධ්‍යහන 12.00 දක්වා සිදු කිරීමට නියමිතය. සියලුම දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරි කාර්යාලවලදී මෙය සිදු කිරීමට නියමිතය. නාම යෝජනා පත්‍ර භාරදීමට තේරීම්භාර නිලධාරි කාර්යාලවලට එක් එක් දේශපාලන පක්‍ෂ හා ස්වාධීන කණ්ඩායම් ඇතුල් වීමේදී සහභාගි වන පිරිස ...
"මාලිමාව රටටම"
"ජනතා විමුක්ති පෙරමුණ ප්‍රමුඛ ජාතික ජන බලවේගය මෙවර පළාත් පාලන මැතිවරණයේදී මාලිමාව ලකුණින් මුළු දිවයිනටම තරග කිරීමට සැලසුම් කර ඇත. උතුරු නැගෙනහිර ඇතුළු සියලු පළාත් සඳහා තරග කිරීමට නියමිත අපේක්ෂකයන් මේ වන විට තෝරා ගනිමින් ඇති බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රචාරක ලේකම් විජිත හේරත් මහතා ‘දිවයින ඉරිදා සංග්‍රහය’ට පැවැසීය. මෙවර ...
"තෛපොංගල් උත්සවය සමරයි!"
"අස්වනු නෙළීමේ උත්සවය හෙවත් හිරු දෙවියන්, මහී කාන්තාව, වැසි දෙවියන් මෙන්ම අස්වනු නෙළාගැනීමට බොහෝ සෙයින් උදව් උපකාර කළ ගවයන් සඳහා ස්තුති කිරීම අද (ඉරිදා) පැවැත්වෙන තෛපොංගල් උත්සවයේ ප්‍රධාන අරමුණ වේ. මෙම තෛපොංගල් උත්සවය ලොව පුරා වෙසෙන දමිළ ජනතාව උත්සවශ්‍රීයෙන් සමරනු ලබන අතර හින්දු බැතිමතුන්ගේ නව වසරේ ආරම්භය මෙම පොංගල් උත...
"පාස්කු නඩු තීන්දුව අධිකරණ ස්වාධීනත්වයේ නව ඇරඹුමක් – කාදිනල්තුමා"
"සැබෑ ඝාතකයන් සොයා ගන්නා තුරු ව්‍යායාමය දිගටම‘බී වාර්තාව සැඟවීමේ උත්සාහයකුත් තිබුණා’ – කාදිනල්තුමාමෛත්‍රීලාට අපරාධ නඩු දමයි කියා විශ්වාස කරනවා – ජනාධිපති නීතිඥ ශමිල් පෙරේරා පාස්කු දින ප්‍රහාර නඩුවේ ශ්‍රේෂ්ඨාධිකරණය මගින් ලබාදුන් තීන්දුව නීතිය හා අධිකරණ ස්වාධීනත්වයේ නව යුගයක ඇරඹුමක් බව අති උතුම් මැල්කම් කාදිනල් රන්ජිත් ක...
"අලියා ඇන්ජිමේ හිරවෙයි පුලතිසි දුම්රිය පීලි පනියි"
"හබරණ, ගල්ඔය ප්‍රධාන දුම්රිය මාර්ගයේ දී මඩකලපුවේ සිට කොළඹ බලා ඊයේ (13 දා) අලුයම 5.00ට පමණ ධාවනය වූ පුලතිසි ශීඝ්‍රගාමී දුම්රියේ ගැටී වන අලියකු මියගොස් තිබේ. මෙම වන අලියා ගැටීම නිසා දුම්රියේ ඉදිරිපස ඇන්ජීම පිලී පැන ඇත. හතරැස්කොටුව ප්‍රදේශය ආසන්නයේ දී මෙම අනතුර සිදුව ඇත. අනතුර නිසා නැගෙනහිර පළාතේ දුම්රිය ගමනා ගමනය නැවතී ත...
"ලොවක් වසඟ කළ එල්විස් ප්‍රෙස්ලිගේ දුව මියයයි"
"ලොවක් වසඟ කළ ලෝ ප්‍රකට ගායක එල්විස් ප්‍රෙස්ලිගේ එකම දියණිය වන ලීසා මාරි ප්‍රෙස්ලි හදිසි හෘදයාබාධයකින් මියගොස් තිබේ. ලොස් ඇන්ජලීස් නුවර රෝහලකට ඇතුළත් කරන විටත් ඇය මියගොස් සිටි බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබිණි. මියයන විට පනස්හතර වැනි වියේ පසු වූ ඇය ද ගායිකාවක ලෙස ප්‍රසිද්ධියට පත්ව සිටියාය. 1968 දී උපත ලද ලීසා මාරි ප්‍ර...
"ගංජා SSP ගේ වැඩ තහනම්"
"ගංජා ජාවාරමේ යෙදීම සහ නිධන් හෑරීම යන චෝදනා යටතේ අත්අඩංගුවට ගෙන සිටින මොනරාගල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි සිසිර කුමාර මහතා වහාම ක්‍රියාත්මක වන පරිදි වැඩ තහනමට ලක්කර ඇත. ජාතික පොලිස් කොමිසමේ ආවරණ අනුමැතියට යටත්ව පොලිස්පතිවරයා විසින් මෙම නියෝගය නිකුත් කර තිබේ. මොනරාගල පිහිටි සිය නිල නිවසේ සිවිලිමේ ගංජා තොගයක් සඟවා තිබියදී පො...
"රෙජිනෝල්ඩ් කුරේ අභාවප්‍රාප්ත වෙයි"
"අවසන් කටයුතු 16 දා ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ කළුතර දිස්ත්‍රික් නායක මෙන්ම හිටපු බස්නාහිර පළාත් ප්‍රධාන ඇමැතිවරයකු ද, හිටපු ආණ්ඩුකාරවරයකු වූ රෙජිනෝල්ඩ් කුරේ මහතා පෙරේදා (12 දා) රාත්‍රි අභාවප්‍රාප්ත විය. ඒ මහතා මියයන විට 75 වැනි වියේ පසු වූ අතර හේ තිදරු පියෙකුද වේ. පෙරේදා රාත්‍රි වාද්දුව හෝටලයක පැවැති රැස්වීමක් අතරතුර හිට...
"රෙජිනෝල්ඩ් කුරේ ලෙඩ වුණේ මන්ත්‍රී සමග උණුසුම් වචන හුවමාරුවකින් පසුයි"
"වාද්දුව හෝටලයක පැවති දේශපාලන රැස්වීමක් අතරතුර හදිසියේ හෘදයාබාධයකට ලක්ව මියගිය හිටපු බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය රෙජිනෝල්ඩ් කුරේ මහතාගේ මරණය සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණයක් සිදුකරන ලෙස ඒ මහතාගේ බිරිඳ වන චන්ද්‍රිකා ප්‍රියංගනී කුරේ මහත්මිය ඉල්ලා සිටියාය. රෙජිනෝල්ඩ් කුරේ මහතාගේ මරණය සම්බන්ධයෙන් කළුතර ශික්ෂණ රෝහලේ හද...
"ව්‍යවස්ථා විරෝධී කැලෑ පාරවල්වලින් ඡන්දය කල්දාන්න ජනපතිට ඉඩ දෙන්නේ නෑ – අනුර කුමාර දිසානායක"
"ව්‍යවස්ථා විරෝධී නීති විරෝධී කැලෑ පාරවල්වලින් ඡන්දය කල්දාන්න රනිල් වික්‍රමසිංහට ඉඩ නොදෙන බව ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා පැවසීය. පක්ෂ මූලස්ථානයේ ඊයේ (13 දා) පැවැති මාධ්‍ය හමුවේදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේද කීය. පළාත් පාලන මැතිවරණය වැළැක්වීම සඳහා ආණ්ඩුව ගන්නා ලද සියලු ලජ්ජා සහගත ක්‍රියාමාර්ග...
"ඉන්දියාවේ ආර්ආර්ආර් චිත්‍රපටයේ ‘නාටු නාටු’ ගීතයට ගෝල්ඩන් ග්ලෝබ් සම්මානයක්"
"ඉන්දියාවේ බොක්ස් ඔෆීස් වාර්තා බිඳලමින් තිරගත වූ තෙලිඟු චිත්‍රපටයක් වන ‘ආර්ආර්ආර්’ චිත්‍රපටයේ අඩංගු ‘නාටු නාටු’ ගීතය සඳහා හොඳම ස්වතන්ත්‍ර ගීතයට හිමි ජාත්‍යන්තර ගෝල්ඩන් ග්ලෝබ් සම්මානය හිමි වී තිබේ. ඉකුත් මාර්තු මාසයේ ඉන්දියාවේ තිරගත වීම ඇරඹී මෙම චිත්‍රපටයේ අඩංගු අදාළ ගීතයට මෙම සම්මානය හිමි වී ඇත්තේ ලොව ප්‍රකට බටහිර ගායි...
"ගතවූ වසර 12 තුළ පිළිකා රෝගී සංඛ්‍යාව දෙගුණයකින් ඉහළට යද්දී දියවැඩියා රෝගීන් සියයට 70 දක්වා ඉහළට"
"මෙරට බොහෝදෙනා හුරුව සිටින අහිතකර ආහාරපාන ගැනීමේ රටාව හේතුවෙන් ගත වූ වසර 12ක කාලය තුළදී මෙරට පිළිකා රෝගීන්ගේ සංඛ්‍යාව දෙගුණයකින් වැඩි වී ඇති අතර නාගරික ප්‍රදේශවල දියවැඩියා රෝගයෙන් පෙළෙන රෝගීන්ගේ සංඛ්‍යාව සියයට 70කින් ඉහළ ගොස් ඇති බව බොරැල්ල රිජ්වේ ආර්යා ළමා රෝහලේ ළමා රෝග විශේෂඥ වෛද්‍ය හැරිස් පතිරගේ මහතා පවසයි. සමබල ආහා...
"පළාත් පාලන ඡන්දයෙන් පසු පරිසර හිතකාමී නව රෙගුලාසි ඇති කිරීමට පූර්ණ සහාය දෙනවා – අගමැති"
"පළාත් පාලන ආයතන ඡන්දය පැවැත්වීමෙන් අනතුරුව පරිසර හිතකාමී ජනතා හිතවාදී නව පරිසර රෙගුලාසි ක්‍රියාත්මක කිරීමට පූර්ණ සහාය ලබාදෙන බව අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා පැවසීය. අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළේ පෙරේදා (12 දා) බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාවේ පැවති වර්ල්ඩ් විෂන් අපද්‍රව්‍ය කළමනාකරණය පිළිබඳ සමුළුව අමතමිනි. මෙහි...
"මූල්‍ය නොවන ප්‍රතිලාභ සඳහා අයවිය යුතු බදු අයකර ගැනීමට ක්‍රමවේදයක් ක්‍රියාත්මක විය යුතුයි – හර්ෂ ද සිල්වා"
"රටේ ජනාධිපතිවරයාගේ සිට සියලු අමාත්‍යවරුන්, මන්ත්‍රීවරුන් මෙන්ම නිලධාරීන්ගෙන් මූල්‍ය නොවන ප්‍රතිලාභ සඳහා අයවිය යුතු බදු (Tax on non-cash benefit) නිසි පරිදි අයකර ගැනීමට ක්‍රමවේදයක් ක්‍රියාත්මක විය යුතු බව රජයේ මුදල් පිළිබද කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පසුගියදා අවධාරණය කළේය. මූල්‍ය න...
"ඡන්දය හරි දිනට: කොමිසම ශ්‍රේෂ්ඨාධිකරණයට දන්වයි"
"ඉදිරි පළාත් පාලන මැතිවරණය මේ වන විට සැලසුම් කර ඇති පරිදිම නිසි කලට වේලාවට පැවැත්වීමට පියවර ගන්නා බව මැතිවරණ කොමිෂන් සභාව ඊයේ (13 දා) ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නේය. මැතිවරණ කොමිෂන් සභාව සතු බලතල අනුව හා මැතිවරණ නීතිය අනුව එය පැවැත්වීමට පියවර ගන්නා බවද මැතිවරණ කොමිෂන් සභාව වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සාලිය පීරිස...
"ජපානයේ ඔටෝ මොබයිල් ක්ෂේත්‍රයේ රැකියා ඉලක්ක කරගත් වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයක්"
"පුහුණුලාභීන්ට ජපානයේ රැකියා අවස්ථාඅමාත්‍ය මනුෂ නානායක්කාර සහ ඉහළ පෙළේ ජපන් රාජ්‍ය තාන්ත්‍රිකයින් අතර එකගතාවක් ශ්‍රී ලාංකික ශ්‍රමිකයින්ට ජපානයේ ඔටෝ මොබයිල් ක්ෂේත්‍රයේ වැඩි රැකියා අවස්ථා ලබාදීම සදහා ඔටෝ මොබයිල් පුහුණු මධ්‍යස්ථානයක් ස්ථාපිත කිරීමටත්, එහි පුහුණුව ලබන පුහුණුලාභීන්ට සෘජුවම ජපානයේ රැකියා අවස්ථා ලබාදීමටත් කම්...
"ජපානයේ ඔටෝ මොබයිල් ක්ෂේත්‍රයේ රැකියා ඉලක්ක කරගත් වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයක්"
"පුහුණුලාභීන්ට ජපානයේ රැකියා අවස්ථාඅමාත්‍ය මනුෂ නානායක්කාර සහ ඉහළ පෙළේ ජපන් රාජ්‍ය තාන්ත්‍රිකයින් අතර එකගතාවක් ශ්‍රී ලාංකික ශ්‍රමිකයින්ට ජපානයේ ඔටෝ මොබයිල් ක්ෂේත්‍රයේ වැඩි රැකියා අවස්ථා ලබාදීම සදහා ඔටෝ මොබයිල් පුහුණු මධ්‍යස්ථානයක් ස්ථාපිත කිරීමටත්, එහි පුහුණුව ලබන පුහුණුලාභීන්ට සෘජුවම ජපානයේ රැකියා අවස්ථා ලබාදීමටත් කම්...
"හෙළිකොප්ටරය හැදූ පක්‍ෂවල ප්‍රතිපත්තීන් පරස්පරයි – ඇමැති මහින්ද අමරවීර"
"පසුගියදා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ අනිකුත් දේශපාලන පක්‍ෂ එක්ව ගොඩනඟන ලද නිදහස් ජනතා සන්ධානයේ (හෙළිකොප්ටරය) පක්ෂවල ප්‍රතිපත්තීන් එකකට එකක් පරස්පර බව කෘෂිකර්ම හා වන සංරක්‍ෂණ ඇමැති මහින්ද අමරවීර මහතා සඳහන් කළේය. සිය සන්ධානය එළිදක්වද්දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වෙනම ප්‍රතිපත්ති ප්‍රකාශයක්ද, ඩලස් අලහප්පෙරුම මහතාගේ පාර්ශ්වය...
"ඉදිරි දැක්මක් සහිත මුදල් ප්‍රතිපත්ති වාර්තාවක් – මහ බැංකුව"
"ඉදිරි දැක්මක් සහිත මුදල් ප්‍රතිපත්ති වාර්තාවක් ළඟදීම ප්‍රකාශයට පත්කරන බව මහ බැංකුව කියයි. ආර්ථිකයේ ඉදිරි දැක්ම ගැන මහජනතාව මනා ලෙස දැනුම්වත් කිරීම සඳහා මෙම වාර්තාව ප්‍රකාශයට පත් කිරීමට නියමිතය. එමඟින් මහ බැංකුවේ මුදල් ප්‍රතිපත්ති ක්‍රියා මාර්ගවල විනිවිදභාවය තවදුරටත් වැඩිදියුණු වනු ඇතැයි මහ බැංකුව පවසයි. එසේම දැනට පවති...
"ටවර්හෝල් නාට්‍ය උළෙල – මනෝ මේඝ සහ හිතුමතේ ආදරේ අද"
"ටවර් හෝල් රඟහල පදනම ඉදිරිපත් කරනු ලබන ‘අපේක්‍ෂාවේ වේදිකා මංගල්‍යය ටවර් නාට්‍ය උළෙල 2023’ යටතේ අද (14 දා) සරත්චන්ද්‍ර මුතුබණ්ඩාගේ ‘මනෝ මේඝ’ එල්ෆින්ස්ටන්හිදී සහ ජිනිඳු පද්ම ශ්‍රී බණ්ඩාර අධ්‍යක්‍ෂණය කළ ‘හිතුමතේ ආදරේ’ ටවර් රඟහලේදී සවස 3.30 ට සහ 6.30 ට වේදිකාගත කෙරේ. ‘අපේක්‍ෂාවේ වේදිකා මංගල්‍යය ටවර් නාට්‍ය උළෙල 2023’ නිල ම...
"පාස්කු ප්‍රහාරය වළක්වා නොගැනීම: මෛත්‍රී – හේමසිරි – පූජිත් – නිලන්ත – සිසිර වරදකරුවෝ"
"වන්දි ගෙවන හැටි උසාවියට කියන්න නියෝග පාස්කු ප්‍රහාර මාලාව වළක්වා නොගැනීමෙන් හිටපු ජනපති මෛත්‍රිපාල සිරිසේන, හිටපු ආරක්‍ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු, හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර, හිටපු ජාතික බුද්ධි ප්‍රධානී සිසිර මෙන්ඩිස් සහ හිටපු රාජ්‍ය බුද්ධි අංශ ප්‍රධානී නිලන්ත ජයවර්ධන යන මහත්වරුන් පෙත්සම්කරුවන්ගේ මූලික අයිතිවාසි...
"ණය ප්‍රතිව්‍යුහගත කිරීම පස්සෙන් පස්සට"
"ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කරන ක්‍රියාවලිය තවදුරටත් ප්‍රමාද විය හැකි බව ස්ටෑන්ඩර්ඩ් චාටඩ් බැංකුවේ ගෝලීය පර්යේෂණ අංශය විසින් සිදු කරන ලද විශ්ලේෂණයක සඳහන් වේ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහනේ ප්‍රමාදයන් හේතුවෙන් ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීම මේ වසරේ (2023) අවසානය දක්වා කල් ඇදෙනු ඇතැයිද එම විශ්ලේෂණ වාර්තාවේ ...
"75 නිදහස් සැමරුමට කෝටි 20 ක්: ජාතික ගීය සිංහලෙන් සහ දෙමළෙන්"
"හැත්තෑපස් වැනි නිදහස් දින සැමරුම් උත්සවය සඳහා රුපියල් කෝටි විස්සක් වැය කරන බව ස්වදේශ කටයුතු අමාත්‍යාංශය කියා සිටී. මෙවර නිදහස් සැමරුම් උත්සවය සඳහා රුපියල් කෝටි 57 කට වැඩි ඇස්තමේන්තුවක් ලබාදී තිබුණත් ජනාධිපති කාර්යාලය, ස්වදේශ කටයුතු අමාත්‍යාංශය වරින් වර මේ පිළිබඳ සාකච්ඡා කර කෝටි 20 කට එම වියදම අඩුකරගත් බව ස්වදේශ කටයුතු...
"විදේශ සේවා සභාපති කාමරයක හිර කර සේවකයෝ බෝනස් ඉල්ලා උද්ඝෝෂණ"
"ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සේවකයෝ දෙසැම්බර් මසට හිමි ප්‍රසාද දීමනා (බෝනස්) ඉල්ලා ඊයේ (12 දා) කාර්යාංශ සභාපතිවරයා කාමරයක අඩස්සියේ තබාගෙන උද්ඝෝෂණයක නිරත වූහ. පැය දෙකකට අධික කාලයක් තිස්සේ පැවැති මෙම උද්ඝෝෂණය නිසා කාර්යාංශ පරිශ්‍රය දැඩි උණුසුම් මුහුණවරක් ගෙන තිබිණි. ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ...
"ආශු මාරසිංහගෙන් කප්පම් ඉල්ලූ ආදර්ශනීට ඇප"
"අසභ්‍ය දර්ශන සහිත වීඩියෝ පට වෙබ් අඩවිවලට මුදාහරින බවට තර්ජනය කර මහාචාර්ය ආශු මාරසිංහ මහතාගෙන් රුපියල් මිලියන 100 ක කප්පමක් ඉල්ලා සිටීම හා අසභ්‍ය දර්ශන ප්‍රකාශන සංශෝධන පනත යටතේ අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කළ ආශු මාරසිංහ මහතා සම්බන්ධයෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් මාධ්‍ය හමුවේ කළ ආදර්ශනී කරඳන මහත්මිය රුපියල් ලක්ෂ පහ බැගින් වූ ...
"ණය පමා කිරීමේ හැකියාව සොයා ව්‍යාපාරිකයන්ට සහන දෙනවා"
"මෙරට ව්‍යාපාරික ප්‍රජාව ආරක්ෂා කරගැනීම වෙනුවෙන් ණය පමා කිරීමට ඇති හැකියාව පිළිබඳ සොයා බලා ව්‍යාපාරිකයන්ට අවශ්‍ය සහන සලසා දෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. මේ පිළිබඳ ඉදිරි පියවර ගන්නා ලෙස තමා මහ බැංකු අධිපතිවරයාට දැනුම් දුන් බව ද ජනාධිපතිවරයා සඳහන් කළේය. ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ කිංග්ස්බරි හෝටලයේ පෙරේද...
"ශ්‍රමය කොල්ලකෑමේ අංක එකට රාජ්‍ය හෙද සේවාව පත්වෙලා"
"76000 ක් අවශ්‍ය වුවත් ඉන්නේ 42000 යි රෝගීන්ගේ ජීවිත කොල්ලකන ජීවිත අනතුරට පත්කරන තීන්දු තීරණ ගැනීමෙන් සහ සමස්ත රාජ්‍ය සේවය අකර්මණ්‍ය කර වැඩ පීඩනයෙන් මිරිකුණු රාජ්‍ය සේවයක් ඇති කිරීමෙන් වළකින ලෙස ආණ්ඩුවට බලකරන බව සමස්ත ලංකා හෙද සංගමයේ සභාපති රවීන්ද්‍ර කහඳආරච්චි මහතා පවසයි. සභාපතිවරයා මාතලේ විදුහල් පෙදෙස අංක 23 හිදී මාධ්...
"ඒ.එස්.පී.ගේ තර්ජනයට එරෙහිව විදුලිය පාවිච්චි කරන්නන්ගේ ලේකම් පොලිස්පතිට පැමිණිලි කරයි"
"විදුලි බිල වැඩි කිරීමට එරෙහි ජනතා පෙත්සම මහජන උපයෝගිතා කොමිසමට භාර දීමට යන අතරතුරදී කොළඹ කොටුව දුම්රියපළ අසලදී තමන්ට සහකාර පොලිස් අධිකාරිවරයකු තර්ජනය කළේ යැයි කියමින් විදුලිය පාවිච්චි කරන්නන්ගේ සංගමයේ ලේකම් සංජීව ධම්මික මහතා ඊයේ (12දා) පොලිස්පතිවරයාට ලිඛිත පැමිණිල්ලක් ඉදිරිපත් කළේය. එම නිලධාරියා තම කනට ළංවී “උඹ දඟලන්න...
"නැප්තා නෑ: කැලණිතිස්ස යළි නවතියි පාඩුව පැටව් ගහයි"
"කැලණිතිස්ස බලාගාර පරිශ්‍රයේ පිහිටි මෙගාවොට් 165 ක ද්විත්ව චක්‍රීය බලාගාරයට අවශ්‍ය නැප්තා ඇණවුම් නොකිරීම නිසා එය ඊයේ (12 වැනිදා) සිට යළි නතර කර දැමීමට සිදුව තිබේ. මෙම බලාගාරය සඳහා දිනකට නැප්තා මෙටි්‍රක් ටොන් දසදහසක් අවශ්‍ය වන මුත් නිලධාරින් ඇණවුම් කර තිබී ඇත්තේ දින හතරකට සරිලන නැප්නා ලීටර් ලක්‍ෂ තිහක ප්‍රමාණයක් යැයි ලං...
"ණය කපන්න එකඟ වෙන්න: චීනයෙන් හා ඉන්දියාවෙන් ඉල්ලූ බව මහ බැංකු අධිපති කියයි"
"ණය කපා හැරීමකට කඩිනමින් එකඟ වන ලෙස චීනයෙන් හා ඉන්දියාවෙන් ඉල්ලීමක් කර ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පැවසීය. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය පහසුකම ලබා ගැනීම සඳහා අදාළ එකඟතාව අත්‍යවශ්‍ය බවද මහ බැංකු අධිපතිවරයා පෙන්වාදී ඇත. බී. බී. සී. ගුවන් විදුලිය වෙත සම්මුඛ සාකච්ඡාවක් ලබා දෙමින් ආචාර්ය...
"පුංචි ඡන්දයට දැන් සල්ලි හරි – මැතිවරණ කොමසාරිස් ජනරාල් කියයි"
"පළාත් පාලන මැතිවරණයට අවශ්‍ය මුදල් අවශ්‍ය අවස්ථාවලදී ලබාදීමට මහා භාණ්ඩාගාරයේ නිලධාරීන් එකඟ වූ බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා “දිවයින”ට පැවසීය. භාණ්ඩාගාර නිලධාරීහු පෙරේදා (11දා) මැතිවරණ කාර්යාලයේදී මැතිවරණ නිලධාරීන් හමුවී මේ පිළිබඳ විශේෂ සාකච්ඡාවක් පැවැත්වූහ. පළාත් පාලන මැතිවරණය පැවැත්වීම හා ඒ සඳහා ...
"මැතිවරණ තියන දින ව්‍යවස්ථාවේ දැමිය යුතුයි"
"දේශපාලනඥයන්ට මැතිවරණ දින තීරණය කරන්න දෙන්න එපා – ඉරාන් වික්‍රමරත්න (සජබ) දේශපාලනඥයන්ට මැතිවරණ දින තීරණය කරන්න දෙන්න එපා. එය ගලින් කොටා ව්‍යවස්ථාවෙත් දාන්න ඕන. ජනාධිපතිවරණය දින, මහ මැතිවරණ දින හා පළාත් පාලන මැතිවරණය මේ දවසට තියන්න ඕන කියලා ව්‍යවස්ථාවේ දාන්න ඕන. නමුත් සමහර මැතිවරණ එකම දින තියන්න පුළුවන් යැයි පාර්ලිමේන්ත...
"ඉදිරි 25 වසරක වැඩපිළිවෙළ සමග ජාතික නිදහස් උළෙල අභිමානවත්ව"
"රටේ ඉදිරි වසර 25 සඳහා රජයේ නව ප්‍රතිසංස්කරණවාදී වැඩපිළිවෙළ සමග 75 වැනි ජාතික නිදහස් උළෙල අභිමානවත් අයුරින් සැමරීමට රජය තීරණය කර තිබේ. “නමෝ නමෝ මාතා – සියවසකට පියවරක්” තේමාව යටතේ පැවැත්වෙන මෙම අභිමානවත් උළෙලේ දී 2048 වසරේ 100 වැනි නිදහස් දිනය දක්වා නොවෙනස් රාජ්‍ය ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කිරීම වෙනුවෙන් ඉදිරි වසර 25 ස...
"ජන්ම දින සමරා සජිත්ගෙන් කතරගමදී පිංකම්"
"සිය ජන්ම දිනයට සමගාමීව විපක්‍ෂ නායක හා සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා කතරගම පුදබිමේ පිංකම්වලට ඊයේ (12 දා) සහභාගි විය."
"අපි ඡන්දය පවත්වනවා – රාජ්‍ය පරිපාලන ලේකම් කොමිසමට කැඳවනවා – මැකොස කියයි"
"අධිකරණමය තීරණයක් නොවන්නට කුමන බාධක පැමිණියත් ලබන මාර්තු මස 19 වැනිදාට පෙර පළාත් පාලන මැතිවරණය පවත්වා නව සභා පිහිටුවීමට අවස්ථාව ලබාදෙන බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති නිමල් ජී. පුංචිහේවා මහතා පැවැසීය. පළාත් පාලන මැතිවරණය ප්‍රකාශයට පත් කිරීම, තේරීම්භාර නිලධාරීන් කැඳවීම, ඇප මුදල් භාර ගැනීම ඇතුළු සියලු කටයුතුවලට අයත් ගැසට...
"මම චක්‍රලේඛය යැව්වේ කැබිනට් තීරණය අනුවයි – රාජ්‍ය පරිපාලන ලේකම්"
"පළාත් පාලන මැතිවරණයට අදාළ ඇප තැන්පත් මුදල් භාර ගැනීමෙන් වළකින ලෙස තමා ඡඛරැ2/2 යටතේ චක්‍රලේඛය නිකුත් කළේ ඉකුත් 10 වැනිදා අමාත්‍ය මණ්ඩලය ගත් තීරණයට අනුව බව රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශ ලේකම් නීල් බණ්ඩාර හපුවින්න මහතා සඳහන් කරයි. අදාළ නියෝගය නිකුත් කිරීමට හේතුව ද පෙරේදා (10 වැනිදා) ලේකම්වරයා සියලුම ...
"නීතියට පිටින් වැඩ කළ රාජ්‍ය පරිපාලන ලේකම් මුලින්ම අස්විය යුතුයි – පැෆරල් කියයි"
"මැතිවරණයට බලපෑම් වන ආකාරයට නිත්‍යානුකූලභාවයෙන් තොරව කටයුතු කළ රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම්වරයා මුලින්ම සිය තනතුරින් ඉල්ලා අස්විය යුතු බව පැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්‍ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා ‘දිවයින’ට පැවසීය. මැතිවරණය ප්‍රකාශයට පත්කර ඇති අවස්ථාවක රාජ්‍ය නිලධාරීන්ට මැතිවරණ කටයුතු වළක්වාලමින් චක්‍රලේඛ නිකුත් කිර...
"ලක්ෂ 200ක අල්ලස – කුසුම්දාසගේ-පියදාසගේ පෙත්සම නිෂ්ප්‍රභයි – දඬුවම ස්ථිරයි"
"රුපියල් ලක්ෂ 200ක අල්ලසක් ලබාගැනීම ඇතුළු අධි චෝදනාවලට වරදකරුවන් කරමින් බස්නාහිර පළාත්බද පළමු ස්ථිර මහාධිකරණ ත්‍රීපුද්ගල විනිසුරු මඬුල්ල විසින් නියම කළ සිර දඬුවම් ඇතුළු දණ්ඩන නියෝග අහෝසි කර තමන් නිදොස් කොට නිදහස් කරන්නැයි ඉල්ලා හිටපු ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ආචාර්ය කුසුම්දාස මහානාම රාජ්‍ය දැව සංස්ථාවේ හිටපු සභාපති...
"කැනඩාව කොටින්ට ආයුධ ගන්න මිලියන 4.55ක් දීලා"
"කැනඩාව කොටි සංවිධානයට අවි ආයුධ මිලයට ගැනීමට ඩොලර් මිලියන 4.55 ක මුදලක් සැපයූ බව එරට නැෂනල් පෝස්ට් පුවත්පතේ ස්ටුවට් බෙල් නමැති මාධ්‍යවේදියා අනාවරණය කර ඇත. සෑම වසරකට ලෝක ද්‍රවිඩ සංවිධානය කොටින්ට අවි ආයුධ මිලට ගැනීමට ඩොලර් මිලියන 3ක් විදේශගත බැංකුවලට යැවූ බව කැනඩා පොලිසිය සොයාගත් බව ද ස්ටුවට් බෙල් වැඩිදුරටත් හෙළි කර තිබේ...
"නීතිඥ සංගමයේ නව සභාපති කෞශල්‍ය"
"ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ නව සභාපති ලෙස නීතිඥ කෞශල්‍ය නවරත්න මහතා පත්කර ඇත. එහි නව ලේකම්වරයා ලෙස නීතිඥ ඉසුරු බාලපටබැඳි මහතා ඊයේ (11 වැනිදා) පත්විය. සභාපති තනතුරට පත්වූ කෞශල්‍ය නවරත්න මහතා වසර විසිහයක් නීති ක්‍ෂේත්‍රයේ කටයුතු කළ කීර්තිමත් නීතිඥවරයෙකි."
"ඡන්ද පෙට්ටි අළු ගසයි…"
"පළාත් පාලන මැතිවරණය සඳහා මේ වන විට ආණ්ඩුව කෙසේ වෙතත් මැතිවරණ කොමිෂන් සභාව සූදානම් වෙමින් සිටී. ඒ අනුව ගාල්ල දිස්ත්‍රික්කයේ වසර හතරක කාලයක් තිස්සේ ගබඩා කර තිබූ ඡන්ද පෙට්ටි පිරිසිදු කිරීම ද ඊයේ ආරම්භ කෙරිණ. ඡායාරූපයෙන් දැක්වෙන්නේ ගාල්ල බාලදක්ෂ මාවත ගබඩාවේ තිබෙන ඡන්ද පෙට්ටි පිරිසිදු කළ ආකාරයයි. අහංගම සුගතපාල දීයගහගේ, වංච...
"දරිද්‍රතාව ඉහළට නිෂ්පාදනය 9.2%කින් පහළට"
"ශ්‍රී ලංකාව ඇතුළු රටවල් කිහිපයක ඇතිවී ඇති ආර්ථික අර්බුද හේතුවෙන් එම රටවල දරිද්‍රතාවය ඉහළ ගොස් ඇති බව ලෝක බැංකුව පවසයි. ලෝක බැංකුව විසින් නිකුත් කරන ලද “ගෝලීය ආර්ථික අපේක්‍ෂා – 2023” නම් වාර්තාවේ මේ බව සඳහන් වේ. මේ වාර්තාවෙහි දැක්වෙන්නේ 2022 වසරේ දී ශ්‍රී ලංකාවේ නිෂ්පාදනය සියයට 9.2 කින් පමණ පහළ යා හැකි බවයි. දරිද්‍රතාව...
"පාඩු ආයතනවල අතිකාල දෙන්න මාසෙකට කෝටි 30ක්"
"දුම්රිය වාර්ෂික ආදායම කෝටි 200යි- වැටුප් හා අතිකාල කෝටි 260යි රාජ්‍ය සේවක වැටුප්, විශ්‍රාම වැටුප් හා සමෘද්ධි දීමනා ගෙවීමට මහා භාණ්ඩාගාරය සතුව මුදල් නොමැති බව කීවත් මෙරට පාඩු ලබන රාජ්‍ය ආයතනවල සේවකයන්ට අනවශ්‍ය පරිදි විවිධ දීමනා හා අතිකාල සඳහා මසකට රුපියල් කෝටි තිහකට වැඩි මුදල් ප්‍රමාණයක් ගෙවන බව විගණන වාර්තා මගින් පෙන්...
"සම්බාධක තොණ්ඩුව ආනන්ද සංගරීගේ"
"කැනඩා රජය හිටපු ජනපතිවරුන් දෙදෙනකුවන මහින්ද රාජපක්‍ෂ සහ ගෝඨාභය රාජපක්‍ෂ යන මහත්වරුන්ට හා හමුදා නිලධාරීන් දෙදෙනකුට සම්බාධක පනවා ඇත්තේ කැනඩා මන්ත්‍රී ගැරී ආනන්ද සංගරිගේ දැඩි බලපෑම නිසා බව හෙළිවී ඇත. ශ්‍රී ලංකාවේ හමුදාව එල්ලක්‍ෂ හතළිස් හයදහස් පන්සියයක ද්‍රවිඩ ජනතාවක් මරා දැමූබවට කැනඩා පාර්ලිමේන්තුව ලවා සමූල ඝාතන පනතක් සම...
"දින 10කට රට යන්න මහින්දට උසාවියෙන් අවසර"
"හිටපු අගමැති මහින්ද රාජපක්ෂ මහතාට ලබන 20 වැනිදා සිට 30 දක්වා දින 10ක කාලයක් විදේශගත වීමට කොටුව මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා ඊයේ (11 දා) අවසර ලබා දුන්නේ ය. ඔහුට පනවා තිබූ විදේශ ගමන් වැළැක්වීමේ නියෝගය තාවකාලිකව අත්හිට වූ බව ආගමන විගමන පාලකවරයා ඇතුළු බලධාරීන්ට වහාම දන්වා යවන ලෙසට ද මහෙස්ත්‍රාත්වරයා අධිකරණ රෙජිස්ට්‍රාර්වර...
"එක්සත් ජනපද ජාතික ආරක්ෂක කවුන්සිලයේ දකුණු ආසියානු ජ්‍යෙෂ්ඨ අධ්‍යක්ෂවරිය ජනපති හමුවෙයි"
"එක්සත් ජනපදයේ ජාතික ආරක්ෂක කවුන්සිලයේ දකුණු ආසියානු අංශයේ ජ්‍යෙෂ්ඨ අධ්‍යක්ෂ රියර් අද්මිරාල් අයිලීන් ලෝබකර් මහත්මිය ඊයේ (11 දා) පෙරවරුවේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමුවිය. රටේ වත්මන් ආර්ථික ගැටලුවලට විසඳුම් සෙවීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ගෙන ඇති සාධනීය පියවර පිළිබඳ ඇමෙරිකානු රජයේ ප්‍රසාදය අයිලීන් ලෝබකර් මහ...
"විධායකය සහ කැබිනට් මණ්ඩලය එකතු වී ඡන්ද අයිතිය අවහිර කිරීම ජනතාවගේ මූලික අයිතිය පාගාදැමීමක්"
"ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් සහතික කර ඇති මූලික අයිතියක් වන ඡන්ද අයිතිය ආණ්ඩුව, විධායකය සහ කැබිනට් මණ්ඩලය එකට එකතු වී අවහිර කිරීමට ගනු ලැබූ උත්සාහය ජනතාවගේ මූලික අයිතිය පාගා දැමීමක් බව විපක්ෂ නායකවරයා පැවසීය. මේ නිසා සමාජයේ ඇති වූ ආන්දෝලනය තුළ එම තීන්දුව ආපසු හරවා ගැනීමට සිදු වුවත් මේ වරද සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩලය ජාත...
"ටවර්හෝල් නාට්‍ය උළෙල"
"අපේක්ෂාවේ වේදිකා මංගල්‍යය අද ගුරු තරුව සහ පිරිමියෙක්ගෙන් පැමිණිල්ලක් මාධ්‍ය අනුග්‍රහය සහ ‘අපේක්ෂාවේ වේදිකා මංගල්‍යය ටවර් නාට්‍ය උළෙල 2023’ යටතේ අද (12 දා).. මීට දෙවසරකට පෙර අභාවප්‍රාප්ත වූ කෘතහස්ත ප්‍රවීණ කලා ශිල්පී ජයලත් මනෝරත්නයන්ගේ අධ්‍යක්ෂණයක් වූ ‘ගුරු තරුව’ (එලිෆින්ස්ටන් හිදී සවස 3.30 ට) සහ කපිල රත්නායකගේ පිරිමිය...
"පැරණි ණයවලටත් පොලී වැඩි කරලා"
"ඇතැම් බැංකු විසින් බැංකු ගනුදෙදෙනුකරුවන්ගේ පැරණි ණය වෙනුවෙන් වැඩි පොලී අනුපාත නියම කරමින් අලුතින් වාරික ගණනය කර ගෙවන ලෙස එම පාරිභෝගිකයන්ට දැනුම්දී ඇත. මේ නිසා බැංකු ණය ගැනුම්කරුවන් බොහොමයක් බලවත් දුෂ්කරතාවන්ට පත්ව ඇත. බැංකු විසින් තම ණය හිමියන්ට දන්වා ඇත්තේ පසුගිය කාලයේ මූල්‍ය වෙළෙඳපොළෙහි තැන්පතු පොලී අනුපාත ශීඝ්‍ර ලෙ...
"ඡන්දයට බාධා එපා – ශ්‍රී ලංකා නීතිඥ සංගමය රජයෙන් ඉල්ලයි"
"මැතිවරණ කොමිෂන් සභාවේ ස්වාධීන කාර්යයන්ට සහ ජනතාවගේ ඡන්ද බලය ක්‍රියාත්මක කිරීමට බාධා කිරීමක් ලෙස අර්ථ දැක්විය හැකි කිසිදු පියවරක් ගැනීමෙන් වළකින ලෙස ශ්‍රී ලංකා නීතිඥ සංගමය ජනාධිපතිවරයාගෙන් හා රජයෙන් ඉල්ලා සිටී. ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති ජනාධිපති නීතිඥ සාලිය පීරිස් සහ එහි ලේකම් ඉසුරු බාලපටබැඳි යන මහත්වරුන්ගේ අත්සනි...
"වෛරස් උණ දරුණුයි පරිස්ස ම හොඳයි – විශේෂඥ වෛද්‍ය නන්දන දික්මාදුගොඩ"
"මේ දිනවල ශීඝ්‍රයෙන් පැතිර යන වෛරස් උණ රෝග හේතුවෙන් ශ්වසන පද්ධතියට හානි සිදුවිය හැකි බැවින් ගැබිනි මවුවරුන්, වයස්ගත පුද්ගලයන් හා නිධන්ගත රෝගවලින් පෙළෙන්නන් ආරක්‍ෂාකාරීව කටයුතු කළ යුතු බව දකුණු කොළඹ මහ රෝහලේ කායික රෝග විශේෂඥ වෛද්‍ය නන්දන දික්මාදුගොඩ මහතා පවසයි. සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ ඊයේ (11දා) පැවැති මාධ්‍ය හමුවක ...
"මහින්දට ගෝඨාට සම්බාධක පැනවූ කැනඩාවට ශ්‍රී ලංකාවේ විරෝධය"
"ඇමැති අලි සබ්රි කොමසාරිස්වත් කැඳවයි මහින්ද රාජපක්ෂ සහ ගෝඨාභය රාජපක්ෂ යන හිටපු ජනාධිපතිවරුන්ට සහ හමුදා සාමාජිකයින් දෙදෙනකුට එරෙහිව සම්බාධක පැනවීමට කැනඩාව ගෙන ඇති තීරණයට විරෝධය පළකිරීමට ශ්‍රී ලංකා රජය තීරණය කර ඇත. ඒ අනුව ඒ සම්බන්ධයෙන් නිල වශයෙන් විරෝධය පළකිරීම සඳහා විදේශ කටයුතු ඇමැති අලි සබ්රි මහතා ඊයේ (11) පෙරවරුවේ මෙර...
"බිල වැඩි කිරීමට කොමිසම හරස් වුණොත් විදුලි කැපිල්ල වැඩිවෙයි"
"විදුලි ගාස්තු ඉහළ දැමීමට කොමිසම අවසර නොදෙන්නේ නම් දෛනික විදුලි කප්පාදුව අනිවාර්යයෙන් ම දිගු කිරීමට සිදුවන බව ලංවිම සභාපති නලින්ද ඉලංගකෝන් මහතා ‘දිවයින’ ට පැවැසී ය. උද්ගතව ඇති තත්ත්වය හමුවේ ගාස්තු වැඩි නොකළහොත් මණ්ඩලයේ පිරිවැය මහා භාණ්ඩාගාරය මගින් පියවිය යුතු බවද සභාපතිවරයා කීය. අදාළ නියාමන ආයතනය මගින් තීන්දු කරනු ඇතැය...
"බද්දෙන් බැටකන වෘත්තිකයන් රට හැර යනවා – සමස්ත ලංකා වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය"
"මේ මාසයේ සිට ක්‍රියාත්මක කිරීමට නියමිත වෘත්තිකයන්ගේ වැටුපෙන් බදු ලෙස විශාල මුදලක් අය කර ගැනීමේ රජයේ තීරණයට විරෝධය පළ කරමින් සෞඛ්‍ය වෘත්තිකයන් විශාල පිරිසක් රට හැර යෑමේ සූදානමක් පවතින බවට සමස්ත ලංකා වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය රජයට කියයි. රාජ්‍ය සේවයේ වැටුප් දීමනා කිසිවක් පසුගිය වසර හතක පමණ කාලයක සිට ලබා දීමට පියවර නොගත් ...
"ආශුගෙන් කප්පම් ඉල්ලූ ආදර්ශනී අත්අඩංගුවට"
"මහාචාර්ය ආශු මාරසිංහ මහතාගෙන් රුපියල් මිලියන 100ක කප්පම් මුදලක් ලබාගැනීමට උත්සහ කළ බව කියන ආදර්ශනී කරඳන නමැති කාන්තාව අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක ඒකකය මගින් ඊයේ (11දා) සවස අත්අඩංගුවට ගනු ලැබීය. ආශු මාරසිංහ මහතා කලක් ඇසුරු කළ කාන්තාවක වන ඇය පසුගියදා කරුණු හෙළිදරව්වක් ද කර තිබූ අතර ඇගේ කප්පම් ඉල්ලීම ගැන මාරසිං...
"ලක්‍ෂ 44ක් වැය කළ ‘එක රටක් එක නීතියක්’ හමස් පෙට්ටියේ"
"රුපියල් ලක්‍ෂ හතළිහකට අධික වියදමක් දරා එක රටක් එක නීතියක් සැකසීම සඳහා ගලගොඩඅත්තේ ඥානසාර හිමිගේ ප්‍රධානත්වයෙන් පත්කළ කමිටු වාර්තාව හමස් පෙට්ටියට ගොස් ඇතැයි එහි සාමාජිකයෝ පවසති. හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ උපදෙස් මත ගලගොඩඅත්තේ ඥානසාර හිමිගේ ප්‍රධානත්වයෙන් එක රටක් එක නීතියක් ව්‍යාපෘතිය ක්‍රියාත්මක කර තිබිණි. මා...
"මැණික් හා ස්වර්ණාභරණ කර්මාන්තයෙන් ඩොලර් බිලියන 1ක් ඉපැයීම 2023 ඉලක්කයයි – වැවිලි කර්මාන්ත ඇමැති වෛද්‍ය රමේෂ් පතිරණ"
"මැණික් හා ස්වර්ණාභරණ කර්මාන්තයෙන් 2023 වසරේ ඉලක්කය ඩොලර් බිලියන 1 ක අපනයන ආදායමක් බව කර්මාන්ත හා වැවිලි කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා සඳහන් කළේය. FACETS Sri Lanka Premier Edition මැණික් හා ස්වර්ණාභරණ ප්‍රදර්ශනය පසුගියදා කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටල් පරිශ්‍රයේදී ආරම්භ කෙරුණු අවස්ථාවේදී ඊට ප්‍රධාන ආරාධිතයා ලෙස ...
"සුඛෝපභෝගී ජීවිත ගෙවන ඇමැතිවරුන්ට නොතේරුණත් වැඩි වන විදුලි බිලෙන් කර්මාන්තකරුවෝ අනාථ වෙනවා"
"ජනවාරි මාසයේ සිට ක්‍රියාත්මක කිරීමට නියමිත විදුලි ගාස්තු සංශෝධනයෙන් හෝ ඒ සඳහා මිල සූත්‍රයක් පැනවීම මගින් සිය කර්මාන්ත විනාශ වන බවට සමස්ත ලංකා කුඩා කර්මාන්තකරුවන්ගේ සංවිධානය රජයට චෝදනා කර සිටී. නව විදුලි ගාස්තු සංශෝධනය ඔස්සේ මෙරට ඉදිකිරීම් කර්මාන්තය ද කඩා වැටීමට ලක්වීම වැළැක්විය නොහැකි බවත් එවන් තත්ත්වයක් යටතේ කොමිස් ල...
"ඉන්දියාවෙන් පාකිස්තානයෙන් බිත්තර ආනයනයට අවසර දෙන්නේ නෑ"
"ඉන්දියාවේ සහ පකිස්තානයේ කුරුලු උණ රෝගය පැවැති බැවින් එම රටවලින් බිත්තර ආනයනය කිරීමට කිසිදු ලෙසකින් අවසර ලබාදිය නොහැකි බව සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය හේමාලි කොතලාවල මහත්මිය පවසයි. පසුගිය මාස හයක කාලයේ දී එම රටවල කුරුලු උණ පැවැති බවට තොරතුරු ලැබී තිබෙන බව ද ඇය කීවාය. අවශ්‍ය නම් කුරුල...
"ජනවාරි මාසයේ සිට විදුලි බිලෙන් තරු විසිවෙයි!"
"රුපියල් 1880 ක බිල රුපියල් 4430 ට නගීරු. 360 අඩුම බිලත් 1300 ට නගීපුණ්‍යායතන සඳහා මෙතෙක් ඒකකයක් සඳහා අය කළ මුදල රුපියල් 32 සිට 50 දක්වා ඉහළටනව මිල සංශෝධනය නොකර රටේ ඉදිරි ගමනක් බැහැමිල සූත්‍රයක් හදන්න කංචනට උපදෙස් – ඇමැති බන්දුල කියයි කැබිනට් අනුමැතිය හිමිවූ නව විදුලි බිල සංශෝධනයට අනුව මාසිකව ඒකක 30 ක් භාවිත කළ දිළිඳු ...
"ආණ්ඩුවට සල්ලි නැහැ"
"අපේක්‍ෂා කළ ප්‍රමාණයට වඩා මෙම 2023 වසරේ දරුණු මූල්‍ය අර්බුදයකට භාණ්ඩාගාරය මුහුණ දී සිටින බව ජනාධිපතිවරයා කැබිනට් මණ්ඩලයට දන්වා සිටි බව කැබිනට් ප්‍රකාශක ජනමාධ්‍ය, මහාමාර්ග හා ප්‍රවාහන ඇමැති බන්දුල ගුණවර්ධන මහතා පැවසීය. මෙම ජනවාරි සහ පෙබරවාරි මාස දෙක සඳහා රාජ්‍ය අංශයේ වැටුප් ගෙවීම සම්බන්ධයෙන් දැඩි ගැටලුකාරී තත්ත්වයක් මත...
"පුංචි ඡන්දයට ඇප මුදල් භාර ගැනීම වහාම නවතන්න…. රාජ්‍ය පරිපාලන ලේකම්ගෙන් චක්‍රලේඛයක්"
"නැවත දැනුම් දෙනතුරු පළාත් පාලන මැතිවරණයට අදාළව ඇප මුදල් තැන්පතු භාර ගැනීමෙන් වළකින ලෙස රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යංශයේ ලේකම් නීල් බණ්ඩාර හපුහින්න මහතා සියලුම දිස්ත්‍රික් ලේකම්වරුන් වෙත ඊයේ (10 වැනිදා) චක්‍රලේඛයක් මගින් දැනුම් දී තිබේ. පෙරේදා (09 වැනිදා) රැස්වූ අමාත්‍ය මණ්ඩලය ගනු ලැබූ තීරණයකට අනුව මෙලෙස ඇප ...
"‘බඩගින්නේ ඉන්න අය ක්‍රිකට් බලන්න ඕනෑ නෑ’"
"කේරළ ක්‍රීඩා ඇමැතිගේ ප්‍රකාශයෙන් ඉන්දියාව හොල්මන් වෙයි ! කුසගින්නේ සිටින අය ක්‍රිකට් තරග නැරඹීමට යා යුතු නැති බව පවසමින් කේරළ ප්‍රාන්තයේ ක්‍රීඩා ඇමැති වී අබ්දුරහිවනන් කළ ප්‍රකාශයෙන් පිළිබඳව ඉන්දියාවේ මහත් ආන්දෝලනයක් ඇතිව තිබේ. කේරළ ක්‍රීඩා ඇමැතිවරයා මේ ප්‍රකාශය කර ඇත්තේ තිරුවානන්දපුරම්හි පැවැත්වෙන ශ්‍රී ලංකා ඉන්දියා ස...
"විදුලි බිල වැඩිකළ වහාම විදුලි පාරිභෝගිකයන් ලක්‍ෂ 74ක් සමග පාරට බහිනවා – රන්ජන් ජයලාල්"
"විදුලි ගාස්තු ඉහළ දැමීමට කොමිසම අවසර දෙන්නෙ කොයි මොහොතකද එතැන් සිට ලක්‍ෂ හැත්තෑ හතරක් වන විදුලි පාරිභෝගිකයන් සමග විදුලිබල මණ්ඩල සේවකයන් පාරට බසින බව ලංවිම ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානයේ කැඳවුම්කරු රන්ජන් ජයලාල් මහතා ‘දිවයින’ට පැවසීය. විදුලි ගාස්තු ඉහළ දැමීමට අදාළ යෝජනාවට පෙරේදා (09 දා) කැබිනට් මණ්ඩල අනුමැතිය පළවී තිබෙ...
"අපහාස ප්‍රචාර මගින් සැකකරු ගිය වසරේ ලක්‍ෂ 146 ක් උපයලා"
"දළදාවට නිගරු කළ සේපාල් යළි ඇතුළට ශ්‍රී දළදා වහන්සේට හා බොදු දහමට නිගරු වන ලෙස ප්‍රකාශ කිරීමේ චෝදනා එල්ල වී ඇති වෙබ් අඩවි ක්‍රියාකාරිකයකු වන සේපාල් වර්ණකුමාර අමරසිංහ නමැත්තා ලබන 17 වැනිදා දක්වා තවදුරටත් රක්‍ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා ඊයේ (10 දා) නියෝග කළේය. එම සැකකරු වෙනුවෙන්...
"හය හැවිරිදි සිසුවා ගුරුවරියට වෙඩි තැබුවේ අම්මාගේ පිස්තෝලෙන්"
"ඇමරිකාවේ වර්ජිනියා ප්‍රාන්තයේ ගුරුවරියකට වෙඩි තැබීම සඳහා සය හැවිරිදි සිසුවා භාවිත කර ඇත්තේ ඔහුගේ මවගේ පිස්තෝලය බව හෙළිව තිබේ. මේ දරුවා සිය බෑගයේ දමාගෙන පැමිණි පිස්තෝලයෙන් 25 හැවිරිදි ගුරුවරියට වෙඩි තබා ඇත. එම ප්‍රාන්ත පොලිස් ප්‍රධානියා පවසන්නේ මේ වෙඩි තැබීම හිතාමතාම සිදුකළ එකක් බවයි. ගුරුවරියගේ අතකට හා පපුවට වෙඩි ප්‍ර...
"අලියයි පොහොට්ටුවයි පුංචි ඡන්දයට එක්වෙයි"
"ඉදිරි පළාත් පාලන මැතිවරණයේදී එක්සත් ජාතික පක්‍ෂය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ එක්ව තරග කිරීමට ඊයේ (10 දා) තීරණය කළේය. එක්සත් ජාතික පක්‍ෂය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අතර ඊයේ (10 දා) පැවැති සාකච්ඡාවට එජාප මහ ලේකම්, පාලිත රංගෙ බණ්ඩාර, එජාප සභාපති වජිර අබේවර්ධන, එජාප නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන සහ ශ්‍රී ලංකා පොදුජන පෙරම...