Title stringlengths 9 246 | Content stringlengths 3 62.9k |
|---|---|
""මේ වසරේ පළමු සතියේ සංචාරකයෝ 20,875 ක් දිවයිනට"" | "2023 වර්ෂයේ පළමු දින හත තුළ පමණක් විදේශ සංචාරකයන් 20,875ක් මෙරටට පැමිණ තිබේ. ඉදිරියට චීන සංචාරකයන් ද මෙරටට පැමිණෙනු ඇති බව සංචාරක අමාත්‍යාංශය බලාපොරොත්තු වෙයි. පසුගිය දෙසැම්බර් මාසයේදී වාර්තාගත සංචාරක පිරිසක් ලංකාවට පැමිණ තිබේ. චතුර පමුණුව" |
"ආදර්ශනී කරඳනගේ අපේක්‍ෂිත ඇප අයැදුම ඉවතට" | "මහාචාර්ය ආශු මාරසිංහ මහතා සම්බන්ධයෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් මාධ්‍ය හමුවේ සිදුකළ ආදර්ශනී කරඳන නමැත්තිය අපේක්‍ෂිත ඇප ඉල්ලා ගොනුකර තිබූ ඉල්ලීම කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා ඊයේ (10 දා) ප්‍රතික්‍ෂේප කළේය. ආශු මාරසිංහ මහතා විසින් කරන ලද පැමිණිල්ලක් අනුව තමාව අත්අඩංගුවට ගැනීමට අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්ත... |
"පාලකයන්ගේ පව් ජනතාව පිට පටවන මේ ආණ්ඩුවට කිසිම සමාවක් දෙන්න එපා" | "ඇල්ලේ ගුණවංශ හිමි එළැඹෙන ඡන්දය තිත්තයාගේ වාරයයි, ඉන් නිසි ඵල ගනිමු හැත්තෑහතර වසරක් රට පාලනය කළ දේශපාලකයන්ගේ වංචා, දූෂණ සහ අක්‍රමිකතා විදුලි බිල නැවත නැවත වැඩි කිරීම තුළින් ජනතාව පිට පැටවීමට ක්‍රියාකරනු ලබන වත්මන් ආණ්ඩුවට කිසිදු සමාවක් දිය නොහැකි බව ඇල්ලේ ගුණවංශ හිමියෝ ‘දිවයින’ ට ඊයේ (10 දා) ප්‍රකාශ කළහ. කොකාට වාරයක් එ... |
"මොනරාගල එස්එස්පී පාස්කු ප්‍රහාරය ගැනත් සීඅයිඩීය ප්‍රශ්න කළ අයෙක්" | "මොනරාගල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි සිසිර කුමාර මහතා කංසා ජාවාරමට හසුවීමට කළින් 2019 වසරේ අප්‍රේල් පාස්කු ඉරිදා ප්‍රහාර පිළිබඳවත් රහස් පොලිසිය ප්‍රශ්න කළ අයෙක් බව පොලිස් ආරංචි මාර්ග කියයි. ඔහු එවකට මීගමුව සහකාර පොලිස් අධිකාරිවරයා ලෙස ක්‍රියාකර ඇති අතර පාස්කු ප්‍රහාරය ගැන කල්තියා දැන සිටියත් එය වැළැක්වීමට ක්‍රියා නොකිරීම ප... |
"ටවර්හෝල් නාට්‍ය උළෙල" | "අද – Love and lockdown සහ සඟ වෙද ගුරු ගොවි කම්කරු හෙට – ගුරු තරුව සහ පිරිමියෙක්ගෙන් පැමිණිල්ලක් මාධ්‍ය අනුග්‍රහය ‘දිවයින’ සහ ‘දි අයිලන්ඩ්’ අපේක්ෂාවේ වේදිකා මංගල්‍යය ටවර් නාට්‍ය උළෙල 2023 යටතේ අද (11 දා) සහ හෙට (12 දා) නාට්‍ය හතරක් වේදිකාගත කෙරේ. මේ යටතේ අද (11දා) එම්. සෆීර් විසින් අධ්‍යක්‍ෂණය කරන ලද Love and lockdown ... |
"මොණරාගල එස්එස්පී පරිහරණය කළේ ජාවාරම්කරුවකුගේ ප්‍රාඩෝ රථයක්" | "එස්එස්පීගේ නිල නිවසේ සිවිලිමේ ගංජා කිලෝ 06 ක්කල්ලියේ 06 දෙනා අතර පොලිස් රියැදුරු,ව්‍යාපාරිකයන් 02 ක් සහ නිධන් හෑරීමේ දක්‍ෂයෙක්මහින්දගේ පාලන සමයේ ප්‍රබල ඇමැතිවරයකුගේ පෞද්ගලික ආරක්‍ෂකයකු ලෙස ඉඳලානිධන් සෙවීමට යොදාගන්නා ස්කෑන් යන්ත්‍රයකුත් දැලේ මොනරාගල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි සිසිර කුමාර ඇතුළු සංවිධානාත්මක කණ්ඩායමක් විසින... |
"වැලිකතරේ ගොවිපළක හිරකරගෙන හිටි අපිව කුවේට් හමුදාව බේරා ගත්තා" | "රට ගියේ ලක්‍ෂ 5 ක් ගෙවලා ආපහු ආවේ හිස් අතින් කුවේට් ඉරාන දේශ සීමාවේ වැලි කතරක ගොවිපළක හිරකරගෙන අපිට දසවධ දුන්නා. කෑම වේලක් දුන්නෙත් අඬන කොටයි. වැටුපක්වත් ගෙව්වේ නැහැ. පහර කෑ අපේ සමහරුන්ට ලෙඩ වුණා. දෙවියන් වැනි කුවේට් හමුදාව ඇවිත් අන්තිමේදී අපේ ජීවිත බෙරා ගත්තා. ඒ මෙහෙයුම නොවන්නට අපිට අදත් මරණය සමග සටන් කරන්න වෙනවා. කු... |
"පාස්කු ප්‍රහාරය වළක්වා නොගත් එස්ඩීඅයිජී නිලන්තට පොලිසියේ ඉහළම නිලය දීමේ උත්සාහය හෙළා දකිනවා" | "මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමා පාස්කු ප්‍රහාරය වළක්වා ගැනීමට ක්‍රියා නොකිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇති ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන මහතාට ශ්‍රී ලංකා පොලිසියේ ඉහළම තනතුර පිරිනැමීමට ඇතැමුන් දරන උත්සාහය දැඩි ලෙස හෙළා දකින බව කොළඹ අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල්තුමා ඊයේ (9 දා) සඳහන් කළේය. මෙහිල... |
"මර්වින්ගේ තර්ජනයට එරෙහිව ජනසෙත පෙරමුණෙන් පොලිස් මූලස්ථානයට පැමිණිල්ලක්!" | "කුරුණෑගල පොතුහැර වදාකඩ ප්‍රදේශයේ පවත්වාගෙන යන ව්‍යාජ දළදා මාලිගාව පිළිබඳව මල්වතු අස්ගිරි මහනාහිමිවරුන්ට සහ රටේ බෞද්ධ ජනතාවට සත්‍ය තොරතුරු හෙළිකරමින් රටත් ජාතියත් අවධි කළ දළදා සුරැකීමේ ව්‍යාපාරයේ නිර්මාතෘ සහ ජනසෙත පෙරමුණේ සභාපති නිලන්ත රණසිංහ මහතාගේ නම කියමින් ප්‍රසිද්ධ මාධ්‍ය ඉදිරියේ අපහාසාත්මකව කතාකළ හිටපු ඇමැති මර්ව... |
"සීනි බද්ද අඩු කිරීමට එරෙහි හඳුන්නෙත්තිගේ පෙත්සම සලකා බැලීම කල්යයි" | "රුපියල් 50 ක්ව තිබූ සීනි බද්ද ශත 25 දක්වා අඩුකර මෙරටට සීනි ආනයනය කිරීම නිසා රජයට අහිමිවූ රුපියල් කෝටි 1595 කට අධික බදු මුදල වගඋත්තරකරුවන්ගෙන් අයකර ගැනීමට නියෝගයක් කරන්නැයි ඉල්ලා ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා විසින් ගොනුකර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම සලකා බැලීම වගඋත්තරකාර ... |
"කැමිලා භයානක කාන්තාවක් හැරී කුමරු මාධ්‍ය හමුවේ කියයි" | "එංගලන්ත රජ පවුලෙන් ඈත්ව සිටින හැරී කුමරු ඇමෙරිකානු වාණිජ රුපවාහිනි ආයතන වන සී.බී.එස්. (කොලම්බියා බ්‍රෝඩ්කාස්ටින් සිස්ටම්) රූපවාහිනි සේවාව හා අයි.ටී.වී. සමග සම්මුඛ සාකච්ඡාවන්ට එක්වෙමින් සිය පියා වන චාල්ස් රජුගේ බිරිය කැමිලා බිසව භයානක කාන්තාවක් ලෙස හඳුන්වා දී තිබේ. කැමිලා සිය ප්‍රතිරූපය නංවාලීම සඳහා රජ පවුලේ කතා සියල්ල... |
""රාජ්‍ය බැංකු දෙකකට ශ්‍රී ලංකන් ඩොලර් මිලියන 71,621ක් ණයයි"" | "ශ්‍රී ලන්කන් ගුවන් සමාගම රාජ්‍ය බැංකු දෙකකට රුපියල් මිලියන 71,621ක ණයක් ගෙවීමට ඇති බව ජාතික විගණන කාර්යාලය පවසයි. කෙටිකාලීන මුදල් අවශ්‍යතා සඳහා මෙම රාජ්‍ය බැංකු දෙකෙන් මෙම ණය මුදල ලබාගෙන ඇති බවද විගණනය මගින් අනාවරණය කොට ඇත. ගුවන් සමාගම විසින් 2016 – 2017 යන වර්ෂවල මහා භාණ්ඩාගාරයේ ඇපය මත ඩොලර් මිලියන 200ක් (ආසන්න වශයෙන... |
"ආර්ථික අර්බුදයෙන් ගොඩ එන්න ශ්‍රී ලංකාවේ ණය අවලංගු කරන්න" | "ලොව පුරා විසිරී සිටින විද්වතුන් 182 දෙනකු විසින් අත්සන් කරන ලද ලිපියක් මගින් ශ්‍රී ලංකාව මුහුණ පා ඇති ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒම සඳහා ප්‍රමාණවත් ණය අවලංගු කිරීමක් එම ණය ලබා දුන් ණය හිමියන් විසින් කළ යුතු බව කියා සිටී. එම ලිපිය මගින් ඔවුන් කියා සිටින්නේ රටේ විදේශ ණයවලින් 40% කට ආසන්න ප්‍රමාණයක් පුද්ගලික ණය හිමියන් සතු වන... |
"විදුලි බිලට එරෙහි 69 ලක්ෂයේ පෙත්සමෙන් අත්සන් ලක්ෂ එකහමාරක් කොමිසමට භාර දෙයි" | "විදුලි බිල වැඩි කිරීමේ යෝජනාවට එරෙහි හැටනව ලක්ෂයේ මහජන පෙත්සමේ පළමු අත්සන් එක්ලක්ෂ පනස් දහස මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා වෙත භාර දීමට විදුලිය පාවිච්චි කරන්නන්ගේ සංගමය ඊයේ (9දා) කටයුතු කළේය. ඕමල්පේ සෝභිත හිමියන් ඇතුළු මහා සංඝරත්නය ද අන්‍ය ආගමික පූජකවරු ද මේ අවස්ථාවට එක් වූහ. කොළඹ කොටුව දුම්රිය ස්ථානය අ... |
"බල්ගේරියානුවන් දෙදෙනකු සමග ඒටීඑම් යන්ත්‍රවලින් මුදල් ඇද්දැයි මීගහතැන්න පොලිසියේ පාලන අංශ ස්ථානාධිපති දැලේ" | "බල්ගේරියානු ජාතිකයන් දෙදෙනකු සමග එක්ව ගාල්ල ප්‍රදේශයේ පෞද්ගලික බැංකුවල ටෙලර් මැෂින් කඩා මුදල් සොරාගත් බව කියන මීගහතැන්න පොලිසියේ පරිපාලන අංශය භාර පොලිස් පරීක්‍ෂකවරයා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන අංශය මගින් ඊයේ (09දා) අත්අඩංගුවට ගෙන ඇත. මෙම ටෙලර් මැෂින් මුදල් සොරකමට සම්බන්ධ බල්ගේරියානු ජාතිකයන් ද... |
"මෙරට පොදු ප්‍රවාහනය නගාසිටුවීමට ඉන්දීය රජයෙන් ලැබෙන සහයෝගය ඉතාමත් ප්‍රශංසනීයයි" | "නිදහසින් පසු අපේ රට මුහුණ දී ඇති දැවැන්තම අර්බුදකාරි තත්ත්වය යටතේදී වුවත් මෙරට පොදු ප්‍රවාහන ක්ෂේත්‍රය නඟාසිටුවීමට ඉන්දීය රජයෙන් ලැබෙන සහයෝගය ඉතාමත් ප්‍රශංසනීයයි යැයි ප්‍රවාහන මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ උතුරු දුම්රිය මාර්ගයේ මහව සිට ඕමන්ත දක්වා කොටසේ ප්... |
"පොහොට්ටුව කොළඹට ඇප මුදල් තැන්පත් කරයි" | "ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ කොළඹ දිස්ත්‍රික්කය වෙනුවෙන් ඉදිරි පළාත් පාලන මැතිවරණය සඳහා ඇප මුදල් තැන්පත් කිරීම කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී ඊයේ සිදුකෙරුණි. අමාත්‍ය බන්දුල ගුණවර්ධන, මහ ලේකම් සාගර කාරියවසම් ඇතුළු පක්ෂ නියෝජිතයන් ඊට සහභාගී වූ අයුරු." |
"දකුණු ආසියානු බෞද්ධ මහා සම්මේලනයේ සභාපති ධුරයට රතන හිමියෝ පත් වෙති" | "මහාරාෂ්ට ප්‍රාන්තයේ බවුරී නගර් බෞද්ධ මහා විහාරයේ පැවති දකුණු ආසියාතික බෞද්ධ මහා සම්මේලනයේදී එහි සභාපතිවරයා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමිපාණන් පත්වූහ.මහාරාෂ්ට ප්‍රාන්තයේ බවුරී නගර් බෞද්ධ මහා විහාරයේදී 25000 ට අධික ජන සහභාගීත්වයෙන් සහිතව දකුණු ආසියාතික බෞද්ධ මහා සම්මේලනය පවත්වන ලදී. එම සම්මේලනයේදී පූජ්‍ය අ... |
"කැනඩා සිහින මවා ඉන්දියාවේ අතරමං කළ ශ්‍රී ලාංකිකයෝ 38ක් උපවාසයක" | "විදේශ රැකියා නියෝජිතයින් පිරිසක් විසින් කැනඩාවට යවන බව පවසා ඉන්දියාවේදී අතරමං කළ ශ්‍රී ලාංකික දෙමළ වැසියන් 38 දෙනෙකු ඔවුන්ව වහාම තම රටට යවන ලෙස ඉල්ලමින් ඉන්දියාවේ රැ`ඳවුම් කඳවුරකදී උපවාසයක් ආරම්භ කොට තිබේ.ඉන්දියාවේ කර්ණාටක ප්‍රාන්තයේදී මේ පිරිස උපවාසය ආරම්භ කොට තිබේ. රැකියා නියෝජිතයින් මේ පිරිස කැනඩාවට රැගෙන යන බව පවස... |
"බිත්තර ටෙන්ඩරයට ආනයනකරුවෝ 20 ක්" | "බිත්තර ආනයනය කිරීම සඳහා ඉදිරිපත් කරන ලද ටෙන්ඩරයට ආනයනකරුවන් 20 දෙනකු මිල ගණන් ඉදිරිපත් කර ඇතැයි වෙළෙඳ අමාත්‍යාංශය සඳහන් කරයි. ටෙන්ඩරය සඳහා මිල ගණන් කැඳවීම ඊයේ (9 දා) සවස අවසන් කළ අතර පසුව එම මිල ගණන් අවසන් අනුමැතිය ලබා ගැනීමට අමාත්‍යාංශයේ තාක්‍ෂණික කමිටුවට යොමු කිරීමට නියමිතය. මිල ගණන් ඉදිරිපත් කර ඇති බහුතරය ඉන්දියාවෙ... |
"බස් ගාස්තු බස්සන සාකච්ඡා අසාර්ථකයි" | "බස් ගාස්තු අඩු කිරීම සම්බන්ධයෙන් පෞද්ගලික බස් සංගම් සහ ජාතික ගමනාගමන කොමිෂන් සභාව අතර ඊයේ (09දා) පැවති සාකච්ඡා අසාර්ථක වී ඇත. එහිදී ඩීසල් මිල අඩු වුවද බස් ගාස්තු අඩු කළ නොහැකි බවට බස් හිමියන් විසින් හේතු කිහිපයක් ඉදිරිපත් කර ඇති අතර තවත් රුපියල් 30 කින් වත් ඩීසල් මිල අඩු කෙරෙන්නේ නම් බස් ගාස්තුව අඩු කළ හැකි බව බස් සංග... |
"ටවර් හෝල් නාට්‍ය උළෙල අද – මාරක ළිඳේ සවාරියක් සහ බක්මහ අකුණු" | "ටවර් හෝල් රඟහල පදනම මගින් ඉදිරිපත් කරනු ලබන ‘අපේක්‍ෂාවේ වේදිකා මංගල්‍යය ටවර් නාට්‍ය උළෙල 2023’ මෙම මස 24 වැනිදා දක්වා දිනපතා සවස 3.30 ට සහ 6.30 ට කොළඹ එල්ෆින්ස්ටන් සහ ටවර් රංග ශාලාවන්හිදී පැවැත්වේ. මේ යටතේ අද (10 දා) චාලක රණසූරිය අධ්‍යක්‍ෂණය කළ ‘මාරක ළිඳේ සවාරියක්’ එල්ෆින්ස්ටන් රඟහලේදී ද දයානන්ද ගුණවර්ධනයන්ගේ ‘බක්මහ අ... |
"සමගි ජන බලවේගයෙන් මහරට හසිත් බියගමට ජෝර්ජ්" | "සමගි ජනබලවේගයේ මහර ආසනයේ නව ආසන සංවිධායකවරයා ලෙස සජබ නායක හා විපක්‍ෂ නායක සජිත් පේ‍්‍රමදාස මහතා විසින් හසිත් ශ්‍යාමන් ගුණසේකර මහතා පත්කර තිබේ. එක්සත් ජාතික පක්‍ෂයෙන් 1977 මහර ආසනයට තේරීපත්වූ දිවංගත ටියුඩර් ගුණසේකර මහතාගේ මුණුබුරා වන හසිත් ගුණසේකර කොල්ලූපිටිය ශාන්ත තෝමස් විiාලයේ හා කොළඹ ජාත්‍යන්තර විදුහලෙහි අධ්‍යාපනය ල... |
"පුංචි ඡන්දයට මුදල්? – කියන තරම් යකා කළු නෑ" | "පළාත් පාලන මැතිවරණය සඳහා රුපියල් බිලියන 10 ක් පමණ වැයවන බව ප්‍රකාශ වුවත් මැතිවරණය පවත්වා අවසන් වන තෙක් මැතිවරණ කොමිසමට අවශ්‍ය වන්නේ රුපියල් බිලියන 5ක් වැනි මුදලක් බව එම කොමිසමේ සභාපති නීතිඥ නිමල් ජී. පුංචිහේවා මහතා ‘දිවයින’ට ඊයේ (8 දා) පැවසීය. ඉතිරි මුදල් ප්‍රමාණය මැතිවරණය පවත්වා මාස කිහිපයක් යන විට මැතිවරණ රාජකාරිවලට... |
"ගෝඨාගේ නිවස අසළ මුරපොළක – සාජන්ට වෙඩි තියන්න ගියැයි කොස්තාපල් රිමාන්ඩ්" | "හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ මිරිහානේ නිවස ආසන්නයේ පිහිටි පොලිස් මුරපොළක පොලිස් සැරයන්වරයකුට ටී 56 ගිනි අවියකින් වෙඩි තැබීමට උත්සාහ කළ බව කියන පොලිස් කොස්තාපල්වරයකු අත්අඩංගුවට ගෙන ගංගොඩවිල අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 16 වැනිදා දක්වා රක්‍ෂිත බන්ධනාගාර ගත කර ඇත. මෙම සිදුවීම ගෝඨාභය රාජපක්‍ෂ මහතාට යොදවා ඇත... |
"පුංචි ඡන්දය ගැන කොමිසමේ පොදු මතය ජනපති අද ඉල්ලයි" | "පළාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන් මැතිවරණ කොමිසමේ පොදු මතය අද (09දා) තමා අපේක්‍ෂා කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පසුගිය සිකුරාදා (6දා) යළි අවධාරණය කළේය. කොමිසමේ සාමාජිකයන් මත හතරක් දරන බවට තමා කළ ප්‍රකාශය කිසිසේත් බැහැර නොකරන බවද ජනාධිපතිවරයා සඳහන් කරයි. කොමිසමේ සාමාජිකයන් එක්ව සිටින බවට වාචික ප්‍රකාශ නොව නිල ප්... |
"පොතුහැර ව්‍යාජ දළදා මාලිගාවේ පත්තිරිප්පුව දැන් කඩනවා – ප්‍රශ්නය ඉවරයි – මර්වින් සිල්වා" | "පොතුහැර ප්‍රදේශයේ ඉදිකළ දළදා මාලිගාවට සමාන බව කියන ගොඩනැඟිල්ලේ පත්තිරිප්පුව තමා කළ දැනුම්දීම මත චෝදනාවට ලක්වූ පුද්ගලයා විසින් කඩා දැමීමට පටන් ගත් බව හිටපු ඇමැතිවරයකුවූ මර්වින් සිල්වා මහතා ‘දිවයින’ට ඊයේ (8දා) පැවැසීය. මෙම ගොඩනැඟිල්ල පිළිබඳව රටේ මහත් ආන්දෝලනයක් ඇතිවූ අවස්ථාවේ කොන්දපණ ඇති එක් දේශපාලනඥයකු හෝ එය කඩාදමන ලෙස... |
"බුද්ධාගමට ප්‍රමුඛස්ථානය ලබාදීම රජයේ වගකීමයි – ආචාර්ය මැදගම ධම්මානන්ද නාහිමි" | "ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් සහතික කර තිබෙන පරිදි බුද්ධාගමට ප්‍රමුඛස්ථානය ලබාදීම රජයේ වගකීම බව අස්ගිරි පාර්ශ්වයේ ලේඛකාධිකාරී, ආචාර්ය මැදගම ධම්මානන්ද නාහිමියෝ පවසති. දළදා වහන්සේ වැනි ලෝකවාසී බෞද්ධ ජනතාවගේ නොමද ගෞරවයට පාත්‍ර වූ ශුද්ධ වූ වස්තුවක් මුල් කරගෙන ව්‍යාජ තොරතුරු සමාජගත කරමින් ජනතාව නොමග යැවීමට හා කුපිත කරන්නට කව... |
"වතුකරයේ පක්‍ෂ 3ක් පුංචි ඡන්දයට සජබ සමග එක්වෙයි" | "කඳුරට ජනතා පෙරමුණ, කම්කරු ජාතික පෙරමුණ සහ කම්කරු ජාතික සංගමය පළාත් පාලන මැතිවරණයේදී සමගි ජන බලවේගය සමග සන්ධානගතව තරග කිරීමට තීරණය කර ඇති බව කම්කරු ජාතික පෙරමුණේ සහ කම්කරු ජාතික සංගමයේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී පලනි දිගම්බරම් මහතා පැවසීය. පළාත් පාලන ආයතනවලට කොට්ඨාස මට්ටමින් තරග කරන අපේක්ෂකයන් තෝරා ගැනීම එම කොට්ඨාසවල... |
"ඡන්දයට බිලියන 10ක් නැතැයි කීම ජනතාව මුළා කිරීමක් – අනුර කුමාර කියයි" | "පළාත් පාලන මැතිවරණය සඳහා රුපියල් බිලියන දහයක් සොයා ගැනීමට ආණ්ඩුවට නොහැකි නම් මෙම මාසය සඳහා රුපියල් බිලියන 700 ක් වන ආණ්ඩුවේ ඇස්තමේන්තුගත වියදම් සොයාගන්නේ කෙසේදැයි ජාතික ජන බලවේගය සහ ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා ඊයේ (08දා) ප්‍රශ්න කළේය. මෙම වසරේ ආණ්ඩුවේ මුළු වියදම ලෙස රුපියල් බිලියන 7900ක් වෙන් ක... |
"දළදාවට නිඟා කළ සේපාල්ට හිරගෙදරදී පහර දීලා" | "බුදු දහමට සහ ශ්‍රී දළදා වහන්සේට සමාජ මාධ්‍ය ඔස්සේ අපහාස කළ බවට චෝදනා එල්ල වීම නිසා කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ රක්‍ෂිත බන්ධනාගාර ගත කර සිටිනා සේපාල් අමරසිංහ නමැත්තාට පෙරේදා (7 දා) දහවල් පහරදීම සම්බන්ධයෙන් බන්ධනාගාර දෙපාර්තමේන්තුව මගින් විමර්ශනයක් ආරම්භ කර ඇත. මෙම පහරදීමට නිලධාරීන් සම්බන්ධවී ඇති බවට චෝදනා එල්ලවී ඇති බවත්... |
"මහව ඕමන්තේ දුම්රිය පාරට ඉන්දීය අතහිත" | "ඉන්දීය ණය යෝජනා ක්‍රමයේ අනුග්‍රහය යටතේ සිදුකෙරෙන මහව සිට ඕමන්තේ දක්වා දුම්රිය මාර්ගයේ නවීකරණ කටයුතු ආරම්භ කළ අවස්ථාවට ප්‍රවාහන ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන මෙරට ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් බග්ලේ, ඇමැති ඩග්ලස් දේවානන්දා රාජ්‍ය ඇමැතිවරුන් වන ශෙහාන් සේමසිංහ,සිරිපාල ගම්ලත් හා මෙරට දුම්රිය දෙපාර්තමේන්තුවේ ඉන්දීය රාජ්‍ය තාන්... |
"බිත්තර ආනයනයට ටෙන්ඩර් කැඳවීම අද සිට" | "අදින් ආරම්භ වන සතියේදී රාජ්‍ය විවිධ නීතිගත සංස්ථාව හරහා බිත්තර පිටරටින් ආනයනය කිරීමට පියවර ගන්නා බවද බිත්තර ආනයන සඳහා ටෙන්ඩර් භාරදීම අද (9 දා) ආරම්භ කරන බවද වෙළෙඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා පැවසීය. කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී ඇමැතිවරයා කියා සිටියේ අදාළ බිත්තර සතොස ඇතුළු සියලුම වෙළෙඳ සල්වලට ලබාදීමට කටයුතු කරන බවයි.... |
"2022 රබර් ආශ්‍රිත අපනයන ආදායම 39 % කින් ඉහළට" | "2021 වසරට සාපේක්ෂව පසුගිය 2022 වසරේ රබර් ආශ්‍රිත අපනයන තුළින් ලද ආදායම 39 % කින් ඉහළ ගොස් ඇති බවත්, රබර් අමුද්‍රව්‍ය ආනයන ප්‍රමාණය 93 % කින් පමණ පහළ ගොස් ඇති බවත් මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි. අමාත්‍යවරයා මේබව ප්‍රකාශ කළේ රුවන්වැල්ලදී ඊයේ උදෑසන පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමිනි. මෙහිදී තවදුරටත්... |
"චන්ද්‍රිකා හා මෛත්‍රි බණ්ඩාරනායක ජන්ම දින සමරුව වෙන වෙනම පවත්වති" | "දිවංගත, අගමැති එස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායක මහතාගේ 124 වෙනි ජන්ම දිනය නිමිත්තෙන් සමරු උත්සව දෙකක් වෙන වෙනම ඊයේ (08)පැවැත්විණි. ඉන් එකක් බණ්ඩාරනායක අගමැතිතුමන්ගේ දියණියන් වන හිටපු ජනපතිනි චන්ද්‍රිකා හා සුනේත්‍රා යන දෙපළගේය. ශ්‍රීලනිප මූලස්ථානයේ පැවැති අනෙක් පිංකම ශ්‍රීලනිප සභාපති හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන හා ... |
"ඡන්දයක් පවත්වා ජනමතය උරගා බැලීම පාලකයන්ගේ වගකීමයි" | "මැතිවරණයක් පවත්වා එමඟින් ජනමතය උරගා බැලීම සහ ඊට අනුගතව ක්‍රියා කිරීම රටෙහි තාවකාලික භාරකරුවන් පමණක් වන පාලකයන්ගේ වගකීම බවත් එහිලා වැයවන පිරිවැය අනාගත ආයෝජනයක් වනු ඇති බවත් ශ්‍රී ලංකාවේ මැතිවරණ නිරීක්‍ෂණ සංවිධාන ඒකාබද්ධ ප්‍රකාශයකින් අවධාරණය කරයි. පළාත් පාලන ඡන්ද විමසීම කල් දැමීම සඳහා මෙරට ක්‍රියාත්මක මැතිවරණ නිරීක්‍ෂණ ... |
"ශ්‍රී ලංකා – තායිලන්ත නිදහස් වෙළෙඳ ගිවිසුමේ තුන්වන වටයේ සාකච්ඡා සඳහා තායිලන්ත ප්‍රධානීහු දිවයිනට" | "ශ්‍රී ලංකාව සහ තායිලන්තය අතර යෝජිත නිදහස් වෙළෙඳ ගිවිසුමට අදාළ තුන්වැනි වටයේ සාකච්ඡා සඳහා සහභාගිවීමට තායිලන්ත රජයේ නියෝජිත කණ්ඩයම ඊයේ (08දා) පෙරවරුවේ දිවයිනට පැමිණියහ. තායිලන්ත වෙළෙඳ සාකච්ඡා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් අවුරමන් සුප්තාවිතුම් (්මර්පදබ ීමචඑය්ඇැඑයමප) මහත්මියගේ ප්‍රධානත්වයෙන් යුත් මෙම කණ්ඩායම නියෝජිතයන් ... |
"වරායෙන් මුදා නොගත් දොඩම් කිලෝ 72000ක් රෝහල්වලට" | "ආනයනය කොට වරායෙන් මුදා නොගත් කහ දොඩම් බහාලුම් 03ක් රෝහල්වලට බෙදාදීමට වරාය, නාවික හා ගුවන්සේවා ඇමැති නිමල් සිරිපාල ද සිල්වා මහතා තීරණය කළේය. ඒ අනුව පසුගිය දින එම කහ දොඩම් බහාලුම් 3ක් වරායේදී ඇමැති නිමල් සිරිපාල ද සිල්වා මහතා විසින් සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා වෙත භාරදෙනු ලැබීය. මෙම දොඩම් කොළඹ ජාතික රෝහල, රිජ... |
"මුල් කාර්තුවේ දී IMF හරි! – මහ බැංකුව කියයි" | "ශ්‍රී ලංකාවේ ණය හිමියන් සමග සිදුකළ සාකච්ඡා සම්බන්ධව දැනට ලබා ඇති සැලකිය යුතු ප්‍රගතියත් සමග ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මගින් ලබාදෙන පහසුකම මේ වසරේ (2023) මුල් කාලයේ දී ලැබෙනු ඇතැයි අපේක්‍ෂා කරන බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි. 2023 සහ ඉදිරිය සඳහා මුදල් සහ මූල්‍ය අංශ ප්‍රතිපත්ති පෙරදැක්ම මැයෙන් ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් ... |
"පළමු වතාවට පෙරටුගාමීනුත් පුංචි ඡන්දයට" | "පෙරටුගාමී සමාජවාදී පක්ෂය මෙවර පළාත් පාලන මැතිවරණයට තරග කරන බව එහි අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා ඊයේ (5 දා) පැවසීය. සිය පක්ෂය ගොඩනැංවූ පසු පළාත් පාලන මැතිවරණයට ඉදිරිපත් වන ප්‍රථම අවස්ථාව මෙය බවද ඔහු කීවේය. ඇතැම් පළාත් පාලන ආයතනවලට පෙරටුගාමී පක්ෂයෙන්ම නාම යෝජනා ලැයිස්තු ඉදිරිපත් කරන බවත් අනෙකුත් පළාත් පාලන ආයතනවලට වම... |
"පොහොට්ටුවේ හිටපු ප්‍රා. සභා මන්ත්‍රීවරු 90%ක් තරග බිමට" | "ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු පළාත් පාලන නියෝජිතයන්ගෙන් සියයට 95ක පමණ පිරිසක් මෙවර පළාත් පාලන මැතිවරණයට පිවිසෙන බව ස්ථීර වශයෙන්ම සනාථ කරන්නේ යැයි එම පෙරමුණේ ප්‍රධාන ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් මහතා ‘දිවයින’ට ඊයේ (05දා) පැවසීය. මේ හැර විවිධ රෝගාබාධවලට ලක්වූ සහ විවිධ චෝදනා ඇති හිටපු පළාත් පාලන නියෝජිතයන... |
"ඇමරිකාවේත් ඔමික්‍රෝන් පැතිරෙයි" | "ඇමරිකා එක්සත් ජනපදය ඇතුළු රටවල් කිහිපයක මෙම දිනවල ශීඝ්‍රයෙන් පැතිර යන ‘එක්ස් බී බී .1.5’ නමැති නව ඔමික්‍රෝන් කොරෝනා වෛරස් ප්‍රභේදය ගැන මෙම වසරේ ලොව පුරා රටවල් දැඩි අවධානයක් යොමු කළ යුතු කොරෝනා ප්‍රභේදය වනු ඇතැයි ඇමරිකානු සෞඛ්‍ය විශේෂඥයන් විසින් අනතුරු අඟවා තිබේ. මෙම නව ‘ඔමික්‍රෝන්’ ප්‍රභේදය නිසා ඇමරිකා එක්සත් ජනපදයෙන්... |
"ගෝඨාභය හා අයෝමා යළි එති" | "හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ ඔහුගේ බිරිඳ අයෝමා රාජපක්ෂ මහත්මිය ඊයේ (05 දා) උදෑසන ඩුබායි සිට කටුනායක ගුවන්තොටුපළ වෙත පැමිණි බව ගුවන්තොටුපළ කාර්යය භාර නිලධාරියා මෙන්ම ගුවන්තොටුපළ ආගමන විගමන දෙපාර්තමේන්තු ප්‍රකාශකවරයෙක් ද සනාථ කළේය. ඔවුන් ඊයේ (05 දා) උදෑසන 08.25 ට ඩුබායි සිට එමිරේට්ස් ගුවන් සේවයේ ඊ. කේ. – 650 දර... |
"පුංචි ඡන්දයට නම්දීම 18දා සිට" | "පළාත් පාලන ආයතන 340ක් සඳහා ඡන්ද විමසීම සිදුකිරීමට අදාළ නාමයෝජනා පත්‍ර භාරගැනීම ලබන 18 වැනිදා සිට 21 වැනිදා මධ්‍යහ්න 12.00 දක්වා සිදු කෙරෙන බව මැතිවරණ කොමිෂන් සභාව ඊයේ (04දා) ප්‍රකාශයට පත් කළේය. ඒ අනුව ඇල්පිටිය ප්‍රාදේශීය සභාව හැර මහ නගර සභා 29ක්, නගර සභා 36ක් හා ප්‍රාදේශීය සභා 275ක් සඳහා සභිකයන් තෝරා පත්කර ගැනීමට නියම... |
"කොමිසම බෙදිලා – නීතිපති උපදෙස් ගන්නවා – රජය කියයි" | "පළාත් පාලන මැතිවරණය පැවැත්වීමේ දින වකවානු ඉතාම ආසන්නව තිබියදී ජාතික මැතිවරණ කොමිසම තුළ ඇතිව තිබෙන බෙදීම සම්බන්ධයෙන් නීතිපතිවරයාගේ උපදෙස් ගැනීමට රජය තීරණය කර තිබේ. රජය මෙම තීරණයට එළැඹ ඇත්තේ පළාත් පාලන මැතිවරණය කැඳවීමේ ගැසට්ටුව නිකුත් කිරීමට ආසන්න අවස්ථාවක ජාතික මැතිවරණ කොමිෂන් සභාවේ අභ්‍යන්තරයේ ඇතිව තිබෙන බෙදීමක් සැලකි... |
"පුංචි ඡන්දයේ කිසිම කටයුත්තකට මම එන්නේ නෑ- ජනපති රනිල්" | "මහනගර සභා, නගර සභා සහ ප්‍රාදේශීය සභා සඳහා සභිකයන් පත්කර ගැනීමට පැවැත්වෙන පළාත් පාලන මැතිවරණයේ කිසිඳු ඡන්ද කටයුත්තකට තමන් සහභාගී නොවන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එක්සත් ජාතික පක්ෂයට ඊයේ (4දා) නිල වශයෙන් දැනුම් දුන්නේය. තමන්ට වරමක් දී ඇත්තේ ඡන්ද කිරීමට නොව දෙවසරක් ඇතුළත රට වැටී තිබෙන ආගාධයෙන් ගොඩගැනීමට බව සඳහන් ක... |
"බෙහෙත් නැතුව පිළිකා රෝගියෝ දෙවියන් යදිති" | "අත්‍යවශ්‍ය පිළිකා ඖෂධ 15 ක දැඩි හිඟය හේතුවෙන් දසදහසකට අධික පිළිකා රෝගීන්ගේ ජීවිත දැඩි අවදානමකට ලක්ව ඇතැයි, සමස්ත ලංකා වෛi නිලධාරීන්ගේ සංගමය රජයට කියා සිටී. මහරගම අපේක්‍ෂා රෝහල, රාගම, අවිස්සාවේල්ල, කුරුණෑගල, හලාවත, අනුරාධපුර, වව්නියාව, යාපනය, බදුල්ල, මාතර, රත්නපුර ඇතුළු රජයේ ප්‍රධාන රෝහල් 15 ක පිළිකා ඒකකවල රෝගීන් සඳහා ... |
"පළාත් පාලන ඡන්දයේ ප්‍රතිඵල ඇවිත් මාස 2න් මහ ආණ්ඩුව හදනවා" | "එදා ගෝඨාභය ගෙනැල්ලා රට හදයි කියලා බලාපොරොත්තු වෙච්ච අය, අද දන්නවා පොහොට්ටුවට යළි එය කරන්න බැරි බව. ඒ නිසා ඒ අයත්, එක්සත් ජාතික පක්ෂයේ බොහෝ අය අද ජාතික ජන බලවේගයට එකතු වෙලා තියෙනවා යැයි ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා පැවසීය. ඒ මහතා මේ බව ප්‍රකාශ කර සිටියේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ කලාවැව ආසන සමුළුව අමතමි... |
"කැලණියේ දෙවැනි වීථි පෙරහැර…." | "කැලණිය දුරුතු මහා පූජෝත්සවයේ දෙවැනි වීථි පෙරහැර ඊයේ (04 දා) පැවැත්විණි. විහාරාධිපති කැලණිය විශ්වවිද්‍යාලයේ කුලපති අග්ගමහා පණ්ඩිත මහෝපාධ්‍යාය මහාචාර්ය කොල්ලුපිටියේ මහින්ද සංඝරක්ඛිත නාහිමියන් විසින් බස්නායක නිලමේ තැන්පත් ධම්මික ආටිගල මහතාට සධාතුක කරඬුව භාරදීමෙන් පසු පෙරහැර විහාරස්ථානයෙන් ගමන් ඇරඹීමට සූදානම් වූ මොහොත. පි... |
"පොලිසියේ ලොකු පුටු 63කට වහාම මාරු – එස්ඩීඅයිජීලා 7කුත් ඒ අතර" | "ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් 07 දෙනකු ඇතුළු ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් 63 දෙනකු වහාම ක්‍රියාත්මක වන පරිදි මාරු කර යවා ඇත. ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරින් පිරිසක් විශ්‍රාම යෑමෙන් පසු ඇති වූ පුරප්පාඩු පිරවීම සඳහා මෙම නිලධාරීන් මාරු කර යැවූ බව පොලිස් මූලස්ථාන ආරංචි මාර්ග පැවසීය. ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් වන නිලන්ත ජය... |
"රු. 200 300කින් ලිට්‍රෝ ගෑස් මිල අද පහළට" | "කිලෝග්‍රෑම් 12.5 ක ලිට්‍රෝ ගෑස් සිලින්ඩරයක මිල අද (05 වැනිදා) සිට රුපියල් 200 ත් 300 ත් අතර මිලකින් පහළ දමන බව එම සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා ‘දිවයින’ට පැවසීය. මිල පහළ දමන නිශ්චිත ප්‍රමාණය අද ප්‍රකාශයට පත් කරන බව ද සභාපතිවරයා කීය.ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන් සහ චමින්ද සිල්වා" |
"බෙනඩික් පාප් වහන්සේ වෙනුවෙන් ජනපති ශෝකය පළ කරයි" | "16 වන බෙනඩික් හිටපු පාප් වහන්සේ ස්වර්ගස්ථ වීම වෙනුවෙන් ශෝකය පළ කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මතතා ඊයේ (04) පෙරවරුවේ කොළඹ පිහිටි අපෝස්තලික තානාපති කාර්යාලය වෙත ගියේය. 16 වන බෙනඩික් පාප් වහන්සේ වෙනුවෙන් සිය ශෝකය සනිටුහන් කරමින් එහි තැන්පත් කර ඇති විශේෂ ග්‍රන්ථයේ සටහනක් තැබූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා උන්වහන්සේග... |
"බස් ගාස්තු අධිවේගී බසී සාමාන්‍ය නොබසී" | "ඩීසල් මිල අඩු වුවද සාමාන්‍ය සේවා බස් ගාස්තු අඩු කිරීම සම්බන්ධයෙන් මෙතෙක් තීරණයක් ගෙන නැතැයි ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් නිලාන් මිරැන්ඩා මහතා ‘දිවයින’ට පැවසීය. පවතින වෙළෙඳපොළ තත්ත්වය අනුව බස් ගාස්තු අඩු කිරීමට හැකිදැයි යන්න සම්බන්ධයෙන් කරුණු අධ්‍යයනය කරමින් ඇති බවද මගීන්ට අසාධාරණයක් නොවන පරිදි බස් ගාස්ත... |
"බස් ගාස්තු අධිවේගී බසී සාමාන්‍ය නොබසී" | "ඩීසල් මිල අඩු වුවද සාමාන්‍ය සේවා බස් ගාස්තු අඩු කිරීම සම්බන්ධයෙන් මෙතෙක් තීරණයක් ගෙන නැතැයි ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් නිලාන් මිරැන්ඩා මහතා ‘දිවයින’ට පැවසීය. පවතින වෙළෙඳපොළ තත්ත්වය අනුව බස් ගාස්තු අඩු කිරීමට හැකිදැයි යන්න සම්බන්ධයෙන් කරුණු අධ්‍යයනය කරමින් ඇති බවද මගීන්ට අසාධාරණයක් නොවන පරිදි බස් ගාස්ත... |
"ගුවන්යානයේදී කැත වැඩක් කළ බීමත් මගියා ගැන මාසයකට පසු පරීක්ෂණ" | "නිව්යෝර්ක් සිට දිල්ලිය බලා ගමන් කළ එයාර් ඉන්දියා ගුවන්යානයක සිටි බීමත් මගියකු එහි සිටි තවත් මගී කාන්තාවකගේ ශරීරයට මුත්‍රා කර නිරුපද්‍රිතව පිටව යෑමේ පුවතක් වාර්තා වේ. මෙම සිද්ධිය සිදුව ඇත්තේ පසුගිය නොවැම්බර් 26 වැනිදාය. බීමත් මගියා 70 හැවිරිදි ගුවන්මගී කාන්තාවගේ ශරීරයට මුත්‍රා කර ඇති අතර ඇය මේ ගැන එහි කාර්යමණ්ඩලය දැනුව... |
"ගාලු පාරේ කොළඹ – කතරගම අර්ධ සුඛෝපභෝගී බස් සේවය නවතී" | "ගාලු පාර ඔස්සේ කතරගම සිට කොළඹ දක්වා ධාවනය වන අර්ධ සුඛෝපභෝගී බස්රථ සේවය ඊයේ (04දා) මධ්‍යම රාත්‍රී 12 සිට ඉවත් කර තිබේ. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ඊයේ පැවැති මාධ්‍ය හමුවකදී ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා මේ බව පැවසීය. කෙසේ වෙතත් එම මාර්ගයේ සාමාන්‍ය බස් රථ සහ සුඛෝපභෝගී බස් රථ ධාවනය වන බව ද ඒ අනුව අර්ධ සුඛෝපභෝ... |
"කැලණි රජ මහා විහාරයේ මහ පෙරහැර අද" | "ඓතිහාසික කැලණිය රජ මහා විහාරයේ දුරුතු මහ පෙරහැර අද (5 දා) රාත්‍රි 8.30 ට වීථි සංචාරය කෙරෙයි. පෙරේදා පැවැති උඩ මළුව පෙරහැරේ ධාතු කරඬුව වැඩමවීමට හෙලේනා විජයවර්ධන පරපුරේ දුමින්ද ආටිගල මහතා එක්වූ අයුරු. බස්නායක නිලමේ තැන්පත් ධම්මික ආටිගල මහතා ද අසල වෙයි. කොළඹ නාගරික මන්ත්‍රීවරයකුද වන දුමින්ද ආටිගල මහතා, ධම්මික ආටිගල මහතාග... |
"ලෝක තෙල් මිල බසී" | "ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල පහත වැටී තිබේ. ලොව විශාලතම බොරතෙල් ආනයනකරු වන චීනයේ ඉල්ලුම පහත වැටීම මෙන්ම ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ කළමනාකාර අධ්‍යක්ෂවරිය මේ වසර ගෝලීය ආර්ථිකයට අසතුටුදායක බව පැවසීමත් බොරතෙල් මිල පහත වැටීමට හේතුවී තිබේ. ඒ අනුව බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල පෙරේදා (03දා) ඩොලර් 3.81කින් එනම් 4.4%කින් පහත... |
"අපේ තෙල් මිල නගී" | "ඉන්ධන මිලේ වැඩි වීමක් අද හෙට (05, 06) සිදුවිය හැකි යැයි විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශ අභ්‍යන්තර ආරංචි මාර්ග පවසයි. මෙම මිල ඉහළ යෑම ඉන්ධන මත පනවා තිබූ තීරු බදු වැඩි කිරීම නිසා සිදුවිය හැකි බව ද එම ආරංචි මාර්ග කියා සිටී. ඔක්ටේන් 92 සහ ඔක්ටේන් 95 මත තිබූ රුපියල් 27ක තීරු බද්ද රුපියල් 52 දක්වා වැඩි කිරීමට මුදල් අමාත්‍යාං... |
"ශාෆ්ටර් ඝාතනයේ සාක්‍ෂි කැඳවීම විනිසුරු නිල මැදිරියේදී" | "පසුගියදා අභිරහස් ලෙස ඝාතනය වූ ජනශක්ති සමූහ ව්‍යාපාරයේ සභාපති කෝටිපති ව්‍යාපාරික දිනේෂ් ශාෆ්ටර් මහතාගේ මරණය සම්බන්ධයෙන් මූලික මහෙස්ත්‍රාත් පරීක්‍ෂණය ඊයේ (4 දා) කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් රජීන්ද්‍රා ජයසූරිය මහත්මියගේ නිල මැදිරියේදී පැවැත්විණි. මෙම මරණ පරීක්‍ෂණය ඊයේ ප්‍රථමයෙන්ම විවෘත අධිකරණය හමුවේ කැඳවූ අතර මරණකරුගේ බිරිඳ ... |
"ජ්‍යෙෂ්ඨ පුරවැසි ලක්‍ෂයට අඩු බැංකු පොලී බද්දෙන් නිදහස්" | "ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ රුපියල් ලක්‍ෂයකට අඩු බැංකු පොලී ආදායම රඳවා ගැනීමේ බද්දට යටත් නොකිරීමට තීරණයක් ගත් බව මුදල් රාජ්‍ය ඇමැති ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි. මේ බද්ද නිසා ජ්‍යෙෂ්ඨ පුරවැසියන් පත්වන අපහසුතා පිළිබඳව කරුණු අනාවරණය වීමෙන් පසුව මේ තීරණය ගත් බවද රාජ්‍ය ඇමැතිවරයා කියයි. මේ ගැන කරුණු පැහැදිලි කළ ඇමැතිවරය... |
"චෙම්මනි ඝාතනයට මරණ දඬුවම නියම වූ සෙබළුන් 4 දෙනා නියෝගය නොතකා දස වසරක් හිරේ" | "සුප්‍රසිද්ධ චෙම්මනි ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් වරදකරුවන් වී මරණීය දණ්ඩනය නියම කෙරුණු හමුදා සෙබළුන් සිව්දෙනා 1998 සිට 2008 දක්වා දසවසරක් දින ගණනය කිරීමකින් තොරව බන්ධනාගාරගත කර සිට ඇතැයි අනාවරණය වී තිබේ. බන්ධනාගාරය තුළදී මෙම සෙබළුන්ට සිදු වූ අසාධාරණයන් සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කිරී... |
"විශ්‍රාම වයස 60 ද – 65 ද? මාන බලයි" | "විශේෂඥ වෛද්‍යවරුන් හෙදියන්,දුම්රිය රියැදුරන් සහ ඉංජිනේරුවන් ඇතුළුවිශේෂ රාජ්‍ය සේවකයන්…. විශේෂඥ වෛද්‍යවරුන්, හෙදියන්, දුම්රිය රියැදුරන්, ඉංජිනේරුවන් වැනි විශේෂ රාජ්‍ය සේවකයන්ගේ විශ්‍රාම ගැන්වීමේ කාලය වසර 65 දක්වා දීර්ඝ කිරීමට රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ අවධානය යොමු වී ඇත. මේ සම්බන්ධයෙන් රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේදී සා... |
"පොලිස් රැකවලාගේ අතින් ශානිගේ රථයට වෙඩි වැදීම ගැන සීඅයිඩී පරීක්‍ෂණ" | "ආරක්‍ෂාවට යොදවා සිටි පොලිස් නිලධාරියකුගේ ගිනිඅවියක් පත්තු වී අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්‍ෂ විශ්‍රාමික පොලිස් අධිකාරි ශානි අබේසේකර මහතාගේ රථයකට වෙඩි වැදීමේ සිද්ධියක් පිළිබඳව අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව පුළුල් පරීක්‍ෂණයක් ආරම්භ කර තිබේ. බොරැල්ල, ඇල්විටිගල මාවතේ පිහිටි ඒ මහතාගේ නිවසේ නවතා තිබූ මෝටර් රථ... |
"බෙනඩික් පාප්වහන්සේගේ අවමඟුල් උළෙල හෙට වතිකානයේදී" | "මැල්කම් රංජිත් කාදිනල්තුමාත් යයි ස්වර්ගස්ථ වූ 16 වැනි බෙනඩික් පාප් වහන්සේගේ අවමංගල්‍ය උළෙල හෙට (05 දා) වතිකානයේ ශාන්ත පීතර චතුරශ්‍රයේදී සිදු කිරීමට නියමිතය. එම අවස්ථාවට සහභාගිවීම සඳහා කොළඹ අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල්තුමා ඊයේ (03 දා) අලුයම වතිකානය බලා පිටත්ව ගියේය. ලොව පුරා සිටින කාදිනල්වරුන්, අගරදගුරුවරුන් සහ රදගු... |
"දේශපාලකයන් ඇතුළු ප්‍රභූන් රැසකගේ දීමනා බද්දෙන් ගැලවිලා!" | "වැටුප පමණක් ලබන අයට බදු ගැසීම ගැන චෝදනා රුපියල් එක්ලක්ෂ පනස් දහසකට වඩා මාසික වැටුපකට හිමිකම් කියන පිරිස ඉලක්ක කර රජය මගින් පුද්ගල ආදායම් බද්දක් ජනවාරි මස සිට ක්‍රියාත්මක කර තිබුණත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, ආණ්ඩුකාරවරුන් සහ පළාත් සභාවල සභාපතිවරුන් ඇතුළු එක්තරා පිරිසකට හිමිවන විවිධ දීමනා මෙම බද්දට යටත් නොවන නිසා කොටස... |
"විදුලිය – තෙල් – රෝහල් අත්‍යවශ්‍ය සේවා කරයි" | "ජනපතිගෙන් අතිවිශේෂ ගැසට්ටුවක් වහාම ක්‍රියාත්මක වන පරිදි විදුලිබලය, ඛනිජ තෙල් හා රෝහල් ආශ්‍රිත සේවාවන් අත්‍යවශ්‍ය සේවා බවට පත්කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර ඇත. ජනාධිපතිවරයාගේ අණ පරිදි ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතාගේ අත්සනින් යුතුව මෙම ගැසට් නිවේදනය ඊයේ (03 දා) නිකුත් කර ඇත.... |
"ආදර්ශනී අත්අඩංගුවට ගැනීමේ තැතක් ගැන උසාවිය සීඅයිඩීයෙන් කරුණු අසයි" | "මහාචාර්ය ආශු මාරසිංහ මහතා සම්බන්ධයෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් කළ ආදර්ශනී කරඳන මහත්මිය අත්අඩංගුවට ගැනීමට උත්සහ දරන්නේ යැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් ලබන 10 වැනිදා තම අධිකරණයට කරුණු දක්වන ලෙස දන්වා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂවරයා සහ එම දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපතිවරයාට නොතීසි යැවීමට... |
"මිනිස් සිරුරු කොම්පෝස්ට් කරන්න නිව්යෝර්ක් ප්‍රාන්තයත් අවසර දෙයි" | "මිනිස් සිරුරු කොම්පෝස්ට්කරණයට ඇමෙරිකාවේ නිව්යෝර්ක් ප්‍රාන්තයේ අනුමැතිය හිමිව තිබේ. මරණයෙන් පසු සිය සිරුර පස්වලට හැරවීමට අමෙරිකානුවන්ට දැන් අවසර තිබේ. එය භූමදානය හෝ ආදාහනය සඳහා වඩාත් පරිසර හිතකාමී විකල්පයක් ලෙස සැලකෙයි. ‘ස්වාභාවික කාබනික හායනය’ ලෙස හැඳින්වෙන මෙම ක්‍රියාවලිය හරහා සිරුර බඳුනක දමා වසා සති කීපයක් දිරාපත් ව... |
"කංජිපානි තමිල්නාඩුවට පැන්නේ බුද්ධි සේවා දුර්වල නිසා" | "බීජේපී තමිල්නාඩු සභාපති ශ්‍රී ලංකාවේ පාතාල නායක කංජිපානි ඉම්රාන්ට නිරුපද්‍රිතව තමිල්නාඩුවට ඇතුළුවීමට හැකි වූයේ ප්‍රාන්ත බුද්ධි සේවාවල දුර්වලතාව නිසා බව භාරතීය ජනතා පක්‍ෂයේ තමිල්නාඩු ප්‍රාන්ත සභාපති කේ. අන්නමලේ පවසයි. කංජිපානි තමිල්නාඩුවට ඇතුළුවී ඇති බව මුලින්ම හෙළි කළේ හින්දු පුවත්පත මගිනි. මොහු තලේමන්නාරමේ සිට බෝට්ටු... |
"කෝටියක හොර ඖෂධ පිටකොටුවෙන් අල්ලයි" | "නීති විරෝධීව මෙරටට ආනයනය කරන ලද රුපියල් කෝටියකට අධික වටිනාකමින් යුත් ඖෂධ තොගයක් ජාතික ඖෂධ නියාමන අධිකාරියේ නිලධාරීන් විසින් ඉකුත්දා පිටකොටුව ප්‍රධාන පෙළේ ඖෂධ ගබඩාවක තිබී තම භාරයට ගෙන ඇත. තුර්කිය, ඉතාලිය, ඉන්දියාව, පාකිස්තානය යන රටවල්වලින් මෙම ඖෂධ හොර රහසේ මෙරටට ගෙන්වා ඇති බව ජාතික ඖෂධ නියාමන අධිකාරිය සඳහන් කරයි. පිළික... |
"සංචාරකයන් ලක්‍ෂ 7 ක් ගිය වසරේ ලංකාවට ඇවිත්" | "වැඩිම පිරිස ඉන්දියාවෙන් පසුගිය 2022 දෙසැම්බර් මාසයේ ශ්‍රී ලංකාවට පැමිණ ඇති සංචාරකයන් ප්‍රමාණය 91,961 ක් බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය සඳහන් කරයි. අධිකාරියේ නවතම දත්තවලට අනුව 2022 වසර තුළ මෙරටට පැමිණ ඇති සමස්ත සංචාරකයින් ප්‍රමාණය 719,978 ක් වේ. දෙසැම්බර් මාසයේ වැඩිම සංචාරකයින් පිරිසක් පැමිණ ඇත්තේ අසල්වැසි ඉන්දි... |
"පුංචි ඡන්දය එපා! විශ්‍රාමික හමුදා නිලධාරියකුගෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්" | "ඉදිරි පළාත් පාලන මැතිවරණය පැවැත්වීම සඳහා සිදු කෙරෙන සංවිධාන කටයුතු වළක්වන රිට් ආඥාවක් මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා ඇතුළු බලධාරීන්ට නිකුත් කරන ලෙස ඉල්ලා විශ්‍රාමික යුද හමුදා කර්නල්වරයකු වන ඩබ්ලිව්. එම්. ආර්. විජේසුන්දර මහතා විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ගොනු කර තිබේ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 140 වන ව්‍යවස්ථාවට අනු... |
"කැලණියේ උඩමළුවේ පෙරහැර…." | "ඓතිහාසික කැලණිය රජමහා විහාරස්ථ දුරුතු මහ පෙරහැරේ උඩමළුවේ පෙරහැර ඊයේ (3දා) රාත්‍රි පැවැත්විණි. පෙරහැර ඇරඹීමට පෙර කැලණිය රජමහා විහාරාධිපති සහ කැලණිය විශ්වවිද්‍යාලයේ කුලපති මහෝපාධ්‍යාය අග්ගමහා පණ්ඩිත මහාචාර්ය කොල්ලුපිටියේ මහින්ද සංඝරක්ඛිත නාහිමියන් විසින් කැලණිය රජමහා විහාරස්ථානයේ බස්නායක නිලමේ තැන්පත් ධම්මික ආටිගල මහතාට... |
"අහිතකර බිස්ෆීනෝල් අඩංගු ප්ලාස්ටික් බෝතල් සහ බඳුන් දරුවන් සඳහා භාවිතය එපා" | "පරිසර යුක්ති කේන්ද්‍රය මාපියන්ගෙන් ඉල්ලයි දරුවන්ගේ ඇස්වලට ශ්වසන පද්ධතියට හා සමේ අසාත්මිකතාවලට හේතුවිය හැකි ‘බිස්ෆීනෝල් A’ නම් අහිතකර රසායනිකය ප්ලාස්ටික් කිරිබෝතල් සහ දරුවන්ට භාවිතයට ලබාදෙන ජූස් ෆීඩින් කප්වල ඇති බවට බලධාරීන් දැනුවත් කළද තවමත් එම බඳුන් වෙළෙඳ පළේ දක්නට ලැබෙන බව පරිසර යුක්ති කේන්ද්‍රය නිවේදනයක් නිකුත් කරම... |
"ගල්අඟුරු හිඟය නිසා නම් විදුලි කප්පාදුව දික් කරන්නේ නෑ" | "ගල්අඟුරු සමාගමේ සභාපති ගල්අඟුරු නිසා නම් විදුලි කප්පාදුවේ වැඩිවීමක් සිදුවන්නේ නැතැයි ලංකා ගල්අඟුරු සමාගමේ සභාපති ෂෙහාන් සුමනසේකර මහතා ඊයේ (03 දා) ‘දිවයින’ට පැවසීය. ඇණවුම් කළ පරිදි හෙට (05 දා) රාත්‍රිය වනවිට ගල්අඟුරු මෙටි්‍රක් ටොන් 60,000 ක් රැගත් නැවක් පුත්තලමට පැමිණෙන බවත්, එම නැව පැමිණීමෙන් පසු මේ වනවිට නතර කර තිබෙන... |
"මත්පැන් දුම්වැටි බදු ඉහළට" | "සියලු මත්පැන්, වයින්, බියර් වර්ගවල නිෂ්පාදන බද්ද ඊයේ (03 දා) මධ්‍යම රාත්‍රියේ සිට සියයට 20 කින් ඉහළ දැමීමට මුදල් අමාත්‍යාංශය තීරණය කර ඇත. එමෙන්ම ජනවාරි මස 01 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි දුම්වැටි සඳහා වන බද්ද ද සියයට 20 කින් ඉහළ දමා තිබේ. නිෂ්පාදන බදු ඉහළ දැමීම හේතුවෙන් මත්පැන් මිලද ඉහළ නංවා තිබේ. ඒ අනුව විශේෂ අරක්... |
"ඉන්ධන මිල – විදුලි බිල වැඩිකර ජනතාවට බර පැටවීමට අපි එකඟ නැහැ" | "පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ සාගර කාරියවසම් පක්ෂයක් හැටියට අපි ඉන්ධන හෝ විදුලිබිල වැඩිකර ජනතාවට බර පැටවිය යුතු නැහැ කියන තැන සිටින බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ සාගර කාරියවසම් මහතා පැවසීය. ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂ මූලස්ථානයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක... |
"දූෂණය – වංචාව අයින් කළොත් විදුලි බිල වැඩි කරන්න ඕනෙ නැහැ" | "පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර විදුලිබල මණ්ඩලය සහ පෞද්ගලික විදුලි මිලදී ගැනීම් විශාල ප්‍රමාණයක් සිදු වෙනවා. ඒවා නිසි අයුරින් දූෂණය, වංචාවන් අයින් කරලා කළමනාකරණය කරන්න පුළුවන් වුණොත් නැවත වතාවක් විදුලි බිල වැඩි කරන්න ඕනෙත් නැහැයැයි සමගි ජන බලවේගයේ මෙහෙයුම් ප්‍රධානී පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා පැවසීය. වි... |
"පොහොට්ටුවේ අය විදුලි බිල වැඩි කිරීමේ යෝජනාවට අත් උස්සලා පදනමක් නැති මිනිස්සු වෙන්න එපා" | "පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චරිත හේරත් විදුලි බිල වැඩි කිරීමට කැබිනට් එකට ගෙනාපු පත්‍රිකාවට අත් උස්සලා කිසිම පදනමක් නැති මිනිස්සු වෙන්න එපා කියලා මම පොහොට්ටුවේ අයගෙන් ඉල්ලනවා යැයි පාර්ලිමේන්තු මංත්‍රී මහාචාර්ය චරිත හේරත් මහතා පැවසීය නිදහස ජනතා සභාව පෙරේදා(02දා) පැවැති මාධ්‍ය හමුවේදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා ම... |
"බම්බලපිටිය සිරි වජිරාරාමයේ දුරුතු පෝදා පිංකම්" | "බම්බලපිටිය සිරි වජිරාරාමයේ දුරුතු පොහෝදා පිංකම් 6 වැනිදා දවස පුරා පැවැත්වේ ඊට සමගාමීව පහත සඳහන් පිංකම් පැවැත්වීමට කටයුතු යොදා ඇත. පෙ.ව. 06.00 – 07.15 – සිල් සමාදන් කරවීම අනුශාසනාව සහ බුද්ධ පූජාව අග්ගමහා පණ්ඩිත ශාස්ත්‍රපති පූජ්‍ය තිරිකුණාමලේ ආනන්ද මහානායක හිමිපාණෝ, පෙ.ව. 08.00 – 09.00 – ධර්මානුශාසනාව – ගෞරව ශාස්ත්‍රවේද... |
"මවගේ ණය බරට පස් හැවිරිදි පුතු දිවිදෙයි – වස පානය කළ මවට සහ දියණියට බරපතළයි" | "මවක විසින් තම පුතුට සහ දියණියට වස පානය කිරීමට සැලැස්වීමෙන් අනතුරුව රිජ්වේ ආර්යා රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි පුතු පෙරේදා (01දා) මරණයට පත්ව ඇතැයි නාල්ල පොලීසිය පවසයි. මෙසේ මිය ගොස් ඇත්තේ ලෝලුවාගොඩ තලහේන පදිංචිව සිටි ඒ. ඒ පේෂාන් සචින්ත නමැති 05 හැවිරිදි දරුවෙකි. වයස අවුරුදු 9 ක් වන දියණියටත් 5 හැවිරිදි ... |
"ණය අර්බුදයට මුහුණ දුන් රටවලට IMF විසඳුම් සොයනවා – කළමනාකාර අධ්‍යක්‍ෂ ක්‍රිස්ටලිනා ජෝජියෝවා" | "ශ්‍රී ලංකාව ඇතුළු ණය අර්බුදයට මුහුණ දෙන රටවලට විසඳුමක් ගෙන ඒම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල දැඩි පරිශ්‍රමයකින් කටයුතු කරන බව එම අරමුදලේ කළමනාකාර අධ්‍යක්‍ෂිකා ක්‍රිස්ටලිනා ජෝජියෝවා මහත්මිය පවසයි. චීනය සහ ඉන්දියාව ඇතුළු සාම්ප්‍රදායික සහ සාම්ප්‍රදායික නොවන ණය දෙන්නන් සමග එක්ව ශ්‍රී ලංකාව වැනි රටවල අහිතකර ණය තත්ත්වයන් සමන... |
"මේ වසරේ කෙටිකාලීන ආර්ථික ස්ථායිතාවක් – මහ බැංකුවෙන් අපේක්‍ෂාවක්" | "සැලකිය යුතු ආර්ථික පසුබෑමකින් පසුව මේ වසරේ (2023) දී ශ්‍රී ලංකාවට ආර්ථික ස්ථායිතාව කෙටිකාලීනව ළඟාකර ගැනීමට හැකිවනු ඇතැයි අපේක්‍ෂා කරන බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි. නිදහස ලැබීමෙන් පසුව ශ්‍රී ලංකාවේ වාර්තා වූ අඩුම ආර්ථික වර්ධන මට්ටම සහ ඉතිහාසයේ වාර්තාවන ඉහළම උද්ධමන මට්ටම සමග තීව්‍ර වූ ආර්ථික අවදානම්වලින් පසුව සහ සැලකිය... |
"ගෝඨාභය ඇමෙරිකාවේ පුරවැසිභාවය ඉල්ලලා" | "හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නැවත ඇමෙරිකාවේ පුරවැසිභාවය ලබාගැනීම සඳහා අයැදුම් කර ඇති බව හින්දුස්ථාන් ටයිම්ස් වෙබ් අඩවිය ඊයේ (02 දා) වාර්තා කර තිබිණි. මේ අතර හිටපු ජනාධිපතිවරයාගේ පෞද්ගලික ලේකම් සුගීස්වර බණ්ඩාර මහතා එම පුවත ප්‍රතික්ෂේප කර තිබේ." |
"ගෝඨාභය ඇමෙරිකාවේ පුරවැසිභාවය ඉල්ලලා" | "හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නැවත ඇමෙරිකාවේ පුරවැසිභාවය ලබාගැනීම සඳහා අයැදුම් කර ඇති බව හින්දුස්ථාන් ටයිම්ස් වෙබ් අඩවිය ඊයේ (02 දා) වාර්තා කර තිබිණි. මේ අතර හිටපු ජනාධිපතිවරයාගේ පෞද්ගලික ලේකම් සුගීස්වර බණ්ඩාර මහතා එම පුවත ප්‍රතික්ෂේප කර තිබේ." |
"රක්‍ෂණ සංස්ථාව 61 වැනි උපන් දිනය සමරයි" | "නව අවුරුදු උදාවේ ශ්‍රී ලංකා රක්‍ෂණ සංස්ථාව රාජකරි ආරම්භ කිරීම සහ එහි 61 වන සංවත්සරය සැමරීම ඊයේ (02 දා) රක්‍ෂණ මන්දිර පරිශ්‍රයේදී සිදුවිය. එහිදී රක්‍ෂණ සංස්ථාවේ 61 වන උපන් දිනය සමරමින් සභාපති ජනාධිපති නීතිඥ රොනල්ඩ් සී. පෙරේරා, ප්‍රධාන විධායක නිලධාරි චන්දන අලුත්ගම, අධ්‍යක්‍ෂ ආචාර්ය කිත්සිරි මංචනායක යන මහත්වරුන් කේක් කපා... |
"කැලණිය මහා ශිෂ්‍ය සංගමයේ සභාපති හා නියෝජිතයෙක් අත්අඩංගුවට" | "කැලණිය විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ සභාපති කැලුම් මුදන්නායක සහ තවත් ශිෂ්‍ය නියෝජිතයකු තලංගම පොලිසිය විසින් ඊයේ (02 දා) අත්අඩංගුවට ගෙන ඇත. ප්‍රකාශයක් ලබාදීම සඳහා පොලිසියට පැමිණි අවස්ථාවේදී මෙම සිසුන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇත. පසුගිය ජූලි මස 10 වැනිදා අධ්‍යාපන අමාත්‍යාංශය අසල පැවැති උද්ඝෝෂණයක් අතරතුරදී එහි ගේට්ටුවට... |
"ඕමානයේ සුරක්‍ෂා නිවසේ සිටි පළමු කණ්ඩායම දිවයිනට" | "සංචාරක වීසා මගින් ඕමානයට ගොස් එහි සුරක්‍ෂා නිවස්නයේ රැඳී සිටි ශ්‍රී ලාංකිකයන් අතරින් පළමු කණ්ඩායම ඊයේ (02 දා) මෙරටට පැමිණීමට නියමිතව තිබිණි. අටදෙනෙකුගෙන් සමන්විත එම පළමු කණ්ඩායම ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය මගින් නැවත මෙරටට ගෙන්වීමට කටයුතු කර තිබූ අතර ඔවුන් ‘ඕමාන් සලාම්’ ගුවන් යානය මගින් දිවයිනට පැමිණීමට න... |
"ඩුබායි සිටින පාතාල නායකයන් 10 ක් ලංකාවට ගෙන්වීමට පියවර" | "පාතාල කල්ලි නායකයන් දස දෙනකු ඩුබයි රාජ්‍යයේ සිටින බව අනාවරණය වී ඇත. මොවුන් එරටින් මෙරටට පිටුවහල් කිරීමේ ක්‍රියාමාර්ග ඩුබායි නීතිපති වෙත යැවීමට රජය ක්‍රියාකරගෙන යයි. මෙම පාතාල නායකයන් මෙරටට පිටුවහල් කිරීම අඩපණවී තිබුණේ ඩුබායි රජය ශ්‍රී ලංකාවට එවූ පාතාල නායකයකු පොලිස් වෙඩි ප්‍රහාරයකින් මියයෑම නිසයි. මේ සම්බන්ධයෙන් ජාත්... |
"උතුරෙන් හමුදා කඳුවුරු ඉවත් කිරීමට රජය බැහැ කියයි" | "උතුරෙන් හමුදා කඳවුරු ඉවත් කිරීම රජය ප්‍රතික්‍ෂේප කර ඇත. හිටපු උතුරු මහ ඇමැති සී. විග්නේෂ්වරන් මහතා විසින් මෙම ඉල්ලීම කර ඇති අතර මුලතිව්හි කැප්සිලාම් හමුදා කඳවුර අහෝසි කරන ලෙස හිටපු මන්ත්‍රී ගජේන්ද්‍රන් කළ ඉල්ලීමද රජය ඉවත දමා ඇත. සංහිඳියා ක්‍රියාමාර්ගය සාර්ථක වීමට නම් හමුදා කඳවුරු ඉවත් කරන ලෙස ඔවුන් රජයෙන් ඉල්ලා තිබිණි... |
"2023 ආර්ථිකයේ තීරණාත්මක වසරක් වෙනවා – කිසිවෙකුට වගකීම්වලින් පැනලා යන්න බැහැ" | "රට තුළ සාමාන්‍ය තත්ත්වයක් ඇති කරන්න අපි පසුගිය මාස පහ හමාර තුළදී පියවර රැසක් ගත් බවත් රට ණය බරින් නිදහස් කර ගනිමින් ණය ප්‍රතිව්‍යුහගතකරණ වැඩසටහන ක්‍රියාත්මක කර අප ඉදිරියට යා යුතු බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. මෙරට ආර්ථිකයේ තීරණාත්මක වසරක් වූ 2023 වසරේ රට වෙනුවෙන් වූ වගකීම් කිසිවෙකුට පැහැර හැරිය නොහැකි බ... |
"13 ගන්න පාර්ලිමේන්තුවට බලපෑම් කළ යුතුයි – වර්ධරාජා පෙරුමාල්" | "13 + සංශෝධනය මුළුමනින්ම ක්‍රියාත්මක කිරීමට නම් ප්‍රධාන ජාත්‍යන්තර බලවේග ලවා ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවට බලපෑම් කරන ලෙස උතුරු නැගෙනහිර හිටපු මහ ඇමැති වර්ධරාජා පෙරුමාල් සඳහන් කර ඇත. වර්ධරාජා පෙරුමාල් උතුරේ සිටින අතර උතුරු නැගෙනහිර මහ ඇමැති ලෙස ක්‍රියා කරද්දී නීති විරෝධීව ස්වයං පාලනය ප්‍රකාශ කිරීම නිසා උතුරු නැගෙනහිර පළාත්... |
"හරි පාරෙත් ගියොත් අභියෝග ජය ගන්න අමාරු නෑ – පාර්ලිමේන්තු මන්ත්‍රී ඉමිතියාස් බාකීර් මාකර්" | "හරි පාරට රට අවතීර්ණ කර ගත්තොත් අභියෝග ජය ගන්න පුළුවන් යැයි සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී ඉමිතියාස් බාකීර් මාකර් මහතා පැවසීය. විපක්ෂ නායක කාර්යාලයේ ඊයේ (01) පැවැති මාධ්‍ය සාකච්ඡාවේදී අදහස් දැක්වූ මන්ත්‍රීවරයා වැඩිදුරටත් මෙසේද කීය. එදා ලංකාවට කිව්වේ දකුණු ආසියාවේ ස්විස්ටර්ලන්තය වෙන්න යන රට කියලා. අපි නිවැරදි දැක්... |
"ෂාෆ්ටර්ගේ දේහ කොටස් සහ ස්ථානීය සාක්‍ෂි ඩී එන් ඒ පරීක්‍ෂාවට රස පරීක්‍ෂකට යවයි" | "ජනශක්ති සමාගමේ අධ්‍යක්ෂ දිනේෂ් ෂාෆ්ටර් මහතාගේ රුධිර සාම්පල්, නියපොතු ඇතුළු දේහ කොටස් මෙන්ම අපරාධ ස්ථානයේ තිබී විමර්ශන නිලධාරීන් සොයාගත් ස්ථානීය සාක්කි කිහිපයක් සම්බන්ධයෙන් ඩී එන් ඒ පරික්ෂාව සිදු කිරීම සඳහා රජයේ රස පරික්ෂකවරයා වෙත යොමු කිරීමට කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් රජින්ද්‍රා ජයසූරිය මහත්මිය ඊයේ (02 දා) අපරාධ පරීක්ෂණ... |
"අසාධාරණ බදු හකුළා ගන්නා තෙක් වෛද්‍යවරු විරෝධතාවේ – සමස්ත ලංකා වෛද්‍ය නිලධාරි සංගමය" | "2023 වර්ෂය සඳහා ඉදිරිපත් කර ඇති අයවැය යෝජනාවලියේ ඇතුළත් ‘අසාධාරණ බදු ප්‍රතිපත්තියට’ එරෙහිව අනිද්දා (5 දා) සිට රට පුරා රෝහල්වලදී අඛණ්ඩ විරෝධතාවල නිරතවීමට සමස්ත ලංකා වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය තීරණය කර ඇත. යෝජිත බදු හේතුවෙන් වෛද්‍යවරුන් ඇතුළු සෞඛ්‍ය වෘත්තීයවේදීන් බලවත් අසාධාරණයකට ලක්වන බැවින් එම බදු ප්‍රතිපත්තිය ඉවත් කරන ... |
"සේවක විරෝධය අතරේ පොලිස් රැකවල් මැද මගනැගුම ලොක්කෝ ගෙදර යති" | "මාස තුනක් තිස්සේ මගනැගුම සේවකයන් කළ උද්ඝෝෂණයකින් පසු මගනැගුම සභාපතිවරයාට සහ විධායක අධ්‍යක්ෂවරයාට තනතුරු අතහැර පොලිස් ආරක්ෂාව මැද ආයතනයෙන් පිටවී යෑමට සිදුවීමේ පුවතක් පෑලියගොඩ මගනැගුම කාර්යාලයෙන් වාර්තා වේ. පෑලියගොඩ නුගේපාරේ පිහිටි මාර්ග සංවර්ධන අධිකාරියේ මගනැගුම ප්‍රධාන කාර්යාලයේ සේවකයන්ගේ හඬට කන්නොදී තම හිතුමතේ ආයතනයේ... |
"මහජන උපයෝගීතා කොමිසමට දේශපාලන බලපෑම් කිරීම ඉතිහාසගත වන වරදක් – කොමිසමේ සභාපති ජනක රත්නායක" | "දේශපාලන අධිකාරීත්වය මහජන උපයෝගිතා කොමිසමේ ස්වාධීනත්වයට බලපෑම් කිරීම, ඉතිහාස ගතවන වරදක් බව, එම කොමිසමේ සභාපති, ජනක රත්නායක මහතා ඊයේ (02දා) පැවැසීය. පසුගිය කාලයේ මහජන උපයෝගීතා කොමිසමට මෙසේ දේශපාලන බලපෑම් එල්ලවීම නිසා කොමිසම අභියෝගාත්මක තත්ත්වයකට පත්වූ බවද හෙතෙම සඳහන් කළේය. විදුලිබල පනතේ සහ මහජන උපයෝගීතා පනතේ පවතින ක්‍රම... |
"විදුලි බිල උස්සන යෝජනාව සතියක් පස්සට" | "විදුලි ගාස්තු වැඩි කිරීමේ යෝජනාව තවත් සතියකට කල් දැමීමට කැබිනට් මණ්ඩලය ඊයේ (2 දා) තීරණය කර ඇත. ඊයේ එම යෝජනාව කැබිනට් මණ්ඩලයේදී සාකච්ඡා වූ අවස්ථාවේදී ඇමැතිවරුන් කීපදෙනකුම අදාළ යෝජනාව කල් දමන ලෙස ඉල්ලීම් කළ බව වාර්තා වෙයි." |
"ලංවිමට ලාභයි: ජනතාවට පීඩා එපා – බිල වැඩි කරන්න දෙන්නේ නෑ" | "විදුලි බිල නැවත වැඩි කළහොත් එය නැවැත්වීමට කටයුතු කරන බව මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා පැවසීය. අත්තනෝමතික ලෙස විදුලි බිල වැඩිකිරීමට විෂයභාර ඇමැති කංචන විජේසේකර මහතාට අයිතියක් නැතැයි ද එසේ වැඩිකරනවා නම් අනිවාර්යයෙන්ම මහජන උපයෝගිතා කොමිසමේ අනුමැතිය හිමිවිය යුතු බව ද රත්නායක මහතා කීවේය. විදුලි බිල වැඩි කළො... |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.