Title
stringlengths
9
246
Content
stringlengths
3
62.9k
"පැතුම් රැසක් මැද ලෝකය 2023 උද්‍යෝගයෙන් පිළිගනී"
"2023 නව වසර උදාව සැමරීම වෙනුවෙන් දහස් සංඛ්‍යාත පිරිසක් 31 වැනිදා රාත්‍රියේ ගාලුමුවදොරට රැස්ව සිටියහ. කමින් බොමින් නොයෙක් විනෝද ක්‍රීඩාවල යෙදෙමින් නව වසර උදාවනතුරුම මේ පිරිස ගාලුමුවදොර ගතකළ අතර නව වසර උදාවෙද්දී එම ස්ථානයේ මල්වෙඩි සංදර්ශනයක් ද පැවැත්විණි. මේ අතිවිශාල ජනකාය තිළිණ කලුතොටගේ ඡායාරූපයකට මෙසේ හසුව තිබිණි.කොරෝ...
""විදුලි බිලට එරෙහිව අත්සන් 69 ලක්‍ෂය මාතරින් අරඹයි – ඊයේම අත්සන් 10,000ක්""
"විදුලි බිල වැඩි කිරීමට එරෙහිව ‘හැටනව ලක්ෂයේ ජනතා පෙත්සම‘ ආරම්භ කළ ඊයේ (1දා) දිනයේ ම දස දහසකට අධික ජනතාවක් ඊට අත්සන් තැබූ බව විදුලිය පාවිච්චි කරන්නන්ගේ සංගමයේ ලේකම් සංජීව ධම්මික මහතා පැවසීය. පෙත්සමට අත්සන් ගැනීම ඊයේ පෙරවරු අටට මාතර බෝ සමිඳු අබියස දී ඇරැඹිණි. පෙරවරු 10ට මාතර ප්‍රධාන බස් නැවතුම්පළ අසල දී ද, දහවල් දෙකට සී...
"විදුලි බිල උස්සන යෝජනාව අද කැබිනෙට්ටුවට"
"විදුලි ගාස්තු වැඩිකිරීමේ යෝජනාව විදුලි බල හා බලශක්ති ඇමැති කංචන විජේසේකර මහතා විසින් අද (02 දා) කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිතය. මේ අනුව මුල් ඒකක 30 සඳහා දැනට අයකරන රුපියල් 8 ක ගාස්තුව රුපියල් 30 දක්වාත්, ඒකක 31 සිට 60 දක්වා එක් ඒකකයකට අය කරන රුපියල් 10 ගාස්තුව රුපියල් 37 දක්වාත්, 61 සිට 90 දක්වා ඒකකයකට අයකරන ...
"විදේශිකයෝ දෙදෙනෙක් රාජ්‍ය බැංකුවක ඒටීඑම්වලින් කෝටියකට වැඩේ දීලා!"
"විදේශිකයන් දෙදෙනකු විසින් රාජ්‍ය බැංකුවකට අයත් හික්කඩුව, කරාපිටිය, බද්දේගම යන නගරවල පිහිටි ඒටීඑම් යන්ත්‍රවලින් රුපියල් එක්කෝටි හයලක්‍ෂ පනස්පන් දහසක මුදලක් පැය තුනක් ඇතුළත වංචනිකව ලබාගෙන ඇති බව ගාල්ල දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය පවසයි. එම විදේශිකයන් දෙදෙනා විසින් තාක්‍ෂණය භාවිත කොට ඒටීඑම් යන්ත්‍ර හා සම්බන්ධ පර...
"සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය යළි ගේන්න ජපානය සමග අද සාකච්ඡා කරනවා – ප්‍රවාහන ලේකම්"
"ජපානය මගින් මෙරට ක්‍රියාත්මක කිරීමට යෝජනා වී තිබූ සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය නැවත ක්‍රියාත්මක කිරීමට ජපානය සමඟ අද (02 දා) සාකච්ඡා කරන බව ප්‍රවාහන අමාත්‍යාංශ ලේකම් ප්‍රියන්ත මායාදුන්න මහතා පැවසීය. මෙම ව්‍යාපෘතිය කොළඹට ඉතා වැදගත් බවත්, එය ක්‍රියාත්මක කිරීම සඳහා මූලික වී කටයුතු කිරීම තමාගේ ප්‍රථම රාජකාරිය ලෙස සලකන බවත් ...
"ලංකා බැංකුවේ අනුග්‍රහයෙන් 2023 ලිත අද ‘දිවයින’ සමග"
"ඓතිහාසික දීඝවාපී පරිවාර චෛත්‍ය රාජමහා විහාරස්ථානයේ දර්ශනීය ඡායාරූපයක් සහිත ලංකා බැංකුවේ බැතිබර දායකත්වයෙන් ඔප කඩදාසියේ මුද්‍රිත 2023 වසර ලිත අද (02දා) ‘දිවයින’ පුවත්පත සමග නොමිලේ තිළිණ කෙරේ."
"දුම්රිය පුරප්පාඩු 9000 පනී – ගමන් වාර 50ක් අවලංගු වෙයි"
"දුම්රිය දෙපාර්තමේන්තුවේ කාර්ය මණ්ඩල සාමාජිකයන් විශාල පිරිසක් පෙරේදා (31 වැනිදා) විශ්‍රාම ලැබීම හේතුවෙන් දුම්රිය ගමන් වාර 50 ක් අවලංගු කර ඇතැයි දුම්රිය වෘත්තීය සමිති සන්ධානයේ ප්‍රධාන ලේකම් එස්. පී. විතානගේ මහතා ‘දිවයින’ ට පැවසීය. මෙම තත්ත්වය තුළ අද (02 දා) සිට දුම්රිය ධාවනය කිරීම ගැටලුසහගත තත්ත්වයක් බවට පත්වී ඇතැයි ද හ...
"ලයිට් බිල වැඩි කිරීමට එරෙහිව නීති විරෝධී වැඩ එපා – පොලිසිය ඉල්ලයි"
"විදුලි බිල වැඩි කිරීමට ගෙන ඇති තීරණයට එරෙහිව ඇතැමුන් සිදුකරන බව කියන විරෝධතා මුවාවෙන් නීති විරෝධී ක්‍රියා කිරීමට පොලිසිය කිසිසේත් ඉඩ තබන්නේ නැතැයි කොළඹ නියෝජ්‍ය පොලිස්පති ජී. චන්ද්‍රකුමාර මහතා ‘දිවයින’ට ඊයේ (01 දා) පැවසීය. මහාමාර්ග අවහිර වන ආකාරයට කටයුතු නොකරන ලෙසත් රාජ්‍ය දේපළවලට හානි නොකරන ලෙසත් මහජනතාවගේ ගමනාගමන පහ...
"නව වසර උදාවේ අනතුරුවලට ලක්වූ 209ක් ජාතික රෝහලේ"
"2023 නව වසර උදාවත් සමඟ සිදුවූ විවිධ අනතුරුවලට ලක්වූවන් 209 දෙනකු ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට පැමිණ ඇතැයි එහි නියෝජ්‍ය අධ්‍යක්‍ෂ වෛi රුක්ෂාන් බෙල්ලන මහතා ‘දිවයින’ ට ඊයේ (01 වැනිදා) පැවැසීය. ඒ අතරින් 99 දෙනකු නේවාසිකව ප්‍රතිකාර ලබන බවද හෙතෙම කීය. රෝහල් ගත කළ පිරිස අතර මහාමාර්ග අනතුරුවලට ලක්වූ 17 දෙනකුද, කලහකාරී සිද්...
"උ. පෙළ විභාගය 23දා අරඹන්න සියල්ල ලෑස්තියි – නව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර"
"ජනවාරි 23 වැනිදා ආරම්භවීමට නියමිත උසස් පෙළ (2022) විභාගය නියමිත පරිදි පැවැත්වීමට විභාග දෙපාර්තමේන්තුව කටයුතු කරමින් සිටින බව නව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා ‘දිවයින’ ට ඊයේ (01 දා) පැවසීය. අමිත් ජයසුන්දර මහතා වසර 20කට අධික කාලයක් විභාග දෙපාර්තමේන්තුවේ සේවය කරමින් සිට, නව කොමසාරිස් ජනරාල්වරයා ලෙස පත්වීම ලබ...
"නොරොච්චෝලේ නතර කළ යන්ත්‍රය 7දා යළි පණ ගන්වයි"
"නොරොච්චෝල ගල් අඟුරු බලාගාරයේ නතර කර තිබෙන දෙවැනි යන්ත්‍රයද ලබන 07 වැනිදා සිට ක්‍රියාත්මක කර ජාතික පද්ධතියට මෙගාවොට් 270 ක් ලබාදීමට කටයුතු කරන බව එම බලාගාර ඉංජිනේරුවෝ පවසති. දැනට බලාගාරයේ යන්ත්‍ර දෙකක් ක්‍රියාත්මක කර ඉන් නිපදවන මෙගාවොට් 540 ක් ජාතික පද්ධතියට එක්කර තිබෙන අතර අනික් යන්ත්‍රයද 07 වැනිදා ක්‍රියාත්මක කර ඉන් ...
"රජයේ වැඩපිළිවෙළ බෙදුම්වාදී න්‍යාය පත්‍රයකට අනුවයි"
"පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ රට වත්මන් අර්බුදයෙන් ගොඩගැනීමට රජය ගනු ලබන්නේ සර්ව පාක්‍ෂික වැඩපිළිවෙළක් නොව බෙදුම්වාදී න්‍යාය පත්‍රයකට අවශ්‍ය සර්ව පාක්‍ෂික වැඩපිළිවෙළක් බවත් අර්බුදය නිසි ලෙස වටහා ගෙන එය ජය ගැනීමේ අදිටන 2023 තුළ ඇතිකර ගත යුතු බවත් ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා පවසයි. වීරවංශ මහතා නිකුත...
"පොලිස් ලොක්කෝ 11ක් සේවය නිම කරති – එස්.ඩී.අයි.ජී. 2ක් ඩී.අයි.ජී. 2ක්"
"පොලිසියේ ඉහළ නිලතල දැරූ 11 දෙනකු පෙරේදා (31 දා) පොලිස් සේවයෙන් විශ්‍රාම ලැබූ බව පොලිස් දෙපාර්තමේන්තුව පවසයි. ඒ අතර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරු දෙදෙනක් සහ නියෝජ්‍ය පොලිස්පතිවරු දෙදෙනෙක් ද වෙති. පොලිස් දෙපාර්තමේන්තුවේ පරිපාලනය භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නන්දන මුණසිංහ හා ඌව පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ඩබ...
"ජනමතය එක්ක ගේම් ගහන්න එපා – රනිල්ටත් ආණ්ඩුවටත් අවධාරණය කරනවා"
"ජන මතය එක්ක ගේම් ගහන්න එපා කියලා රනිල්ටත් ආණ්ඩුවටත් අවධාරණය කරනවා යැයි ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර දිසානායක මහතා පැවසීය. හෙතෙම මේ බැව් පැවසූවේ බත්තරමුල්ල, පැලවත්ත ජවිපෙ ප්‍රධාන කාර්යාලයේදී ඉකුත් 30 වැනිදා පැවැති මාධ්‍ය හමුවේදීය.එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒමහතා මෙසේද කීවේය. පළාත් පාලන අලු‍ත් ආයතන 2022 මාර්තු 20 ...
"ගණන් බස්සන්න බිත්තර රටින් ගේන්න – බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති"
"බිත්තර මිල ඉහළ දැමීම පාලනය කිරීමට ඉන්දියාවෙන් හෝ පාකිස්තානයෙන් බිත්තර ආනයනය කළ යුතු බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්. කේ. ජයවර්ධන මහතා “දිවයින” ට ඊයේ (01 වැනිදා) පැවැසීය. එසේ නොවුනහොත් පාන් හැර සෙසු බේකරි නිෂ්පාදනවල මිලද ඉහළ දැමීමට සිදුවන බවත් රටේ බිත්තර ඉල්ලුමට සරිලන නිෂ්පාදනයක් නොමැති බවත් ඒ මහතා කියා...
"සෝම හිමියෝ තරුණ පරපුර යහමඟට ගැනීමට පුරෝගාමී මෙහෙවරක නිරත වුණා"
"අපවත් වී වදාළ ගංගොඩවිල සෝම හිමියන් තරුණ පරපුර යහමඟට ගැනීමටත්, බුදු දහම ලොව ප්‍රචලිත කිරීමටත් පුරෝගාමී වූ මහා යතිවරයාණන් වහන්සේ නමක් හැටියට අවංකවම අපි සියලුදෙනාම පිළිගත යුතු බව පල්ලේවෙල දේවරක්‍ෂිත නාහිමියෝ පැවසූහ. නාහිමියන් එසේ පැවසුවේ අපවත්වී වදාළ ගංගොඩවිල සෝම හිමියන්ගේ 19 වන ගුණානුස්මරණ උත්සවය, නුගේගොඩ දෙල්කඳ මංසන්ධි...
"ජනපති කොත්මලේ මහවැලි මහසෑය චෛත්‍යාරාමය වැඳ පුදා ගනී"
"ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉකුත් 30දා පස්වරුවේ කොත්මලේ මහවැලි මහසෑය පුදබිම වෙත ගොස් ආගමික වතාවත්වල නිරත විය. එහිදී කොත්මලේ මහවැලි මහසෑය භාරකාර විහාරාධිපති පූජ්‍ය තිස්පනේ ජිනානන්ද නායක හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නය සෙත් පිරිත් සජ්ජායනා කර ජනාධිපතිවරයා වෙත ආශිර්වාද පළ කළහ. පුදිබිමේ නිරීක්ෂණ චාරිකාවක නිරත වෙ...
"අලි – පොහොට්ටු හවුලට ගමට යන්න බෑ"
"නව වසරක් උදාවෙනවා. 2023 සාර්ථක අවුරුද්දක් වෙයි කියලා විශ්වාස කරන්නේ නෑ. කිරිබත් කෑල්ලක් කන්න බැරි තත්ත්වයට ජනතාව පත්වෙලා. ජනගහනයෙන් 55% ක් තුන්වේල කන්නෙ නෑ යැයි සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා පැවසීය. 2023 ටත් ආණ්ඩුවට කිසිදු සැලසුමක් නැහැ. පොදුජන පෙරමුණේ අයට නම් බදු බර ප්‍රශ්නයක් නොවෙන්න පුළුවන්. නමුත් ජ...
"ටෙන්ඩර් කැලේ ඉන්ධන නැවේ: බෙහෙත් හා ගල් අගුරුත් ඒ පාරෙන්ම!"
"රට බරපතල ආර්ථික අර්බුදයක ගිලි සිටීම දඩමීමා කරගනිමින් ටෙන්ඩර් පටිපාටියෙන් (ප්‍රසම්පාදන) තොරව ණය පදනමින් ඖෂධ, ගල්අඟුරු, ඉන්ධන ආදී රටට අත්‍යවශ්‍ය භාණ්ඩ ආනයනය කිරීමට යන බවට ජාතික විගණන කාර්යාලය වෙත තොරතුරු ලැබී තිබේ. ඊට හේතු වී ඇත්තේ අත්පිට මුදලට මෙම අත්‍යවශ්‍ය ද්‍රව්‍ය මෙරටට ගෙන ඒමට නොහැකි තත්ත්වයක් ඇති වී තිබීමයි. ඒ අනු...
"හිරුණිකාගෙන් හා ආදර්ශාගෙන් ආශු වන්දි ඉල්ලයි"
"තමා අපහාසයට ලක් කිරීම නිසා ඊට වන්දි වශයෙන් රුපියල් බිලියන 1.5ක් තමාට ගෙවන ලෙස ඉල්ලා ජනාධිපති පාර්ලිමේන්තු කටයුතු හිටපු උපදේශක මහාචාර්ය ආශු මාරසිංහ මහතා විසින් හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියට සහ ආදර්ශා කරදන යන අයට එන්තරවාසි යවා ඇත. මහාචාර්ය ආශු මාරසිංහ මහතා එමගින් කියා ඇත්තේ, තමා පිළිබඳ ව්‍යාජ වීඩියෝවක් සකසා එය පළ කිරී...
"බෞද්ධාගම ලොව හොඳම ආගම වෙයි"
"බෞද්ධාගම ලොව හොඳම ආගමට හිමි සම්මානය හිමිකරගෙන ඇත. මේ බව ජිනීවා ට්‍රි‍බියුන් පුවත්පත හෙළිකර තිබේ. ජිනීවාහි ආගමික ඉතාරාස් සංවිධානය මේ බව තීරණය කර ඇත. ආගමික නායකයන් 200 දෙනකු ඒකමතිකව මෙම තීරණය ගෙන තිබේ. ආගම් 38 කට අයත් නායකයන් මේ සඳහා ඡන්දය භාවිතා කර ඇත. ඉතාරාස් සංවිධානයේ පර්යේෂණ ප්‍රධානි ජොන්නි හල් පැවසුවේ බෞද්ධයන් කිසි...
"විදුලි යකා වරම ගනී"
"සියයට හැට පහකින් විදුලි බිල ඉහළ දැමීමට අදාළ යෝජනාව ඇතුළත් පත්‍රිකාව හෙට (02 වැනිදා) කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය. ඒ අනුව කැබිනට් අනුමැතිය ලැබුණු පසු අදාළ විදුලි බිල ඉහළ දැමීමට අදාළ යෝජනාව ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිසමේ (PUCSL) සභාපතිවරයා වෙත යොමු කිරීමට නියමිත බව ලංකා විදුලිබල මණ්ඩලය සඳහන් කළේය. ජාත්‍ය...
"විදුලි බිලට එරෙහිව රටම පාරට"
"මාස පහක් ඇතුළත දෙවන වරටත් විදුලි ගාස්තු සියයට 65 කින් වැඩි කිරීමට කැබිනට් අනුමැතිය ලැබී පැය විසිහතරක් ඇතුළත විදුලි පාරිභෝගිකයන් සියලු දෙනා පාරට බස්සා මේ තීරණය ආපස්සට කරකවන බව ලංවිම ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානයේ කැඳවුම්කරු රන්ජන් ජයලාල් මහතා කීය. විදුලි පාරිභෝගිකයන් ලක්‍ෂ හැත්තෑහතරක් මෙරට සිටින අතර ජනවාරි මාසයේදී සියය...
"නව වසරේ අවසන් මාස හයේදී ආර්ථිකය හරි මාවතට"
"මෙම වසරේ (2023) අවසන් මාස හයේ සිට ශ්‍රී ලංකා ආර්ථිකය යථා තත්ත්වයට පත්වීමේ මාවතට අවතීර්ණ වනු ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි. මේ අනුව සමස්තයක් ලෙස 2023 වසරේදී මධ්‍යස්ථ මට්ටමකින් ආර්ථිකය යථා තත්ත්වයට පත්වී, ආර්ථිකය වර්ධනය වීමට හිතකර පරිසරයක් නිර්මාණය කිරීමට මග පාදමින් ලබන වසරේ (2024) සිට ආර්ථිකය වර්ධන වේගය ක්‍රමයෙන් ඉහ...
"නව වසරේ මුල් සතියේදී සජිත්ගෙන් බස් 7 ක්"
"මෙම වසරේ මුල් සතියේ දී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් පාසල් සඳහා බස්රථ 07ක් ලබා දීමට සැලසුම් කර ඇත. ඒ අනුව විපක්ෂනායකවරයා හෙට (02 දා) සවස උඩුගම, බද්දේගම ජාතික පාසලට බස් රථයක් පිරිනැමීමට නියමිතය. අනතුරුව අනිද්දා (03 දා) දින පාසල් 03ක් සඳහා බස් රථ 03ක් ද, 04 වැනිදා බස් රථ 03ක් ද පිරිනැමීමට කටයුතු යොදා ඇති බව සම...
"යුද අපරාධ සොයන්න දේශීය යාන්ත්‍රණයක්"
"ශ්‍රී ලංකා හමුදාවට එල්ලවූ යුද අපරාධ චෝදනා ගැන වසර 14 කට පසු දකුණු අප්‍රිකානු රජයේ සහය මත දේශීය යාන්ත්‍රණයක් මගින් විමර්ශනය කිරීමට රජය තීරණය කර ඇත. එක්සත් ජාතීන්ගේ සංවිධානය 2023 සහ 2024 වසරවලදී යුද අපරාධ චෝදනා එල්ලවූ හමුදා නිලධාරීන්ට ඩොලර් බිලියන 1.2 ක් වැයකර නඩු ගොනු කිරීමට සූදානම් වීම නිසා ඊට පෙර මෙම දේශීය යාන්ත්‍රණය...
"අලුත් වසරේ දේශගුණ විපර්යාස"
"2023 වසරේ ලොව බරපතළ දේශගුණික විපර්යාසයක් සිදුවන බව ඇමරිකානු නාසා ආයතනය සමස්ත ලෝක ජනතාවට අනතුරු අඟවා ඇත. අධි උෂ්ණාධික සුළං, ලැව්ගිනි සහ දැඩි වියළි කාලගුණික තත්ත්වයකට රටවල් රැසක් මුහුණ පාන අතර, රටවල් එම දේශගුණික විපර්යාසයන්ට සූදානම්වී නැතැයිද නාසා ආයතය කියයි. මේ නිසා ලොව දේශගුණික තත්ත්වය සෙන්ටිග්‍රේඩ් අංශක 15 කින් උෂ්ණා...
"නිදහස් වෙළෙඳ ගිවිසුම්වලට රජය පෙම් බඳියි"
"රාජ්‍යයන් කිහිපයක් සමග භාණ්ඩ හුවමාරු කර ගැනීම වෙනුවෙන් නිදහස් වෙළෙඳ ගිවිසුම් අත්සන් කිරීමට රජය තීන්දු කර ඇත. ඒ අනුව පළමු වටයේ ඉන්දියාව, චීනය සහ තායිලන්තය සමග නිදහස් වෙළෙඳ ගිවිසුම් අත්සන් කර ගැනීම වෙනුවෙන් රාජ්‍ය තාන්ත්‍රික මට්ටමෙන් යෝජනා ඉදිරිපත් කර තිබේ. මේ සඳහා රජය ඉදිරිපත් කළ යෝජනාවට මේ වන විටත් තායිලන්තය සිය කැමැත...
"පුංචි ඡන්දය නැත්නම් ජනාධිපතිවරණය නොවැම්බර්යේ"
"පළාත් පාලන මැතිවරණය යම් හේතුවක් මත කල් ගියහොත් මෙම වසර (2023) අවසානයේදී මීළඟ ජනාධිපතිවරණය පැවැත්වීමට රජයේ අවධානය යොමුවී තිබේ. එලෙස ජනාධිපතිවරණයක් සඳහා අවස්ථාව උදාවනුයේ වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති අපේක්ෂකයකු වන්නේ නම් ඔහුට වසරකට පෙර ජනාධිපතිවරණය කැඳවීමේ විශේෂ අවස්ථාව ව්‍යවස්ථාවෙන් සැලසෙන බැවිණි. මීළ...
"මත්ද්‍රව්‍ය වටලන්න ඖෂධවේදියෙකුත් එයි"
"මත්ද්‍රව්‍ය වැටලීම්වල නියැළි සිටින පොලිස් කණ්ඩායම් ඒවා හඳුනා ගැනීමට ඖෂධවේදියෙකුද යොදා ගන්නා බව ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙක් ‘දිවයින ඉරිදා සංග්‍රහය’ට පැවසීය. මෙම වැටලීම්වලදී සොයා ගන්නා මත්ද්‍රව්‍ය හරි හැටි හඳුනා ගැනීම සඳහා මෙම ක්‍රියාමාර්ගය ගෙන ඇතැයිද ඔහු පැවසීය. ඇතැම් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් හෙරොයින්, අයිස් වැනි මත්ද...
"මාස 10 ට පාතාල ඝාතන 57 ක්"
"ගත වූ මාස 10 ක කාල සීමාවේදී සන්නද්ධ පාතාල කණ්ඩායම් විසින් පුද්ගලයන් 57 දෙනකු වෙඩි තබා ඝාතනය කර ඇති බව පොලිස් ආරංචිමාර්ග පවසයි. මෙම ඝාතනවලින් වැඩි ප්‍රමාණයක් සිදු වී ඇත්තේ බස්නාහිර සහ දකුණු පළාත කේන්ද්‍ර කරගෙන බව එම ආරංචිමාර්ග වැඩිදුරටත් පැවසීය. මත්ද්‍රව්‍ය ජාවාරම්, පලිගැනීම් සහ පාතාල කල්ලි අතර පවතින ආරවුල් මෙම ඝාතනවලි...
"ජල පොලු තිබ්බ අයට අද සිට වැඩ වරදියි"
"බිල්පත් හිඟ පාරිභෝගිකයන්ගේ ජල සැපයුම් ජනවාරි මස 01 වැනිදා සිට විසන්ධි කිරීමට ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය තීරණය කර ඇත. පාරිභෝගිකයන්ගෙන් රුපියල් මිලියන 7500ක හිඟ මණ්ඩලයට අයවීමට ඇති බව එහි ප්‍රකාශකයෙක් ‘දිවයින ඉරිදා සංග්‍රහය’ට පැවැසීය. මෙම හිඟ මුදල රුපියල් මිලියන 5500ක් ගෘහස්ථ ජල පාරිභෝගිකයින් ද, රුපියල් මිලියන දහ...
"කළු කඩ අළු කරන පනතක්!"
"පාරිභෝගිකයන් ගසාකන වෙළෙඳුන්ගේ වෙළෙඳ බලපත්‍ර අහෝසි කිරීම සඳහා ඉදිරි දින කීපය ඇතුළත පනතක් සම්මත කිරීමට කටයුතු කරන බව වෙළෙඳ ඇමැති නලින් ප්‍රනාන්දු මහතා ‘දිවයින ඉරිදා සංග්‍රහය’ ට ප්‍රකාශ කළේය. රටේ පැනනැගී තිබෙන තත්ත්වය මුවාවෙන් බොහෝ වෙළෙඳුන් භාණ්ඩවල මිල හිතූ හිතූ ලෙස ඉහළ යවා අහිංසක පාරිභෝගිකයන් ගසාකෑමට පටන්ගෙන තිබෙන බවද ඇ...
"ඉලක්කවලට යන්නැති අමාත්‍යාංශ ලේකම්වරු මාස 6 න් දොට්ට"
"රාජ්‍ය පරිපාලන සේවයේ කාර්යක්ෂමතාව පවත්වා ගෙන යෑම වෙනුවෙන් ජනාධිපති ලේකම් සමන් ඒකානායක මහතා සහ සියලු අමාත්‍යාංශ ලේකම්වරුන් අතර එකඟතා ගිවිසුමක් මෙම වසරේ දී (2023) අත්සන් කිරීමට කටයුතු යොදා ඇත. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් මත ජනාධිපති ලේකම්වරයා විසින් මෙම තීරණය ගෙන තිබේ. තමන් ලේකම් ධුරය දරන අමාත්‍යාංශයන් හි ක...
"පාසල් බෑග් චෙක් කිරීම නවත්වයි"
"මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් නිශ්චිත තොරතුරක් ලැබුණොත් පමණක් පාසල් දරුවන් පරීක්‍ෂා කරන ලෙසත් නිකරුණේ පාසල් දරුවන්ගේ පොත් බෑග පරීක්‍ෂා කිරීමෙන් වළකින ලෙසත් පොලිස්පති සී. ඩී. වික්‍රමරත්න මහතා සියලුම පොලිස් ස්ථානාධිපතිවරුන්ට නියෝග කර ඇත. මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් පාසල් දරුවන් සහ ඔවුන්ගේ පොත්බෑග පරීක්‍ෂා කිරීම එම දරුවන්ගේ මානසික...
"පාස්කු ප්‍රහාරයේ සුලමුල එළියට"
"ෂෙයික් හිදයතුල්ලා නමැති අයිඑස් තමිල්නාඩු නායකයා අල්ලා ගැනීමත් සමගම ඉන්දීය බුද්ධි සේවයට පාස්කු ප්‍රහාරයේ සියලු සුලමුල සොයාගැනීමට හැකිවී ඇත. හිදයතුල්ලා අසුවූයේ තමිල්නාඩුවේ ආරක්‍ෂක නිවසක සිටියදීය. මොහු සහ සහරාන් හෂීම් 2017 සිට දැඩි සබඳකම් පවත්වා ඇති අතර ඉන්ස්ටර් ග්‍රෑම් මගින් තොරතුරු හුවමාරු කරගෙන තිබේ. පාස්කු ප්‍රහාරයේ ...
"කොටින්ට ඩොලර් දුන් රාජ් රාජරත්නම් ගෙන්වීම දේශපාලකයකුගේ වැඩක්"
"කොටි සංවිධානයට අවි ආයුධ මිලයට ගැනීමට ඩොලර් මිලියන පහක් සැපයූ ඇමරිකානු කෝටිපති රාජ් රාජරත්නම්ව යාපනයට ගෙන්වා ඇත්තේ උතුරේ දේශපාලකයකු බව අනාවරණය වී ඇත. කළු සල්ලි ජාවාරම නිසා වසර 11 ක් සිරගතව සිටි රාජ්රාජරත්නම් සිරෙන් නිදහස්වී තිබේ. ඔහුගේ වත්කම ඩොලර් මිලියන 1.3 ක් වේ. කොළඹ ඩී. එස්. සේනානායක විදුහලේ සිසුන් පස්දෙනකුගේ මරණය,...
"මැති ඇමැතිලා 60න් යනවාද කියා තීරණය කළ යුත්තේ ව්‍යවස්ථාව අනුවයි – කථානායක"
"පාර්ලිමේන්තු මැති ඇමැතිවරුන් අවුරුදු 60 න් පසු විශ්‍රාම යැවීමට ක්‍රියාකළ යුතුව ඇත්තේ ව්‍යවස්ථාව අනුව යැයි පාර්ලිමේන්තු කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ‘දිවයින’ට ඊයේ (30දා) සඳහන් කළේය. රාජ්‍ය සේවකයන් අවුරුදු 60 න් විශ්‍රාම යවන්නේ නම් පාර්ලිමේන්තු මැති ඇමැතිවරුන්ට එම නීතිය බලපාන්නේ නැද්දැයි අප ඇසූ පැනයට පිළිතුරු දෙමින...
"මෝදිගේ මව දිවි ගමන නිම කරයි"
"මහිමාන්විත ශතකයක් දෙවියන්ගේ පාමුල රැඳුණා – මෝදි කියයි ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ මව වූ හීරාබෙන් මෝදි මහත්මිය මියගොස් තිබේ. බටහිර ගුජරාට් ප්‍රාන්තයේ රෝහලක ප්‍රතිකාර ලබමින් සිටිය දී ඇය මියගොස් ඇති බව එරට මාධ්‍ය වාර්තා කළේය. මහිමාන්විත ශතකයක් දෙවියන්ගේ පාමුල රැඳුණු බව සිය මවගේ අභාවය වෙනුවෙන් ඉන්දීය අග්‍රාම...
"ශ්‍රීලනිප තියෙන්නේ අපේ අතේ… නැතුව ඩාලි පාරේ බෝඩ් එකේ නොවේ"
"ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය තිබෙන්නේ තම කණ්ඩායම අතේ මිස ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ බෝඩ් ලෑල්ලේ හෝ ඩාලි පාරේ පිහිටි ගොඩනැඟිල්ලේ නොවන බව කෘෂිකර්ම ඇමැති මහින්ද අමරවීර මහතා සඳහන් කළේය. අද (31 දා) පැවැත්වෙන ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ 60 වැනි සංවත්සරය නිමිත්තෙන් කෘෂිකර්ම අමාත්‍යාංශයේ පැවැති මාධ්‍ය හමුවකදී ඇමැතිවරයා මේ බව සඳහන් කළේ...
"ජෝර්දාන් රාජ්‍ය හරහා විදේශ රැකියාවලට පුද්ගලයන් යොමු කිරීමේ තවත් මිනිස් ජාවාරමක්"
"පසුගිය දිනවල සංචාරක වීසා මගින් ශ්‍රී ලාංකිකයන් කණ්ඩායම් වශයෙන් විදේශ ගතවීම පිළිබඳව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ගුවන් තොටුපළ ඒකකයේ නිලධාරීන්ගේ විමර්ශනයට ලක්වූ අතර, ඒ පිළිබඳව වැඩිදුර තොරතුරු විමසීමේදී අදාළ තැනැත්තන් මේ පිළිබඳව පැහැදිලි කර ඇත්තේ තමන් ජෝර්දානයේ කෙටි සංචාරයක නිරත වන බවයි. එහෙත් ජෝර්දානයේ පිහි...
"ලක්‍ෂ 4 ක ජනතාවක් නෙළුම් කුලුනට එති"
"මහජනතාව වෙනුවෙන් විවෘත කළ කොළඹ නෙළුම් කුලුන නැරඹීමට මේ වනවිට ලක්‍ෂ 4කට අධික දෙස් විදෙස් ජනතාවක් පැමිණ ඇතැයි නෙළුම් කුලුන කළමනාකරණ සමාගමේ අධ්‍යක්‍ෂ සහ ප්‍රධාන විධායක නිලධාරි විශ්‍රාමික මේජර් ජෙනරාල් ප්‍රසාද් සමරසිංහ මහතා ‘දිවයින’ට පැවසීය. සතියේ දිනවල නෙළුම් කුලුන පෙරවරු 9.00 සිට රාත්‍රි 10.00 දක්වාත්, සති අන්තයේදී පෙරව...
"සහන මිලට මාළු දෙන්න ධීවර සංස්ථාවෙන් වෙළෙඳ සල් ජාලයක්"
"සහන මිලට මාළු දෙන්න ධීවර සංස්ථාවෙන් නවීන වෙළෙඳ සල් ජාලයක් රටපුරා ස්ථාපිත කරන බව ධීවර රාජ්‍ය ඇමැති පියල් නිශාන්ත මහතා පැවසීය. මාළු වෙළෙඳ සල් ජාලයෙහි මිනුවන්ගොඩ ශාඛාව විවෘත කරමිවන් රාජ්‍ය ඇමැතිවරයා මේ බව සඳහන් කළේය. පාරිභෝගිකයන් වෙත ඉහළ සේවාවක් ලබාදීමේ අරමුණ ඇතිව මෙම වෙළෙඳ සල් ජාලය නිර්මාණය කළ බවද රාජ්‍ය ඇමැතිවරයා සඳහන්...
"දෙසැම්බර් උද්ධමනය 57.2% ට අඩු වෙයි"
"කොළඹ පාරිභෝගික මිල දර්ශනය අනුව ගණනය කළ උද්ධමනය නොවැම්බර් මස පැවැති සියයට 61 සිට දෙසැම්බර් මාසයේදී සියයට 57.2 දක්වා අඩුවී ඇත. එසේම නොවැම්බර් මස සියයට 73.7 ක් වූ ආහාර උද්ධමනය දෙසැම්බර් මාසයේදී සියයට 64.4 දක්වාද අඩු වී ඇතැයි ජන ලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව පවසයි. ශ්‍යාම් නුවන් ගනේවත්ත"
"හෝටල්වලින් 10% ක් වැහිලා"
"පවතින තත්ත්වය හමුවේ දිවයින පුරා ඇති හෝටල්වලින් සියයට 10 ක් වැසීගොස් ඇතැයි ආපන ශාලා හිමියන්ගේ සංගමයේ සභාපති අසේල සම්පත් මහතා“දිවයින”ට ඊයේ (30 දා) පැවැසීය. දිවයින පුරා ආපන ශාලා හතළිස් දහසකට වැඩි සංඛ්‍යාවක් තිබූ බව ද හෙතෙම කීය. හෝටල් වෙත ජනතාවගේ පැමිණීමේ විශාල අඩුවක් දක්නට තිබෙන බව ද හෙතෙම කීය. ඔහු බිත්තර මිල සම්බනධයෙන් ...
"කැලැන්ඩර් දිනපොත් මුද්‍රණය 90% කින් අඩුවෙලා"
"2023 නව වසර වෙනුවෙන් කැලැන්ඩර් හා දිනපොත් මුද්‍රණය සියයට 80 ක් 90 ක් පමණ ඇනහිට ඇතැයි ශ්‍රී ලංකා මුද්‍රණ ශිල්පීන්ගේ සංගමයේ සභාපති, සමස්ත ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමයේ අනුශාසක ආරියදාස වීරමන් මහතා “දිවයින”ට පැවසීය. මේ අනුව මෙම කැලන්ඩර්, දිනපොත් මෙන්ම ග්‍රන්ථ මුද්‍රණය කිරීම අද සිහිනයක් බවට පත්වී ඇතැයි හෙතෙම පැවසීය. රටේ ප...
"මුග්ධ නිලධාරීන් හා උගතුන් යැයි කියාගත් කිහිපදෙනෙක් සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය නවතා දැමුවා"
"බංගලාදේශය ඵල නෙලාගත් මෙය ලබන වසරේ අපටත් ලබාගැනීමට තිබුණා – පාඨලී චම්පික රණවක ඉතාම මුග්ධ ලෙස කටයුතු කළ නිලධාරීන් කිහිප දෙනෙකු හා උගතුන් යැයි කියනා කිහිප දෙනෙකු එකතු වී ගෝඨාභය රාජපක්ෂ මහතා සමඟ ජපන් ආධාර යටතේ ඉදිකිරීමට සැලසුම් කළ මෙරට සැහැල්ලු දුම්රිය එල්ආර්ටී ව්‍යාපෘතිය නවතා දැමීමට කටයුතු නොකළානම් බංගලාදේශයේ විවෘත කරනු ...
"මුග්ධ නිලධාරීන් හා උගතුන් යැයි කියාගත් කිහිපදෙනෙක් සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය නවතා දැමුවා"
"බංගලාදේශය ඵල නෙලාගත් මෙය ලබන වසරේ අපටත් ලබාගැනීමට තිබුණා – පාඨලී චම්පික රණවක ඉතාම මුග්ධ ලෙස කටයුතු කළ නිලධාරීන් කිහිප දෙනෙකු හා උගතුන් යැයි කියනා කිහිප දෙනෙකු එකතු වී ගෝඨාභය රාජපක්ෂ මහතා සමඟ ජපන් ආධාර යටතේ ඉදිකිරීමට සැලසුම් කළ මෙරට සැහැල්ලු දුම්රිය එල්ආර්ටී ව්‍යාපෘතිය නවතා දැමීමට කටයුතු නොකළානම් බංගලාදේශයේ විවෘත කරනු ...
"වාහන තහඩුවෙන් පළාත හැලෙයි"
"ලබන වසරේ (2023) ජනවාරි මස 1 වැනිදා සිට නිකුත් කරනු ලබන වාහන අංක තහඩු සඳහා පළාත් අක්ෂරයක් ඇතුළත් නොවන බව මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් නිෂාන්ත අනුරුද්ධ වීරසිංහ මහතා පැවසීය. රථවාහන ලියාපදිංචියේ දී සහ පැවරීමේ දී අංක තහඩුවේ අදාළ පළාත් අක්ෂරය ඉවත් කරන බව හෙතෙම ඊයේ (30 දා) මාධ්‍ය හමුවකට එක්වෙමින් සඳහන් කළේය. මේ අතර 202...
"කොවිඩ් අවදානම යළිත් සෞඛ්‍ය උපදෙස් පිළිපදින්න"
"විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මෙරට කොවිඩ් වසන්ගතය ඇරඹුණු 2020 මාර්තු මස සිට මේ දක්වා කාලය තුළ දිවයිනේම කොවිඩ් රෝගීන් හයලක්‍ෂ හැත්තෑඑක්දහස් අටසිය හැත්තෑපස්දෙනකු (6,71,875) වාර්තා වී ඇතැයි සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්‍ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා ‘දිවයින’ට ඊයේ පැවසීය. එසේම මෙම කාලයේදී කොවිඩ් රෝගයට ගොදුරුවී දහසය...
"මිනිස් ඝාතන 550 ක්"
"අදින් අවසන් වන 2022 වසරේ මිනිස් ඝාතන 550 ක් සිදු වී ඇතැයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය පවසයි. එසේම 2021 වර්ෂයේදී සිදු වූ මිනිස් ඝාතන ගණන 516 කි පවුල් ආරවුල්, මුදල් ආරවුල්, මුදල් ගනුදෙනු සම්බන්ධ ආරවුල් වැනි සිදුවීම් මෙම ඝාතනයන් බොහෝමයකටම හේතු වී තිබේ. ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්"
"නම කැත කරගත් අයට පොහොට්ටුවෙන් නාමයෝජනා නෑ"
"නම කැත කරගෙන සිටින පළාත් පාලන නියෝජිතයන්ට මෙවර නාම යෝජනා ලබා නොදෙන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් මහතා ‘දිවයින’ට පැවසීය. දේශපාලනයට පිවිසි පසු නම කැත කරගෙන සිටින ප්‍රාදේශීය සභා, නගර සභා හා මහ නගර සභා මන්ත්‍රීවරුන් කිහිප දෙනකු පක්‍ෂය තුළ සිටින බවට තොරතුරු ලැබී තිබෙන බවද ඒ මහතා ...
"පුංචි ඡන්දය මාර්තු මුල: නාමයෝජනා නිවේදනය ලබන සතියේ"
"පළාත් පාලන මැතිවරණය ලබන මාර්තු මස මුල් සතියේදී පැවැත්වෙන බව මැතිවරණ කොමිසමේ ප්‍රකාශකයෙක් ‘දිවයින’ට පැවසීය. ඒ සඳහා නාමයෝජනා පත්‍ර කැඳවීමේ නිවේදනය ලබන සතියේ නිකුත්කරන බව ද හෙතෙම කීය. ඒ අනුව නාමයෝජනා පත්‍ර භාරගැනීම ගැසට් නිවේදනය නිකුත් කර දින 14කින් සිදුවන බව ද එම නිලධාරියා පැවසීය. ලබන මාර්තු මස 19 වැනිදා වනවිට පළාත් පාල...
"හොරා බසයේ දමාගිය කෝටි 4 ක මැණික් 116 ක පාර්සලය කොන්දොස්තර උස්සලා"
"දෙදෙනාම අත්අඩංගුවට – බසයේ සීසීටීවීත් පුච්චලා විවිධ වර්ගයේ මැණික් කැට 116ක් අඩංගු පාර්සලයක් සොරකම් කළ පුද්ගලයන් දෙදෙනකු අත්අඩංගුවට ගත් බව කළුතර කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය පවසයි. ඌරුබොක්ක සහ පයාගල ප්‍රදේශයේ පදිංචි පුද්ගලයන් දෙදෙනකු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිසිය කීය. දෙහිවල ප්‍රදේශයේ මැණික් ව්‍යාපාරිකයකු ඉකුත් 21 දා...
"රුසියානු සංචාරකයෝ 412 ක් ගුවනින් මත්තලට"
"සංචාරක මගීන් 412 දෙනකු රැගත් රුසියානු රෙඩ් වින්ග්ස් aia Red wings ගුවන් සමාගමට අයත් ගුවන් යානයක් ඊයේ (29 දා) මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපළ වෙත පැමිණියේය. මොස්කව් නුවර සිට පැමිණි මෙම බෝයිං 777 වර්ගයට අයත් ගුවන් යානය පෙරවරු 9.00 ට මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපළ වෙත ගොඩ බෑවේය. මෙම ගුවන් සමාගම සතියකට දෙවරක් මොස්කව් සහ මත්තල...
"ඒකක 180 ට වැඩි අය සූර්ය බලයට ගියොත් විදුලිබිල වැඩි වෙන්නෙ නෑ"
"තාක්‍ෂණික ඉංජිනේරු හා අධිකාරි සංගමයේ සභාපති විදුලි ඒකක 180 ට වැඩියෙන් පාවිච්චි කරන ලක්‍ෂ තුනක පිරිසට සූර්යබල ව්‍යාපෘතියක් හඳුන්වා දෙනු ලැබුවහොත් විදුලි බිල වැඩි කිරීමේ අවශ්‍යතාවයක් නැතැයි ලංකා විදුලිබල මණ්ඩලීය තාක්‍ෂණික ඉංජිනේරු හා අධිකාරී සංගමයේ සභාපති ඒ. ජී. යූ. නිශාන්ත මහතා ‘දිවයින’ට ඊයේ (29 දා) පැවසීය. ලෝක බැංකුවෙ...
"පාස්කු ප්‍රහාරය මෙහෙයවූ ෂෙයික් අත්අඩංගුවට"
"පාස්කු ප්‍රහාරය මෙහෙයවූ අයි.එස්. ත්‍රස්ත සංවිධානයේ තමිල්නාඩු ඒජන්ත වූ ෂෙයික් හිදයතුල්ලා ඉන්දීය ජාතික බුද්ධි සේවාව විසින් පෙරේදා (28 දා) සවස අත්අඩංගුවට ගෙන ඇත. මොහු අසුවූයේ වසර 4කට පසුව ය. මේ බව හින්දුස්ථාන් ටයිම්ස් පුවත්පත හෙළිකර තිබේ. මෙරට සිදුවූ පාස්කු ප්‍රහාරය සඳහා සහරාන් හෂීම්ට උපදෙස් දුන්නේ මොහු බව බුද්ධි අංශ නිල...
"රාජ්‍ය ආයතන ඇතුළේ පුටු යුද්ධ ඇරැඹේ"
"රාජ්‍ය සේවකයන් විශ්‍රාම ගන්වන වයස අවුරුදු 65 සිට 60 දක්වා පහත හෙළීමට රජය ගත් තීරණය මත මෙම වසරේ වැඩකරන අවසන් දින දෙකේ රාජ්‍ය ආයතනවල ජ්‍යෙෂ්ඨ නිලධාරීන් විශ්‍රාමයෑමත් සමඟ බොහෝ ආයතනවල තනතුරු සඳහා පොරකෑම් සිදුවූ බව (28 වැනිදා) වාර්තා විය. ඇතැම් ආයතනවල ජ්‍යෙෂ්ඨයන් සිටි ආසනවලට ඊළඟ නිලධාරීන් පැමිණීමත් ජ්‍යෙෂ්ඨයන්ට සැලකිය යුතු...
"කැනඩාව හොඳම රට වෙයි"
"ලෝකයේ ජනතාව වැඩිපුරම ජීවත්වීමට කැමැති රටවල් ශ්‍රේණිගත කිරීම් අනුව පළමු තැන කැනඩාවට හිමිව තිබේ. 2022 වසරේ ශ්‍රේණිගත කිරීම්වලට අනුව නවසීලන්තය දෙවැනි ස්ථානයටත් ස්විට්සර්ලන්තය තෙවැනි ස්ථානයටත් පත්ව තිබේ. එම ශ්‍රේණිගත කිරීම්වල සිව්වන ස්ථානය ඔස්‌ට්‍රේලියාවට හිමිව ඇති අතර ස්පාඤ්ඤයට පස් වැනි ස්ථානය හිමිව තිබේ. ජනතාව වැඩිපුරම ...
"නොවැම්බර් ලංවිම ආදායම කෝටි 200 කින් නගී"
"පසුගිය අගෝස්තු 09 වැනිදා විදුලි ගාස්තු ඉහළ දැමීමත් සමග ලංකා විදුලිබල මණ්ඩලය ඔක්තෝබර් මාසයට සාපේක්‍ෂව නොවැම්බර් මාසයේ ලද ආදායම රුපියල් කෝටි දෙසීයකින් (බිලියන 2) ඉහළ ගොස් ඇත. ඒ අනුව ඔක්තෝබර් මාසයේදී රුපියල් කෝටි 3360 (බිලියන 33.6) ක්වූ ලංවිම ආදායම නොවැම්බර් මාසයේදී රුපියල් කෝටි 3560 දක්වා වැඩිවී තිබේ. විදුලිය අලෙවි කර ම...
"ඉන්දියානු කැස්ස සිරප් එක බිව්ව දරුවෝ 18 ක් මරුට"
"ඉන්දීය සමාගමක් විසින් නිපදවූ කැස්ස සිරප් පානය කිරීම නිසා උස්බෙකිස්තානයේ දරුවන් 18 දෙනෙක් මරණයට පත්ව ඇත. මෙම සිරප් වර්ගය නිපදවා ඇත්තේ මැරිගන් බයෝටෙක් ආයතනයයි. මේ සම්බන්ධයෙන් ඉන්දීය රජය මගින් විශේෂිත පරීක්‍ෂණයක් පැවැත්වීමට නියමිතය. මේ වසරේ මුලදී තවත් ඉන්දීය සමාගමක් නිපදවූ කැස්ස සිරප් වර්ගයක් පානය කිරීම නිසා නැම්බියාවේ ද...
"වයඹ බිත්තර වෙළෙන්දන් අතරමැදියන් නැතිව කෙළින්ම වෙළෙඳාමට සැරසෙන ලකුණු"
"බිත්තර මිල රු.55 සීමාවට රජය පාලන මිලක් නියම කිරීමත් සමගම වයඹ බිත්තර නිෂ්පාදකයන් අතරමැදි වෙළෙඳුන් නොමැතිව සෘජුවම වෙළඳාම් කිරීමට පියවරගෙන තිබිණ. ඒ අනූව වයඹ නිපදවූ බිත්තර ලක්ෂ 4කට අධික ප්‍රමාණයක් ලොරි රථ 22ක් යොදාගෙන ජා ඇල, කඳාන, මීගමුව සහ කොළඹ ඇතුළු තදාසන්න ප්‍රදේශයන්හි ආර්ථික මධ්‍යස්ථාන අසල එම බිත්තර අලෙවිකරන බව සමස්ත ...
"ඇමරිකාවෙන් ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 7ක ඖෂධ"
"ඇමරිකාවේ හදවතට හදවතක් (Heart to Heart) ජාත්‍යන්තර ආයතනය විසින් ශ්‍රී ලංකාවට ඇමරිකානු ඩොලර් මිලියන 7.2 ක් වටිනා ඖෂධ තොගයක් පරිත්‍යාග කර ඇත. ඇමරිකාවේ ශ්‍රී ලංකා තානාපති මහින්ද සමරසිංහ මහතාගේ මඟපෙන්වීම මත තෙවැනි වරටත් එම ආයතනය විසින් මෙලෙස අත්‍යවශ්‍ය ඖෂධ තොගය පරිත්‍යාග කිරීමට පියවරගෙන තිබේ. මෙම ඖෂධ අතර අධිරුධිර පීඩනය සහ ...
"මානුෂීය ආධාර අවශ්‍ය පිරිස ලක්‍ෂ 57 ක්"
"ලක්‍ෂ 49 කට කෑම අර්බුදයක් රතුකුරුසය කියයි ශ්‍රී ලාංකිකයන් ලක්ෂ 57කට මානුෂීය ආධාර අවශ්‍ය වී ඇති බවත් ඉන් ලක්ෂ 49ක් ආහාර අනාරක්ෂිතභාවයෙන් පෙළෙන බවත් රතුකුරුස සංවිධානය නිකුත් කළ අලුත්ම වාර්තාවේ දැක්වේ.එසේම ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදය හමුවේ ඉකුත් වසරේ ලක්ෂ 24ක ශ්‍රී ලාංකිකයන් පිරිසක් ජාත්‍යන්තර දරිද්‍රතා සීමාවෙන් පහතට වැට...
"යකඩ බට හොරකමට බෙලිඅත්තේ සභාපති හා සොහොයුරා රිමාන්ඩ්"
"බෙලිඅත්ත මහහීල්ල ප්‍රදේශයේ ප්‍රජා ජල මූල ව්‍යාපෘතියකට අයත් යකඩ බට තොගයක් රහසිගතව මාලබේ ප්‍රදේශයේ ආයතනයකට අලෙවි කිරීමේ චෝදනා මත බෙලිඅත්ත ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා හා ඔහුගේ වැඩිමහල් සොහොයුරා ඊයේ (29 දා) පස්වරුවේ බෙලිඅත්ත පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ. මෙලෙස අත්අඩංගුට ගෙන ඇත්තේ බෙලිඅත්ත ප්‍රාදේශීය සභාවේ සභාපති (ශ්‍...
"පුරුෂ සරුබව හීනවෙලා"
"පුරුෂ සරුභාවය පසුගිය දශක පහ තුළදී හීනවී ඇති බව හෙළිව ඇත. ඒ අනුව පිරිමින් ශුක්‍ර මෝචනයේ දී මුදාහරින ශුක්‍රාණු සාන්ද්‍රණය, ගෙවුණු වසර 50 තුළ දී 51%කින් පහත වැටී තිබේ. මේ, ඊශ්‍රායලයේ ජෙරුසලමේ හෙබ්‍රෙව් විශ්වවිද්‍යාලය සහ එක්සත් ජනපදයේ මවුන්ට් සයිනයි වෛද්‍ය විද්‍යාලය විසින් මෑතක දී ප්‍රකාශයට පත් කරන ලද පර්යේෂණවල එක් ප්‍රධා...
"කොළොන්නාව තෙල් ගබඩාවේ වහළය උඩ ගංජා වවලා"
"කොළොන්නාව ඛනිජතෙල් තොග පර්යන්ත ගොඩනැඟිල්ලක වහළය මත සරුවට වවා තිබූ කංසා පැලයක් එහි ආරක්‍ෂක අංශය විසින් සිය භාරයට ගෙන ඇත. රියැදුරන් රැඳී සිටින බව කියන ගොඩනැඟිල්ලේ වහළය මත පෝර උරයක වගාකර තිබූ කංසා ශාකය පොහොර සහ ජලය යොදා ඉතා සරුවට වවා තිබූ බව එහි ආරක්‍ෂක නිලධාරියෙක් පැවසීය. ආරක්‍ෂක අංශයට ලැබුණු තොරතුරක් මත එම ශාකය සිය භාර...
"ශ්‍රීලනිපය සන්ධ්‍යානයක් හදා මැතිවරණයට එනවා – දයාසිරි ජයසේකර"
"වමේ ප්‍රගතිශීලී බලවේග ඒකරාශි කරගනිමින් දැවැන්ත සන්ධානයක් ගොඩනඟා ලබන වසරේ දී පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණයට ඉදිරිපත් වනබව ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ මහලේකම් දයාසිරි ජයසේකර මහතා පැවැසී ය. එම සන්ධානය ලබන ජනවාරි මස මුල් සතියේ දී එළිදක්වන බව ද හෙතෙම කීය. කැලණිය රාජමහා විහාරස්ථානයේ පෙරේදා රාත්‍රී පැවැති ශ්‍රී ලංකා නි...
""තේ, රබර් නිෂ්පාදනයේ දැඩි පසුබෑමක්""
"මේ වර්ෂයේ (2022) ගෙවී ගිය පළමු මාස දහයේදී තේ සහ රබර් නිෂ්පාදනයන් සැලකිය යුතු පසුබෑමකට ලක්ව ඇත. මේ අනුව තේ නිෂ්පාදනය 2021 වසරේ පළමු මාස දහයේ දී වාර්තාවූ කිලෝග්‍රෑම් මිලියන 258.9 සිට මේ වසරේ (2022) පළමු මාස දහයේ දී කිලෝග්‍රෑම් මිලියන 211.1ක් දක්වා සියයට 18.5කින් පහත වැටී ඇත. එසේම රබර් නිෂ්පාදනය 2021 වසරේ පළමු මාස දහයේ ද...
"අවුරුදු හතරේ දරුවා ඔසවා පොළවේ ගැසූ සැකකරු රිමාන්ඩ්"
"බනිස් ගෙඩියක් මිලදී ගැනීමට චූන් පාන් ත්‍රිරෝද රථයක් අසලට පැමිණි වයස අවුරුදු හතරහමාරක කුඩා දරුවෙකුව ඔසවා පොළවේ ගැසූ බව කියන පුද්ගලයෙකු ලබන ජනවාරි මස 9 වැනිදා දක්වා රක්‍ෂිත බන්ධනාගාර ගත කරන ලෙස දඹුල්ල මහෙස්ත්‍රාත් චමිලා කුමාරි රත්නායක මහත්මිය නියෝග කර ඇත. දඹුල්ල කණ්ඩලම ප්‍රදේශයේදී මෙම සිද්ධිය සිදුවී තිබේ. චූන් පාන් රථය ...
"ඉදිරි දින 40 දී ඉන්දියාවේ කොරෝනා පැතිරීම උග්‍රවෙයි"
"ඉදිරි දින 40 තුළ ඉන්දියාවේ කොරෝනා පැතිරීම උග්‍රවන බව සෞඛ්‍ය අමාත්‍ය මන්යුෂ් මන්දවියා අනතුරු අඟවා ඇත. මුම්බායි නගරයේ කොරෝනා පැතිරීම සියයට 32 කින් වැඩිවී තිබේ. එසේම චීනය, ජපානය, දකුණු කොරියාව, ප්‍රංශය සහ බ්‍රසීලයේද කොරෝනා වැඩිවී ඇත. තමිල් නාඩුවට පැමිණි ගුවන් මගීන් දෙදෙනකුද කොරෝනා පරීක්‍ෂාවට ලක්කර තිබේ. චීනයේ සිට ශ්‍රී ල...
"අද හෙට රට පුරා ඩෙංගු මර්දන වැඩ"
"විශේෂ ඩෙංගු මර්දන දින දෙකක් ලෙස අද (30 වැනිදා) සහ හෙට (31 වැනිදා) සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් නම් කර තිබේ.පසුගිය සති 4 ක කාලයේදී දිවයින පුරා ඩෙංගු රෝගීන් වැඩි වශයෙන් වාර්තා වීම හේතුවෙන් මෙලෙස විශේෂ ඩෙංගු මර්දන දින දෙකක් නම් කර ඇත. මේ වනවිට දිනකට ඩෙංගු රෝගීන් 200 ත් 300 ත් අතර ප්‍රමාණයක් රෝහල්වලින් වාර්තාවීමේ ප්‍රවණතාවක් ...
"ශාෆ්ටර් ඝාතනයේ – ලියුම වයර් එක බොරුවක් – තවමත් හරි තොරතුරු නෑ"
"ජනශක්ති සමූහ ව්‍යාපාරයේ සභාපති දිනේෂ් ශාෆ්ටර් මහතා ඝාතනය කිරීමේ සිද්ධිය තවමත් අබිරහසක් බවත් මේ සම්බන්ධයෙන් ඇතැම් මාධ්‍යවල සහ සමාජ ජාලා වෙබ් අඩවිවල පළවන ප්‍රවෘත්ති සම්පූර්ණයෙන්ම අසත්‍ය බවත් මෙම ඝාතනය සම්බන්ධයෙන් මේ වනතුරුත් නිවැරදි තොරතුරු ලැබී නැති බවත් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තු ආරංචි මාර්ග පවසයි. ඇතැම් මාධ්‍ය වගකී...
"මත්ද්‍රව්‍ය මඬින්නැති – අලුත් ඕඅයිසීලාට මාස දෙකෙන් මාරුවීම්"
"පොලිස් ස්ථානාධිපති ධුරයන් සඳහා අලුතින් පත්වූ නිලධාරීන් තම පොලිස් බල ප්‍රදේශයේ මත්ද්‍රව්‍ය මර්දනය කර නීතිය සාමය ආරක්‍ෂා කර මහජනතාවට සේවය කිරීමට කටයුතු නොකළොත් මාස දෙකක් ගතවීමෙන් පසු එම නිලධාරීන් වහාම මාරුකර යැවීමට කටයුතු කරන බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්ධු තෙන්නකෝන් මහතා පැවැසීය. ස්ථානාධිපති ධුරයන් සඳහා අලුතින්...
"තමිල්නාඩුවේ පිපිරීම් සහරාන්ටත් ගෑවිලා"
"පසුගිය ඔක්තෝබර් මාසයේ තමිල්නාඩුවේ කොයිම්බතූර් හි සිදුවූ පිපිරීම ගැන පරීක්ෂණ පවත්වන ඉන්දීය බලධාරින් දකුණු ඉන්දියාවේ මුස්ලිම් අන්තවාදී කොටස් ප්‍රධාන වශයෙන් ආදර්ශ ලබාගෙන ඇත්තේ සහරාන් හෂීම්ගෙන් බව තහවුරු කරගෙන ඇත. තමිල්නාඩුවේ මුස්ලිම්වරුන් අන්තවාදයට යොමු කිරීම වෙනුවෙන් සහරාන් හෂීම් විශාල කාර්යභාරයක් සිදු කර තිබේ. ඉන්දීය ජ...
"ලංකා බැංකුව ඉන්දියානු රුපියලෙන් ගනුදෙනුවට නව වෙළෙඳ අවකාශයක් විවෘත කරයි"
"ලංකා බැංකුව, ඉන්දියානු රුපියල් භාවිතයෙන් සෘජුවම ගනුදෙනු කළ හැකි නව වෙළෙඳ අවකාශයක් විවෘත කරයි. SAARC ්‍කලාපය තුළ වෙළෙඳ කටයුතු සහ සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ඉන්දියානු රුපියල් නම් කරන ලද විදේශ මුදල් ඒකකයක් ලෙස මෑතකදී පිළිගැනීමත් සමග, ලංකා බැංකුව සිය චෙන්නායි ශාඛාව සමග ඉන්දියානු රුප...
"මැතිවරණයකට මුදල් නෑ – මුදල් අමාත්‍යාංශ නිලධාරියෙක් කියයි"
"ඉතිහාසයේ දරුණුතම ආර්ථික අර්බුදයට රට මුහුණ පා සිටින මේ මොහොතේ මැතිවරණයක් සඳහා මුදල් වෙන් කිරීම සිදු කළ නොහැකි යැයි මුදල් අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් පැවසීය. එලෙස මුදල් වෙන් කිරීමට සිදුවුවහොත් ආර්ථිකය ගොඩගැනීම සඳහා පසුගිය මාස 06 දී ක්‍රියාත්මක කළ වැඩපිළිවෙළ විනාශ වී රටේ උද්ගතව තිබෙන ආර්ථික අර්බුදය තවත් තීව්‍ර වනු ...
"නවීනතම තාක්ෂණයෙන් යුත් අඹේවෙල ගොවිපළට තවත් අක්කර 30 ක් – ජනපතිගෙන් උපදෙස්"
"ජනපති රනිල් වික්‍රමසිංහ මහතා පෙරේදා (27 දා) අඹේවෙල ගොවිපොළේ සංචාරයක නිරත විය. එහිදී අඹේවෙල ගොවිපොළ ආසන්නයේ අතහැර දමා ඇති අක්කර 30ක ඉඩම කඩිනමින් ගොවිපොළට පවරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නුවරඑළිය දිස්ත්‍රික් ලේකම්වරයාට සහ නාගරික කොමසාරිස්වරයාට උපදෙස් ලබා දී තිබිණි. අඹේවෙල ගොවිපළ සමීපයේ අතහැර දමා ඇති අක්කර 30ක භ...
"මුද්‍රිත මාධ්‍ය රැකගන්න අමුද්‍රව්‍ය ගෙන්වනවා – අධිකරණ ඇමැති විජයදාස රාජපක්ෂ"
"මුද්‍රිත මාධ්‍ය රැකගැනීම සඳහා අවශ්‍ය කරන අමුද්‍රව්‍ය වහාම ගෙන්වා ගැනීම පිණිස මීළඟ කැබිනට් මණ්ඩල රැස්වීමේදී තමා යෝජනාවන් ඉදිරිපත් කරන බව අධිකරණ සහ බන්ධනාගාර පුනරුත්ථාපන ඇමැති විජයදාස රාජපක්ෂ මහතා ‘දිවයින’ට සඳහන් කළේය. ලැබී තිබෙන ප්‍රජාතන්ත්‍රවාදී නිදහස අනුව මුද්‍රිත මාධ්‍ය එදා මෙන් අදත් ජනතාව අතර ඉතාමත් ජනප්‍රිය වී තිබ...
"මුද්‍රිත මාධ්‍ය රැකගන්න අමුද්‍රව්‍ය ගෙන්වනවා – අධිකරණ ඇමැති විජයදාස රාජපක්ෂ"
"මුද්‍රිත මාධ්‍ය රැකගැනීම සඳහා අවශ්‍ය කරන අමුද්‍රව්‍ය වහාම ගෙන්වා ගැනීම පිණිස මීළඟ කැබිනට් මණ්ඩල රැස්වීමේදී තමා යෝජනාවන් ඉදිරිපත් කරන බව අධිකරණ සහ බන්ධනාගාර පුනරුත්ථාපන ඇමැති විජයදාස රාජපක්ෂ මහතා ‘දිවයින’ට සඳහන් කළේය. ලැබී තිබෙන ප්‍රජාතන්ත්‍රවාදී නිදහස අනුව මුද්‍රිත මාධ්‍ය එදා මෙන් අදත් ජනතාව අතර ඉතාමත් ජනප්‍රිය වී තිබ...
"දිනකට බිලියන හතළිහක මුදල් මුද්‍රණය කරන ආණ්ඩුවකට ඡන්දයට සල්ලි නෑ කියන කතාව පිළිගන්න බෑ"
"දවසකට බිලියන තිහක හතළිහක මුදල් මුද්‍රණය කරන ආණ්ඩුවකට බිලියන දහයක් හොයාගන්න නෑ, ඡන්දයකට සල්ලි නෑ කියන එක අතිශයින්ම අතාර්කික තර්කයක් බව පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ උදය ගම්මන්පිල මහතා පවසයි. ඊයේ (28 දා) කොළඹ පැවති මාධ්‍ය හමුවේදී පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ උදය ගම්මන්පිල ම...
"මිලියන 90294ක ව්‍යාපෘති හතරෙන් ආර්ථිකයට මුකුත් නෑ"
"වාරිමාර්ග අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වෙමින් තිබූ සංවර්ධන ව්‍යාපෘති හතරක් සඳහා වසර 14ක කාලසීමාවක දී රුපියල් මිලියන අනූදහස් දෙසිය අනූහතරයි දශම පහක මුදලක් (90,294.5) වැය කර ඇතත් එකී ව්‍යාපෘතිවලින් මේ දක්වා ජාතික ආර්ථිකයට කිසිදු දායකත්වයක් ලැබී නොතිබූ බව ජාතික විගණන කාර්යාලය පවසයි. මෙකී ව්‍යාපෘති නිමකිරීම සඳහා සැලසුම් ක...
"ට්‍රක් එකකින් රුමේනියා පනින්න ගිය ශ්‍රී ලාංකිකයෝ අත්අඩංගුවට"
"ට්‍රක් රථයක සැඟවී රුමේනියාවට ඇතුළුවීමට ගිය ශ්‍රී ලාංකිකයින් පිරිසක් එරට බලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත. මෙම ට්‍රක් රථයේ සිටි ශ්‍රී ලාංකිකයින් සහ පාකිස්තාන ජාතිකයින් 10 දෙනකු හමුව තිබේ. භාණ්ඩ ප්‍රවාහන ට්‍රක් රථ දෙකක් රුමේනියානු දේශසීමාවේදී පරීක්ෂා කිරීමේදී එහි සැඟවී සිටි සංක්‍රමණිකයින් 27 දෙනකු පොලිස් භාරයට ගෙන ඇත. ...
"සපුගස්කන්දෙන් බලාගාරවලට ඩීසල් – නැප්තා නෑ"
"මෙටි්‍රක් ටොන් ලක්‍ෂ තුනකට ආසන්න බොරතෙල් නෞකා තුනක්ම මෙරටට පැමිණ තිබුණත් සපුගස්කන්ද පිරිපහදුව මගින් විදුලි බලාගාරවලට අවශ්‍ය ඩීසල් හා නැප්තා නිකුත් නොකරන නිසා මේ දිනවල පැය දෙකයි විනාඩි විස්සක දෛනික විදුලි කැපිල්ල සිදුවන බව ලංවිම ඉංජිනේරුවෝ පැවැසූහ. අතිවිශාල මුදලක් වැයකර අවස්ථා කිහිපයක දීම අලුත්වැඩියා කළ කැලණිතිස්ස ද්වි...
"එල්. එන්. ජී බලාගාරයක් ලියුම එනතෙක් මඟබලයි"
"කෙරවලපිටියේ ඉදිකිරීමට යෝජිත මෙගාවොට් 488 කින් සමන්විත ස්වභාවික ද්‍රව වායු (එල්. එන්. ජී) විදුලි බලාගාරයට අදාළ අභිප්‍රාය ලිපිය අමාත්‍යාංශයෙන් ලැබුණු පසු මාස දහඅටක් ඇතුළත මෙගාවොට් 300 ක් ජාතික විදුලි පද්ධතියට එක්කළ හැකි බවට එම ආයෝජකයන් විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයට දැනුම් දී ඇත. දැනට වෙළෙඳ පොළේ පවතින එල්. එන්. ජී මිල...
"යුද අපරාධ විමර්ශන දේශීය යාන්ත්‍රණයකට හමුදාව එකඟ වෙයි"
"මෙරට හමුදා නිලධාරීන්ට එල්ල වී ඇති යුද අපරාධ චෝදනා විමර්ශනය සඳහා දේශීය යාන්ත්‍රණයක් ස්ථාපිත කිරීමට ආරක්‍ෂක හමුදාව ද ප්‍රථම වරට එකඟ වී ඇත. මෙයට හේතුවී ඇත්තේ මෙම චෝදනා නිසා එක්සත්ජාතීන්ගේ සාම බළකායේ සේවය සඳහා චෝදනා එල්ල වී නැති හමුදා නිලධාරීන්ට ද යෑමට නො හැකි වීමයි. දේශීය යාන්ත්‍රණයක් තුළින් විමර්ශන පැවැත්වීමෙන් යුද අපරා...
"ස්වර්ණමහල් ෆයිනෑන්ෂියල් බලපත්‍රය අවලංගු කෙරේ"
"ස්වර්ණමහල් ෆයිනෑන්ෂියල් සර්විසස් පී. එල්. සී ආයතනයේ බලපත්‍රය අවලංගු කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුව තීරණය කර ඇත. ඒ අනුව ඊයේ (28දා) සිට බලපැවැත්වෙන පරිදි එම ආයතනය සහ මුදල් ව්‍යාපාර කටයුතු පවත්වාගෙන යාම සඳහා නිකුත්කර තිබූ බලපත්‍රය අවලංගු වනු ඇත. ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනතේ 3...
"තහංචි දැම්මොත් වෛද්‍යවරු තදින්"
"විශේෂඥ වෛද්‍යවරුන්ගේ සහ වෛද්‍යවරුන්ගේ වෛද්‍ය සභා සාමාජිකත්වය අහෝසි කරන ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශ නිලධාරීන් කර ඇති ඉල්ලීම පරාජය කිරීමට සියලු ක්‍රියාමාර්ග ගන්නා බව විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය පවසයි. රජයේ අවසරයකින් තොරව රැකියා සඳහා විදේශ ගතවන රාජ්‍ය නිලධාරීන්ට සේවය අතහැර යෑමේ නිවේදන නිකුත් කළ යුත්තේ රටේ ක්‍රියාත්මක නීතිය අනුව...
"ලයිට් බිල වැඩි නොකළොත් කළුවරේ ඉන්න පුරුදු වෙන්න වෙයි – ඇමැති කංචන කියයි"
"විදුලි බිල ඉහළ දැමීම සිදු නොකරන්නේ නම් ඒ වෙනුවෙන් පැය කිහිපයක විදුලි කප්පාදුවකට ජන ජීවිතය හුරු කර ගැනීමට සිදුවන බව විදුලිබල හා බලශක්ති ඇමැති කංචන විජේසේකර මහතා පැවසීය. එළැඹෙන 2023 වසරේ සමස්ත විදුලිය අවශ්‍යතාවෙන් සියයට 25 ක් පෞද්ගලික බලාගාර මගිල් ලබාගෙන කප්පාදුවකින් තොරව අඛණ්ඩ විදුලි සැපයුමක් ලබාදීම සඳහා විදුලි බිල ඉහළ...
"සියයට 60 – 65 කින් විදුලි බිල නගිනවා – ලංවිම සාමාන්‍යාධිකාරී"
"මාස 5ක් ඇතුළත 140% කින් වැඩි වෙලා නව විදුලි ගාස්තු සංශෝධනයට අනුව විදුලි ගාස්තුව 60%ත් 65%ත් අතර ප්‍රතිශතයකින් ඉහළ යන බව ලංකා විදුලිබල මණ්ඩල සාමාන්‍යාධිකාරී රොහාන් සෙනෙවිරත්න මහතා ඊයේ (27 වැනිදා) කොළඹදී පැවසීය. ඒ අනුව මාස 5ක පමණ කාලයක් ඇතුළත මෙරට විදුලි ගාස්තුව සියයට 140කින් පමණ වැඩිවනු ඇත. ඉකුත් අගෝස්තු 9 වැනිදා විදුල...
"ගාස්තු නැංවීම පරාජය කිරීමට සෑම පියවරක්ම ගන්නවා – රංජන් ජයලාල්"
"මේ මොහොතේ ජනතාව තවදුරටත් අසරණ කරමින් රජය තවදුරටත් විදුලි ගාස්තු වැඩි කිරීමට තීරණය කළහොත් සමස්ත ජනතාව සමග එකතු වී එය පරාජයට පත් කිරීමට සෑම ක්‍රියාමාර්ගයක්ම ගන්නා බව ලංවිම ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානයේ කැඳවුම්කරු රංජන් ජයලාල් මහතා ‘දිවයින’ට පැවසීය. කිසිසේත්ම නැවත වතාවක් විදුලි ගාස්තු වැඩි නොකළ යුතු බවත් අනීතික ලෙස විදු...
"භික්‍ෂුවට අත තියන්න ආණ්ඩුවට ඉඩදෙන්නේ නෑ අපි තාම නැගිට්ටේ නෑ : අපිව නැගිට්ටුවන්න එපා"
"ඇල්ලේ හිමිගෙන් සැර කතාවක් විවිධ පනත් කෙටුම්පත් ගෙන එමින් භික්‍ෂුවට අත තැබීමට සහ භික්‍ෂුව නිහඬ කිරීමට ආණ්ඩුව ගන්නා උත්සාහයට කිසිලෙස ඉඩ නොතබන බව ඇල්ලේ ගුණවංශ හිමියෝ පවසති. අගමැති, දිනේෂ් ගුණවර්ධන මහතාද සහභාගි වූ කෝට්ටේ නාග විහාරයේ පෙරේදා 26දා පැවැති උත්සවයකදී උන්වහන්සේ මේ බව කියා සිටියහ. භික්‍ෂුවට නොගැළපෙන නීතිවලට තමන් ...
"ප්‍රියමාලි ඇප ලබා ගෙදර යයි"
"වැඩි ප්‍රතිලාභ ලබාදෙන බව පවසා දේශපාලනඥයන්, ව්‍යාපාරිකයන් ඇතුළු විවිධ පුද්ගලයන් රවටා රුපියල් කෝටි සිය ගණනක මුදලක් ලබා ගෙන වංචා කිරීම සහ එකී චෝදනා යටතේ අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටියදී වැලිකඩ බන්ධනාගාරය තුළදී ජංගම දුරකථන භාවිතා කිරීම යන චෝදනා එල්ල වී තිබූ තිලිණි ප්‍රියමාලි නමැත්තිය අධිකරණය විසින් නියම කර තිබ...
"ශ්‍රී ලංකාවේ ලස්සන බලන්න ප්‍රථම වතාවට මෝල්ටාවෙන් සංචාරකයෝ එති"
"මෝල්ටා රාජ්‍යයේ සිට සංචාරකයන් විශාල පිරිසකගෙන් සමන්විත කණ්ඩායමක් පළමු වතාවට කටුනායක ගුවන් තොටුපළින් ඊයේ (27දා) උදෑසන ශ්‍රී ලංකාවට පැමිණියහ. මෝල්ටාව යුරෝපා මහාද්වීපය තුළ පිහිටි රාජ්‍යයකි. මෙම සංචාරකයන් මීට පෙර ඇමෙරිකාව සහ කැනඩාව සිය ශීත ඍතුව ගතකිරීමට තෝරා ගෙන තිබුණ ද, මෙවර ඒ වෙනුවට ශ්‍රී ලංකාව තෝරා ගෙන තිබේ. එරට සංචාරක...
"පුංචි ඡන්දයට සල්ලි ලෑස්තියි; මැතිවරණ කොමසාරිස් ජනරාල්"
"පළාත් පාලන මැතිවරණය සඳහා මහා භාණ්ඩාගාරයෙන් මුදල් ප්‍රතිපාදන වෙන් කර ඇති බව මැතිවරණ කොමිෂන් සභාවේ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පැවසිය. කොමසාරිස් ජනරාල්වරයා එසේ පැවසුවේ පැෆරල් සංවිධානය විසින් පසුගිය 27දා නුවරඑළිය මැතිවරණ කොමසාරිස් කාර්යාල ශ්‍රවණාගාරයේදී මැතිවරණ නිරීක්ෂකයන්ගේ කාර්යභාරය මැයෙන් සංවිධානය කර තිබූ...
"චෙන්නායි – පලාලි ගුවන් ගමන් දෙරටේම ජනතා සිත් දිනයි"
"යාපනය හා ඉන්දියාවේ චෙන්නායි අතර ගුවන් ගමන් දෙරටේම ජනතාව අතර ඉතා ප්‍රචලිත වීමත් සමගම දිනකට රටවල් දෙක අතර හුවමාරු වන මගීන් සංඛ්‍යාව සියයට ආසන්න වී තිබේ. සතියකට දින තුනක් ඉන්දියාවේ සිට යාපනය පලාලි ගුවන් තොටුපළ වෙත ගුවන් යානා පැමිණෙන අතර එදිනම ආපසු ඉන්දියාව බලා පියාසර කරයි. මෙම එක් ගුවන් ගමන් වාරයකදී මගීන් 60 දෙනකුට පහසුක...
"ජනපති නිවසට ගිනි තැබීම : දානිෂ් අලීගෙන් අනුරුද්ධ බණ්ඩාරගෙන් සීඅයිඩීය ප්‍රශ්න කරයි"
"ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ පෞද්ගලික නිවසට ගිනිතබා විනාශ කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අරගලයේ ක්‍රියාකාරීන් දෙදෙනෙකු වූ දානිෂ් අලී සහ අනුරුද්ධ බණ්ඩාරගෙන් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව ඊයේ ( (27 වැනිදා) පැය 6 ක් තිස්සේ ප්‍රශ්න කර ප්‍රකාශ ලබාගෙන ඇත. මෙම සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශ ලබා ගැනීමට පැමිණෙන ලෙස කර තිබූ දැනුම...
"බස් රථ ලබාදීම නිසා බස් මෑන් කියා හැඳින්වුවත් අවලාද අපහාස ගැන කිසිම තැකීමක් නෑ"
"පාසල් තුළ දේශපාලන ව්‍යාපාරවලට සම්බන්ධ ඇතැම් ආදි සිසුන් හිටියත් තමන්ගේ පාසලේ දියුණුව වෙනුවෙන් කිසිවක් නොකරන බවත් බස් රථ නොමිලේ ලබාදීම නිසා බස් මෑන් යනුවෙන් තමා හැඳින්වූවත් එම අවලාද, අපහාස කිසිසේත්ම තමා විසින් නොතකන බවත් සමගි ජන බල පක්ෂ නායක සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය. ඒ මහතා මේ බැව් පැවසූවේ සිය සංකල්පයක...
"2021 දී 5401කට ද්විත්ව පුරවැසි භාවය"
"2021 වසරේදී ද්විත්ව පුරවැසි භාවය ඉල්ලුම් කළ 5401 දෙනෙකුට ආගමන හා විගමන දෙපාර්තමේන්තුව මගින් ද්විත්ව පුරවැසි භාවය ලබාදී ඇත. ඉන් වැඩිම පිරිස වන 1621 ක් ඔස්ටේ්‍රලියාවෙන් ඉල්ලුම් කර තිබූ බව එම දෙපාර්තමේන්තුව පවසයි. එක්සත් රාජධානියෙන් 885 ක්, ඇමෙරිකාවෙන් 795 ක්, කැනඩාවෙන් 371 ක් ඇතුළු ඉතාලිය, ස්විස්ටර්ලන්තය, ස්විඩනය, නවසීල...
"මොයීනා බේගම් මොහිදීන් බෙග්ට දීප සාම විනිසුරු පත්වීමක් ප්‍රදානය කරයි"
"අල්හාජ් මොහිදීන් බෙග් ශිල්පියා අගයමින් ඔහුගේ දියණිය වන මොයීනා බේගම් මොහිදීන් බෙග් මහත්මියට දීප සාම විනිසුරු පත්වීම ප්‍රදානය කිරීම අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අතින් ඉකුත්දා අරලියගහ මන්දිරයේදී සිදු කෙරිණි."