Title stringlengths 9 246 | Content stringlengths 3 62.9k |
|---|---|
"කළුබෝවිල රෝහලේ ඇස්ප්‍රින් නෑ" | "කළුබෝවිල රෝහලේ හෘද රෝගී සායනයෙන් ප්‍රතිකාර ලබන රෝගීන්ට අත්‍යවශ්‍යම ඖෂධ වර්ගයක් වූ ඇස්ප්‍රින් නොලැබීමෙන් මහත් අසීරුතාවකට පත්ව ඇත. පිටස්තර ඖෂධසල්වලින් ලබා ගන්නා ලෙස උපදෙස් දී ඇතත් කොළඹ සිට පානදුර දක්වා තිබෙන පෞද්ගලික ඖෂධහල්වල ඇස්ප්‍රින් නොමැති වීමෙන් රෝගීන් කළ යුත්තේ කුමක් දැයි නොදැන දුකට පත්ව ඇත. සෞඛ්‍ය අමාත්‍යතුමා මේ ... |
"ලංකාවේ පාතාලයන් 9 ක් ඉන්දීය කඳවුරකදී අල්ලයි" | "පාකිස්තානු ත්‍රස්ත කල්ලි සමග එක්ව ඉන්දියාවේ ප්‍රහාරයකට සැලසුම් කරලා මෙරට ප්‍රධානම පෙළේ පාතාල කල්ලි නායකයන් වන කිඹුලා ඇළේ ගුණා, පූකුඩුකන්නා, බුම්මා, වැල්ලේ සුරංග, කොට ගාමිණී, ඇතුළු පාතාල ප්‍රබලයන් 09 දෙනකු ඉන්දියාවේ එළිමහන් කඳවුරක රඳවා සිටිය දී එරට ජාතික බුද්ධි ඒජන්සිය මගින් පෙරේදා (19 වැනිදා) අත්අඩංගුවට ගෙන ඇත. මෙම පා... |
"කටුනායක විශාලම රත්‍රං වැටලීම කළ රේගුවේ 5 ක් මාරු කිරීමේ සූදානමක්!" | "මෙරට විශාලතම රත්‍රං වැටලීම ඇතුළු මත්ද්‍රව්‍ය වැටලීම් රාශියක් සිදු කළ රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ දක්‍ෂ නිලධාරීන් පිරිසක් හිටි හැටියේම මාරුකර යැවීමට අදිසි හස්තයක් ක්‍රියාත්මක වී ඇති බව රේගු ආරංචිමාර්ග පවසයි. කිසිම චෝදනාවක් එල්ල වී නැති රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ රේගු අධිකාරිවරයකු සහ සහකාර රේගු අධිකාරිවරුන් සිව්දෙනකු ම... |
"බිලියන 5 ක පාසල් නිල ඇඳුම් රෙදි අරන් චීන නැවක් ලංකාවට එයි" | "ශ්‍රී ලංකාවේ පාසල් සිසුන්ට ලබා දීම සඳහා නිල ඇඳුම් රෙදි මිලියන 3 ක් රැගත් නෞකාව චීනයෙන් ශ්‍රී ලංකාව බලා පිටත් වී ඇති බව චීන තානාපති කාර්යාලය නිවේදනය කරයි. මෙරට සිසුන්ට ලබාදීම සඳහා රුපියල් බිලියන 5 ක් වටිනා පාසල් නිල ඇඳුම් රෙදි තොගයක් චීනය ශ්‍රී ලංකාවට ප්‍රදානය කරන බව චීන තානාපති කාර්යාලය නිකුත් කළ ට්විටර් පණිවුඩයේ සඳහන... |
"මැල්කම් රංජිත් කාදිනල්තුමා විශ්‍රාම යන්නේ නෑ" | "කොළඹ අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල්තුමාට වසර 75 ක් පිරීම පාප්වහන්සේට දැනුම් දීම කතෝලික සභාවේ සම්ප්‍රදායක් බව කොළඹ අගරදගුරු මැඳුර කියයි. එසේ නොමැතිව මෙය අගරදගුරුතුමා විශ්‍රාම යෑමට ගත් තීරණයක් නොවේ යැයිද පවසයි. ඇතැමුන් මේ පිළිබඳව වැරදි ආකල්පයක් ඇති කරගෙන තිබෙන බව පවසන අගරදගුරු මැඳුර කාදිනල්තුමන් විශ්‍රාම යැවීම සම්බන්ධ ... |
"කංජිපානි ඉම්රාන්ට නඩු 2 කින් කොන්දේසි මත ඇප" | "ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන කංජිපානි ඉම්රාන් රුපියල් කෝටියක ශරීර ඇප සහ රුපියල් දෙලක්‍ෂ පනස්දහසක මුදල් ඇපයක් මත මුදා හැරීමට ඊයේ (20 වැනිදා) කොළඹ අලුත්කඩේ අංක 4 සහ 6 යන මහෙස්ත්‍රාත් අධිකරණ නියෝග කළේය. දරුණු ගණයේ සංවිධානාත්මක අපරාධකරුවන් සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් රඳවා සිටි බූස්ස බන්ධනාගාරයේ සිට රැගෙන විත්... |
"බස්රිය පදවමින් සිටියදීම රියැදුරුගේ හදවත නවතී" | "පාරෙන් පැන්න බසය තාප්පයක් කඩාගෙන ගොස් නිවසක් ළඟ නතර වෙයි පෞද්ගලික බස් රථයක රියැදුරකුට හදිසියේ ඇතිවූ හෘදයාබාධයක් හේතුවෙන් බස් රථය මාර්ගයෙන් ඉවතට පැන අසල තාප්පයක් ද කඩාගෙන ගොස් නිවසක් අසල නතර වී ඇති අතර රියැදුරු රථය තුළම මියගොස් ඇතැයි මත්තේගොඩ පොලිසිය පවසයි. ඊයේ (20 වැනිදා) අලුයම 5.45 ට පමණ සිදුවූ මෙම සිද්ධියෙන් මාර්ග අ... |
"නොරොච්චෝලෙට ගල්අඟුරු නෑ" | "ජන.1 දා සිට පැය 10 ක් විදුලිය කැපෙයි – ලංවිම ඉංජිනේරු සංගමය නොරොච්චෝල ගල්අඟුරු බලාගාරයට අවශ්‍ය ගල් අඟුරු සපයා ගැනීමට නොහැකිවීම නිසා ජනවාරි 01 වැනිදා සිට පැය 10 ක දෛනික විදුලි කප්පාදුවකට යෑමට සිදුවන බව ලංකා විදුලිබල ඉංජිනේරු සංගමය පවසයි. බලාගාරයට අවශ්‍ය ගල්අඟුරු තොග දෙසැම්බර් 31 වැනිදා අවසන් වන බවත් ඒ අනුව විදුලි කප්පා... |
"භාණ්ඩ වර්ග 10 ක ආනයන සීමා ලිහිල් කරයි" | "භාණ්ඩ වර්ග 10ක් සඳහා පනවා තිබූ ආනයනික සීමා ලිහිල් කිරීමට මුදල් අමාත්‍යාංශය තීරණය කර ඇත. මෙය ඊයේ (20දා) සිට ක්‍රියාත්මක වේ. ඊට අදාළ ගැසට් නිවේදනය ඊයේ නිකුත් කළ බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා සඳහන් කළේය. මේ පිළිබඳව අදහස් දක්වමින් රාජ්‍ය අමාත්‍යවරයා මෙසේ පැවසීය. “2311/8 කියන අතිවිශේෂ ගැසට් පත්‍රය මගින් ජ... |
"රටේ බරපතළ ආර්ථික අර්බුදයක් හදා ආණ්ඩුව යළි සෝෆා සහ එම්සීසී ගිවිසුම් ගේන්න අරඅදිනවා" | "මහාචාර්ය තිස්ස විතාරණ ඉතා භයානක සෝෆා සහ එම්. සී. සී. ගිවිසුම් දෙක යළි ක්‍රියාත්මක කිරීමට වත්මන් ජනපතිවරයා ප්‍රමුඛ රජය කටයුතු කරන බවට තොරතුරු ලැබෙන බව ලංකා සම සමාජ පක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය තිස්ස විතාරණ මහතා ඊයේ (20දා) ලංකා සමසමාජ පක්ෂයේ 88 වැනි සංවත්සර රැලිය අමතමින් පැවසීය. යහපාලන රජය සමයේ ද මෙම ගිවිස... |
"සතුන් වත්තේ නිල් ගව දෙනට නිවුන් බබාලා" | "ලෝකයේ වඳවෙමින් සිටින ඉතා දුර්ලභ ගණයේ සත්ත්ව විශේෂයක් වන ඉන්දියාවට ආවේණික වූ නිල් ගවයා නමින් හැඳින්වෙන නිල් ගව දෙනක් පසුගියදා දෙහිවල ජාතික සත්ත්ව උද්‍යානයේ දී නිවුන් දරු උපතක් සිදු කළාය. ක්‍ෂීරපායි සත්ත්ව විශේෂයක් වන මේ සතුන් ආහාර වශයෙන්, තණකොළ සහ කොස් කොළ ද පලතුරු ද ආහාරයට ගන්නා බව දෙහිවල ජාතික සත්ත්ව උද්‍යානයේ සහකාර ... |
"මාතලේ මැණික්පුරෙන් මේ වසරේ කෝටි 400 ක මිණිකැට හමුවෙයි" | "මාතලේ මැණික්පුරෙන් මේ වසරේ රුපියල් කෝටි හාරසියයක මිණිකැට හමු වූ බව ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය කියයි. එහි නාඋල ප්‍රාදේශීය කළමනාකරු සංජීව මූණමල්පේ මහතා පැවසුවේ කලාපයෙන්ම ලැබුණ මැණික්වල වටිනාකම රුපියල් කෝටි පන්සියය ඉක්මවන බවය. මෙහිදී නිල් මැණික් සහ නිල් ගෙවුඩ වැනි මැණික් හමු වූ බවත් ලග්ගල සහ ඇලහැර මැණික් කලාපවලි... |
"දේශීය ආදායම් පනතට අනුව බදු සංශෝධන ජන.1 දා සිට" | "දේශීය ආදායම් (සංශෝධන) පනතෙහි විධිවිධාන ප්‍රකාරව බදු සංශෝධන ක්‍රියාත්මක වන්නේ ජනවාරි 1 වැනිදා සිටයි. කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ඉකුත් 19 දා සිය සහතිකය සටහන් කළ දේශීය ආදායම් (සංශෝධන) පනතට අදාළ බදු සංශෝධන එම පනතේ විධිවිධාන ප්‍රකාරව 2023 ජනවාරි 1 වැනිදා සිට ක්‍රියාත්මක වේ. කථානායකවරයාගේ සහතිකය සමග මෙම පනත් කෙටුම්පත... |
"මත්කුඩු සොයා බෑග් බලනවා: පාසල් දරුවන්ගේ කෑම පෙට්ටි හිස්!" | "සජිත් ප්‍රේමදාස කිලිනොච්චිය මධ්‍ය මහා විද්‍යාලයේදී කියයි මේ රටේ පාසල් පද්ධතිය තොරතුරු තාක්‍ෂණයෙන්, පරිගණක විද්‍යාව, කෘත්‍රිම බුද්ධිය වැනි නව ප්‍රවණතාවලින් ශක්තිමත් කරනවා වෙනුවට වත්මන් රජය සිදු කරන්නේ මත්ද්‍රව්‍ය සොයා පාසල් යන දූ දරුවන්ගේ බෑග් පරීක්‍ෂා කිරීම බවත්, එවිට දකින්නට ලැබෙන්නේ මත්ද්‍රව්‍ය වෙනුවට හිස් කෑම පෙට්ට... |
"රොටරි සමාගමේ සභාපතිගෙන් මිලියන 47ක ඖෂධ" | "ජාත්‍යන්තර රොටරි සමාජයේ සභාපති ජෙනිෆර් ජෝන්ස් සේවා සැපයීමට කෙරෙන උපකාරයක් වශයෙන්, ලයිෆ්ලයින් ව්‍යාපෘතිය යටතේ, රුපියල් මිලියන 47ක ඖෂධ සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා වෙත ලබාදෙන ලදී. රොටරි සමාජයේ ගෝලීය ජාලය සහ ආදි සාමාජිකයන් විසින් මාර්ගගත පරිත්‍යාග ක්‍රමය හරහා එකතු කරන ලද රුපියල් මිලියන 47ක් වටිනා ඖෂධ එක්සත් ජාත... |
"ශාෆ්ටර්ගේ බිරිඳගෙන් ප්‍රශ්න කරයි" | "ජනශක්ති සමූහ ව්‍යාපාරයේ සභාපති දිනේෂ් ශාෆ්ටර් මහතා අභිරහස් අන්දමින් ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන පවත්වන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඒ මහතාගේ බිරිඳගෙන් පෙරේදා (18 වැනිදා) රාත්‍රී පැය 2 ක් ප්‍රශ්න කර ප්‍රකාශ ලබාගෙන ඇත. ශාෆ්ටර් මහතාගේ අවමඟුල් කටයුතු පෙරේදා සවස පැවැත්වීමෙන් පසු ඒ මහතාට අයත් කොළඹ මල්පාරේ පිහිට... |
"‘අයිස්’ ප්‍රවාහනයේ ප්‍රධාන කේන්ද්‍රස්ථානය ලංකාවයි- ඉන්ටර්පෝල් හෙළි කරයි" | "අයිස් හෙවත් ක්‍රිස්ටලයින් නමැති කෘත්‍රිම මත්ද්‍රව්‍ය ප්‍රවාහනයේ ප්‍රධාන කේන්ද්‍රස්ථානය බවට ශ්‍රී ලංකාව පත්වී ඇතැයි ඉන්ටර්පෝල් හෙවත් ජාත්‍යන්තර පොලිසිය අනාවරණය කර ඇත. ඉන්ටර්පෝල් පොලිසිය දියත් කළ ලයන් ෂිප් මෙහෙයුම යටතේ මෙම තොරතුරු හෙළිවී ඇති අතර අයිස් රටවල් 22 කට ප්‍රවාහනය කෙරෙන බව සොයාගෙන තිබේ. අයිස් මත්ද්‍රව්‍ය ප්‍රවා... |
"පරාජයේ වේදනාව බෙදාගැනීමට ප්‍රංශ ජනපතිත් එක්වී…" | "ජය මෙන්ම පරාජය ද සම සිතින් විඳදරාගත යුතුය. පාපන්දු ලෝක කුසලාන අවසන් මහා තරගයේදී ප්‍රංශ පිල ආර්ජන්ටිනාව අතින් පරාජය විය. මේ තරගය නැරඹීමට පැමිණි ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රොන් තම රට නියෝජනය කළ ඉතා දක්ෂ ක්‍රීඩක ම්බප්පේ වැළඳගෙන පරාජයේ වේදනාව සමනය කිරීමට උත්සාහ කළ අයුරු ඡායාරූපයේ දැක්වේ." |
"නොරොච්චෝලේ කඳුළු සලයි – ගල්අගුරු නාවොත් රටම අඳුරේ" | "නොරොච්චෝල බලාගාරයේ දැනට පවතින ගල්අඟුරු සංචිතය ජනවාරි මස මුල් සතිය දක්වා පමණක් ප්‍රමාණවත් වන බැවින් ඉන් පසුව නොරොච්චෝල බලාගාරයේ සම්පූර්ණ ජනනය ලබාගැනීම දැඩි ගැටලුවක්ව ඇතැයි එහි උසස් නිලධාරියෙක් ‘දිවයින’ට පැවසීය. මේ වනවිට බලාගාරයේ යන්ත්‍ර තුනම ක්‍රියාත්මක කර ඇති අතර ඉන් එක යන්ත්‍රයක් නතර කළ හොත් පමණක් ඉතිරි යන්ත්‍ර දෙක ජ... |
"ලංවිම නව සාමාන්‍යාධිකාරී ලෙස ඉංජිනේරු රොහාන් සෙනෙවිරත්න පත් කෙරේ" | "ලංකා විදුලිබල මණ්ඩලයේ නව සාමාන්‍යාධිකාරී ලෙස රොහාන් සෙනෙවිරත්න මහතා පත් කර තිබේ. 1986 වසරේදී මොරටුව විශ්වවිද්‍යාලයේ විදුලි ඉංජිනේරු උපාධිය දිනාගත් ඔහු එම වසරේම ලංකා විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරුවරයෙක් ලෙස සේවයට බැඳුණි. ලංවිම නව සාමාන්‍යාධිකාරී ලෙස ඊයේ (19 වැනිදා) සිට සාමාන්‍යාධිකාරී තනතුර සඳහා පත්ව ඇති ඔහු විදුලිබල මණ්ඩලය... |
"අද සරසවිවල ශිෂ්‍ය භික්ෂූන් වහන්සේ වැඩ කරන්නේ තලේබාන්ලා වගෙයි" | "“අද පාලි බෞද්ධ විශ්වවිද්‍යාලය ඇතුළු සරසවිවල තිබෙන කලා පීඨවල ශිෂ්‍ය භික්ෂූන් වහන්සේ තලේබාන්ලා වගේ වැඩ කරන්නේ. ලෙනින්ගෙන් න්‍යායට තමයි ඒ අය වැඩ කරන්නේ. බුදු හාමුදුරුවන්ගේ, ශාස්තෘන් වහන්සේ මග යන්නේ නැහැ” මිහින්තලා රජමහා විහාරාධිපති වලවාහැංගුණවැවේ ධම්මරතන හිමිපාණෝ පැවසූහ. උන්වහන්සේ එසේ පැවසුවේ පෙරේදා (18දා) පස්වරුවේ දේශීය... |
"හිතෙන හිතෙන ගාණට බඩු මිල උස්සලා :" | "පාරිභෝගික අධිකාරියේ නිලධාරීන් නිසි ලෙස රාජකාරිය නොකිරීම නිසා වෙළෙඳපොළ මාෆියාව අද අහිංසක ජනතාව ප්‍රසිද්ධියේම ගසාකන බව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා දිවයිනට ඊයේ (19 දා) පැවැසීය. වෙළෙඳුන් හිතූ හිතූ මිලට බිත්තර අලෙවි කරන බව කී කථානායකවරයා ආහාර සඳහා ද වෙළෙඳුන් හිතූ හිතූ ලෙස මිල නියම කරන බව සඳහන් කළේය. මේ හේතුවෙන් පාරිභ... |
"වසර 10කට පසු කොටස් වෙළෙඳ පොළේ විදේශ ශුද්ධ ආයෝජන ඉහළට" | "කොළඹ කොටස් වෙළෙඳ පොළේ ශුද්ධ විදේශීය ආයෝජන ප්‍රමාණය අවුරුදු දහයකට පසු රුපියල් බිලියන 24.06 ක් වාර්තා වී තිබේ. මීට පෙර වැඩිම විදේශ ශුද්ධ ආයෝජන ප්‍රමාණයක් වාර්තා වී තිබුණේ 2013 වසරේ වන අතර, ඒ රුපියල් බිලියන 22.07 ක් ලෙසිනි. දස වසරකට පසු මේ වසරේ ජනවාරි සිට දෙසැම්බර් 16 දක්වා එම වාර්තාව ඉක්මවා රුපියල් බිලියන 24.06 ක මට්ටමක... |
""හිරගෙවල්, කඳවුරුවල ගාල් නොකරමත්ද්‍රව්‍යවලට ගොදුරු වූ දරුවන් සංවර්ධන අධ්‍යාපන මධ්‍යස්ථානවල රඳවන්න"" | "අයිස් වැනි මත්ද්‍රව්‍යවලට අත්අඩංගුවට ගන්නා යොවුන් දරුවන් කිසි විටෙක බන්ධනාගාරගත කිරීම් හා කඳවුරු තුළ ගාල්නොකර වෙනමම ස්ථාපිත කරන සංවර්ධන අධ්‍යාපන මධ්‍යස්ථාන වෙත යොමුකරන ලෙසත් එම දරුවන්ගේ මනස බිඳනොවැටෙන ලෙස හා ආත්ම ගෞරවය පළුදු නොවන ලෙස යහමඟට ගැනීමට කටයුතු කරන ලෙසත් පැල්මඩුල්ල ‘මිතුරු මිතුරෝ’ විශෝධන මධ්‍යස්ථාන සංසදයේ නිර... |
"ව්‍යාපාරවලට බාධකය පොළී අනුපාතය නොව ඉහළ උද්ධමනය- මහ බැංකු අධිපති" | "ව්‍යාපාර කටයුතු කිරීමට තිබෙන බාධකය පොළී අනුපාතය නොව ඉහළ උද්ධමනය බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා ‘දිවයින’ට කීවේය. අමුද්‍රව්‍ය මිල වැඩියි. ශ්‍රම පිරිවැය වැඩියි. ප්‍රවාහන වියදම් වැඩියි. විදුලි බිල වැඩියි. මේ ආදී සියලු දේ වැඩි වෙන්නේ උද්ධමනය නිසා බව ද මහ බැංකු අධිපතිවරයා පෙන්වා දෙයි. යම්කිසි නිෂ්පාදනයක හෝ ... |
"මාලදිවයිනේ ඇණවුමක් අහිමි වෙලා – මේ උත්සව සමයේ රතිඤ්ඤා අලෙවියට සෙනසුරු දශාව" | "මෙවර උදාවන නත්තලට සහ අලුත් අවුරුද්දට රතිඤ්ඤා වෙළෙඳාම සියයට අසූවකින් පමණ අඩුවන ආකාරය පෙනෙන්නට ඇතැයි සමස්ත ලංකා ගිනිකෙළි නිෂ්පාදකයන්ගේ සංගමයේ සභාපති දිනේෂ් ප්‍රනාන්දු මහතා ‘දිවයින’ට පැවසීය. රතිඤ්ඤා නිෂ්පාදනයට අවශ්‍ය ඇලුමේනියම් පවුඩර් හිඟයක් ඇතැයි ද අවශ්‍ය වෙඩි බෙහෙත් කෝටාව පවා ඇතැම් දිනවල නොලැබෙන බව ද ඒ මහතා කීවේය. වෙනද... |
"පසුගිය වසරේ ලක්‍ෂ තුනක් විදෙස් රැකියාවන්ට ගිහින් – ඇමැති මනූෂ නානායක්කාර" | "මේ වසරේ ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචිය ලබා විදේශ රැකියා සඳහා පිටත්ව ගිය සංඛ්‍යාව ලක්‍ෂ 3 ඉක්මවා ගොස් ඇති බවත් ඉතිහාසයේ විදේශ රැකියා සඳහා වැඩිම පිරිසක් විදේශ ගතවූ වසර ලෙස මෙම වසර වාර්තා ගත වන බවත් කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා ප්‍රකාශ කළේය. අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ, ජාත්... |
"ජාත්‍යන්තරය සමග කටයුතු කිරිමේදී සියලු රටවලට මිත්‍රශිලී පිළිවෙතක් අනුගමනය කළ යුතුයි" | "දියතලාව කැඩෙට් නිලධාරීන් විසිරයෑමේ පෙළපාලියට එක්වෙමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ කියයි දූපත් රාජ්‍යයක් ලෙස ශ්‍රී ලංකාව ජාත්‍යන්තරය සමග කටයුතු කිරීමේදී සියලු රටවල් සමග මිත්‍රශීලි පිළිවෙතක් අනුගමනය කළ යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. ලෝක බලවතුන්ගේ අරගලවලදී එක් පිළකට බෙදී වෙන් නොවී, සියලු රටවල් සමග මිත්... |
""ගිය වසරට වඩා ඩෙංගු දෙගුණයකින් නැගලා – මේ වසරේ මෙතෙක් රෝගීන් 72,321 ක්"" | "මේ වසරේ ජනවාරි මාසයේ සිට දෙසැම්බර් දක්වා මෙරටින් ඩෙංගු රෝගීන් 72,321 දෙනකු හඳුනාගෙන ඇතැයි සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමය පවසයි. 2021 වසරේ හඳුනාගත් ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව 35,924 ක් වූ අතර ඒ අනුව මේ වසරේ එම සංඛ්‍යාව දෙගුණයකට ආසන්න වැඩිවීමක් බවද එම සංගමයේ සභාපති රවි කුමුදේශ් මහතා කියා සිටී. ඩෙංගු මර්දනය සඳහා මදුරු... |
"විදුලි බිල උස්සන යෝජනා අද කැබිනට්ටුවට" | "දෙවන වතාවටත් විදුලි ගාස්තු ඉහළ දැමීමට අදාළ යෝජනාවලිය අද (19 දා) රැස්වන කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර සම්මත කරගත්තත් එම තීරණය මේ මොහොතේ කිසිසේත්ම ක්‍රියාත්මක කළ යුතු නැතැයි ලංවිම තාක්‍ෂණික ඉංජිනේරු හා අධිකාරි සංගමයේ සභාපති ඒ. ජී. යූ. නිශාන්ත මහතා ‘දිවයින’ට පැවසීය. අගෝස්තු මාසයේ විදුලි ගාස්තු සියයට 70 කින් වැඩි කළ පසු මාස... |
"බෙදුම්කරුවන්ට රුපියල් මිලියන 6500ක වැඩිපුර කොමිස් මුදල් ගෙවලා" | "ඛනිජ තෙල් ආනයනය කිරීම සඳහා ඩොලර් සපයා ගැනීමට අවශ්‍ය රුපියල් ප්‍රමාණය සපයා ගැනීමේ අර්බුදයකට ලක්ව තිබියදී ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් අධ්‍යක්ෂ මණ්ඩල තීරණයට පටහැනිව බෙදුම්කරුවන් සඳහා ඉකුත් දින 50ක (2022 ජුලි 26 සිට සැප්තැම්බර් 15) කාලය තුළදී රුපියල් මිලියන 6,500කට අධික කොමිස් මුදලක් වැඩිපුර ගෙවා ඇති බව ජාතික විගණන කා... |
"දිනේෂ් ශාෆ්ටර් ඝාතනය: 23කගෙන් ප්‍රශ්න කරයි – මාධ්‍ය සාකච්ඡාව ගැන චමුදිතගෙන් ප්‍රකාශයක් ගනී" | "ජනශක්ති රක්‍ෂණ සමාගම් සමූහයේ සභාපති මෙන්ම කෝටිපති ව්‍යාපාරික දිනේෂ් ශාෆ්ටර් මහතාගේ අභිරහස් ඝාතනය සම්බන්ධයෙන් විසිතුන් දෙනෙකුගෙන් පොලිසිය කටඋත්තර ලබාගෙන තිබෙන අතර අවමගුල් කටයුතු අවසන් වූ සැණින් ඔහුගේ බිරිඳගෙන්ද ප්‍රකාශයක් ලබාගැනීමට නියමිතව තිබිණි. මෙම ඝාතනය සම්බන්ධයෙන් සැකපිට රහස් පොලිස් මූලස්ථානයට කැඳවූ ප්‍රවීණ ඉංග්‍ර... |
"දිනේෂ් ශාෆ්ටර් අවසන් කටයුතු බොරැල්ල කනත්තේදී" | "අභිරහස් ලෙස ඝාතනයට ලක්වූ ‘ජනශක්ති’ රක්‍ෂණ සමාගමේ සභාපති දිනේෂ් ශාෆ්ටර් මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු බොරැල්ල කනත්තේදී ඊයේ (18දා) සිදුවිය. බොරැල්ල කනත්තේදීම ඔහුගේ වාහනය තුළම තිබී ශාෆ්ටර් මහතාගේ සිරුර හමුවූ අතර එම භූමියේම ඔහු ඊයේ අවසන් ගමන් ගියේය. පිංතූරය – සමන් රණවීර" |
"බොරැල්ල කනත්තේ සීසීටීවී සවිකරනවා – නගරාධිපතිනි රෝසි කියයි" | "බොරැල්ල කනත්ත හා ඒ අවට ප්‍රදේශවල සීසීටීවී කැමරා පද්ධතියක් වහාම ස්ථාපිත කිරීමට කොළඹ නගරාධිපතිනි රෝසි සේනානායක මහත්මිය විසින් අදාළ අංශ වෙත ඊයේ (18 දා) නියෝග කර ඇත. බොරැල්ල කනත්ත පරිශ්‍රයේ කෝටිපති ව්‍යාපාරිකයකු අභිරහස් ලෙස ඝාතනය වීමේ සිද්ධිය සම්බන්ධයෙන් කිසිදු සීසීටීවී දර්ශනයක් නොමැති බවට වාර්තාවීමෙන් පසු නගරාධිපතිනිය මෙ... |
"හිඟ බිල්පත් නිසා ජල මණ්ඩලයට මිලියන හයදහසක පොල්ලක්" | "මාසික ජල බිල්පත් නොගෙවීම නිසා ජාතික ජල සම්පත් හා ජලාපවහන මණ්ඩලයට රුපියල් මිලියන හයදහසක් මේ වන විට අයවීමට ඇති බව ජාතික ජල සම්පත් හා ජලාපවහන මණ්ඩලයේ සාමාන්‍යාධිකාරී (අය කිරීම්) ඒකනායක වීරසිංහ මහතා ඊයේ (18දා) පැවසීය. ගෙවීම් පැහැර හැර ඇති පාරිභෝගිකයන්ගේ සැපයුම් ලබන 01 වැනිදා සිට විසන්ධි කිරීමට පියවර ගන්නා බවද හෙතෙම කියා ස... |
"විශ්‍රාම ලැබූ නාවික හමුදාපතිට උසස්වීමක්" | "නාවික හමුදාපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගෙතැන්න මහතා, ජනාධිපති හා ත්‍රිවිධ හමුදා සේනාධිනායක රනිල් වික්‍රමසිංහ මහතා විසින් පෙරේදා (17 දා) සිට ක්‍රියාත්මක වන පරිදි අද්මිරාල් නිලයට උසස් කර තිබේ. උළුගෙතැන්න මහතා වසර 37 ක විශිෂ්ට සේවා කාලයකින් පසු ඊයේ (18 දා) විශ්‍රාම ලැබීය. අද්මිරාල් නිලයට උසස් කිරීමෙන් පසු සම්මාන ආචාර ... |
"වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා නව නාවික හමුදාපති ධුරයට" | "සන්නද්ධ හමුදා සේනාධිනායක සහ ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් රියර් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා වයිස් අද්මිරාල් නිලයට උසස් කිරීමෙන් අනතුරුව, ශ්‍රී ලංකා නාවික හමුදාවේ 25 වන නාවික හමුදාපතිවරයා ලෙස ඊයේ (18දා) පත්විය. ඒ අනුව ඊයේ උදෑසන හිටපු නාවික හමුදාපති, අද්මිරාල් නිශාන්ත ... |
"පාන් රු.10කින් බහී" | "ග්‍රෑම් 450 පාන් ගෙඩියක මිල 17 වැනිදා මධ්‍යම රාත්‍රියේ සිට රුපියල් 10 කින් අඩු කළ බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්.කේ. ජයවර්ධන මහතා ‘දිවයින’ට පැවසීය. ඒ අනුව රුපියල් 180කට පැවැති පාන් ගෙඩියක මිල රුපියල් 170 දක්වා අඩුවන බව ද ඔහු කියා සිටියේය.ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්" |
"ආබාධිත පුද්ගලයන් භාවිත කරන සහායක උපකරණවලට කඩිනමින් බදු සහන දෙන්න – විමල්ගෙන් සියඹලාපිටියට ලිඛිත ඉල්ලීමක්" | "ආබාධිත තැනැත්තන් භාවිතා කරන රෝද පුටු, අත්වාරු ඇතුළු උපකරණ සඳහා තවදුරටත් ප්‍රමාද නොකර බදු සහන ලබාදීමට කටයුතු කරන ලෙස ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා මුදල් රාජ්‍ය ඇමැති රංජිත් සියඹලාපිටිය මහතාගෙන් ලිඛිත ඉල්ලීමක් කර සිටියේය. මීට පෙර මුදල් රාජ්‍ය ඇමැතිවරයා එවන් උපකරණ සඳහා බදු පනවා නැති බව... |
"වරින්වර නවතා දැමීම නිසා සපුගස්කන්ද පිරිපහදුවේ තාක්‍ෂණික දෝෂ උග්‍රවෙලා" | "සපුගස්කන්ද පිරිපහදුව ඉකුත් කාලයේදී වරින්වර නවතා දැමීමට සිදුවීම නිසා එහි තාක්‍ෂණික දෝෂ උග්‍ර වී ඇතැයි පිරිපහදු කටයුතුවල නිරත සේවකයෝ පවසති. බොරතෙල් ගෙන්වා ගැනීමට ඩොලර් නොමැති වීම නිසා ඉකුත් මාස කිහිපයේදී තුන් හතර වතාවක්ම පිරිපහදුව සම්පූර්ණයෙන්ම නතර කිරීමට සිදුවිය. 1969 වසරේ ඉදිකළ පිරිපහදුව සම්බන්ධයෙන් වසර විසිඅටකට වගකීම... |
"පාසල් ආශ්‍රීත වැටලීම්වලින් මත් ජාවාරමෝ 75 ක් මාට්ටු" | "බස්නාහිර පළාතේ පාසල් 122 ක් ආවරණය වන පරිදි 16 වැනිදා සිදුකළ වැටලීමකදී මත්ද්‍රව්‍ය හා මත්පෙති අලෙවි කළ පුද්ගලයන් 75 දෙනකු අත්අඩංගුවට ගෙන ඇතැයි බස්නාහිර පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ‘දිවයින’ට ඊයේ (18 දා) පැවසීය. මෙම වැටලීම් සඳහා පොලිස් නිලධාරීන්ගෙන් විශාල සහයෝගයක් ලැබුණු බව ද හෙතෙම කීය. මෙම ... |
"දළදා දැක්මක් පවත්වන්න – ජනපති මල්වතු අස්ගිරි මහනාහිමිවරුන්ගෙන් ඉල්ලයි" | "ජනතාවට වැඳ පුදා ගැනීමේ අවස්ථාව සලසමින් දළදා දැක්මක් පැවැත්වීමට කටයුතු යොදන මෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් මල්වතු අස්ගිරි මහ නාහිමිවරුන්ගෙන් ඉල්ලීමක් කර තිබේ. ජනාධිපතිවරයාගේ ඉල්ලීම අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා විසින් මල්වතු අස්ගිරි මහනායක ස්වාමීන්ද්‍රයාණන් වහන්සේ වෙත සෙනසුරාදා (17දා) පස්වරුවේ පිළිගන්ව... |
"මත්ද්‍රව්‍ය වැටලීම්වලින් මේ වසරේ මෙතෙක් අනූදහසක් කොටුවෙලා" | "මෙම වසරේ (2022) මේ දක්වා ගත වූ මාස 11 1/2 තුළ මත්ද්‍රව්‍ය සම්බන්ධ වැටලීම්වලදී පුද්ගලයන් අනූදහසකට අධික පිරිසක් අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිහාල් තල්දූව මහතා ‘දිවයින’ ට පැවසීය. මෙහිදී මත්කුඩු කිලෝග්‍රෑම් 1441 ක් සහ ඊට අදාළව සැකකරුවන් 45,801 ක් අත්අඩංගුවට ගෙන තිබේ. එසේම මෙම කාලය ත... |
"ජනශක්ති සභාපති ඝාතනය සැකකරුවන්ගෙන් ප්‍රශ්න කෙරේ" | "ජනශක්ති රක්‍ෂණ සමාගමේ සභාපති දිනේෂ් ශාෆ්ටර් මහතා බොරැල්ල කනත්ත අසල සිය මෝටර් රථය තුළදී අභිරහස් අන්දමින් ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට ඉංග්‍රීසි ක්‍රිකට් විස්තර විචාරකයකු ඇතුළු පිරිසකගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිකුරාදා 16 වැනිදා සවස ප්‍රශ්න කර ප්‍රකාශ සටහන් කර ගත්තේය. 2019 වසරේ මාර්තු මාසයේදී දිනේෂ් ශ... |
"නාමයෝජනා කැඳෙව්වත් ඡන්දය මාස 6 ක් පස්සට" | "පළාත් පාලන ඡන්ද විමසීම තවත් මාස 06කින් පමණ කල් දැමීමට ආණ්ඩුවේ සූදානමක් පවතින බව විශ්වාස කටයුතු ආරංචි මාර්ග සඳහන් කරයි. ලබන ජනවාරි මාසයේදී ඒ සඳහා අවශ්‍ය නීති පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය.මැතිවරණ කොමිෂන් සභාව නාම යෝජනා කැඳවූවද ඡන්ද විමසීම කල් දැමීමට ආණ්ඩුවේ පාර්ශ්ව මේ වනවිට සාකච්ඡා පවත්වා ඇතැයි වාර්තා වෙයි. පළ... |
"පුංචි ඡන්දය ආවොත් සන්ධාන 5 ක් සටනට" | "පළාත් පාලන මැතිවරණය සඳහා සන්ධාන 05ක් තරග බිමට පිවිසීමට සූදානම්ව සිටිති. මේ වනවිට පක්‍ෂ අතර අභ්‍යන්තර සාකච්ඡා පැවැත්වෙන අතර තවත් පක්‍ෂ සාකච්ඡා අවසන් අදියරේ සිදුවෙමින් පවතී. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හා එක්සත් ජාතික පක්‍ෂය සන්ධානගතව මැතිවරණය තරග කිරීමට සාකච්ඡා පැවැත්වෙන බව එම පක්‍ෂ ආරංචිමාර්ග පවසයි. මැතිවරණය ප්‍රකාශයට පත... |
"දුම්රිය අධිකාරියක් කළොත් වෘත්තීය සටන්" | "දුම්රිය දෙපාර්තමේන්තුව අධිකාරියක් බවට පත් කළහොත් දැඩි වෘත්තීය ක්‍රියාමාර්ගයකට එළැඹෙන බව දුම්රිය වෘත්තීය සමිති සන්ධානයේ සම කැඳවුම්කරු එස්. පී. විතානගේ මහතා ‘දිවයින ඉරිදා සංග්‍රහය’ට පැවසීය. දුම්රිය සේවකයන්ගෙන් කිසිදු විමසීමක් නොකර ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා, දුම්රිය දෙපාර්තමේන්තුව අධිකාරියක් බවට පත්කිරීමට සැල... |
"හමුදාවේ 400 ක් හිර කරන්න ලේඛනාගාරයක් හදලා" | "එක්සත් ජාතීන්ගේ හිටපු නිලධාරිනියක් විසින් ශ්‍රී ලංකාවේ මේජර් ජනරාල්වරුන් 12 දෙනකු ඇතුළු හමුදා නිලධාරීන් 400 දෙනකුට යුද අපරාධ චෝදනා එල්ල කරන ලේඛනාගාරයක් ආරම්භ කර ඇත. දකුණු අප්‍රිකාවේ ජොහැනස්බර්ග් නගරයේ මෙය ස්ථාපිත කර තිබේ. මෙය ශ්‍රී ලංකා රජයට වසන් වී තිබේ. ලොව කිසිදු රටක හමුදා නිලධාරීන් විශාල පිරිසකට මෙවන් යුද අපරාධ චෝ... |
"ඖෂධ නැතිව රෝහල් ලෙඩ වෙයි" | "කොළඹ ජාතික රෝහල, රාගම රෝහල ඇතුළු දිවයින පුරා පිහිටි රජයේ රෝහල් රැසකම මාස පහ හයක සිට බරපතළ ඖෂධ හිඟයක් හා වෛද්‍ය උපකරණ හිඟයක් පවතින බව සමස්ත ලංකා වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි. මෙම තත්ත්වය නිසා ළමා සහ වැඩිහිටි රෝගීන් බරපතළ අවදානමකට පත්ව සිටින බව එම සංගමයේ මාධ්‍ය සම්බන්ධිකාරක වෛද්‍ය ජනක සේනාරත්න මහතා ‘දිවයින ඉරිදා ... |
"කැසිනෝ සුපිරි බදු මගඩියක්" | "කැසිනෝ සඳහා මෙරටට පැමිණෙන බොහෝ ව්‍යාපාරිකයන්ගෙන් නියමිත ආකාරයෙන් බදු මුදල් රජයට නොලැබෙන බවට තොරතුරු හෙළිදරව්වී තිබේ. සංචාරකයන් ලෙස පැමිණෙන පිරිසෙන් සැලකිය යුතු පිරිසක් කැසිනෝ සඳහා මෙරටට පැමිණෙති. ඔවුන් මෙරට ඇතැම් කැසිනෝහල්වලට පැමිණීමට පෙර එරට කැසිනෝ පළට අයත් ආයතනයක විදෙස් මුදල් තැන්පත් කර හිස් අතින් මෙරටට පැමිණ මෙරටදී... |
"මත්පැන් නිෂ්පාදනාගාරවල සුරාබදු නිලධාරීන්ට බින්න බහින්න ඉඩ නෑ" | "සුරාබදු කොමසාරිස් ජනරාල් අනුමත මත්පැන් නිෂ්පාදනාගාරවල රාජකාරියට යොදා සිටින සුරාබදු නිලධාරීන්ට වසරක කාලයකට පසු එම ස්ථානයේ ස්ථානමාරු ලබාදීමට අනිවාර්යයයෙන් කටයුතු කරන බව සුරාබදු කොමසාරිස් ජනරාල් එම්. ජේ. ගුණසිරි මහතා පැවසීය. අනුමත මත්පැන් නිෂ්පාදනාගාරවල සිටින නිලධාරීන් මීට පෙර වකවානුවල දේශපාලන හෝ වෙනත් මාර්ගවලින් එම ස්ථා... |
"පුංචි හපනුන්ගේ ශිෂ්‍යත්වය අද" | "පහ ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගය (2022) අද (18දා) පැවැත්වෙයි. විභාගය සඳහා ශිෂ්‍ය ශිෂ්‍යාවෝ (3,34,698 ක්) තුන්ලක්‍ෂ තිස්හතර දහස් හයසිය අනූඅට දෙනෙක් පෙනී සිටිති. මෙවර විභාගයේ දෙවැනි ප්‍රශ්න පත්‍රය පළමුවත් පළමු ප්‍රශ්න පත්‍රය දෙවනුවත් ලබාදෙන බවත් විභාගය ආරම්භ වීමට පැය භාගයකටවත් පෙර දරුවන් විභාග මධ්‍යස්ථාන වෙත යොමුකරන ලෙස දෙ... |
"සමෘද්ධි බැංකුවල අක්‍රමිකතා 135 ගැන වගේ වගක් නෑ" | "විගණන කාර්යාලය කියයි සමෘද්ධි බැංකු සහ බැංකු සමිතිවල ඉකුත් වර්ෂ පහක කාලයේ දී (2014/2018) සිදුවී ඇති මූල්‍ය වංචා සහ අක්‍රමිකතා 135 කට අදාළව රුපියල් එකොළොස්කෝටි, පනස්හත් ලක්‍ෂ විසිතුන්දහස් හයසිය දහනමයක් සම්බන්ධයෙන් විගණන වාර්තාවලින් පෙන්වා දී තිබුණද ඒ සම්බන්ධයෙන් ඉහළ කළමනාකාරීත්වයේ අවධානය යොමුවී නැතැයි ජාතික විගණන කාර්යා... |
"නත්තල් කලාප නතර කර දුප්පතුන්ට උදව් වෙන්න" | "මෙවර උදාවෙන නත්තල නිමිත්තෙන් රටපුරා සිදුකරන සැරසිලි, විදුලි ආලෝකය, ප්‍රියසාද, සංගීත සංදර්ශන, නත්තල් කලාප නතර කර එම මුදල් රටේ අසරණ ජනතාව වෙනුවෙන් වැය කරන ලෙස කොළඹ අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල්තුමා මෙරට කතෝලික ජනතාවගෙන් සහ සියලු ජනතාවගෙන් විශේෂයෙන් ඉල්ලා සිටියි. රට අද පත්වී තිබෙන තත්ත්වය අනුව නත්තල නිමිත්තෙන් විශාල මු... |
"මහ බැංකුවටත් උඩින්: බැංකු ණයකරුවෝ අසරණයි" | "ඉතිහාසයේ රට මුහුණ දී සිටින දරුණුතම ආර්ථික අර්බුදය හමුවේ ජීවන වියදම ශීඝ්‍රයෙන් ඉහළ යෑමෙන් බලවත් පීඩාවට පත්ව සිටින ජනතාව ඇතුළු විශේෂයෙන් බැංකු හා මූල්‍යායතනවල ණය ගැනුම්කරුවන්ට සහන සලසන ලෙස එම ණය ගැනුම්කරුවෝ රජයෙන් සහ මහ බැංකුවෙන් ඉල්ලා සිටිති. මේ අනුව දැනට බැංකු ණය ගත් අයට ණය ගෙවීම සඳහා ලබාදී ඇති කාලය තවදුරටත් දීර්ඝ කරද... |
"දිස්ත්‍රික්ක 7 ක ඩෙංගු දැඩි අවදානමක්" | "දිස්ත්‍රික්ක හතක ඩෙංගු රෝගය ව්‍යාප්තවීමේ අධි අවදානමක් පවතියි. සිදුකළ කීට විද්‍යා සමීක්‍ෂණවලදී ඩෙංගු රෝග ප්‍රධාන වාහක මදුරුවාගේ බෝවීම ඉහළ ගොස් තිබෙන බව තහවුරු කරගෙන තිබෙන බව රජයේ කීට විද්‍යා නිලධාරීන්ගේ සංගමයේ සභාපති ජයමිනි මිගෙල්හේවා මහතා පැවසීය. ගාල්ල, මාතර, කොළඹ, ගම්පහ, කළුතර, මහනුවර, යාපනය යන දිස්ත්‍රික්කවල සිදුකළ ... |
"මාධ්‍යවේදීන් 115 ක් මරලා" | "මෙම වසරේදී (2022) රටවල් 29 ක මාධ්‍යවේදීන් 115 දෙනකු ඝාතනය වී ඇතැයි ප්‍රෙස් එම්බලම් කැම්පේන් නමැති සංවිධානය නිකුත් කළ අලුත්ම වාර්තාවේ සඳහන් වේ. යුක්රේන යුද්ධයේදී මියගිය මාධ්‍යවේදීන් සංඛ්‍යාව 34 කි. 2022 වසරේදී මියගිය මාධ්‍යවේදීන් සංඛ්‍යාව 2021 ට වඩා සියයට 45 කින් වැඩිවී ඇත. කීර්ති වර්ණකුලසූරිය" |
"දුම්රිය අනතුරුවලින් මරණ 456 ක්" | "මෙම වසරේ (2022) මේ දක්වා ගතවූ මාස එකොළහමාරක කාලය තුළ දුම්රිය අනතුරුවලින් පුද්ගලයන් 456දෙනකු මරුමුවට පත්වී ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුවේ මධ්‍යම අපරාධ අංශය පවසයි. ජංගම දුරකථන ඇමතුම් ලබාගනිමින් දුම්රිය මාර්ගයේ ගමන් ගැනීම, දුම්රිය පාපුවරුවේ ගමන් කිරීම, අනාරක්‍ෂිත දුම්රිය මාර්ග ඔස්සේ වාහන දැමීමට යෑමේ දී හා දුම්රිය මාර්ගයට ... |
"අයිඑම්එෆ් යන්න චීන සහාය ඉක්මනට ලැබේවි" | "ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය ගැනීම සඳහා චීනයෙන් අප ලබාගත යුතු මූල්‍යමය ආරක්‍ෂණය (ෆයිනෑන්ෂල් ඇෂුවරන්ස්) හැකි ඉක්මණින් චීනය විසින් ශ්‍රී ලංකාවට ලබාදෙනු ඇතැයි අපේක්‍ෂා කරන බව ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා ‘දිවයින ඉරිදා සංග්‍රහය’ට පැවසීය. එම ක්‍රමවේදයේ යම්කිසි ආකාරයක ප්‍රමාදයක් තිබිය හැකි නමු... |
"පැලවත්ත සහ සෙවණගල කෝටි 70 ක් ගිලලාලු" | "විගණනයෙන් හෙළිවෙයි සීමාසහිත ලංකා සීනි සමාගමේ පැලවත්ත සහ සෙවණගල ඒකක දෙකේ එතනෝල් නිපදවන බොයිලේරු ක්‍රියාත්මක කිරීම සඳහා එක්තරා සමාගමකින් දැවිතෙල් වෙනුවට කළුතෙල් මිලදී ගැනීමකින් 2021- 2022 අතර වසරක කාලයේ දී සීනි සමාගමට අහිමි වී තිබෙන මුදල රුපියල් කෝටි හැත්තෑවකට අධික බව රජයේ විගණකාධිපතිවරයා කළ විශේෂ විගණනයක දී හෙළි වී තිබ... |
"ජනශක්ති සභාපති ඝාතනය – දුරකථන ඔස්සේ පරීක්‍ෂණ" | "ජනශක්ති සමූහ ව්‍යාපාරයේ සභාපති දිනේෂ් ශාෆ්ටර් මහතා ඝාතනය වීමට ටික වේලාවකට පෙර ඒ මහතාගේ දුරකථනයට ලැබී තිබූ සැකකටයුතු ඇමතුම් කීපයක් ඔස්සේ ඝාතකයන් අත්අඩංගුවට ගැනීමේ විමර්ශන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ක්‍රියාත්මක කර ඇත. මේ අතර ඝාතනයට ලක්වූ ශාෆ්ටර් මහතාගේ මෝටර් රථයේ තිබී සැකකටයුතු ඇඟිලි සලකුණු 14ක් ද පොලිසිය සොයා... |
"ජනශක්ති සභාපති ඝාතන සිද්ධිය: බ්‍රයන් තෝමස්ට රට යෑම තහනම්" | "කෝටිපති ව්‍යාපාරිකයකු වන ජනශක්ති සභාපති දිනේෂ් ශාෆ්ටර් මහතාගේ ඝාතනය සම්බන්ධයෙන් ප්‍රකට ක්‍රිකට් විස්තර විචාරකයකු වන බ්‍රයන් තෝමස් මහතාගේ විදේශ ගමන් තහනම් කිරීමට කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් හර්ෂණ කැකුණාවල මහතා ඊයේ (16) නියෝගය කළේය. බ්‍රයන් තෝමස් මහතාට ඇති විදේශ ගමන් බලපත්‍ර දෙකට ම අදාළව එම නියෝගය කෙරිණි. සිද්ධියට අදාළව වි... |
"ප්‍රියමාලිට ජානකීට දැඩි කොන්දේසි මත ඇප" | "වැඩි ප්‍රතිලාභ ලබාදෙන බව පවසා විවිධ පුද්ගලයන් මුලාකර ලබාගත් රුපියල් කෝටි සිය ගණනක් වංචා කළේ යැයි චෝදනා එල්ල වී ඇති නිකෝ සමූහ ව්‍යාපාරයේ හිමිකාරිනි තිළිණි පියුමාලි නමැත්තියට හා ඇයට එකී වංචනික ක්‍රියා සඳහා ආධාර අනුබල දුන් බව කියන ජානකී සිරිවර්ධන නමැත්තිය දැඩි ඇප කොන්දේසි පනවා ඇපමත මුදාහැරීමට කොටුව මහෙස්ත්‍රාත් තිළිණ ගමග... |
"කෝටි 400 ක කුඩු – අයිස් බෝට්ටු දෙක අත්අඩංගුවට: ශ්‍රී ලාංකිකයෝ 10ක් දැලේ" | "රුපියල් කෝටි 400 කට අධික වටිනාකමෙන් යුත් අයිස් සහ හෙරොයින් තොගයක් රැගෙන ශ්‍රී ලංකාව බලා යාත්‍රා කරමින් තිබූ බෝට්ටු දෙකක් නාවික හමුදාව සහ පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශය මගින් ඊයේ (16දා) අලුයම දකුණු මුහුදේදී අත්අඩංගුවට ගෙන ඇත. මෙම හෙරොයින් තොගය සමග ශ්‍රී ලාංකිකයන් දසදෙනකු ද අත්අඩංගුවට ගෙන තිබේ. මෙම යාත්‍රා දෙකේ අයිස් සහ හ... |
"ඉදිරියෙදී සෑම අයෙකුටම අවුරුද්දකට රු. තිස්හයදාහක බදු ගෙවන්න වෙනවා" | "සිස්ටම් චේන්ජ් කරන්න ආපු අය ත්‍රස්තවාදය වැළැක්වීම පනත යටතේ තරුණ තරුණියන් හිර කරගෙන – පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක අබේසිංහ වත්මන් ආණ්ඩුව පළාත් පාලන මැතිවරණය පවත්වන බවට ඉඟි පවා පළකරනුයේ පිස්සු බල්ලෙක් නාවන්න ගෙනියනවා වාගේ යැයි සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක අබේසිංහ මහතා පැවසීය. විපක්ෂ නායක කාර්යාලයේ පෙරේදා (15 ... |
"මුදලිගේ බේරගන්න උද්ඝෝෂණ වැලක් – ජිනරතන හිමි කියයි" | "ත්‍රස්ත පනත යටතේ දැනට රිමාන්ඩ් භාරයේ පසුවන අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ මහතා නිදහස් කර ගැනීම සඳහා ඉදිරි සතිය තුළ මානව හිමිකම් කොමිෂන් සභාව, ජාත්‍යන්තර ශිෂ්‍ය සංගම්, තානාපති කාර්යාල දැනුවත් කර දීපව්‍යාප්තව දැවැන්ත උද්ඝෝෂණ මාලාවක් සිදුකිරීමට දැනටමත් සාකච්ඡා කරන බව අන්තර් විශ්වවිද්‍යාල ... |
"සනත් නිශාන්තට රට යන්න උසාවියෙන් අවසර නොලැබෙයි : පවිත්‍රාට කොන්දේසි පිට අවසර" | "ගෝඨා ගෝගම ගාලු මුවදොර අරගල භූමියේ රැඳී සිටි නිරායුධ අරගලකරුවන්ට පොලු මුගුරුවලින් අමානුෂික ලෙස පහරදීම ඇතුළු චෝදනා යටතේ පවරා ඇති නඩුවේ ප්‍රධාන සැකකරුවකු වන රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත පෙරේරා මහතාට සතියක කාලයක් වන්දනා චාරිකාවක් සඳහා විදේශගත වීමට අවසර ලබාදෙන ලෙසට කළ ඉල්ලීම කොටුව මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා විසින් ඊයේ (16... |
"ඇඳුම් සපත්තු බෑග් අභ්‍යාස පොත් ගිනි ගණන් දරුවෝ පාසල් යැවීම දෙමාපියන්ට සිහිනයක් – ජෝසප් ස්ටාලින්" | "නිල ඇඳුම්, සපත්තු ඇතුළු පාසල් උපකරණවල මිල අධික ලෙස ඉහළ යෑම නිසා ලබන වසරේ පාසල් දරුවන් රැසක් පාසල් යැවීමේ හැකියාව දෙමාපියන්ට අහිමිවනු ඇතැයි ලංකා ගුරු සංගමයේ සභාපති ජෝසප් ස්ටාලින් මහතා පැවසීය. දරුවන් නව වසරේ පාසල් යැවීම සඳහා නිල ඇඳුම්, සපත්තු ඇතුළු පාසල් උපකරණ අලුතෙන් සපයා ගැනීමට මේ රටේ දෙමාපියන් බහුතරයක් කටයුතු කළ බවත්... |
"වෙස්ටන් රෝහලේ වකුගඩු රෝගීන් දෙදෙනාට ප්‍රතිකාර කරන්න පහසුකම් දෙන්න – සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්ට නියෝග" | "රුපියල් ලක්‍ෂ ගණන් මුදල් ලබාදෙන බවට පොරොන්දු වී දිළිඳු ජනතාවගෙන් වකුගඩු ලබාගෙන සිදුකළේ යැයි කියන වකුගඩු ජාවාරම පිළිබඳව පසුගිය දිනවල දැඩි කතාබහට ලක්වූ බොරැල්ල වෙස්ටන් පෞද්ගලික රෝහලේ ප්‍රතිකාර ලබනා වකුගඩු රෝගීන් දෙදෙනකුට අවශ්‍ය වෛද්‍ය ප්‍රතිකාර ලබාගැනීමට පහසුකම් සැපයීමට වහාම පියවර ගන්නා ලෙස අභියාචනාධිකරණය ඊයේ (16දා) සෞඛ... |
"දැන් පවතින්නේ රනිල් රාජපක්ෂ ආණ්ඩුවක් තමයි – ඇමැති ප්‍රසන්න රණතුංග" | "ඉදිරි මැතිවරණවලට මුහුණ දෙන්නේ නව සන්ධානයකින් නව සන්ධානයකින් ඉදිරියේදී පැවැත්වෙන ඕනෑම මැතිවරණයකට ඉදිරිපත් වන බවත්, ඉදිරිපත් වන ලකුණ ඉදිරියේදී තීරණය කරන බවත් නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය හා ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක ප්‍රසන්න රණතුංග මහතා පවසයි. බත්තරමුල්ලේ පෙරේදා (15 දා) පැවැති උත්සවයකින් අනතුරුව ඉදිරියේදී එක්සත් ජා... |
"දැන් පවතින්නේ රනිල් රාජපක්ෂ ආණ්ඩුවක් තමයි – ඇමැති ප්‍රසන්න රණතුංග" | "ඉදිරි මැතිවරණවලට මුහුණ දෙන්නේ නව සන්ධානයකින් නව සන්ධානයකින් ඉදිරියේදී පැවැත්වෙන ඕනෑම මැතිවරණයකට ඉදිරිපත් වන බවත්, ඉදිරිපත් වන ලකුණ ඉදිරියේදී තීරණය කරන බවත් නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය හා ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක ප්‍රසන්න රණතුංග මහතා පවසයි. බත්තරමුල්ලේ පෙරේදා (15 දා) පැවැති උත්සවයකින් අනතුරුව ඉදිරියේදී එක්සත් ජා... |
"ගෝඨා දුන් සමාව අභියෝගයට ලක් කළ පෙත්සම් විභාගය පෙබරවාරියේ" | "මහාධිකරණය විසින් මරණීය දණ්ඩනය නියම කර තිබූ භාරත ලක්‍ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතන නඩුවේ විත්තිකරුවකු වන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්. දුමින්ද සිල්වා මහතාට හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා විසින් ජනාධිපති පොදු සමාවක් ලබාදීම අභියෝගයට ලක්කරමින් ගොනු කර තිබූ පෙත්සම් සම්බන්ධයෙන් විභාගය ලබන පෙබරවාරි 07 වැනිදා ආරම්භ කිරීමට ... |
"කෝටි 17ක් දී ඉඩම් පවරා ගත්තත් දෙද්දුව සංචාරක ව්‍යාපෘති අරඹා නෑ – විගණනයෙන් හෙළි වෙයි" | "බෙන්තොට, දෙද්දුව සංචාරක සංවර්ධන ව්‍යාපෘතිය සඳහා රුපියල් දාහත්කෝටි තිස්එක් ලක්ෂ පනස්නමදහස් නමසිය නමයක මුදලක් ගෙවා (173,159,909) ඉඩම් අත්පත් කර ගැනීම අවසන් කර තිබුණ ද මේ වන විටත් එහි සංචාරක සංවර්ධන ව්‍යාපෘති ආරම්භ කර නොතිබූ බව ජාතික විගණන කාර්යාලය පවසයි. මෙකී සංචාරක සංවර්ධන ව්‍යාපෘතිය සඳහා 2017 වර්ෂය වන විට ඉඩම් පවරා ගැ... |
"බදු සංශෝධන පනතට කතානායක අත්සන් තබයි" | "එකතු කළ අගය මත බදු (සංශෝධන) පනත් කෙටුම්පත සඳහා පාර්ලිමේන්තුවේ කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ඉකුත් 14 දා සිය සහතිකය සටහන් කළේය. එකතු කළ අගය මත බදු (සංශෝධන) පනත් කෙටුම්පත පසුගිය 09 වැනිදා සංශෝධන සහිතව වැඩි ඡන්දයෙන් පාර්ලිමේන්තුවේදී සම්මත විය. එහිදී පනත් කෙටුම්පත තෙවන වර කියැවීම සඳහා පක්ෂව ඡන්ද 82ක් හිමිවූ අතර විරුද්... |
"පුංචි ඡන්දය ඉක්මන් කරන්න කොමිසමට නියෝග දෙන්න – පෙත්සම් සලකා බලන්න කැඳවීම ජනවාරි 18 දා" | "පළාත් පාලන මැතිවරණය කඩිනමින් පැවැත්වීමට මැතිවරණ කොමිෂන් සභාවට නියෝගයක් කරන්නැයි ඉල්ලා සමගි ජනබලවේගය පක්‍ෂය ඇතුළු විපක්‍ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක් ගොනු කර තිබූ පෙත්සම් සලකාබැලීම සඳහා ලබන ජනවාරි 18 වැනිදා කැඳවීමට ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (16දා) දින නියම කළේය. සමගි ජනබලවේගය පක්‍ෂයේ මහලේකම් පාර්ලිමේන්තු ... |
"ජාත්‍යන්තර රොටරි සමාජයට ජනපති රනිල්ගේ පැසසුම්" | "නිල සංචාරයක් සඳහා මෙරටට පැමිණි ජාත්‍යන්තර රොටරි සමාජයේ සභාපතිනි ජෙනිෆර් ජෝන්ස් (Jennifer Jones) මහත්මිය පිළිගැනීමේ උත්සවයක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ඉකුත් 14 දා පස්වරුවේ කොළඹ ෂැංග්‍රිල්ලා හෝටලයේ දී පැවැත්විණි. ලෝකයේ රටවල් 210ක සාමාජිකත්වය දරණ ජාත්‍යන්තර රොටරි සමාජය ශ්‍රී ලංකාවට ලබාදෙන සහාය අගය ... |
"ජවිපෙ අමුතු දේශපාලන පක්‍ෂයක්" | "ජනාධිපති වෘත්තීය සමිති අධ්‍යක්‍ෂ ජනරාල් සමන් රත්නප්‍රිය ජනතා විමුක්ති පෙරමුණ රටේ ජනතාවගේ ආර්ථික ප්‍රශ්න වැඩි වෙද්දී එකතුවෙලා වැඩකරන්න බැරි අමුතු දේශපාලන පක්‍ෂයක් යැයි ජනාධිපති වෘත්තීය සමිති අධ්‍යක්‍ෂ ජනරාල් සමන් රතන්ප්‍රිය මහතා පැවසීය. ඔවුන් සිතා ඉන්නේ ඔවුන්ට බලය ලැබුණහම ඔවුන්ගේ යෝජනා සහ අදහස් ඉදිරිපත් කරලා රට හදන්න ය... |
"ජනාධිපති ධුරය දරන කාල සීමාවේ රනිල්ට එරෙහි පාස්කු නඩු බැහැ" | "මෛත්‍රීට එරෙහි නඩු දිගටම පාස්කු ප්‍රහාරයේ වින්දිතයන් විසින් මීගමුව දිසා අධිකරණයේ පවරා ඇති වන්දි නඩුකරවල 2 වැනි විත්තිකරු ලෙස නම්කර සිටින ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථවේ 35(1) ව්‍යවස්ථාවේ ප්‍රතිපාදන ප්‍රකාරව ජනාධිපති මුක්තිය හිමිවීම හේතුවෙන් ඒ මහතාට එරෙහි නඩු ඔහු ජනාධිපති ධුරය දරන කාලසීමාවට පමණක්... |
"ඩයනාගේ විදෙස් ගමන් තහනම දින 5 කට ඉවතට" | "ආගමන විගමන පාලකවරයා වෙත අසත්‍ය තොරතුරු ඉදිරිපත් කර ගමන් බලපත්‍රයක් ලබා ගැනීම ඇතුළු චෝදනා එල්ලවී ඇති රාජ්‍ය ඇමැතිනි ඩයනා ගමගේ මහත්මියට තම අධිකරණය විසින් පනවා තිබූ විදේශ ගමන් තහනම දින පහක කාලයකට තාවකාලිකව ඉවත්කිරීමට කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් නන්දන අමරසිංහ මහතා ඊයේ (15 දා) නියෝග කළේය. ජනාධිපති නීතිඥ සරත් ජයමාන්න මහතා කළ ... |
"රනිල්ගේ නම ඉවත්කිරීමට විරුද්ධ හේතු ලිඛිතව දෙන්න… මෛත්‍රී ඇතුළු වගඋත්තරකරුවන්ට නියෝග" | "පාස්කු ප්‍රහාර මාලාවෙන් විපතට පත් වින්දිතයන් වෙනුවෙන් වන්දි ඉල්ලා පවරා ඇති නඩු 108 ක වගඋත්තරකාර භාවයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉවත්කිරීම සම්බන්ධයෙන් දක්වන විරෝධතා ලබන ජනවාරි 18 වැනිදා ලිඛිතව ගොනුකරන ලෙස කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් මහේෂා ද සිල්වා මහත්මිය මෛත්‍රිපාල සිරිසේන මහතා ප්‍රමුඛ සෙසු වගඋත්තරකරුවන්ට ඊයේ (15... |
"ධර්මසිරි බණ්ඩාරනායකට අද රුහුණු සරසවියෙන් ආචාර්ය උපාධියක්" | "අඩසියවසකට අධික කාලයක් ශ්‍රී ලාංකේය සිනමාව හා වේදිකා නාට්‍ය කලාවේ පෝෂණය වෙනුවෙන් මෙන්ම මෙරට සමාජ දේශපාලන ව්‍යුහය ශක්තිමත් කරන්නට කැපවූ ධර්මසිරි බණ්ඩාරනායකයන්ට අද (16 දා) පැවැත්වෙන රුහුණු විශ්වවිද්‍යාලයේ උපාධි ප්‍රදානෝත්සවයේදී ආචාර්ය උපාධියකින් පිදුම් ලැබීමට නියමිතය. ශ්‍රී ලංකාවේ කලා ක්‍ෂේත්‍රය පෝෂණය කිරීමටත් ඒ තුළින් ජ... |
"බිත්තර බිඳෙයි : මිල ගැසට්ටුවට අතුරු තහනමක්" | "අධිකාරියේ මිලට සංගම් කැමැති නැහැ බිත්තර අලෙවි කළ හැකි උපරිම සිල්ලර මිල සුදු බිත්තරයක් රුපියල් 42 කටත්, රතු බිත්තරයක් රුපියල් 44 ලෙසටත් පාරිභෝගික සේවා අධිකාරිය තීරණය කොට ඇතැයි ශ්‍රී ලංකා පාරිභෝගික අධිකාරිය ඊයේ (15 දා) අභියාචනාධිකරණයට දැනුම් දුන්නේය. පාරිභෝගික අධිකාරිය නියම කළ එම මිල ගණන් සම්බන්ධයෙන් එකඟවිය නොහැකි බව පෙ... |
"විශ්‍රාම යන වයස සංශෝධනය වෙයි:" | "අවුරුදු 59 දොස්තරලා ඉපදුනේ ජනවාරි – ජුනි 30 අතර නම් ජුනි 30 තෙක් සේවයට අවස්ථාව වෛද්‍යවරුන් අනිවාර්ය විශ්‍රාම ගැන්වීමේ වයස් සීමාව සංශෝධනය කරමින් නව ගැසට් නිවේදනයක් නිකුත් කර ඇත. රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන ඇමැතිවරයා ලෙස අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා එම ගැසට් නිවේදනය ප්‍රකාශයට පත් කර තිබේ. ඒ අනුව ... |
"දොස්තරලාගේම වයස ඉල්ලා කුමුදේශ් උසාවි යන්න හදයි" | "විශේෂඥ වෛද්‍යවරුන්ට විශ්‍රාමයෑම සඳහා ලබාදෙන සහන අනෙකුත් සෞඛ්‍ය ක්‍ෂේත්‍රයේ අයටත් ලබාදෙන ලෙස ඉල්ලා අභියාචනාධිකරණය හමුවට යන බව සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවී කුමුදේශ් මහතා “දිවයින”ට ඊයේ (15 දා) පැවසීය.සෞඛ්‍ය ක්‍ෂේත්‍රයේ එක් කණ්ඩායමකට පමණක් විශේෂත්වයක් දැක්වීම අසාධාරණ බවත් කුමුදේශ් මහතා කීය. විශ්‍රාම වය... |
"මුදලිගේ බූස්සට යවන්න හදනවා…. මේක ජීවිතය අනතුරේ හෙළීමක් – දුමින්ද නාගමුව" | "ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවාගෙන සිටින අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ බූස්ස බන්ධනාගාරයට මාරු කර යැවීමට බලධාරීන් සූදානම් වන බවත් එසේ කළහොත් එය ඔහුගේ ජීවිතය අනතුරේ හෙළීමක් බවත් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රචාරක ලේකම් දුමින්ද නාගමුව මහතා ඊයේ (15 දා) මාධ්‍යයට පැවසීය. මෙය කුමන්ත්‍රණ... |
"අද පාරට බැහැලා රජය විවේචනය කළ හැක්කේ රනිල් වික්‍රමසිංහ ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කළ නිසයි" | "එ.ජා.ප. සභාපති වජිර අබේවර්ධන දේශපාලන එදිරිවාදිකම්වලින් හා පරස්පර විවේචනයන් මගින් ශ්‍රී ලංකාව තවදුරටත් පරාජිත ජාතියක් බවට පත්වන බවත්, මෙම තත්ත්වයෙන් රට මුදා ගැනීමට නම් සියල්ලන්ම එකට එකතු වී රට වෙනුවෙන් ප්‍රමුඛස්ථානයක් ලබාදී කටයුතු කළ යුතු බව එක්සත් ජාතික පක්ෂ සභාපති, පා.ම. වජිර අබේවර්ධන මහතා අවධාරණය කළේය. වජිර අබේවර්ධන... |
"ආර්ථික වර්ධනය 11.8%කින් සෘණ වෙයි" | "මේ වර්ෂයේ (2022) තුන්වැනි කාර්තුවේ ආර්ථික වර්ධනය සියයට 11.8 කින් සෘණ වී ඇත. මෙම සෘණ 11.8 ක ආර්ථික වර්ධනය (ආර්ථික සංකෝචනය) යටතේ මේ වර්ෂයේ තෙවන කාර්තුවේ කෘෂිකාර්මික අංශය සියයට 8.7 ක්ද, කාර්මික අංශය සියයට 21.2 ක් සහ සේවා අංශය සියයට 2.6 ක්ද වශයෙන් සෘණ ආර්ථික වර්ධනයන් (ආර්ථික පසුබැසීම්) වාර්තා කර ඇතැයි ජන ලේඛන හා සංඛ්‍යා ල... |
"ඡන්දය තියන්න කියලා මැතිවරණ කොමිසමට ලබාදුන් ලියවිල්ලට ජවිපෙ අත්සන් කළේ නෑ" | "ජනතාවගේ ඡන්ද අයිතිය උදුරා ගැනීමට ආණ්ඩුවේ අදෘශ්‍යමාන බලවේගයක් මැතිවරණ කොමිසමට බලපෑම් කරනවා – මුජිබර් රහුමාන් (සජබ) ජනතාවගේ ඡන්ද අයිතිය උදුරා ගැනීමට මැතිවරණ කොමිසමට කවුරු හෝ මේ ආණ්ඩුවේ අදෘශ්‍යමාන බලවේගයක් බලපෑම් කරන බවට අපට සැකයක් තියෙනවා යැයි සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා පැවසීය. විපක්ෂ නායක... |
"ඉන්දීය නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී නිල සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට" | "ඉන්දීය නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී අද්මිරාල් ආර්. හරි කුමාර් මහතා ශ්‍රී ලංකා නාවික හමුදාපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න මහතාගේ ආරාධනාවක් මත සිව්දින නිල සංචාරයක් සඳහා පසුගියදා ‘දිවයින’ ට පැමිණියේය. මෙම සංචාරය අතරතුර නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානීවරයා ජනාධිපති රනිල් වික්‍රමසිංහ, අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන සහ ආ... |
"මහජන සේවය පැහැරහරින නිලධාරීන් නිදහසට හේතු කියන්න එපා – ජනාධිපති රනිල් වික්‍රමසිංහ" | "ජල පෝෂකවලට බලපෑමක් නම් ටර්පන්ටයින් ඉවත් කරන්න රාජ්‍ය ආයතන අතර ගැටුම් ඇතිකර නොගෙන උපරිම මහජන සේවාවක් සැලසීම රාජ්‍ය නිලධාරීන්ගේ වගකීම බවත්, මහජන සේවය ඉටු නොකිරීම පිළිබඳ රාජ්‍ය නිලධාරීන් කිසිවිටෙක හේතු ඉදිරිපත් නොකළ යුතු බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කළේය. රාජ්‍ය නිලධාරීන් නීති හා අණපනත් පලිහක් කර ගත යුත්ත... |
"පාටිවල දී අයිස් හඳුන්වාදීමේ කුමන්ත්‍රණයක්" | "විවිධ සාදවල දී අයිස් මත්ද්‍රව්‍ය හඳුන්වාදීමේ රහස් වැඩපිළිවෙළක් අදාළ ජාවාරම්කරුවන් විසින් ඉතා සංවිධානාත්මකව සිදුකරන බවට තොරතුරු ලැබෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිහාල් තල්දූව මහතා ‘දිවයින’ට ඊයේ (15 දා) පැවසීය. මෙම රහස් වැඩපිළිවෙළේ මුල්ම ඉලක්කය කරගෙන ඇත්තේ පාසල් දරු දැරියන් බව දැන ගැනීමට ලැබී ඇතැය... |
"කබ්රාල්ගේ විදෙස් ගමන් තහනම දීර්ඝ නොකෙරේ" | "අජිත් නිවාඩ් කබ්රාල් මහතාට එරෙහි නඩුවේ පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න මහතා පෙර නඩු දිනයේදී අධිකරණයට දැනුම් දුන් පරිදි පැමිණිල්ල සම්බන්ධයෙන් විත්තිය ඉදිරිපත් කළ මූලික විරෝධතාවලට ප්‍රති විරෝධතා ලිඛිතව ඉදිරිපත් කිරීමක් නොකළ අතර ඒ සඳහා තවදුරටත් දින ලබාදෙන ලෙස මෛත්‍රී ගුණරත්න මහතාඊයේ (15 දා) අධ... |
"දොස්තරලා හැටෙන් යැවීම උසාවියෙන් අත්හිටුවයි – අභියාචනාධිකරණයෙන් අතුරු තහනමක්" | "රාජ්‍ය සේවකයන් වයස අවුරුදු 60 සපිරෙන විට විශ්‍රාම ගැන්වීම සඳහා රජය විසින් නිකුත් කළ ගැසට් නිවේදනය ප්‍රකාරව වෛද්‍යවරුන් හා විශේෂඥ වෛද්‍යවරුන් සඳහා පමණක් කටයුතු කිරීම ලබන ජනවාරි 25 වැනිදා දක්වා අත්හිටුවමින් අභියාචනාධිකරණය ඊයේ (14 දා) අතුරු තහනම් නියෝගයක් නිකුත් කළේය. වයස අවුරුදු 60 පිරෙන විශේෂඥ වෛද්‍යවරුන් විශ්‍රාම ගැන්... |
"ගංගාරාමය පූජා භූමියක් ලෙස සංවර්ධනය කෙරේ…" | "ඓතිහාසික හුණුපිටිය ගංගාරාම විහාරස්ථානය පූජා භූමියක් ලෙස සංවර්ධනය කිරීමේ ශ්‍රී සන්නස් පත්‍රය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් හුණුපිටිය ගංගාරාම විහාරාධිපති පූජ්‍ය ගලබොඩ ඥානීස්සර නායක හිමිපාණන් වහන්සේ වෙත පිළිගන්වන ලදී. හුණුපිටිය ගංගාරාම විහාරාධිපති පූජ්‍ය ගලබොඩ ඥානීස්සර නායක හිමිපාණන් වහන්සේගේ ජන්ම දිනය නිමිත්තෙන... |
"උපාය මාර්ගික සැලැස්මට ලෝක ආහාර වැඩසටහනේ අනුමැතිය" | "2023 සිට 2027 දෙසැම්බර් දක්වා වන ‘ශ්‍රී ලංකාවේ උපාය මාර්ගික සැලසුම’ ලෝක ආහාර වැඩසටහනෙහි විධායක මණ්ඩලය මගින් අනුමත කර ඇත. එහි ඇස්තමේන්තු වටිනාකම ඩොලර් මිලියන 74.87කි. ලෝක ආහාර අරමුදලේ ශ්‍රී ලංකා ක්‍රමෝපායික සැලසුම 2023 ජනවාරි මාසයේ සිට බලාත්මක වන අතර, එය ශ්‍රී ලංකාවේ ජාතික ප්‍රතිපත්ති රාමුව මෙන්ම එක්සත් ජාතීන්ගේ 2023-2... |
"නව වසරෙත් ශ්‍රී ලංකාව ණය ඉල්ලයි" | "2023 වසරේ රට පවත්වාගෙන යෑම සඳහා ශ්‍රී ලංකා රජය ජපානය, ඉන්දියාව සහ සිංගප්පුරුවෙන් ඩොලර් මිලියන 850 ක ණය ආධාර ඉල්ලා ඇත. මාස 6 ක් තුළ මෙම ණය මුදල් ලබාගැනීම සඳහා එම රටවල් සමග සාකච්ඡා අරඹා ඇතැයි රජයේ ආරංචි මාර්ග පැවසීය. දැනටමත් ජපානය සහ ඉන්දියාව ශ්‍රී ලංකාවට ණය ලබාදීමට එකඟ වී ඇත. අටදෙනකුගෙන් යුත් රජයේ මූල්‍ය කමිටුව මෙම ණය ... |
"හොඳම විශේෂාංග ලේඛක ‘උපාලි විජයවර්ධන සම්මානය’ පස්වැනි වරටත් දිවයින ඉරිදා සංග්‍රහයේ මාධ්‍යවේදී තරංග රත්නවීරට" | "පුවත්පත් කලාවේ විශිෂ්ටයින් ඇඟයීම සඳහා ශ්‍රී ලංකා පුවත්පත් ආයතනය සහ ශ්‍රී ලංකා කර්තෘ සංසදය විසින් වාර්ෂිකව පවත්වනු ලබන ‘ජනමාධ්‍ය විශිෂ්ටතා සම්මාන උළෙලේ’ මෙවර පැවැති 2021 වසර සඳහාවූ සම්මාන උළෙලේ දී වසරේ හොඳම විශේෂාංග ලේඛකයා ලෙස ‘උපාලි විජයවර්ධන සම්මානය’ දිවයින ඉරිදා සංග්‍රහයේ මාධ්‍යවේදී තරංග රත්නවීර මහතා විසින් දිනා ගන්... |
"නැගෙනහිර ජැටිය පිටට දුන්නොත් වෘත්තීය සමිති 34ක් නොදන්වා වෘත්තීය සටනක" | "වර්ෂයකට ඇමරිකන් ඩොලර් මිලියන 500 ක් ඉපයිය හැකි කොළඹ වරායේ නැඟෙනහිර පර්යන්තය වෙනත් රටකට හෝ වෙනත් පාර්ශ්වයකට ලබාදීමට යන බවට දැන ගන්නට ලැබෙන පළමු අවස්ථාවේ ම දැනුම්දීමකින් තොරව දැඩි වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරතවීමට වරායට සම්බන්ධ වෘත්තීය සමිති 34ක් පොදු එකඟතාවයට පැමිණ ඇත. මේ වනවිට නැඟෙනහිර පර්යන්තය ජපානයට හෝ වෙනත් පාර්ශ්වයක... |
"යුද්ධයෙන් පසු යටිතල පහසුකම් බැලුවත් ආර්ථිකය නොබැලූ නිසා බංකොලොත් වුණා – ජනාධිපති කියයි" | "රටේ පැවැති යුද්ධය අවසන් වීමෙන් පසු යටිතල පහසුකම් ගැන බැලුවත් අපේ ආර්ථිකය ගැන නොබැලූ නිසා රට බංකොලොත් තත්ත්වයට පත්වුණා යැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවැසීය. ජනාධිපතිවරයා මේ බව කියා සිටියේ ශ්‍රී ලංකා ජපන් සබඳතාවට වසර 70 ක් පිරීමට සමගාමීව අතිනවීන අංගසම්පූර්ණ පහසුකම් සහිත ටොයොටා ලංකා අමතර කොටස් ප්‍රධාන සැපයුම් මධ්... |
"බාස්මති හැර සහල් ආනයනය තහනම් – ගැසට් එක එයි" | "බාස්මති හැර අනෙකුත් සහල් වර්ග ආනයනය තහනම් කරමින් මුදල් අමාත්‍යාංශය විසින් ගැසට් නිවේදනයක් නිකුත් කර ඇත. එහි දැක්වෙන පරිදි නෞකා මගින් දැනට මෙරටට රැගෙන එමින් පවතින සහල් තොග සහ දෙසැම්බර් 09 දාට පෙර ණයවර ලිපි නිකුත් කර ඇති ඇණවුම් විශේෂ ආනයන බලපත්‍රයක් මගින් වරායෙන් නිදහස් කරගත හැකිය.ශ්‍යාම් නුවන් ගනේවත්ත" |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.