Title
stringlengths
9
246
Content
stringlengths
3
62.9k
"කියන තරම් විදුලිය පාඩු නෑ: වැඩි කරන්න දෙන්නෙත් නෑ – මහජන උපයෝගිතා කොමිසමේ සභාපති"
"විදුලිය සඳහා සිදුවෙන පාඩු පිළිබඳව සමහරු ඔය කියන කතා අමූලික බොරු යැයි මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා ‘දිවයින’ට ඊයේ (7දා) පැවැසීය. “මේ උදවිය ඔය ආකාරයට කතා කියමින් ඉන්ධනවලින් පවා ලාභ ඉපයුවා” යැයිද හෙතෙම කීවේය. විදුලිබිල වැඩිකිරීමට ගත් තීරණයට එරෙහිව තමා කෙලින්ම දැඩිලෙස විරෝධය පළකිරීම නිසා ශ්‍රී ලංකාවේ පමණක්...
"චීන නිරීක්‍ෂණ නැව නැවත ඉන්දියන් සාගරයට"
"චීන නිරීක්ෂණ නෞකාවක් වන යුවාන් වැන්ග් 5 නැවත ඉන්දීය සාගරයට පැමිණ තිබේ. දෙසැම්බර් 15-16 අතර සැලසුම්ගත ඉන්දීය දිගුදුර මිසයිල අත්හදා බැලීමකට සමගාමීව මෙම චීන නැව ඉන්දියන් සාගරයට ඇතුළු වී තිබෙන බව ඉන්දීය මාධ්‍ය කියයි. ‘යුවාන් වැන්ග් 5’ පසුගිය දෙසැම්බර් 4 වැනිදා සවස ඉන්දුනීසියාවෙන් ඔබ්බෙන් වූ සුන්ඩා සමුද්‍ර සන්ධිය හරහා ගමන්...
"ජ’පුර රෝහලේ ඉඩම් ආයෙත් මැන්නේ ඇයි? වගකිවයුතු අය කවුද? – කෝප් කමිටුව වාර්තාවක් ඉල්ලයි"
"2015 වර්ෂයේදී රජයේ සර්වේජනරාල්වරයා විසින් ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ ඉඩම් ප්‍රමාණය මිනුම්ගත කර තිබියදී නැවත පෞද්ගලික මිනින්දෝරුවකු යොදවා රෝහලේ ඉඩම මිනුම්ගත කළේ කුමක් සඳහාද? යන්න ගැන හා ඊට වගකිවයුතු නිලධාරීන්ගේ නම් සහිත සවිස්තරාත්මක වාර්තාවක් වහාම දෙන ලෙස කෝප් කමිටුව රෝහල් බලධාරීන්ට දැනුම් දී තිබේ. ශ්‍රී ජයවර්ධනපුර රෝහල සම...
"අපනයන ආදායම මාර්තු මාසයෙන් පසු ප්‍රථම වරට පහළට"
"මේ වසරේ (2022) මාර්තු මාසයෙන් පසු ප්‍රථම වරට මෙරට වෙළෙඳ භාණ්ඩ අපනයන ආදායම ඉකුත් ඔක්තෝබර් මාසයේදී අඩුවී ඇතැයි ශ්‍රී ලංකා මහබැංකුව පවසයි. මේ අනුව පසුගිය ඔක්තෝබර් මස අපනයන ආදායම ඇමෙරිකානු ඩොලර් මිලියන 1051 ක් දක්වා සියයට 11.9 කින් පහත වැටී ඇත. ගිය වසරේ (2021) ඔක්තෝබර් මස අපනයන ආදායම ඇමෙරිකානු ඩොලර් මිලියන 1192 ක් විය. ප්...
"ලොක්කො පොලු තියපු බිලියන 39ක විදුලි බිල් ජනතාවට පටවලාද – ඕමල්පේ සෝභිත හිමි"
"මැති ඇමැතිවරුන්ගෙන්, ආයතනවලින් සහ දේශපාලන හිතවතුන්ගෙන් විදුලිබල මණ්ඩලයට අයකර ගත යුතුව ඇති රුපියල් බිලියන 39 ක මුදල වහාම අයකර ගැනීමට ක්‍රියා නොකර එහි බර නැවත වරක් ජනතාව පිට පැටවීමට ක්‍රියාකිරීම පිළිකුලෙන් යුතුව හෙළා දකින බව රාමඤ්ඤ මහා නිකායේ දක්ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝනායක ආචාර්ය ඕමල්පේ සෝභිත හිමියෝ ‘දිවයින’ට ප්‍රකාශ කළහ...
"2050ට ලෑස්ති වෙනවාද නැත්තම් 1950ට ආපසු යනවාද – ජනපති රනිල් වික්‍රමසිංහ"
"අපි ලබන අවුරුද්ද අරඹන්නේ රුපියල් බිලියන 300 – 400 ක විශාල ණය බරක් සමගයි ශ්‍රී ලංකාවට අවශ්‍ය ආර්ථික ප්‍රතිසංස්කරණයක් නොව 2050ට මුහුණදිය හැකි ශක්තිමත් නව ආර්ථික ක්‍රමවේදයක් බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කළේය. යල් පැනගිය ආර්ථික ක්‍රම මඟින් මෙරට ආර්ථිකය ගොඩගැනීමට නොහැකි බව පෙන්වා දුන් ජනාධිපතිවරයා, ශ්‍රී ලංකා...
"රට ඉඳන් එන අයට කොවිඩ් නීති අඩුවෙයි"
"විදෙස්ගතව සිට මෙරටට පැමිණෙන පුද්ගලයන් සඳහා පනවා තිබූ කොවිඩ් නීති කිහිපයක් ඊයේ (07 දා) සිට ලිහිල් කර ඇතැයි සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය හේමන්ත හේරත් මහතා පවසයි. ඒ අනුව කොවිඩ් පැතිරයාම වැළැක්වීම සඳහා පනවා තිබූ විදෙස්ගතව සිට මෙරටට පැමිණෙන පුද්ගලයින් සඳහා කොවිඩ් ආසාදිතයකු නොවන බවට ඉදිරිපත් කිරීම සඳහා වන පීස...
"ලංවිම නව ගොඩනැඟිල්ලේ ඉදිකිරීම් තාවකාලිකව නවත්වන්න -ඇමැති කංචන"
"ලංකා විදුලිබල මණ්ඩලයේ නව ගොඩනැඟිල්ලේ ඉදිකිරීම් කටයුතු තාවකාලිකව නතර කරන ලෙස දැනුම් දුන් බව විදුලිබල හා බලශක්ති ඇමැති කංචන විජේසේකර සඳහන් කර තිබේ. ලබන ජනවාරි සිට විදුලි බිල් සහ ගෙවුම් සහතික මාර්ගගත ක්‍රමයට පමණක් ලබාදීමට ද තීරණය වී තිබේ. ලංවිම නිලධාරීන් හා පැවැති සාකච්ඡාවකදී මෙම තීරණය දැනුම් දී ඇතැයි ආරංචි මාර්ග සඳහන් ක...
"බස්නාහිර මාර්ග සංවර්ධනයේ වාහන 6ක් අතුරුදන් – කෝපා කමිටුවේ දී හෙළිවෙයි"
"බස්නාහිර පළාත් මාර්ග සංවර්ධන අධිකාරියට අයත් වසර 20ක් පැරණි වාහන 6ක් අතුරුදන්ව ඇතැයි කෝපා කමිටුවේ දී අනාවරණය වී තිබේ. එමෙන්ම 2021 දෙසැම්බර් 31 වැනිදා වනවිට බස්නාහිර පළාත් මාර්ග සංවර්ධන අධිකාරියේ අනුමත කාර්ය මණ්ඩලයේ සේවක සංඛ්‍යාව ඉක්මවමින් දෛනික වැටුප් පදනම යටතේ සහ කොන්ත්‍රාත් පදනම යටතේ සේවය කරන සේවකයන් 556ක් සිටින බව ද...
"බි්‍රතාන්‍ය මහ කොමසාරිස් උතුරේ ගිහින් බලය බෙදන්න කතාවක"
"බි්‍රතාන්‍ය මහ කොමසාරිස් සාරා හල්ටන් යාපනයට ගොස් උතුරේ ආණ්ඩුකාර ජීවන් ත්‍යාගරාජා සහ යාපනය නගරාධිපති මනිවන්නන් ඇතුළු විවිධ සංවිධාන සමග උතුරට බලය බෙදාහැරීමට අදාළ සාකච්ඡා පවත්වා ඇත. ඇගේ මෙම සාකච්ඡාව තානාපතිවරුන් සඳහා වූ වියානා සම්මුතිය උල්ලංඝනය කිරීමක් බව රජයේ ආරංචි මාර්ග කියා සිටියි. සාරා හල්ටන් කිලිනොච්චියට ද ගොස් එම ප...
"‘සිටි බස්’ සේවාවෙන් රුපියල් ලක්ෂ අසූවක පාඩුවක්"
"කොළඹ කොටුව හා මාකුඹුර බහුවිධ මධ්‍යස්ථානය අතර 2021 ජනවාරි සිට මාස තුනක් ධාවනය කළ ‘සිටි බස්’ සේවාවෙන් රුපියල් ලක්ෂ අසූවක පාඩුවක් ශ්‍රී ලංගමයට සිදුව ඇත. මාස තුනක කාලයක් නියාමන ව්‍යාපෘතියක් ලෙස ක්‍රියාත්මක වූ ‘සිටි බස්’ සේවය තවදුරටත් පාඩු පිට පවත්වාගෙන යෑම ඵලක් නොවන නිසා ශ්‍රීලංගම අධ්‍යක්‍ෂ මණ්ඩලය එය නතර කිරීමට තීරණය කර ත...
"සැහැල්ලු දුම්රිය අවලංගුවෙන් කෝටි 1114 ක් ගෙවන්න වෙයි"
"කොළඹ මාර්ග තදබදයට විසඳුමක් ලෙස කණු මත ඉදිකිරීමට සැලසුම් කර තිබූ සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය (LRT) හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක මහතාගේ රජය විසින් ඒකපාර්ශවීයව නතර කර දැමීම නිසා රුපියල් කෝටි 1114 ක් (මිලියන 11,145)ක් ජපන් සහයෝගීතා බැංකුවට (ජයිකා) ගෙවීමට සිදුවී තිබේ. ශ්‍රී ලංකා රජය විසින් ඒකපාර්ශවීය සැහැල්ලු දුම්රිය ව්‍යාප...
"විදුලි බිල උස්සන්න ඕනමයි: නැතිනම් පැය 7 – 8ක් කළුවරේ ඉන්න වෙයි"
"විදුලි බිල යළි සංශෝධනය නොකරන්නේ නම් රටට අඳුරු යුගයකට යෑමට සිදු වන බව විදුලි බල හා බලශක්ති ඇමැති කංචන විජේසේකර මහතා පාර්ලිමේන්තුවේ දී ඊයේ (06දා) විශේෂ ප්‍රකාශයක් කරමින් පැවසීය. එහිදී මෙහතෙම මෙසේද සඳහන් කළේය. පසුගිය දින කිහිපයේ විපක්ෂ නායක ඇතුළු මන්ත්‍රීවරුන් කිහිපදෙනකුම විදුලි බිල නැවත වැඩි කරන්නට යෑම සම්බන්ධයෙන් අදහස්...
"ශ්‍රීලනිපය හැර වෙන පක්‍ෂයකට යන්නේ නෑ – චන්ද්‍රිකාගෙන් ෆේස් බුක් සටහනක්"
"තමා ශ්‍රීලංකා නිදහස් පක්‍ෂය හැරදමා වෙනත් කිසිදු දේශපාලන පක්‍ෂයකට එකතු නොවන බව හිටපු ජනාධිපති චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය කීවාය. තමන් එක්සත් ජාතික පක්‍ෂයට හෝ සමගි ජනබලවේගයට එක්වූ බවට විවිධ මාධ්‍ය ඔස්සේ පළවන ප්‍රකාශ ඇය ප්‍රතික්‍ෂේප කර ඇත. හිටපු ජනපතිනිය මේ කරුණු සඳහන් කර ඇත්තේ සිය මුහුණු පොතෙහි සටහනක් තබමින්ය. තමා දේශප...
"පෙරෙට්ටුවේදී හඳුනා නොගත් සිරිධම්ම හිමිට සහ මුදලිගේට ඇප"
"වෙන නඩුවකට මුදලිගේ යළි ඇතුළට දින 108 ක් තිස්සේ පොලිස් රැඳවුම් භාරයේ හා රක්‍ෂිත බන්ධනාගාරයේ රඳවා සිටි අන්තර් විශ්වවිද්‍යාල භික්‍ෂු බලමණ්ඩලයේ කැඳවුම්කරු ගල්වැව සිරිධම්ම හිමියන් හා අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ යන දෙදෙනා ඇපමත මුදා හැරීමට කඩුවෙල මහෙස්ත්‍රාත් චානිමා විජේබණ්ඩාර මහත්මිය ඊයේ (...
"වකුගඩු ජාවාරම – බලෙන් අත්සන් ගත් පොලිස් ලොක්කා කවුද!"
"රෝහලේ ලොක්කන්ට රට යෑම තහනම්මේ වසරේ කරපු වකුගඩු සැත්කම් 52 ගැනත් විමර්ශන ප්‍රධාන තැරැව්කරුත් රිමාන්ඩ් බොරැල්ල කොටා පාරේ පිහිටි පෞද්ගලික රෝහලක් මූලික කරගෙන සිදු කළේ යැයි කියන වකුගඩු ජාවාරම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කළ තැරැව්කරුවකු ලබන 13 වැනිදා දක්වා රක්‍ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් රජින්ද්‍...
"පාසල් සේවයට දුන් ලේලන්ඩ් බස් 80ක් ලංගම එපා කියයි"
"වෑන් රථවලින් දරුවන් පාසල් එවීමේ දී දෙමාපියන් මුහුණ දෙන ආර්ථික ගැටලු මඟහැරවීම සඳහා පාසල් බස් රථ ලෙස ධාවනයට එක්කිරීමට රජයට කොටස් අයිතිය හිමි ලංකා අශෝක් ලේලන්ඩ් සමාගමෙන් ඉතාම අඩු මුදලකට බස් රථ අසූවක් ලබා ගැනීමට කටයුතු කළද එම බස් රථ භාරගැනීම ලංගම ඉංජිනේරුවන් විසින් ප්‍රතික්‍ෂේප කර තිබේ. එම සමාගම සමඟ කළ සාකච්ඡාවකින් අනතුරු...
"උතුම් උඳුවප් පොහොය අදයි…."
"ශාසනික වශයෙන් බෞද්ධ අපට ඉතාම වැදගත් උඳුවප් පොහොය අදට යෙදී තිබේ. මෙරට භික්‍ෂුණි ශාසනය ආරම්භයත් සංඝමිත්තා රහත් මෙහෙණිය ඇතුළු මෙහෙණින් වහන්සේලා 11 නමක් ශ්‍රී මහ බෝධියේ දක්ෂිණ ශාඛාව දඹදිව සිට ශ්‍රී ලංකාවට වැඩම කිරීමත් සිදු වුණේ අද වැනි උඳුවප් පොහෝ දිනකය. ශ්‍රී ලංකාවට වැඩම කරවූ ශ්‍රී මහා බෝධිය අද ආසියාවේ ඇති ඉපැරණිම වෘක්‍ෂ...
"රාජ්‍ය ආයතන විකිණීමට එරෙහිව…."
"ලංකා විදුලි බල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කරණය මුවාවෙන් ලංවිම ඇතුළු රාජ්‍ය ආයතන විකිණීමට එරෙහිව ලංවිම ඒකාබද්ධ වෘත්තීය සමිති සම්මේලනය ඊයේ (6 දා) කොළඹ කොටුවේ පැවැත්වූ විරෝධතාවේ අවස්ථාවක්. ඊට සමගාමීව වරාය ඇතුළු රාජ්‍ය අයතන රැසක්ද විරෝධතා පැවැත්විණි. සටහන – ප්‍රදීප් ජයසේකර පිංතූරය – නිශාන් එස්. ප්‍රියන්ත"
"ගෙවල්වල සෝලා පැනල ඇති නිසා ලංවිම ලොක්කන්ට ජනතාවගේ බිල තේරෙන්නේ නෑ"
"විදුලිබල මණ්ඩලයේ බලධාරීන් ඇතුළු බහුතර ඉංජිනේරුවන්ගේ නිවාසවල සූර්ය පැනල (සෝලා) සවිකර ඇති නිසා ඔවුන්ට ජනතාවගේ විදුලි බිල තේරෙන්නේ නැතැයි විදුලි පාවිච්චි කරන්නන්ගේ සංගමයේ ලේකම් සංජීව ධම්මික මහතා පැවසීය. විදුලිබල මණ්ඩලය පාඩු ලබන බවට ප්‍රකාශ කළත්, සේවකයන් 26,000 ක් සිටියදී විදුලි සැපයුම, කණු සිටුවීම, විසන්ධි කිරීම, නැවත ලබ...
"බිල වැඩි කරන්න කෑගහන ඇමැති කංචන පුනර්ජනනීය විදුලිය මෙගාවොට් 10ක්වත් නිපදවා නෑ"
"විදුලිය පාවිච්චි කරන්නන්ගේ සංගමයේ ලේකම් සංජීව ධම්මික විදුලි බිල යළි වැඩි කළ යුතු යැයි යෝජනා කරන කංචන විජේසේකර මහතා තමන් බලශක්ති ඇමැති ධුරය දරන සමයේ දී පුනර්ජනනීය විදුලිය මෙගාවොට් දහයක්වත් ජාතික පද්ධතියට එකතු කර නැතැයි විදුලිය පාවිච්චි කරන්නන්ගේ සංගමයේ ලේකම් සංජීව ධම්මික මහතා ඊයේ (6 දා) පැවසීය. පුනර්ජනනීය විදුලිය සම්බන...
"ඡන්ද 120 කට වැඩි ප්‍රමාණයකින් අය වැය සම්මත වෙනවා – වජිර අබේවර්ධන"
"රටට නිදහස ලැබීමෙන් පසු ජාතික වශයෙන් රට ගොඩනැඟීම සඳහා ඉදිරිපත් කළ අය වැය හෙට (08 දා) පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 120 කට වැඩි ප්‍රමාණයකින් සම්මත වන බව එක්සත් ජාතික පක්‍ෂ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා ඊයේ (06 දා) පැවසීය. අය – වැය සම්මත වුවත් රට ගොඩනැගීමට නම් පාර්ලිමේන්තුවේ සිටින සියලු පක්‍ෂ එක්ව කටයුතු ක...
"‘ඇමැතිගේ කළු ලේඛන’ වෑයමට විශේෂඥ වෛද්‍ය සංගමයේ අප්‍රසාදය"
"විදේශගත වීමට උත්සාහ කරන වෛද්‍යවරුන් අසාදු ලේඛනගත කිරීමට පියවර ගන්නා බවට සෞඛ්‍ය ඇමැතිවරයා කර ඇති ප්‍රකාශයට සිය සංගමය දැඩි ලෙස විරෝධය පළ කරන බව විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය පවසයි. ඇමැතිවරයාගේ ප්‍රකාශය නිසා අන්තර්ජාතිකව කීර්තිනාමයන් දිනා සිටින මෙරට වෛද්‍යවරුන්ට බරපතළ හානියක් සිදුවිය හැකි බව එම සංගමයේ සභාපති, විශේෂඥ වෛද්‍ය,...
"60 න් ගෙදර යවන ගැසට්ටුව නිකුත් වෙයි"
"සියලුම රජයේ සේවකයින් වයස අවුරුදු 60 සම්පූර්ණ වු විට විශ්‍රාම ගත යුතු බව සඳහන් ගැසට් පත්‍රය නිකුත් කර ඇත. මෙම ගැසට් පත්‍රයට අනුව රජයේ සේවකයන් 2022 දෙසැම්බර් 31 වැනිදාට අවුරුදු 60 සම්පූර්ණ නම් විශ්‍රාම යා යුතු බව රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන ඇමැතිවරයා ලෙස අගමැති දිනේෂ් ගුණවර්ධන මහතාගේ අත්සනින් පෙ...
"ශ්‍රීපාද වන්දනා වාරය ආරම්භ කරමින්…"
"සමන් දේව ප්‍රතිමාව හා සධාතුක කරඬුව රැගත් පෙරහැර මාර්ග 4 කින් ගමන් අරඹයි පැල්මඩුල්ල ගල්පොත්තාවෙල ශ්‍රී පාද රජමහා විහාරස්ථානයේ සිට සමන් දේව ප්‍රතිමාව සහ සධාතුක කරඬු ඊයේ (06 දා) උදෑසන ශ්‍රීපාදස්ථානය වෙත මාර්ග හතරකින් ගමන් ආරම්භ කළ බව ශ්‍රී පාදස්ථානාධිපති සහ ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයේ කුලපති අතිපූජ්‍ය බෙංගමුවේ ධම්මදින්න ...
"ජනතාවට ජීවත්වීමට සුදුසු පරිසරයක් හැදෙන තුරු අරගල කරනවා – ගල්වැව සිරිධම්ම හිමි"
"රටේ ජනතාවට ජීවත්වීමට සුදුසු වටපිටාවක් සැදෙන කල් අරගල කරන බවත්, මර්දනය හා සිරගත කිරීම කෙටි නවාතැන්පළක් පමණක් බවත් දින 108ක රැඳවුම් දිවිය නිමකොට ඊයේ (06දා) කඩුවෙල මහෙස්ත්‍රාත් අධිකරණයෙන් ඇප ලබා පිටතට පැමිණි අන්තර් විශ්වවිද්‍යාල භික්‍ෂු බලමණ්ඩලයේ කැඳවුම්කරු ගල්වැව සිරිධම්ම හිමියෝ ඊයේ එම අධිකරණ භූමියේදී පැවසූහ. රටේ ජනතාව ...
"ලංගම සභාපතිට අස්වෙන්න කිව්වේ රජයේ තීරණවලට පටහැනි වැඩ නිසා – ඇමැති බන්දුල ගුණවර්ධන"
"තමන් ලංගම සභාපතිවරයාට ඉල්ලා අස්වන ලෙස දැනුම් දුන්නේ රජයේ ප්‍රතිපත්තිමය තීන්දු සහ අරමුණුවලට පටහැනිව කටයුතු කිරීම නිසා බව කැබිනට් ප්‍රකාශක ජනමාධ්‍ය, ප්‍රවාහන හා මහාමාර්ග ඇමැති බන්දුල ගුණවර්ධන මහතා පැවසීය. විෂය භාර ඇමැතිවරයා ලෙස ගමනාගමන මණ්ඩල පනතින් තමන්ට ලැබී තිබෙන බලතල ප්‍රකාරව එම තීරණය ගත් බවද ඇමැතිවරයා කීවේය. පවතින ඉ...
"හම්බන්තොට ජාත්‍යන්තර වරායේ නාවික යාත්‍රාවකදී සාම්ප්‍රදායික නත්තල් කේක් මිශ්‍ර කිරීම ඇරඹේ"
"HIPG හි ප්‍රධාන විධායක නිලධාරී ජොන්සන් ලියු මහතා සහ HIP කණ්ඩායම නත්තල් කේක් මිශ්‍ර කිරීමේ උත්සවය ආරම්භ කිරීමට සූදානම් වී සිටින අයුරු. වසර අවසාන නත්තල් සමය උත්සවශ්‍රීයෙන් ආරම්භ කළ හම්බන්තොට ජාත්‍යන්තර වරාය (HIP), හම්බන්තොට ෂැංග්‍රිලා හෝටලයේ නත්තල් කේක් මිශ්‍ර කිරීමේ කටයුත්තට දායක විය. පුරාණයේ සිට පැවත එන සම්ප්‍රදායක් ව...
"සොරා කන ව්‍යාපාරිකයන්ට දේශපාලන රැකවල් : – මහා පරිමාණ අපනයනකරුවෝ ඩොලර් මිලියන 53ක් පොලු තියලා"
"සොරකම්වලට සම්බන්ධ මහා පරිමාණයේ ව්‍යාපාරිකයන් සියලු දෙනාට කිසියම් දේශපාලනඥයකුගේ රැකවරණය ලැබී ඇති බව අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ ඇමැති විජයදාස රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේ දී ඊයේ (05දා) පැවසීය. මහා පරිමාණයේ අපනයනකරුවන් මෙරටට ලබාදිය යුතු ඩොලර් මිලියන 53ක් පසුගිය වසර 12 දී ලබාදී නොමැති බව...
"රු. 29.14ක් වන විදුලි ඒකකයක් රු. 56.90ක් කළ යුතුයි – මණ්ඩලයේ වසරකට පාඩුව බිලියන 423ක්"
"ඇමැති කංචනගෙන් ට්විටර් යෝජනාවක් 2023 වසර සඳහා අඛණ්ඩව විදුලිය සැපයුමක් ලබාදීමට නම් විදුලිබල මණ්ඩලය විදුලි ඒකකයක් රුපියල් 56.90 ක් ලෙස සෑම ස්ථරයකම අයගෙන් අය කළ යුතුව ඇතැයි ඇස්තමේන්තු කර තිබෙන බව විදුලිබල හා බලශක්ති ඇමැති කංචන විජේසේකර මහතා පවසයි. වර්තමානයේ විදුලි ඒකකයක් රුපියල් 29.14 ක් වන අතර එමඟින් විදුලිබල මණ්ඩලය රුප...
"විදුලි බිල වැඩි කළොත් නීතිය හමුවට යනවා – මහජන උපයෝගීතා කොමිසම"
"මහජන උපයෝගීතා කොමිසමේ විරෝධය නොතකා විදුලි බිල සියයට 70 කින් වැඩි කළහොත් ඊට සම්බන්ධ ඕනෑම අයකුට එරෙහිව නීතියට අනුව කටයුතු කරන බව එම කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා ‘දිවයින’ ට ඊයේ (5 දා) කීවේය. මේ පිළිබඳව ඔවුන් කොමිසම හමුවට ගෙන්වා නීති ප්‍රකාරව කරුණු විමසීමට ද හැකි බව ජනක රත්නායක මහතා සඳහන් කළේය. විදුලි බිල වැඩි කළහොත් ජ...
"තරු හෝටල් හාන්සියි"
"සංචාරක කලාපවල විදුලිය විසන්ධි කිරීම, ඉන්ධන අර්බුදය සහ අධික බදු බර හේතුවෙන් රටට විශාල ලෙස ඩොලර් උපයා දෙන සංචාරක ක්‍ෂේත්‍රයේ ‘තරු හෝටල්’ ඇතුළු සියලු හෝටල් බරපතළ කඩා වැටීමකට ලක්ව ඇතැයි හෝටල් සේවක මධ්‍යස්ථානයේ අන්තර් සමාගම් සේවක සංගමය පවසයි. රටේ උග්‍ර ආර්ථික අර්බුදයට කෙටිකාලීන විසඳුම් ලබාගත හැකි සංචාරක ව්‍යාපාරය රජය ජාත්‍...
"ලිට්‍රෝ ගෑස් ගණන් උස්සයි"
"ගෘහස්ථ ලිට්‍රෝ ගෑස් මිල ඊයේ (05දා) මධ්‍යම රාත්‍රියේ සිට ඉහළ දමා ඇතැයි එම සමාගම පවසයි. ඒ අනුව කිලෝ ග්‍රෑම් 12.5ක ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 250කින් ඉහළ දමා ඇත. එහි නව මිල රුපියල් 4,610කි. කිලෝ 05 ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 100කින් ඉහළ දමා ඇත. එහි නව මිල රුපියල් 1,850කි. කිලෝ ග්‍රෑම් 2.3 සිලින්ඩරයක මිල රුපියල් 45කින් ...
"පාසල් අසල කුඩ්ඩන් අල්ලන්න එස්ටීඑෆ් දැලක්"
"පාසල් දරුවන් මතට හුරුකරමින් පාසල් අසල මත්පෙති වර්ග ඇතුළු මත්ද්‍රව්‍ය අලෙවි කරන පුද්ගලයන් අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් විශේෂ කාර්ය බළකාය මෙහෙයුම් මාලාවක් ආරම්භ කර තිබේ. නීතිය හා සාමය අමාත්‍යාංශයේ ලේකම්වරයාගේ උපදෙස් මත මේ සඳහා වැඩිපුර නිලධාරීන් පිරිසක් යෙදවීමේ අදහසින් බන්ධනාගාර පරීක්‍ෂාවට සහ අධිවේගී මාර්ග රාජකාරි සඳහා ය...
"මත්ද්‍රව්‍ය මර්දනය කතාවට සීමාවෙලා"
"රටේ මත්ද්‍රව්‍ය මර්දනය කිරීමට කතා කරන තරමට ප්‍රායෝගිකව එය සිදුවන්නේ නැතැයි දුම්කොළ හා මද්‍යසාර පිළිබඳ ජාතික අධිකාරියේ සභාපති වෛද්‍යා සමාධි රාජපක්‍ෂ මහතා පැවැසීය. රටේ මත්ද්‍රව්‍ය පිළිබඳ වාර්තා වන ප්‍රමාණයට වඩා රට තුළ මත්ද්‍රව්‍ය භාවිතය වැඩි බවත්, වගකිවයුතු සියලු ආයතන එක්ව කටයුතු කර මේවා මර්දනය කිරීමට නිසි යාන්ත්‍රණයක් ...
"පාස්කු ප්‍රහාරයේ වින්දිතයන් නඩු දැමිය යුත්තේ රජයටයි – මෛත්‍රී උසාවියට කියයි"
"පාස්කු ප්‍රහාර මාලාව මැඩපැවැත්වීමේ වගකීම තමන්ට පෞද්ගලිකව භාරගත නොහැකි බවත් තමන් මේ වන විට ජනාධිපති ධුරය නොදරන බැවින් එකී ප්‍රහාරවල වින්දිතයන් වන්දි ඉල්ලා නඩු පැවරිය යුත්තේ පෞද්ගලිකව තමන්ට නොව රජයට හෝ රජය වෙනුවෙන් නීතිපතිවරයා පාර්ශ්වයක් කරමින් බව හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඊයේ (5 දා) බස්නාහිර පළාත්බද සිවිල්...
"ශ්‍රී ලංකාව ආසන්නයේ බෙංගාල බොක්කේ භූ චලනයක්"
"කල්මුණේ නැගෙනහිර ප්‍රදේශයේ සිට සැතපුම් 270 ක් දුරින් බෙංගාල බොක්කේ රිච්ටර් මාපකයේ 4.9 ක භූ චලනයක් සිදු වී ඇත. දෙසැම්බර් 4 දා ග්‍රිනිච් වේලාවෙන් උදෑසන 7.08 ට මෙය සිදු වී තිබේ. මෙම භූ චලනය සිදුවූයේ කිලෝමීටර් 37.8 ක් මුහුදු පත්ලේය. මොල්කානෝ වෙබ් අඩවිය පැවසුවේ මෙම භූචලනය ටීඑන්ටී ටොන් 338 ක බලයකට සමාන බවයි. භූ චලනය සිදුවූ ...
"ශ්‍රී ලංකාව ආසන්නයේ බෙංගාල බොක්කේ භූ චලනයක්"
"කල්මුණේ නැගෙනහිර ප්‍රදේශයේ සිට සැතපුම් 270 ක් දුරින් බෙංගාල බොක්කේ රිච්ටර් මාපකයේ 4.9 ක භූ චලනයක් සිදු වී ඇත. දෙසැම්බර් 4 දා ග්‍රිනිච් වේලාවෙන් උදෑසන 7.08 ට මෙය සිදු වී තිබේ. මෙම භූ චලනය සිදුවූයේ කිලෝමීටර් 37.8 ක් මුහුදු පත්ලේය. මොල්කානෝ වෙබ් අඩවිය පැවසුවේ මෙම භූචලනය ටීඑන්ටී ටොන් 338 ක බලයකට සමාන බවයි. භූ චලනය සිදුවූ ...
"ලංවිම පරණ පාඩු පියවා ගන්න විදුලි බිල වැඩිකිරීම අසාධාරණයක් – විමල් වීරවංශ"
"විදුලි බිල යළිත් වරක් වැඩිකිරීම ජනතාවට, කර්මාන්ත ක්‍ෂේත්‍රයට මෙන්ම රටට ද දරාගත නොහැකි බැවින් විදුලි බිල වැඩි නොකරන ලෙස විපක්‍ෂනායක සජිත් ප්‍රේමදාස මහතා ඊයේ (05 දා) පාර්ලිමේන්තුවේදී ඉල්ලා සිටියේය. විදුලි බිල නැවත වතාවක් වැඩි කිරීමට සූදානම් වන්නේ ශ්‍රී ලංකන් ගුවන් සමාගමට අලුතින් ගුවන්යානා මිලදී ගැනීම වැනි නාස්තිකාර ව්‍ය...
"ශ්‍රී ලංකාවට මඩ ගහන රහස් ලියවිලි හෙළි කරන්න"
"ශ්‍රී ලංකාවේ ද්‍රවිඩ සංහාරයක් සිදු නොවූ බවට සනාථ කෙරෙන බි්‍රතාන්‍ය රජයේ රහස් ලියවිලි වහාම හෙළි කරන ලෙස නේස්බි සාමිවරයා ඊයේ (5 දා) බි්‍රතාන්‍ය මන්ත්‍රී මණ්ඩලය ඉදිරියේ ප්‍රකාශයක් කරමින් ඉල්ලා ඇත. මේ බව සනාථ කළ ශ්‍රී ලංකාවේ බි්‍රතාන්‍ය හමුදා උපදේශක කර්නල් ඇන්ටන් ගෑෂ්ටන් රහස් ලියවිලි දැන්වත් ජනතාව ඉදිරියට යොමු කළ යුතු බව ...
"ශ්‍රීලනිප තනතුරුවලින් ඉවත් නොකරන්නැයි නිමල් සිරිපාලගේ ඉල්ලීම ඉවතට"
"පෙත්සම් විභාගය අවසන් වනතුරු තමා දැරූ ශ්‍රීලනිප උප සභාපති ධුරය ඇතුළු තනතුරුවලින් ඉවත් කිරීම වළක්වන තහනම් නියෝගයක් ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ සභාපති මෛත්‍රිපාල සිරිසේන මහතා වෙත නිකුත් කරන්නැයි අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා කළ ඉල්ලීමක් කොළඹ ප්‍රධාන දිසා විනිසුරු පූර්ණිමා පරණගම මහත්මිය ඊයේ (5 දා) ප්‍රතික්‍ෂේප කළාය. න...
"සුදු ඩීසල් මිල අඩුවෙයි"
"ලංකා සුදු ඩීසල් ලීටරයක මිල ඊයේ (05 දා) මධ්‍යම රාත්‍රියේ සිට රුපියල් 10 කින් අඩු කළ බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සඳහන් කරයි. ඒ අනුව ලංකා සුදු ඩීසල් ලීටරයක නව මිල රුපියල් 420 කි. අනෙකුත් ඉන්ධන වර්ගවල සහ භූමිතෙල් මිලෙහි කිසිදු වෙනසක් නැත."
"ඇමෙරිකාවේදී ශ්‍රී ලාංකිකයෙක් පොලිස් වෙඩි වැදී මරුට"
"ඇමෙරිකාවේ අවන්හල් උපදේශකවරයකු ලෙස සේවය කළ ශ්‍රී ලාංකිකයකු වූ 33 හැවිරිදි රාජන් රාජ් මුණසිංහ ඔහුගේ නිවස අසලදී පොලිස් භටයකු විසින් වෙඩි තබා මරා දමා ඇත. රාජ් මුණසිංහට වෙඩි තැබූ ඩැනියෙල් සාන්චස් නමැති පොලිස් භටයා අනිවාර්ය නිවාඩු යවා තිබේ. සංචාරයක නිරත වී සිය නිවස වෙත පැමිණි රාජ් මුණසිංහගේ නිවසට සොරුන් ඇතුළු වී ඇති බවට ලත්...
"පරිපාලන සේවයේ 40ක් ගෙදර යනවිට ඒ තනතුරට 200ක් බලා සිටිනවා – පරිපාලන සේවා සංගමයේ සභාපති"
"“ශ්‍රී ලංකා පරිපාලන සේවයේ 40 දෙනකු අවුරුදු 60 සම්පූර්ණ වී විශ්‍රාම යන විට එම තනතුරට ඒමට 200 ක් පමණ බලා සිටිනවා” යැයි ශ්‍රී ලංකා පරිපාලන සේවා සංගමයේ සභාපති පදුල රෝහණ මහතා පැවසීය. ප්‍රාදේශීය ලේකම්වරයාගේ සිට අමාත්‍යාංශ ලේකම් දක්වා 2400 ක් පමණ ශ්‍රී ලංකා පරිපාලන සේවා සංගමයේ සාමාජිකත්වය ලබාගෙන සිටින බවත් අවුරුදු 60 න් උසස්...
"ආයුධ සන්නද්ධ 2ක් සමග ශානිට පොලිසියේ 3කගේ ආරක්‍ෂාව"
"අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්‍ෂ විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ශානි අබේසේකර මහතාට ආයුධ සන්නද්ධ පොලිස් නිලධාරීන් දෙදෙනකු ඇතුළු පොලිස් නිලධාරීන් තිදෙනකුගේ ආරක්‍ෂාව ලබාදීමට පියවර ගන්නා බව නීතිපතිවරයා ඊයේ (5 දා) අභියාචනාධිකරණයට දැනුම් දුන්නේය. ඔහුට මේ වන විට පොලිස් නිලධාරීන් දෙදෙනකුගේ ආරක්‍ෂාව ලබාදී ඇති...
"මත්තලට වැය කළ මිලියන තිස්හය දහසක් අයාලේ ගිහින් – වසර පහක පාඩුව බිලියන 20 ක්"
"මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපළ ඉදිකිරීම සඳහා දරනු ලැබූ ඇමෙරිකානු ඩොලර් මිලියන 247.7 ට සමාන රුපියල් මිලියන තිස්හය දහස් පන්සිය හැටහතරක් වූ (36.564) මුළු වියදම ඵලදායී ලෙස භාවිත කොට නොමැති බව ජාතික විගණන කාර්යාලය පවසයි. ඉකුත් වසරේ (2021) මත්තල, ජාත්‍යන්තර ගුවන්තොටුපළේ මෙහෙයුම් පිරිවැය රුපියල් බිලියන 2.02 ක් වූ අතර එය මෙහෙයු...
"විදුලි බිල යළි වැඩිවුණොත් කම්හල් වැසෙයි තවත් රැකියා නැතිවෙයි"
"විදුලි බිල වැඩිකර තවදුරටත් විදුලි කප්පාදුවක් සිදුකරගෙන ගියහොත් රට තුළ ඇති ඇඟලුම් කර්මාන්ත ශාලා වසා දමා ඉන්දියාව සහ මාලදිවයින යන රටවලට ආයෝජකයන් සිය කර්මාන්ත ශාලා ගෙන යෑමේ අවදානමක් මතුවන බව නිදහස් වෙළෙඳ කලාප සේවකයන්ගේ ජාතික මධ්‍යස්ථානයේ කැඳවුම්කරු ගාමිණී රත්නායක මහතා ‘දිවයින’ට ඊයේ (04 දා) පැවසීය. මෙරට ඇඟලුම් ක්‍ෂේත්‍රයේ...
"මිනිස් අවයව ජාවාරමේ තවත් රහස් එළියට – නි. සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජී. විජේසූරිය"
"බොරැල්ලේ පෞද්ගලික රෝහලක සිදුකළ බව කියන වෘෂණ කෝෂ ජාවාරම සම්බන්ධයෙන් කොළඔ අපරාධ කොට්ඨාසය සහ සෞඛ්‍ය අමාත්‍යාංශය පුළුල් පරීක්‍ෂණයක් ආරම්භ කර තිබේ. එම රෝහලේ මෙම ජාවාරම සම්බන්ධයෙන් මාධ්‍ය මගින් හෙළිදරව් කිරීමත් සමග මෙම පරීක්‍ෂණ ආරම්භ කර තිබේ. මෙම රෝහලේ සිදුකරන බව කියන වකුගඩු ජාවාරමක් සම්බන්ධයෙන් මාධ්‍ය මගින් තවදුරටත් සොයා බ...
"වෘෂණ කෝෂ බද්ධ කරන්න බැහැ – කිසිම රටක් එවැනි දෙයක් කර නෑ"
"තමන් දන්නා පරිදි ලෝකයේ කිසිදු රටක මේ වනතෙක් කිසිම වෘෂණ කෝෂ බද්ධ කිරීමක් සිදුකර නැතැයි ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ විශේෂඥ ශෛල්‍ය වෛද්‍යවරයෙක් ‘දිවයින’ට ඊයේ (04 වැනිදා) පැවසීය. නම හෙළිකිරීමට අකමැතිවූ මෙම විශේෂඥ ශෛල්‍ය වෛද්‍යවරයා සඳහන් කළේ වෘෂණ කෝෂ බද්ධ කිරීමක් සිදු කළ නොහැකි බවයි. පුද්ගලයකු අනතුරකට ලක්වී වෘෂණ කෝෂයට හානි...
"වෘෂණ කෝෂ මැතිසබයේත් රැව් දෙයි"
"රටේ ජනතාවට ජීවත්වීමට නොහැකි තත්ත්වය කොතරම් බැරෑරුම් තත්ත්වයට පත්ව ඇතිද යන්න තම වෘෂණ කෝෂය විකුණන තැනට පත්ව ඇතැයි සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජුබර් රහුමාන් මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. මේ තත්ත්වය ඉතා ශෝචනීය බව ද මන්ත්‍රීවරයා කීවේය.අකිත පෙරේරා හා රනිල් ධර්මසේන"
"ආර්ථිකය කඩාවැටෙන බවට පාර්ලිමේන්තුව දැනුවත් කර නෑ – ජනපති"
"රටේ ආර්ථිකය කඩාවැටෙන බව එදා පාර්ලිමේන්තුව දැනුවත් කර නැතැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවැසීය. ආර්ථිකය කඩාවැටීම එක්වරම සිදුවී නැති බවත් අවුරුදු දෙකකට පෙර අපේ ආර්ථිකය කඩාවැටී මේ තත්ත්වයට පත්වන බව දැනගෙන සිට ඇති බවත් තරුණ ප්‍රජාවගේ දායකත්වය ලබාගැනීම පිළිබඳ පැවැති වැඩසටහනකට එක්වෙමින් ජනාධිපතිවරයා පැවැසීය. මේ ඇතිවන ...
"රජයේ රෝහල්වලට ප්‍රතික්‍රීයක ගැනීමේදී වසරකට බිලියන 4 ක මුදල් නාස්තියක්"
"රජයට අයත් රෝහල්වලට ප්‍රතික්‍රීයක මිලදී ගැනීමේදී සෞඛ්‍ය අමාත්‍යාංශයේ රසායනාගාර සේවාවේ පරිපාලන දුර්වලතා නිසා වසරකට රුපියල් බිලියන හතරක් වැඩිපුර වැය කිරීමට සිදුව ඇතැයි සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති, රවී කුමුදේශ් මහතා පවසයි. රසායනාගාර ප්‍රතික්‍රීයක මිලදී ගැනීමට වසරකට රුපියල් බිලියන 10 ක් පමණ වැය කළත් ඒවා මි...
"ආණ්ඩුව පන්නන්න අද-හෙට රට පුරා විරෝධතා – වසන්ත සමරසිංහ"
"අයවැයෙන් ජනතාවට සහන නොලැබෙන නිසා ආණ්ඩුව ගෙදර යැවීමේ විරෝධතා මාලාවක් අද සහ හෙට (5 හා 6) රට පුරා දියත් කරන බව වෘත්තීය සමිති සබන්ධීකරණ මධ්‍යස්ථානයේ සම කැඳවුම්කරු වසන්ත සමරසිංහ මහතා පැවසීය. වරාය, විදුලිය, ජලය ඇතුළු රාජ්‍ය සහ පෞද්ගලික ආයතන මුල්කරගෙන ආයතන මට්ටමින් සහ දිස්ත්‍රික් මට්ටමින් විරෝධතා පවත්වන බවත් ඉන් අනතුරුව ගනු ...
"නීති දිවියේ මතකය රන්ඳා"
"ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ එම මහතාගේ බිරිඳ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය මෛත්‍රි වික්‍රමසිංහ මහත්මියත් ජ්‍යෙෂ්ඨ දේශපාලනඥයකුවූ පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්. සම්බන්ධන් මහතාත් අතර මෙම හමුව පෙරේදා (3දා) සිදුවූයේ ජනාධිපතිවරයාගේ වෘත්තීය නීතිඥ දිවියට වසර 50 ක් පිරීම නිමිත්තෙන් කොළඹ ෂැංග්‍රිලා හෝටලයේ පැවැති උත්සවයේදීය. නීතිඥවරු දහසක...
"ආණ්ඩුවේ සටනට එරෙහිව අරගලයට සූදානම් – ජවිපෙ නායක අනුර කුමාර දිසානායක"
"රනිල්ට ඇත්තේ පාර්ලිමේන්තුවයි ව්‍යවස්ථාවයි විතරයි පාර්ලිමේන්තුවේ සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ඇතුලේ පවතින රනිල් වික්‍රමසිංහගෙ සටන් බිමට එරෙහිව මේ රටේ පොදු ජනතාව ජාතික ජන බලවේගය වටා ඒකරාශී වෙමින් අරගලයට සූදානම් වෙනවා යැයි ජාතික ජන බලවේගය පක්ෂ නායක අනුර කුමාර දිසානායක මහතා පවසයි. වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා මෙසේද පැවසීය...
"ගිය වසරේ ටෙලිකොම් ලාභය රු. බිලියන 12ක් – මේ වසරේ මාස 9ට බිලියන 6 ක ලාභයක්"
"පසුගිය වසර තුළ ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගමේ ලාභය රු. බිලියන 12 ක් බවත් මෙම වසරේ ජනවාරි සිට සැප්තැම්බර් දක්වා ලාභය රු. බිලියන 6 කට ආසන්න බවත් ශ්‍රී ලංකා ටෙලිකොම් නිලධාරීන් විසින් පාර්ලිමේන්තුවේ පැවැති තාක්‍ෂණ කටයුතු පිළිබඳ උපදේශක කාරක සභාවේදී සඳහන් කර තිබේ. ටෙලිකොම් සමාගම පෞද්ගලීකරණය කිරීමේ යෝජනාව පිළිබඳ අදහස් දක්වමින් ප...
"එක්සත් ශ්‍රී ලංකාවක් වෙනුවෙන් සියලු බේද පසෙකලා අත්වැල් බැඳගනිමු"
"සියලු පුරවැසියන් සහයෝගයෙන් ජීවත්වන එක්සත් ශ්‍රී ලංකාවක් ගොඩනැඟීමට සියලු බේද පසෙකලා 75 වැනි නිදහස් සංවත්සරය සමග සියලුදෙනා අත්වැල් බැඳගත යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කළේය. ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ ඊයේ (03 දා) පස්වරුවේ කොළඹ ෂැංග්‍රිලා හෝටල් පරිශ්‍රයේදී නීති වෘත්තිකයන් විසින් සංවිධානය කර තිබූ උත්සවය...
"ශ්‍රී ලංකන්ට ගුවන්යානා 11ක් ගන්න කැබිනට් අනුමැතිය"
"ශ්‍රී ලංකන් ගුවන් සේවය සඳහා ගුවන් යානා 11ක් ලබාගැනීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ. කල්බදු කාලය සම්පූර්ණ වීමෙන් පසු ශ්‍රී ලංකන් ගුවන් සේවයෙන් ඉවත් කෙරෙන ගුවන් යානා 11ක් වෙනුවට මෙලෙස අලුතින් ගුවන් යානා එක්කරගනු ඇත. මේ පිළිබඳව ශ්‍රී ලංකන් ගුවන් සේවයේ සභාපති අශෝක් පතිරගේ මහතා මෙලෙස කරුණු දක්වා තිබිණි. “මෙහෙයුම් ලාභය අද වනව...
"ගල් අරක්කු මිල පහළට"
"ශ්‍රී ලංකා ස්කාගාර සමාගම :ෘක්‍ීඛ* නිපදවන අති විශේෂ (ගල් අරක්කු) මත්පැන් මිල පහත දැමීමට එම සමාගම කටයුතු කර ඇත. මේ අනුව අති විශේෂ (ගල් අරක්කු) මිලිලීටර් 750 ක බෝතලයක් රුපියල් 80 කින්ද, මිලිලීටර් 375 රුපියල් 60 කින්ද, මිලිලීටර් 180 රුපියල් 20 කින්ද පහත දමා ඇත. රට තුළ මත්පැන් අලෙවිය අඩුවීම නිසා මත්පැන් නිපදවන සමාගම් සිය න...
"යුරෝපය මත් කරන්න ලංකාවෙන් රා යවයි"
"මෙරට නිපදවන කිතුල් රා සහ පොල් රා නවසීලන්තය, එංගලන්තය, කැනඩාව ඇතුළු රටවල් කිහිපයකට අපනයනය කිරීමට කටයුතු කර ඇතැයි සුරාබදු කොමසාරිස් ජනරාල් එම්. ජේ. ගුණසිරි මහතා පවසයි. කාලයක සිට පොල් රා අපනයනය කරන බවත් නවසීලන්තය, එංගලන්තය, දකුණු අප්‍රිකාව, ඩුබායි ඇමෙරිකාව ඇතුළු තවත් රටවල් කිහිපයකට කිතුල් රා අපනයනය කරන බවත් ඒ මහතා කීවේය....
"ධීවරයන් වෙනුවෙන් බැටරිවලින් ධාවනය කළ හැකි බෝට්ටු එන්ජිමක්"
"ධීවරයන් සඳහා විදුලි කෝෂ යොදා ගනිමින් ධාවනය කළ හැකි බෝට්ටු එන්ජිමක් හඳුන්වාදීමට ධීවර අමාත්‍යාංශය පියවර ගෙන ඇත. ධීවර බෝට්ටුවලට ඉන්ධන භාවිතා කරමින්, ධීවරයන්ට විශාල පිරිවැයක් දැරීම වැළැක්වීමේ අරමුණින් ධීවර ඇමති ඩග්ලස් දේවානන්දා මහතාගේ උපදෙස් මත බණ්ඩාරගම පිහිටි මිල්ටන් මෝටර්ස් ආයතනය විසින් මෙම බෝට්ටු එන්ජිම හඳුන්වාදී තිබේ....
"ධීවරයන් වෙනුවෙන් බැටරිවලින් ධාවනය කළ හැකි බෝට්ටු එන්ජිමක්"
"ධීවරයන් සඳහා විදුලි කෝෂ යොදා ගනිමින් ධාවනය කළ හැකි බෝට්ටු එන්ජිමක් හඳුන්වාදීමට ධීවර අමාත්‍යාංශය පියවර ගෙන ඇත. ධීවර බෝට්ටුවලට ඉන්ධන භාවිතා කරමින්, ධීවරයන්ට විශාල පිරිවැයක් දැරීම වැළැක්වීමේ අරමුණින් ධීවර ඇමති ඩග්ලස් දේවානන්දා මහතාගේ උපදෙස් මත බණ්ඩාරගම පිහිටි මිල්ටන් මෝටර්ස් ආයතනය විසින් මෙම බෝට්ටු එන්ජිම හඳුන්වාදී තිබේ....
"රන් අවුලට හේතුව හෙළිවෙයි"
"1953 අංක 24 දරන විනිමය පාලන පනත අවලංගු කර ඒ වෙනුවට 2017 අංක 12 දරන විදේශ විනිමය පනත බලාත්මක කිරීම නිසා රන් ආභරණ විශාල ලෙස කිසිදු ගෙවීමකින් තොරව මෙරටට ගෙන ඒම සිදුව ඇතැයි ආර්ථික ස්ථායිකරණ, අදාළ ජාතික අනුකමිටු රැස්වීමේදී අනාවරණය වී තිබේ. 1953 විනිමය පාලන පනතින් රන් මුදල් ගෙවීම් සුරැකුම් ණය සහ ආනයන අපනයන, දේපළ පැවරුම් අංශ...
"2019 බදු සංශෝධනයෙන් දේශීය ආදායම් ලිපි ගොනු ලක්‍ෂ 14 සිට ලක්‍ෂ 5 ට අඩුවෙලා"
"2019 දෙසැම්බර් 1 වැනිදා සිට බලාත්මක කරන ලද බදු සංශෝධන හේතුවෙන් ආදායම් බදු දෙපාර්තමේන්තුවේ බදු ලිපිගොනු ප්‍රමාණය ලක්‍ෂ 14 සිට ලක්‍ෂ 5 දක්වා අඩුවී ඇති බව ආර්ථික ස්ථායිකරණයට අදාළ ජාතික අනුකමිටුව පාර්ලිමේන්තුවේ දී රැස්වූ අවස්ථාවේ අනාවරණය වී තිබේ. පසුගිය කාලය තුළ රට ආර්ථික වශයෙන් බංකොලොත් භාවයට පත්වීමට හේතුවූ කරුණු පිළිබඳ ...
"දෙසැම්බර් 31 විසිපන්දහසක් ගෙදර යවයි"
"වෛද්‍යවරු 200 ක් ගුරුවරු 2000 ක්රාජ්‍ය සේවයට කිසිම බාධාවක් වෙන්නේ නැහැ – රාජ්‍ය පරිපාලන ලේකම් වයස අවුරුදු 60න් විශ්‍රාම යෑමට තීරණය වීමත් සමග සමස්ත රාජ්‍ය සේවයේම විසිපන් දහසක් පමණ පිරිසක් මේ මස අවසානයේ දී විශ්‍රාම යෑමට නියමිතව ඇතැයි රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන ලේකම් ප්‍රියන්ත මායාදුන්න මහතා ‘ද...
"විදුලිබල මණ්ඩලයේ පාඩුවේ බර මහා භාණ්ඩාගාරයට"
"විදුලිබල මණ්ඩලය කොටස් අටකට කඩා එය ප්‍රතිව්‍යුහගත කිරීමේදී දැනට ලංවීම ලබා තිබෙන රුපියල් බිලියන 400ක (කෝටි 40,000) පමණ සමස්ත පාඩුව මහා භාණ්ඩාගාරයට දැරීමට සිදුවනු ඇතැයි විදුලිබල ඉංජිනේරුවෝ කියති. ලංවීම ප්‍රතිව්‍යුහගත කරන යෝජනාවට මේ වනවිට කැබිනට් මණ්ඩල අනුමැතිය ලැබී තිබෙන අතර මාසයක් ඇතුළත යෝජිත ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවල...
"ඉංජිනේරුවෝ 6000 ක් රට හැර ගිහින්"
"ඉංජිනේරුවන් හයදහසක්දෙනා රට හැර ගොස් සිටින බවත්, තවත් තුන්දහසකට ආසන්න පිරිසක් විදේශගත වීමට අපේක්‍ෂාවෙන් සිටින බවත් වාර්තා වේ. කොරෝනා ව්‍යවසනයට පෙර මෙරට සමස්ත ඉංජිනේරුවෝ විසිදහසක් පමණ සේවය කළහ. ඉන් හයදහසක් රට හැර ගොස් ඇත. 2800ක් දෙසැම්බර් මස 31 දින රජය ගත් තීරණය අනුව විශ්‍රාම ගැනීමට නියමිතවය ඇත. රජය රටට ඩොලර් උපයා ගැනීම...
"රට හැර යන වෛද්‍යවරුන් නතර කරගන්න GMOA යෝජනාවක්"
"විදෙස් සෞඛ්‍ය සේවාවන්හි නියැළීම සඳහා රට හැර යන වෛද්‍යවරුන්ට චක්‍රලේඛයන්ට, නිසි සැලැසුමකට, නියාමනයකට හා නිසි ක්‍රමවේදයකට අනුව මෙරට සේවය කිරීමට අවස්ථාව ලබාදෙන්නේ නම් මෙරට සෞඛ්‍ය සේවාව පවත්වාගෙන යෑමට බාධාවක් ඇති නොවන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා ප්‍රකාශ කළේය. මෙරට වෛද්‍යවරුන්ට ...
"බම්බලපිටිය සිරි වජිරාරාමය උඳුවප් පුන් පෝදා සීල සමාදානය"
"සිල් සමාදන් කරවීම අනුශාසනාව සහ බුද්ධ පූජාව අග්ගමහා පණ්ඩිත ශාස්ත්‍රපති පූජ්‍යපාද තිරිකුණාමලේ ආනන්ද මහානායක හිමිපාණෝ, ධර්මානුශාසනාව – කොළඹ කඩවත් සතර ප්‍රධාන සංඝනායක රාජකීය පණ්ඩිත ශාස්ත්‍රපති පූජ්‍යපාද කරපුටුගල රේවත හිමිපාණෝ,ගිහිදේශනය ආචාර්ය ප්‍රණීත් අබේසුන්දර මහතා, භාවනාව, අනුශාසනාව හා සම්බුද්ධ පූජාව – ත්‍රිපිටකාචාර්ය ර...
"දේශීය ණය පැහැර හැරීමේ අවදානමක්… පිච් රේටින්ග්ස් ආයතනය කියයි"
"ජාත්‍යන්තර ණය ශ්‍රේණිගත කිරීමේ ආයතනයක් වන ෆිච් රේටින්ග්ස් ශ්‍රී ලංකාවේ දිගුකාලීන දේශීය මුදල් ශ්‍රේණිය CCC සිට CC දක්වා පහතහෙළා ඇත. එසේම ඉහළ පොලී පිරිවැය හා දැඩි දේශීය මූල්‍යන කොන්දේසි නිසා දේශීය ණය පැහැර හැරීමේ අවදානමක් පැවතිය හැකි බවද එම ආයතනය සඳහන් කර තිබේ. ශ්‍රී ලංකාව සිය දේශීය ණය පියවීම සඳහා අඛණ්ඩව කටයුතු කළ ද ශ්‍...
"එන්ජීඕ මුදල්වලට නව නීතියක්"
"ශ්‍රී ලංකාවේ ආණ්ඩු පෙරළීමට විවිධ අරගල දියත් කිරීම ව්‍යාර්ථ කිරීම සඳහා මින් මතු විදේශවලින් මෙරට රාජ්‍ය නොවන සංවිධානවලට ලබාදෙන අරමුදල් විදේශ අරමුදල් ගිණුම නමින් රජයේ බැංකුවල තැන්පත් කළ යුතු බවට නව නීතියක් පැනවීමට රජය තීරණය කර ඇත. මෙම විදේශ අරමුදල් ගිණුමේ මුදල් දේශපාලන කටයුතුවලට යෙදවීම තහනම් වන අතර එම මුදල් වෙනත් ගිණුම්ව...
"ආසන සංවිධායක ධුර ගන්න එජාපයට අයදුම්පත් 1000 ක්"
"එක්සත් ජාතික පක්‍ෂයේ ආසන සංවිධායකවරුන් ලෙස පත්වීම සඳහා 1000කට වැඩි පිරිසක් ඉල්ලුම්කර ඇති බව එජාප සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා ‘දිවයින ඉරිදා’ සංග්‍රහයට පැවසීය. මේ අය අතරින් පළමුව 500දෙනකු පමණ ඉකුත් දින දෙකතුනේදී සම්මුඛ පරීක්‍ෂණවලට භාජනය කළ බව ද අබේවර්ධන මහතා කීය. එජාප නායක ජනපති රනිල් වික්‍රමසිංහ මහත...
"ප්‍රතික්‍රීයක මගඩි යටගහන්න කුමන්ත්‍රණයක් – රවි කුමුදේශ්"
"ජාතික රෝහල සඳහා ප්‍රතික්‍රීයක මිලදී ගැනීමේ දී සිදුව ඇති රුපියල් බිලියන දෙසිය ගණනක නාස්තිය යටගැසීම සඳහා ප්‍රබලයකු ක්‍රියාකරමින් සිටින බවට සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති, රවි කුමුදේෂ් මහතා චෝදනා කරයි. අදාළ සිදුවීම හෙළිදරව් කළ නිලධාරීන්ව විමර්ශනයන්ට පැටලවීමේ කුමන්ත්‍රණයක් ද මේ වනවිට ක්‍රියාත්මකව ඇතැයි ඒ මහත...
"රටෙන් 56.8 ක් පිටරට යන්න කැමතියි"
"රටේ පවතින ආර්ථික අර්බුද හමුවේ විදේශ ගතවීමට හෝ වෙනත් රටක ජීවත් වීමට අවස්ථාවක් ලදහොත් ඊට කැමැත්ත පළකර ඇති පිරිස සියයට 56.8ක් යැයි මෙරට දිස්ත්‍රික්ක 25ක් තුළ පසුගියදා සිදු කළ සමීක්ෂණයකට අනුව හෙළිවී ඇත. ඒ අනුව විදේශගත වීමට කැමැත්ත පළ කර ඇති පිරිස අතරින් සියයට 77.2ක් වයස අවුරුදු 18ත් 29ත් අතර වියේ අය වෙති. වයස අවුරුදු 30ට ...
"විදුලි බිල උස්සනවාට විරුද්ධයි – විදුලි ඉංජිනේරු සංගමය"
"මේ මොහොතේ විදුලි ගාස්තු නැවතත් ඉහළ දමා ජනතාව පීඩනයට පත්කළ යුතු නැතැයි ලංවිම ඉංජිනේරු සංගමයේ සභාපති නිහාල් වීරරත්න මහතා ‘දිවයින’ට පැවසීය. ඉකුත් අගෝස්තු මස 10 වැනිදා විදුලි ගාස්තු සියයට 75 කින් ඉහළ දැමූ බවත් ජනතාවට එම විදුලිබිල පවා ගෙවාගත නොහැකිව සිටින මොහොතක යළිත් වතාවක් සියයට අසූවකින්ම ගාස්තු වැඩි කිරීමට යෑම අනුමත නොක...
"සීනි සමාගමේ සභාපතිවරයා ඉවත් කිරීමේ තැතක්"
"සී/ස ලංකා සීනි (පුද්ගලික) සමාගමේ සභාපතිවරයා වෙනුවට වෙනත් සභාපතිවරයකු පත්කිරීමට කූට සැලසුමක් ක්‍රියාත්මක වන බවට චෝදනා කරමින් එම සමාගමේ සෙවනගල, පැල්වත්ත යන කර්මාන්තශාලාවල සහ ප්‍රධාන කාර්යාලයේ සේවකයෝ අඛණ්ඩ වැඩ වර්ජනයකට යෑමට සූදානම් වන බව වාර්තා වේ. එම සමාගමේ සභාපතිවරයා ලෙස කටයුතු කරන ජනක නිමලචන්ද්‍ර මහතා සිය පුද්ගලික සංච...
"නුවරඑළියෙන් කොළඹ එන නත්තල් ගස් අඩුවෙලා"
"මෙවර නත්තල් උත්සවය වෙනුවෙන් නුවරඑළියේ සිට කොළඹට ප්‍රවාහනය කරන නත්තල් ගස් සැපයුම විශාල ලෙසින් අඩුවක් දකින්නට තිබෙන බව නුවරඑළිය අඩවි වනනිලධාරී උදය කුමාර මහතා ‘දිවයින ඉරිදා’ සංග්‍රහයට පැවසීය. මෙම නත්තල් ගස් ප්‍රවාහනය කොරෝනා වසංගත සමයේ පවා මේ ආකාරයට අඩුවක් දකින්නට ලැබුණු බවද මෙවර මේ වනතෙක් නත්තල් ගස් කැපීම සඳහා බලපත්‍ර පව...
"නුවරඑළියෙන් කොළඹ එන නත්තල් ගස් අඩුවෙලා"
"මෙවර නත්තල් උත්සවය වෙනුවෙන් නුවරඑළියේ සිට කොළඹට ප්‍රවාහනය කරන නත්තල් ගස් සැපයුම විශාල ලෙසින් අඩුවක් දකින්නට තිබෙන බව නුවරඑළිය අඩවි වනනිලධාරී උදය කුමාර මහතා ‘දිවයින ඉරිදා’ සංග්‍රහයට පැවසීය. මෙම නත්තල් ගස් ප්‍රවාහනය කොරෝනා වසංගත සමයේ පවා මේ ආකාරයට අඩුවක් දකින්නට ලැබුණු බවද මෙවර මේ වනතෙක් නත්තල් ගස් කැපීම සඳහා බලපත්‍ර පව...
"අපි 8 දා එනවා – වෘත්තීය සමිති හා බහුජන සංවිධාන එකමුතුව"
"සියලුම සේවකයන්ට උද්ධමන දීමනාවක් ඉල්ලා වෘත්තීය සමිති හා බහුජන සංවිධාන එකමුතුව ලබන 8 වැනිදා විරෝධතා දිනයක් පවත්වයි. රාජ්‍ය, අර්ධ රාජ්‍ය, පෞද්ගලික හා වතු සේවකයන් මෙයට එක්වන බවත්, ඔවුන්ගේ ආයතන ඉදිරිපිට දී එදින විරෝධතා පවත්වන බවත්, වෘත්තීය සමිති හා බහුජන සංවිධාන එකමුතුව වෙනුවෙන් පෙරටුගාමී සමාජවාදී පක්‍ෂයේ ප්‍රචාරක ලේකම් දු...
"සහන ඉල්ලා හෙට අනිද්දා විරෝධතා"
"ඉහළ ගොස් තිබෙන බඩු මිල හමුවේ 2016 වසරෙන් පසු සේව්‍ය වැටුප් ඉහළ නොදැමීම නිසා, වහාම ජනතාවට සහන සලසන ලෙසට බලකරමින් හෙට (5 වැනිදා) සහ අනිද්දා (06 වැනිදා) රටපුරා නගරවල සහ වැඩබිම්වල ජාතික විරෝධතා සංවිධානය කර ඇත. වෘත්තීය සමිති සම්බන්ධීකරණ මධ්‍යස්ථානය මගින් මෙම විරෝධතා සංවිධානය කරන බව එහි සම කැඳවුම්කරු වසන්ත සමරසිංහ මහතා ‘දිව...
"ඩොලර් අවුලෙන් කඳුළු ගෑස් ලොප් වෙයි"
"ලබන වසරේදී ශ්‍රී ලංකා පොලිසියට විදේශයෙන් ගෙන්වා ගැනීමට බලාපොරොත්තු වෙන කඳුළු ගෑස් උන්ඩ ඇතුළු වෙනත් භාණ්ඩ ලබාදීම සඳහා අදාළ සැපයුම්කරුවන්ට ඩොලර් ගෙවීම ගැටලුවක් වී තිබේ. මේ අනුව 2022 මේ වසරේදීත් මෙවැනි භාණ්ඩ ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමට අසීරු වී තිබුණි. මීට කලින් වසරේදී කොරෝනා අර්බුදය නිසා මෙම තත්ත්වය පැන නැගුණි. කෙසේ වෙතත...
"දඩ අඩුවෙන් සටහන් කිරීම: හිටපු මහෙස්ත්‍රාත් අවුරුදු 10 ක් හිරේ"
"ගාල්ල මහෙස්ත්‍රාත් අධිකරණයේ මහෙස්ත්‍රාත්වරිය ලෙස කටයුතු කළ සමයේ එම අධිකරණය විසින් සුරාබදු පනත යටතේ ගැනෙන චෝදනාවලට වැරදිකරුවන් කළ පුද්ගලයන් දෙදෙනකුට නියම කළ දඩ මුදල් අඩුකර සටහන් කිරීමෙන් පොදු දේපළ පනත යටතේ ගැනෙන වැරදි සිදු කළේ යැයි චෝදනා කරමින් පවරා තිබූ නඩු දෙකක විත්තිකාරිය ලෙස නම් කර තිබූ ගාල්ල හිටපු මහෙස්ත්‍රාත් ඩී....
""පැල්පත් 60,000ක් කඩන කොන්ත්‍රාත්තුවත් අදානිට""
"ඉන්දියාවේ මුම්බායිහි පිහිටි ලෝ පූජිත පැල්පත් නගරය වූ දහරම් කඩා දමා පැල්පත් වාසීන්ට නිවාස ඉදිකර දීමට කොන්ත්‍රාත්තුව සුපිරි කෝටිපති ගෞතම් අදානි ලබාගෙන ඇත. මෙහි ඇති පැල්පත් සංඛ්‍යාව හැටදහසකි. අදානි ලබාගෙන ඇති කොන්ත්‍රාත්තුවේ වටිනාකම ඩොලර් මිලියන 616කි. එම පැල්පත්වල දසලක්‍ෂයක ජනතාවක් ජීවත්වේ. අක්කර 625ක ප්‍රදේශයක් පුරා පැ...
"තේරුමක් නැති පල්හෑලිවලට කාලය නාස්ති කරනවා – කථානායක කිරිඇල්ලට දෙහි කපයි"
"කාලය කළමනාකරණය කළ යුත්තේ මූලාසනයයි – කිරිඇල්ල කිසිම තේරුමක් නැති ලෙස පල්හෑලි කතා කරමින් පාර්ලිමේන්තු කාලය නාස්ති කරනුයේ විපක්‍ෂයේ ප්‍රධාන සංවිධායක ලක්‍ෂ්මන් කිරිඇල්ල මහතාගේ කණ්ඩායම යැයි කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ඊයේ (02 දා) පාර්ලිමේන්තුවේදී චෝදනා කළේය. ආණ්ඩු පක්‍ෂයේ ප්‍රධාන සංවිධායක ප්‍රසන්න රණතුංග මහතා විසින්...
"ජනපතිවරයාගේ ලිපි ලේඛන ගෙනියන්න හමුදාවෙන් විශේෂ බෑගයක්"
"ශ්‍රී ලංකා යුද හමුදාවේ විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරුවන් විසින් නිර්මාණය කරන ලද ජනපතිවරයාගේ ලිපි ලේඛන රැගෙන යන ජාත්‍යන්තර ප්‍රමිතියෙන් යුතු බෑගයක් (Attache Case) යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් විකුම් ලියනගේ මහතා විසින් ඊයේ (02 දා) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත පිළිගැන්වීය. ලෝක නායකයන් සංච...
"භූ විද්‍යා සභාපති හා අධ්‍යක්‍ෂ ජනරාල් දොට්ට දාන්න – ෂානක්කියන් රාසමාණික්කම්"
"භූ විද්‍යා, පතල් හා කැණීම් කාර්යාංශයේ වත්මන් සභාපති සහ අධ්‍යක්‍ෂ ජනරාල්වරයා දූෂිත නිලධාරීන් බැවින් ඔවුන් වහාම එම තනතුරුවලින් ඉවත් කිරීමට කටයුතු කරන්නැයි දෙමළ ජාතික සංධාන මන්ත්‍රී ෂානක්කියන් රාසමාණික්කම් මහතා පාර්ලිමේන්තුවේ දී ඊයේ (02දා) සඳහන් කළේය. එහි වත්මන් සභාපතිවරයා පත්ව ඇත්තේ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ...
"ශ්‍රී ලාංකිකයන් බර ගාණක් ‘ඔස්‌ට්‍රේලියානු ප්‍රියමාලිට’ අහුවෙලා"
"ශ්‍රී ලාංකිකයන් විශාල පිරිසක් ඔස්‌ට්‍රේලියාවේ පිහිටා ඇති ඔන්මැස්ටඩ් නමැති ව්‍යාජ මුදල් ආයෝජන ආයතනයක මුදල් ආයෝජන කිරීමේ සිද්ධියක් හෙළිවී ඇත. මෙය මෙහෙයවන්නේ ඔස්‌ට්‍රේලියාවේ පදිංචි ශ්‍රී ලාංකිකයකු බව හෙළිවී තිබේ. රජයේ නිලධාරීන්, ව්‍යාපාරිකයන්, පොලිස් නිලධාරීන් ද මෙම ව්‍යාජ ආයතනයේ මුදල් යොදවා ඇත. ඔස්‌ට්‍රේලියාවේ ලෝගස් පාර...
"කථානායකට විපක්‍ෂය දුන් ලිපියට මොකද වුණේ හර්ෂණ රාජකරුණා ප්‍රශ්න කරයි"
"මෙරට ආර්ථිකයට 2019න් පසු සිදු වූ ගැටලුකාරී තත්ත්වය ගැන විමර්ශන කිරීමට තේරීම් කාරක සභාවක් පත් කරන්නැයි ඉල්ලමින් විපක්ෂයේ මන්ත්‍රීවරුන් අත්සන් කර කථානායක වෙත භාර දුන් ලිපියට සිදු වූයේ කුමක් දැයි සමගි ජන බලවේගයේ මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහතා පාර්ලිමේන්තුවේ දී ඊයේ (02දා) විමසීය. අදාළ යෝජනාව භාර දී මාසයකට වැඩි කලක් ගත වුවද ...
""ජපානය, සිංගප්පූරුව හා නෙදර්ලන්තයත් නෙළුම් කුලුනට""
"කොළඹ නෙළුම් කුලුනේ මහල් කීපයක් බදු ගැනීම සඳහා විදේශීය සමාගම් තුනක් ඉදිරිපත් වී සිටින බව එහි සභාපති මේජර් ජෙනරාල් (විශ්‍රාමික) ප්‍රසාද් සමරසිංහ මහතා දිවයිනට පැවසීය. ජපානය, සිංගප්පූරුව, නෙදර්ලන්තය යන රටවල්වල ආයතන මෙසේ ඉදිරිපත් වී සිටින බව ද හෙතෙම කීවේය. මේ අතර නෙළුම් කුලුන ආරම්භ කළ සැප්තැම්බර් මාසයේ සිට මේ දක්වා රුපියල්...
"අයවැය හිඟය පියවීම : රජය මුල් මාස 3ට මහ බැංකුවෙන් බිලියන 1000 ක් ණයට ගනි"
"අයවැය හිඟය පියවීම සඳහා මේ වසරේ (2022) පළමු මාස හයේ දී ශ්‍රී ලංකා මහ බැංකුවෙන් රජය ණයට ගත් මුදල රු. බිලියන 1000 ක් දක්වා සැලකිය යුතු ලෙස ඉහළ ගොස් ඇත. ගිය වර්ෂයේ (2021) පළමු මාස හයේ දී අයවැය හිඟය පියවීම සඳහා රජය මහ බැංකුවෙන් ලබාගෙන තිබුණේ රු. බිලියන 310ක මුදලක් පමණි. මේ අනුව ගිය වසරට සාපේක්‍ෂව මේ වසරේ (2022) පළමු මාසයේ ...
"‘කස්තුරි සුවඳ’ ‘ආශා දෑසින්’ කැමරාව මෙහෙයවූ ඩැනී ජීවිත සිනමාවට සමුදෙයි"
"අභාවප්‍රාප්ත ප්‍රවීණ චිත්‍රපට කැමරා අධ්‍යක්‍ෂ ඩැනී ඩබ්ලිව් පතිරණ මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද (3දා) සෙනසුරාදා සවස 3.00ට තලාහේන පොදු සුසාන භූමියේ දී සිදු කිරීමට නියමිතය. 1967 රෑන ගිරව් චිත්‍රපටයේ සහාය කැමරා ශිල්පියා වශයෙන් එක්වූ ඔහු සේන සමරසිංහ අධ්‍යක්‍ෂණය කළ කස්තුරි සුවඳ , නිල්ල සොයා, ආශා දෑසින් , චංචල රේඛා, යළි...
"රනිල් හංසයාගෙන් ජනාධිපතිවරණයට: සජබයෙන් අනාවැකියක්"
"ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරි ජනාධිපතිවරණය සඳහා ‘හංසයා’ ලකුණින් තරග කිරීමට සූදානම් වන බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක් අබේසිංහ මහතා පැවසීය. විපක්ෂ නායක කාර්යාලයේ දී ඊයේ (02 දා) පැවැති මාධ්‍ය හමුවේ දී හෙතෙම මේ බව කීවේය. එහි දී වැඩිදුරටත් මෙසේ ද කියා සිටියේය. මම අනාවැකියක් විදියට කියනවා ඉදිරි ජනාධි...
"ජනාධිපතිට බෞද්ධ දර්ශනයත් වෙනස් වෙලා: දෙව්දත් ඇඟිලි කපද්දී අංගුලිමාල ගල් පෙරළනවා"
"දේශපාලන ස්ථාවරයක් නැතිව රටට ඉදිරි ගමනක් නෑ- අශෝක අබේසිංහ (සජබ) වර්තමාන රජය අඳුරේ අතපත ගාන බවත් රට තුළ දේශපාලන ස්ථාවරය හදන්නේ නැතිව ඉදිරියට යෑමට නොහැකි බවත් සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක අබේසිංහ මහතා පැවසීය. විපක්ෂ නායක කාර්යාලයේ ඊයේ (2 දා) පැවැති මාධ්‍ය සාකච්ඡාවේ දී අදහස් දැක්වූ මන්ත්‍රීවරයා වැඩිදුරටත් මෙස...
"හොඳම ගමනාන්ත 20 අතරට ශ්‍රී ලංකාව නම්වෙලා: උද්ඝෝෂණ කර සංචාරක ව්‍යාපාරය විනාශ කරන්න එපා – ඇමැති මනුෂ නානායක්කාර"
"එජාපය ඇතිකළ මහවැලිය එහි නායකයාම විනාශ කරනවා – නලින් බණ්ඩාර (සජබ) හොඳම ගමනාන්ත 20 අතරට ශ්‍රී ලංකාව නම්වී ඇති මේ වෙලාවේ උද්ඝෝෂණ කර සංචාරක ව්‍යාපාරය විනාශ නොකරන ලෙස ඉල්ලා සිටින බව කම්කරු හා විදේශ රැකියා ප්‍රවර්ධන ඇමැති මනුෂ නානායක්කාර මහතා ඊයේ (2 දා) පාර්ලිමේන්තුවේ දී පැවසීය. වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා විසින් ස...
"රට ඉඳන් ආ කාන්තාවන් 16 කගේ පාස්පෝට් අරන්: හිස් කොළවලට අත්සන් අරගෙන"
"ඕමාන් මිනිස් ජාවාරම : උප නියෝජිතයෝ දෙදෙනෙක්තැරැව්කරුවෝ දෙදෙනෙක් යළි රිමාන්ඩ් – ආශා දිසානායකගේ ඇප අවලංගුයි සංචාරක වීසා මත ඕමාන් රාජ්‍යයට යවන ලද ශ්‍රී ලාංකික කාන්තාවන් ලිංගික කටයුතු සහ වෙනත් කටයුතු සඳහා අලෙවි කළ මිනිස් ජාවාරමට සම්බන්ධව චෝදනා එල්ලවී ඇති ප්‍රධාන සැකකරුගේ උප නියෝජිතයන් දෙදෙනකු හා කාන්තාවන් එම ආයතනවලට හඳුන්...
"පෞද්ගලික විශ්වවිද්‍යාල ආරම්භ කරමු – ජනපති මැතිසබයේ දී කියයි"
"මහින්ද සයිටම් දානවට කැමැති වුණා ඒත් අපට විරුද්ධ වුණා – කිරිඇල්ල යම්කිසි නිසි ක්‍රමවේදයක් යටතේ, මෙරට පෞද්ගලික විශ්වවිද්‍යාල අධ්‍යාපනය ආරම්භ කිරීමට ක්‍රියාකරමු යැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේ දී ඊයේ (01දා) කියා සිටියේය. අධ්‍යාපන අමාත්‍යාංශ වැය ශීර්ෂයේ දී අදහස් දක්වමින් හෙතෙම මේ බව කියා සිටි අතර ඒ සඳහ...
"දරුවන්ට උගන්වනවාද නැත්නම් කන්න දෙනවාද කියා අද දෙමව්පියන්ට ප්‍රශ්න දෙකක් තිබෙනවා – රෝහිණී කුමාරි විජේරත්න (සජබ)"
"අධ්‍යාපන අමාත්‍යාංශය, වෙළෙඳ, කාන්තා හා ළමා කටයුතු හා සමාජ සවිබල ගැන්වීම් අමාත්‍යාංශය සහ ඊට අදාළ දෙපාර්තමේන්තුහි වැය ශීර්ෂයන් පිළිබඳ පාර්ලිමේන්තු විවාදය (01 දා) ආරම්භ කරමින්, අධ්‍යාපන ඇමැතිතුමා විසින් සිදු කරන අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලට අපේ සම්පූර්ණ සහයෝගය ලබා දෙනවා. නමුත් එතුමා කියන දේවල් කරන්න පුළුවන්ද කියන ගැටලුව තිබ...
"විදුලි ඒකකයක් රු. 50 ක් දුප්පතාගෙ බිල රු. 1500ක් වේවි"
"ඒකක 30 ට අඩුවෙන් විදුලිය පාවිච්චි කරන අයගෙනුත් එක් විදුලි ඒකකයකට රුපියල් පනහ බැගින් අය කිරීමට බලශක්ති ඇමැති කාංචන විජේසේකර මහතා බලධාරීන්ට උපදෙස් දී ඇතැයි විදුලිය පාවිච්චි කරන්නන්ගේ සංගමයේ ලේකම් සංජීව ධම්මික මහතා ඊයේ (1 දා) පැවසීය. කොළඹ දී ඊයේ පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව කීවේය. ඒ අනුව තම බිලියන තුන්සිය නමයක් ලංවිමට...
"විදුලි බිල යළි වැඩි කිරීම වහාම නවත්වන්න – විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස"
"මටත් මේකේ ප්‍රශ්නයක් තියනවා – ඇමැති සුසිල් ප්‍රේමජයන්ත නැවත වතාවක් සිදු කිරීමට යන විදුලිය ගාස්තු වැඩි කිරීම වහාම නවත්වන ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේ දී ඊයේ (01දා) ආණ්ඩුවෙන් විශේෂ ඉල්ලීමක් කළේය. විදුලි බිල වැඩි කරනවා වෙනුවට මෙරට දරුවන්ට සහ මවුවරුන්ට සහන සලසන්නැයි ද හෙතෙම ඉල්ලා සිටියේය. එහිදී විපක...
"මි. මී. 300 ක වැස්සක් නාවොත් අවුලක්"
"මේ මාසයේ දී මිලිමීටර් 300ක – 400ක වර්ෂාවක් නොලැබුණොත් දැනට ජලාශවල පවතින ජලය දැඩි කළමනාකරණයකට ලක්කිරීමට සිදුවන බව වාරිමාර්ග අධ්‍යක්‍ෂ (ජලකළමනාකරණ) ඩී. අඹේසිරිවර්ධන මහතා ඊයේ (01 දා) පැවසීය. දැනට වාරි ජලාශවල ජල මට්ටම සියයට 50ක මට්ටමක පවතින බවත් එම ජලය විදුලිය නිපදවීමට වඩා කෘෂිකාර්මික කටයුතු සඳහා කළමනාකරණය කළයුතු බවත් ඒ ම...