Title stringlengths 9 246 | Content stringlengths 3 62.9k |
|---|---|
"දීගය තවම තීන්දු නෑ – රංගෙ බණ්ඩාර කියයි" | "එක්සත් ජාතික පක්‍ෂය, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු සමග මැතිවරණවල දී එකට තරග කිරීමට මේ වනතෙක් පොදු එකඟතාවයකට පැමිණ නැතැයි එක්සත් ජාතික පක්‍ෂ මහලේකම් පාලිත රංගෙ බණ්ඩාර මහතා පැවසීය. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ එක්සත් ජාතික පක්‍ෂය සමග එක්ව මැතිවරණයට ඉදිරිපත්වන බව පොදුජන පෙරමුණේ මහ ලේකම් සාගර කාරියවසම් මහතා පසුගිය දිනක ප්‍රකාශයක්... |
"භික්‍ෂු විශ්වවිද්‍යාලයේ සිසුහු දෙදෙනා 27 දා තෙක් රිමාන්ඩ්" | "හෝමාගම පිටිපන පිහිටි බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමය මගින් හෝමාගම පිටිපන නගරයේ දී පැවැත්වූ විරෝධතාවයක් අතරතුර ඇති වූ ගැටුමකින් පසු අත්අඩංගුවට ගත් සිසුන් දෙදෙනා මෙම මස 27 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස හෝමාගම මහෙස්ත්‍රාත් නිලුපුලි ලංකාපුර මෙනවිය ඊයේ (14 දා) නියෝග කළාය. හෝමාගම පොලිසිය විසින් ඔවුන්... |
"පරණ ගැසට්ටුව අත්හිටුවයි බිත්තර උපරිම මිල අද උසාවියට" | "බිත්තර අලෙවි කිරීම සඳහා ඊයේ (14 දා) දිනය ඇතුළත උපරිම මිලක් නියම කරනා ලෙසට අභියාචානාධිකරණය පාරිභෝගික සේවා අධිකාරියට නියෝග කළේය. එකී මිල ගණන් අද (15 දා) දිනයේදී තම අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගන්නා ලෙසට ද පාරිභෝගික සේවා අධිකාරියට වැඩිදුරටත් නියෝග කළ ප්‍රසන්න ද සිල්වා හා ඛේමා ස්වර්ණාධිපති යන විනිසුරු මඬුල්ල, බිත්තර අල... |
"මන්දපෝෂණය ගැන කියූ දොස්තරගේ පෙත්සම විභාගයට" | "හම්බන්තොට දිස්ත්‍රික්කයේ මන්දපෝෂණ තත්ත්වය ඉහළ යා හැකි බවට මාධ්‍ය හමුවේ ප්‍රකාශ කිරීම මුල්කරගෙන වැඩතහනම් කරනු ලැබූ වෛiවරයා ගොනුකර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (14 දා) අවසර ලබා දුන්නේය. වෛi හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛiවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානයේ සභාපති වෛi ජී. ජී. චමල් සංජීව ... |
"ඒකීය රාජ්‍යයක බලය බෙදන සාකච්ඡාව සාර්ථකයි – ජාතිවාදීන් මෙය විනාශ කරයි ද දන්නෑ – පලනි තිගාම්බරම්" | "ඒකීය රාජ්‍යයක බලය බෙදීම සඳහා වූ යෝජනා ඇතුළත් 13 වැනි ව්‍යවස්ථා සංශෝධනය බලාත්මක කිරීම සඳහා ජනාධිපතිවරයා සමග පෙරේදා (14 දා) පැවැති පක්‍ෂ නායක හමුවේ දී සාර්ථක සාකච්ඡාවක් පැවැත්වීමට හැකි වූ බව දමළ ප්‍රගතිශීලි සන්ධානයේ නියෝජ්‍ය නායක, සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී පලනි තිගාම්බරම් මහතා “දිවයින”ට ඊයේ (14 දා) ප්‍රකාශ ක... |
"රටවල් 20කින් සංචාරකයෝ 644186 ක් එති" | "මෙම වසරේ මේ දක්වා රටවල් 20 කින් සංචාරකයන් හයලක්‍ෂ හතළිස්හතරදහස් එකසිය අසූහය දෙනකු පැමිණ ඇතැයි සංචාරක අමාත්‍යාංශය පවසයි. ඉන් වැඩිම සංඛ්‍යාව එනම් එක්ලක්‍ෂ අටදහස් පන්සිය දහදෙනකු ඉන්දියාවෙන් පැමිණ ඇත. බි්‍රතාන්‍ය ජාතිකයන් හැත්තෑඅටදහස් අටසිය විසිහත්දෙනකු ද, රුසියානු ජාතිකයන් හැත්තෑහතරදහස් හත්සිය දහතුන්දෙනකු ද පැමිණ ඇත. ඉති... |
"සපුගස්කන්ද හෙට වැඩ අරඹයි" | "සපුගස්කන්ද පිරිපහදුව හෙට (16 දා) සිට නැවත නිෂ්පාදන කටයුතු ආරම්භ කිරීමට අවශ්‍ය සියලු පියවර ගනිමින් සිටින බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසයි. ආනයනික බොරතෙල් නොමැතිව දින ගණනාවක් සපුගස්කන්ද පිරිපහදුව නිෂ්පාදන කටයුතුවලින් බැහැරව තිබිණි. මේ අනුව බර්බන් නමැති ආනයනික බොරතෙල් මෙටි්‍රක් ටොන් 90,000 ක් රැගත් නැව කොළඹට සේන්දු... |
"විසුරුවා ඇති පළාත් සභාවල ඇතැම් ආණ්ඩුකාරවරු හා නිලධාරීන් ඉහගෙනම කාලා" | "විදුලි – ජල බිල් හා ගෑසුත් පළාත් සභා අරමුදලින් අරන් විසුරුවාහැර තිබෙන පළාත් සභාවල ඇතැම් ආණ්ඩුකාරවරුන් සහ ප්‍රධාන ලේකම්වරුන් ඇතුළු නිලධාරීන්, ඔවුන්ට රජයෙන් ලබාදී තිබෙන ිනිවාසවල විදුලි බිල, ජල බිල පමණක් නොව ඉවුම් පිහුම් සඳහා භාවිත කරන ගෘහස්ථ ගෑස් සිලින්ඩර මිලදී ගැනීමට ද පළාත් සභා අරමුදල් වැය කරන බව රජයේ විගණනයේදී තහවුරු... |
"උපාය මාර්ගික ආර්ථික මර්මස්ථාන විකුණන් කෑමට නව ජනපතිට ජනවරමක් ලැබී නෑ – උත්තර ලංකා සභාගයේ සභාපති විමල් වීරවංශ" | "හිටපු ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ජනවරම ලැබුණේ ‘සෞභාග්‍යයේ දැක්ම’ ප්‍රතිපත්ති ප්‍රකාශය ක්‍රියාත්මක කිරීමට මිස ‘විදුලිබල මණ්ඩලය 8ට කඩා විකිණීමට’ නොවන බවත් ඒ ජනවරම අනුව, පත් කළ ජනපති රනිල් වික්‍රමසිංහ මහතාට එවැනි උපාය මාර්ගික වශයෙන් වැදගත් ආර්ථික මර්මස්ථාන විකුණන් කෑමට කිසිසේත්ම වරමක් ලැබී නැති බවත් උත්තර ලංකා සභාගයේ සභා... |
"මුදලිගේ යළි රිමාන්ඩ්" | "අරගලයට දහස් ගණනක් ආවත් සැකකරු ගැන පමණක් විමර්ශන කිරීම සුදුසුද? – මහෙස්ත්‍රාත් අසයිසාමකාමී අරගලයට ප්‍රචණ්ඩත්වය මුසුකළේ පෙරටුගාමීන් සහ අන්තරේමෝටිවේෂන් අප්පච්චි ප්‍රකාශ දී තිබෙනවා – නි.සොලිසිටර් ජනරාල් දිලීප පීරිස්තමන් අකැමැති පුද්ගලයන් රජය දිගටම රිමාන්ඩ් කරන්න හදනවා – ජනාධිපති නීතීඥ සාලිය පීරිස් අන්තර් විශ්වවිද්‍යාල ශිෂ... |
"හිටපු උප කුලපති හා ගැටුණු පේරාදෙණියේ 10 ක් රිමාන්ඩ්" | "පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ හිටපු උපකුලපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අතුල සේනාරත්න මහතාටත් ඒ මහතාගේ පුතා ඇතුළු පවුලේ උදවියටත් පහර දී නිල නිවසට හානි කිරීමේ සිද්ධියට සම්බන්ධ බවට සැකපිට අත්අඩංගුවට ගත් කලා පීඨයේ සිසුන් දහදෙනා දෙසැම්බර් මස 22 වැනි දින තෙක් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස මහනුවර ප්‍රධාන මහෙස්ත්‍රාත් ශ්‍රීනිත් විජේසේකර මහත... |
"වකුගඩු ජාවාරම් චෝදනා ගැන ඕනෑම පරීක්‍ෂණයකට සූදානම් – බොරැල්ලේ රෝහලෙන් නිවේදනයක්" | "වකුගඩු ජාවාරමකට සම්බන්ධ බවට චෝදනා එල්ල වී ඇති බොරැල්ල පෞද්ගලික රෝහල ඕනෑම නීත්‍යනුකූල පරීක්‍ෂණයකට පූර්ණ සහාය ලබාදෙන බව එම රෝහල නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී. එමෙන්ම වෘෂණ බද්ධය සඳහා මුදල් දෙන පොරොන්දුව වැනි මාධ්‍ය වාර්තා අසත්‍ය බව ද එම රෝහලේ සභාපති මහාචාර්ය එම්. එච්. රිෂ්වි ෂෙරිෆ් මහතා කියා සිටී. ඔහුගේ අත්සනින් නිකු... |
"අපරාදෙ කාලය හා වියදම: ප්‍රශ්න ඇසූ මන්ත්‍රීවරුවරුත් නෑ පිළිතුරු දෙන්න ඇමැතිවරුත් නෑ" | "මන්ත්‍රීවරු විසින් වාචික පිළිතුරු අපේක්ෂාවෙන් විමසූ ප්‍රශ්න සඳහා පිළිතුරු දීමට විෂයභාර ඇමැතිවරු මෙන්ම ප්‍රශ්න විමසූ ඇතැම් මන්ත්‍රීවරුද ඊයේ (13) පාර්ලිමේන්තු නොපැමිණීමෙන් දෙපාර්ශවය අතර මතබේදාත්මක තත්ත්වයක් ඇති විය. මීට පෙර මන්ත්‍රීවරු විමසූ එහෙත් පිළිතුරු ලබා ගැනීමට නොහැකි වූ ප්‍රශ්න 49ක් විමසීම සඳහා පාර්ලිමේන්තු විශේෂ... |
"ශාස්ත්‍ර පීඨයේ ආචාර්යවරු ඉගැන්වීමෙන් ඉවත් වෙති" | "පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍ර පීඨයේ ආචාර්ය මණ්ඩලය අද (14දා) සිට 18 වැනිදා දක්වා දින හතරක් ඉගැන්වීම් කටයුතු වලින් ඉවත් වන බවට ශාස්ත්‍ර පීඨයේ ආචාර්ය මණ්ඩල වෘත්තීය සමිතිය තීරණය කර ඇතැයි මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය උපකුලපති ටෙරන්ස් මධුජිත් මහතා පවසයි. ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අතුල සේනාරත්න මහතාට සහ ඒ මහතාගේ පවුලේ සාමාජිකයන්ට ප... |
"පාස්කු ප්‍රහාරයේ වගකීමෙන් මෛත්‍රීට බේරෙන්න බැහැ – ආරක්ෂක රාජ්‍ය ඇමැති" | "පාස්කු ප්‍රහාරයේ වගකීමෙන් හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාට නිදහස් විය නොහැකි බව ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (13දා) පැවසීය. හෙතෙම එසේ පැවසුවේ සමගි ජනබලවේගය මන්ත්‍රී තුෂාර ඉඳුනිල් අමරසේන මහතා වාචික පිළිතුරු අපේක්ෂාවෙන් විමසා තිබූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි. එහිදී මතුවූ... |
"ඩුබායි සිට එද්දී ඇල්ලූ කොල්ලුපිටිය මාරක අනතුරේ රියැදුරු රිමාන්ඩ්" | "පසුගිය 10 වැනිදා අලුයම කොල්ලුපිටිය ප්‍රදේශයේදී ත්‍රිරෝද රථ රියැදුරකු මරණයට පත් කළ රිය අනතුර සිදු කළ මෝටර් රථයේ රියැදුරු ලබන 16 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ රථ වාහන මහෙස්ත්‍රාත් අධිකරණයේ අතිරේක මහෙස්ත්‍රාත් වයි. ප්‍රභාකරන් මහතා ඊයේ (13 දා) නියෝග කළේය. අනතුර සිදු වූ දිනම උදෑසන ඩුබායි රාජ්‍යයට පලා ගොස් සිට... |
""පේරාදෙණිය හිටපු උපකුලපතිට පහර දීමට ජවිපෙ, පෙරටුගාමී සහ මහා ශිෂ්‍ය සංගමය සම්බන්ධයි – එස්. බී. මැතිසබයේදී කියයි"" | "පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ උපකුලපතිවරයාට පහරදීමේ සිද්ධියට ජනතා විමුක්ති පෙරමුණ, පෙරටුගාමී ශිෂ්‍ය සංවිධානය සහ මහා ශිෂ්‍ය සංගමයේ සභාපතිවරයා සම්බන්ධ බවට නුවරඑළිය දිස්ත්‍රික් මන්ත්‍රී එස්. බී. දිසානායක මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (13දා) චෝදනා කළේය. එහිදී මන්ත්‍රීවරයා වැඩිදුරටත් මෙසේ ද පැවසීය. “ඉතාම අවාසනාවන්ත සිද්ධියක් පේරාද... |
""හම්බන්තොටින් හමුවූ ලොව පැරණි දියබත් නැව සංරක්‍ෂණයට ඇමරිකාවෙන් ඩොලර් 82,900 ක්"" | "හම්බන්තොට, ගොඩවාය ප්‍රදේශයෙන් සොයාගෙන ඇති දකුණු ආසියාවේ පැරණිම මුහුදුබත් නෞකාව සංරක්‍ෂණය සහ එහි කෞතුක වස්තු ලේඛනගත කිරීම සඳහා සංස්කෘතික උරුමයන් සංරක්‍ෂණය සඳහා වන එක්සත් ජනපද තානාපති අරමුදල මගින් ශ්‍රී ලංකාවේ මධ්‍යම සංස්කෘතික අරමුදලට ඇමෙරිකානු ඩොලර් 82900 ක් ප්‍රදානයක් කර ඇත. මෙම ප්‍රදානය එක්සත් ජනපද තානාපතිනී ජූලි චංග... |
"ජීවත් වෙන කෙටි කාලය තුළ අප යුක්තිගරුකව ජීවත් වෙමු" | "තම හෘද සාක්ෂියට අනූව ජීවත් වීමේ වැදගත්කම ක්‍රිස්තුස් වහන්සේ අපට පෙන්වාදුන් බව කොළඹ අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල් තුමා ප්‍රකාශ කළේය. මේ අනූව යුක්ති ගරුකව සාධාරණව අප ජීවත් විය යුතුව බවද, ක්‍රිස්තුස් වහන්සේ මේ ලෝකයට පැමිණියේ අප ජීවිත ආලෝකමත් කිරීමට යැයි ද කාදිනල්තුමා සඳහන් කළේය. කාදිනල්තුමා එසේ ප්‍රකාශ කළේ කොළඹ අලුත්කඩ... |
"ආදරණීය හඬ නිහාල් නිහඬ වෙයි" | "ලස්සනට පිපුණු වන මල් මැදින් ගුණෙ අයියාගේ කාමරයට කතා කළ… කරුණා සුවඳ තවරාලූ හද පියුමේ…. පන්සල පල්ලිය කෝවිල හැම තැන දැල්වෙන්නේ එක පහන් සිලයි…. කිරි දුන්නේ දරුවන්ටයි සිරුරෙන් ඈගේ…. පත්තරවල විස්තර ගොඩ ඇස් ඇරගෙන තත්පරයට අපි කියවනවා…. දශක හතකට ආසන්න කාලයක් රසිකයන් අමන්දානන්දයට පත්කරමින් හෙළ ගී ලොව ජයකෙහෙළි නැංවූ ආදරණීය ගායක ... |
"ලබන මහ කන්නයේ සිට රජයෙන් පෝර නෑ මුදල් දෙනවා – ඇමැති අමරවීර" | "ලබන වසරේ (2023) මාස් කන්නයේ සිට ගොවීන්ට රජයෙන් පොහොර ලබාදීමෙන් ඉවත් වීමට කෘෂිකර්ම අමාත්‍යාංශය තීරණ කර ඇතැයි කෘෂිකර්ම හා වනජීවී ඇමැති මහින්ද අමරවීර මහතා “දිවයින”ට ඊයේ (13 දා) පැවසීය. රජය මගින් පොහොර ගෙන්වා බෙදාදීමේදී ගුදම් ගාස්තු, ප්‍රවාහනය ඇතුළු වියදම් සඳහා විශාල මුදලක් වැයවන බවත් එම වැයවන මුදල ගොවීන්ට ලබාදී පෞද්ගලික ... |
""දෙසැම්බර් පළමු සතියේ විදෙස් සංචාරකයෝ 16,169 ක් ලංකාවට ඇවිත්"" | "මේ වසරේ (2022) දෙසැම්බර් පළමු සතිය තුළ විදෙස් සංචාරකයන් 16169 ක් ශ්‍රී ලංකාවට පැමිණ ඇත. මෙම දින හතෙන් දෙසැම්බර් 06 වැනිදා හැරෙන්නට සෙසු සෑම දිනයකම 2000 ඉක්මවූ සංචාරකයන් සංඛ්‍යාවක් මෙරටට පැමිණ ඇති අතර දෙසැම්බර් 01, 02 සහ 03 යන දිනවල එක් එක් දිනයේ පැමිණි සංචාරකයන් ප්‍රමාණය 2500 සීමාව ඉක්මවා තිබෙන බව සංචාරක සංවර්ධන අධිකා... |
"තාවකාලික බලපත් ඇති ලක්‍ෂ 6කට ලයිසන් එක තැපෑලෙන් ගෙදරට" | "තාවකාලික රියැදුරු බලපත්‍ර ලබාගෙන සිටින ලක්‍ෂ 6 ක් පමණ වන පුද්ගලයන්ට රියදුරු බලපත්‍ර කාඩ්පත මුද්‍රණය කර තැපැල් මාර්ගයෙන් යැවීමට කටයුතු ආරම්භ කළ බව මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් නිශාන්ත වීරසිංහ මහතා ඊයේ (13 දා) පැවසීය. ආනයනය කළ රියැදුරු බලපත්‍ර මාස ගණනක් තිස්සේ දෙපාර්තමේන්තුවේ නොතිබීම නිසා තාවකාලික වලංගු බලපත්‍රයක්... |
"සරසවියට කුඩු එනවද? ජනපති අණින් විමර්ශන" | "විශ්වවිද්‍යාල පද්ධතිය තුළට විශාල වශයෙන් මත්ද්‍රව්‍ය පැමිණීම පිළිබඳ පුළුල් පරීක්‍ෂණයක් සිදුකරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ආරක්‍ෂක අංශවලට උපදෙස් දී තිබේ. ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් විශ්වවිiාල පද්ධතිය සම්බන්ධයෙන් පැවැති කැබිනට් හමුවේදී මේ සම්බන්ධයෙන් සාකච්ඡා කර අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනාධිපතිවරයා උපදෙස... |
"උමාඔයෙන් ලබන ජුනියේ ජාතික පද්ධතියට මෙගාවොට් 120 ක්" | "උමාඔය ව්‍යාපෘතිය මගින් ලබන ජුනි මාසය වනවිට මෙගාවොට් 120 ක් ජාතික විදුලි පද්ධතියට එක්කෙරෙන බව විදුලිබල සහ බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි. ඉරාන රජයේ ෆරාබ් ඉදිකිරීම් හා ඉංජිනේරු ආයතනය මගින් මෙම සංවර්ධන කටයුතු සිදුකරන අතර එහි ඉදිකිරීම් ලබන අප්‍රේල් වනවිට අවසන් කිරීමට නියමිතය. ඒ අනුව එළැඹෙන ජුනි මස සිට සම්පූර්ණ ධ... |
"පාර්ලිමේන්තු නිලධාරීන්ගේ විශ්‍රාම ගැන්වීමේ කාලය වසරකින් දීර්ඝ කිරීමට විපක්ෂ නායක කළ ඉල්ලීම මුදල් රාජ්‍ය ඇමැති ප්‍රතික්ෂේප කරයි" | "පාර්ලිමේන්තු නිලධාරීන්ගේ විශ්‍රාම ගැන්වීමේ කාලය තවත් වසරකින් දීර්ඝ කරන්නැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කළ ඉල්ලීම මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (13) දැඩි ලෙස ප්‍රතික්ෂේප කළේය. රාජ්‍ය ඇමැති සියඹලාපිටිය මහතා මෙසේ පැවසුවේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තු සේවකයන්ගේ විශ... |
"සිරිධම්ම හිමි නඩුවේදී දේශබන්ධු වෙනුවෙන් පෙනී සිටින්නේ නෑ – නීතිපති ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දෙයි" | "අන්තර් විශ්වවිද්‍යාල භික්ෂු ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු ගල්වල සිරිධම්ම හිමියන් විසින් ගොනු කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සමේ වගඋත්තරකරුවකු ලෙස නම් කර සිටින බස්නාහිර පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා වෙනුවෙන් මෙම අවස්ථාවේදී පෙනී සිටීමට උපදෙස් ලැබී නොමැති බවත් ඔහු වෙනුවෙන් පෙනී සිටීම සම්බන්ධ... |
"පේරාදෙණියේ හිටපු උපකුලපතිට පහර දුන් සිසුන් 12කගේ ශිෂ්‍යභාවය අහෝසියි" | "හිටපු උපකුලපති අතුල සහ පුත්‍රයා පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ හිටපු උපකුලපති භූ විද්‍යා ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අතුල සේනාරත්න මහතාට සහ ඔහුගේ පුත්‍රයාට අමානුෂික ලෙස පහරදී දේපොළවලට හානි කළ විශ්වවිද්‍යාල ශිෂ්‍යයන් සියලු දෙනා මේ වන විට හඳුනාගෙන ඇති අතර ඔවුන්ට එරෙහිව දැඩි නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරන බව මධ්‍යම පළාත භාර ජ්‍ය... |
"ත්‍රස්ත පනතට ගැනෙන වැරදි කිසිවක් හෙළි වී නෑ – මුදලිගේ පිළිබඳ විමර්ශන රජය හිතාමතා ප්‍රමාද කරනවා" | "නීතිපතිවරයාගේ උපදෙස් ලැබෙන තෙක් අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ අද (13 දා) දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් තරංගා මහවත්ත මහත්මිය ඊයේ (12 දා) නියෝග කළාය. නීතිපතිවරයා විසින් පෙර නඩු දිනයේදී කරන ලද ඉල්ලීමක් අනුව එම නඩුව ඊයේ විවෘත අධිකරණය හමුවේදී කැඳවූ අතර ව... |
"අලියයි පොහොට්ටුවයි දීගයට සූදානම් – නිල නොවන සාකච්ඡා අවසන්" | "රටේ උන්නතිය වෙනුවෙන් පක්‍ෂ දෙකේම ප්‍රතිපත්තිවලට හානියක් ඇති නොවන පරිදි එක්සත් ජාතික පක්‍ෂය සමඟ සන්ධානගත වීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සූදානම් බව එම පක්‍ෂයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ සාගර කාරියවසම් මහතා පැවසීය. ඒ සඳහා මෙතෙක් නිල වශයෙන් සාකච්ඡා කර නැතත් නිල නොවන මට්ටමින් සාකච්ඡා කිහිපයක් පවත්වා අවසන් බවද ඒ මහ... |
"වසර තුනකට පසු චෙන්නායි සිට ගුවන් යානයක් පලාලි එයි" | "චෙන්නායි සිට යාපනය දක්වා මගී ගුවන් යානයක් ඊයේ (12දා) උදෑසන පැමිණීමෙන් පසුව පලාලි ජාත්‍යන්තර ගුවන්තොටුපළේ ගුවන් සේවා කටයුතු වසර තුනකට පසුව ඊයේ සිට නැවත ආරම්භ කෙරිණ. මේ අනුව සතියට දින තුනක් චෙන්නායි සිට යාපනයටත්, යාපනයේ සිට චෙන්නායි දක්වාත් ගුවන් ගමන් සිදු කෙරෙනු ඇත. කොරෝනා වසංගත තත්ත්වය හා පලාලි ගුවන්තොටුපළ සංවර්ධන කටය... |
""ඉඩම්, පොලිස් බලතල සමග පළාත් සභා පනත මුළුමනින්ම ඕනෑ – ටී එන් ඒ රජයෙන් ඉල්ලයි"" | "ඉඩම් සහ පොලිස් බලතල සහිත පළාත් සභා පනත මුළුමනින්ම ක්‍රියාත්මක කරන ලෙස ද්‍රවිඩ සන්ධානය රජයෙන් ඉල්ලා ඇත. රජයේ සහජීවන වැඩපිළිවෙළ සාර්ථක වීමට නම් එම පනත සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක කළ යුතු බව ද්‍රවිඩ සන්ධානය තවදුරටත් දන්වා තිබේ. මෙම සහජීවන වැඩපිළිවෙළ ඉදිරියට ගෙන යෑමට ජනාධිපති කාර්යාලය තුළ විශේෂ කාර්යාංශයක් ද, උතුරේ ජනතාවගේ ... |
"ලෝකයේ හොරකම් කරන රටවල් දහයට ලංකාවත් අයත්" | "රටක් හදන්න පැහැදිලි දර්ශනයක් සහිත ආණ්ඩුවක් තිබිය යුතු බවත් ලෝකයේ වැඩියෙන්ම හොරකම් කරන රටවල් 10 අතර ලංකාවත් එක් රටක් බවත් හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මිය කුරුණෑගලදී පැවසුවාය. නව ලංකා නිදහස් පක්ෂය අනාගතයට වෙනසක් දේශපාලන වැඩසටහන යටතේ කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජයරත්න හේරත් මහතා සංවිධානය කළ... |
"ලෝකයේ හොරකම් කරන රටවල් දහයට ලංකාවත් අයත්" | "රටක් හදන්න පැහැදිලි දර්ශනයක් සහිත ආණ්ඩුවක් තිබිය යුතු බවත් ලෝකයේ වැඩියෙන්ම හොරකම් කරන රටවල් 10 අතර ලංකාවත් එක් රටක් බවත් හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මිය කුරුණෑගලදී පැවසුවාය. නව ලංකා නිදහස් පක්ෂය අනාගතයට වෙනසක් දේශපාලන වැඩසටහන යටතේ කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජයරත්න හේරත් මහතා සංවිධානය කළ... |
"සනත් නිශාන්තට එරෙහි චෝදනා පත්‍රයක් සකසන්න ජන. 17 තෙක් කල්දෙයි" | "අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත පෙරේරා මහතාට චෝදනා පත්‍රයක් කෙටුම්පත් කරන ලෙස අභියාචනාධිකරණය ඊයේ (12දා) නීතිපතිවරයාට නියෝග කළේය. එකී චෝදනා පත්‍රය කෙටුම්පත් කිරීමේ කටයුතු මේ වන විටත් ආරම්භ කොට ඇති බවත් ඉතිරි කටයුතු අවසන් කිරීමට කල් ලබාදෙන ලෙසත් නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසි... |
"කෘෂිකර්මයේ ආයතන 8 ක් 4 ට බස්සනවා – සභාපතිලා 4 ක් හා තනතුරු 50% ක් අඩුවෙනවා" | "ඇමැති අමරවීර කියයි දේශපාලනමය වශයෙන් තමාට අවාසියක් වුවත් කෘෂිකර්ම අමාත්‍යාංශය යටතේ පවතින ආයතන 8 ක් ආයතන 4 ක් බවට පත්කිරීමට කටයුතු කරන බව කෘෂිකර්ම හා වනජීවී ඇමැති මහින්ද අමරවීර මහතා පැවසීය. මෙම ආයතන 8 ට මේ වන විට සභාපතිවරුන් 8 දෙනකු ඇතුළු තනතුරුද ඇති බවත් ආයතන 4 ක් කිරීමේදී සභාපතිවරුන් 4 ක් ඇතුළු සියයට 50ක් තනතුරු අඩුවන... |
"දුම්රිය අධිකාරියක් කළොත් නොදන්වාම වෘත්තීය ක්‍රියාමාර්ගවලට – වෘත්තීය සමිති ඇමැතිට දන්වයි" | "ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය විනාශ කර ඇති ආකාරයටම දුම්රිය සේවය විනාශ කරලීමට දුම්රිය දෙපාර්තමේන්තුව ‘අධිකාරියක්’ බවට පත් කළහොත් කිසිදු දැනුම් දීමකින් තොරව වෘත්තීය ක්‍රියාමාර්ගවලට එළඹෙන බව දුම්රිය වෘත්තීය සමිති සන්ධානය ලිපියක් මගින් ඊයේ (12 දා) ප්‍රවාහන ඇමැතිවරයාට දැනුම් දී තිබේ. දුම්රිය අධිකාරිය පිහිටුවා, වරාය අධිකාරිය මෙ... |
"පාසල් කැන්ටිමේ මත්කුඩු සිද්ධියේ කත නිදහස්" | "ගම්පහ බුත්පිටිය මහා විද්‍යාලයේ ආපන ශාලාවේ මත් කරල් 38 ක් සහ අයිස් මත්ද්‍රව්‍ය පැකට් 7 ක් සඟවා තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණ රැඳවුම් නියෝග මත ඉකුත් 05 වැනිදා සිට මල්වතුහිරිපිටිය පොලිසියේ රඳවා තබාගෙන සිටි එම ආපනශාලාව පවත්වාගෙන ගිය කාන්තාව ගම්පහ අතිරේක මහෙස්ත්‍රාත් ආර්. එස්. එම්. මහේන්ද්‍රරාජා මහතා විසින් ඊයේ (12දා) ... |
"ත්‍රස්ත මර්දන පනත වෙනස් වෙයි? – රජයෙන් ඇමරිකාවට ප්‍රතිඥාවක්" | "ත්‍රස්ත මර්දන පනත වෙනස් කරන බවට ශ්‍රී ලංකා රජය ඇමරිකානු රාජ්‍ය ලේකම් ඇන්තනි බ්ලින්කන් වෙත ප්‍රතිඥා දී ඇත. විදේශ කටයුතු ඇමැති අලි සබ්රි මහතා ඇමරිකානු රාජ්‍ය ලේකම් හමුවූ අවස්ථාවේ මේ බව දන්වා ඇතැයි වාර්තා වේ. එසේම විදේශ හමුදා යාත්‍රා ශ්‍රී ලංකාවට පැමිණීමේදී නව ක්‍රියාමාර්ගයන් ගැනීමේ වැඩපිළිවෙළක් නීතිපතිවරයා විසින් සකස් ක... |
"විදේශ මුදල් මාරු කිරීමේ බලපත්‍රයක් අවලංගු කරයි" | "විදේශ මුදල් මාරු කිරීම සඳහා ප්‍රසන්න මනි එක්ස්චේන්ජ් පෞද්ගලික සමාගමට ලබා දී තිබූ බලපත්‍රය අවලංගු කළ බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි. ප්‍රසන්න මනි එක්ස්චේන්ජ් පුද්ගලික සමාගමට බලයලත් විදේශ මුදල් හුවමාරු කරන්නකු ලෙස විදේශ මුදල් මාරු කිරීමට තවදුරටත් අවසර නොමැති අතර ප්‍රසන්න මනි එක්ස්චේන්ජ් පුද්ගලික සමාගම සමඟ විදේශ මුදල් මිල... |
"රන්කාසි ගන්නා ඒටීඑම් යන්ත්‍රයක් හයිද්‍රාබාද්හිදී විවෘත වෙයි" | "රන්කාසි ලබාගත හැකි ලොව ප්‍රථම ඒටීඑම් යන්ත්‍රය ඉන්දියාවේ හයිද්‍රාබාද් නගරයේදී විවෘත කර ඇත. කැරට් 24 රන්කාසි මේ යන්ත්‍රය හරහා ලබාගත හැකිය. ක්‍රෙඩිට් හෝ ඩෙබිට් කාඩ් උපයෝගී කරගෙන මෙම යන්ත්‍රය හරහා පැය 24 පුරාම රන්කාසි ලබාගත හැකිවේ.චතුර පමුණුව" |
"කාන්තාවගෙන් පළිගන්න ගම්පහ පාසලේ කැන්ටිමේ කුඩු හංගලා" | "ගම්පහ මල්වතුහිරිපිටිය බුත්පිටිය මහා විද්‍යාලයේ ආපනශාලාවේ සඟවා තිබියදී සොයාගත් අයිස් මත්ද්‍රව්‍ය සහ මත් කරල් එම ආපනශාලාව පවත්වාගෙන ගිය කාන්තාව අමාරුවේ දැමීමට සංවිධානාත්මක කණ්ඩායමක් විසින් සිදුකළ සැලසුමක් බව හෙළිකරගත් පොලිසිය ඊට සම්බන්ධ වෛද්‍යවරයකු ඇතුළු පුද්ගලයන් 06 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත. මෙම මත්ද්‍රව්‍ය සිද්ධියට කි... |
"කොළඹ සරසවියේ නීති පීඨයේදී ජනපතිට හරසර සහ විරෝධයක්" | "විධායක ජනාධිපති ධුරයට පත් රනිල් වික්‍රමසිංහ මහතා පෙරේදා (10දා) ආදි සිසුවකු ලෙස ප්‍රථම වරට කොළඹ සරසවියේ නීති පීඨයට පැමිණි අවස්ථාවේ උණුසුම් පිළිගැනීමකට මෙන්ම සිසුන් පිරිසකගේ හූ සංග්‍රහයකටද ලක්විය. කොළඹ විශ්වවිද්‍යාලයේ 75 වැනි සංවත්සරය වෙනුවෙන් සංවිධානය කර තිබූ ඊ්ජන එද එයැ ත්‍්ජමකඑහ දf ක්අ – ක්අ f්ජමකඑහ වැඩසටහනට සහභාගීවී... |
"කොල්ලුපිටියේදී සැපරිය ඉගිල්ලී ත්‍රිරෝදයේ රියැදුරු එතැනම මරුට" | "කොල්ලුපිටිය ප්‍රදේශයේදී සුඛෝපභෝගී මෝටර් රථයක් සහ ත්‍රිරෝද රථයක් ගැටීමෙන් සිදුවූ මාරක රිය අනතුරකින් ත්‍රිරෝද රථයේ රියදුරු එම ස්ථානයේදීම මරුමුවට පත්වූ අතර, එහිදී ප්‍රකෝපයට පත් කාන්තාවන් දෙදෙනකු විසින් මෝටර් රථයේ සිටි කාන්තාවන් දෙදෙනකුට ඉතා අමානුෂික ලෙස පහරදීම නිසා තුවාල ලැබූ එම කතුන් දෙදෙනා ජාතික රෝහලට ඇතුළත් කර ඇතැයි ක... |
"හේලීස් වැවිලි සමාගම් සම්මාන ත්‍රිත්වයකින් පිදුම් ලබයි" | "පළමු වරට පවත්වන ලද CA Sri Lanka TAGS සම්මාන උළෙලේදී හේලීස් වැවිලි සමාගම් සම්මාන ත්‍රිත්වයකින් පිදුම් ලැබීමට සමත් විය. මෙම සම්මාන උළෙලේදී හේලීස් වැවිලි සමාගම් වෙත විනිවිදභාවය, වගවීම, පාලනය හා තිරසාරත්වය උදෙසා පිරිනැමෙන සම්මාන ත්‍රිත්වයම හිමිවීම විශේෂත්වයකි. මෙම සම්මාන ත්‍රිත්වය හිමිවීම හේලීස් වැවිලි සමාගම් සිය මානව සම්... |
"නීතිය අතට ගන්නා පුද්ගලයන් වහාම උසාවි ගේන්න – ඇමැති ටිරාන්ගෙන් පොලිසියට උපදෙස්" | "සැකකරුවන් පොලිසියට ඉදිරිපත් නොකර නීතිය අතට ගන්නා සාමාන්‍ය පුද්ගලයන් වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස තමා සියලුම පොලිස් නිලධාරීන් දැනුවත් කළ බව මහජන ආරක්‍ෂක ඇමැති ටිරාන් අලස් මහතා ‘දිවයින’ ට ඊයේ (11දා) පැවැසීය. රිය අනතුරකින් ත්‍රිරෝද රියදුරකු මරුමුවට පත්වීමෙන් පසු අනතුරට ලක්කළ වාහනයේ සිටි කාන්තාවකට ඉතා අමා... |
"ජනමාධ්‍ය සම්මාන රාත්‍රිය හෙට" | "ශ්‍රී ලංකා කර්තෘ සංසදය මෙහෙයවීමෙන් 23 වැනි වරටත් පවත්වන ජනමාධ්‍ය විශිෂ්ටතා සම්මාන උළෙලත් ඒ අවසානයේ කූඨප්‍රාප්තියට පත්වන සම්මාන රාත්‍රියත් දෙසැම්බර් 13 වැනිදා (හෙට) ගල්කිස්ස හෝටලයේ එම්පයර් බෝල්රූම් ශාලාවේදී පැවැත්වෙයි. ශ්‍රී ලංකා පුවත්පත් ආයතනය හා ඊට සම්බන්ධ වෘත්තීය සමිති, ශ්‍රී ලංකා පුවත්පත් සංගමය, නිදහස් මාධ්‍ය ව්‍යා... |
"වායු දූෂණය පහළට – ශ්‍රී ලංකාවේ වායු තත්ත්වය ඊයේ යහපත් මට්ටමට" | "ශ්‍රී ලංකාවට බලපෑ වායු ගෝලයේ දූෂණ මට්ටම ඊයේ (11දා) පහළ ගොස් තිබිණි. ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ පාරිසරික අධ්‍යයන හා සේවා අංශය ඊයේ පෙරවරුවේ නිකුත් කළ දත්තවලට අනුව මෙරට වායු තත්ත්ව දර්ශකය පෙරේදා (10දා) දිනයට සාපේක්ෂව ඊයේ පහළ ගොස් තිබිණි. ඊයේ උදෑසන 8 වන විට කොළඹ දිස්ත්‍රික්කයේ වායු තත්ත්ව දර්ශකය 123 ක් දක්වා පහළ යෑමත් සමග එ... |
"චෙන්නායි – පලාලි ගුවන් ගමන් අද සිට" | "චෙන්නායි සිට පලාලි දක්වා ගුවන් ගමන් අද (12දා) සිට ආරම්භ වේ. සඳුදා, අඟහරුවාදා, සෙනසුරාදා දිනවල චෙන්නායි සිට යාපනය දක්වාත් යාපනය සිට චෙන්නායි දක්වාත් ගුවන් ගමන් සිදු කෙරෙනු ඇත. අලයාන්ස් ගුවන් සමාගම විසින් මෙම සේවා ක්‍රියාත්මක කරනු ඇත. චෙන්නායි යාපනය ගුවන් ගමන් ආරම්භ වන්නේ වසර තුනකට පසුවය.චතුර පමුණුව" |
"උද්ඝෝෂණ පෙළපාලිවලින් රට යළි අරාජික වෙනවා – එජාප සභාපති වජිර" | "උද්ඝෝෂණ, පෙළපාලිවලින් ආණ්ඩු බලය ලබාගත නොහැකි බවත්, ඉන් සිදුවන්නේ නැවත රට අරාජිකත්වය කරා ගමන් කිරීම බවත් එක්සත් ජාතික පක්‍ෂ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා පැවැසීය. ඇතැම් අය මෙවර ඉදිරිපත් කළ අයවැය විවේචනය කළත් බංකොළොත් කළ රටක් නැවත නඟාසිටුවීම සඳහා ඉදිරිපත් කළ සුදුසුම අයවැයක් ලෙස මෙය දැකිය හැකි බවද 2023... |
"සෝම හිමි 19 වැනි ගුණ සමරුව අද" | "ගංගොඩවිල සෝම හිමියන්ගේ 19 වැනි ගුණ සමරුව අදට (12දාට) යෙදී ඇත. සෝම හිමියන්ගේ ගුණ සැමරීම නිමිත්තෙන් දිවයින පුරා පින්කම් හා ගුණසමරු වැඩසටහන් සංවිධානය කර ඇත. ගංගොඩවිල සෝම හිමියෝ ධර්ම දේශකයකු හා සමාජ ශෝධකයකු වශයෙන් පමණක් නොව අපගේ මාතෘ භූමියේ සහ සිංහල ජාතියේ ආරක්ෂාව වෙනුවෙන් කටයුතු කළ සිල්වත්, ගුණවත් භික්ෂූන් වහන්සේ නමකි. උ... |
"නිවට බියගුළු බලවේග කුමන්ත්‍රණය කළත් සමගි ජනබලවේගය විනාශ කිරීමට කිසිම ජගතෙකුට බෑ" | "විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස සජබ වාර්ෂික සමුළුවේදී කියයි නිවට ප්‍රතිගාමී කුජීත, පජාත බියගුළු බලවේග සතර අතේ සමගි ජනබලවේගය විනාශ කරදැමීමට කුමන්ත්‍රණය කරමින් සිටින බවත්, රණසිංහ ප්‍රේමදාසගේ පුත්‍රයා වන සජිත් ප්‍රේමදාස ජීවත්ව සිටිනා තුරු එවැනි දෙයක් සිදුවීමට කිසිසේත්ම ඉඩ නොතබන බව සමගි ජනබලවේගයේ නායක, විපක්‍ෂ නායක සජිත් ප්... |
"ශීතලෙන් මියගියා යැයි පැවසූ දරුවන් දෙදෙනාගෙන් අයෙක් මියගොස් ඇත්තේ මොළයට විෂබීජයක් යෑමෙන්" | "දරුවන් දෙදෙනකු ඉකුත් 9 වැනිදා ජීවිතක්ෂයට පත්වූයේ අධික ශීතල නිසා යැයි තමන් විශ්වාස කරන බව දරුවන්ගේ දෙමාපියන් පවසන අතර ඒ වනවිටත් ඔවුන් සුළු අසනීප තත්ත්වයකින්ද පසුවූ බවද කියා සිටී. කන්තලේ පේරාතුවලී හා ඊට යාබද රජඇල ප්‍රදේශවල වයස අවුරුදු 3 ක හා මාස 2 හමාරක දරුවන් දෙදෙනකු මෙසේ අවාසනාවන්ත ලෙස මරණයන්ට ගොදුරුව ඇත. කෙසේ වුවද පො... |
"හමුදා නිලධාරීන් අතේ ටී 56ට අමතරව ලී පොලුද තිබුණා – උද්ඝෝෂකයින්ගෙන් කිසිඳු ප්‍රචණ්ඩ ක්‍රියාවක් සිදු වූයේ නෑ" | "උද්ඝෝෂණයේ යෙදී සිටි පිරිස අසලට යුධ හමුදා කණ්ඩායමක් සමඟ අරුණ දේශප්‍රිය ගුණවර්ධන මහතා පැමිණියා. එම හමුදා නිලධාරීන් අතර කොමිෂන් ලත් නිලධාරීන් හිටියාද කියා මට මතක නෑ. එම හමුදා නිලධාරීන් අතර ටී 56 තුවක්කුවලට අමතරව ලී පොලුද තිබුණා…යැයි පිරිසුදු පානීය ජලය ඉල්ලා ගම්පහ, රතුපස්වල අවට ජනයා වැලිවේරිය නගරයේදී සිදුකළ උද්ඝෝෂණයට යුද... |
"විදුලි බිල ඉස්සීම පිටුපස නාස්තිකාර පුත්‍රයෝ!" | "ලංකා විදුලිබල මණ්ඩලයේ සේවකයන් යොදවා කළ හැකි කාර්යයන් කොන්ත්‍රාත්කරුවන්ට භාරනොදී, දේශීය හා විදේශීය සමාගම්වලට ව්‍යාපෘති භාරනොදී වංචා දූෂණ නාස්තිය පාලනයකර ගන්නේ නම් විදුලි ගාස්තු ඉහළ නොදමා අඛණ්ඩව රටටම විදුලිබලය ලබාදිය හැකි බව ලංවිම තාක්‍ෂණික ඉංජිනේරු හා අධිකාරි සංගමයේ සභාපති ඒ. ජී. යූ. නිශාන්ත මහතා ‘දිවයින ඉරිදා’ සංග්‍රහ... |
"දූවිලි අංශු වැඩි ප්‍රදේශවල ළමා හතිය වැඩිවෙයි" | "දූවිලි අංශු වැඩිපුර ඇති ප්‍රදේශවල ස්වසන රෝග සහ ළමා හතිය දරුවන්ට වැළඳීමේ වැඩි ඉඩකඩක් මතුවී ඇතැයි බොරැල්ල රිජ්වේ ආර්ය ළමා රෝහලේ ළමා රෝග විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා ‘දිවයින ඉරිදා’ සංග්‍රහයට පැවසීය. මීට අමතරව ඉන්ෆ්ලුවෙන්සා වෛරස් උණ වැඩිවීමේ අවදානමක් ද ඇතැයි හෙතෙම කීය. කොළඹ, ගම්පහ, කුරුණෑගල, යාපනය යන දිස්ත්‍රික්කවල දූ... |
"මහින්ද – නාමල් ඇතුළු පිරිසකට නොතිසි" | "පසුගිය මැයි 9 වැනිදා අරලියගහ මන්දිරයට රැස්වූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු ක්‍රියාකාරීන් ගාලුමුවදොර ගෝඨාගෝ ගම අරගල භූමියට කඩාවැදී රජයට එරෙහිව සාමකාමි අයුරින් විරෝධතා ව්‍යාපාරයක නිරතව සිටි අරගලකරුවන්ට පොලු මුගුරුවලින් අමානුෂික ලෙස පහරදීමට එරෙහිව ගොනු කර තිබූ මුලික අයිතිවාසිකම් පෙත්සම් පහක් විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය ඊය... |
"නැවතුණු සැහැල්ලු දුම්රිය ජපානයෙන් යළි දෙයි" | "ජපාන රජයේ ණය ආධාර යටතේ ඉදිකිරීමට සූදානම්ව නවතා දැමුණු කුලුනු මතින් දිවෙන සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය යළිත් මෙරටට ලබාදීමට ජපාන රජය කැමැත්ත පළකර තිබේ. ශ්‍රී ලංකා රජය ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග පවත්වන සාකච්ඡාවල එකඟතාවය ලද විගස නැවත එය ක්‍රියාත්මක කළ හැකිබව ජපන් තානාපති මිසිකොෂි හිදෙනකි මහතා දේශගුණික විපර්යාස පිළිබඳ ජනා... |
"ජපනති හෙළි කළ කොමිසමේ ලොක්කාගේ පැටිකිරිය" | "මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා විදුලිබිල වැඩිකිරීමට නොදෙන්නේ ඔහුට අයත් විදුලිය වැඩියෙන් පාවිච්චි කරන ට්‍රිලියම් සමගාමේ ද විදුලි බිල වැඩිවන නිසා යැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. ජනාධිපතිවරයා වැඩිදුරටත් මෙසේ ද පැවසීය. ශ්‍රී ලංකා විදුලිබල පනතේ සඳහන් වන අන්දමට සාමාන්‍ය ප්‍රතිපත්... |
"ව්‍යාපාරයට ප්‍රසිද්ධියක් දුන් ජනපතිට ස්තුතියි" | "තමාගේ ව්‍යාපාරයට වෙළෙඳ දැන්වීමකටත් වඩා අතිවිශාල ප්‍රසිද්ධියක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ලබාදීම පිළිබඳව එතුමාට ස්තුතිවන්ත වෙන බව මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා ‘දිවයින ඉරිදා’ සංග්‍රහයට පැවසීය. එසේම මහජන උපයෝගිතා කොමිසම අහෝසි කිරීමට යෝජනාවක් ගෙනඒමට ක්‍රියාකරන බවට විදුලිබල හා බලශක්ති ඇමැති කංච... |
"වැඩිම පැමිණිලි ලියාපදිංචි ඒජන්සිවලට එරෙහිව" | "ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයට වැඩිපුරම පැමිණිලි ලැබී ඇත්තේ කාර්යාංශයේ ලියාපදිංචි රැකියා නියෝජිතායතනවලට යයි එම කාර්යාංශයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි අයි. පතිනායක මහතා පවසයි. මෑත කාලසීමාවේදී කාර්යාංශයේ විමර්ශන ඒකකයට පැමිණිලි 1080 ක් ලැබී ඇති බවත් ඉන් පැමිණිලි රැසක්ම ලියාපදිංචි රැකියා නියෝජිතායතනවලට එරෙහිව බවත්... |
"පුංචි ඡන්දයට තරග කරන්න පොහොට්ටුවට අයදුම්පත් කැඳවයි" | "ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඉදිරි පළාත් පාලන මැතිවරණය සඳහා තරග කිරීමට බලාපොරොත්තු වන්නන්ගෙන් අයඳුම්පත් කැඳවීම ආරම්භ කර තිබේ. පළාත් පාලන මැතිවරණය කැඳවන්නේ යම් මොහොතකද එම අවස්ථාවේදී ඊට ශක්තිමත්ව මුහුණ දීම සඳහා පෙර සුදානමක් ලෙස මෙලෙස අයඳුම්පත් කැඳවීම ආරම්භ කර ඇත. පළාත් පාලන මැතිවරණයට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ යටතේ තරග කිරීමට... |
"දේශීය ගෘහ සේවිකාවන්ටත් ආරක්ෂිත වැඩ පිළිවෙළක්" | "රටේ ගෘහ සේවිකාවන් ලෙස සේවයේ යෙදෙන කාන්තාවන්ගේ රැකියා තත්ත්වය සහ ඔවුන්ගේ ආරක්ෂාව තහවුරු කිරීමට විශේෂ ක්‍රමවේදයක් සකස් කිරීමට කම්කරු සහ විදේශ රැකියා අමාත්‍යාංශය තීරණය කර ඇත. මේ වනවිට ගෘහ සේවිකාවන් ලෙස විදේශ රැකියා සඳහා පිටත් වන කාන්තාවන්ගේ ආරක්ෂාව සඳහා විශේෂ ක්‍රමවේදයක් විදේශ සේවා නියුක්ති කාර්යාංශය හරහා ක්‍රියාත්මක කර ... |
"නුවන් දෙනුවන් වසා අද සමුගනී" | "දශක ගණනාවක් හෙළ ගී කෙත තම මධුර හඬින් පෝෂණය කරන්නට වෙහෙසුණාවූ අභාවප්‍රාප්ත ජනප්‍රිය ගායන ශල්පී නුවන් ගුණවර්ධනයන්ගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද (11 දා) සවස 6.00ට මහරගම පොදු සුසානභූමියේදී සිදුකිරීමට නියමිතය. මියයන විට 73 වැනි වියේ පසුවූ ගුණවර්ධන මහතා දෙදරු පියෙකි. ඔහුගේ පුත් ගයාන් ගුණවර්ධනද අද නව පරපුරේ ගායන වේදියෙකි. මහ... |
"ෆෙඩරල් දෙනවද ජනපති හා ටීඑන්ඒ සාකච්ඡාවක් අද" | "උතුරු නැගෙනහිර අර්බුදය විසඳීම යන තේමාව පාදක කරගෙන ජනපති රනිල් වික්‍රමසිංහ සහ ද්‍රවිඩ සන්ධානය අතර සාකච්ඡාවක් අද (11 දා) පැවැත්වේ. මෙම සාකච්ඡාවට පෙර ද්‍රවිඩ සන්ධානය ජනපති වෙත ඉල්ලීම් හතරක් ඉදිරිපත් කර ඇත. මේ බව ද්‍රවිඩ සන්ධාන ප්‍රකාශක එම්. කේ. සුමන්තිරන් විසින් හෙළිකර තිබේ. එම ඉල්ලීම් මෙසේය. පෙඩරල් ක්‍රමයක් යටතේ ස්වයං ප... |
"ඊටීඑෆ් හරහා අලුත් රක්ෂණ ආවරණයක්" | "සේවක භාරකාර අරමුදල (ඊටීඑෆ්) හරහා රක්‍ෂණ ආවරණයක් එහි සාමාජිකයන්ට ලබාදීමට කම්කරු දෙපාර්තමේන්තුව කටයුතු කරමින් සිටී. දැනට (ඊටීඑෆ්) අරමුදල සඳහා සේවා යෝජකයා විසින් පමණක් සේවකයකු වෙනුවෙන් මූලික වැටුපෙන් සියයට තුනක (3%) මුදලක් අරමුදලට බැරකරන අතර එම ප්‍රමාණය තවත් සියයට එකක් හෝ එකයි දශම පහක් අයකරගෙන මෙම සමාජ ආරක්‍ෂණ අරමුදල සකස... |
"කිරිපිටි මිල යළිත් ඉහළට" | "වෙළෙඳපොළේ ආනයනික කිරිපිටිවල මිල ගණන් යළිත් ඉහළ නැග තිබේ. ඒ අනුව ග්‍රෑම් 400 ආනයනික කිරිපිටි පැකට්ටුවක නව මිල රුපියල් 1240 ක් බව කිරිපිටි ආනයනකරුවන්ගේ සංගමය පවසයි. ග්‍රෑම් 400 ආනයනික කිරිපිටි මිල ගණන් මීට පෙර පැවතුණේ රුපියල් 1160 ත් 1180 ත් අතර මිල ගණන් යටතේය.සමාජ ආරක්ෂක බද්ද හේතුවෙන් මෙලෙස කිරිපිටි මිල ඉහළ නැග ඇතැයි එ... |
"ගෝඨාගෝගමට පහරදීමට එරෙහිව පෙත්සම් 5 විභාගයට අවසර" | "මහින්ද – නාමල් – ජොනී – සනත් පොලිස්පති ඇතුළු පිරිසකට නොතීසි පසුගිය මැයි 9 වැනිදා අරලියගහ මන්දිරයට රැස්වූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු ක්‍රියාකාරීන් ගාලුමුවදොර ගෝඨාගෝගම අරගල භූමියට කඩාවැදී රජයට එරෙහිව සාමකාමි අයුරින් විරෝධතා ව්‍යාපාරයක නිරතව සිටි අරගලකරුවන්ට පොලු මුගුරුවලින් අමානුෂික ලෙස පහරදීමට එරෙහිව ගොනු කර තිබූ මුලික ... |
"ඩයනාගේ පෙත්සමට සජිත්ට – මද්දුම බණ්ඩාරට නොතීසි" | "සමගි ජනබලවේගය පක්‍ෂයේ සභාපති සජිත් ප්‍රේමදාස හා එම පක්‍ෂයේ මහ ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර යන මහත්වරුන් එම පක්‍ෂයේ තනතුරු දැරීම් වළක්වන ලෙස ඉල්ලා ගොනුකර ඇති පෙත්සම සම්බන්ධයෙන් ලබන ජනවාරි 25 වැනිදා කරුණු දක්වන ලෙස දන්වා අතුරු තහනම් දැන්වීම් හා නොතිසි යැවීමට කොළඹ ප්‍රධාන දිසා විනිසුරු පූර්ණිමා පරණගම මහත්මිය ඊයේ (09දා) නිය... |
"ස්විස්ටර්ලන්තයේ කොටි මහවිරු දිනය සමරලා" | "එල්.ටී.ටී.ඊ. මහ විරු දිනය සමරමින් පසුගියදා ස්විස්ටර්ලන්තයේදී පැවති පා ගමනක අවස්ථාවකි මේ." |
"අහසේ දූවිල්ලෙන් ගුවන් ගමන්වලට බාධාවක් නෑ" | "මේ වන විට ශ්‍රී ලංකා ගුවන් අවකාශයේ පැතිර පවතින දූවිලි අංශු සහිත වායුගෝලීය තත්වය ගුවන් ගමන් සඳහා සැලකිවයුතු බාධාවක් ඇති කර නොමැති බව ප්‍රධාන ගුවන් ගමන් පාලක ප්‍රධානී (ගුවන් සංතරණ සේවා) නිශාන් අබේවර්ධන මහතා දිවයින කළ විමසීමකදී පැවසීය. සාමාන්‍යයෙන් මෙම කාල සීමාව මෝසම් වැසි සහිත, උදෑසන මීදුම්වලින් පිරි වායූගෝලීය තත්වයක් ප... |
"වායු දූෂණය අඩු වෙයි" | "ශ්‍රී ලංකාවට අහිතකර ලෙස බලපෑ වායු දූෂණ තත්ත්වය ඊයේ (09 දා) වන විට සැලකිය යුතු ප්‍රමාණයකින් අඩු වී ඇති බව තම ආයතනයේ ස්ථාපිත කර ඇති අධි තාක්ෂණික උපකරණවලින් තහවුරු වුණ බව මධ්‍යම පරිසර අධිකාරියේ දූෂණ පාලන අංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය සංජය රත්නායක මහතා සඳහන් කළේය. එම තත්ත්වය අඩුවීමට වර්ෂාව සහ මැන්ඩවුස් කුණාටුවේ දි... |
"හොඳම වාර්ෂික වාර්තා සහ ගිණුම් සම්මාන උළෙලේ දී රාජ්‍ය ආයතන 12 කට රන් සම්මාන" | "ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරී ආයතනය (CA Sri Lanka) සහ රාජ්‍ය අංශයේ කීර්තිමත් සමූහයක් වන ශ්‍රී ලංකා රාජ්‍ය මූල්‍ය ගණකාධිකාරීවරුන්ගේ සංගමය (APFASL) එක්ව සංවිධානය කෙරුණු 2022 වසරට අදාළ ‘හොඳම වාර්ෂික වාර්තා හා ගිණුම් සම්මාන උළෙලේ’ දී රාජ්‍ය අංශයේ ආයතන 12ක උසස් තත්ත්වයේ මූල්‍ය වාර්තාකරණය අගයමින් රන් සම්මාන පිරිනැමිණි. බණ්ඩාර... |
"පුංචි ඡන්දය කල් දාන්න ප්‍රායෝගික ක්‍රමවේදයක් නෑ" | "පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට නාමයෝජනා කැඳවීමේ දැන්වීම් මේ මස අගදී නිකුත් කරන බව මැතිවරණ කොමිසම ප්‍රකාශයට පත් කර නැති නිසා පළාත් පාලන ඡන්දය කල් දැමීමට ප්‍රායෝගික ක්‍රමවේදයක් පෙනෙන්නට නැතැයි පැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා දිවයිනට ඊයේ (9 දා) පැවසීය. යම් හෙයකින් මැතිවරණය කල් දැමීමට ආණ්ඩුව ක්‍රියා ... |
"‘මැන්ඩවුස්’ ආන්ද්‍රා වෙරළට: උ/නැ මුහුදේ තද සුළං" | "නිරිතදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පැවැති ‘මැන්ඩවුස්’ සුළි කුණාටුව ඊයේ (09 වැනිදා) රාත්‍රී කාලය වනවිට නිරිතදිග බෙංගාල බොක් ඔස්සේ උතුරු තමිල්නාඩු, පුදුබේරි සහ දකුණු ආන්ද්‍රා ප්‍රදේශ වෙරළ තීරය හරහා ගමන් කරනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පැවසීය. එම පද්ධතියේ බලපෑමෙන් දිවයිනට උතුරු සහ නැඟෙනහිර දෙසින් වන ගැඹුරු ස... |
"නුවන් ගුණවර්ධන ජීවන ගීතය නිම කරයි" | "කිරි මුහුද වෙරළේ නැළවී තරංගාකාගේද පිළිරූ අඳී..ඒ රූප ඡායා ඔබගේ නොවේදෝ දශක ගණනාවක් පුරා හෙළ ගී කෙත ගීතයෙන් පෝෂණය කළ නුවන් ගුණවර්ධන ප්‍රවිණ ගායන ශිල්පියා 08 දා සවස් යාමේ ඇති වූ හදිසි අසනීප තත්ත්වයක් හේතුවෙන් ශ්‍රී ජයවර්ධනපුර රෝහලට ගෙන යන අතරතුර සිය ජීවන ගීතය නිමා කළේය. 1949 මැයි 13 වැනිදා උපන් ඒ මහතා මියයන විට 73 වැනි වි... |
"ආරක්ෂක සේවා අණ සහ මාණ්ඩලික විද්‍යාලයේ 16 වැනි උපාධි ප්‍රදානෝත්සවය" | "ආරක්ෂක සේවා අණ සහ මාණ්ඩලික විද්‍යාලයේ 16 වෙනි උපාධි ප්‍රදානෝත්සවය ජනපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පෙරේදා (08 දා) පස්වරුවේ කොළඹ නෙළුම් පොකුණ රඟහලේදී පැවැත්විණි. ත්‍රිවිධ හමුදාවේ නිලධාරීන් සඳහා උපාධි ප්‍රදානය කරනු ලබන ආරක්ෂක අධ්‍යයන ක්ෂේත්‍රයේ අන්තර්ජාතිකව පිළිගත් මෙරට ප්‍රමුඛතම උසස් අධ්‍යයන ආයතනයක් වන ආරක... |
"මොනරු වැඩි වෙලා" | "වෙනදාට වඩා මොනරුන් දැන් බහුලව දකින්නට ලැබෙන බව නුවරඑළිය අඩවි වන නිලධාරි උදයකුමාර මහතා ‘දිවයින’ට පැවසීය. මීට හේතුව වී ඇත්තේ මොනරුන්ගේ බිත්තර කෑමට නරින් පුරුදු වී සිටි නමුත් නරි වඳවෙමින් පැවතීම බව හෙතෙම කීය. නෝමන් පලිහවඩන" |
"14 දා මධ්‍යම රාත්‍රි සිට ශිෂ්‍යත්ව ටියුෂන් තහනම්" | "එළැඹෙන 18 දා පවත්වන පහ ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගය හේතුවෙන් ශිෂ්‍යත්වයට අදාළ උපකාරක පංති පැවැත්වීම ඇතුළු කරුණු කිහිපයක් දෙසැම්බර් 14 වැනිදා මධ්‍යම රාත්‍රියේ සිට විභාගය අවසන් වන තෙක් තහනම් බව විභාග කොමසාරිස් ජනරාල් එල්.එම්.ඩී. ධර්මසේන මහතා පවසයි. මේ අනුව විභාග අපේක්‍ෂකයන් සඳහා උපකාරක පන්ති පැවැත්වීම, ඒවා සංවිධානය කිරීම,... |
""සතොස කීරිසම්බා, බීලූනු හා ටින් මාළු මිල තවත් අඩු කරයි"" | "ලංකා සතොස මගින් එළඹෙන උත්සවය සමය සඳහා පාරිභෝගික ජනයාට සහන සැලසීමට අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩ තුනක මිල අඩු කර ඇත. මේ අනුව කීරිසම්බා කිලෝවක මිල රු. 225 සිට රු. 215 දක්වා රුපියල් දහයකින් ද, බීලූනු කිලෝවක මිල රු.215 සිට රු. 199 දක්වා රු. 16 කින් සහ ටින් මාළු ග්‍රෑම් 425 ක මිල රු. 530 සිට රු. 495 දක්වා රු. 35 කින් ද අඩු කර... |
"අඳුරු වළා සිපගනී; කොළඹ වායුව හිතකර නැහැ" | "මුව ආවරණ පළඳින්න… කුඩා දරුවන්ස්වසන රෝග ඇති අය, වයෝවෘද්ධ අය, ගැබිනි මව්වරුන් හැකිතාක් ගෙදර ඉන්නකොළඹ – මන්නාරම ‘මැජෙන්ටා’ යාපනය – කෑගල්ල – දඹුල්ල ‘දම්’ පුත්තලම – හම්බන්තොට ‘තැඹිලි’ දිස්ත්‍රික්ක 6 ක් අවදානමේ… මයික්‍රෝන් 2.5 දූෂිත වායු අංශු ප්‍රමාණය 150 ඉක්මවලා – මධ්‍යම පරිසර අධිකාරියේ අධ්‍යක්‍ෂ ජනරාල් හේමන්ත ජයසිංහ ඉන්දි... |
"ආර්ථික ඝාතකයන් සොයන්න තේරීම් කාරක සභාවක්" | "මෙරට ආර්ථික විනාශයට වගකිව යුතු නිලධාරීන් සහ දේශපාලනඥයන් සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත් කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේ දී ඊයේ (08 දා) සිය කැමැත්ත ප්‍රකාශ කළේය. ඒ සඳහා විශේෂ ජනාධිපති කොමිෂන් සභාවක් ද පත් කළ හැකි නමුත් පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත් කිරීම සුදුස... |
"මුදල් අච්චු නොගසා වැට් බද්ද වැඩි නොකළොත් කනගාටුයි; විදුලි බිල වැඩි කරන්න වෙනවා – ජනපති රනිල් වික්‍රමසිංහ" | "විදුලිය දිගටම දෙන්න නම් විදුලිබිල සංශෝධනය කළ යුතුමයි – විදුලිබල ඇමැති කංචන විජේසේකර ව්‍යාපාරිකයන්ට සහනයක් නුදුන්නොත් මුළු ආර්ථිකයම කඩා වැටෙනවා – අනුර කුමාර දිසානායක මුදල් අච්චු නොගසා, වැට් බද්ද වැඩි නොකරන්නේ නම් විදුලිය ගාස්තු වැඩි කිරීම වැනි ජනප්‍රිය නොවන තීරණය කණගාටුවෙන් වුවද ගැනීමට සිදුවන බව ජනාධිපති රනිල් වික්‍රමස... |
"පුංචි ඡන්දය ‘පත්තුවෙයි’ නාම යෝජනා කැඳවීමේ නිවේදනය 27 දා – 30 දා අතර" | "පළාත් පාලන ඡන්ද විමසීම සඳහා නාමයෝජනා පත්‍ර කැඳවීමේ නිවේදනය මෙම මස 27 වැනිදා සහ 30 වැනිදා අතර දිනයකදී ප්‍රකාශයට පත් කිරීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර ඇත. මැතිවරණ කොමිෂන් සභාවේ විශේෂ රැස්වීමක් ඊයේ (08දා) පැවැති අතර එහිදී මෙම තීරණය ගෙන ඇත. පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට අදාළ දින තීන්දු කිරීමේ බලය මේ වනවිට මැතිවරණ කොමි... |
"සංචිත වත්කම් ඉහළට : විදෙස් සංචිතත් වැඩිවෙයි" | "ඉකුත් නොවැම්බර් මස අගදී ශ්‍රී ලංකාව සතු මුළු නිල සංචිත වත්කම්වල ප්‍රමාණය පසුගිය ඔක්තෝබර් මස පැවැති ඇමෙරිකානු ඩොලර් මිලියන 1705 සිට ඇමෙරිකානු ඩොලර් මිලියන 1804 දක්වා වර්ධනය වී ඇත. මෙය නිල සංචිත වත්කම්වල සියයට 5.8 ක ඉහළ යෑමකි. මෙම නිල සංචිත වත්කම් තුළ අන්තර්ගත ප්‍රධාන සංරචකය වන විදේශ විනිමය සංචිතයද ඉකුත් ඔක්තෝබර් මස අග ... |
"‘ද ෆිනෑන්ස්’ ආයෝජකයාගේ කකුලෙන් අදින කුමන්ත්‍රණයක්" | "ගජමිතුරන්ට දේපොළ දෙන්න හදනවා – තැන්පත්කරුවන්ගේ එකමුතුවේ ලේකම් මූල්‍ය අර්බුදයකට මුහුණදී සිටින ද ෆීනෑන්ස් ආයතනය පවත්වාගෙන යෑමට ආයෝජකයකු ඉදිරිපත්වී සිටියත් ඔහුට එම අවස්ථාව නොදී එහි කෝටි ගණන් වටිනා දේපළ තම හිතවතුන්ට ලබාදීමේ කුමන්ත්‍රණයක් දියත්වී ඇතැයි අගතියටපත් ද ෆිනෑන්ස් තැන්පත්කරුවන්ගේ එකමුතුවේ ලේකම් අයි.ඩී. කේ. ශාන්ත ම... |
"ලංකාවේ පළමුවැනි යුද්ධෝපකරණ නිෂ්පාදන කර්මාන්තශාලාව හමුදාපති අතින් විවෘත වෙයි" | "වේයන්ගොඩ පිහිටි ශ්‍රී ලංකා යුද හමුදා යුද්ධෝපකරණ බලකායේ අලුතෙන් ස්ථාපිත කරනු ලැබූ යුද උපකරණ නිෂ්පාදන කර්මාන්ත ශාලාව විවෘත කිරීම යුද හමුදාපති. ලුතිනන් ජෙනරාල් විකුම් ලියනගේ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (08 දා) පෙරවරුවේ සිදු කෙරිණි. යුද හමුදා නිලධාරියකුගේ සංග්‍රාමික යුද ඇඳුමට අදාළ සියලුම යුද උපකරණ එකම ස්ථානයක නිෂ්පාදනය කරන ... |
"තිලංගට එරෙහිව අමරවීර ඉල්ලූ වාරණය ප්‍රතික්‍ෂේප වෙයි" | "එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම් ධුරයට පත් හිටපු නියෝජ්‍ය කතානායක තිලංග සුමතිපාල මහතා පත්කිරීම නීති විරෝධි බවට හා එය අත්හිටුවන ලෙසට කියමින් අමාත්‍ය මහින්ද අමරවීර මහතා විසින් ඉල්ලා සිටි වාරණ නියෝගය දිසා විනිසුරු පූර්ණිමා පරණගම මහත්මිය විසින් ඊයේ(08 දා) ප්‍රතික්‍ෂේප කළාය. හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන, තිලංග සුම... |
"භූ විද්‍යා ලොක්කා ගෙදර යවයි අධ්‍යක්‍ෂ ජනරාල්ගේ වැඩ අත්හිටුවයි" | "භූ විද්‍යා පතල් කැනීම් කාර්යාංශයේ සභාපති එස්. එච්. පී. මංජුල මහතා වහාම ක්‍රියාත්මක වන පරිදි එම තනතුරින් ඉවත්කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තීරණය කර ඇත. එමෙන්ම එම කාර්යාංශයේ අධ්‍යක්‍ෂ ජනරාල්වරයාගේ රාජකාරී කටයුතු අත්හිටුවීමට ද ජනාධිපතිවරයා තීරණය කර ඇත. මෙම නිලධාරීන්ට විවිධ චෝදනා එල්ල වී තිබුණි. ත්‍රිකුණාමලය සාෆි... |
"භූ විද්‍යා ලොක්කා ගෙදර යවයි අධ්‍යක්‍ෂ ජනරාල්ගේ වැඩ අත්හිටුවයි" | "භූ විද්‍යා පතල් කැනීම් කාර්යාංශයේ සභාපති එස්. එච්. පී. මංජුල මහතා වහාම ක්‍රියාත්මක වන පරිදි එම තනතුරින් ඉවත්කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තීරණය කර ඇත. එමෙන්ම එම කාර්යාංශයේ අධ්‍යක්‍ෂ ජනරාල්වරයාගේ රාජකාරී කටයුතු අත්හිටුවීමට ද ජනාධිපතිවරයා තීරණය කර ඇත. මෙම නිලධාරීන්ට විවිධ චෝදනා එල්ල වී තිබුණි. ත්‍රිකුණාමලය සාෆි... |
"දැඩි කොන්දේසි මත කැසිනෝ පනතට අනුමැතිය" | "කැසිනෝ ව්‍යාපාර නියාමනය කිරීමේ පනත දැඩි කොන්දේසි මත රජයේ මුදල් පිළිබඳ කාරක සභාව විසින් සම්මත කර තිබේ. 2023 වසරේ 09 වැනි මස 30 වැනිදා වන විට කැසිනෝ නියාමනය කිරීම සඳහා ආයතනයක් නිර්මාණය කරන බවට දුන් පොරොන්දුව සහ රජයේ අවශ්‍යතාව සලකා ඊට අනුමැතිය දුන් බව මේ පිළිබඳ අදහස් දක්වමින් මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතා පාර්ලිමේන්තුවේ දී... |
"මැතිවරණ වියදම් නියාමනයට පනතක්" | "මැතිවරණ වියදම් නියාමනය කිරීමේ පනත් කෙටුම්පත අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ ඇමැති විජයදාස රාජපක්ෂ මහතා විසින් පාර්ලිමේන්තුවට ඊයේ (08දා) ඉදිරිපත් කරන ලදී. මෙය, පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් ආඥා පනත; 1988 අංක 2 දරන පළාත් සභා ඡන්ද විමසීම් පනත; 1981 අංක 1 දරන පාර්ලිමේන්තු මැතිවරණ පනත සහ 1981 ... |
"ටෙලිකොම් – රක්‍ෂණ සංස්ථා පෞද්ගලීකරණයට එරෙහිව විරෝධතා" | "ටෙලිකොම් හා ශ්‍රී ලංකා රක්‍ෂණ සංස්ථාව විකිණීම වහාම නවත්වනු…! යැයි පවසමින් මහජන දේපොළ විකිණීමට එරෙහි වෘත්තිය සමිති ව්‍යාපාරය කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිටදී ඊයේ (08 දා) උද්ඝෝෂණයක යෙදුණාහ. ශ්‍රී ලංකා ටෙලිකොම් හා ශ්‍රී ලංකා රක්‍ෂණ වෘත්තීය සමිති ගණනාවක සේවක, සේවිකාවෝ ඒ සඳහා එක්වූහ. ඡායාරූපය: ජූඩ් ඩෙන්සිල් පතිරාජ" |
"ධීවර ඇමැතිට ප්‍රශංසා; වෙළෙඳ ඇමැති ගැන කනගාටුයි" | "පිටරටින් ගෙනෙන ටින් මාළු සඳහා තීරු බද්ද වැඩි කරන ලෙස දේශීය ටින් මාළු නිෂ්පාදකයන් කළ ඉල්ලීමට ධීවර අමාත්‍යාංශය ලබාදුන් සහයෝගය අනූව දැන් එම තීරුබද්ද වැඩිකර ඇති බව එම නිෂ්පාදකයන්ගේ සංගමයේ ක්‍රියාකාරී සාමාජික ප්‍රවීණ රංගන ශිල්පී කමල් අද්දරආරච්චි මහතා පැවසීය. දේශීය ටින් මාළු නිෂ්පාදකයන්ගේ සංගමය කළ මෙම ඉල්ලීමට අනූව පිටරට සිට... |
"අයවැය වැඩි ඡන්ද 43 කින් සම්මතයි" | "විග්නේෂ්වරන් – වේළුකුමාර් ඡන්දයෙන් වැළකෙති ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් නොවැම්බර් මස 14 දා 2023 වසර සඳහා ඉදිරිපත් කරනු ලැබූ අයවැය යෝජනාවලියේ තෙවන වර කියැවීමේ ඡන්ද විමසීම ඊයේ (08 දා) වැඩි ඡන්ද 43 කින් සම්මත විය. ඒ අනුව අයවැයට පක්‍ෂව ඡන්ද 123 ක් සහ විරුද්ධව ඡන්ද 80 ක් ලැබිණ. අයවැයට විරුද්ධව සමගි ජනබලවේගය, ජාති... |
"රෝහල්වල බෙහෙත් දින කීපයකට විතරයි – වෛද්‍ය හරිත අලුත්ගේ" | "ප්‍රධාන රෝහල්වල අත්‍යවශ්‍ය ඖෂධ ඇතුළු සියලු ඖෂධ මසකට ප්‍රමාණවත් පරිදි තිබිය යුතු වූවත් මේ වන විට එම රෝහල්වල ඖෂධ පවතිනුයේ දින කීපයකට පමණක් බව, රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා ‘දිවයින’ ට ඊයේ (07දා) සඳහන් කළේය. රෝහල්වල පවතින තත්ත්වය යටතේ ඒවාට ‘පැලැස්තර විසඳුම්’ යෙදීමෙන් මෙරට සෞඛ්‍ය පද... |
"සිරිපා සමය ඇරැඹෙයි" | "ශ්‍රීපාද වන්දනා වාරය ඊයේ (7) ට යෙදුණු උඳුවප් පොහෝ දින ඇරඹිණි. මේ ඊයේ ශ්‍රීපාද පුදබිමට පැමිණි වන්දනාකරුවන්ගේ දර්ශනයකි. 2022-2023 ශ්‍රීපාද වන්දනා වාරයේදී ශ්‍රීපාද වන්දනාවේ පැමිණෙන වන්දනාකරුවන් ශ්‍රී පාදස්ථානය පූජනීය ස්ථානයක් ලෙස සලකා පරිසරය රැකගනිමින් ශ්‍රී පාදස්ථානය කරුණා කරන ලෙස ශ්‍රී පාදස්ථානාධිපති බෙංගමුවේ ධම්මදින්න... |
"විදෙස් සංචාරකයන්ගෙන් යාලට ලක්ෂ 72ක ආදායමක්" | "සුඛෝපභෝගී සංචාරක නැව්වලින් පැමිණි විදේශීය සංචාරකයන් යාල වනෝද්‍යානය නැරඹීම නිසා වනජීවියට රුපියල් ලක්ෂ හැත්තෑ දෙකක (රුපියල් 72,01541) වාර්තාගත ආදායමක් ලැබී ඇත. ඒ අනුව නොවැම්බර් මස 30 වැනිදා පැමිණි නෞකාවේ සිටි විදේශීය සංචාරකයින් 551 දෙනකු වාහන 110කින් යාල වනෝද්‍යානය නැරඹීම සඳහා පැමිණ සිටි අතර එදින වනජීවි දෙපාර්තමේන්තුව ල... |
"අද විරෝධතා" | "සියලුම සේවකයන්ට උද්ධමන දීමනාවක් ඉල්ලා වෘත්තීය සමිති හා බහුජන සංවිධාන එකමුතුව අද (8 වැනිදා) විරෝධතා දිනයක් පවත්වයි. රාජ්‍ය, අර්ධ රාජ්‍ය, පෞද්ගලික හා වතු සේවකයන් මෙයට එක්වන බවත්, ඔවුන්ගේ ආයතන ඉදිරිපිට දී එදින විරෝධතා පවත්වන බවත්, වෘත්තීය සමිති හා බහුජන සංවිධාන එකමුතුව වෙනුවෙන් පෙරටුගාමී සමාජවාදී පක්‍ෂයේ ප්‍රචාරක ලේකම් ද... |
"සාමය කැඩුවොත් පොලිසිය සූදානමින්" | "කවර හෝ කණ්ඩායම් අද (08 දා) සාමය කඩකරමින් විරෝධතා ව්‍යාපාරයන් ක්‍රියාත්මක කරනු ලැබුහොත් අවස්ථානුකූලව ඒ මොහොතේම ආරක්ෂක වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන බව කොළඹ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ඒ. ජී. ජේ. චන්ද්‍රකුමාර මහතා ‘දිවයින’ට පැවසීය. විරෝධතා ව්‍යාපාරයන් සිදු කරන බවට යම්කිසි සංවිධානයක් ප්‍රකාශ කළ පලියට පොලිස් දෙපාර්තමේන්තුව ක... |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.