Title stringlengths 9 246 | Content stringlengths 3 62.9k |
|---|---|
"මි. මී. 300 ක වැස්සක් නාවොත් අවුලක්" | "මේ මාසයේ දී මිලිමීටර් 300ක – 400ක වර්ෂාවක් නොලැබුණොත් දැනට ජලාශවල පවතින ජලය දැඩි කළමනාකරණයකට ලක්කිරීමට සිදුවන බව වාරිමාර්ග අධ්‍යක්‍ෂ (ජලකළමනාකරණ) ඩී. අඹේසිරිවර්ධන මහතා ඊයේ (01 දා) පැවසීය. දැනට වාරි ජලාශවල ජල මට්ටම සියයට 50ක මට්ටමක පවතින බවත් එම ජලය විදුලිය නිපදවීමට වඩා කෘෂිකාර්මික කටයුතු සඳහා කළමනාකරණය කළයුතු බවත් ඒ ම... |
"ඩීසල් බලාගාරවලට කෝටි 7500 නොගෙව්වොත් හදිසි මිලදී ගැනීම් අර්බුදයක – විදුලි ඉංජිනේරුවෝ කියති" | "පෞද්ගලික තාප (ඩීසල්) බලාගාරවලින් මිලදීගත් විදුලිය වෙනුවෙන් ගෙවීම් පැහැර හැර තිබෙන රුපියල් කෝටි 7500 (බිලියන 75) ක මුදල කඩිනමින් ගෙවීමට අපොහොසත් වුවහොත් හදිසි විදුලි මිලදී ගැනීම් ද අවුල් වී රටේ වත්මන් විදුලි අර්බුදය අතිශය දරුණු විය හැකි බව ලංවීම ඉංජිනේරුවෝ පවසති. නිසි කලට රටේ විදුලි අවශ්‍යතාව පිරිමසා ගැනීම සඳහා අඩු විය... |
"පාසල් සිසුහු පාර්ලිමේන්තුවේ වාර්තාවක් තබති" | "පාසල් සිසුන් වැඩිම පිරිසක් පාර්ලිමේන්තුව නැරඹීමට පැමිණි දිනය ලෙස ඊයේ (01) දිනය සනිටුහන් වී ඇත. ඒ අනුව දිවයිනේ විවිධ ප්‍රදේශවලින් පාසල් 32ක සිසුන් 5000කට අධික පිරිසක් ඊයේ දින පාර්ලිමේන්තුව නැරඹීමට පැමිණ ඇතැයි වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා කියා සිටී. ලෝක පාර්ලිමේන්තු ඉතිහාසය දෙස බැලුව ද මෙපමණ ප්‍රමාණයක් පාර්ලිමේන... |
"ගුණාත්මක ගුරුවරයෙක් බිහි කරන්න විද්‍යාපීඨ විශ්වවිද්‍යාල කරනවා – අධ්‍යාපන ඇමැති සුසිල් ප්‍රේමජයන්ත" | "ලබන වසර සඳහා වන අයවැයෙන් අධ්‍යාපන ක්ෂේත්‍රය සඳහා රුපියල් බිලියන 600කට වැඩි මුදලක් වෙන්කර ඇති බවත්, එය මෙතෙක් කලක් අධ්‍යාපනයට වෙන්කර ඇති වැඩිම මුදල බව අධ්‍යාපන ඇමැති සුසිල් ප්‍රේමජයන්ත මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (01 දා) පැවසීය. වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා විසින් සෙංකෝලය තැන්පත් කිරීමෙන් පසුව කතානායක මහින්ද යාපා... |
"පරිගණකයට ලෙඩක්: දඩ නැතිව බදු තොරතුරු දෙන්න සතියක කාලයක් – ඇමැති ෂෙහාන් සේමසිංහ" | "දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ බදු ලිපිගොනු භාර ගැනීම හා සම්බන්ධ පරිගණක මෘදුකාංගය හදිසියේ අක්‍රීයවී ඇති හෙයින් බදු තොරතුරු ඉදිරිපත් කිරීම සඳහා දඩ මුදල් අය කිරීමකින් තොරව සතියක කාලයක් ජනතාව වෙත ලබා දෙන බව මුදල් රාජ්‍ය ඇමැති ෂෙහාන් සේමසිංහ මහතා පාර්ලිමේන්තුවේ දී ඊයේ (01දා) පැවසීය. ඇමැතිවරයා එසේ කියා සිටියේ සමගි ජන බලවේගය ... |
"විදුලි බිල වැඩි කළ යුතු නැහැ – මහජන උපයෝගීතා කොමිසම" | "දැනට තිබෙන දත්තවලට අනූව විදුලි ගාස්තු වැඩි කිරීමට අවශ්‍ය නැතැයි ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා පැවසීය. විදුලි ගාස්තු යළි ඉහළ දැමීමක් සම්බන්ධයෙන් තාමත් විදුලිබල මණ්ඩලය මහජන උපයෝගීතා කොමිසමෙන් ඉල්ලීමක් කර නැතැයිද එලෙස මිල සංශෝධනයක් කරන්නේ නම් ලංවිම ඉටුකළ යුතු කොන්දේසි කිහිපයක් තිබෙන්නේ යැයිද ඒ ... |
"වාර දෙකකින් විදුලි ගාස්තු යළි ඉහළට – කැබිනට් අනුමැතිය" | "පසුගිය කාලයේ විදුලි ගාස්තු වැඩි කළ ද එය විදුලිබල මණ්ඩලයේ පාඩුව පියවා ගැනීමට ප්‍රමාණවත් නොවන බැවින් යළි විදුලි බිල වැඩි කිරීම සඳහා කළ ඉල්ලීමට මේ වන විට කැබිනට් අනුමැතිය හිමිව ඇති බව ‘ආර්ථිකය ස්ථායීකරණයට අදාළ කෙටි සහ මධ්‍ය කාලීන වැඩසටහන් හඳුනා ගැනීම සඳහා වන ජාතික සභා අනු කමිටුවේදී’ 29 වැනිදා අනාවරණය විය. මේ අනුව 2023 ජන... |
"අවුරුදු පහට අඩු දරුවන්ගේ මන්දපෝෂණය වැඩි වෙලා – රජය ක්‍රියාමාර්ග ගන්නවා" | "මන්දපෝෂණයෙන් පෙළෙන අවුරුදු 5 ට අඩු දරුවන්ගේ යම් වැඩිවීමක් දක්නට ඇතැයි පවුල් සෞඛ්‍ය කාර්යාංශයේ අධ්‍යක්‍ෂිකා විශේෂඥ වෛද්‍ය චිත්‍රමාලි ද සිල්වා මහත්මිය ඊයේ (30දා) පැවසුවාය. ඔක්තෝබර් මාසයට යෙදී ඇති පෝෂණ මාසයේ සිදුකරන ලද නිර්ණයන් වලට අනුව ලබාගත් වාර්තාවලින් ඒ බව තහවුරු වී ඇතැයිද ඇය සඳහන් කළාය. ඇය ඒ බව කියාසිටියේ සෞඛ්‍ය ප්... |
"පළාත් සභා වෙනුවට දිස්ත්‍රික් සංවර්ධන කමිටු පිහිටුවන්න – ජනාධිපතිගේ සූදානමක් නෑ" | "පළාත් සභා වෙනුවට දිස්ත්‍රික් සංවර්ධන කමිටු පිහිටුවීමට ජනාධිපතිවරයාගේ සූදානමක් පවතින බවට පළවන වාර්තා අසත්‍ය යැයි ජනාධිපති මාධ්‍ය අංශය කියා සිටී. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් පෙරේදා (29දා) පාර්ලිමේන්තුවේ දැක්වූ ප්‍රතිචාරයක් මාධ්‍ය කිහිපයකින් අර්ථය විකෘති වන ආකාරයට වාර්තා කර තිබෙන බවත් එම අංශය කියා සිටී. පාර්ලි... |
"ලෝක ඒඩ්ස් දිනය අද" | "ලෝක ඒඩ්ස් දිනය අදට (දෙසැම්බර් 01 දා) යෙදී තිබේ. සමානාත්මතාවය සුරකිමු යන ගෝලීය තේමාවට අනුකූලව ශ්‍රී ලංකාව ද ලෝක ඒඩ්ස් දිනය සමරයි. රටපුරා දැනුවත් කිරීමේ ක්‍රියාකාරකම් සමඟින් HIV (PLHIV) රෝගය සමග ජීවත්වන පුද්ගලයන්ගේ ගැටලු පිළිබඳව හඬක් නැඟීමට සහ අද දින රතු පීත්ත පටියක් පැළඳ සිටීමට ශ්‍රී ලංකා ප්‍රජා වෛද්‍ය විශේෂඥ වෛද්‍යවරු... |
"නොරොච්චෝලේ යන්ත්‍ර තුනම දිව්වොත් ගල්අඟුරු මාසෙන් ඉවරයි" | "නොරොච්චෝල බලාගාරයේ යන්ත්‍ර තුනම ක්‍රියාත්මක කරනු ලැබුවහොත් දැනට ගල්අඟුරු සංචිත පවතින්නේ මේ මාසය අවසානය තෙක් පමණක් යැයි එහි ඉංජිනේරුවරු පවසති. දැනට බලාගාරයේ යන්ත්‍ර 02ක් ක්‍රියාත්මක කර එහි නිපදවන විදුලිය ජාතික පද්ධතියට එක්කර තිබේ. අලුත්වැඩියා කටයුතු සඳහා නතර කර තිබූ තෙවැනි යන්ත්‍රයේ අලුත්වැඩිය කටයුතු අවසන් අදියරේ පවතින... |
"අනුන්ට බණ දේශනා කරන්න කලින් සුදුසු ගුණයේ පිහිටා ඉන්න" | "බුදු සසුනේ පැවිදි වී බුදුරජාණන් වහන්සේට එරෙහිව කටයුතු කළේ කුමන අංගුලිමාල දැයි තමන් දැන ගැනීමට කැමැති යැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (30දා) විමසීය. හෙතෙම මේ බව කියා සිටියේ ජනාධිපතිවරයා විසින් ඊට පෙර දින (29) කරන ලද කතාවකට පිළිතුරු වශයෙනි. එහිදී සජිත් ප්‍රේමදාස මහතා මෙසේද කීය. බුද්ධාගම පිළිබඳ... |
"පාර්ලිමේන්තුවේ ගිහි බණ – ඇමැති සුසිලුත් වසල සූත්‍රය කියයි" | "පාසල් සිසුන් සඳහා නියමු ව්‍යාපෘතියක් ලෙස සතිමත්භාවය පිළිබඳ වැඩසටහනක් ලබන වසරේ (2023) ජනවාරි 04 වැනිදා සිට ක්‍රියාත්මක කරන බව අධ්‍යාපන ඇමැති සුසිල් ප්‍රේමජයන්ත මහතා පාර්ලිමේන්තුවේ දී ඊයේ (30) කීය. ඒ මහතා මේ බව කියා සිටියේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපතිවරයා විසින් කරන ලද කතාවකට වසල සූත්‍රය සහ පරාභව සූත්‍රය ඇස... |
"මේ වසරේ දැනට ලාදුරු රෝගීහු 1200ක්" | "මෙම වසරේ ජනවාරි 1 වැනිදා සිට ඊයේ (30දා) දක්වා කාලය තුළ මෙරටින් ලාදුරු රෝගීන් 1200කට වැඩි ප්‍රමාණයක් හඳුනාගෙන ඇතැයි ලාදුරු මර්දන ව්‍යාපාරය අනාවරණය කළේය. වාර්තා වී ඇති සමස්ත ලාදුරු රෝගීන් අතුරින් 400දෙනකු බස්නාහිර පළාතෙන් සොයාගෙන ඇතැයි එම ව්‍යාපාරයේ අධ්‍යක්‍ෂ, විශේෂඥ වෛද්‍ය, ප්‍රසාද් රණවීර මහතා ඊයේ (30දා) පැවැති මාධ්‍ය ... |
"රාජ්‍ය සේවක ‘සුදුසු ඇඳුම්’ චක්‍රලේඛය අවලංගුයි" | "රාජ්‍ය නිලධාරීන්ට සුදුසු ඇඳුමින් සැරසී රාජකාරියට වාර්තා කිරීමට අවස්ථාව ලබාදෙමින් රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය විසින් නිකුත් කර තිබූ චක්‍රලේඛයන් ඊයේ (30 දා) සිට අවලංගු කර ඇත. ඒ අනුව 2019 ජුනි 26 දිනැති රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ 13/2019(1) හා 2020 සැප්තැම්බර් 27 දිනැති රාජ්‍ය පරිපාලන ... |
"එන්.ජී.ඕ ලොක්කන්ගේ වත්කම් සොයයි" | "මුල්වරට රාජ්‍ය නොවන සංවිධාන ප්‍රධානීන්ගේ දේපළ හා වත්කම් සෙවීමට රජය තීරණය කර ඇත. රජය කෙටුම්පත් කර ඇති නව පනත යටතේ මෙම වත්කම් ගැන සොයා බැලෙයි. 200කට අධික රාජ්‍ය නොවන සංවිධාන ප්‍රධානීන් මෙරට සිටින අතර ඔවුන් රජයට තම වත්කම් හෙළි කිරීමෙන් වැළකී තිබේ. ඇතැම් රාජ්‍ය නොවන සංවිධාන ප්‍රධානීන් සතු කොළඹ හතේ සුවිසල් මන්දිර පවා ඇතැයි... |
"අරගලකරුවන්ට පහරදීම ගැන විමර්ශන අවසන් කර උඨෘත නීතිපතිට යැව්වා" | "පසුගිය ජුලි 9 වැනිදා අරගලකරුවන්ට අමානුෂික ලෙස පහරදීම සම්බන්ධයෙන් සිදුකළ විමර්ශන අවසන් කර ඉදිරි උපදෙස් ලබාගැනීම සඳහා විමර්ශන උඨෘත නීතිපතිවරයා වෙත යොමුකර ඇතැයි අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තු ඊයේ (30 දා) කොටුව මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ මහතාට දැන්වීය. බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස කටයුතු කරන ජ්‍යෙෂ්ඨ න... |
"බිත්තර පාලන මිල සංශෝධනයට සලකා බලනවා" | "ආහාර සුරක්ෂිත කමිටුවෙන් තොරතුරු ලබාගෙන බිත්තර අලෙවි කිරීම සඳහා රජය පනවා ඇති පාලන මිල සංශෝධනය කිරීමට සලකා බැලීමට පියවර ගන්නා බව පාරිභෝගික සේවා අධිකාරිය වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ අතිරේක සොලිසිටර් ජනරාල් සුමති ධර්මවර්ධන මහතා ඊයේ (30 දා) අභියාචාධිකරණයට දැනුම් දුන්නේය. බිත්තර අලෙවි කළ හැකි උපරිම සිල්ලර මිල සම්බන්ධයෙන් පා... |
"ඕමානයේදී කතකට හදි කළ කුප්‍රකට කුෂාන් රිමාන්ඩ්: ඇප ඉල්ලීම ඉවතට" | "● සංචාරක වීසා මත ඕමාන් රැගෙන ගිය කතුන් ලිංගික ජාවාරමේ යෙදවීම ගැන විමර්ශන කරනවා – සීඅයිඩී පොලිස් පරීක්ෂක● සුරක්‍ෂා නිවාසයෙන් පලාගිය කත යළි ගෙනාවාට අභූත චෝදනා නගනවා – සැකකරුගේ නීතිඥ ඕමානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ සුරක්‍ෂා නිවාසයේ රඳවා සිටි වින්දිත කාන්තාවකට ලිංගික අඩන්තේට්ටම් සිදු කිරීමේ චෝදනාව යටතේ සැකපිට අත්අඩංගු... |
"ජනපතිගේ වැඩපිළිවෙළට සියලුදෙනා සහාය දිය යුතුයි – පා. ම. වජිර අබේවර්ධන" | "වර්තමාන ආර්ථික අර්බුදය ජයගෙන, නොවෙනස් වන ජාතික ප්‍රතිපත්ති රාමුවක් තුළින් රට ඉදිරියට ගෙන යෑම සඳහා රනිල් වික්‍රමසිංහ මහතා ගෙනයන වැඩපිළිවෙළට මහජන නියෝජිතයන් මෙන්ම, මේ රටේ සමස්ත මහජනතාවම සහයෝගය ලබාදිය යුතු බව එක්සත් ජාතික පක්ෂ සභාපති, පා. ම. වජිර අබේවර්ධන මහතා ප්‍රකාශ කළේය. වජිර අබේවර්ධන මහතා මෙම අදහස් පළ කළේ කොළඹදී මාධ්... |
"පැවිදි වෙසින් සරසවි ඇවිත් ගිහියන් ලෙස පිටවීමට ඉඩ දෙන්නේ නෑ – ජනපති මැතිසබයේදී කියයි" | "මෙරට ශාසනයේ පැවිදි විනය වෙනුවෙන් නිකායන් තුනට අදාළ වන පරිදි කතිකාවන් තුනක් ඇති කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (29දා) සඳහන් කළේය. එක්තරා විශ්වවිද්‍යාලයක ශිෂ්‍ය හිමිනමක් මල්වතු අස්ගිරි නාහිමිවරුන්ට බැණ වදින ආකාරය තමන් දුටු බවත් එම හිමිනම භික්ෂුවක්ද, වෛතුල්‍යවාදියකුදැයි කියා තමන්ට සැකයක් මතු ... |
"හොර ලේබල් ගැහුවොත් මත්පැන් බලපත් අහෝසියි" | "ව්‍යාජ ලේබල් අලවා මත්පැන් අලෙවි කරන නිෂ්පාදකයින්ගේ බලපත්‍රය අහෝසි කරන බව සුරාබදු කොමසාරිස් ජනරාල් එම්. ජී. ගුණසිරි මහතා මත්පැන් නිෂ්පාදකයින්ට ඊයේ (29 දා) දැනුම්දී ඇත. මෙරට මත්පැන් නිෂ්පාදනය කරන ප්‍රධාන නිෂ්පාදකයින් 23 දෙනාම ඊයේ (29 දා) සුරාබදු දෙපාර්තමේන්තුවට කැඳවා මේ බව දැනුම් දුන් බව ඒ මහතා ‘දිවයින’ට ඊයේ පැවසීය. ව්... |
"පනස්දහසකට අධික සංචාරකයෝ මසකට ලංකාවට එති" | "මෙරටට පැමිණෙන සංචාරකයන් ප්‍රමාණය මසකට පනස්දහස ඉක්මවා ඇත. පසුගිය අප්‍රේල් මාසයෙන් පසුව මෙම නොවැම්බර් දක්වා මාසයකට පැමිණෙන සංචාරකයන් ප්‍රමාණය පනස්දහස ඉක්මවා ඇති අතර නොවැම්බර් 01-27 කාලය ඇතුළත මෙරටට පැමිණි සංචාරකයන් ප්‍රමාණය පනස්දහසකට අධිකය. පසුගිය මාර්තු මාසයේදී ලංකාවට සංචාරකයන් ලක්‍ෂයක් පැමිණිය ද අරගලය නිසා එසේ පැමිණීම... |
"නීතියෙන් ආවොත් කිරිපිටි තොගය සතියක් තුළ රේගුවෙන් මුදාහරිනවා – රාජ්‍ය ඇමැති සියඹලාපිටිය" | "නීති විරෝධී ලෙස මෙරටට ආනයනය කිරීම නිසා රේගුවේ රඳවාගෙන සිටින කිරිපිටි තොගය ආනයනකරු නීතිමය අවශ්‍යතා සපුරාලන්නේ නම් කල් ඉකුත් වීමට පෙර මුදා හැරීමට සූදානම් බව මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි. අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ කිරිපිටි ආනයනයට සීමා පනවා නොමැති බැවින් මෙම රඳවා ගැනීම හේතුවෙන් රට තුළ කිසිදු ක... |
"අරගලකරුවන්ට පහරදීම ගැන දේශබන්දුට එරෙහි පෙත්සමේ කරුණු තහවුරු කිරීම ලබන 16 දා" | "බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා සැකකරුවකු ලෙස නම් කර අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට නියෝගයක් කරන්නැයි ඉල්ලා ගොනුකර තිබූ රිට් ආඥා පෙත්සමේ කරුණු තහවුරු කිරීම සඳහා ලබන 16 වැනිදා කැඳවීමට අභියාචනාධිකරණය ඊයේ (29දා) නියම කළේය. නීතිඥ රාමලිංගම් රන්ජන් මහතා විසින් ගොනු කර තිබූ එම ප... |
"මට්ටක්කුලියේ ඝාතනය – පාස්කු ප්‍රහාරයට ප්‍රශ්න කොට නිදහස ලැබූවෙක්" | "පාස්කු ප්‍රහාරයට සැකපිට ප්‍රශ්න කිරීම සඳහා පොලිස් භාරයට ගෙන නිදහස ලැබූ පුද්ගලයකු ඊයේ (28 දා) දහවල් මට්ටක්කුලිය සාවියා පටුමග හෝටලයක් අසලදී මෝටර් රථයකින් පැමිණි දෙදෙනකු විසින් කපා කොටා ඝාතනය කර ඇත. මොහොමඩ් බදිර්යුදීන් මොහොමඩ් පරහතම් නමැති 58 හැවිරිදි පුද්ගලයකු මෙසේ ඝාතනයට ලක්වී තිබේ. බරපතළ තුවාල ලැබූ මෙම පුද්ගලයා කොළඹ ජ... |
"ඩයනාගේ පුරවැසිභාවය උසාවියේ විභාගයට – සියලු ලේඛන උසාවි ගේන්න – ආගමන විගමන පාලකට නියෝග" | "රාජ්‍ය ඇමැතිනි ඩයනා ගමගේ මහත්මියගේ පුරවැසිභාවය සම්බන්ධයෙන් සිවිල් ක්‍රියාකාරිකයකු වන ඕෂල ලක්මාල් හේරත් මහතා විසින් ගොනුකර තිබූ රිට් ආඥා පෙත්සම විභාගයට ගැනීමට ඊයේ (28 දා) අවසර ලබාදුන් අභියාචනාධිකරණය එම පෙත්සම සම්බන්ධයෙන් කරුණු දක්වන ලෙස දන්වා ඩයනා ගමගේ ඇතුළු වගඋත්තරකරුවන්ට නොතිසි නිකුත් කළේය. එකී පෙත්සම් විභාගය ලබන 12 ... |
"රියැදුරන්ගේ ලකුණු කැපීම ජනවාරියේ සිට 24ක් කැපුණොත් ලයිසන් කැන්සල්" | "අවුරුදු අටක් තිස්සේ ක්‍රියාත්මක කිරීමට නොහැකි වූ රියැදුරු බලපත්‍රය සඳහා අකුසලතා ලකුණු ලබාදීමේ ක්‍රමවේදය ලබන වසරේ (2023) ජනවාරි සිට ක්‍රියාත්මක කරන බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (28දා) පැවසීය. ඒ අනුව රිය පැදවීමේදී සිදුවන වැරදි 32ක් සම්බන්ධයෙන් ලකුණු කැපීම සිදුවන බවත් ලකුණු 24ක් කැ... |
"කොළඹ හතේ මන්ත්‍රී නිල නිවසකින් කෝටි ගාණක විදුලි ජල බිල් පොල්ලක්" | "ඉංජිනේරුමය කාර්යයන් පිළිබඳ මධ්‍යම උපදේශක කාර්යාංශයට අයත් නිල නිවාස සංකීර්ණයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු සඳහා වෙන්කොට ඇති නිල නිවාසයකින් විදුලි ගාස්තු වශයෙන් රුපියල් එක්කෝටි විසිලක්ෂ පනස්හයදහස් අටසියතුනක මුදලක් (12,056,803) හා ජලගාස්තු වශයෙන් රුපියල් දාහත්ලක්ෂ හෑත්තෑඅටදහස් හත්සිය විසිදෙකක (1,778,722) මුදලක් හිඟව ඇති බව... |
"අවුරුදු 15-24 වයසේ තරුණයන් ඒඩ්ස්වලට ගොදුරුවීම වැඩිවෙලා – මේ වසරේ ආසාදිතයෝ 429 ක්" | "පසුගිය වසර කිහිපය තුළ මෙරට වයස අවුරුදු 15-24 අතර තරුණයන් ඒඩ්ස් රෝගයට ගොදුරුවීමේ වැඩි ප්‍රවණතාවක් උද්ගතව ඇතැයි ශ්‍රී ලංකා ප්‍රජා වෛද්‍ය විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය පවසයි. විශේෂඥ වෛද්‍ය (ප්‍රජා වෛද්‍ය) ජනක වේරගොඩ මහතා පවසන්නේ 2021 වසරේ අලුතින් ඒඩ්ස් රෝගීන් 411 ක් හඳුනාගෙන ඇති බවත් එම වසර අවසන් වනවිට ඒඩ්ස් සමඟ ජීවත්වන පුද... |
"විමල්ට එරෙහි අල්ලස් නඩුව ජනවාරි 16 ට කල්යයි" | "අමාත්‍යවරයකු ලෙස කටයුතු කළ වසර පහක කාලයක් තුළදී සිය වැටුපෙන් හා ආදායමෙන් උපයාගත නොහැකි රුපියල් මිලියන 75කට ආසන්න මුදල් හා දේපළවල හිමිකාරිත්වය දැරුවේ යැයි චෝදනා කරමින් හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතාට එරෙහිව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව විසින් පවරා ඇති නඩුව ලබන ජනවාරි 16 වැනිදා යළි කැදවීමට ... |
"කොරෝනා යළි හිස ඔසවනවා: සෞඛ්‍ය පිළිවෙත් දැඩිව පිළිපදින්න – විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත්" | "මේ දිනවල දිවයින පුරා නැවත කොරෝනා වසංගතය හිස ඔසවන තත්ත්වයක් දක්නට ලැබීම හේතුවෙන් සෑම අයකුම කොරෝනා මර්දන සෞඛ්‍ය පිළිවෙත් දැඩි ලෙස අනුගමනය කළ යුතු බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පැවසීය. මෙම පිළිවෙත් නීතියෙන් අනිවාර්ය කරන තෙක් බලා නොසිට නිසි ලෙස පිළිපැදීමෙන් තම පවුලේ අයගේ ජීවිත ද ආ... |
"මේ වසරේ පළමු මාස හයේ ආර්ථිකයේ 4.8% ක පසුබෑමක්" | "මේ වසරේ (2022) පළමු මාස හයේදී ශ්‍රී ලංකා ආර්ථිකය සියයට 4.8 කින් පසුබෑමට ලක්ව ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි. ගියවසරේ (2021) පළමු මාස හයේදී ශ්‍රී ලංකා ආර්ථිකය සියයට 9.3 ක ධන වර්ධනයක් වාර්තා කර ඇති අතර ඊට සාපේක්‍ෂව මේ වර්ෂයේ (2022) පළමු මාස හයේදී මෙසේ 4.8 ක සෘණ ආර්ථික වර්ධනයක් වාර්තා කර තිබේ. කොවිඩ් 19 වසංගතය පහව යෑමත... |
"නොරොච්චෝලෙට ගල්අඟුරු ගන්න විකල්ප මාර්ග දෙස අවධානය – ගල්අඟුරු සමාගමේ සභාපති" | "ඉදිරියේ ජාතික විදුලිබල බද්ධතියට අඛණ්ඩ විදුලි සැපයුමක් ලබාදීම සඳහා නොරොච්චෝලේ ගල්අඟුරු අවශ්‍යතාව සපුරාගැනීමට සියලුම විකල්ප මාර්ග කෙරෙහි අවධානය යොමුකර ඇති බව ලංකා ගල්අඟුරු සමාගමේ සභාපති හා කළමනාකාර අධ්‍යක්‍ෂ ෂෙහාන් සුමනසේකර මහතා පවසයි. නොරොච්චෝලේ ගල්අඟුරු බලාගාරය ජාතික විදුලිබල අවශ්‍යතාවෙන් 40% ත් 50% ත් අතර ප්‍රමාණයක් ... |
"සිවුරු ඇඳගත් බට්ටෝ කියා පාලකයන් මහා සංඝරත්නයට නින්දා කිරීම කැතයි" | "පාලකයන් මහා සංඝරත්නයට ගෞරව කළ යුතු බවත් සිවුරු ඇඳගත් බට්ටෝ කියා පාලකයන් භික්‍ෂූන් වහන්සේට නින්දා කිරීම නුසුදුසු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (28දා) පැවසීය. එහිදී විපක්ෂ නායකවරයා වැඩිදුරටත් මෙසේද කීය. එදා රට පාලනය කළ පාලකයන්ට අර්ථයෙන් ධර්මයෙන් උපදෙස් දුන්නේ මහා සංඝරත්නයයි. එක්තරා කියමනක් ත... |
"මෙරට පක්‍ෂි විශේෂ 81 ක් වඳවී යෑමේ තර්ජනයට ලක්වෙලා – පරිසර ලේකම් වෛද්‍ය අනිල් ජාසිංහ" | "මෙරට පක්‍ෂි විශේෂ 244 කින් විශේෂ 81 ක් වඳවීමේ තර්ජනයට ලක්වී ඇති බව පරිසර අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි. මෙසේ වඳවීමේ තර්ජනයට ලක්වූ පක්‍ෂි ගහනය යථා තත්ත්වයට පත්කිරීමට වැඩසටහන සහිත න්‍යායපත්‍රයක් සකසා ක්‍රියාකාරී සැලැස්මක් දියත් කරන බව ද ඒ මහතා කීවේය. පරිසර ඇමැති නසීර් අහමඩ් මහතාගේ ප්‍රධානත්වයෙ... |
"මේ මාසයේ දින 28ට ඩෙංගු රෝගීන් 2315ක් – වැඩිම පිරිස කොළඹින්" | "මෙම මාසයේ ගත වූ දින 28 තුළ මෙරටින් ඩෙංගු රෝගීන් 2315ක් වාර්තා වී ඇතැයි වසංගත රෝග විද්‍යා අංශය පවසයි. සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලවලින් දෛනිකව වාර්තා වන ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව පිළිබඳ දත්ත වාර්තා ලැබීමේ ප්‍රමාදය නිසා මෙරටින් මෙම මාසයේ වාර්තා වී ඇති ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව මීට වඩා වැඩි විය හැකි බව වසංගත රෝග විද්‍යා අංශ... |
"තරුණ පරපුර ‘අයිස්වලින්’ බේරාගැනීමට වහාම පියවර ගත යුතුයි" | "අයිස් මත්ද්‍රව්‍ය භාවිතය සහ මානසික රෝග ඇතිවීම අතර සම්බන්ධයක් ඇති බව වෛද්‍ය පර්යේෂණ මගින් අනාවරණය වී ඇති බව මානසික රෝග පිළිබඳව විශේෂඥ වෛද්‍ය රූමි රූබන් මහතා සඳහන් කරයි. එමෙන්ම, මෙරට පාසල් සිසුන් සහ තරුණ තරුණියන් අයිස් මත්ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහි කර ගැනීමට සංවිධානාත්මක ජාලයක් ක්‍රියාත්මක වන බවද ඊයේ (28දා) කොළඹ පැවැති මා... |
"උත්සව වියදම් අත්හිටුවීමට රාජ්‍ය ආයතනවලට යළිත් චක්‍රලේඛයකින් දන්වයි" | "රජයේ නියමයන්ට පටහැනිව තවදුරටත් රාජ්‍ය ආයතන විසින් විවිධ උත්සව සඳහා වියදම් කරනු ලබන බවට වාර්තා වන බැවින් එම සියලුම ආකාරයේ උත්සව වියදම් අත්හිටුවන ලෙස මහා භාණ්ඩාගාර ලේකම් මහින්ද සිරිවර්ධන මහතා විසින් නව චක්‍රලේඛයක් මගින් සියලුම අමාත්‍යාංශ ලේකම්වරුන් ඇතුළු රාජ්‍ය ආයතන ප්‍රධානීන්ට දැනුම්දී ඇත. මේ අනුව සියලුම අමාත්‍යාංශ, දෙ... |
"රුසියාව ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවය වෙනුවෙන් සැමවිටම පෙනී සිටි විශ්වාසවන්ත මිතුරෙක් – අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන" | "රුසියාව ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවය වෙනුවෙන් සැමවිටම පෙනී සිටි විශ්වාසවන්ත මිතුරෙක් බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසයි. කොළඹ, අග්‍රාමාත්‍ය කාර්යාලයේදී පසුගියදා නව රුසියානු තානාපති ඛැඩ්බ ීග ෘ‘ය්ට්රහ්බ මහතා හමුවූ අවස්ථාවේදී අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළේය. දශක ගණනාවකට පෙර ඔරුවල වානේ කර්මාන්ත ශාලාවක් සහ කැලණියේ ටයර... |
"මොන හේතුවක් නිසාවත් මැතිවරණ කල් දාන්න අපි ඉඩ තබන්නේ නෑ" | "අද මේ රට ඇද දමා ඇති ආර්ථික අර්බුදය ඇතුළු ප්‍රශ්නවලින් රට ගොඩගෙන ජනතාව මුදා ගැනීමට ඇති එකම මාර්ගය වන්නේ ඉතා කඩිනමින් මැතිවරණයකට යෑමයි, ඒ සඳහා කාලය එළඹිලා තියෙනවා. ලබන වසරේ මාර්තු මාසයේ පැවැත්විය යුතු මැතිවරණයට අපි දැන් සූදානම්. අපි ගමින් ගමට ගොස් ජනතාව දැනුවත් කිරීම බොහෝ දුරට අවසන් කර තිබෙනවා. ඒ නිසා මොන නීති, තර්ක ගෙන... |
"කැසිනෝ බලපත්‍ර දීමට පෙර නියාමන අධිකාරියක් පිහිටුවන්න – හර්ෂ ද සිල්වා" | "මෙරට තුළ කැසිනෝ සඳහා බලපත්‍ර ලබාදෙන්නේ නම් ඊට පෙර ඒ සඳහා නියාමන ආයතනයක් කඩිනමින් ස්ථාපනය කළ යුතු බව මුදල් කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (28දා) පැවසීය. මන්ත්‍රීවරයා එහිදී වැඩිදුරටත් මෙසේද කීය. කැසිනෝ ව්‍යාපාර නියාමනය කිරීමේ පනතේ නියමයන්ට මුදල් කාරක සභාව මේ අවස්ථා... |
"ජනතාව අතට ‘කප් එක’ ගැනීමට හැකි වන පරිදි ‘මැච් එක’ ගැසිය යුතුයි – පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ" | "‘මැච් එක(අරගලය) අපි දින්නා. කප් එක රනිල්ගේ අතට ගියා‘ කියා ජවිපෙ අද පවසන බවත් එසේ අනුවණ ආකාරයට ‘මැච්‘ ගසා ඵලක් නොමැති බවත් පෙන්වා දෙන උත්තර ලංකා සභාගයේ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා රටේ ජනතාව අතට ‘කප් එක‘ ගෙනඒමට හැකි වන ආකාරයට ඒ ‘මැච් එක’ ගැසීමට එක් වන ලෙස ජනතාවට ඇරයුම් කරයි. පෙරේදා(27) හඟුරන්කෙත සංස... |
""13,200ක් රැඳවිය හැකි තැනක 26,000ක් හිර කරලා – බන්ධනාගාර උතුරයි"" | "දිවයින පුරා බන්ධනාගාරවල උපරිම වශයෙන් රැඳවියන් 13,200 ක් රැඳවීමේ හැකියාව ඇතත් මේ වන විට බන්ධනාගාර තුළ රැඳවියන් 26,000 ක් සිටින බව අතිරේක බන්ධනාගාර කොමසාරිස් ජනරාල් මාධ්‍ය ප්‍රකාශක චන්දන ඒකනායක මහතා පැවසීය. මෙම රැඳවියන් පිරිස අතරින් 13,300 ක් මත්ද්‍රව්‍ය ආශ්‍රිත චෝදනා හේතුවෙන් බන්ධනාගාරගත වූවන් බවද ඒ මහතා කීය. බන්ධනාගාර... |
"වැලිකඩ හිරගෙදර බිම රනිල්ගේ පරපුරේ එකක් – වජිර අබේවර්ධන" | "බොරැල්ල ප්‍රදේශයේ අක්කර තිහකට ආසන්න බන්ධනාගාර භූමියේ සැබෑ හිමිකරුවන් වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ පරම්පරාවේ අය යැයි එක්සත් ජාතික පක්ෂ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා පෙරේදා (26දා) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය. මේකට අදාළ ලියකියවිලි තියෙනවාද කියලා වගකිවයුතු ආයතනයෙන් ඇහුවම ඒවා අස්ථානගත වී ඇත... |
"ආහාර උද්ධමනයෙන් ශ්‍රී ලංකාව ලෝකයේ හයවැනි තැනට" | "ආහාර උද්ධමනය අතින් ශ්‍රී ලංකාව ලොව හයවන තැනට පැමිණ ඇතැයි ලෝක බැංකු නවතම වාර්තාව කියයි. එම වාර්තාව අනුව ශ්‍රී ලංකාවේ ආහාර උද්ධමනය සියයට 86 කි. ලෝක බැංකුවේ ආහාර සුරක්ෂිතතාව පිළිබඳ නවතම තක්සේරු වාර්තාව මත පදනම්ව මෙම දර්ශකය සැකසී ඇත. ලෝක බැංකු දර්ශකයට අනුව ලෝකයේ ආහාර උද්ධමනය වැඩිම රට ලෙස පළමු ස්ථානය හිමිකරගෙන ඇත්තේ සිම්බා... |
"කැරට් 22ට වැඩි ආභරණ පැළැඳ උඩින් ආවොත් වැඩ වරදී" | "ආනයන අපනයන පාලක ජනරාල්ගේ අවසරයකින් තොරව කැරට් 22කට වැඩි රන් භාණ්ඩ පැළැඳ ගුවන් මගින් පැමිණීම අත්හිටුවන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි. අනවශ්‍ය ලෙස රන් භාණ්ඩ පැළැඳ ජාවාරම් කිරීමේ අරමුණෙන් ගුවන් මගීන් ලෙස මෙරටට පැමිණෙන පුද්ගලයන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට රජය තීරණය කර ඇතැයි ද මුදල් රාජ්‍ය අමා... |
"නැතිබැරි ගුරුවරියන්ට සාරි දෙන්න ඇමැති ලෑස්තියි" | "සාරි ඇඳගෙන පාසල් යෑමට වත්කමක් නැති ගුරුවරියන් සම්බන්ධයෙන් තමා මේ දිනවල සමීක්‍ෂණයක් කරගෙන යන බව අධ්‍යාපන ඇමැති සුසිල් ප්‍රේමජයන්ත මහතා ‘දිවයින’ ට ඊයේ (27දා) පැවැසීය. සාරි මිලදී ගැනීමට වත්කමක් නැති නිසා වෙනත් මෝස්තර ඇඳුම් ඇඳගෙන යෑමට ගුරුවරියන්ට සිදුවී තිබෙන බවට රාවයක් ඇති බවත් එවැනි මුදල් නැති ගුරුවරියන්ට සාරි පිරිනැමීම... |
"උ.පෙළට කලා කරනවා නම් තාක්‍ෂණික විෂයයනුත් හදාරන්න – විභාග කොමසාරිස් ජනරාල්" | "සාමාන්‍ය පෙළ සමත් සිසුන් කලා විෂයය ධාරාවෙන් උසස් පෙළ හදාරනවා නම් තාක්‍ෂණික විෂයයන්ද හදාරන ලෙස විභාග කොමසාරිස් ජනරාල් එල්. එම්. ඩී. ධර්මසේන මහතා ඉල්ලා සිටියේය. කලා විෂයයන් හදාරා උපාධියක් ලබාගත්තත් රජයේ රැකියා හෝ වෙනත් රැකියාවක් සොයා ගැනීමට අපහසු බවත්, ඒ බව සිසුන් තේරුම් ගෙන කලා විෂය ධාරාවෙන් උසස් පෙළ හදාරනවා නම් ඉංග්‍ර... |
""සා පෙළ විභාගයෙන් A – 9 හපන්නු 10,863 ක් 6566කට F- 9 යි"" | "සාමාන්‍ය පෙළ (2021) විභාගය සඳහා පෙනී සිටි සිසුන් 10,863 ක් විෂයයන් 9 ටම ඒ සාමාර්ථ ලබාගෙන ඇත. විෂයයන් 09 ම අසමත් සංඛ්‍යාව 6566 කි. විභාගය සඳහා පෙනී සිටි සිසුන් 3,31,982 ක් අතරින් මෙම පිරිස ඒ 09 ලබාගෙන ඇතැයි ද විභාග කොමසාරිස් ජනරාල් එල්. එම්. ඩී. ධර්මසේන මහතා පැවසීය. විභාග අපේක්‍ෂකයන් 498 කගේ ප්‍රතිඵල නිකුත් කිරීම තාවකා... |
"නොරොච්චෝලෙට ගල්අඟුරු තෙල් ගෙන එන සමාගමකින්ම!" | "නොරොච්චෝල ගල්අඟුරු බලාගාරයට අවශ්‍ය ගල් අඟුරු තොග මෙරටට ඉන්ධන සපයන සමාගමකින් මිලදී ගැනීමට සැලසුමක් ක්‍රියාත්මක වන බව විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයේ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි. ටෙන්ඩර් කැඳවීමකින් තොරව මෙය සිදු කිරීමට උත්සාහ දරන බවටද පැවසේ. මේ වන විට මේ වසර සඳහා ගල්අඟුරු මිලදී ගැනීමට කැඳවූ ටෙන්ඩරයට එරෙහිව අධිකරණය... |
"බිත්තරයක විකුණුම් මිල සතියක් ඇතුළත දන්වන්න – හර්ෂ වෙළෙඳ අමාත්‍යාංශයට කියයි" | "සතියක් ඇතුළත බිත්තරයක විකුණුම් මිල ගණනය කොට ඉදිරිපත් කරන ලෙස රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ සභාපති ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා මුදල් හා වෙළෙඳ අමාත්‍යාංශ නිලධාරීන්ට නියෝග කර තිබේ. කුකුළු කෑම ආනයනය කිරීම සම්බන්ධයෙන් 1969 අංක 1 දරන ආනයන හා අපනයන පනතට අදාළ රෙගුලාසි සලකා බලා නිසි මිල ගණනය කර ලබාදෙන ලෙස මෙලෙස දැනුම්දී තිබේ. රජය... |
"උප්පැන්නෙ නැතත් අයිඩෙන්ටිය ගන්න පුළුවන් – පු. ලි. දෙ. කොමසාරිස් ජනරාල්" | "උප්පැන්නයක් නැතත් ජාතික හැඳුනුම්පත සකස් කරගැනීමේ හැකියාව පවතින බව පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල් වියානි ගුණතිලක මහතා පවසයි. හැඳුනුම්පත නොමැතිවීම නිසා මෙවර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටි සිසුන් 318 කගේ ප්‍රතිඵල තාවකාලිකව අත්හිටුවා ඇති බවත්, එම පිරිසට හැඳුනුම්පත ලබාගැනීමට නොහැකිවී ඇත්තේ කුම... |
"යාල එක් කලාපයක Night Safari ව්‍යාපෘතියක් ඇරැඹීමට යයි" | "යාල වනෝද්‍යානයේ එක් කලාපයක නියාමන ව්‍යාපෘතියක් වශයෙන් රාත්‍රි කාලයේ වනසතුන් දැක බලා ගැනීම සඳහා Night Safari විවෘත කිරීමට ඇති හැකියාව සම්බන්ධව සොයා බලා එම කටයුතු ආරම්භ කිරීමට පියවර ගන්නා ලෙස කෘෂිකර්ම හා වනජීවී අමාත්‍ය මහින්ද අමරවීර මහතා නිලධාරීන්ට උපදෙස් දුන්නේය. යාල වනෝද්‍යානයේ දැනට දෙස් විදෙස් සංචාරකයන් සඳහා විවෘත කර... |
"රට පුරාම භූමිතෙල් හිඟයක්: භූමිතෙල් ළිප් වේලෙනවා පාරිභෝගිකයන්ගෙන් මැසිවිලි" | "රටපුරා භූමිතෙල් හිඟය තවදුරටත් පවතින බවට පාරිභෝගික ජනතාව චෝදනා කරති. මේ හේතුවෙන් භූමිතෙල් ළිප් භාවිත කළ ජනතාව දැඩි අපහසුතාවට පත්ව සිටිති. භූමිතෙල් මිල වැඩි කළ ද භූමිතෙල් කිසිදු තැනක නොමැති බව ද භූමිතෙල් හිඟය මාස කීපයක සිට පවතින ගැටලුවක් බව ද ඔවුහු කීහ. අප මේ සම්බන්ධයෙන් ඛනිජ තෙල් බෙඳුම්කරුවන්ගේ සංගමයේ උප සභාපති කුසුම් ... |
""ලොරි රියැදුරුගෙන් රු.12,000 ක් අල්ලස් ගත් පොලිසියේ 4 කගේ වැඩ තහනම්"" | "ලොරි රථ රියදුරකුගෙන් රුපියල් 12,000 ක අල්ලසක් ලබාගැනීම සම්බන්ධයෙන් කන්දකැටිය පොලිස් ස්ථානයේ රථවාහන රාජකාරියේ නිරතව සිටි පොලිස් සැරයන්වරයකුගේ සහ කොස්තාපල්වරුන් තිදෙනෙකුගේ සේවය ඊයේ (27දා) සිට අත්හිටුවා ඇත. මෙලෙස සේවය අත්හිටුවා ඇත්තේ පො.සැ.(40409) අබේවික්‍රම, පොලිස් කොස්තාපල්වරුන් වන (74405) විජේසූරිය, (74460) දිසානායක, ... |
""මේ නොවැම්බරයේ දින 22ට විදෙස් සංචාරකයෝ 41,308ක් දිවයිනට"" | "මේ නොවැම්බර් මාසයේ පළමු දින 22 තුළ ශ්‍රී ලංකාවට විදෙස් සංචාරකයන් 41,308 ක් පැමිණ ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි. මේ අනුව 2022 වසරේ මේ දක්වා මෙරටට පැමිණ ඇති සමස්ත සංචාරකයන් සංඛ්‍යාව 609,566 ක් ලෙස ද වාර්තා වේ. නොවැම්බර් මාසයේ දී පැමිණ තිබෙන සංචාරකයන් අතරට රුසියානුවෝ 10,066 ක් හා ඉන්දියානුවෝ 7,021 ක් ඇත... |
""විඳෙව්වා ඇති, රටම විඳින්නට නම් සියලු ආගමික නායකයින්, සියලු ජාතීන් එකතු විය යුතුයි"" | "පෙබරවාරි 4 දිළිඳු රටක අභිමානය සමරන්න යනවාමේ සඳහා ගිජුලිහිණියෝ කොටසක් එකතු වෙලාමිහින්තලා රජමහා විහාරාධිපති වලවාහැංගුණවැවේ ධම්මරතන නාහිමි විඳෙව්වා ඇති, රටම විඳින්නට නම් අපේ මේ සියලු ආගමික නායකයෝ, සියලු ජාතීන් එකතු විය යුතුයි. අපි බෙදිලා ඉන්න තුරාවට මේ දේශපාලනඥයන්ට ලේසියි මේ රට කෑලි කෑලිවලට බෙදාගෙන ඕන විදිහට රට පාලනය කරන... |
"උද්ඝෝෂණ නවත්වන්න ආවොත් ජනතාව සමඟ පාරට බහිනවා – විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස මීගමුවේදී කියයි" | "මීගමුව කියන්නේ දිවයිනේ ප්‍රධාන ධීවර නගරවලින් එකක්. එදා සතුටින් කල් ගෙවපු ධීවර ජනතාව අද දුක්ඛිත තත්ත්වයට පත්වෙලා. රටට බරක් නොවී සිටින ධීවර ජනතාවට අද රජයෙන් සහන ලබා දෙන්නේ නැහැ. බිලී කට්ටේ ඉඳන් ධීවර යාත්‍රාව දක්වා මිල දරන්න තරං බැරි ලෙස මිල වැඩිවෙලා. ධීවරයන්ට සහනයක් ලබාදිය හැක්කේ සමගි ජනබලවේගයේ රජයකට පමණකැයි සමගි ජනබලවේ... |
"යාල එක් කලාපයක Night Safari ව්‍යාපෘතියක් ඇරැඹීමට යයි" | "යාල වනෝද්‍යානයේ එක් කලාපයක නියාමන ව්‍යාපෘතියක් වශයෙන් රාත්‍රි කාලයේ වනසතුන් දැක බලා ගැනීම සඳහා Night Safari විවෘත කිරීමට ඇති හැකියාව සම්බන්ධව සොයා බලා එම කටයුතු ආරම්භ කිරීමට පියවර ගන්නා ලෙස කෘෂිකර්ම හා වනජීවී අමාත්‍ය මහින්ද අමරවීර මහතා නිලධාරීන්ට උපදෙස් දුන්නේය. යාල වනෝද්‍යානයේ දැනට දෙස් විදෙස් සංචාරකයන් සඳහා විවෘත කර... |
"සරසවිවල වසර ගණන් රැඳෙන සිසුන්ට සීමා බන්ධන" | "විශ්වවිද්‍යාලයකට වසර 04 ක උපාධියක් ලබා ගැනීම සඳහා ඇතුළත් වන සිසුන් වසර 04 කින් උපාධිය ලබාගෙන නොමැති නම් ඔවුන්ට විශ්වවිද්‍යාලය තුළ රැඳී සිටිය නොහැකි යැයි විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග මහතා ‘දිවයින ඉරිදා සංග්‍රහය’ට පැවසීය. වසර 04 ක උපාධියක් සඳහා සිසුන් ඇතුළත් වී වසර 04 කද... |
"සිසුන් ගැන තීරණය සරසවි සතු කාර්යයක් – ආචාර්ය සංගමයේ සභාපති" | "විශ්වවිද්‍යාලවලට ඇතුළත්වන සිසුන් උපාධිය සම්පූර්ණ කළ යුත්තේ කුමන වසර ගණනකින් ද යන්න තීරණය කළ යුත්තේ ඒ ඒ විශ්වවිද්‍යාල තුළ පවතින සනාතන සභාව විසින් යැයි විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සංගමයේ සභාපති මහාචාර්ය ඕ. එම්. එච්. එස්. කේ. බන්නැහැක මහතා ‘දිවයින ඉරිදා සංග්‍රහය’ට පැවසීය. විශ්වවිද්‍යාලයට ඇතුළත්වන සිසුන්ගේ පාඨමාලා කාලය වස... |
"විදුලි බිල යළි වැඩිවේ" | "විදුලි බිල නැවත වැඩි කිරීම සඳහා පසුගිය සතියේ දී කැබිනට් මණ්ඩල පත්‍රිකාවක් ඉදිරිපත් කළ බව විදුලි බල හා බලශක්ති ඇමැති කංචන විජේසේකර මහතා පාර්ලිමේන්තුවේ දී ඊයේ (25 දා) පැවසීය. එම අමාත්‍යාංශය පිළිබඳ කාරක සභා අවස්ථාවේ විවාදයට එක්වෙමින් හෙතෙම මේ බව සඳහන් කළේය. ලෝක වෙළෙඳ පොළේ දැවි තෙල්, ඉන්ධන සහ ගල්අඟුරු මිල ගණන් ඉහළ යෑම මත ... |
"ජනපතිට එන පැමිණිලිවලට දුරකථනයෙන්ම විසඳුම් දෙයි" | "ජනාධිපති කාර්යාලයට ලිඛිතව හා දුරකථන මගින් යොමු කෙරෙන පැමිණිලි සඳහා කඩිනම් විසඳුම් ලබාදෙන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා උපදෙස් දී ඇත. ඒ අනුව ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මහතා විසින් ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානීන් සියලු දෙනා සිය නිල කාමරයට කැඳවා දුරකථන කිහිපයක් ද ගෙනැවිත් තෝරාගත් පැමිණිලි 35කට පැයක ... |
"ඕමානයේ ගණිකා ජාවාරම සොයන්න ඉන්ටර්පෝල් සහාය" | "ශ්‍රී ලාංකික කාන්තාවන් ඇතුළු පිරිස් ඕමානයට ගෙන්වා ගණිකා වෘත්තියේ යෙදවූ බව කියන ආන්දෝලනාත්මක සිද්ධියේ විමර්ශන කටයුතු සඳහා ජාත්‍යන්තර පොලිසියේ (ඉන්ටර්පෝල්) සහාය ලබාගැනීමට ශ්‍රී ලංකා පොලිසිය පියවර ගෙන තිබේ. මෙම සිද්ධියට අදාළව යම් තොරතුරක් වෙතොත් ළඟම පොලිසියට ලබාදෙන ලෙස පොලිසිය ඊට ගොදුරු වූ අයගෙන් ඉල්ලා සිටී. විසිට් වීසා ... |
"ට්‍රම්ප්ට ස්ත්‍රී දූෂණ නඩුවක්" | "ඇමරිකානු ලේඛිකාවක් වන ඊ ජීන් කැරොල් හිටපු ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහිව ස්ත්‍රී දූෂණ චෝදනා යටතේ නඩු පවරා තිබේ. මේ වන විට 78 හැවිරිදි වියෙහි පසුවන කැරොල්ට මෙයට වසර 27 කට පමණ පෙර 1995 වසරේදී ට්‍රම්ප් විසින් නිව්යෝක් නගරයේ පිහිටි සුඛෝපභෝගී නිවෙසක කාමරයක දී ලිංගික අතවරයක් සිදු කළ බවට නඩු පවරා තිබේ. හිටපු ජනාධ... |
"ප්‍රියමාලිගේ තාත්තා සෝමවංශද…" | "මූල්‍ය වංචා චෝදනා මත අත්අඩංගුවට ගෙන බන්ධනාගාර ගතකර සිටින තිළිණි ප්‍රියමාලිගේ පියා ජනතා විමුක්ති පෙරමුණ හිටපු නායක සෝමවංශ අමරසිංහ මහතා යැයි ගවේශනාත්මක මාධ්‍යවේදී කීර්ති රත්නායක මහතා පවසයි. ඇයගේ මව කුරුණෑගල ප්‍රදේශයේ ජීවත් වන බවත් පවසන ඒ මහතා මේ වනවිට ඇය සිටින්නේ දෙවැනි කසාදයේ සැමියා සමග බවත් සඳහන් කරයි. දෙවැනි කසාදේ සැ... |
"රෝගීන්ට අනවශ්‍ය ලෙස වේදනා නාශක හා ප්‍රතිජීවක ඖෂධ දීලා" | "වෛද්‍යවරුන් රෝගීන්ට අනවශ්‍ය ලෙස වේදනානාශක ඖෂධ සහ ප්‍රතිජීවක ඖෂධ ලබාදීම නිසා එවැනි ඖෂධ ආනයනය කිරීම ඉහළ ගොස් ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය සැපයුම් අධ්‍යක්‍ෂ වෛද්‍ය ඒ. ටී. සුදර්ශන මහතා පවසයි. එබැවින් ඉදිරියේදී වෛද්‍යවරුන් සමග සාකච්ඡා කර අනවශ්‍ය ලෙස මෙවැනි ඖෂධ රෝගීන්ට ලබාදීම පාලනය කිරීමට කටයුතු කරන බවද සඳහන් කරයි. රජයේ... |
"අශ්වයන් බෝකරන්න අඹේවෙල අක්කර 5 ක්" | "ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුවට අවශ්‍ය අශ්වයන් නෙදර්ලන්තයෙන් ගෙන්වා ගැනීමේ දී විශාල මුදලක් වැය වන බැවින් අඹේවෙල ප්‍රදේශයේ අශ්වයන් බෝකරන මධ්‍යස්ථානයක් ආරම්භ කිරීමට තීරණය කර ඇත. දැනටමත් මේ සඳහා අඹේවෙල ප්‍රදේශයේ අක්කර පහක ඉඩමක් වෙන්කර ඇති බව අශ්වා රෝහක අංශයේ අධ්‍යක්‍ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි අමල් එදිරිමාන්න මහතා ‘දිවයි... |
"උතුරේ කොටි සමරන්න රටවල් 10 කින් මුදල්" | "උතුරේ කොටි සමරු උත්සව පැවැත්වීම සඳහා රටවල් 10කින් අරමුදල් සපයන බව හෙළිවී ඇත. නෙදර්ලන්තය, ප්‍රංශය, ජර්මනිය, ස්විට්සර්ලන්තය, නෝර්වේ, ස්විඩනය, ඉතාලිය, කැනඩාව, ඔස්‌ට්‍රේලියාව සහ මැලේසියාව යන රටවල ඩයස්පෝරා ක්‍රියාකාරීන් යුරෝ මිලියන 10ක් උතුරේ සංවිධානවලට අරමුදල් ලබා දී තිබේ. මෙම අරමුදල්වලින් වැඩි හරිය ලබා දී ඇත්තේ යාපනය විශ... |
"ප්‍රියමාලිගේ තාත්තා සෝමවංශද…" | "මූල්‍ය වංචා චෝදනා මත අත්අඩංගුවට ගෙන බන්ධනාගාර ගතකර සිටින තිළිණි ප්‍රියමාලිගේ පියා ජනතා විමුක්ති පෙරමුණ හිටපු නායක සෝමවංශ අමරසිංහ මහතා යැයි ගවේශනාත්මක මාධ්‍යවේදී කීර්ති රත්නායක මහතා පවසයි. ඇයගේ මව කුරුණෑගල ප්‍රදේශයේ ජීවත් වන බවත් පවසන ඒ මහතා මේ වනවිට ඇය සිටින්නේ දෙවැනි කසාදයේ සැමියා සමග බවත් සඳහන් කරයි. දෙවැනි කසාදේ සැ... |
"රෝගීන්ට අනවශ්‍ය ලෙස වේදනා නාශක හා ප්‍රතිජීවක ඖෂධ දීලා" | "වෛද්‍යවරුන් රෝගීන්ට අනවශ්‍ය ලෙස වේදනානාශක ඖෂධ සහ ප්‍රතිජීවක ඖෂධ ලබාදීම නිසා එවැනි ඖෂධ ආනයනය කිරීම ඉහළ ගොස් ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය සැපයුම් අධ්‍යක්‍ෂ වෛද්‍ය ඒ. ටී. සුදර්ශන මහතා පවසයි. එබැවින් ඉදිරියේදී වෛද්‍යවරුන් සමග සාකච්ඡා කර අනවශ්‍ය ලෙස මෙවැනි ඖෂධ රෝගීන්ට ලබාදීම පාලනය කිරීමට කටයුතු කරන බවද සඳහන් කරයි. රජයේ... |
"රජයට එරෙහිව නිහඬ විරෝධතාවක්…." | "රජයට එරෙහිව නිහඬ විරෝධතාවක් සිකුරාදා (25 දා) පෙරවරුවේ නීතිපති දෙපාර්තමේන්තුව ඉදිරිපිටදී අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය විසින් පවත් වන ලදී. වසන්ත මුදලිගේ හා ගල්වැව සිරිධම්ම හිමියන් නිදහස් කරන ලෙස ඉල්ලමින් එම විරෝධතාවය පැවැත්විණි. ඡායාරූපය – නිශාන් එස්. ප්‍රියන්ත" |
"විදුලි ගාස්තු තවත් වැඩිවෙයි" | "විදුලි බිල නැවත වැඩි කිරීම සඳහා පසුගිය සතියේ දී කැබිනට් මණ්ඩල පත්‍රිකාවක් ඉදිරිපත් කළ බව විදුලි බල හා බලශක්ති ඇමැති කංචන විජේසේකර මහතා පාර්ලිමේන්තුවේ දී ඊයේ (25 දා) පැවසීය. එම අමාත්‍යාංශය පිළිබඳ කාරක සභා අවස්ථාවේ විවාදයට එක්වෙමින් හෙතෙම මේ බව සඳහන් කළේය. ලෝක වෙළෙඳ පොළේ දැවි තෙල්, ඉන්ධන සහ ගල්අඟුරු මිල ගණන් ඉහළ යෑම මත ... |
"60 පිරෙන වෛද්‍යවරුන් විශ්‍රාම යවයි" | "මේ වන විට වයස අවුරුදු 59ක් සම්පූර්ණ වී ඇති වෛද්‍යවරුන් තම වයස අවුරුදු 60 සම්පූර්ණ වන විට අනිකුත් රාජ්‍ය නිලධාරීන් මෙන්ම විශ්‍රාම ගැන්වීමට තීරණය වී තිබේ. වෛද්‍යවරුන් ඇතුළත් වන විශේෂිත සේවාවන්ට අදාළ අනිවාර්ය විශ්‍රාම ගැන්වීමේ වයස, ගැන වැඩිදුර කරුණු අධ්‍යයනය කිරීමේ, අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ සභාපතිත්වයෙන් යුත් ... |
"ජනපතිට සජිත්ගෙන් ‘රිටන්’ එකක්" | "අගමැති ධුරය භාර ගැනීම උදෙසා තමන් රාජපක්ෂ වන්දනාවේ නොගිය බවත්, ගෝඨාභය රාජපක්ෂ හිටපු ජනාධිපති කරනු ලැබූ ඉල්ලීමට තම ප්‍රතිචාරය ප්‍රසිද්ධියේ යොමු කළ බවත්, එය සමගි ජන බලවේගයේ සහ සමගි ජන සන්ධානයේ පක්ෂවල සාමූහිකත්වය ඇතිව සිදු කළ බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය. තමන් විසින් ලියන ලද ලිපියෙහි කොටසක් පමණක් ඉදිරිපත් ... |
"එක්ස්ප්‍රස් පර්ල් කපිතාන් ඇතුළු 5කට අධි චෝදනා භාර දෙයි" | "තවත් තිදෙනකුට නොතිසි උසාවි අවසරය නැතිව රට ගමන් තහනම් විෂ රසායනික ද්‍රව්‍ය අඩංගු කන්ටේනර් කිහිපයක් ඇතුළු කන්ටේනර් 186 ක් ප්‍රවාහනය කරමින් තිබිය දී පසුගිය වසරේ මැයි 20 වැනිදා ශ්‍රී ලංකා මුහුදු සීමාව ආසන්නයේ දී ගිනි ගැනීමට ලක්වූ එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ කපිතාන්වරයා, එකී නැව හිමි විදේශීය නැව් සමාගමේ මෙරට නියෝජිත සමාගමේ නි... |
"ඔක්තෝබර් ලංවිම කෝටි 600ක් ලාබයි: යළිත් විදුලි බිල වැඩි කළොත් උසාවි යනවා" | "විදුලිය පාවිච්චි කරන්නන්ගේ සංගමයේ ලේකම් සංජීව ධම්මික යළිත් වරක් විදුලි බිල වැඩි කිරීමට කටයුතු කළහොත් ඊට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග ගන්නා බව විදුලිය පාවිච්චි කරන්නන්ගේ සංගමයේ ලේකම් සංජීව ධම්මික මහතා ‘දිවයින’ට ඊයේ (25 දා) පැවසීය. ලක්ෂ 65ක් වන විදුලි පාරිභෝගිකයන් සෙල්ලමකට ගන්න එපා යැයි ඇමැතිවරයාට පවසන්නේ යැයි ද හෙතෙම කීව... |
"පොලිස් අශ්වයන් දෙදෙනාගේ මරණවලට හේතු හෙළි වෙයි" | "පොලිස් අශ්වාරෝහක අංශයට සම්බන්ධ නෙදර්ලන්ත අශ්වයන් දෙදෙනාගේ එක් අශ්වයකු නිව්මෝනියාව වැළදී මියගොස් ඇති අතර අනිකි අශ්වයා දුර්ලවල තත්ත්වයෙන් මියගොස් ඇතැයි එම අංශයේ ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙක් “දිවයින”ට පැවසීය. දැනට එම අංශයට අශ්වයන් 39 දෙනකු සේවයට යොදා ඇත. ඉදිරි වසරේ දී අශ්වයන් 12 දෙනකු නෙදර්ලන්තයෙන් මිලට ගැනීමට පොලිසිය ක්... |
"දිවංගත ඩී. ඒ. රාජපක්‍ෂ 55 වැනි ගුණ සමරුව" | "දිවංගත ඩී. ඒ. රාජපක්‍ෂ මහතාගේ 55 වැනි ගුණ සමරුව නිමිත්තෙන් විශේෂ ගුණ සමරු දේශනය පෙරේදා (24 දා) පස්වරුවේ කොළඹ නව නගර ශාලාවේදී පැවැත්වුණු අතර එහි ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ජනපති රනිල් වික්‍රමසිංහ මහතා සහභාගි විය. රාජපක්‍ෂ අනුස්මරණ අධ්‍යාපනික, සංස්කෘතික හා සමාජ සේවා පදනම විසින් සංවිධානය කර තිබූ මෙම උළෙලේ මුලසුන මහා විහා... |
"කාන්තාවන්ට නිසි තැන ලබාදීමට පිරිමින්ගේ ආකල්ප වෙනස් විය යුතුයි – හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග" | "කාන්තාවන්ට නිසි තැන හිමිවීමට නම් පළමුවෙන්ම කළ යුත්තේ පිරිමින්ගේ ආකල්ප වෙනස් කිරීම යැයි හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා කුමාරණතුංග මහත්මිය කීවාය. දේශපාලන ක්‍ෂේත්‍රයේ හා සමාජ ක්‍රියාකාරීත්වයේ නිරත කාන්තාවන් සියදෙනකු වෙනුවෙන් පැවැති පුහුණු වැඩසටහනක් අවසානයේ සහතික පත්‍ර ප්‍රදානය කිරීම සඳහා පෙරේදා (24 දා) බණ්ඩාරනායක අනුස්මරණ ජ... |
"රත්මලානේ දුම්රිය මැදිරියක් ගිනි ගනියි" | "රත්මලාන දුම්රිය කර්මාන්ත ශාලාවේ දුම්රිය මැදිරියක ඊයේ (25දා) හදිසියේ ඇතිවූ ගින්නකින් එම දුම්රිය මැදිරිය විනාශ වී තිබේ. එම කර්මාන්ත ශාලාවේ අලුත්වැඩියා කරමින් තිබූ වායු සමීකරණය කළ රුමේනියම් දුම්රිය මැදිරියක් එලෙස ගිනිගෙන විනාශ වී තිබේ. මෙම මැදිරිය වෑල්ඩින් කරමින් තිබියදී සුළං සමග ගිනිගත් බවත්, ඉන් සම්පූර්ණ මැදිරිය ගිනිගෙ... |
"ජපානයේ ජේ. ආර්. ප්‍රතිමාව හැදූ කමිසකමොකෝ පවුල අගමැති හමුවෙයි" | "ශ්‍රී ලංකාව තුළ සිදුකළ හැකි නව ආයෝජන පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා ජපානයේ ඉහළ පෙළේ ව්‍යවසායකයන් පිරිසක් ඉකුත් 24 දා පාර්ලිමේන්තු අග්‍රාමාත්‍ය කාර්යාලයේදී අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා හමුවිය. එම දූත පිරිසට ජපානයේ රාජකීය පවුලේ සාමාජිකාවක් සහ කෝක්යෝ මෙට්‍රොපොලිටන් කවුන්සිලයේ හිටපු සාමාජිකාවක් වන සයිගෝ අයුමි මහත්මිය සහ දෙවන ල... |
"ටී. එන්. ඒ. 5 දෙනෙක් ද්විත්ව පුරවැසියෝ" | "ද්‍රවිඩ සන්ධානයේ දේශපාලකයන් පස්දෙනකු ද්විත්ව පුරවැසියන් බව හෙළිවී ඇත. එසේම ද්‍රවිඩ සන්ධානයේ දේශපාලන පක්‍ෂයක නායකයකුගේ බිරිඳ සහ දරුවෝ කැනඩාවේ පදිංචිකරුවෝය. මේ හැර තවත් ද්‍රවිඩ දේශපාලකයන් දෙදෙනකු ස්විස් පුරවැසියන් වන අතර තවත් අයෙකු බ්‍රිතාන්‍යය පුරවැසියෙකි. ශ්‍රී ලාංකික දේශපාලකයන් දෙදෙනකු ද ඔස්‌ට්‍රේලියානු පුරවැසියන් බව... |
"ස්ටිකරය නිසා සුරාබදු ආදායම 20% කින් වැඩි වුණා- ඇමැති සියඹලාපිටිය" | "මද්‍යසාර බෝතල් මත ආරක්‍ෂිත ස්ටිකරයක් ඇලවීමට ගත් තීරණය නිසා ගෙවී ගිය මාස දහයේදී සුරාබදු ආදායම සියයට 20 කින් වර්ධනය වී ඇති බව මුදල් රාජ්‍ය ඇමැති රංජිත් සියඹලාපිටිය මහතා පැවසීය. ව්‍යාජ ස්ටිකර් සහිත මද්‍යසාර බෝතල් වෙළෙඳපොළේ පවතින බවට විපක්‍ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු කළ ප්‍රකාශයකට පිළිතුරු දෙමින් ඔහු මේ බව කීවේය. 2016 ... |
"වාහන තදබදයෙන් රටේ ආර්ථිකයට විශාල බලපෑමක් – විගණනය පෙන්වා දෙයි" | "රථ වාහන තදබදය නිසා මෙරට ආර්ථිකයේ දළ ජාතික නිෂ්පාදනයෙන් සියයට 1.8ක් අහිමිවී යන බව අනාවරණය වී ඇත. අග නගර සංවර්ධන සැලැස්ම අනුව (2019-2030) ප්‍රවාහන තදබදය නිසා ශ්‍රී ලංකා ආර්ථිකයේ වාර්ෂික දළ ජාතික නිෂ්පාදන ප්‍රමාණයෙන් සියයට 1.8ක් අහිමිවී යන බවට ඇස්තමේන්තු කර ඇත. රථවාහන තදබදයේ ආර්ථික පිරිවැය අගය කිරීම යන මාතෘකාව යටතේ 2017 ... |
"ලෙබනනය හරහා ඉතාලි පටවන ජාවාරමක් හෙළිවෙයි" | "මිනිස් ජාවාරම්කරුවන් විසින් ලෙබනනය හුවමාරු මධ්‍යස්ථානයක් කරගනිමින් නීති විරෝධී ලෙස ශ්‍රී ලාංකිකයන් ඉතාලිය වෙත රැගෙන යෑමේ ජාවාරමක් පිළිබඳව විදේශ සේවා කාර්යාංශය වෙත තොරතුරු ලැබී ඇත. එසේ අන්තරායකාරී ලෙස ඉතාලිය බලා යාත්‍රා කළ බෝට්ටු කිහිපයක්ම අනතුරට ලක්වී අවතැන් වූ පිරිස අතර, මෙරට පිරිසක් ද සිටින බැවින්, මෙම නීති විරෝධී ක... |
"පක්ෂ පාට නැතිව වෙනසක මගකට කොළඹ පුංචි මන්ත්‍රීවරියන් එක්වී" | "පැෆරල් සංවිධානය විසින් දේශපාලනයේ නියුතු කාන්තාවන් බලගැන්වීම සඳහා “වෙනසකට මගක්” යනුවෙන් දිවයින පුරා ක්‍රියාත්මක වැඩසටහනක් ක්‍රියාත්මක කර ඇත. දේශපාලනයේ නිරත කාන්තාවන්ගේ දැනුම, ආකල්ප සහ කුසලතාවලින් සන්නද්ධ කරවීම මෙම වැඩසටහනෙහි පරමාර්ථය වේ. ඒ මග යමින් කොළඹ දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතනවල මන්ත්‍රීවරියන් විසින් කොළඹ රිජ්වේ... |
"අරාජිකත්වයත් ප්‍රචණ්ඩත්වයත් මානව හිමිකම්වලට අයිති නෑ මේ සෙල්ලම නතර කළ යුතුයි" | "පැවිද්දන් අරගලවලට දාගෙන රට කලබල කරන්න දෙන්නෑකිසිම විශ්වවිද්‍යාල ශිෂ්‍යයෙක් අත්අඩංගුවේ නෑසිවුරු ඇඳගත් බට්ටන් දාලා මහ නාහිමිවරුන්ට තර්ජනය කරන්න දෙන්න බෑමුදලිගේ වසර 9ක් තිස්සේ කැම්පස් එකේ මේක හරිවැඩක් නේ – ජනාධිපති පාර්ලිමේන්තුවේදී කියයි පැවිදි පුද්ගලයන් අරගලවලට යොදවා රටේ කලබල ඇති කිරීමට ඉඩදීමට නොහැකි යැයි ජනාධිපති රනිල්... |
"ගෝල්ඩ් කොයින්ස් මෘදුකාංගය හරහා කෝටි 1500 ක් ගිණුම්වලින් ඇදලා" | "චීන ජාතිකයන් 2 ක් ඇතුළු 8 ක් රිමාන්ඩ් ස්පොර්ට් චේන් (ගෝල්ඩ් කොයින්) නමින් පරිගණක මෘදු කාංගයක් හඳුන්වා දී ප්‍රතිලාභ ලබාදෙන බවට මහජනයා මුලා කර එකී මෘදුකාංගය හරහා මුදල් තැන්පත් කරවා ගැනීම සම්බන්ධයෙන් පවරා ඇති නඩුවේ චීන ජාතික කාන්තාව හා චීන ජාතිකයකු ඇතුළු සැකකරුවන් අටදෙනා ලබන 8 වැනිදා දක්වා රක්‍ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළ... |
"මට අයි.එම්.එෆ්. විශ්‍රාම වැටුපක් නෑ: මගේ පඩිය ලක්‍ෂ 4 යි" | "තමාට මහ බැංකුවෙන් රුපියල් ලක්‍ෂ 25 ක වැටුපක් හෝ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් විශ්‍රාම වැටුපක් ලැබෙනවා කියන කතාව සම්පූර්ණ බොරුවක් බව ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පෙරේදා (23දා) මහ බැංකු මූලස්ථානයේදී පැවසීය. තමා එය වගකීමෙන් ප්‍රකාශ කරන බවද ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා කීවේය. මහ බැංකුවේ ප්‍රවෘත... |
"හොර ස්ටිකර් ගැසූ මත්පැන් බෝතල් ලක්ෂ ගණනක් වෙළෙඳපොළේ – මන්ත්‍රී බුද්ධික පතිරණ" | "ව්‍යාජ ආරක්ෂිත ස්ටිකර සහිත මත්පැන් බෝතල් ලක්ෂ ගණනක් වෙළෙඳපොළේ පවතින බව සමගි ජන බල වේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ මහතා ඊයේ (24දා) පැවසීය. මන්ත්‍රීවරයා චෝදනා කරන්නේ මත්පැන් නිෂ්පාදකයන් සහ සුරාබදු දෙපාර්තමේන්තුවේ ඉහළ නිළධාරින් පිරිසක් මෙම ජාවාරම පිටුපස සිටින බවයි. මෙම ජාවාරම තුළින් රජයට විශාල බදු මුදලක් අහිමි ... |
"දකුණේ පාතාලය මුහුදේ නාන්න එන විදේශිකයන්ගෙන් කප්පම් ගනී" | "දකුණු මුහුදේ දිය නෑමට එන විදෙස් සංචාරකයන්ගෙන් කප්පම් ගන්නා පාතාල කල්ලියක තොරතුරු ලැබී ඇතැයි දකුණු පළාත් භාර (අපරාධ) ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා “දිවයින”ට ඊයේ (24දා) පැවසීය. මීට අමතරව විදේශිකයන්ගේ වාහන ගාල් කිරීමේදී ද මොවුන් කප්පම් ගන්නා බව අනාවරණය වී ඇත. භාණ්ඩ අලෙවි කිරීමේදී විවිධ පුද්ගලයන් විදේශිකයන් ... |
"මහජන සම්පත පන්දහස් වන දිනුම් ඇදීමට අදාළ පළමු ටිකට්පත ජනපතිට" | "මහජන සම්පත පන්දහස් වන අභිමානවත් දිනුම් ඇදීමට අදාළ පළමු ටිකට්පත ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත අළෙවි කිරීම ඊයේ (24 දා) පෙරවරුවේ පාර්ලිමේන්තු පරිශ්‍රයේ දී සිදු විය. ජාතික ලොතරැයි මණ්ඩලයේ වැඩබලන සභාපති ජනාධිපති නීතිඥ රොන්ල්ඩ් සී. පෙරේරා මහතා විසින් ටිකට්පත ජනාධිපතිවරයා වෙත පිළිගන්වනු ලැබීය. ජාතික ආරක්‍ෂාව පිළිබඳ ජනා... |
"යළි ශ්‍රී ලංකාවට යවන්න කියා ඕමාන් තානාපති ළඟ කාන්තාවෝ පිරෙති" | "ගෘහ සේවිකාවන් ලෙස ඕමානයට පැමිණ සිටින ශ්‍රී ලාංකික කාන්තාවන් අති විශාල පිරිසක් යළි ගම් රට බලා යා යුතු බව කියමින් ඕමාන තානාපති කාර්යාලය වෙත පැමිණියත් එම පිරිස ලංකාවට යැවීම සඳහා මූල්‍ය පිරිවැය සම්බන්ධ අර්බුදයක් මතුවී ඇතැයි එම තානාපති කාර්යාලය නිවේදනයක් මගින් දැනුම් දී තිබේ. විසිට් වීසා මත ඕමානයට පැමිණෙන ශ්‍රී ලාංකිකයන්ගේ... |
"මහ බැංකුව පොලී අනුපාත වෙනස් නොකරයි" | "මහ බැංකුවේ පොලී අනුපාත නොවෙනස්ව දැනට පවතින මට්ටමේම පවත්වා ගැනීමට ශ්‍රී ලංකා මහ බැංකුව තීරණය කර ඇත. මේ අනූව මහ බැංකුවේ නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය පිළිවෙලින් සියයට 14.50 සහ සියයට 15.50 යන දැනට පවතින මට්ටමේ පවත්වා ගැනීමට තීරණය කර තිබේ. ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලයේ පෙරේදා (නොවැම... |
"මටයි ගෝඨාභයටයි වුණේ එකම දේ" | "පාස්කු ප්‍රහාරයේදී සහ අරගලයේදී තමාට සහ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතාට ද වූයේ එකම දේ යැයි හිටපු ජනාධිපති පොලොන්නරුව දිස්ත්‍රික් මන්ත්‍රී මෛත්‍රිපාල සිරිසේන මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (24 දා) පැවසීය. එම සිද්ධි දෙකේදීම ආරක්‍ෂක අංශ විසින් නිසි තොරතුරු ලබාදී තමා මෙන්ම රාජපක්‍ෂ මහතාව ද දැනුවත් කළේ නැතැයි හෙතෙම ආරක්‍ෂක ... |
"ඉදිරියේදී උද්ධමනය අඛණ්ඩව පහළ යද්දී පොළී අනුපාත අඩුවෙනවා – මහ බැංකුව" | "උද්ධමනය ඉදිරියේදී අඛන්ඩව පහළ යනු ඇතැයි ද ඒ අනුව පොළී අනුපාත අඩුවනු ඇතැයි ද මහ බැංකුව පවසයි. මේ සඳහා මහ බැංකුව දැනට අනුගමනය කරන වර්තමාන මුදල් ප්‍රතිපත්ති ස්ථාවරය මගින් සහය ලැබෙනු ඇතැයිද මහ බැංකුව පවසයි. එසේම පවතින මහ බැංකු ප්‍රතිපත්ති පොළී අනුපාතවලට අනුකූලව වෙළෙඳ පොළ අනුපාතික පහළ යනු ඇතැයි ද මහ බැංකුව අපේක්ෂා කරයි. මෙස... |
"රනිල් තර්ජනය කළේ පෙරටුගාමීන්ට නොවෙයි: මිලියන 22ක ජනතාවටයි" | "කුමාර් ගුණරත්නම් ද්විත්ව පුරවැසියෙක් නෙවෙයිඇත්ත දැන දැන රනිල් පාර්ලිමේන්තුව නොමග යැව්වා– පුබුදු ජයගොඩ අරගල කරන්නට ඉඩ තබන්නේ නැහැ යැයි කියමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තු කතාවේදී තර්ජනය කළේ පෙරටුගාමී සමාජවාදී පක්ෂයට නොව මිලියන විසි දෙකක් වන රටේ සමස්ත ජනතාවට යැයි පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම්... |
"භාණ්ඩ වර්ග 78 ක්යළි ආනයනයට අවසර" | "එච් එස් කේත 78ට අදාළ භාණ්ඩ ආනයනය සඳහා අවසර ලබාදුන් බව මුදල් රාජ්‍ය ඇමැති රංජිත් සියඹලාපිටිය මහතා පවසයි. මුදල් ඇමැතිවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එම ගැසට්පත්‍රයට අත්සන් කළ බව ද ඇමැතිවරයා කියයි. මේ යටතේ ඇඟළුම් කර්මාන්තයට අදාළ අමුද්‍රව්‍ය, රූපලාවන්‍ය සඳහා භාවිත කරන දෙවල්, සුවඳ විලවුන්, සෙරමික් නිෂ්පාදන, ටයිල්,... |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.