Title stringlengths 9 246 | Content stringlengths 3 62.9k |
|---|---|
"රටේ මූල්‍ය ස්ථාවරය ඇති කිරීමට බැංකු පද්ධතිය ශක්තිමත් කරමින් විධිමත් වැඩපිළිවෙළක් ඇරැඹුවා – ජනාධිපති රනිල් වික්‍රමසිංහ" | "රටේ මූල්‍ය ස්ථාවරය ඇති කිරීම සඳහා බැංකු පද්ධතිය ශක්තිමත් කරමින් විධිමත් වැඩපිළිවෙළකට රජය අවතීර්ණ වී ඇති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. ශ්‍රී ලංකාව හිඟාකන රටක් බවට පත් කිරීමට තමන් කිසිලෙසක සූදානම් නොමැති බව අවධාරණය කළ ජනාධිපතිවරයා ශ්‍රී ලාංකිකයන් ලෙස අප ස්වඋත්සාහයෙන් නැඟීසිටිය යුතු බවත් මෙවර අය වැයෙන් ඒ සඳහ... |
"රටේ ආරක්ෂක වියදම වැඩිවීම පාලනය කරන්න බැහැ – ජනපති රනිල් වික්‍රමසිංහ" | "රටේ ආරක්ෂක වියදම වැඩිවීම පාලනය කළ නොහැක්කක් බවත්, ඉදිරි ආරක්ෂාව පිළිබඳ සිතා හොඳ සහ අලුත් හමුදාවක් අවශ්‍ය බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (24 දා) පැවසීය. වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා විසින් සෙංකෝලය තැන්පත් කිරීමෙන් පසුව නියෝජ්‍ය කතානායක අජිත් රාජපක්ෂ මහතාගේ මූලාසනයෙන් යුතුව පාර්ලිමේන්ත... |
"දුමින්දට සමාව දීම: උසාවියට කරුණු කියන්නැයි ‘ගෝඨා’ ට නියෝග" | "මහාධිකරණය විසින් මරණීය දණ්ඩනය නියම කර තිබූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි ආර්. දුමින්ද සිල්වා මහතා ජනාධිපති පොදු සමාව යටතේ මුදාහැරීම සම්බන්ධයෙන් ලබන 16 වැනිදා සිය අධිකරණයට කරුණු දක්වන ලෙස දන්වා හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතාට නොතීසි යැවීමට ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (24 දා) නියෝග කළේය. භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතන නඩුව... |
"පාලක පන්තිය සහ ජනතාව අතර බෙදුම් රේඛාව ජනපතිගේ වැඩ තුළින් පැහැදිලියි – පා.ම. හරිනි අමරසූරිය (ජාජබ)" | "පාර්ලිමේන්තුවේදී ඊයේ (24 දා) – ජනාධිපතිතුමා කිව්වා නිශ්ශබ්ද බහුතරය වෙනුවෙන් තමයි වැඩ කරන්නේ කියලා. ඒත් ආරක්‍ෂාව වෙනුවෙන් මුදල් වෙන් කිරීම වැඩි කිරීම තුළින් ඒ නිශ්ශබ්ද බහුතරයට කරන්න යන්නේ මොකක්ද කියලා අපි දන්නැහැ. අද ජනාධිපතිවරයා හැසිරෙන විදිහෙන් අපට ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදය ගැන හොඳට පැහැදිලියි. ඔහු පෙනී සිටින්නේ තම පා... |
"චමින්ද විජේසිරි ලන්සාට ගහන්න හදයි – එළියට දැමූ විජේසිරි යළි එයි" | "මම රාජ්‍ය ඇමැති මට මන්ත්‍රී කියන්න එපා – චාමර සම්පත් කථානායකට කියයිසමාවෙන්න ඇමැතිතුමා – කථානායක පළාත් පාලන මැතිවරණය පැවැත්වීම ආණ්ඩුව විසින් කල් දැමීමට උත්සාහ කරන්නේ යැයි විපක්ෂ නායක විසින් ඊයේ (23) පාර්ලිමේන්තුවේදී මතු කළ ප්‍රශ්නයක් දුරදිග යෑමෙන් ඇතිවූ විවාදමය තත්ත්වය උණුසුම් වී සජබ මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා මන්ත්... |
"මීට පස්සෙ ආණ්ඩු පෙරළන අරගල බැහැ" | "ද්විත්ව පුරවැසියකු නිසා බැසිල් රාජපක්ෂ හොඳ නැතිනම් ඉන්දියන් සාම හමුදාවේ මිනිසුන් මරා දැමූ ඡන්ද බලයක් නැති ද්විත්ව පුරවැසියකු වන කුමාර් ගුණරත්නම් හොඳ වන්නේ කෙසේදැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (23දා) පැවසීය. අයවැය කාරක සභා අවස්ථාවේ විවාදය ආරම්භ කළ ඊයේ දින එම විවාදයට සම්බන්ධවෙමින් ජනාධිපතිවරයා ම... |
"කොළඹින් ඇප ලැබුණු සිරිධම්ම හිමි කඩුවෙලින් රිමාන්ඩ්" | "ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන ආරක්‍ෂක අමාත්‍යවරයාගෙන් ලබාගත් රැඳවුම් නියෝග මත පුරා දින 89 ක් රඳවා තබාගෙන ප්‍රශ්න කර පසුගිය 17 වැනිදා අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව නීතිපතිවරයාගේ උපදෙස් ලැබෙන තෙක් රක්‍ෂිත බන්ධනාගාරගත කර සිටි අන්තර් විශ්වවිiාල භික්‍ෂු ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු ගල්වැව සිරිධම්ම හිම... |
"අයිස් අද සිට මරණ දඬුවම" | "විෂ වර්ග අබිං අන්තරාදායක ආඥාපනත සංශෝධනය බලාත්මකයි අයිස් මත්ද්‍රව්‍ය ජාවාරම් කිරීම, සන්තකයේ තබා ගැනීම සම්බන්ධයෙන් වරදකරුවන් වන පුද්ගලයන්ට එරෙහිව අධිකරණය මගින් මරණීය දණ්ඩනය නියම කිරීම අද (24 දා) සිට ක්‍රියාත්මක වේ. පාර්ලිමේන්තුවේදී ඉකුත් ඔක්තෝබර් 19 වැනිදා සම්මත වූ විෂ වර්ග, අබිං සහ අන්තරාදායක ඖෂධ වර්ග (සංශෝධන) පනත් කෙට... |
"අවු: 5 ට අඩු දරුවන් 20%ක් මන්දපෝෂණයෙන් පෙළෙනවා – මහාචාර්ය තිස්ස විතාරණ" | "මෙරට පවුල්වලින් 65%ක් දරිද්‍රතාවයෙන් මිරිකෙද්දී වෛද්‍ය පර්යේෂණායතනයේ සමීක්‍ෂණවලට අදාළව මෙරට පවුල්වලින් 65%කට වඩා දරිද්‍රතාවයෙන් පෙළෙන අඩු ආදායම්ලාභීන් බව වාර්තා කරන අතර, වයස අවුරුදු 05 ට අඩු ළමුන්ගෙන් 20% ක් මන්දපෝෂණයෙන් පෙළෙන බවත්, ඔවුන් එම තත්ත්වයෙන් මුදාගෙන පෝෂණය කිරීම සඳහා කිසිදු යෝජනාවක් 2023 අයවැයෙන් පෙනෙන්නට නැ... |
"පොලිස් අශ්වයෝ දෙදෙනෙක් හදිසියේ මියයති" | "පොලිස් අශ්වාරෝහක අංශයේ අශ්වයන් දෙදෙනකු පසුගිය දින කීපය ඇතුළත හදිසියේම මියගොස් ඇත. පොලිස් ආරංචිමාර්ග පවසන අන්දමට මෙම එක් අශ්වයකුගේ වයස අවුරුදු දහයක් පමණ වන අතර අනිකාගේ වයස අවුරුදු දොළහකි. මෙම අශ්වයන් දෙදෙනා මෙසේ දින කීපයක් ඇතුළත මියගොස් තිබේ. මෙම අශ්වයන්ට ආහාර අතින් කිසිදු හිඟයක් නැතැයි සඳහන්ය. මියයන්ට හේතුව පිළිබඳ පශු... |
"සැහැල්ලු දුම්රිය නැවතීමෙන් මිලියන 10677 ක පාඩුවක්" | "රජයේ ප්‍රතිපත්තිමය තීරණයක් මත සැහැල්ලු දුම්රිය මාර්ග ව්‍යෘපෘතිය නවතා දැමීම හේතුවෙන් මෙකී ව්‍යාපෘතියට ඒ වනවිට වැයකොට තිබූ රුපියල් මිලියන 10677 ක මුදලක් අපතේ ගොස් ඇති බැව් ජාතික විගණන කාර්යාලය පවසයි. ජපන්, ජාත්‍යන්තර සහයෝගිතා, නියෝජිතායතනය සමග එළඹ තිබූ ණය ගිවිසුමකට අනුව මෙකී ව්‍යාපෘතිය ආරම්භකර තිබුණි. මෙම ව්‍යාපෘතිය අතර... |
"ගිය වසරේ සිට මේ දක්වා ළමා ලාදුරු රෝගීන් 250 ක් – විශේෂඥ වෛද්‍ය ප්‍රසාද් රණවීර" | "මෙරට ළමා ලාදුරු රෝගීන්ගේ වාර්තාවීම මේ වසරේ දී ඉහළ අගයක් ගෙන ඇතැයි ලාදුරු මර්දන ව්‍යාපාරය සඳහන් කරයි. පසුගිය වසරේ සිට මේ දක්වා වූ කාලසීමාව තුළදී මෙරටින් ළමා ලාදුරු රෝගීන් දෙසියපනස් දෙනකු පමණ විවිධ ප්‍රදේශවලින් වාර්තා වී ඇතැයි එම ව්‍යාපාරයේ අධ්‍යක්‍ෂ විශේෂඥ වෛද්‍ය ප්‍රසාද් රණවීර මහතා පවසයි. සෑම වසරකදීම මෙරටින් ලාදුරු රෝ... |
"ලාභ ලබන ආයතන ප්‍රතිව්‍යුහගත කිරීම අපරාධයක් – මෛත්‍රිපාල සිරිසේන" | "ටෙලිකොම් වැනි අධික ලාභ ලබන මෙරට ආයතන ප්‍රතිව්‍යුහගත කිරීම මහ අපරාධයක් බව හිටපු ජනාධිපති ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ නායක මෛත්‍රිපාල සිරිසේන මහතා ප්‍රකාශ කළේය. රාජ්‍ය ආයතන ප්‍රතිව්‍යුහගත කිරීමේදී පාඩු ලබන ආයතන සම්බන්ධයෙන් රජය ගන්නා තීරණයන්ට තමන්ගේ විරුද්ධත්වයක් නොමැති බව ද ඊයේ (23 දා) පැවති මාධ්‍ය හමුවකදී හිටපු ජනාධිපතිවරය... |
"පී. 627 නෞකාව “විජයබාහු” නමින් ජනපති අතින් අධිකාරියට" | " සාගර කලාපයේ පොදු සමුද්‍රීය අභියෝග ජය ගැනීම උදෙසා හවුල්කාරිත්වය ශක්තිමත් කිරීමේ සහ වර්ධනය කිරීමේ අරමුණින් ඇමෙරිකා එක්සත් ජනපද වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව විසින් ශ්‍රී ලංකා නාවික හමුදාව වෙත ලබාදුන් ඡ 627 ගැඹුරු මුහුදු ආවේක්ෂණ නෞකාව “නාවික නෞකා විජයබාහු” නමින් අධිකාරියට පත් කිරීමේ උත්සවය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ... |
"සෑම පුරාවිද්‍යා බෞද්ධ සිද්ධස්ථායකම භික්‍ෂුවක් නතර කළ යුතුයි – ගම්මන්පිල සාක්‍ෂි දෙයි" | "සෑම පුරාවිද්‍යා බෞද්ධ සිද්ධස්ථානයකම භික්‍ෂූන් වහන්සේ නමක් නතර කිරීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළ යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රි නීතිඥ උදය ගම්මන්පිල මහතා පසුගිය 22 වන දා ජාතික උරුමයන් ආරක්‍ෂා කිරීමේ මහජන කොමිසම හමුවේ සාක්‍ෂි ලබාදෙමින් පැවසීය. එම කොමිෂන් සභාව ජාතික උරුමයන් අරක්‍ෂා කිරීම සඳහා වූ සංවිධාන එකමුතුව විසින් පත්... |
"ධීවරයන්ට ඊයේ භූමිතෙල් බවුසර් 74ක්" | "ධීවර ප්‍රජාවගේ ඉන්ධන අවශ්‍යතාවය වෙනුවෙන් ඊයේ (23 දා) දිනයේ භූමිතෙල් බවුසර් 74ක් නිකුත් කිරීමට කටයුතු කර ඇති බවත් එම ඉන්ධන පෞද්ගලික අංශයේ පිරවුම්හල් 49 ක්, සමුපකාර පිරවුම්හල 18 ක් සහ වෙනත් පිරවුම්හල් 07කින් බෙදාහැරීම සිදු කරන බවත් ප්‍රජා කටයුතු පිළිබඳ ජනාධිපති අධ්‍යක්ෂ ජෙනරාල් කීර්ති තෙන්නකෝන් මහතා පවසයි. ඒ අනුව වත්තල ... |
"රටින් ගෙන්වන ටින්මාළු බදු වැඩි කළ යුතුයි – කමල් අද්දරආරච්චි" | "පිටරටින් ගෙන්වනු ලබන ටින්මාළු නිසා දේශීය ටින්මාළු කර්මාන්තය අද පාඩු ලබමින් පවත්වාගෙන යන බව ටින්මාළු නිෂ්පාදකයන්ගේ සංගමයේ ක්‍රියාකාරී සාමාජික ජ්‍යෙෂ්ඨ රංගන ශිල්පී කමල් අද්දරආරච්චි මහතා “දිවයින”ට පැවසීය. මෙම තත්ත්වය මැද දේශීය ටින්මාළුවලට වඩා සමහරු විදේශීය ටින්මාළු මිලදී ගැනීමට පුරුදුවී සිටින බව ද හෙතෙම පැවසීය. පිරටින් ග... |
"සාරිය අනිවාර්ය කරමින් ගුරුවරියන්ට චක්‍රලේඛයක් !" | "පාසල් ගුරුවරියන් සඳහා සාරිය අනිවාර්ය කරමින් නිකුත් කරන චක්‍රලේඛය ඊයේ දින නිකුත් කරන බව අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් නිහාල් රණසිංහ මහතා ප්‍රකාශ කර තිබිණි. පසුගිය දිනකදී වෙනත් ඇඳුම්වලින් සැරසී ගුරුවරියන් පාසලට පැමිණීම නිසා මෙම නව චක්‍රලේඛය නිකුත් කිරීමට නියමිතව තිබුණි.." |
"වැඩි ඡන්ද 37කින් – අයවැය සම්මතයි – පක්ෂව 121යි-විරුද්ධව 84යි" | "ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මුදල් ඇමැතිවරයා ලෙස පසුගිය 14 දා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ 2023 වසර සඳහා වන අයවැය යෝජනාවලිය ඊයේ (22 දා) පාර්ලිමේන්තුවේ දෙවැනි වර කියවීමේ ඡන්දයෙන් වැඩි ඡන්ද 37 කින් සම්මත විය.ඒ අනුව අයවැයට පක්‍ෂව ඡන්ද 121 ක්ද විරුද්ධව ඡන්ද 84 ක්ද ලැබිණි. අයවැයට විරුද්ධව සමගි ජනබලවේගය, ජාතික ජනබලවේගය මෙන... |
"ඩුබායි බැංකුවේ රාජපක්ෂලාගේ මුදල් ගැන සාක්කි නෑ – ජනපති අනුර කුමාරට කියයි" | "රාජපක්ෂවරුන් ඩුබායි රාජ්‍යයේ තැන්පත් කළ බව කියන ඩොලර් බිලියනයක මුදලක් තිබේදැයි සෙවීමට කණ්ඩායමක් එම රටට පිටත් කළ ද ඒ පිළිබඳ සාක්ෂි නැතැයි එම කණ්ඩායම තමන්ට පැවසූ බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (22 දා) පැවසීය. ජාතික ජනබලවේගය නායක අනුර කුමාර දිසානායක මහතා අයවැය විවාදයේ අදහස් දක්වමින් අසා සිටි ප්‍ර... |
"ඇඳුම් මාරුව චක්‍රලේඛය ගුරුවරුන්ට අදාළ නෑ – රාජ්‍ය පරිපාලන ලේකම්" | "රජයේ සේවකයන්ට පහසු ඇඳුමින් සැරසී රාජකාරියට වාර්තා කිරීමට නිකුත් කළ චක්‍රලේඛය පාසල් විදුහල්පතිවරුන්ට හා ගුරුවරුන්ට අදාළ නැතැයි රාජ්‍ය සේවා පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශ ලේකම් ප්‍රියන්ත මායාදුන්න මහතා පැවයීය. ඒ සම්බන්ධයෙන් දැනුවත් කරමින් අධ්‍යාපන අමාත්‍යාංශයට ඊයේ (22 දා) ලිපියක් යොමු කරන බවද ඒ මහතා කීය. රාජ්‍ය ආයතන... |
"චක්‍රලේඛය වෙනස් කරනවා ඊට පස්සේ වෙන දේ බලමු – අධ්‍යාපන ඇමැති" | "රාජ්‍ය සේවකයන් සඳහා පහසු ඇඳුම් ඇඳ සේවයට පැමිණීමට හැකි බවට නිකුත් කර තිබූ චක්‍රලේඛය නිසි පරිදි සකස් කර නැවත ඉදිරිපත් කරන ලෙස රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයට දැනුම් දුන් බව අධ්‍යාපන ඇමැති සුසිල් ප්‍රේමජයන්ත මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (22දා) පැවසීය. ඇමැතිවරයා එසේ ප්‍රකාශ කළේ ගුරුවරියන් පිරිසක් සාරි නොඇඳ විවිධ ඇඳුම් හැඳ පාසල් ප... |
"මේ වසරේ පළමු මාස හයේ රජයේ වියදම 19% කින් නැගලා" | "මේ වසරේ (2022) පළමු මාස හයේ දී රජයේ පුනරාවර්තන වියදම (රජයේ එදිනෙදා වියදම) සියයට 19.9 කින් ඉහළ ගොස් ඇත. ගිය වසරේ (2021) පළමු මාස හයේදී රු. බිලියන 1311 ක් වු රජයේ පුනරාවර්තන වියදම මේ වසරේ පළමු මාස හයේදී රු. බිලියන 1571.6 ක් දක්වා ඉහළ ගොස් තිබේ. ප්‍රධාන වශයෙන් රජයේ සේවකයන්ගේ වැටුප් හා වේතන සහ දේශීය පොළී ගෙවීම් ඉහළ යෑමත් ... |
"ඇඳුම වෙනස් කළේ චක්‍රලේඛයට අනුවයි – තීරණයක් ගත්තොත් උසාවි යනවා – ස්ටාලින් තදින්" | "ගුරුවරුන් සාරිය හෝ පහසු ඇඳුමක් ඇඳලා පාසල් එනවා. රාජ්‍ය සේවකයන්ට පහසු ඇඳුමක් ඇඳගෙන සේවයට පැමිණීමට හැකි පරිදි රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය පසුගියදා නිකුත් කරපු චක්‍රලේඛයට අනුවයි ඔවුන් පහසු ඇඳුමක් ඇඳගෙන පාසල් එන්නේ යැයි ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝෂප් ස්ටාලින් මහතා “දිවයින”ට ඊයේ (22 වැනිදා) පැවසීය.ගුරුවරුන් නිතරම චක්... |
"මිනිස් ජාවාරමට හවුල් තානාපති කාර්යාල නිලධාරියා ලංකාවට පැමිණි වහාම අල්ලනවා" | "ඕමානයේ පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ තෙවැනි ලේකම්වරයා වශයෙන් සේවය කළ කුෂාන් නමැත්තා සේවයෙන් ඉවත් කර ඇති අතර ඔහු මෙරටට පැමිණි වහා අත්අඩංගුවට ගන්නා බව විදේශ රැකියා ඇමැති මනූෂ නානායක්කාර මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (22දා) පැවසීය. ඊයේ උදෑසන පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කරමින් ඇමැතිවරයා මේ බව සඳහන් කළේය. හෙතෙම එහි... |
"ඕමාන් මිනිස් ජාවාරමේ කතුන් සැපයූ තැරැව්කරුවෝ 2ක් රිමාන්ඩ්" | "ඕමාන් මිනිස් ජාවාරම සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කළ චෝදනා එල්ලවී ඇති විදේශ රැකියා නියෝජ්‍ය ආයතනවල තැරැව්කරුවන් යැයි කියන පුද්ගලයන් දෙදෙනකු ලබන 1 වැනිදා දක්වා රක්‍ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් නන්දන අමරසිංහ මහතා ඊයේ (22දා) නියෝග කළේය. අජිත් කුමාර සමරකෝන් හෙවත් කසුන් හා යෝගේන්ද්‍රන් හෙව... |
"ඊතලවැටුණුවැවේ ඤාණතිලක නාහිමියෝ රුවන්වැලි සෑ චෛත්‍යාරාමාධිකාරි ධුරයට පත්වෙති" | "අනුරාධපුර රුවන්වැලි සෑ චෛත්‍යාරාමාධිකාරි ධුරයට මිරිසවැටිය රජමහා විහාරාධිකාරි රජරට විශ්විද්‍යාලයේ කුලපති ශාස්ත්‍රපති පණ්ඩිත ඊතලවැටුණවැවේ ඤාණතිලක නාහිමිපාණෝ ඊයේ (22 දා) පත්වූහ. උන්වහන්සේ අභිනව පදවියට පත් කරන ලැබුවේ අටමස්ථානාධිපති අතිපූජ්‍ය පල්ලේගම හේමරතන නාහිමියන්ගේ ප්‍රධානත්වයෙන් පැවති අටමස්ථාන කාරක සභාවේ තීරණය පරිදිය.... |
"හම්බන්තොට මන්දපෝෂණය ගැන කියූ දොස්තර කෙහෙළිය ඇතුළු බලධාරීන්ගෙන් ලක්‍ෂ 100ක් ඉල්ලා නඩු මඟට" | "සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල, සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ජනක ශ්‍රී චන්‍ද්‍රගුප්ත හා සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් අසේල ගුණවර්ධන ඇතුළු සෞඛ්‍ය බලධාරීන්ගෙන් රුපියල් ලක්‍ෂ 100 ක වන්දියක් අයකර දෙන ලෙස ඉල්ලා හම්බන්තොට දිස්ත්‍රික්කයේ මන්දපෝෂණ තත්ත්වය ඉහළ යා හැකි බවට මාධ්‍ය හමුවේ ප්‍රකාශයක් කළ වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම්... |
"ධීවර සංස්ථාවේ EPF- ETF රු. කෝටි 62ක් හිරවෙලා !" | "ලංකා ධීවර සංස්ථාවේ සේවකයන්ගේ වැටුපෙන් කපාගත් හා ආයතනයෙන් ගෙවිය යුතු ඊපීඑෆ් සහ ඊටීඑෆ් මුදල් රුපියල් කෝටි 62 ක් අදාළ අරමුදලට බැර කිරීම පැහැර හැර ඇත. මීට අමතරව විශ්‍රාම ගිය හා දැනට විශ්‍රාම ගනිමින් සිටින සේවකයන්ගේ පාරිතෝෂික දීමනා ගෙවීමද ඒ ආකාරයෙන් පැහැර හැර ඇතැයි ලංකා ධීවර සංස්ථා වෘත්තීය සමිති එකමුතුව කියා සිටී. හිඟ වැටු... |
"75 වැනි නිදහස් දිනයේ රට පුරා සියලු උද්‍යාන නොමිලේ ඇරේ" | "මෙරට හැත්තෑපස් වැනි නිදහස් සැමරුම යෙදෙන ලබන පෙබරවාරි හතර වැනිදා රටපුරා ඇති සියලු උද්‍යාන, විනෝද උයන්, උද්භිද උද්‍යාන නොමිලේ නැරඹීමේ අවස්ථාව ජනතාවට ලබාදීම සඳහා ඉදිරිපත් වූ කැබිනට් පත්‍රිකාවකට කැබිනට් අනුමැතිය හිමි වී තිබේ.ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් මෙම යෝජනාව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර ඇත.මේ අනුව නිදහස් දි... |
"පළාත් සභාවල වියදම් කපන චක්‍රලේඛය රිවස් කරයි – ඉන්ධන හා දුරකථන දීමනා යළි දෙයි" | "පළාත් සභාවල අනවශ්‍ය වියදම් කපා හරිමින් ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා මීට පෙර නිකුත් කළ චක්‍රලේඛය රිවස් කරමින් අලුත් චක්‍රලේඛයක් නිකුත් කර තිබේ. විසුරුවා ඇති පළාත් සභාවල රාජ්‍ය වියදම් සීමා කරන ලෙස දක්වමින් ඉකුත් සැප්තැම්බර් 27 වැනිදා අංක පීඑස්/සීඑස්ඒ 11-18(1) දරන චක්‍රලේඛය නිකුත් කර තිබිණි. එම චක්‍රලේඛය මගින් පළාත් ස... |
"දැන් දේශීය ණය ගෙවීමත් ගැටලුවක් – හර්ෂ ද සිල්වා" | "විදේශ ණය ගෙවීමට අමතරව දේශීය ණය ගෙවීමට ද මේ වන විට ගැටලුවක් පැන නැගී ඇතැයි ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (22දා) පැවසීය. 2023 විසර්ජන පනත් කෙටුම්පත සම්බන්ධයෙන් රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ වාර්තාව ඉදිරිපත් කරමින් හෙතෙම එසේ සඳහන් කළේය. එහිදී මන්ත්‍රීවරයා මෙසේද කීය. අපේ උද්ධමනය සියයට තිහයි කියලයි පුරෝකථනය... |
"ශ්‍රී ලංකාවේ විශාලම ආර්ථික පසුබෑම මේ වසරේ" | "ශ්‍රී ලංකාවේ මෙතෙක් වාර්තාවී ඇති විශාලතම ආර්ථික සංකෝචනය (පසුබෑම) වාර්තා කරමින් මේ වසරේ (2022) ශ්‍රී ලංකා ආර්ථිකය සියයට 8 කින් පමණ තියුණු ලෙස පසුබෑමට ලක්වනු ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි. විදේශ විනිමය හිඟවීම, අමුද්‍රව්‍ය හිඟය, ලෝක වෙළෙඳ භාණ්ඩවල මිල ගණන් ඉහළ මට්ටමක පැවතීම, විදුලිබල හා බලශක්ති ක්‍ෂේත්‍රයේ පවතින අවදානම... |
"ලබන 25 තෙක් විදුලි කප්පාදුව පැයයි" | "දෛනික විදුලි කප්පාදුව ලබන 25 වැනිදා තෙක් පැයකට සීමා කිරීමට විදුලිබල මණ්ඩලය කටයුතු කර තිබේ. තාප විදුලි බලාගාරවල පවතින ඉන්ධන හිඟය හේතුවෙන් විදුලි ජනනය සීමා කෙරෙන අවස්ථාවලදී විදුලි ඉල්ලුම කළමනාකරණය කිරීමට සිදුවීම නිසා පැයක විදුලි කප්පාදුව සිදු කෙරේ. පවතින වර්ෂාපතනය හේතුවෙන් ජල විදුලි බලාගාර මගින් සියයට 70 කට වැඩි (70.33%... |
"විෂ මත්ද්‍රව්‍ය ව්‍යාප්තිය මර්දනයට ජනාධිපති කාර්ය සාධක බළකායක්" | "විෂ මත්ද්‍රව්‍ය සහ අන්තරායකර ඖෂධ ව්‍යාප්තිය මර්දනය කිරීම සඳහා ජනාධිපති කාර්ය සාධක බළකායක් ස්ථාපිත කිරීමට කැබිනට් අනුමැතිය හිමිවී තිබේ. මුළුමනින්ම පරම්පරාවක් හා රටක් විනාශ කිරීමට තරම් ප්‍රබල මත්ද්‍රව්‍ය ව්‍යාප්තිය හමුවේ මේ වනවිට මෙවර තරුණ තරුණියන් ලක්‍ෂ පහකට ආසන්න පිරිසක් මතට ඇබ්බැහි වී ඇතැයි මේ සම්බන්ධයෙන් අදහස් දක්වම... |
"දින 55 කට පසු බොරතෙල් නැව ගොඩබෑවත් සපුගස්කන්ද තාමත් වැහිලා" | "දින 55 කට ආසන්න කාලක් ප්‍රමාද ගාස්තු ගෙවමින් මුහුදේ තිබූ බොරතෙල් නැව ගොඩබා සතියකට වැඩි කාලයක් ගතවී ඇතත් ඊයේ (22දා) වනතෙක් සපුගස්කන්ද පිරිපහදුව ක්‍රියාත්මක කිරීමට හැකිවී නැත. ගොඩබාන ලද මෙටි්‍රක් ටොන් 99,000 ක් අඩංගු රුසියානු නැවේ බොරතෙල් ඝණත්වයෙන් වැඩි අතර මර්බන් වර්ගයේ තවත් බොරතෙල් නැවක් ගෙන්වා මිශ්‍ර කර පිරිපහදුවට භා... |
"අනේ අපිව බේරගන්න – සංචාරක වීසා මත ගිය පන්දහසක් ඩුබායිවල – හාම්පුතුන්ගේ ඉල්ලීම අනුව ජාවාරමුන් කාන්තාවන් විකුණලා" | "සංචාරක වීසා මත ඩුබායි රාජ්‍යයට ගිය ශ්‍රී ලාංකිකයන් පන්දහසකට අධික පිරිසක් එරට සිටින අතර එසේ ඩුබායි ගෙන්වාගෙන සිටි කාන්තාවන් පිරිසක් වෙන්දේසි කර ඕමාන්හි ගණිකා සේවයට යොමුකර ඇති බවට එල්ලවී තිබෙන චෝදනාව පිළිබඳව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පුළුල් විමර්ශනයක් ආරම්භ කර ඇත. අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවද මේ පිළිබඳව... |
"ගුරුවරියෝ සාය-ගවුම් ඇද පාසල් එති" | "පවතින ආර්ථික අර්බුදය හේතුවෙන් ගුරුවරියන් සාරි අතහැර ගවුම්, සාය, හැට්ට, කුර්තා ආදී පහසු ඇඳුම් ඇඳ ඊයේ (21 වැනිදා) පාසල් වෙත පැමිණි බව ගුරු සංගම් සඳහන් කරයි. දිවයිනේ ප්‍රදේශ රැසක පාසල්වල ගුරුවරියන් මෙලෙස සාරිය අතහැර පහසු ඇඳුමකින් සැරසී පාසලට පැමිණ ඇත්තේ රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය නිකුත් කර තිබෙන 05/2022 දරන චක්‍රලේඛයට අන... |
"ඩීඅයිජී ට බැරිනම් ඕනෑ ලොක්කෙකුට කියනවා කුඩු – අවි දමලා අපිව ඇතුළට දානව කිව්වා" | "‘සුනඛ’ පැමිණිල්ලකට ගිය යුවළක් කියන කතාවක්රාජකාරියට බාධා කරමින් අපිට අඩම්තේට්ටම් කළා උසාවි දැම්මා.. ඔය චෝදනා බොරු – හොරණ HQI ‘තමුසේ ඩී. අයි. ජීට බැරිනම් ඕනම ලොක්කෙකුට කියනවා’ යැයි හොරණ මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්‍ෂකවරයා තර්ජනය කර ස්වාමියා සහ තමාව බන්ධනාගාරගත කළ බවට හොරණ ප්‍රදේශයේ කාන්තාවක් විසින් පානදුර පොලිස් අධිකාර... |
"අයවැය දෙවැනි වර කියවීමේ ඡන්දය අද" | "ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් පසුගිය 14 දා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද 2023 වර්ෂය සඳහා වන අයවැය පිළිබඳ දෙවනවර කියවීමේ ඡන්ද විමසීම අද (22දා) පස්වරු 05ට පැවැත්වෙයි. අයවැය දෙවනවර කියවීමේ විවාදය පසුගිය 15 වැනිදා ආරම්භ වූ අතර එදින සිට දින 07ක් පෙරවරු 9.30 සිට පස්වරු 5.30 දක්වා අයවැය විවාදය පැවැත්විණි. විසර්ජන ප... |
"රටට යමක් කළ හැකි එකම නායකයා රනිල් පමණයි – කුමාර වෙල්ගම" | "“විදේශීය රාජ්‍ය තාන්ත්‍රිකයන් සමඟ එක්වී දැනට රටට යමක් කිරීමට පුළුවන් එකම නායකයා රනිල් වික්‍රමසිංහ මහතා පමණයි. ඒ බව මම බය නැතුව පක්ෂ භේදයෙන් තොරව රට ගැන සිතා ප්‍රකාශ කරනවා” යැයි නව ලංකා නිදහස් පක්ෂයේ නායක කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා ගාල්ලේදී පැවසීය. ගාල්ල නවාරා උත්සව ශාලාවේ පැවති එම පක්ෂයේ... |
"බැසිල්ට පොලිස් රැකවල් දුන්නාට අල්ලස් කොමිසමට පැමිණිල්ලක්" | "රජයේ කිසිදු තොරතුරක් නොදරන බැසිල් රාජපක්‍ෂ මහතා කටුනායක ගුවන්තොටුපළින් ශ්‍රී ලංකාවට පැමිණ පිටව යන අවස්ථාවේදී ඔහු පසුපස හා ඉදිරියෙන් පොලිස් නිල රථ ගමන් කරමින් රජයට සිදුකළ පාඩුව පොලිස්පතිවරයාගෙන් අයකර ගන්නා ලෙස අල්ලස දූෂණය නාස්තියට එරෙහි පුරවැසි බලය සභාපති ජාමුනි සමන්ත තුෂාර මහතා විසින් ඊයේ (21දා) අල්ලස් හෝ දූෂණ චෝදනා ව... |
"සැත්කම් සඳහා අවශ්‍ය ඖෂධ සහ උපකරණ හිඟයෙන් හදවත් කකියයි" | "හදවත් සැත්කම් සඳහා අවශ්‍ය ඖෂධ කෘතිම කපාට සහ මැහුම් සඳහා යොදාගන්නා ද්‍රව්‍ය දැඩි ලෙස හිඟ වීමෙන් හදවත් සැත්කම්වලට ලක්කිරීමට සිටින රෝගීහු විශාල ලෙස අසරණව සිටිති. දැනට රෝහලේ තිබෙන කෘතිම කපාට සහ මැහුම් උපකරණද කල් ඉකුත්ව තිබෙන බව විශේෂඥ වෛiවරුන් රෝහල් පරිපාලනයට දැනුම්දී ඇතත් මෙතෙක් විසඳුමක් ලැබී නැත. මේ හේතුවෙන් හදවත් සැත්ක... |
"ආහාර මිල අහසට ජනතාව කබලෙන් ළිපට" | "අර්තාපල්, ලොකුලූනු, තක්කාලි, මාළු මිරිස්, බෝංචි, ලීක්ස්, කැරට්, පතෝල ඇතුළු එළවළු වර්ග රැසකත්, පොල් සහ පලතුරු මිලත් විශාල ලෙස ඉහළ යෑම හේතුවෙන් පාරිභෝගික ජනතාව දැඩි අපහසුතාවට පත්ව සිටිති. දේශීය අර්තාපල් කිලෝවක මිල රුපියල් 420 – 500 දක්වා ඉහළ ගොස් ඇති අතර ලොකු ලූනු කිලෝවක සිල්ලර මිල රුපියල් 320 – 400 දක්වා ඉහළ නැඟ ඇත. එස... |
"මැගසින් බන්ධනාගාරයේදී ඉසුරුට ගජ සැලකිලි!" | "රුපියල් බිලියන ගණනක මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් තිළිණි ප්‍රියමාලි සමඟ රක්‍ෂිත බන්ධනාගාරගත කෙරුණු ඇගේ අනියම් සැමියා යැයි කියන ඉසුරු බණ්ඩාර නමැත්තාට මැගසින් බන්ධනාගාරයේ කාර්යාලයේදී අමුත්තන් මුණගැසීමට බන්ධනාගාර ප්‍රධානීන් විසින් අවස්ථාව ලබාදී ඇතැයි බන්ධනාගාර ආරංචි මාර්ග සඳහන් කරයි. දින ගණනාවක පටන් අමුත්තන් ... |
"මේ වසරේ පළමු මාස නවයේ බදු ආදායම ඩබල් වෙයි" | "මෙම වසරේ පළමු මාස 09 තුළ ආදායම් බදු ආදායම ඉහළ ගොස් ඇතැයි මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශය විසින් නිකුත් කරන ලද වාර්තාවක සඳහන් වේ. 2021 වසරේ පළමු මාස නවය තුළ වූ රුපියල් බිලියන 209.5 ක් ලෙස පැවති බදු ආදායම 2022 වසරේ එම කාලපරිච්ඡේදය තුළදී රුපියල් බිලියන 431.8 දක්වා සියයට 106.1 කින් වැඩි වී තිබේ. ම... |
"ධීවර ගැටලුවලට එරෙහිව වෙදආරච්චි මැතිසබේ බිම ඉඳ ගනී" | "මෙරට ධීවර ජනතාවට මේ වන විට මුහුණපෑමට සිදුව තිබෙන දුෂ්කරතාවන්ට විසඳුම් ඉල්ලා සමගි ජන බලවේගය මන්ත්‍රී දිලිප් වෙදආරච්චි මහතා ඊයේ (21දා) පාර්ලිමේන්තු සභා ගැබ මැදට පැමිණ බිම වාඩි වී උපවාසයක නිරත විය. කළු පැහැති ඇඳුමෙන් සැරසී අයවැය විවාදයේ අදහස් දක්වමින් සිටි මන්ත්‍රීවරයා ධීවර ක්ෂේත්‍රය සම්බන්ධයෙන් අවධානය යොමු කරමින් වැඩි ව... |
"සා. පෙළ ප්‍රතිඵල ලබන 30 ට පෙර" | "අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ ්‍ර(2021) විභාගයේ ප්‍රතිඵල මේ මස 30 වැනිදාට පෙර ලබාදීමට කටයුතු කරන බව විභාග කොමසාරිස් ජනරාල් එල්. එම්. ඩී. ධර්මසේන මහතා ඊයේ (21 දා) පැවසීය. ප්‍රතිඵල ලබාදීමට අවශ්‍ය අවසන් අදියරේ කටයුතු සිදුකරමින් තිබෙන බවත්, මෙවර ද සිසුන් දිවයිනේ හෝ දිස්ත්‍රික්කයේ ලබාගත් ස්ථාන ප්‍රකාශ නොකරන බවත් ඒ ... |
"ජනතා ජන්දයෙන් ආණ්ඩුවක් හදා ගැනීම අර්බුදයට පළමු පියවරයි" | "ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක බදුල්ල ආසන සමුළුව අමතා කියයි අපි සංවිධානය වෙමු. ජනතාව පෙළ ගස්සවමු. ජන්දය දිනා ගෙන ආණ්ඩුවක් හදා ගනිමු. රට පත්වෙලා තිබෙන අර්බුදයට පළමු පියවර එයයි. මේ දහස් සංඛ්‍යාත මුහුණුවලින් පෙන්නුම් කරන්නේ බලය අත්පත් කර ගැනීම සඳහා බදුල්ල ආසනයෙන් ලොකුම ජයග්‍රහණය අරන් දෙන්න සූදානම් බව යැයි ජාති... |
"අළු ගසා දමා රටක් ලෙස යළි නැගිටින්න ජනතා විශ්වාසය දිනා ගත් නව පාලනයක් ඕනෑ – ඉමිතියාස් බාකීර් මාකර්" | "වත්මන් පාලනය ජනතාව විසින් ප්‍රතික්ෂේප කළ පැරණි රාජපක්ෂ පාලනයේම දිගුවක් බැවින් රටක් ලෙස අළු ගසා දමා යළි නැගිටීමට නම් ජනතා විශ්වාසය දිනාගත් ජනවරමකින් යුත් නව පාලනයක් බිහි කර ගත යුතු බව සමගි ජන බලවේගය මන්ත්‍රී ඉමිතියාස් බාකීර් මාකර් මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (21දා) පැවසීය. මන්ත්‍රීවරයා එහිදී වැඩිදුරටත් මෙසේද කීය. මේ පාලන... |
"කළු සල්ලි ජාවාරමෝ ශ්‍රී ලාංකිකයන්ගේ මුදල් පිටරටවල හිරකර ගනිති" | "රටවල් 15 ක ක්‍රියාත්මක වන කළු සල්ලි ජාවාරම්කරුවන් 200 ක් පමණ පිරිසක් ශ්‍රී ලාංකිකයන් සතු විදේශ මුදල් මෙරට බැංකුවලට යොමුවීමට ඉඩ නොදී එම රටවලම තබා ගැනීමට ක්‍රියාකරන බව හෙළි වී ඇත. ප්‍රංශය, ස්විට්සර්ලන්තය, නෝර්වේ, ජර්මනිය යන රටවල ශ්‍රී ලාංකිකයන් උතුරට සිය විදේශ මුදල් ගලා ඒම වළක්වා ප්‍රෑන්ක් – ස්ටාලින් පවුම් සහ ක්‍රෝන් යන... |
"මැදපෙරදිග සලෙළුන්ට කතුන් විකිණූ ජාවාරමේ තවත් රහස් වැලක් එළියට" | "ඕමාන් සහ ඩුබායි රාජ්‍යයන් වෙත මිනිස් ජාවාරම් සිදුකළ බවට චෝදනා එල්ල කරමින් කටුනායකදී අත්අඩංගුවට ගත් සැකකරු සමග සමීප සබඳතා පැවැත්වූ බව කියන විදේශ රැකියා නියෝජිත ආයතනයක උප නියෝජිතයකුද පෙරේදා (19දා) අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන තිබිණි. ඕමාන් සහ ඩුබායි රාජ්‍යයන් වෙත මිනිස් ජාවාරම සිදුකළ බවට චෝදනා එල්ල... |
"බැඳුම්කර ගනුදෙනු විදෙස් වෝහාරික විගණන වාර්තා රාජපක්ෂලා යට ගැහුවා" | "මං ළඟදීම අමුතු පොතක් ලියනවා මෛත්‍රීපාල සිරිසේන 2007 සිට මහ බැංකුවේ සිදුවූ බැඳුම්කර ගනුදෙනු ගැන සිදුකළ විදේශීය වෝහාරික විගණනයේ වාර්තාව රාජපක්ෂවරුන් යට ගැසූ බවත් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය. මහ බැංකුවේ සිදුවූ ගනුදෙනුවට වඩා දෙයක් 2007 සිට සිදුවී ඇති බව මහ බැංකු මූල්‍ය වංචාව ගැන පත් කළ ශ්‍රේෂ්ඨාධිකරණ වින... |
"අපේ සංස්කෘතිය පැවතුණේත් කංසා මතලු! හිටපු ඇමැති රාජිත" | "ත්‍රෛලෝක විජයපත්‍ර වැඩසටහන ඉතාමත්ම වටිනා වැඩපිළිවෙළක් බවත් අපේ සංස්කෘතිය පැවතියේ කංසා මත බවත් සමගි ජනබල වේගයේ පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හිටපු සෞඛ්‍ය ඇමැති රාජිත සේනාරත්න මහතා පැවසීය. ජනාධිපතිවරයා ඉදිරිපත් කළ අය වැය කථාව තුළින් ආර්ථික ප්‍රතිපත්ති රාමුවක් ඉදිරිපත් කර ඇති බවත් සේනාරත්න මහතා පෙරේදා (19දා) පාර්ලිමේන්තුව... |
"විනෝද සමයේ ‘අමතක නොවන’ ඇල්ප්‍රඩ් පෙරේරා සමුගනී" | "ප්‍රවීණ රංගන ශිල්පියකු, ගුවන් විදුලි නිවේදනයකු, පාර්ලිමේන්තුවේ භාෂා පරිවර්තකයකු මෙන්ම සුප්‍රකට ගුවන් විදුලි විනෝද සමයේ ආරම්භක හා එමෙන්ම එහි නිවේදකයා වූ ඇල්ප්‍රඩ් පෙරේරා මහතා ඊයේ (20දා) අභාවප්‍රාප්ත විය. ඔහු චිත්‍රපට හා ටෙලිනාට්‍ය ගණනාවකද රඟපෑවේය. බැතිමත් කිතුනුවකුද වූ ඒ මහතා මියගියේ කැලණියේ දළුගම පිහිටි නිවෙසේදීය. දේහ... |
"විස කසිප්පු තොග පිටින් කොළඹ එයි" | "නීත්‍යානුකූල මත්පැන් මිල ඉහළ යෑම නිසා සෞඛ්‍යයට අහිත කර ලෙස නිෂ්පාදනය කරන අනවසර මත්පැන් (කසිප්පු) විශාල වශයෙන් කොළඹට බෙදා හරින බවට පොලිසියට තොරතුරු ගලා එන බව පානදුර දිසාව භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි සමන්ත වෙදගේ මහතා ‘දිවයින’ ට ඊයේ (20දා) පැවසීය. පානදුර කොට්ඨාශයේ දූෂණ වැටලීම් ඒකකය මගින් සිදු කරන ලද වැටලීමකදී මීගොඩ සහ ජා... |
"බංග්ලාදේශ විපක්ෂයත් ශ්‍රී ලංකාව ආදර්ශයට ගනී" | "ඉහළ යන ජීවන බරට එරෙහිව ශ්‍රී ලංකාවේ සිදු කළ විරෝධතා හා සමාන උද්ඝෝෂණ රැල්ලක් ආරම්භ කිරීමට බංග්ලාදේශ විපක්ෂයද සූදානම් වේ. මේ විරෝධතා ලබන මාසයේදී ඇරඹීමට නියමිතය. අවාමි ලීගයට එරෙහිව මෙම උද්ඝෝෂණ සඳහා මුස්ලිම් දැඩි මතධාරි පක්ෂද සහය දක්වනු ඇත. කෙසේ නමුත් මේ උද්ඝෝෂණ දැඩිව මර්දනය කිරීම සඳහා අගමැතිනි ෂේක් හසීනා ක්‍රියා කරනු ඇති... |
"ශ්‍රී ලංකාවට ආවේණික අලුත් නෙලූ ශාකයක් නකල්ස් රක්‍ෂිතයෙන්" | "නකල්ස් රක්‍ෂිතයෙන් ශ්‍රී ලංකාවට ආවේණික අලුත් නෙලූ ශාකයක් සොයා ගෙන ඇත. නකල්ස් රක්‍ෂිතයෙන් සොයා ගෙන ඇති මේ නෙලූ විශේෂයේ නිපත්‍රවල ශ්‍රාවී ග්‍රන්ථි බහුලව පිහිටීම නිසා Strobilanthus glandulata Nilanthi ලෙස නම් කර ඇත. පර්යේෂණ කණ්ඩායමට වනජීවී සංරක්‍ෂණ දෙපාර්තමේන්තුවේ නිලන්ති රාජපක්‍ෂ, නුවන් ජයවර්ධන, මහනුවර මූලික අධ්‍යයන ආයත... |
"‘දිවයිනේ චතුරට’ ගෞරව සම්මානයක්" | "සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනයට වසර සියයක් සම්පූර්ණවීම නිමිති කරගෙන පැවැත්වූ ශාසනාභිමාන ගෞරව ප්‍රණාම මහෝත්සවය පසුගිය සෙනසුරාදා (19 දා) එම මූලස්ථානයේදී පැවැත්විණි. එහිදි ‘දිවයින’ ප්‍රවෘත්ති කර්තෘ චතුර පමුණුව මහතා ශාසනාභිමානී මාධ්‍ය විභූෂණ යන ගෞරව සම්මානයෙන් පිදුම් ලැබීය. එම සම්මානය අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා විසින් ච... |
"පොහොර වරද තරාදියට" | "පාරිභෝගික අධිකාරියට එරෙහිව කොමර්ෂල් පොහොර නීති මගට අනුරාධපුර ප්‍රදේශයේ අඩු බර යූරියා පොහොර මිටි හමුවූ බවට අසත්‍ය වාර්තා පළ කළ පාරිභෝගික අධිකාරියේ නිලධාරීන්ට එරෙහිව ක්‍රියාමාර්ග ගැනීමට කොමර්ෂල් පොහොර සමාගම කටයුතු කරමින් සිටී. අනුරාධපුර පේමඩුව ගොවිජන සේවා මධ්‍යස්ථානය මගින් අඩුබර යූරියා පොහොර සොයාගත් බවට වාර්තාවීමත් සමඟ ... |
"දරුවන් ක්‍ෂණික ආහාර භාවිතය අඩු කරලා" | "විශේෂඥ වෛද්‍ය රේණුකා ජයතිස්ස වෙළෙඳ පොළේ ක්‍ෂණික ආහාර වර්ගවල මිල ඉහළ නැඟීමත් සමග දරුවන්ගේ ක්‍ෂණික ආහාර භාවිතය ඉතා අඩුවී ඇතැයි බොරැල්ල වෛද්‍ය පර්යේෂණායතනයේ පෝෂණ අංශයේ ප්‍රධානි පෝෂණ විශේෂඥ වෛද්‍ය රේණුකා ජයතිස්ස මහත්මිය ‘දිවයින’ ට ඊයේ (20 වැනිදා) පැවසුවාය. මෙම ක්‍ෂණික ආහාර වර්ග පරිභෝජනය අවම වීමෙන් දියවැඩියාව වැනි බෝ නොවන ... |
"ජල ගාස්තු ඉහළට?" | "පිරිවැයට සරිලන ලෙස ජල ගාස්තු සංශෝධනය කරන්න ජල මණ්ඩලය උපදේශක කාරක සභාවට කියයි ජල සම්පාදනයේදී පිරිවැයට සරිලන ආකාරයේ ජල ගාස්තුව සංශෝධනය කිරීමේ අවශ්‍යතාව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ නිලධාරීන් විසින් ජල සම්පාදන කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවට යෝජනා කර තිබේ. මෙහිදී ජාතික ජල සම්පාදනය හා ජලාපවහන මණ්ඩලයේ ... |
"සිංහල පමණයි අධ්‍යාපනයෙන් පාසල් දරුවන්ගේ අනාගතය අඳුරු වුණා – විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස" | "මේ රටේ ඉංග්‍රිසි භාෂාව ඉහළ තලයකට ගෙන ඒමට සමගි ජනබලවේගය රජයක් යටතේ අපි මේ රටේ අධ්‍යාපන ක්‍රමවේදය වෙනස් කරනවා.සිංහල පමණයි කියලා මේ රටේ ක්‍රියාත්මක වුණු යල් පැනගිය අධ්‍යාපන ක්‍රමය නිසා වසරක් වසරක් පාසා 43 ලක්ෂයක් පමණ වූ පාසැල් දරුවන්ගේ අනාගතයට දැඩි බාධා අවහිරකම් ඇති වුණා. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා එසේ පැවසුවේ ජාඇල... |
"මෙරට සියලු ජනතාව එක මවකගේ දරුවන් ලෙස ජීවත්වනු දැකීම අපේක්‍ෂාවයි" | "සියලු දෙනාටම පිළිගත හැකි විසඳුමක් උතුරට ලබාදීමට කටයුතු කරනවා – ජනපති වවුනියාවේදී කියයි උතුරේ ප්‍රශ්නයට විසඳුම් ලබාදීමේදී සිංහල, දෙමළ, මුස්ලිම් යන සියලුම ජනතාව ඒකරාශී කරගනිමින් එම විසඳුම් ලබාදීමට තමන් සූදානම් බවත් 75 වන නිදහස් දින උළෙලේදීවත් මෙරට සියලු ජනතාවට එක මවකගේ දරුවන් ලෙස ජීවත්වීමට හැකිවේවායි තමා ප්‍රාර්ථනා කරන ... |
"ශ්‍රවණාබාධිත ලක්‍ෂ 3කට රියැදුරු බලපත් දීම මාර්තුවේ" | "ශ්‍රවණාබාධිත ලක්‍ෂ 03ක පමණ පිරිසකට රියැදුරු බලපත්‍ර ලබාදීම ලබන වසරේ මාර්තු මාසයේ සිට ක්‍රියාත්මක කරන බව මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් නිශාන්ත අනුරුද්ධ වීරසිංහ මහතා පවසයි.බලපත්‍ර ලබාදෙන ලෙස ඉල්ලීම් කර ඇති බවත් එය සැලකිල්ලට ගෙන ප්‍රවාහන ඇමැතිවරයාගේ උපදෙස් මත ඔවුන්ටද රියැදුරු බලපත්‍ර ලබාදීමට කටයුතු කරන බවත් ඒ මහතා ක... |
"ගුවන් මගඩියේ පාඩුව පැටව් ගසයි" | "ගුවන් යානා මිලදී ගැනීම සඳහා අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලබාගෙන නැහැගුවන් යානා 04 ක් මිලදී ගැනීමේ ගනුදෙනුවේදී සමාගමට මිලියන 16924.36 ක පාඩුවක් ශ්‍රී ලංකන් ගුවන් සමාගම විසින් A 350-900 ගුවන් යානා 04 ක් බදු පදනම මත ලබාගැනීම සඳහා වූ බදු ගිවිසුම අවලංගු කිරීමේ ක්‍රියාවලියේදී රුපියල් මිලියන දාසය දහස් නවසිය විසිහතරයි දශම තුනයි හ... |
"කාන්තා දුක අහන්න පොලිස් නෝනලාම යොදවයි" | "සෑම පොලිස් ස්ථානයකම කාන්තාවන්ගේ පෞද්ගලිකත්වය ආරක්‍ෂා වන අයුරින් පැමිණිලි ඉදිරිපත් කිරීමට පොලිස් නිලධාරිනියන් යෙදවීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තීරණය කර තිබේ. මේ සඳහා ඉඩකඩ වෙන් කරන ලෙස පොලිස්පතිවරයා දැනුවත් කිරීමට පියවර ගන්නා බව ජනාධිපතිවරයා පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදයේ මන්ත්‍රීවරියන්ට දැනුම් දී තිබේ. එමෙ... |
"චෝදනා නැති පාස්කු සැකකරුවන් වහා නිදහස් කළ යුතුයි" | "කිසිදු චෝදනාවක් නොමැතිව අත්අඩංගුවේ තබාගෙන සිටින පාස්කු ප්‍රහාරයේ සැකකරුවන් නීතිපතිවරයා විසින් වහාම නිදහස් කිරීමට කටයුතු කළ යුතු යැයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජනාධිපති නීතීඥ එච්. එම්. සුහයිර් මහතා “දිවයින ඉරිදා සංග්‍රහයට කියා සිටියේය. ඇතැම් සැකකරුවන් කිසිදු චෝදනාවක් නොමැතිව වසර තුනහමාරකට වැඩි කාලයක් රඳවාගෙන සිටින අත... |
""FB ජිල්මාට් පැමිණිලි 12,373 ක්"" | "ව්‍යාජ ෆේස්බුක් හා ෆේස්බුක් අනවසර ඇතුළුවීම් (හැක් කිරීම) සම්බන්ධයෙන් මෙම වසරේ (2022) මේ දක්වා ගතවූ මාස 10 1/2 තුළ පැමිණිලි දොළොස්දහස් තුන්සිය හැත්තෑතුනක් (12,373) ලැබී ඇතැයි ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදයේ ප්‍රධාන තොරතුරු ආරක්‍ෂණ ඉංජිනේරු රවිඳු මීගස්මුල්ල මහතා “දිවයින ඉරිදා සංග්‍රහය” ට පැවැසීය. ව්‍යාජ ෆේස් බු... |
"ශ්‍රී ලංකාවට සහාය වන්න ඩයස්පෝරාවට වෙනම කාර්යාලයක්" | "විදේශගත ඩයස්පෝරා ජනතාවට ශ්‍රී ලංකාවට සහාය දැක්වීම සඳහා විදෙස්ගත ශ්‍රී ලාංකිකයන්ගේ කාර්යාලය නමින් ආයතනයක් ස්ථාපිත කිරීමට රජය පියවර ගෙන ඇත. විදේශ අමාත්‍යාංශයේ අධීක්ෂණය යටතේ මෙම කාර්යාලය දෙසැම්බර් මස විවෘත කිරීමට නියමිතය. ඒ අනුව විදෙස්ගතව සිටින ශ්‍රී ලාංකිකයන්ට සෘජුව මෙයට සම්බන්ධ වී මෙරට කටයුතු සඳහා සහාය දිය හැකිය. විදේශ... |
"නොවැම්බරයට වඩා දෙසැම්බරයේ ඩීසල් – පෙට්‍රල් මෙට්‍රික් ටොන් 72600 ක්" | "ඛනිජ තෙල් සංස්ථාව දෙසැම්බර් මාසය සඳහා නොවැම්බර් මාසයට වඩා ඩීසල් සහ පෙට්‍රල් මෙට්‍රික් ටොන් 72,600 ක් වැඩිපුර ආනයනය කිරීමට සැලසුම් කර ඇත. ඒ සඳහා වැයවන මුදල ඇමරිකානු ඩොලර් ලක්‍ෂ 62 කට අධිකය. (ඇ.ඩො. 62,840,686) දෙසැම්බර් මාසය සඳහා ඔක්ටේන් 92 පෙට්‍රල් මෙට්‍රික් ටොන් 96,900 ක් ද, ඔක්ටේන් 95 පෙට්‍රල් මෙට්‍රික් ටොන් 9,000... |
"බණ්ඩි පොහොර නැව 2 වැනිදා වරායට" | "බණ්ඩි පොහොර (MOP- Muriate of Potash) මෙට්‍රික් ටොන් 41,876ක් රැගත් නෞකාව දෙසැම්බර් මස 02 වැනිදා කොළඹ වරායට පැමිණීමට නියමිත බව කෘෂිකර්ම ඇමැති මහින්ද අමරවීර මහතා සඳහන් කරයි. එම පොහොර තොගය කැනඩාවේ සිට මෙරටට ආනයනය කරන්නකි. මෙම පොහොර තොගය මිල දී ගනු ලබන්නේ ආසියානු සංවර්ධන බැංකුවේ ණය ආධාරයක් වශයෙනි. බණ්ඩි පොහොර වී වපුරා හෝ... |
"මැයි 9 වැනිදා පොහොට්ටුවේ මැර ප්‍රහාරයට ලක්වූ අරගලකරුවන්ගේ වෛද්‍ය වාර්තා උසාවිය ඉල්ලයි" | "පසුගිය මැයි 9 වැනිදා ගාලු මුවදොර පිටියේදී සහ අරලියගහ මන්දිරය අසලදී සාමකාමී අයුරින් රජයට එරෙහිව විරෝධතාවල නිරතව සිටියදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ආධාරකරුවන් එල්ල කළ අමානුෂික ප්‍රහාරයට ලක්වූයේ යැයි කියන පෙත්සම්කරුවන්ගේ වෛද්‍ය වාර්තා තම අධිකරණයට කැඳවන ලෙසට ශ්‍රේෂ්ඨාධීකරණය සිකුරාදා නියොග කළේය. එකී පහරකෑමට ලක්වූයේ යැයි කිය... |
"වැඩි කළ බැංකු පොලියෙන් පීඩාවට පත් අයට සහන දෙන්න බැංකුවලට උපදෙස් දුන්නා" | "පසුගිය කාලයේ විචල්‍ය පොලී අනුපාත යටතේ ලබා ගත් ණය සඳහා අය කරන පොලී අනුපාත ඉහළ දැමීම නිසා අපහසුතාවට පත්වූ ගනුදෙනුකරුවන්ට බැංකු සමග සාකච්ඡා කර සහනයක් ලබා දීමට උපදෙස් දී ඇති බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසයි. මුදල් රාජ්‍ය අමාත්‍යවරුන් වන රංජිත් සියඹලාපිටිය සහ ශෙහාන් සේමසිංහ යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන... |
"ආර්ථිකය හදන්න එක් නොවුණොත් ගුටි කන්න වෙනවා" | "කඩා වැටී ඇති ආර්ථිකය ගොඩ ගැනීමට නම් පක්ෂවලට නොබෙදී පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් සියලු දෙනා එක් විය යුතු බවත් එසේ නොවුණහොත් සියලු දෙනාටම මහජනතාවගෙන් පහරකෑමට ලක්වීමට සිදුවන බවත් එක්සත් ජාතික පක්ෂ ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා පවසයි. දේශපාලනය කිරීමේදී බෙදී වෙන්වී කටයුතු කරමු යැයි ද මේ මොහොතේ ආර්... |
"නෙළුම් කුළුන විනෝද කලාපයක් සුපිරි කැසිනෝවක්" | "ඉදිරි මාස 6 ඇතුළත කොළඹ නෙළුම් කුලුන පරිශ්‍රය විනෝදාස්වාද කලාපයක් ලෙස සංවර්ධනය කිරීමට පියවර ගන්නා බව සංචාරක රාජ්‍ය ඇමැතිනි ඩයනා ගමගේ මහත්මිය “දිවයින ඉරිදා සංග්‍රහය”ට පැවසුවාය. අංග සම්පූර්ණ විශාල කැසිනෝ ශාලාවක් හා ජල ක්‍රීඩා ඇතුළු විනෝද අංශ ද ඊට ඇතුළත් වෙයි. මෙම කැසිනෝ විදේශිකයන් සඳහා පමණක් විවෘත කිරීමට දැනට සැලසුම් කර ... |
"ගල්බොක්කයාය කඳු සිමෙන්ති ගොඩේ ගිලෙනවා – වාසුදේව කියයි" | "පිටිගලකන්ද ගල්බොක්කයාය කඳු පන්තියේ අක්කර 256 ක ප්‍රමාණයක වානේ හා සිමෙන්ති කර්මාන්ත ශාලාවක් ඉදිකරමින් පාරිසරික විනාශයක් සිදුකිරීමට යන බවට තමාට තොරතුරු ලැබී ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා “දිවයින ඉරිදා සංග්‍රහයට”ට පැවසීය. තමා මේ ගැන මීට පෙර කැබිනට් මණ්ඩලයේ සිටියදීත් හඬ නගා ඇතැයිද හෙතෙම කියා සිටියේය.... |
"කාර්මික හා වෘත්තීය පුහුණු දෙපාර්තමේන්තුව යකාට ගිහින්!" | "වසර 130 ක ඉතිහාසයක් ඇති කාර්මික අධ්‍යයන හා පුහුණු කිරීමේ දෙපාර්තමේන්තුවට එල්ලවී ඇති බහිරව බැල්මක් නිසා එම ආයතනය කඩා වැටීමේ තත්ත්වයට පත්ව ඇතැයි වාර්තාවේ. පරිපාලනයට පත්වී සිටින ඉහළ නිලධාරියා සිදුකරන දූෂණ, අක්‍රමිකතාවලට එරෙහිව කථාකරන විදුහල්පතිවරුන්ට අභූත චෝදනා කරමින් ඔවුන් විද්‍යාලවලින් ඉවත් කිරීමට රාජ්‍ය සේවා කොමිසමට ම... |
"පුරාවිද්‍යා බිමෙන් අක්කර 550 ක් සිංගප්පූරු උක් කම්හලකට" | "මහියංගන ප්‍රදේශයේ ඓතිහාසික වටිනාකමක් සහිත පුරාවිද්‍යා ස්ථාන විශාල ප්‍රමාණයක් ඇති ඇකිරියන්කුඹුර ගමෙන් උක් කර්මාන්ත ශාලාවක් සඳහා අක්කර 550 ක භූමි භාගයක් සිංගප්පූරු බහුජාතික සමාගමකට දීමට යන බව පුරාවිද්‍යා සුරැකීමේ සංවිධානයේ සභාපති උඩස්ගිරියේ සමිත හිමියෝ පැවසූහ. පුරාවිද්‍යා සුරැකීමේ සංවිධාන මධ්‍යස්ථානයේදී පසුගියදා පැවති ම... |
"මිනුවන්ගොඩ ඝාතනයකට පැමිණි පාතාලයේ මුලා – ජුන්ඩා එස්ටීඑෆ් වෙඩිකා මරුට" | "එස්. ටී. එෆ්. නිලධාරියකුට තුවාලකුරුඳුවාඩියේ පිය පුතු ඝාතනයේ හා සැලොන් එකේ මිනී මැරුමේ සැකකරුවෝගිනි අවි සහ තියුණු ආයුධ සොයා ගැනේවෙඩි කන්න කලින් වෙඩි තියලා මිනිස් ඝාතන ඇතුළු අපරාධ ගණනාවකට සම්බන්ධ පාතාල සාමාජිකයන් දෙදෙනකු මිනුවන්ගොඩ ජාපාලවත්ත ප්‍රදේශයේදී පොලිස් විශේෂ කාර්ය බළකාය එල්ල කළ වෙඩි ප්‍රහාරයකින් ඊයේ (18 දා) අලුය... |
"මුදලිගේ හා සිරිධම්ම හිමි නිදහස් කරනු: අන්තරේ පා ගමනට කඳුළු ගෑස් ජල ප්‍රහාර" | "විරෝධතාකරුවෝ පිරිසක් බස්වල නැගී පිටවෙතිකඳුළු ගෑස් ගහලා අපිව වට්ටන්න බෑ – අන්තරේ වැඩ බලන කැඳවුම්කරු රක්‍ෂිත බන්ධනාගාර ගතකර සිටින අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ සහ අන්තර් විශ්වවිද්‍යාලයීය භික්‍ෂු බලමණ්ඩලයේ කැඳවුම්කරු ගල්වැව සිරිධම්ම හිමියන් නිදහස් කරන ලෙස ඉල්ලා අන්තර් විශ්වවිද්‍යාලයීය ... |
"නෙළුම් කුලුනේ ඉදිවන විනෝද කලාපයේ මුල්ම පියවරට ගිවිසුම් අත්සන් තබයි" | "කොළඹ ඩී. අර්. විජයවර්ධන මාවතේ කොළඹ නෙළුම් කුලුන පරිශ්‍රයේ අංග සම්පූර්ණ කැසිනෝ ශාලාවක් හා ජල ක්‍රීඩා ඇතුළු විනෝදාස්වාද කලාපයක් ලෙස සංවර්ධනය කිරීමේ පළමු ගිවිසුමට සංචාරක රාජ්‍ය ඇමැතිනි ඩයනා ගමගේ මහත්මිය හා සිංගප්පූරුවේ Keate Desing P සමාගම අතර ඊයේ (18 දා) අත්සන් තැබූ අවස්ථාව. ඉදිරි මාස 6 තුළ මෙම ව්‍යාපෘතියට ඉදිරි වසර 03 ... |
"අධ්‍යාපන අමාත්‍යාංශයට එච්. එස්. සරත් දුන් චිත්‍රය කවුරු හරි ගෙදර ගෙනිහින් – ජනපති කියයි" | "ලබන වසරට යෙදෙන 75 වැනි නිදහස් දින සංවත්සරය වෙනුවෙන් මෙරට අභිමානය විදහා දැක්වෙන දැවැන්ත චිත්‍ර තරගයක් සහ ප්‍රදර්ශනයක් සංවිධානය කිරීමට අපේක්‍ෂා කරන බවත්, මෙරට දක්‍ෂ චිත්‍ර ශිල්පීන් සියලුදෙනා ඊට දායක කර ගන්නා අතරම නවක චිත්‍ර ශිල්පීන්ට ද තම දක්‍ෂතා එළිදැක්වීමට එය මහඟු අවස්ථාවක් වනු ඇති බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා... |
"බුද්ධි අංශ අන්දමන්ද කරමින් අන්තරේ විරෝධතාව පැවැත්වූවා – දුමින්ද නාගමුව" | "බුද්ධි අංශ අන්දමන්ද කරමින් අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය විරෝධතාව ඉතාම සාර්ථකව පැවැත්වූ බව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රචාරක ලේකම් දුමින්ද නාගමුව මහතා ‘දිවයිනට‘ ඊයේ පැවසීය. අදහස්වල බලය උණ්ඩයේ බලයට වඩා වැඩි බව පොලිසිය ඊයේ තේරුම් ගත්තේ යැයි ද හෙතෙම කීවේය. අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මු... |
"ජනාධිපති හීනයේ ඉන්න නාමල්ට මේ රටේ අහිංසක මනුස්සය වෙනුවෙන් කට අරින්න බැරිද?" | "පළාත් පාලන මැතිවරණය කල්දැමීමට ආණ්ඩුව ක්‍රියා කළහොත් එදාට ජනතාව මහ පාරට බහින්න සූදානමින් සිටින බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ මහතා පැවසීය. විපක්ෂ නායක කාර්යාලයේදී පෙරේදා (17 දා) පැවති මාධ්‍ය හමුවේදී හෙතෙම මේ බව කී අතර එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් මන්ත්‍රීවරයා මෙසේද කීය. ‘රටේ ජනතාව අන්දලා, බොරු... |
"ආයෝජකයන් දිරි ගන්වන සුළු නව පැකේජයක්" | "උපදේශක කාරක සභාව BOI වෙත උපදෙස් දෙයි පවතින ආයෝජන පැකේජය ආයෝජකයන් ආකර්ෂණය කිරීමට ප්‍රමාණවත් නොවන බවත් මහ බැංකුව සහ භාණ්ඩාගාරයට කරුණු පැහැදිලි කොට ආයෝජකයන් දිරිගන්වන සුළු නව පැකේජයක් සැකසිය යුතු බවත් ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව පසුගියදා ආයෝජන මණ්ඩලයට (BOI) උපදෙස් ලබා දුන්නේය. ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය අම... |
"වහාම ක්‍රියාත්මක වන පරිදි පොලී අනුපාතවලට සීමා දැමිය යුතුයි – වජිර අබේවර්ධන (එජාප)" | "වහාම ක්‍රියාත්මක වන පරිදි පොලී අනුපාතයන්ට සීමා පැනවිය යුතු බවත් එසේ නොවුණහොත් ව්‍යාපාර බිඳ වැටී රැකියා නැතිවී ජනතාව මහ පාරට වැටෙන බවත් පත් කළ මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා (එජාප) ඊයේ පාර්ලිමේන්තුවේදී පැවසීය. වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා විසින් සෙංකෝලය තැන්පත් කිරීමෙන් පසුව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ මූල... |
"ජාතික රෝහලේ – රිජ්වේ – කාසල් රුධිර පරීක්‍ෂණ රැසක් ඇනහිටී" | "කොළඹ ජාතික රෝහල, බොරැල්ල රිජ්වේ ආර්යා ළමා රෝහල සහ කාසල් වීදිය කාන්තා රෝහල ඇතුළු රෝහල් කීපයක රසායන ද්‍රව්‍ය හිඟය හේතුවෙන් රුධිර පරීක්‍ෂණ කටයුතු රාශියක් ඇනහිට ඇතැයි රෝහල් ආරංචි මාර්ග පවසයි. මේ තත්ත්වයන් හේතුවෙන් පෞද්ගලික රසායනාගාරවලින් රුධිරය පරීක්‍ෂා කර ගැනීමට රෝගීන්ට සිදුවීම නිසා ඔවුහු දැඩි අපහසුතාවයට පත්ව සිටිති. අප ... |
"ඩයනාට එරෙහි පෙත්සම සලකා බැලීමට අභියාචනාධිකරණය තීරණය කරයි" | "රාජ්‍ය ඇමැතිනි ඩයනා ගමගේ මහත්මිය බ්‍රිතාන්‍ය පුරවැසියකු බවත් ඒ නිසා ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ මන්ත්‍රී ධුරයක් දැරීමට නුසුදුසු තැනැත්තියක බවට නිගමනය කරන ලෙස හා ඇයට පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයේ කටයුතු කිරීම වළක්වන රිට් ආඥාවක් නිකුත් කරන ලෙසත් ඉල්ලා සමාජ ක්‍රියාකාරිකයකු වන ඕෂධ ලක්මාල් අනිල් හේරත් මහතා විසින් ගොනු කර ඇති ර... |
"විදේශ සේවයේ පුරප්පාඩුවලට 40 ක් බඳවා ගන්නවා – විදේශ ඇමැති අලි සබ්රි" | "2018 වසරේ සිට විදේශ සේවය සඳහා නිලධාරීන් බඳවා ගැනීම් සිදුකර නොමැති බැවින් විදේශ සේවයේ පවතින පුරප්පාඩු පිරවීම සඳහා ජුලි මාසය වනවිට විදේශ සේවයට හතළිස් දෙනෙකු කණ්ඩායම් වශයෙන් බඳවා ගැනීමට අපේක්‍ෂා කරන බව විදේශ කටයුතු ඇමැති අලි සබ්‍රි මහතා ප්‍රකාශ කළේය. ඒ මහතා මේ බව සඳහන් කළේ පාර්ලිමේන්තුවේදී පැවැති විදේශ කටයුතු පිළිබඳ අමාත... |
"කරව්! නැත්නම් පලයව්!! අද සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී" | "ආණ්ඩුවට එරෙහිව කරව්! නැත්නම් පලයව්!! යන සටන් පාඨය යටතේ උත්තර ලංකා සභාගය සංවිධානය කරන මහජන සමුළුවක් අද (19 දා) සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී පැවැත්වෙයි. ආණ්ඩුවට කරව් කියන්නේ කරනවා නම් හරියට කරන්න යන්න බවත් නැත්නම් පලයව් යන්නෙන් අර්ථවත් වෙන්නේ එහෙම නොකරනවානම් වද නොදී යන්න කියන එක බවත් උත්තර ලංකා සභාගයේ සභාපති විමල් වීරව... |
"චීන ජනපතිගේ ජාත්‍යන්තර තානාපති අගමැති දිනේෂ් ගුණවර්ධන හමුවෙයි" | "යටිතල පහසුකම්, මානව සම්පත් සහ අවශ්‍ය අනෙකුත් පහසුකම් සැලකිය යුතු මට්ටමෙන් ක්‍රියාත්මක වන බැවින් ශ්‍රී ලංකාව විදෙස් ආයෝජන ආකර්ෂණය කරගැනීමට සූදානම් බව චීන ජනපති ෂී ජින් පිං මහතාගේ ජාත්‍යන්තර තානාපතිවරයා අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා හමුවේ පවසා තිබේ. අග්‍රාමාත්‍ය කාර්යාලයේදී පසුගියදා අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා... |
"බැසිල් ඇවිත් පොහොට්ටුවට නව ජවයක් දෙනවා – එස්. බී කියයි" | "බැසිල් රාජපක්‍ෂ මහතා ලබන ඉරිදා ශ්‍රී ලංකාවට පැමිණීමෙන් පසු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ වැඩවල ඔහු නිරතවීමට බොහෝදුරට ඉඩ තිබෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රි එස්. බී. දිසානායක මහතා “දිවයින”ට ඊයේ (18 දා) පැවසීය. බැසිල් රාජපක්‍ෂ මහතා ඉරිදා ශ්‍රී ලංකාවට පැමිණෙන බව දැනගැනීමට ලැබී තිබෙන්නේ යැයි ද දිසානායක මහතා සඳහන් කළේය. බැසිල් රාජප... |
"ගමන් බලපත්‍ර ගාස්තු හා මෝටර් රථ ලියාපදිංචිය වැඩිවෙන්නේ මෙහෙමයි" | "මෝටර් රථ ලියාපදිංචි ගාස්තු හා විදේශ ගමන් බලපත්‍ර ගාස්තු ඉහළ දමා ඇත. විදේශ ගමන් බලපත්‍ර ගාස්තු ඊයේ (17 දා) සිට වැඩිකර තිබේ. මෝටර් රථ වාහන ලියාපදිංචි ගාස්තු අද (18 දා) සිට වැඩි කෙරේ. එක්දින සේවාව යටතේ විදෙස් ගමන් බලපත්‍රයක් ලබා ගැනීමේ දී මෙතෙක් අයකළ රුපියල් පහළොස් දහසේ ගාස්තුව රුපියල් විසිදහස දක්වා ඉහළ දමා ඇත. සාමාන්‍ය ... |
"වැඩි මිලට විකුණන්න ඩීසල් බවුසරයක් හොරෙන් පන්නලා" | "ඩීසල් ලීටර් දහතුන්දහස් දෙසීයක් ව්‍යාජ බලපත්‍රයක් සකසා පෞද්ගලික කර්මාන්ත ශාලාවකට අධික මිලකට විකිණීමට රැගෙන යමින් තිබූ බවුසරයක් සමග රියැදුරු සහ සහයකයා ඊයේ (17 දා) අලුයම අත්අඩංගුවට ගත් බව පානදුර කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය පවසයි. මීගලෑව සහ කලගෙඩිහේන ප්‍රදේශයේ පදිංචි ත්‍රිකුණාමලය ප්‍රදේශයේ පෞද්ගලික කර්මාන්ත ශාලාවක සේවය කරන... |
"ලක්ෂ්මන් හා කබ්රාල්ගේ කාලයටත් වඩා නන්දලාල් සමයේ සල්ලි අච්චු ගහලා – ගම්මන්පිල කියයි" | "ඉතිහාසයේ වැඩි වශයෙන්ම මුදල් අච්චු ගසා ඇත්තේ එහි ආදීනව ගැන ප්‍රකාශ කළ වත්මන් මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතා යටතේ යැයි උදය ගම්මන්පිල මහතා පාර්ලිමේන්තුවේ දී ඊයේ (17දා) කීය. හිටපු මහ බැංකු අධිපතිවරයකු වූ ඩබ්ලිව්. ඩී. ලක්ෂ්මන් මහතා දින 551ක් වූ ඔහුගේ ධුර කාලයේ දී රුපියල් බිලියන 1260ක් මුදල් අච්චු ගසා ඇති බවත් අජිත් ... |
"පැන්ෂන් යන්න ඉන්න සෞඛ්‍ය නිලධාරීන් පුහුණුවීම්වලට ලෝක සවාරි ගිහින්…." | "සමහරු ඇමැති ගෙන් අවසර ගෙනත් නෑ වසර අවසානයේ විශ්‍රාම යෑමට නියමිතව සිටින සෞඛ්‍ය අමාත්‍යාංශයේ උසස් නිලධාරීන් පිරිසක් විවිධ පුහුණුවීම්වලට යැයි කියමින් අමාත්‍යාංශයේ සහ රාජ්‍ය නොවන සංවිධානවල වියදමින් විවිධ රටවල සංචාරවල නිරතවී ඇති බව එම අමාත්‍යාංශ ආරංචිමාර්ග පවසයි. මෙසේ විශ්‍රාම යෑමට නියමිතව සිටින උසස් නිලධාරීන් 11 දෙනෙකු පස... |
"ඩයනාගේ තහනම දිගුවේ" | "අසත්‍ය තොරතුරු ආගමන විගමන පාලකවරයා වෙත ඉදිරිපත් කර ගමන් බලපත්‍රයක් ලබාගත්තේ යැයි චෝදනා එල්ල වී ඇති රාජ්‍ය ඇමැතිනි ඩයනා ගමගේ මහත්මිය විදේශ ගතවීම වළක්වමින් ඊයේ (17) දක්වා නිකුත් කොට තිබූ තහනම් නියෝගය ලබන දෙසැම්බර් 15 වැනිදා දක්වා තවදුරටත් දීර්ඝ කිරීමට කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් නන්දන අමරසිංහ මහතා ඊයේ (17 දා) නියෝග කළේය. ... |
"ජනපති සමාව දුන් ගෝඨාභයත් වගඋත්තරකරුවෙක්" | "ජනාධිපති නීතිඥ සුමන්තිරන් ශ්‍රේෂ්ඨාධිකරණයට දන්වයි මහාධිකරණය විසින් මරණීය දණ්ඩනය නියම කර තිබූ භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතන නඩුවේ විත්තිකරුවකු වන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්. දුමින්ද සිල්වා මහතාට හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ජනාධිපති පොදු සමාවක් ලබාදීම අභියෝගයට ලක්කරමින් ගොනුකර ඇති මූලික අයිතිවාසිකම... |
"ද. කොරියාවේදී තෙරපී මියගිය තරුණයා වෙනුවෙන් මිලියන 9 ක්" | "දකුණු කොරියාවේ සෝල් නුවර පැවැති හැලොවින් උත්සවයකදී තෙරපීමෙන් මියගිය මෙරට මුස්ලිම් තරුණයා වෙනුවෙන් මිලියන 09ක වන්දි මුදලක් ලබා ගැනීමට ක්‍රියා කරමින් සිටින බව අධිකරණ ඇමැති අලි සබ්‍රි මහතා පාර්ලිමේන්තුවේ දී ඊයේ (17) කීය. උඩතලවින්න ප්‍රදේශයේ පදිංචිකරුවකු වන එම තරුණයා වෙනුවෙන් යම්කිසි වන්දි මුදලක් ලබා ගැනීමට කටයුතු කරන්නේ ... |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.