Title
stringlengths
9
246
Content
stringlengths
3
62.9k
"සජිත්ගේ ‘සක්වලින්’ ගල්ගමුව ජාතික පාසලට බස් රථයක්"
"ගල්ගමුව යූ. බී. වන්නිනායක ජාතික පාසලට විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් ක්‍රියාත්මක කරනු ලබන ‘සක්වල’ වැඩසටහන හරහා ලක්‍ෂ 50ක් පමණ වටිනා බස් රථයක් පරිත්‍යාග කරනු ලැබීය. ‘සක්වල’ වැඩසටහන හරහා පාසල්වලට ලබාදුන් 39 වැනි බස් රථය මෙය වේ. මෙම බස්රථය ගල්ගමුව නගරයේ සිට වන්නිනායක පාසල දක්වා පදවාගෙන පැමිණියේ සජිත් ප්‍රේමදාස ...
"සංශෝධිත මුස්ලිම් විවාහ හා දික්කසාද ආඥා පනත කැබිනට් මණ්ඩලයේ අනුමැතියට යොමුකළා"
"සංශෝධිත මුස්ලිම් විවාහ හා දික්කසාද ආඥා පනත වර්තමානයට ගැළපෙන පරිදි සංශෝධනය කිරීම සඳහා පත්කරන ලද විද්වත් කමිටු වාර්තාව අනුව නව පනත් කෙටුම්පත සකස් කර ඇති බවත් එය මේ වනවිටත් අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය සඳහා ඉදිරිපත් කර ඇති බවත් අධිකරණ ඇමැති ජනාධිපති නීතිඥ ආචාර්ය විජයදාස රාජපක්‍ෂ මහතා පවසයි. මෙම පනත සංවිධානය කිරීමට අදාළ පනත් ...
"ආණ්ඩුවට එරෙහිව විරෝධය අවසන් වූයේ විපක්ෂයට විරෝධයක් වෙලා"
"රටේ තියන තත්ත්වයත් එක්ක යම්කිසි දේශපාලන කණ්ඩායමක් වාසි ගන්න හදනවා නම් ඒකට විශාල ජනතා විරෝධයක් එල්ලවන බව එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා පැවසීය. ඒ අනුව ආණ්ඩුවට එරෙහිව පැවති විරෝධය අවසන් වූයේ විපක්ෂයට විරෝධයක් ලෙස යැයිද ඒ මහතා සඳහන් කළේය. එක්සත් ජාතික පක්ෂයේ මාධ්‍ය ඒකකය විවෘත කිරීම නිමිත්තෙන් ඉකුත...
"බම්බලපිටිය සිරි වජිරාරාමයේදී ඉල් පෝදා පිංකම් මාලාවක්"
"උදෑසන සිල් සමාදන් කරවීම, අනුශාසනාව සහ බුද්ධ පූජාව අග්ගමහා පණ්ඩිත ශාස්ත්‍රපති පූජ්‍යපාද තිරිකුණාමලේ ආනන්ද නායක හිමියන් විසින් මෙහෙයවන අතර පෙ.ව. 8 සිට 9 ට ධර්මානුශාසනාව – ජර්මනියේ හැම්බර්ග් සිරි වජිරඤාණ විහාරාධිපති රාජකීය පණ්ඩිත ශාස්ත්‍රපති පූජ්‍යපාද තල්පාවිල කුසලඤාණ හිමිපාණන් විසිනි. පෙ.ව. 9 සිට 10 දක්වා ගිහි දේශනය – බ...
"ජනතා විරෝධයන් හෑල්ලු කරන තැනට ආණ්ඩුව බංකොලොත්වෙලා"
"ආණ්ඩුව ජන විරෝධතා හෑල්ලු කරන වැඩ පැතිරවීමට තරම් බොළඳ හා වියරු මානසිකත්වයකට දැන් පත්ව තිබෙන බව සමගි ජනබලවේගයේ ගම්පහ දිස්ත්‍රික් සංවිධායක හසිත් ගුණසේකර මහතා පැවසීය. සමගි ජනබලවේගය මේ රටේ බහුජන සංවිධාන, වෘත්තීය සමිති ද එක්වූ ජන විරෝධයට එක්ව ආණ්ඩුවට දුන් පණිවුඩය අද ආණ්ඩුවට දරාගන්න බැහැ. රජයේ මාධ්‍යයත් ඇතැම් දේශපාලන උවමනාවන...
"රුසියාවේ අසූර් එයාර් ශ්‍රී ලංකාවට ගමන් අරඹයි"
"රුසියාවේ සිට එහි තවත් විශාල ගුවන් සේවයක් වන අසූර් එයා (Azur Air) ගුවන් සේවයෙන් ශ්‍රී ලංකාවට පළමු වර එන ගුවන් යානය ඊයේ (03 දා) උදෑසන කටුනායක ගුවන් තොටුපළට ගොඩබෑවේය. රුසියාවේ ප්‍රධාන නගර 04 ක් වන වෙනුකෝවෝ, ටොල්මැචේවෝ, ක්‍රාස්නෝයාස්ක් සහ සාන්ත පීටස්බර්ග් යන නගරවල පිහිටි ගුවන් තොටුපළවල සිට සතියකට දින 04ක්, එනම් බ්‍රහස්පති...
"මිත්‍ර රටවල්වලට ගුවන් ගමන් වාර වැඩි කරන්න… ජනපති පුටින් උපදෙස් දෙයි"
"මිත්‍ර රටවල්වලට ගුවන් ගමන් වාර වැඩි කරන ලෙස රුසියානු ජනාධිපති වැලඩ්මිර් පුටින් අදාළ බලධාරීන්ට උපදෙස් දී තිබේ. ඒ අනුව රුසියානු මිත්‍ර රටක් වන ශ්‍රී ලංකාවට ද පැමිණෙන රුසියන් ගුවන් ගමන් වාර වැඩි කිරීමට ඉඩ ඇතැයි විදේශ කටයුතු අමාත්‍යාංශ උසස් නිලධාරියෙක් විශ්වාසය පළ කළේය."
"පිළිකා රෝහලට ඉංජිනේරුවා කෝටියක් දෙයි"
"මහරගම අපේක්‍ෂා රෝහල තුළින් ලබාදෙන පිළිකා රෝගී ප්‍රතිකාර සේවාවන් තවදුරටත් ශක්තිමත් කරගැනීම සහ වෛද්‍ය උපකරණ ලබාගැනීමට විශ්‍රාමික ඉංජිනේරුවරයකු විසින් රුපියල් කෝටියක මූල්‍ය පරිත්‍යාගයක් සිදුකළ බව එම රෝහලේ අධ්‍යක්‍ෂ වෛද්‍ය අරුණ ජයසේකර මහතා ‘දිවයින’ට පැවසීය. ඔහු එම මූල්‍ය පරිත්‍යාගය චෙක්පතක් මගින් පසුගිය 01 වැනිදා සිදුකළ බ...
"මා මළ පසු සොහොන් කොතේ දුක් ගීයක් ලියනු මැනවි…"
"මීට වසර හයකට පෙර දැයෙන් සමුගත් ආචාර්ය පණ්ඩිත් අමරදේවයන්ගේ සහ විමලා අමරදේවයන්ගේ භෂ්මාවශේෂ බත්තරමුල්ල අපේගම පරිශ්‍රයෙහි ඉදිවෙමින් පවතින අමරදේව සංගීත හා පර්යේෂණ කේන්ද්‍රයෙහි ස්ථාපිත කළ සුසානඝරයෙහි තැන්පත් කිරීම ඊයේ (03 දා) සිදුවිය. අමරදේව පදනම සංවිධානය කළ මෙම සරල හා චාම් උත්සවයේදී ආචාර්ය නන්දා මාලනී සහ ප්‍රියංවදා අමරදේව ...
"කරාපිටිය රෝහල හදවතට ලෙඩ දෙයි : ඇන්ජිඕග්‍රැම් පරීක්ෂණ යන්ත්‍රය කැඩිලා"
"ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ ඇන්ජිඕග්‍රැම් පරීක්ෂණ (angiogram test) සිදුකරන යන්ත්‍රය ක්‍රියාවිරහිත වීම නිසා ඇන්ජිඕග්‍රැම් පරීක්ෂණ මෙන්ම හෘද කැතිටර් ප්‍රතිකාර කිරීමට නොහැකි වීමෙන් හෘද රෝගීහු ගැටලු රැසකට ලක්ව සිටිති. දකුණු පළාතේ ඇති රජයේ රෝහල් අතුරින් හෘද රෝගීන් සඳහා මෙකී පහසුකම තිබුණේ ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ පමණි. ද...
"සතොස භාණ්ඩ පහක මිල අඩු කරයි"
"ලංකා සතොස වෙළෙඳසල්හි අලෙවි කරන අත්‍යවශ්‍ය භාණ්ඩ වර්ග 05ක මිල ඊයේ (03 දා) සිට අඩු කර ඇත. ඒ අනුව තායි හාල්මැස්සන් කිලෝවක මිල රුපියල් 200 කින් ද තිරිඟු පිටි කිලෝවක මිල රුපියල් 96 කින් ද, සුදු සීනි කිලෝවක මිල රුපියල් 22 කින් ද, පරිප්පු කිලෝවක මිල රුපියල් 17 කින් ද, දේශීය ටින් මාළු විශාල ප්‍රමාණයේ ටින් එකක මිල රුපියල් 105 ...
"පූර්ණ චන්ද්‍රග්‍රහණයක් 8 වැනිදා…. ශ්‍රී ලංකාවට පේන්නේ භාගෙට"
"ආසියාව, ඔස්‌ට්‍රේලියාව, ඇමෙරිකාව හා යුරෝපයේ කොටසකට දර්ශනය වන පූර්ණ චන්ද්‍රග්‍රහණයක් මෙම 8 වැනිදා සිදු වේ. මෙම චන්ද්‍රග්‍රහණය ශ්‍රී ලංකාවට දිස්වනුයේ අර්ධ චන්ද්‍රග්‍රහණයක් ලෙසට බව කොළඹ විශ්වවිද්‍යාලයේ භෞතික විද්‍යා අංශයේ තාරකා විද්‍යා හා අභ්‍යවකාශ විද්‍යා ඒකකයේ අධ්‍යක්‍ෂ මහාචාර්ය චන්දන ජයරත්න මහතා “දිවයින”ට පැවැසීය. පූර...
"ඉම්රාන් ඛාන්ට වෙඩිතබයි"
"පාකිස්ථානයේ ගුජරාවල පැවති විරෝධතා පෙළපාලියකට සහභාගි වෙමින් සිටින අතරතුර පාකිස්තානයේ හිටපු අගමැති ඉම්රාන් ඛාන්ට තුවක්කුකරුවකු විසින් ඊයේ (03 දා) වෙඩි තබා ඇත. ඇතැම් විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළේ ඔහුට බරපතළ නැති බවයි. නමුත් ඇතැම් විදෙස් පුවත් සේවා බරපතළ තුවාල ලබා ඇතැයි ද සඳහන් කර ඇත. හිටපු අගමැති ඉම්රාන් ඛාන් නායකත්වය ද...
"ලිට්‍රෝ ගෑස් හිඟයේ රහස හෙළිවෙයි"
"මිල සූත්‍රයට අනුව ඉකුත් මාස තුනේදී ලිට්‍රෝ ගෑස් මිල ගණන් පහළ දැමීම නිසා ලබන 05 වැනිදාත් මිල පහළ වැටෙතැයි සිතා ඇතැම් ගෑස් අලෙවිකරුවන් ඇණවුම් පමාකිරීම හේතුවෙන් ගෑස් හිඟයක් රටේ ඇති වී තිබේ. මේ සම්බන්ධයෙන් ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පීරිස් මහතාගෙන් “දිවයින” කළ විමසීමේදී ඒ මහතා කියාසිටියේ ගෑස් හිඟයකින් තොරව මෙරටට ලබා...
"රට ඉන්න ශ්‍රී ලාංකිකයන් පිළිකා රෝහලට එවූ බෙහෙත් මාසයක් තිස්සේ වරායේ"
"විදෙස්ගත ශ්‍රී ලාංකිකයන් පිරිසක් එක්ව මහරගම අපේක්‍ෂා රෝහලේ රෝගීන්ට ලබාදීමට එවූ ඇමරිකානු ඩොලර් දසදහසක් පමණ වටිනා අත්‍යවශ්‍ය ඖෂධ තොගයක් මාසයක් තිස්සේ කොළඹ වරායේ සිරවී ඇතැයි වෛද්‍යවරු පිරිසක් හෙළිකර සිටිති. විදෙස්ගත ශ්‍රී ලාංකිකයන් පිරිසක් හා මෙරට වෛද්‍යවරුන් පිරිසක් එක්වී මෙම අත්‍යවශ්‍ය ඖෂධ තොගය අපේක්‍ෂා රෝහලට එවා ඇත්තේ...
"ඩයනාගේ මන්ත්‍රී පෙත්සම යළි කැඳවීම මාර්තු 02 දා"
"සිය පක්‍ෂ සාමාජිකත්වය අහෝසි කිරීමට සහ එකී තීරණය අනුව සිය මන්ත්‍රී ධුරය අහෝසි කිරීමට පියවර ගැනීම වළක්වන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා සමගි ජනබලවේගය පක්‍ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රාජ්‍ය ඇමැතිනි ඩයනා ගමගේ මහත්මිය විසින් ගොනු කර තිබූ පෙත්සම ලබන මාර්තු 02 වැනිදා යළි කැඳවීමට ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (03දා) නියෝග කළේය.එම පෙත්සම ග...
"රිෂාඩ් නිදහස් වන තැනට නීතිපති වැඩ කිරීම අපට පිළිගන්න බෑ – මන්ත්‍රී ජයන්ත සමරවීර"
"රිෂාඩ් බදියුදීන් පාස්කු නඩුවෙන් නිදහස් වන ආකාරයට නීතිපතිවරයා කටයුතු කිරීම අපට පිළිගන්න බෑ යැයි ජාතික නිදහස් පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත සමරවීර මහතා ඊයේ (03 වැනිදා) ප්‍රකාශ කර සිටියේය. ඒ මහතා මේ බව කියා සිටියේ ඊයේ (03 වැනිදා) පස්වරුවේ පිටකෝට්ටේ ජාතික නිදහස් පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේ පැවති ප්‍රවෘත...
"මාධ්‍ය මගින් පෙන්වන තරම් අයහපත් වාතාවරණයක් රටේ නෑ"
"මාධ්‍ය මගින් පෙන්වන තරම් අයහපත් වාතාවරණයක් ශ්‍රී ලංකාවේ නොමැති බැවින් ලෝකයේ පවතින තත්ත්වය අනුව සංචාරය කළයුතු පළමු රට ශ්‍රී ලංකාව බව ආසියානු මාධ්‍ය හා සංස්කෘතික සංගමය අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා හමුවෙමින් පවසා තිබේ. ඊයේ (3 දා) දින කොළඹ අග්‍රාමාත්‍ය කාර්යාලයේ දී අග්‍රාමාත්‍යවරයා හමුවූ ආසියානු මාධ්‍ය හා සංස්කෘතික ස...
"විදේශ රැකියා අවස්ථා ඉහළ නංවා ගැනීමට ඇමැති මනූෂ කොරියාවට"
"කොරියානු රැකියා අවස්ථා ප්‍රමාණය ඉහළ නංවා ගැනීමේ අරමුණින් කම්කරු හා විදේශ රැකියා ඇමැති මනූෂ නානායක්කාර ඉකුත්දා කොරියාව බලා පිටත්ව ගියේය. නව කොරියානු රැකියා අවස්ථා උදා කරගැනීම සඳහා මෙහිදී විශේෂ අවධානයක් යොමු කිරීමට නියමිතය. මේ වනවිට කොරියානු රැකියාවල නිරතව සිටින ශ්‍රී ලාංකිකයන් හමුවී සාකච්ඡා කිරීමටද නියමිතව ඇත."
""රාජ්‍ය මර්දනය නතර කරව්, ජීවන වියදම අඩු කරව්, ආණ්ඩුවට එරෙහිව කොළඹදී විරෝධතා""
"මූලික මිනිස් අයිතීන් වෙනුවෙන් අපි පෙනී සිටියා – විපක්‍ෂ නායක සජිත් රට විනාශ කළ පාලකයෝ ඉවත් වනතුරු අරගලය නවතින්නේ නෑ – ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා අත්අඩංගුවට ගත් සහෝදරවරුන් වහා නිදහස් කරන්න – ශ්‍රීලනිප මහ ලේකම් දයාසිරි ජයසේකර අපි දෙන පණිවුඩය ආණ්ඩුව තේරුම් ගත යුතුයි – ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝෂප් ස්ටාලින් ස්ටාලින්ගේ කත...
"ශබ්ද විකාශන යන්ත්‍ර භාවිතයෙන් සිදුවන මහජන පීඩාව වහා නතර කරන්නැයි උඩුවේ ධම්මාලෝක හිමියන්ට නියෝග"
"අලුයම 5.00 – 6.00 ත් අතර කාලය තුළදී ශබ්ද විකාශන යන්ත්‍ර භාවිත කරමින් සිදුකරන මහජන පීඩාවන් වහාම නතර කරන ලෙසට කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් දුලානි අමරසිංහ මහත්මිය නුගේගොඩ ඇලන්මැතිනියාරාමාධිපති උඩුවේ ධම්මාලෝක හිමිපාණන්ට නියෝග කළා ය. පොලිස්පතිවරයා විසින් නිකුත් කරන ලද චක්‍ර ලේඛනයන්ට පටහැනිව එම විහාරස්ථානයේ ශබ්ද විකාශන යන්ත්‍ර ...
"රිෂාඩ් පාස්කු නඩුවලින් නිදහස්"
"පසුගිය 2019 අප්‍රියෙල් 21 වැනිදා පාස්කු ඉරිදා මුස්ලිම් අන්තවාදීන් එල්ල කළ පාස්කු ප්‍රහාර මාලාවට හා එකී මරාගෙන මැරෙන බෝම්බකරුවන්ට ආධාර අනුබල දුන්නේ යැයි චෝදනා කරමින් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ පවරා තිබූ නඩු කටයුත්තෙන් හිටපු අමාත්‍ය රිෂාඩ් බදුර්දීන් මහතා නිදහස් කිරීමට කොටුව මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා ඊයේ (02දා) න...
""සජිත් ඔසවන්න දයාසිරි – චන්දිම, ස්ටාලින්…..""
"විරෝධයට මහ පිරිසක්තැන තැන මත ගැටුම් ‘රජයේ මර්දනයට එරෙහි වෙමු’ යන තේමාව යටතේ කොළඹ ඊයේ (02 දා) දේශපාලන පක්ෂ හා බහුජන සංවිධාන කීපයක් එක්වී පැවැත්වූ උද්ඝෝෂණයේ අවස්ථා කීපයක් මෙහි දැක්වේ. ඡායාරූප – කමල් බෝගොඩ, ජූඩ් ඩෙන්සිල් පතිරාජ, තුෂාර අතපත්තු"
"අයවැයට පෙර සියලු පාර්ලිමේන්තු කමිටු පත් කරන්න – ජනපතිගෙන් උපදෙස්"
"අයවැයට පෙර මෙතෙක් පත්කර නොමැති සියලුම පාර්ලිමේන්තු කමිටු පත්කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තු මහලේකම් ධම්මික දසනායක මහතාට ඊයේ (02 දා) උපදෙස් දී ඇත. ඒ අනුව මෙතෙක් පත්කර නොමැති සියලුම කමිටු කඩිනමින් පිහිටුවීමට පාර්ලිමේන්තු මහලේකම්වරයා ඊයේ (02 දා) සිට ම අවශ්‍ය කටයුතු ආරම්භ කළේය. 21 වැනි ව්‍යවස්ථා සංශෝධ...
"රන් මිල අඩු වෙයි"
"කොළඹ හෙට්ටිවීදිය රන් වෙළෙඳපොළෙහි කැරට් 22 රන් පවුමක මිල රුපියල් එක්ලක්‍ෂ පනස්හය දහස් හාරසියය දක්වා පහළ බැස ඇත. මේ අතර කැරට් 24 රන් පවුමක මිල රුපියල් එක්ලක්‍ෂ හැටනව දහසක් ලෙස ද වාර්තා වෙයි. මෙය පසුගිය මාර්තු මාසයෙන් පසු, එනම් ඩොලරයේ අගය ඉහළ යෑමෙන් පසු වාර්තා වූ අඩුම මිල බව වෙළෙඳපොළ ආරංචි මාර්ග සඳහන් කරයි. 2022 අප්‍රේල්...
"10 ශ්‍රේණියට ලබන වසරේ සිට කෘත්‍රීම බුද්ධි විෂය"
"ලබන අවුරුද්දේ දී 10 ශ්‍රේණියට කෘත්‍රීම බුද්ධි විෂය ඉගැන්වීම ආරම්භ කරන බව අධ්‍යාපන ඇමැති ආචාර්ය සුසිල් පේම්ජයන්ත මහතා පවසයි. සියලු ම ගුරුවරුන් තාක්‍ෂණය සඳහා පුහුණු කළ යුතුව ඇති බවත් පාසලෙන් ආරම්භ වී විශ්වවිiාල පද්ධතිය ඇතුළු සමස්ත විශ්වවිiාල පද්ධතියම පෘථුල පරිවර්තනයකට ලක්කළ යුතු බවත් හෙතෙම පැවැසීය. එසේම වර්තමාන විවිධ සම...
"“මගේ කීර්ති නාමයට හානි වුණා” කංචන දයාසිරිගෙන් කෝටි 100ක් වන්දි ඉල්ලයි"
"විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය අඩු මිලට ඉන්ධන ලබාගැනීමට තිබිය දී වැඩි මිලට ඒවා ලබාගෙන ඇති බවත්, ඒ සම්බන්ධයෙන් තොරතුරු තමන් සතුව ඇති බවත් ප්‍රකාශ කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා සිදුකළ ප්‍රකාශවලින් තමන්ගේ කීර්ති නාමයට හානිවී ඇති බව පවසමින් විදුලිබල හා බලශක්ති ඇමැති කංචන විජේසේකර මහතා කෝටි 100ක වන්දි ම...
"ආනයන 5කට උපරිම සිල්ලර මිලක් පනවයි"
"ආනයනය කරනු ලබන භාණ්ඩ සහ නිෂ්පාදන වර්ග 05 ක් සඳහා උපරිම සිල්ලර මිලක් සඳහන් කළ යුතු බවට නියම කරමින් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් ඊයේ (02 දා) ගැසට් නිවේදනයක් නිකුත්කර තිබේ. ඒ අනුව මෙරටට ආනයනය කරනු ලබන රසකැවිලි (චුයින්ගම් ඇතුළුව) චොකලට්, බිස්කට්, කේක් සහ සුවඳ සබන් සඳහා උපරිම සිල්ලර මිලක් සඳහන් කළ යුතු බවත්, එය ...
"මළවුන්ගේ දිනය සමරමින්…."
"ලෝකවාසී කතෝලික ජනතාවගේ මළවුන් සැමරීමේ දිනය ඊයේට (02 දා) යෙදී තිබිණි. “මළවුන්ගේ දිනය” නමින් හැඳින්වූ මෙදින දිවයින පුරා දෙම්මැඳුරුවලට අනුබද්ධ සුසාන භූමිවලදී දිව්‍ය පූජාවන් පවත්වා, සුසානභූමි අසිරිගැන්වීම සිදුවිය. කතෝලික බැතිමත්හු සුසානභූමි වෙත පැමිණ තම මියගියා වූ දෙමාපියන්, ඥාතීන්, හිතවතුන් සිහිපත් කරමින් ඉටිපහන් දල්වා, ...
"රුපියල බාල්දු වී ජීවන වියදම දරාගැනීමට නොහැකි තරම් ඉහළ ගිහින්"
"කුමන තනතුරු දැරුවත් ජනතාවට ඇත්ත කිව යුතුයි අගමැති දිනේෂ් ගුණවර්ධන රුපියල් බාල්දු වී ජීවන වියදම දරාගත නොහැකි ලෙස ඉහළ ගොස් ඇතැයි සියලු දෙනා පිළිගත යුතු බවත් කුමන තනතුරක් දැරුවත් ජනතාවට යථාර්ථය පැවසිය යුතු බවත් අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසයි. අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළේ ඉකුත් 01 දින සමස්ත ලංකා හාබර් සහ ඩොක්...
"ඕනෑම මැතිවරණයකට පොහොට්ටුව සූදානම්"
"මෙරට දැනට තිබෙන ළාබාලම දේශපාලන පක්ෂය වන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඉදිරියේදී මෙරට පවත්වන ඕනෑම මැතිවරණයට තරග කර ජයගෙන ජනතා අපේක්ෂා දිනවීමට සූදානම් කරන බව එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හිටපු ඇමැති රෝහිත අබේගුණවර්ධන මහතා පැවසීය. ඒ මහතා මේ බව කියා සිටියේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හයවැනි සංවත්සරය වෙනුවෙන් ඊයේ (02 වැනිදා) පක...
"ගුවන්යානාවලට බාධාවකින් තොරව ඉන්ධන"
"එළඹෙන සංචාරක සමයේ ශ්‍රී ලංකාවට පැමිණෙන සහ පිටව යන ගුවන් යානා සඳහා ගුවන් යානා ඉන්ධන බාධාවකින් තොරව ලබා දීමට සැලසුම් සහගත වැඩපිළිවෙළක් සකසා ඇති බව වරාය, නාවික හා ගුවන් සේවා ඇමැති නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසයි. දෙසැම්බර් මාසයේ දී සංචාරකයින් හා මගීන් රැගත් ගුවන් යානා පැමිණීම වැඩි වන බව පුරෝකථනය කර ඇති බැවින් තවත් ඉන්ධ...
"ඉදිරි දිනවලත් වැසි"
"ශ්‍රී ලංකාවට ආසන්න පහළ වායු ගෝලයේ කැළඹිලි ස්වභාවය තවදුරටත් වර්ධනය වීම හේතුවෙන් ඉදිරි දින කිහිපයේදී ද දිවයින පුරා වැසි ඇති වියහැකි බව කාලගුණ විiා දෙපාර්තමේන්තුව සඳහන් කරයි. ඒ අනුව දිවයිනේ බොහෝ ප්‍රදේශවලට සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ මි. මීටර් 75 ට වැඩි වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බවත්, උතුරු, බස්නාහිර සහ වයඹ පළාත්ව...
"නොකළ වරදකට සැරයන් බිලිවෙයි!"
"වනඅලි ප්‍රහාරයෙන් ගම්වැසියකු මියයෑමත් සමග කැබිතිගොල්ලෑව රත් වෙයි පෙරේදා (31දා) රාත්‍රී වනඅලි ප්‍රහාරයකට ලක්වූ පුද්ගලයකු මියයෑමත් සමග පොලිසිය සහ ගම්වාසීන් අතර ඇතිවූ දැඩි උණුසුම්කාරී තත්ත්වය හේතුවෙන් එම ගැටුමට මැදිවී ගම්වාසීන්ගෙන් එල්ලවූ ප්‍රහාරයකින් බරපතළ තුවාල ලබා පොලිස් සැරයන්වරයකු ජීවිතක්ෂයට පත්වූ බවත්, එම කලහකාරී ස...
"වාරකන් කාලයට පෙර නොරොච්චෝලෙට ගල්අඟුරු නැව් 8 ක් ගෙන්වා ගන්න බැහැ"
"විදුලි ඉංජිනේරු සභාපතිඑළැඹෙන වාරකන් කාලයට පෙර නොරච්චෝල බලාගාරයට අවශ්‍ය ගල්අඟුරු නැව් 38 ක් ගෙනඒමට නියමිත වුවත් මේ වනවිට එම නැව්වලින් නැව් 08ක් මගහැරී ඇතැයි විදුලි ඉංජිනේරු සංගමයේ සභාපති නිහාල් වීරරත්න මහතා පැවසීය. වාරකන් කාලය ලබන වසරේ අප්‍රේල් 15 වැනිදා පමණ සිට සැප්තැම්බර් 15 පමණ වනතෙක් පවතින බවත් මගහැරී ඇති නැව් 08 ග...
"රජයට එරෙහි විරෝධතා රැලිය හා පා ගමන අද කොළඹදී"
"වෘත්තීය සමිති, දේශපාලන පක්ෂ සහ බහුජන සංවිධාන ඒකාබද්ධව සංවිධානය කරන, රජයට එරෙහි විරෝධතා රැලිය සහ පා ගමන අද (02 දා) කොළඹදී පැවැත්වේ. අද සවස 3.000 ට මරදාන එල්ෆින්ස්ටන් රඟහල ඉදිරිපිටින් විරෝධතා පා ගමන ආරම්භ වන අතර එය අවසානයේ රැලිය පැවැත්වෙයි. මර්දනයට, ආර්ථික පීඩනයට එරෙහිව නැගීසිටිමු, අයිතීන් වෙනුවෙන් සටන් වදිමු යන මැයෙන් ...
"ලිංගික උත්තේජන ඖෂධ හිතුමතේ ගත් 6 ක් මාස 3 ක් තුළ මිය ගිහින්"
"වෛද්‍ය උපදෙස් අනුගමනය නොකර ලිංගික උත්තේජනය ඇති කරන ඖෂධ ගත් පුද්ගලයන් හයදෙනකු පමණ පසුගිය මාස තුනේ මියගොස් ඇතැයි කොළඹ නාගරික අතිරේක හදිසි මරණ පරීක්ෂක ඉරේෂා දේශානි සමරවීර මහත්මිය ‘දිවයින’ට ඊයේ (01 වැනිදා) පැවසුවාය. මෙවැනි ඖෂධ ගැනීමේදී වෛද්‍ය උපදෙස් අනුගමනය කිරීම ඉතා වැදගත් බව ද ලිංගික උත්තේජනය ඇති කරන ඖෂධ හිතුමතේ ලබාගෙන ...
"අරමුණ සහ අවංකභාවය ගැටලුවක්: අද උද්ඝෝෂණයට ජාජබ නෑ – වසන්ත සමරසිංහ"
"අරමුණ සහ අවංකභාවය පිළිබඳ ප්‍රශ්න පවතින බැවින් අද (02දා) උද්ඝෝෂණයට ජනතා විමුක්ති පෙරමුණ ප්‍රමුඛ ජාතික ජනබලවේගය සම්බන්ධ නොවන බව ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික, වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ කැඳවුම්කරු වසන්ත සමරසිංහ මහතා ඊයේ (01දා) ‘දිවයින’ ට පැවසීය. ජවිපෙ සහභාගි වන්නේ අවංක අයගේ සටන්වලට පමණ බවත්, වසන්ත මුදලිගේ සහ ...
"අරගල කර රට යළි වට්ටන්නේ ජාතිද්‍රෝහීන් – වජිර අබේවර්ධන"
"බංකොලොත් බවට ප්‍රකාශ කර තිබූ රට යම් මට්ටමකට ඉදිරියට ගෙනඒමට ජනාධිපතිවරයා කටයුතු කරමින් සිටින අවස්ථාවක අරගල කර රට නැවත වැට්ටවීමට කටයුතු කරන්නේ ජාතිද්‍රෝහීන් යැයි එක්සත් ජාතික පක්‍ෂ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා ඊයේ (01 දා) ප්‍රකාශ කළේය. ගෑස් පෝලිම්, ඉන්ධන පෝලිම්, පැය 08 ක් 10 ක් විදුලි කප්පාදුව ඇතුළු ප...
"ජ්‍යෙෂ්ඨයන්ගේ රැග් එකට එරෙහිව කැලණි සරසවි සිසුවා පොලිසි යයි"
"ජ්‍යෙෂ්ඨ සිසුන් පිරිසක් විසින් තමන්ට නවක වධය ලබාදුන් බව පවසමින් කැලණිය විශ්වවිද්‍යාලයේ දෙවැනි වසරේ සිසුවකු කළ පැමිණිල්ලකට අදාළව කිරිබත්ගොඩ පොලිසිය පුළුල් පරීක්‍ෂණයක් ආරම්භ කර තිබේ. පෙරේදා (31 දා) සිය දේශන අවසන් වීමෙන් පසු ක්‍රීඩා පුහුණුව සඳහා විශ්වවිද්‍යාලයේ ක්‍රීඩාගාරය වෙත යමින් සිටියදී ජ්‍යෙෂ්ඨ සිසුන් පිරිසක් තමන්ට ...
"ප්‍රියමාලි 2 ප්‍රචාරණයට එරෙහිව වාරණයක්"
"ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයේ නැඟෙනහිර කුලුනේ 19 වන මහලේ පිහිටි ක්‍රොපස් පුද්ගලික සමාගමට අපහාසයක් හා අපකීර්තියක් වන පරිදි අසත්‍ය හා ද්වේෂ සහගත කරුණු ප්‍රචාරය කිරීම වළක්වමින් කොළඹ ප්‍රධාන දිසා විනිසුරු පූර්ණිමා පරණගම මහත්මිය ඊයේ (01) දා ලයිෆ් ටුවර් නමැති යූ ටියුබ් නාලිකාවට ෆේස්බුක් මුහුණු පොත පිටුවකට වාරණ නියෝගයක් නිකුත් කළාය...
"පස්වැනිදා ලිට්‍රෝ ගෑස් මිල සංශෝධනයක්:"
"අඩු වෙනවාද… වැඩි වෙනවාද හරියටම කියන්න බැහැ- ලිට්‍රෝ ගෑස් සභාපති ලිට්‍රෝ ගෑස් මිල ඉදිරියේදී වැඩි වෙනවාද අඩු වෙනවාද යන්න නිශ්චිතවම පැවසිය නොහැකි බව ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා ‘දිවයින’ට ඊයේ (01 වැනිදා) පැවසීය. කෙසේ වෙතත්, ලබන 05 වැනිදායින් පසු ලිට්‍රෝ ගෑස් මිල සංශෝධනයක් සිදුවන බව ද පවතින තත්ත්වය හමුවේ ද...
"ශ්‍රීනාත් මද්දුමගේ ගේ ඔස්ට්‍රේ‍ලියාවේ නිවස ගිනිගෙන විනාශ වෙයි"
"ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න් එපින් හි පිහිටි ප්‍රවීණ රංගන ශිල්පී ශ්‍රීනාත් මද්දුමගේ මහතාගේ නිවස පෙරේදා (31 වැනිදා) රාත්‍රි හටගත් ගින්නකින් සම්පූර්ණයෙන්ම විනාශ වී තිබේ. එම නිවසේ ඇති උණුසුම්කරණය (හීටරය) දමා ඔහු රැකියාවට ගොස් තිබෙන අවස්ථාවේ මෙම අනතුර සිදුවී ඇත. විනාඩි කීපයක් ඇතුළත මුළු නිවසම මෙලෙස සුන්බුන් ගොඩක් බවට පත්ව තිබ...
"ජල විදුලිය උපරිමයට… ගල්අඟුරුත් තිබුණා නම් ලයිට් කැපිල්ලක් නෑ"
"ජල විදුලි නිෂ්පාදනය උපරිමයට පැමිණ ඇතැයි විදුලිබල මණ්ඩලයේ ජ්‍යෙෂ්ඨයෙක් “දිවයින”ට පැවසීය. නියමිත ආකාරයෙන් ගල්අඟුරු සපයා ගැනීමට හැකි වුණානම් දැනට සිදුකරන විදුලි කප්පාදුව නතර කරගත හැකි බව ද එම නිලධාරියා පැවසීය. මේ වනවිට ඉන්ධන භාවිත කර විදුලිය නිෂ්පාදනය නොකරන අතර විදුලි අවශ්‍යතාවෙන් ඊයේ (01 දා) වනවිට ජල විදුලිය 69.2%ක්, නො...
"ඔක්තෝබරයේ උද්ධමනය සියයට 66 ට බසී"
"දිගටම වැඩිවෙලා ගිය මාසේ රිවස් වෙයි කොළඹ පාරිභෝගික මිල දර්ශකය අනුව ගණනය කළ උද්ධමනය 2022 සැප්තැම්බර් මාසයේ පැවති සියයට 69.8 සිට ඔක්තෝබර් මාසයේ සියයට 66.0 ක් දක්වා පහළ ගොස් තිබේ. පසුගිය මාසවල දිගින් දිගටම වේගයෙන් උද්ධමනය ඉහළ ගිය අතර මෙසේ සෑහෙන කලකට පසුව ප්‍රථම වතාවට උද්ධමනය අඩුවීම විශේෂත්වයකි. ඔක්තෝබර් මාසයේ දී උද්ධමනය ම...
"හෝටල් කෑම බිලත් 10% කින් බස්සයි"
"ආපනශාලාවල ආහාර මිල ගණන් ඊයේ (01 දා) මධ්‍යම රාත්‍රියේ සිට 10% කින් පහත දැමීමට ආපනශාලා හිමියන්ගේ සංගමය තීරණය කර ඇත. ඒ අනුව තේ කෝප්පයක නව මිල රුපියල් 30 ක් දක්වාත්, කිරි තේ කෝප්පයක නව මිල රුපියල් 100 දක්වාත් අඩු කෙරෙනු ඇත. රෝල්ස්, පරාටා. බිස්තර රොටි, එළවළු රොටි ඇතුළු කෙටි ආහාරවල මිල ගණන් මේ යටතේ රුපියල් 10 කින් පහත දමන බ...
"කුකුළේ ගඟ වාන් දොරටු දෙකක් ඉබේම ඇරිලා"
"ඊයේ (01දා) උදෑසන කුකුලේ ගඟ ජලාශයේ වාන්දොරටු දෙකක් අනපේක්ෂිත ලෙස ස්වයංක්‍රීයව විවෘත වී ඇති අතර පසුව වාන් දොරටු සම්පූර්ණයෙන් වසා දමා තිබේ. මේ නිසා කුකුළේගඟේ ජල මට්ටම අනපේක්ෂිතව ඉහළ යා හැකි බැවින් පහළ ප්‍රදේශවල ජනතාවට අවධානයෙන් සිටින ලෙස ප්‍රාදේශීය ලේකම්වරයා විසින් දැනුම් දී තිබේ. කුකුළේ ගඟේ දිය නෑමෙන් වළකින ලෙසද, පහත් ම...
"අයිඑම්එෆ් රට ගෙන යන්නේ ආර්ථිකය බංකොලොත්වූ ආජන්ටිනාව ගෙන ගිය පාරේ"
"අයිඑම්එෆ් මපට්ලා මේ රට රැගෙන යන්නේ 80 සිට පස් වතාවක් ආර්ථිකය බංකොලොත්වූ ආජන්ටිනාව ගිය පාරේ යැයි උත්තර ලංකා සභාගයේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පැවසීය. ඒ මහතා මේ බව කියා සිටියේ ඊයේ (01දා) උත්තර ලංකා සභාගය කොළඹදී පැවැත්වූ ප්‍රවෘත්ති සාකච්ඡාවකදීය. මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විමල් වීරවංශ මහතා මෙසේද ප...
"තරුණ හඬට වැඩි ඉඩක් සවිමත් කිරීමට දොලවත්ත ජනපති දැනුවත් කරයි"
"රටේ තීන්දු තීරණ ගැනීමේ ක්‍රියාවලියේදී තරුණ ප්‍රජාවට වැඩි අවස්ථාවක් ලබාදීමේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රතිපත්තිය ශක්තිමත් කෙරෙන පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමනාත් සී. දොලවත්ත මහතා විසින් ඉදිරිපත් කළ පෞද්ගලික මන්ත්‍රී යෝජනාව පිළිබඳ ජනාධිපතිවරයා දැනුවත් කිරීමේ හමුවක් 31දා ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි. මෙහිදී ම...
"රට ධනවත් කරන ජේ.ආර්. ජයවර්ධන දැක්ම ඉදිරියට ගෙන යා හැකි එකම නායකයා ජනපති රනිල් වික්‍රමසිංහ පමණයි"
"දිවංගත ජනාධිපති ජේ.ආර්. ජයවර්ධනගේ ගුණ සමරුවේදී පැල්පොල විපස්සි හිමියෝ පවසති පුළුල් දැක්මක් ඇති නායකයෙක් වූ දිවංගත ජේ.ආර්. ජයවර්ධන ශ්‍රීමතාණන් තරුණ අවධියේදී රටේ රාජ්‍ය නායකත්වයට පත්වූවා නම් ශ්‍රී ලංකාව අද ධනවත් රාජ්‍යයක් බවත්, එවන් කාර්යයක් වර්තමානයේ ඉටුකළ හැකි එකම නායකයා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා බවත් ජපානයේ සහ ...
"පාතාලය හික්කඩුවේ යකා නටයි – කටා රොෂාන් ඝාතනයට පළිගැනීමක්"
"දකුණේ තවත් ඝාතන දෙකක් හික්කඩුවේදී නාඳුනන තුවක්කුකරුවන් දෙදෙනකු විසින් ඊයේ (31 දා) පෙරවරුවේ පුද්ගලයන් දෙදෙනකු ටී56 ගිනි අවිවලින් වෙඩි තබා ඝාතනය කර ඇත්තේ මීට වසරකට පෙර කටා රොෂාන් නමැති මත්ද්‍රව්‍ය ජාවාරම්කරු ඝාතනයට එකට එක කිරීමක් ලෙස බව පොලිස් විමර්ශනවලින් හෙළි වී ඇත. ඝාතනයට ලක්වූ පුද්ගලයන් දෙදෙනා කටා රොෂාන් ඝාතනයේ ප්‍ර...
"90% ක් බදු මත යැපෙන අයවැයක් එයි – නොවැම්බර් 14"
"මෙවර අයවැයෙන් රාජ්‍ය ආදායමේ සියයට 65 ක වර්ධනයක් අපේක්ෂා කරන අතර ඉන් සියයට 90 ක් බදු ආදායම ලෙස ලබා ගැනීමට අපේක්ෂා කරන බව ද මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි. මේ අනුව රටේ ආදායම දළ දේශීය නිෂ්පාදිතයට සාපේක්ෂව සියයට 8.5 ක් 13 ක් දක්වා වර්ධනය කර ගැනීම මෙවර අයවැයේ අපේක්ෂාව වන බව ද, ඒ සඳහා රාජ්‍ය ආදායම පසුගිය...
"රනිල්ට එරෙහි නඩු බහා තබනවා නම් මෛත්‍රීට එරෙහි නඩුත් බහා තබන්න"
"ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාපා උසාවියෙන් ඉල්ලයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව පාස්කු වින්දිතයන් විසින් පවරා ඇති වන්දි නඩුකර විභාග නොකර බහා තබන්නේ නම් එම නඩුවල 01 වන විත්තිකරු ලෙස නම්කර සිටින හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඇතුළු අනෙකුත් විත්තිකරුවන්ට එරෙහි නඩුකර ද ඒ ආකාරයෙන්ම බහා තබන ලෙස මෛත්‍රිපාල සි...
"ආනයනික ඖෂධ මිල සියයට 300-400 කින් නැඟලා"
"ආනයනික ඇතැම් ඖෂධවල මිල සියට තුන්සීය, හාරසීය වැනි ඉහළ ගණනකින් වැඩිවී ඇති නිසා ඖෂධ සඳහා මිල සූත්‍රයක් හඳුන්වා දෙන්නැයි පෞද්ගලික ඔසුසල් හිමියන්ගේ සංගමයේ සභාපති චන්දන ගන්කන්ද මහතා ඉල්ලා සිටී. මිල සූත්‍රයක් පැනවීම ඖෂධ අධිකාරිය විසින් කළ යුතු බවත්, මේ සඳහා සෞඛ්‍ය ඇමැති ඖෂධ අධිකාරිය ඇතුළු බලධාරීන් හමුවී දැනුවත් කළත් මේ වනතෙක...
"22ට කථානායක අත්සන් තබයි"
"පසුගියදා පාර්ලිමේන්තුවේ විශේෂ බහුතරයකින් සම්මත වූ විසි දෙවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතට කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා විසින් ඊයේ (31දා) සිය සහතිකය සටහන් කර ඇත. එම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත පසුගිය අගෝස්තු 10 වැනිදා අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබූ අත...
"මොළය මියගිය රෝගියාගේ අනෙකුත් අවයව ගන්න බදුල්ලෙන් කොළඹට  ගුවනින් ගෙනෙයි"
"හදිසි අනතුරකින් තුවාල ලබා මොළය මියගිය පුද්ගලයකුගේ අනෙකුත් ශරීර අවයව ලබා ගැනීම සඳහා ඊයේ (31 වැනිදා) ගුවන් හමුදා විශේෂ හෙළිකොප්ටර් යානයකින් බදුල්ල මහ රෝහලේ සිට කොළඹ ජාතික රෝහලට රැගෙනවිත් තිබේ.මොළය මියගිය පුද්ගලයන්ගේ අනෙකුත් ශරීර අවයව වෙනත් රෝගීන්ට බද්ධ කිරීමට සහාය වීම පිණිස සෞඛ්‍ය අමාත්‍යාංශය සමග ඇතිකර ගත් එකඟතා ගිවිසුම...
"යුද හමුදා විශේෂ බළකා පුහුණුව ලබා…"
"“අධිෂ්ඨානයෙන් අභීතව අරමුණ කරා” යන ආදර්ශ පාඨය පෙරදැරි කරගෙන ශ්‍රී ලංකා යුද හමුදාවේ රෙජිමේන්තුවක් වන ශ්‍රී ලංකා යුද හමුදා විශේෂ බළකායේ මූලික පුහුණු පාඨමාලා අංක 52 සහ 53 සාර්ථකව හැදෑරූ නිලධාරීන් 19 දෙනෙකු සහ සෙසු නිලයන් 595 දෙනෙකු විශේෂ බළකා ලාංඡන පැළඳීමෙන් පසු මාදුරුඔය පිහිටි විශේෂ බළකා පුහුණු පාසල වෙතින් විසිර ගියහ. ශ්...
"මේ වසරේ මාස 6 ට රාජ්‍ය ණය බිලියන 6675 කින් වැඩිවෙලා"
"මේ වසරේ (2022) මුල සිට ජුනි මාසය දක්වා කාලයේදී ශ්‍රී ලංකාවේ මුළු ණය ප්‍රමාණය රු. බිලියන 6675 කින් වර්ධනය වී ඇත. 2021 දෙසැම්බර් අග පැවැති රු. බිලියන 17589.4 ක් මුළු රාජ්‍ය ණය ප්‍රමාණය ඉකුත් ජුනි මස අග වන විට රු. බිලියන 24264.4 ක් දක්වා වැඩිවී ඇති බව මහ බැංකුව නිකුත් කළ නවතම වාර්තාවක දැක්වේ. මුළු රාජ්‍ය ණය තුළ ඇති මුළු ...
"ගමගේ මහත්තයා හර්ෂ් මල්ලිගෙ ඔළුවට පිස්තෝලය තියල ‘උඹ මොකද කියන්නේ’ කියලා වෙඩි තිබ්බා – ත්‍රිරෝද රිය තුළ සිටි සිසුවෙක් පවසයි"
"තුවාල ලැබූ ශිෂ්‍යයාතිහගොඩ පොලිසියේ යක්‍ෂාගමනය ළමයෙක් පොලිසිය එක්ක පොරබැදුව කිව්වොත් ලොකු විහිළුවක් – ලොකු තාත්තා කියයි තුවක්කුව ඉබේ පත්තු වුණානම් ඔළුවට වෙඩි වැදුණේ කොහොමද – තුවාල ලැබූ සිසුවාගේ මව අසයි “මාතර තුඩාවේ පෙරහැරේ කාවඩිවලට මොනර පිහාටු හොයන්න මමයි තව හතරදෙනකුයි ත්‍රීවීල් එකේ ගිහින් බැහැල ඉන්නකොට පිටුපසින් පැමිණ...
"යාලේ සෙල්ලම් දැමූ ඇමැති ඥාති පුතාට ඇප"
"යාල වනෝද්‍යානයේ වන සතුන්ට හානි වන පරිදි ජීප් රථ 35කින් නීති විරෝධී ලෙස ගමන් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් මහින්ද අමරවීර අමාත්‍යවරයාගේ ඥාති පුත්‍රයකු වන දුලිත අමරවීර පසුගිය 29 දා සවස යාල වනජීවි කාර්යාල වෙත භාර වූ බව ඌව සහ දකුණු පළාත් භාර වනජීවී සහකාර අධ්‍යක්ෂ උපුල් ඉන්ද්‍රජිත් මහතා පවසයි. එදිනම එම සැකකරු තිස්සමහාරාම අධිකර...
"හිටපු ඇමැති හොරෙන් ගෙන්වූ සැප රිය කොස්තාපල්වරයකු සමග ගාල්ලෙන් අල්ලයි"
"ප්‍රබල දේශපාලනඥයකු අමාත්‍ය පදවිය දරන අවධියේ දී තීරුබදු රහිතව ආනයනය කර තිබූ රුපියල් කෝටියකට පමණ ආසන්න වටිනා සුඛෝපභෝගී ජීප් රථයක් ගාල්ල නගරයේදී පොලිස් භාරයට ගත් බව පානදුර වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක ඒකකය කියයි. එම අවස්ථාවෙහිදී ජීප් රථය පදවමින් සිටි ඔහුගේ නිවසේ ආරක්ෂකයකු ලෙස කටයුතු කරන ගාල්ල පොලිසියට අනුයුක්තව සේවය ක...
"ජනපති  ශෝකය  පළ කරයි"
"දකුණු කොරියාවේ සෝල් අගනුවර පැවති එළිමහන් රාත්‍රී සාදයක් අතරතුර ඇතිවූ තෙරපීමකින් මියගිය පුද්ගලයින් වෙනුවෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එරට රජය වෙත ශෝකය පළ කර තිබේ. එම අනතුරින් තුවාල ලැබූවන්ට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරන අතර, මියගිය පවුල්වල සාමාජිකයන්ට සිය බලවත් ශෝකය පළ කරන බව ද ජනාධිපති මාධ්‍ය අංශය මගින් නිවේදනය කර ...
"ආණ්ඩුවේ වැඩ ගැන ජනතා කැමැත්ත 10% යි – වෙරිටේ රිසර්ච් සමීක්‍ෂණයේ ප්‍රතිඵලවලින් හෙළිවෙයි"
"වෙරිටේ රිසර්ච් සිදුකරන “රට හිතන හැටි” දීපව්‍යාප්ත ජනමත විමසුම් සමීක්‍ෂණයේ ඔක්තෝබර් මාසය සඳහා වන ප්‍රතිඵල අනුව, වත්මන් ආණ්ඩුව වැඩ කරන ආකාරය ගැන ජනතා අනුමැතිය තිබෙන්නේ 10% ක මට්ටමකය. මෙය 2022 ජනවාරි මාසයේ පැවැති අතිශය පහළ මට්ටමට සමාන වන නමුත්, එය 2022 ජුනි මාසයේ 3% ජනතා අනුමැතියට වඩා වැඩි අගයකි. රටේ කටයුතු සිදුවෙමින් ති...
"තිහගොඩ සිද්ධිය පිළිබඳව අපක්ෂපාතී පරීක්‍ෂණයක් ඕනෑ – රාජ්‍ය ඇමැති ගීතා කුමාරසිංහ"
"අපරාධකරුවන් අල්ලන්න සිටින පොලිසිය ‘අපරාධකරුවන්’ ලෙස ක්‍රියා නොකළ යුතු බව ද තිහගොඩ සිද්ධිය ගැන පූර්ණ පරීක්‍ෂණයක් අපක්ෂපාතීව සිදු කළ යුතු බව ද ළමා හා කාන්තා කටයුතු රාජ්‍ය ඇමැතිනි ගීතා කුමාරසිංහ මහත්මිය ‘දිවයින’ ට පැවසුවාය."
"හොරාකාපු සල්ලි ගෙනාවොත් අමුතුවෙන් බදු ගහන්න ඕනෑ නැහැ – විපක්‍ෂ නායක සජිත් කියයි"
"රජය බදු ගහනවා වෙනුවට හොරාකාපු සල්ලි ටික, හොරාකාපු ඩොලර් ටික ආපසු රටට ගෙන්වා ගත්තොත් රාජ්‍ය ආදායම වැඩි කරගත හැකි බවත්, වත්මන් ආණ්ඩුව පත්ව තියෙන්නේ හොරු අල්ලන්න නොව හොරු රකින්න බවත් විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය. වෙළෙඳ ප්‍රජාවගේ සහ ජනතාවගේ ගැටලු සම්බන්ධයෙන් නුවරඑළිය අරලිය හෝටලයේදී පැවැති සාකච්ඡාවකදී විපක්‍ෂනා...
"අනවසර මත්පැන් සියයට 300 කින් වැඩිවෙලා – ව්‍යාපාරිකයන් විවිධ ක්‍රම මගින් සුරාබදු ආදායම සඟවනවා"
"නීත්‍යනුකූල නොවන මත්පැන් සියයට තුන්සියයකින් (300%) වර්ධනය වී ඇතැයි මුදල් රාජ්‍ය ඇමැති රංජිත් සියඹලාපිටිය මහතා පැවසීය. ලෝක සෞඛ්‍ය සංවිධානය ශ්‍රී ලංකාවේ මත්පැන් භාවිතය පිළිබඳ සිදුකළ සමීක්‍ෂණයක් ඇසුරෙන් නිකුත් කළ වාර්තාවක් උපුටා දක්වමින් මුදල් රාජ්‍ය ඇමැතිවරයා කියා සිටියේ 2004 සිට 2016 වසර දක්වා කාලසීමාව තුළ ශ්‍රී ලංකාවේ...
"හිටපු ඇමැති හොරෙන්  ගෙන්වූ සැප රිය කොස්තාපල්වරයකු සමඟ ගාල්ලෙන් අල්ලයි"
"ප්‍රබල දේශපාලනඥයකු අමාත්‍ය පදවිය දරන අවධියේ දී තීරුබදු රහිතව ආනයනය කර තිබූ රුපියල් කෝටියකට පමණ ආසන්න වටිනා සුඛෝපභෝගී ජීප් රථයක් ගාල්ල නගරයේදී පොලිස් භාරයට ගත් බව පානදුර වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක ඒකකය කියයි.එම අවස්ථාවෙහිදී ජීප් රථය පදවමින් සිටි ඔහුගේ නිවසේ ආරක්ෂකයකු ලෙස කටයුතු කරන ගාල්ල පොලිසියට අනුයුක්තව සේවය කර...
"දීපාවලිය ඉන්දීය – ශ්‍රී ලංකා සමානතා පිළිබිඹු කෙරෙන සැමරුමක් – ජනපති පවසයි"
"ඉන්දියාව සහ ශ්‍රී ලංකාව එකම කාසියක දෙපැත්ත බව පෙන්වා දෙන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සංස්කෘතික සහ ආගමික වශයෙන් යම් වෙනස්කම් තිබුණ ද දෙරට අතර සමානතා බොහොමයක් පවතින බව පැවසීය. දීපාවලි යනු එම සමානතා පිළිබිඹු කෙරෙන එක් අවස්ථාවක් බවත්, එය අද මුළු ලෝකයම සමරන උත්සවයක් බවට පත්ව ඇති බවත් ජනාධිපතිවරයා සඳහන් කළේය. ජනාධිපති ර...
"ලබන යලට ඇමරිකාවෙන් මඩ පොහොර මෙටි්‍රක් ටොන් 36000 ක්"
"වී වගාවට අවශ්‍ය මඩ පොහොර (TSP) පොහොර මෙටි්‍රක් ටොන් 36,000ක් ආධාරයක් වශයෙන් ලබන යල කන්නයේදී අපේ රටට ලබා දීමට ඇමෙරිකන් ආධාර ආයතනය (USAID) එකඟතාව පළ කර ඇතැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි. එම පොහොර අපනයනය යුක්රේනය විසින් අත්හිටුවා ඇති නිසා මෙවර මහ කන්නයට ලබා ගැනීමට අපහසු බවත් ලබන යල කන්නය සඳහා ස්ථිර වශයෙන්ම ...
"එක්සත් ජනපදය සමග සබඳතා තවදුරටත් ඉදිරියට ගෙන යනවා"
"කොළඹ එක්සත් ජනපද නව තානාපති කාර්යාලය විවෘත කිරීමේ අවස්ථාවට එක් වෙමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ කියයි අසීරූ අවස්ථාවලදී දැක්වූ සහාය අමතක කළ නොහැකියි එක්සත් ජනපදය සහ ශ්‍රී ලංකාව අතර පැවතෙන 74 වසරක අතීත සබඳතා යළි ශක්තිමත් කර ගැනීමට මේ වන විට පියවරගෙන තිබෙන බව ප්‍රකාශ කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා රට අසීරුතාවන්ට මුහ...
"රාජ්‍ය සාහිත්‍ය සම්මාන උළෙල – ජනපති ප්‍රධානත්වයෙන්"
"හොඳම නවකතාව (සිංහල) එරික් ඉලයප්ආරච්චිගේ “නකුල මුනි”ඉංග්‍රීසි නවකතාව ප්‍රේමිනි අමරසිංහගේ Foot prints”දෙමළ නවකතාව සිවලිංගම් ආරූරන්ගේ “ආදුරසාලයි” සාහිත්‍යකරණයේ නියැළි විශිෂ්ටතා දැක්වූ ශ්‍රී ලාංකේය සාහිත්‍යවේදීන් ඇගයීම වෙනුවෙන් වාර්ෂිකව සංවිධානය කෙරෙන 2022 රාජ්‍ය සාහිත්‍ය සම්මාන උළෙල ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍ර...
"අළු ගසා දමා යළිත් නැගිටින්න හදන්නේ රටම අළු කරන්න- විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස කොටගලදී කියයි"
"‘අළු ගසා දමලා යළිත් අපිත් නැගිටිනවා’ කියලා කියන කට්ටිය නැගිටින්න හදන්නේ රටම අළු කරලා බව සමගි ජන බලවේගයේ නායක සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය. සජිත් ප්‍රේමදාස මහතා ඒ බැව් කියා සිටියේ සක්වල වැඩසටහන යටතේ දමිළ ප්‍රගිතිශීලි සන්ධානයේ ඉල්ලීමක් මත හැටන් කොටගල කොමර්ෂල් ප්‍රදේශයේ කෙම්බි්‍රජ් ජාතික දමිල පාසලට නව බස් ර...
"ශ්‍රී ලංකාවට ගුවන් අහසත් අහිමි වෙයි!"
"මෙරට ගුවන් ගමන් පාලකවරුන්ගේ පවතින හිඟය නිසා ශ්‍රී ලංකාව හරහා ගමන් කරන ජාත්‍යන්තර ගුවන්යානා සඳහා ලබාදෙන ගුවන් අවකාශ සේවාව සැපයීම විදේශයන් කිහිපයකට හිමිවීමේ අවදානමක් මතුව ඇතැයි වාර්තා වේ. ගුවන් ගමන් පාලකවරුන් 150 දෙනකු පමණ සිටිය යුතුව ඇතත් දැනට සිටින්නේ 80 දෙනකු පමණක් බව සිවිල් ගුවන් සේවා ආරංචිමාර්ග සඳහන් කරයි. මෙම තත්ත...
"විදේශ මුදල් ඉතිරියට SPC කප් ගහයි"
"රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාව මේ වනවිට අත්‍යවශ්‍ය ඖෂධ වර්ග එකසීය පනහකට ආසන්න සංඛ්‍යාවක් නිෂ්පාදනය කරමින් විදේශවලට ඇදී යන මුදලින් සියයට පනහකට ආසන්න මුදලක් රටේ ඉතිරි කිරීමට සමත්ව ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් ‘දිවයින ඉරිදා සංග්‍රහය’ට පැවසීය. සෞඛ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල මහතා එම ධුරයට පත්වූ පසු දේශීයව ඖෂධ...
"පොහොට්ටුවේ පිරිසක් රනිල් සමග ඉදිරියට"
"ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් පිරිසක් 2023 ජනවාරි මාසයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ නායකත්වයෙන් යුත් නව සන්ධානයක් ගොඩ නඟා ගෙන ඉදිරි දේශපාලන කටයුතුවල නිරතවීම සම්බන්ධව සාකච්ඡා ආරම්භ කර ඇත. මේ සම්බන්ධව එම පක්‍ෂයේ ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරයෙකු පැවසුවේ ජනාධිපතිවරයාට මේ වනවිට දේශීයව සහ ජාත්‍යන්තරව ...
"පාස්කු ප්‍රහාරයේ මහ මොළකරු හෙළිවෙයි"
"පාස්කු ප්‍රහාරයේ මහා මොළකරු තමිල්නාඩුවේ කොයිම්බතූර්හි අයිසිස් ඒජන්ත මොහමඩ් අසරුදීන් බව ඉන්දීය ජාතික බුද්ධි සේවාව වසර තුනකට පසු සොයාගෙන ඇත. මේ බව හින්දු පුවත්පත හෙළිකර තිබේ. පාස්කු ප්‍රහාරයෙන් පසු අසරුදීන් ඊට සමානව කොයිම්බතූර් ප්‍රහාරය සැලසුම් කර තිබුණි. එහෙත් ඊට පෙර ඔහුව අත්අඩංගුවට ගෙන ඇත. කොයිම්බතූර් ප්‍රහාරය ගැන අත්...
"දේශපාලන බහිරවයන්ට තානාපති දොර වැසෙයි"
"විදේශ රටවල පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලවල තානාපති නිලධාරින් ලෙස හිටපු දේශපාලකයන් සහ ඔවුන්ගේ මිතුරන් පත් නොකොට විදේශ සේවය සුදුසුකම් ඇති නිලධාරීන් පමණක් පත් කිරීමට රජය තීරණය කර ඇත. පසුගිය රජය ද්විත්ව පුරවැසියන් සිව්දෙනකුද තානාපතිවරු ලෙස පත් කර තිබුණි. එසේම ප්‍රධානතම රටක තානාපති ලෙස පත්කළ ද්විත්ව පුරවැසියෙක් නිරතුරු...
"ද්විත්ව පුරවැසි මන්ත්‍රීලා දන්නවා නම් කියන්න"
"ද්විත්ව පුරවැසි භාවය හිමි මන්ත්‍රීවරුන් පිළිබඳ තොරතුරු දන්නේ නම් එම තොරතුරු හෙළිදරව් කරන ලෙස ඉල්ලා සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රී පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා පැවසීය. ද්විත්ව පුරවැසි භාවය හිමි මන්ත්‍රීවරුන් 10දෙනකු හෝ 12දෙනකු සිටින බව විවිධ මන්ත්‍රීවරුන් විසින් ප්‍රකාශ කළත්, එම මන්ත්‍රීවරුන් විසින...
"රතු වරෙන්තු අපරාධකරුවන්ගේ ෆොටෝ රට රටවලදී පෙන්වයි"
"එක්සත් එමීර් රාජ්‍යයේ සහ ඉන්දියාවේ රැඳී සිටින රතු වරෙන්තු නිකුත් කර ඇති මෙරට අපරාධකරුවන් දුටු තැන අත්අඩංගුවට ගැනීම සඳහා ඔවුන්ගේ ඡායාරූප එම රටවල ප්‍රසිද්ධ ස්ථානවල ප්‍රදර්ශනය කිරීමට ශ්‍රී ලංකා පොලිසිය තීරණය කර ඇත. ඉන්දියාවේ නවදිල්ලි නුවර සතියක් තිස්සේ පැවැති අන්තර්ජාතික පොලිස් සමුළුවේ දී ශ්‍රී ලාංකික මත්ද්‍රව්‍ය ජාවාරම්...
"පිට වාහනවලට වනෝද්‍යානවල දොර වැසෙයි"
"යාල, විල්පත්තු, හෝර්ටන්තැන්න ආදී ජාතික වනෝද්‍යාන වෙත ලියාපදිංචි සෆාරි වාහන හැරුණු කොට වෙනත් කිසිදු වාහනයකට ඇතුළු වීම තහනම් කිරීම ආදී පරිසර ආරක්ෂණ නීති ඇතුළත් නව පනතක් සකස් කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අදාළ අංශ වෙත නියම කළේය. එතෙක් මෙම ජාතික වනෝද්‍යානවලට ලියාපදිංචි සෆාරි වාහන හැරෙන්නට වෙනත් කිසිදු වාහනයක් ඇත...
"දූෂිත නිලධාරීන්ට දඬුවම් දෙන්න"
"22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් පසු විගණන සේවා කොමිසම යළි පණගැන්වුණ මුත් රාජ්‍ය මුදල් අවභාවිත කරන නිලධාරීන්ට එරෙහිව නීතිමය පියවර ක්‍රියාත්මක කිරීමට හැකි ලෙස විගණන අධිකරණ ස්ථාපිත කරන ලෙස රජයේ විගණන නිලධාරීහු පවසති. ප්‍රංශය, ජර්මනිය වැනි රටවල එවැනි අධිකරණ පද්ධතියක් ක්‍රියාත්මක වන බවත් එම ආකෘතියට අනුව මෙරටත් එය ක...
"අයි එම් එෆ් තීරණාත්මක සාකච්ඡාවක් 3 දා"
"ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ ශ්‍රී ලංකාවේ ණය හිමියන් අතර තවත් තීරණාත්මක සාකච්ඡාවක් එළැඹෙන නොවැම්බර් 03 වැනිදා පැවැත්වීමට නියමිතය. ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙන් එහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කිරීමට නියමිත බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි. ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල...
"රට යන අම්මලාට දරුවන්ගේ රැකවරණ වැඩපිළිවෙළ යෙදීම අනිවාර්යයි"
"දරුවන් සිටිය දී රැකියා සඳහා විදේශ ගතවන වයස අවුරුදු 45ට අඩු විවාහක කාන්තාවන් තම දරුවන්ගේ රැකවරණ වැඩපිළිවෙළ සම්බන්ධ වාර්තාවක් ඉදිරිපත් කිරීම අනිවාර්ය කරමින් චක්‍ර ලේඛයක් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය විසින් නිකුත් කර ඇත. එම චක්‍රලේඛයට අනුව වයස අවුරුදු 02 ට අඩු දරුවන් සිටින මවුවරුන්ට විදේශ රැකියා සඳහා යෑමට අවස...
"බස් කොවිඩ් නීති ගැලවෙන්න යයි"
"කොවිඩ් වසංගතය පාලනය සඳහා නිකුත් කර තිබූ මගී ප්‍රවාහන බස් රථ සඳහා වූ සෞඛ්‍ය මාර්ගෝපදේශ සම්පූර්ණයෙන්ම ඉවත්කිරීමට සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්වරයා සමග සාකච්ඡා පවත්වන බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ජනක චන්ද්‍රගුප්ත මහතා ‘දිවයින’ ඉරිදා සංග්‍රහයට පැවසීය. ඒ අනුව එම සෞඛ්‍ය මාර්ගෝපදේශ ක්‍රියාත්මක කිරීම වෙනුවෙන් බස් ගාස්තු ඉහළ දැ...
"නාමල්ට බදු බර මතක්වෙයි"
"ව්‍යවසායකයන්ගෙන් අසීමිතව බදු අය කිරීමෙන් එම ව්‍යවසායකයන් කඩාවැටෙන බවත් එනිසා බදු ප්‍රතිපත්තිය පිළිබඳ අවධානය යොමු කළ යුතුව ඇති බවත් හම්බන්තොට දිස්ත්‍රික් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්‍ෂ මහතා පවසයි. සිය පක්‍ෂය වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය දෙන බවත් බදු අයකර ගැනීමේ දී ජනතාවගේ...
"කාන්තා ඝාතන 75 ක් සිදුවී ඇත්තේ මහ දවල්"
"කාන්තා ඝාතනවලින් වැඩි ප්‍රමණයක් සිදුවී ඇත්තේ මහ දහවල් කාලයේ දී එකී කාන්තාවන්ගේ නිවෙස් තුළ දී බව කාන්තා ඝාතන සම්බන්ධයෙන් සිදු කළ පර්යේෂණයකදී අනාවරණය වූ බව කැලණිය විශ්වවිද්‍යාලයේ වෛi පීඨයේ අධිකරණ වෛද්‍ය අංශයේ මහාචාර්ය අනුරුද්ධි එදිරිසිංහ මහත්මිය සඳහන් කරයි. මෙම පර්යේෂණයට අනුව කාන්තා ඝාතනවලින් සියයට 75 ක් පමණ සිදුවී ඇත්ත...
"කොමිෂන් සභාවලට අපක්ෂපාතී පුද්ගලයන් පත්කරන්න"
"පසුගියදා සම්මත කරගත් 21 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අනුව ස්වාධීන කොමිෂන් සභාවලට නව සාමාජිකයන් පත්කිරීමේ දී සමාජයේ පිළිගැනීමට හේතුවන අපක්‍ෂපාතී හා කීර්තිමත් පුද්ගලයන් පත්කළ යුතු බව සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරයේ සභාපති හිටපු කථානායක කරු ජයසූරිය මහතා සඳහන් කරයි. මේ සඳහා පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු පක්...
"උතුරේ සූර්වන පිරිස වැඩිවෙලා"
"උතුරු පළාතේ මත්පැන් භාවිත කරන්නනන් වැඩිවී ඇති බවට සමීක්‍ෂණයකින් හෙළිවී ඇත. උතුරු නැඟෙනහිර පළාත්වල ජනතාව මුහුණ දෙන ප්‍රශ්න සොයා බැලීම හා ඊට විසඳුම් සෙවීම සඳහා පිහිටුවා ඇති කැබිනට් මණ්ඩල අනුකමිටුවට ධීවර ඇමැති ඩග්ලස් දේවානන්දා මේ බව දැනුම් දී තිබේ. මෙහිදී මත්පැන්වලට ඇබ්බැහිවූ එම පිරිස පුනරුත්ථාපනය කිරීම සඳහා පුනරුත්ථාපන ...
"සුළු පියා මවට එල්ල කළ පිහි පහරින් 9 හැවිරිදි දරුවා මරුට"
"වරල්ල කොස්මෝදර පොලිස් වසමේ උවරගල ප්‍රදේශයේ නිවසක පෙරේදා (27දා) රාත්‍රී මව සහ සුළුපියා අතර ඇති වූ ආරවුලක් නිසා මොරවක වැලිව බෞද්ධ විද්‍යාලයේ පහ ශ්‍රේණියේ ඉගෙනුම ලැබූ නව හැවිරිදි පුත්‍රයා මියගොස් ඇත. එසේ මියගොස් ඇත්තේ හෑගොඩ ගමගේ සදෙව් මෙත්සර නමැති පිරිමි දරුවෙකි. සුළුපියා විසින් මවට එල්ල කරන ලද පිහි පහරක් මෙම දරුවාගේ හිස...
"විදුලි බිලේ රෝහල් ගිලේ"
"කාසල් එකේ හිඟ විදුලි බිල ලක්‍ෂ 180 ක්… රටෙන්ම කෝටි 4000 ක් අය වෙන්න නියමිතයි රජයේ ප්‍රධාන පෙළේ රෝහල්වල එකතුවී තිබෙන විදුලි බිල්පත් වහාම ගෙවා දමන ලෙසට දිගින් දිගටම විදුලිබල මණ්ඩලය දැනුම්දීම නිසා රෝහල් රැසක් දැඩි අර්බුදයකට මුහුණ දී සිටිති. බොරැල්ල රිජ්වේ ආර්යා ළමා රෝහලේ ආපනශාලාව ඇතුළු ඒකක කිහිපයක බ්‍රහස්පතින්දා (27දා) ව...
"මිනුවන්ගොඩින් පැහැරගත් දරුවා අම්මා සමග රට ගිහින්ද… උසාවිය වාර්තාවක් ඉල්ලයි"
"මිනුවන්ගොඩ, බොරගොඩවත්ත, ගැමුණු මාවත ප්‍රදේශයේ පිහිටි නිවස ඉදිරිපිට සිටිය දී පෙරේදා (27 දා) සවස වෑන් රථයකින් පැහැරගෙන ගිය අවුරුදු හතරක් වයසැති පිරිමි දරුවා සහ එම දරුවාගේ මව විදේශගත වී ඇද්ද යන්න පරීක්ෂා කර බලා අධිකරණයට වාර්තාවක් ලබා දෙන ලෙසට මිනුවන්ගොඩ මහෙස්ත්‍රාත් ටී. තේනබදු මහත්මිය ආගමන හා විගමන පාලකට ඊයේ (28) නියම කළ...
"බොරතෙල් නැව දින 40 ක් වරාය ළඟ ප්‍රමාද ගාස්තුව දැනට ඩොලර් ලක්‍ෂ 60 ක්"
"මෙරටට ගෙන්වාගත් මෙට්‍රික් ටොන් අනූනවදහසක් අඩංගු බොරතෙල් නෞකාවක් දින හතළිහක කාලයක් තිස්සේ කොළඹ වරාය පරිශ්‍රයේ නවතා තබා ඊට ගෙවිය යුතු ප්‍රමාද ගාස්තු ලෙස දිනකට ඩොලර් එක්ලක්‍ෂ පනස්දහසක මුදලක් එකතු වන්නට ඉඩ හැර ඇත්තේ මන්දැයි සොයා බලා ඊට කඩිනම් විසඳුම් ලබාදෙන ලෙස තෙල් සංස්ථා වෘත්තීය සමිති රජයෙන් ඉල්ලා සිටිති. ගෙවී ගිය දින හ...
"ලොව ලොකුම ධනවතා ‘ට්විටර්’ ජාලය මිලදී ගනී"
"ලොව ප්‍රමුඛ පෙළේ සමාජ මාධ්‍ය ජාලයක් වන ‘ට්විටර්’ සමාජ මාධ්‍ය ජාලය ඇමරිකානු ඩොලර් බිලියන 44කට මිලදී ගැනීමට ලොව ධනවත්ම පුද්ගලයා සේ සැලකෙන එලොන් මස්ක් විසින් පියවර ගෙන තිබේ. මස්ක් විසින් ‘ට්විටර්’ මාධ්‍ය ජාලය මිලදී ගන්නා බවට මාස කිහිපයක සිට ප්‍රචාරයක් පැවතිය ද එම මිලදී ගැනීමේ ගනුදෙනුව සම්පූර්ණ වී නොතිබිණි. එහෙත් අදාළ මිල...
"කඳුළු ගෑස් තොරතුරු 14 දාට පෙර නොදුන්නොත් පොලිසියට නඩු"
"පසුගිය ජනවාරි 1 වැනිදායින් අවසන් වූ වසර 10ක කාලයේ දී පොලිස් දෙපාර්තමේන්තුවට කඳුළු ගෑස් මිලදී ගැනීමට අදාළ සියලු ලේඛන උද්ඝෝෂණවලට පැරණි කඳුළු ගෑස් එල්ල කිරීම ඇතුළු සියලු තොරතුරු සවිස්තරව ජනමාධ්‍යවේදීයකු වන තරිඳු ජයවර්ධන වෙත ලබන 14 වැනිදාට පෙර ලබාදෙන ලෙසට තොරතුරු දැන ගැනීමේ අයිතිවාසිකම් පිළිබඳ කොමිෂන් සභාව පොලිසියට නියෝග ...
"කමල් හසන්ගෙන් ගත් රන් කිලෝව ප්‍රියමාලිට විකුණා දුන් සැකකරු 2 වැනිදා දක්වා රිමාන්ඩ්"
"තිකෝ සමූහ ව්‍යාපාරයේ තිළිණි ප්‍රියමාලි නමැත්තිය කමල් හසන් යන පුද්ගලයාගෙන් ලබා ගත් රුපියල් කෝටියක් පමණ වටිනා රන් කිලෝ එක විකිණීමට සෘජුව දායක වූ බව කියන විජේසූරිය ආරච්චිගේ කසුන් පෙරේරා ලබන නොවැම්බර් මස 02 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොටුව වැඩබලන මහෙස්ත්‍රාත් ජයන්ත ඩයස් නානායක්කාර මහතා ඊයේ (28 දා) නියෝග කළේය....
"ඇමැති විජයදාස වැලිකඩට"
"බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ ඇමැති ජනාධිපති නීතිඥ, ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා ඊයේ (28 දා) වැලිකඩ බන්ධනාගාරයේ හදිසි නිරීක්ෂණ චාරිකාවක නිරත වූ අතර එහිදී සිරකරුවන් මුහණ දී සිටින ගැටලු පිළිබඳව මෙන්ම බන්ධනාගාරය තුළ පවතින පහසුකම් පිළිබඳව විශේෂ සොයා බැලීමක් සිදු කළේය. මෙම නිරීක්ෂණ චාරිකාවෙහි විශේෂත...
"රාජ්‍ය සාහිත්‍ය සම්මාන 2022"
"සාහිත්‍යකරණයේ නියැළි විශිෂ්ටතා දැක්වූ ශ්‍රී ලාංකේය සාහිත්‍යවේදීන් ඇගයීම වෙනුවෙන් වාර්ෂිකව සංවිධානය කෙරෙන 2022 රාජ්‍ය සාහිත්‍ය සම්මාන උළෙල ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (28දා) පස්වරුවේ කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී උත්කර්ෂවත් අන්දමින් පැවැත්විණි. රාජ්‍ය සාහිත්‍ය උපදේශක ...
"යාලේ සිද්ධියට මගේ පුතා නෑ – ඇමැති අමරවීර කියයි"
"යාල වන උද්‍යානයේ යකා නැටූ පුතුන් අතර තමාගේ පුතා සිටින බවට පැතිර ගිය ප්‍රචාරවල කිසිදු සත්‍යතාවක් නැතැයි කෘෂිකර්ම, වනජීවී වන සම්පත් ඇමැති මහින්ද අමරවීර මහතා ‘දිවයින’ ට පැවැසීය. මෙම සිද්ධියට තමන්ගේ පුතු කිසිලෙසකින් සම්බන්ධ නැතැයි ද එම පැතිර ගිය කතා පට්ටපල් බොරු ඒවා යැයිද ඒ මහතා කීය. මෙම සිද්ධිය පිළිබඳ අපක්‍ෂපාතී පුළුල් ප...
"ඉංජිනේරු සංස්ථාව ඈවර කිරීමට ඉඩ දෙන්නේ නෑ"
"මාස එකහමාරකින් ගෙවා නැති සේවක වැටුප ලබා ගැනීමට, වසර දෙකක ඊපීඑෆ්, ඊටීඑෆ් මුදල් තැන්පත් කරවීමට මෙන්ම රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව ඈවර කිරීම වැළැක්වීමට ඉංජිනේරු සංස්ථාව සුරැකීමේ සේවක එකමුතුවට ශක්තියක් වෙමින් පාර්ලිමේන්තුව තුළත් ඉන් පිටතත් ගත හැකි සියලු ක්‍රියාමාර්ග ගන්නා බව ජාතික නිදහස් පෙරමුණේ ජාතික සංවිධායක, හිටපු රාජ්‍ය අම...
"රට යන්න ගිය රන්ජන් හරවා එවයි"
"ඇමෙරිකාවේ පැවැත්වෙන ප්‍රසංගයකට සහභාගි වීම සඳහා විදේශගත වීමට පෙරේදා (27 දා) රාත්‍රී කටුනායක ගුවන්තොටුපළ වෙත පැමිණි රන්ජන් රාමනායක මහතා ආපසු හරවා යැවීමට ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් පියවර ගෙන තිබේ. ඔහුට එරෙහිව විභාගවන නඩු දෙකකටම අදාළව ගුවන් ගමන් තහනම් කිරීම් අධිකරණ මගින් පනවා, ඒ බැව් කටුනායක ගුවන් තොටුපළ ආගමන විගම...