Title stringlengths 9 246 | Content stringlengths 3 62.9k |
|---|---|
"අමතර කොටස් මිල වැඩිවීමෙන් ත්‍රිරෝද රථ කර්මාන්තය අමාරුවේ" | "ත්‍රිරෝද රථ ටයර්, ටියුබ්, බැටරි ඇතුළු අමතර කොටස් මිල ගණන් ශීඝ්‍රයෙන් ඉහළ යෑම හේතුවෙන් දිවයිනේ ත්‍රිරෝද රථ වෘත්තිකයන් ලක්‍ෂ 12කට අධික පිරිසක් ඉතා අන්ත අසරණ තත්ත්වයට පත්ව ඇතැයි ලංකා ස්වයං රැකියා වෘත්තිකයන්ගේ ජාතික ත්‍රිරෝද රථ සංගමයේ සභාපති මහින්ද කුමාර මහතා ‘දිවයින’ට ඊයේ (28 දා) පැවසීය. මේවායේ මිල ගණන් අඩුකර සහන සලසන්නැ... |
"ජපානයෙන් ජාතික රෝහලට සහ රාගම ශික්‍ෂණ රෝහලට ඩොලර් මිලියන 5.5ක වෛද්‍ය උපකරණ පරිත්‍යාගයක්" | "වත්මන් ආර්ථික අර්බුදය යටතේ තිරසාර වෛද්‍ය ක්‍රමයක් ස්ථාපිත කිරීමට සහ කොවිඩ් – 19 වසංගතය බෝවීමට එරෙහිව ඇති සූදානම ශක්තිමත් කිරීමට සහාය වීම වෙනුවෙන් තානාපති මිසුකොෂි මහතා විසින් ජපන් යෙන් මිලියන 800 ක් (දළ වශයෙන් ඇමරිකානු ඩොලර් මිලියන 5.5 ක්) වටිනා වෛද්‍ය උපකරණ ශ්‍රී ලංකාවේ ජාතික රෝහලට සහ රාගම ශික්‍ෂණ රෝහලට ලබාදීම සෞඛ්‍ය... |
"දුම්රියක් ගිනි ගනී" | "ඇල්ල දෙමෝදර දුම්රිය ස්ථාන අතර ආරුක්කු පාලම මතදී කොළඹ සිට බදුල්ල දෙසට ගමන් කළ දුම්රියේ ඊයේ (28 දා) දහවල් හදිසි ගින්නක් ඇතිවිය. එම අවස්ථාව. ඡායාරූප – තිළිණ කළුතොටගේ" |
"ලෝ සත වෙත බුදු නෙතින් ඇමෙරිකාවේ ඉන්ඩියානා බෞද්ධ විහාරස්ථානයේ වැඩසිටින හිටි පිළිම වහන්සේ…." | "ඇමෙරිකා එක්සත් ජනපදයේ හියුස්ටන් ප්‍රාන්තයේ වැඩ සිටින වියට්නාම් ජාතික ජෝතික ස්වාමින් වහන්සේගේ පරිත්‍යාගයක් ලෙස ඇමෙරිකාවේ ඉන්ඩියානා බෞද්ධ විහාරස්ථානයේ විහාරාධීපති පූජ්‍ය තලංගම දේවානන්ද නාහිමිපාණන් වහන්සේ වෙත පූජා කරන ලද හිටි පිළීම වහන්සේ පසුගිය ඔක්තෝබර් මස 15 වන සෙනසුරා උදෑසන 10.45ට යෙදුණු සුබ මූර්තියෙන් මුළු විශ්වයේම ව... |
"කවුරුන් අවලාද නැගුවත් රට වෙනුවෙන් වැරැදි තීන්දු ගත්තේ නෑ" | "පක්‍ෂ පාට – ජාති – ආගම් – කුලමල භේද අමතක කර එකට නැගිටිමු – හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ විවිධ පාර්ශව කොතරම් අවලාද නැගුවත් කිසි විටෙකත් රට වෙනුවෙන් වැරදි තීන්දු තීරණ කරා යොමු නොවූ බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කරයි. මහින්ද රාජපක්ෂ මහතා මෙම අදහස් පළ කළේ හලාවත ආරච්චිකට්ටුව ප්‍රදේශයේ පැවති ජන හමුවකට සහභාග... |
"ඩයනා බ්‍රිතාන්‍ය පුරවැසියෙක්ද" | "පැමිණිලි විමර්ශනය නොකිරීම ගැන සී. අයි. ඩීයේ ඕඅයිසීට නොතීසි බ්‍රිතාන්‍ය පුරවැසිභාවය ලබාගෙන තිබියදීත් ඒ බව සඟවා ශ්‍රී ලාංකික විදේශ ගමන් බලපත්‍රයක් ලබාගෙන ඇති රාජ්‍ය ඇමැතිනි ඩයනා ගමගේ මහත්මිය සම්බන්ධයෙන් පැමිණිලි ලැබී තිබියදීත් ඒ ගැන විමර්ශන සිදු කිරීමට අසමත්වීම පිළිබඳව ලබන 10 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිට නිදහසට කරුණු ද... |
"අපරාධකරුවන්ගේ වගතුග අජිත් රෝහණ ජාත්‍යන්තර පොලිස් සමුළුවට කියයි" | "රට පැන්න පාතාලයන් 20 ක් ගෙන්වයි මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්, මිනිස් ඝාතන ඇතුළු විවිධ අපරාධවල නිරතවෙමින් විදෙස්වල සැඟවී සිටින දරුණු ගණයේ පාතාල අපරාධකරුවන් 20 දෙනකු අත්අඩංගුවට ගෙන ශ්‍රී ලංකාවට භාරදීමට ඉන්දියාවේ පැවති ජාත්‍යන්තර පොලිස් සමුළුවේදී එකඟ වී ඇත. රටවල් 194 ක පොලිස්පතිවරුන් නියෝජනය කරමින් ඉන්දියාවේ නවදිල්ලි න... |
"ජාතික රෝහලේ ගෙවන වාට්ටුවේ කාමර 14 ක් පාඩුවට" | "කොළඹ ජාතික රෝහලට ආදායම් මාර්ගයක් වූ ගෙවන වාට්ටුවේ කාමර 14 ක් වසරක් තිස්සේ නඩත්තු කටයුතු යැයි කියමින් වසා දැමීම නිසා රෝහල වෙත ලැබෙන විශාල මුදලක් අහිමි වී ගොස් ඇත. මෙම ගෙවන වාට්ටුවේ කාමර 22 කින් 11 ක්ම මේ ආකාරයට වසරක් තිස්සේ වසා දමා ඇති අතර වී අයි පී වාට්ටුවේ කාමර 3 ක් ද මෙසේ වසා දමා ඇති බව රෝහල් කාර්ය මණ්ඩලයේ පිරිසක් ක... |
"අයවැය 14 වැනිදා ඡන්දය 22 වැනිදා" | "2023 වර්ෂය සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත (අයවැය) දෙවන වර කියවීම සඳහා නොවැම්බර් 14 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (27 දා) රැස්වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව තීරණය කළ බව පාර්ලිමේන්තුවේ මහ ලේකම් ධම්මික දසනායක මහතා පැවසීය. ඒ අනුව නොවැම්බර් 14 වැනිදා පස... |
"අසනීපයකට බෙහෙත් නැහැ පොත් මිල දරුවන්ට දරා ගන්න බැහැ – සජබ ගම්පහ දිස්ත්‍රික් සංවිධායක හසිත් ගුණසේකර" | "ගම්පහ විශේෂ – සුසිල් රණමුක අසනීපයකට ගන්න බෙහෙත් නැහැ. බෙහෙත් මිල ඇහුවගමන් තවත් අමාරුවක් හැදෙනවා. බඩු මිලත් දවසින් දවස ඉහළ යනවා. ඒත් ජනතාවගේ ආදායම දවසින් දවස පහළ වැටෙනවා. ආණ්ඩුව ජනනතාව දැන් නොමරා මරමින් සිටිනවා යැයි සමගි ජන බලවේගයේගම්පහ දිස්ත්‍රික් සංවිධායක හසිත් ගුණසේකර මහතා පැවසීය. ගෝනහේන ප්‍රදේශයේ පැවැති ජන හමුවකට එ... |
"බදු ගහනවා හැර විකල්පයක් නෑ" | "ශ්‍රී ලංකාවේ පවුල් ලක්ෂ 69 න් ලක්ෂ 40ක්ම සහනාධාර ඉල්ලන බවත් ඔවුන්ට සහන සැලසීමට බදු අයකිරීම හැර වෙනත් විකල්පයක් නොමැති බවත් මුදල් රාජ්‍ය ඇමැති රංජිත් සියඹලාපිටිය මහතා පවසයි. ආහාර උද්ධමනය සියයට සියයක් තරම් ඉහළ මට්ටමක පවතින අවස්ථාවක මුදල් නෝට්ටු මුද්‍රණය කිරීම ප්‍රායෝගික නොවන බවත් එකම විකල්පය වන්නේ බදු අයකිරීම බවත් මුදල්... |
"කොවිඩ් එන්නත් ලක්‍ෂ 60 ක් 31 වැනිදා කල් පනියි" | "කොවිඩ් වසංගතයෙන් ජනතාව ආරක්‍ෂා කිරීම සඳහා තුන්වැනි මාත්‍රාව ලෙස මෙරටට ගෙනැවිත් තිබෙන ෆයිසර් එන්නත් මාත්‍රා ලක්‍ෂ 60ක් (මිලියන 06) ලබන 31 වැනිදා කල් ඉකුත් වන බැවින් නොපමාව පැමිණ එන්නත ලබාගන්නා ලෙස වසංගත රෝග විද්‍යායතනයේ අධ්‍යක්‍ෂ විශේෂඥ සමිත ගිනිගේ මහතා ඉල්ලා සිටී. විශේෂයෙන්ම නිදන්ගත රෝගවලින් පෙළෙන වයස අවුරුදු හැටට වැඩ... |
"රවිබන්දු විද්‍යාපතිට ගෞරව ආචාර්ය උපාධියක්" | "නර්තන කලා ක්‍ෂේත්‍රයේ උන්නතිය සඳහා සිදුකළ විශිෂ්ට ශාස්ත්‍රාලයීය මෙහෙවර අගයමින් ප්‍රවීණ නර්තනාචාර්ය රවිබන්දු විද්‍යාපති මහතා වෙත කොළඹ සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලය මගින් ගෞරව ආචාර්ය උපාධියක් ඊයේ (27 වැනිදා) පිරිනැමීය. සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ කුලපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය රෝහණ පී. මහලියන ආරච්චි මහතා අතින් මෙම ගෞරව ආචාර්ය උපාධ... |
"මයික්‍රෝටොක්සින් ආහාරවලට ඇතුළුවීම වළක්වන්න නීති" | "නීතිපති අධිකරණයේදී එකඟ වෙයි මිනිස් සිරුරට අහිතකර මයික්‍රෝටොක්සින් සංඝටකය පොල් තෙල් ඇතුළු සියලු ආහාර ද්‍රව්‍යවලට ඇතුළත් කිරීම වැළැක්වීමට අවශ්‍ය නීති අණපනත් කඩිනමින් සකස්කර ක්‍රියාත්මක කිරීමට පියවර ගන්නා බවට නීතිපතිවරයා ඊයේ (27 වැනිදා) අභියාචනාධිකරණයට එකඟතාවයක් පළ කළේය. මිනිස් සිරුරට අහිතකර විෂ සංඝටක අඩංගු පොල්තෙල් වර්ග... |
"අසාද් සාලිගේ ඉඩම වෙන්දේසි කිරීමට එරෙහි නඩුව කල් දමයි" | "රුපියල් මිලියන 60 කට ආසන්න ණය මුදල නොගෙවීම නිසා තමාට අයත් රුපියල් කෝටි ගණනක් වටිනා ඉඩම් වෙන්දේසි කිරීමට එක්තරා පෞද්ගලික බැංකුවක් දරන වෑයම වළක්වන වාරණ නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා බස්නාහිර පළාත් හිටපු ආණ්ඩුකාර අසාද් සාලි මහතා ගොනුකර තිබූ නඩුව ලබන 14 වැනිදා දක්වා කල් තැබූ කොළඹ වාණිජ මහාධිකරණ විනිසුරු එකඟතාවක් ඇති නම් ... |
"තරු හෝටල්වල ලයිට් බිලට සමාජ ආරක්‍ෂණ බද්ද නෑ" | "විදුලිය පාවිච්චි කරන්නන්ගේ සංගමයේ ලේකම් සංජීව ධම්මික රජය හඳුන්වාදුන් සමාජ ආරක්‍ෂක බද්ද විදුලිබල මණ්ඩලය බිල්පත මගින් අය කිරීමේදී තරු පන්තියේ හෝටල් සහ විදුලිබල පෞද්ගලික සමාගම යටතේ පවතින ස්ථාන ඉවත් කර මිල වැඩිකිරීම සිදුකර ඇතැයි විදුලි පාවිච්චි කරන්නන්ගේ සංගමයේ ලේකම් සංජීව ධම්මික මහතා ඊයේ (27 දා) පැවසීය. විදුලි පෞද්ගලික ස... |
"වසන්ත මුදලිගේ රඳවා ගැනීම තව දික් කරන්න එපා" | "මානව හිමිකම් කොමිසම නිර්දේශ කරයි අන්තර් විශ්වවිiාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ හා අන්තර් විශ්වවිiාල භික්‍ෂු බලමණ්ඩලයේ කැඳවුම්කරු ගල්වැව සිරිධම්ම හිමියන්ට එරෙහිව නිකුත් කර ඇති දින 90 ක රැඳවුම් නියෝගය තවදුරටත් දීර්ඝ නොකරන ලෙස ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව නිර්දේශ කර තිබේ. 1979 අංක 48 දරණ ත්‍රස්තවාද... |
"සමාජ ආරක්‍ෂණ බද්ද ඉදිකිරීම් ගෑස් ඉන්ධනවලට නෑ" | "විදුලි බිල්පත මත පැනවූ සමාජ ආරක්‍ෂණ බද්ද සංචාරක හෝටල් පමණක් නොව ඉදිකිරීම්, ගෑස්, ඉන්ධන ඇතුළු ක්‍ෂේත්‍ර කිහිපයකට අයත් වන්නේ නැතැයි මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා පැවසීය. සමාජ ආරක්‍ෂණ බද්ද විදුලිබල මණ්ඩලය යටතේ පවතින ආයතනවලින් අයකර ගන්නා ලෙස සඳහන්ව ඇති නිසා විදුලිබල මණ්ඩලය මගින් එම ආයතන යටතේ විදුලිබිල ගෙවන... |
"යූරියා නැව එයි" | "මහ කන්නයට අවශ්‍ය යූරියා පොහොර මෙට්‍රික් ටොන් දොළොස්දහස් පන්සියයක් රැගත් පළමු නෞකාව පෙරේදා (26දා) රාත්‍රී කොළඹ වරායට පැමිණ ඇත. මහ කන්නයට අවශ්‍ය පොහොර මිලදී ගැනීම සඳහා ඉදිරිපත් කළ ටෙන්ඩරයට අනුව මෙම යූරියා පොහොර තොගය ගෙන්වූ බව කෘෂිකර්ම අමාත්‍යාංශය සඳහන් කරයි. කොළඹ වරායට පැමිණි එම පොහොර නැව නිරීක්‍ෂණය සඳහා අද (28දා) කෘෂික... |
"ළමා – පිළිකා – හෘද රෝගී බෙහෙත් හිඟයි" | "ළමා, පිළිකා, හෘද, රෝගීන් සඳහා ලබා දෙන ඖෂධ ඇතුළු ඖෂධ වර්ග රැසක හිඟයක් පවතින බවත් මේ වන විට ඖෂධ මිල සියයට තුන්සියයකින් හාරසියයකින් පමණ වැඩි වී ඇති බවත් සමස්ත ලංකා බටහිර ඖෂධ තොග බෙදා හරින්නන්ගේ සංගමයේ ලේකම් රවි කළංසූරිය මහතා පවසයි. ඖෂධ හිඟය මෙන්ම ඖෂධ මිල විශාල වශයෙන් වැඩිවීම නිසා රෝගීන් දැඩි අසරණ තත්ත්වයට පත්ව ඇති බවත් ම... |
"දේශීය ආදායම් සංශෝධන පනත් කෙටුම්පතට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට විශේෂ පෙත්සමක්" | "රජය විසින් පසුගිය 21 වැනිදා පාර්ලිමේන්තු න්‍යාය පුස්තකයට ඇතුළත් කර ඇති දේශීය ආදායම් සංශෝධන පනත් කෙටුම්පත ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවට නිගමනය කරන ලෙස ඉල්ලා ප්‍රධාන පෙළේ වෙළෙඳ සමාගමක සාමාන්‍යාධිකාරිවරයකු වන උතුල සුරංග රණවීර මහතා ඊයේ (27 දා) ශ්‍රේෂ්ඨාධිකරණයට විශේෂ පෙත්සමක් ගොනු කළේය. සමස්ත වෘත්තිකයන් වෙනු... |
"විදුලි බිල නොගෙවීම නිසා ළමා රෝහලේ විදුලිය කපයි" | "විදුලි බිල නොගෙවීම නිසා බොරැල්ල රිජ්වේ ආර්යා ළමා රෝහලේ ආපන ශාලාව සහ ආරක්‍ෂක අංශයේ ඇතුළු ඒකක කීපයක විදුලිය විසන්ධි කර ඇතැයි එම රෝහල් ප්‍රකාශකයෙක් ‘දිවයින’ට පැවසීය.රෝහලේ වාට්ටු කීපයක්, ශල්‍යාගාර, ඖෂධ ගබඩා කර ඇති ඒකක කීපයක ද විදුලිය විසන්ධි කර තිබූ අතර බිල ගෙවීම නිසා ඊයේ සවස් වනවිට ඒවා යථා තත්ත්වයට පත්ව තිබිණි.විදුලිය වි... |
"වතු සමාගම් ඩොලර්වලින් ලාභ ලබද්දී කාර්ය මණ්ඩලවලට වැටුප් වර්ධක දෙන්නේ නෑ" | "වැවිලි සමාගම් තේ අපනයන කරමින් ඩොලර්වලින් ලාභ ලබමින් සිටියදී වසර තුනකට වරක් කාර්ය මණ්ඩල සාමාජිකයන්ට ලබාදීමට එකඟ වූ වැටුප් වර්ධක ලබාදීමට මැලිකමක් දක්වනවා යැයි ලංකා වතු සේවා සංගමයේ ප්‍රධාන ලේකම් රොබට් ෆ්‍රැන්සිස් මහතා පැවසීය. වතු හාම්පුතුන් සහ වෘත්තීය සමිති අතර වසර තුනකට වරක් වැටුප් වැඩිකිරීමේ එකඟතාවයක් පවතින බවත් මෙවර ස... |
"පොලිසියේ 4000ක් ගෙදර යවයි – පුරප්පාඩු 16000ක් මේ වසරේ" | "දැනට රාජකාරියෙහි නිරත පොලිස් නිලධාරීන් 4000ක් පමණ නිසි සෞඛ්‍ය පරිසාධන මට්ටමේ නොසිටින බැවින් එම නිලධාරීන්ගේ සේවය අවසන් කිරීමට මහජන ආරක්ෂක කටයුතු පිළිබඳ අමාත්‍යාංශ උපදේශක කාරක සභාවේ අවධානය යොමුව ඇත. මේ පිළිබඳ අවධානය යොමු වූයේ මහජන ආරක්ෂක කටයුතු පිළිබඳ අමාත්‍යාංශ උපදේශක කාරක සභාවේ පළමු රැස්වීම එහි සභාපති ඇමැති ටිරාන් අලස... |
"2014 දී බසයට ගිනි තැබූ පුද්ගලයා වසර 3 ක් හිරේ – ලක්ෂ 63 ක දඩයකුත් ගහයි" | "ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ අනුරාධපුර ඩිපෝවට අයත් රුපියල් විසි එක් ලක්ෂයක් පමණ වටිනා බස් රථයකට 2014 වසරේදී ගිනි තබා සම්පූර්ණයෙන්ම විනාශ කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අනුරාධපුර මහාධිකරණය හමුවේ අධි චෝදනා ලැබ සිටි විත්තිකරුවකු එකී චෝදනාවට වරදකරු බවට තීරණය කළ අනුරාධපුර අංක 02 මහාධිකරණයේ විනිසුරු නිශාන්ත පීරිස් මහතා ඔහුට ඊයේ... |
"යාලේ අයාලේ ගිය 9කට ඇප" | "පසුගිය 22 වැනිදා යාල ජාතික වනෝiානයේ සංවේදී කලාපයකදී නීති විරෝධී ලෙස රිය ධාවනය කිරීමේ චෝදනාව යටතේ අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කළ සැකකරුවන් 9 දෙනකු රුපියල් ලක්‍ෂ 5 බැගින් වූ ශරීර ඇපමත මුදාහැරීමට තිස්සමහාරාම මහෙස්ත්‍රාත් තරිදු සමීර සිල්වා මහතා ඊයේ (26දා) නියෝග කළේය.එම සැකකරුවන්ට ඇප ලබාදීම සම්බන්ධයෙන් වනජීවී නිලධාරීන් දැඩි ව... |
"ඩග්ලස් ඝාතනයට තැත්කළ හිටපු කොටි දෙදෙනාට මාස 22ක සිරදඬුවම් – වසර 15 කට අත්හිටුවයි" | "ලක්‍ෂ දෙකක් වන්දි ගෙවන්නත් නියෝගඇමැති ඩග්ලස් දේවානන්ද මහතාට කළුතර බන්ධනාගාරය තුළදී අමානුෂික ලෙස පහරදී බරපතළ තුවාල සිදු කිරීම, අයුතු ජනරාශියක සාමාජිකයන් වී ඔහු ඝාතනය කිරීමට කුමන්ත්‍රණය කිරීම ඇතුළු අධිචෝදනා තුනකට වරදකරුවන් කරනු ලැබූ හිටපු එල්.ටී.ටී.ඊ සාමාජිකයන් දෙදෙනකුට කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ මහතා ඊයේ (26... |
"කබ්රාල්ට එරෙහි නඩුව ප්‍රතික්‍ෂේප කරන්න – ජනාධිපති නීතිඥයා උසාවියෙන් ඉල්ලයි" | "කබ්රාල් විත්ති කූඩුවට ගැනීමත් අධිකරණයෙන් වළක්වයි හිටපු ආණ්ඩුකාර කීර්ති තෙන්නකෝන් මහතා හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතාට එරෙහිව ගොනු කර ඇති පෞද්ගලික නඩුව ඉදිරියට පවත්වාගෙන යෑමට අවසර ලබානොදී ප්‍රතික්‍ෂේප කරන ලෙස ජනාධිපති නීතිඥ සම්පත් මෙන්ඩිස් මහතා ඊයේ (26දා) කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල මහතාගෙන... |
"ඩොලර් 25000ක් එවා ඇත්නම් රෝද දෙකේ විද්්‍යුත් වාහනයක් ගෙන්වා ගන්න අවසර" | "විදේශගත රැකියාවක නිරත වන පුද්ගලයකු තමා සේවය කරන රටේ මුදල් මෙරටට බැංකු ක්‍රමය හරහා එවා ඇත්නම් ඔවුනට ඇමෙරිකානු ඩොලර් 25,000කට යටත්ව මෙරටට රෝද දෙකකින් යුත් විද්්‍යුත් වාහනයක් ආනයනය කිරීමට කැබිනට් මණ්ඩලය අනුමැතිය ලබා දී ඇත.එම අවසරය 2023 අප්‍රේල් මාසය දක්වා වලංගු බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බනදුල ගුණවර්ධන මහතා ඊයේ (26 දා) ... |
"කාගිල්ස් ෆුඩ්සිටි 500 වැනි ශාඛාව විවෘත කරයි" | "මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා විසින් 500 වැනි කාගිල්ස් ෆුඩ්සිටි ශාඛාව විවෘත කළ අයුරු. එම අවස්ථාවට එක්වූ කාගිල්ස් සමූහයේ උප සභාපති රංජිත් පේජ් මහතාද ඡායාරූපයෙන් දැක්වේ.ශ්‍රී ලාංකීය අභිමානවත් දේශීය සන්නාමයක් ලෙස තම 500 වන ශාඛාව විවෘත කිරීමත් සමග සුවිශේෂී සංධිස්ථානයක් සනිටුහන් කළේය. සිය 39 වසරක සාඩම්බර සහ ... |
"අංශභාගය හැදී වසරකට 4000ක් මිය යනවා – විශේෂඥ වෛද්‍ය සමින්දි සමරකෝන්" | "ආඝාතය හෙවත් අංශභාග නිසා වසරකට මෙරට පුද්ගලයින් හැට දහසක් රෝහල් ගතවන බවත් ඉන් හාරදහසක් මියයන බවත් එසේ මිය යෑමට හේතුව කඩිනමින් වෛi ප්‍රතිකාර ලබානොගැනීම බවත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ බෝ නොවන රෝග ඒකකයේ අධ්‍යක්‍ෂ විශේෂඥ වෛද්‍ය සමින්දි සමරකෝන් මහත්මිය ඊයේ (26 දා) සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවැති මාධ්‍ය හමුවකදී පැවසුවාය.ආඝාතයට ප... |
"‘ බදු පිට බදු නවතනු’ විරෝධතා රැලිය අද" | "බදු පිට බදු පටවමින් රටේ ආර්ථිකයත්, ජන ජීවිතයත්, බංකොලොත් භාවයට පත් කිරීමට එරෙහිව සහ ජන අරගලයේ අපේක්ෂාවන් යථාර්ථයක් කරන ලෙස රජයට බල කරමින් රාජ්‍ය, අර්ධ රාජ්‍ය, වෘත්තීය සමිති, බහුජන සංවිධාන, සිවිල් සංවිධාන සහ ශිෂ්‍ය සංවිධාන ඇතුළු දහසකට අධික සංවිධාන එක්ව අද (27 දා) සවස 3.00 ට කොළඹ හයිඩ් පිටියේ දී විරෝධතා රැලියක් පවත්වන බ... |
"යාලේ මීට කලිනුත් මෙහෙම හැසිරුණ අය ඉන්නවා" | "යාල සෆාරි ජීප් රථ හිමියන්ගේ සංගමයේ සභාපති යාල අභය භූමියේ මීට පෙරත් ජීප් රථවල පැමිණෙන කණ්ඩායම් මේ ආකාරයෙන් හැසිරුණු අවස්ථා වාර්තා වී තිබූ බව යාල සෆාරි ජීප් රථ හිමියන්ගේ සංගමයේ සභාපති පී. ඩී. රංජිත් මහතා පැවසීය. එක්තරා වාහන ආයතනයක් විසින් විවිධ කොටස් එක්කර අලංකාර ලෙස සකස් කරන ලද ජීප් රථ යාල බ්ලොක් 01 කලාපයට රැගෙනවිත් මේ... |
"ප්‍රියමාලි 9 වැනිදා යළි උසාවි ගේන්න නියෝග" | "කඩවත ව්‍යාපාරික ආයතනයකින් ජංගම දුරකථන අමතර උපාංග මිලදී ගෙන ඒ සඳහා අගරු චෙක්පත් ලබාදීමේ වරදට මහර අධිකරණයට ඉදිරිපත් කළ තිළිණි ප්‍රියමාලි ලබන මස 9 වැනිදා යළි අධිකරණයට ඉදිරිපත් කරන ලෙස මහර මහෙස්ත්‍රාත් කාංචනා නිරංජලා ද සිල්වා මහත්මිය ඊයේ (26 දා) නියෝග කළාය.රුපියල් කෝටි ගණනක මුදල් වංචාවක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටින ස... |
"රැඳවුම් භාරයෙන් රෝහල් යැවූ ‘අන්තරේ’ හිමියන්ට ඩෙංගු" | "උණ වැළඳීම හේතුවෙන් කොළඹ ජාතික රෝහලට ඇතුළත් කෙරුණු දැනට රැඳවුම් භාරයේ පසු වන අන්තර් විශ්වවිද්‍යාලයීය භික්ෂු බල මණ්ඩලයේ ගල්වැව සිරිධම්ම හිමිපාණන්ට ඩෙංගු වැළඳී ඇතැයි හෙළි වී තිබේ. උන්වහන්සේ මේ වනවිට රෝහලේ 49 වැනි වාට්ටුවේ නේවාසිකව ප්‍රතිකාර ලබන බව රෝහලේ ප්‍රකාශිකාවක ‘දිවයින’ට පැවසුවාය. ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ ගල්... |
"කෝටියක පැරසිටමෝල් අමුද්‍රව්‍ය ගත්තත් ටෙන්ඩර්වලට පෙර චෙක් කර නෑ – විගණනයෙන් හෙළි වෙයි" | "රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාව විසින් ඉකුත් වර්ෂයේ දී (2021) රුපියල් එක්කෝටි දශලක්ෂ හැටඅටදහස් හයසියපනහක් වියදමක් දරා පැරසිටමෝල් ෘක් 90 නමැති අමුද්‍රව්‍ය කිලෝග්‍රෑම් 6000ක් මිල දී ගෙන තිබූ අතර එකී අමුද්‍රව්‍යවල සාම්පල් ටෙන්ඩර් ඇගයීමට ප්‍රථම පරීක්ෂා කර ගුණත්වය තහවුරු කර ගැනීමට කටයුතු කර නොතිබූ බව ජාතික විගණන කාර්යාලය පවසය... |
"කොටස් වෙළෙඳපොළට තවත් මිනිත්තු 30 ක්" | "කොළඹ කොටස් වෙළෙඳ පොළේ ගනුදෙනු කාලය ලබන මස 01 වැනිදා සිට මිනිත්තු 30 කින් දීර්ඝ කිරීමට තීරණය කර ඇත.මේ අනුව දිනපතා පූර්ව ගනුදෙනු සැසිය පෙ.ව.9.30 සිට 10.00 දක්වා ක්‍රියාත්මක වන අතර පෙ.ව.10.00 ට පැවැත්වෙන විවෘත වෙන්දේසියෙන් පසු දෛනික සාමාන්‍ය ගනුදෙනු ප.ව.1.00 දක්වා පැවැත්වේ. මේ අනුව ගනුදෙනු සම්පූර්ණ පැය 3 ක කාලයක් පැවැත්ව... |
"දිස්ත්‍රික් රැසකට ප්‍රාදේශීය සංවර්ධන කමිටු සභාපතිවරු පත්කෙරෙති" | "දිස්ත්‍රික්ක රැසක මන්ත්‍රීවරු, ප්‍රාදේශීය සංවර්ධන කමිටු සභාපතිවරු ලෙස ඔවුන්ගේ පත්වීම් ලිපි, අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අතින්, පාර්ලිමේන්තුවේ අග්‍රාමාත්‍ය කාර්යාලයේදී පසුගියදා ලබාගත්හ. ඒ අනුව ගම්පහ, කළුතර, මාතලේ, නුවරඑළිය, ගාල්ල, මාතර, හම්බන්තොට, දිගාමඩුල්ල, ත්‍රිකුණාමලය, අනුරාධපුරය, පොළොන්නරුව, බදුල්ල, මොනරාගල,... |
"ආයෝජකයන් මෙරටට පැමිණීමට අල්ලස දූෂණය හා වංචාව මුළුමනින්ම තුරන් කළ යුතුයි" | "ඉරාන් වික්‍රමරත්න (සජබ)දූෂණයට එරෙහිව පෞද්ගලිකවම පනතක් ගේනවාමෙරට තුළ පවතින දූෂණයට තිත තැබීමට හැකිවුවහොත් රටට වෙළඳපොළ ආයෝජකයන් ගලාගෙන එන බව සමගි ජන බලවේගයේ මාධ්‍ය ප්‍රකාශක, පාර්ලිමේන්තු මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න මහතා පැවසීය.විපක්ෂ නායක කාර්යාලයේ 26 දා පැවති මාධ්‍ය හමුවේදී මන්ත්‍රීවරයා මේ බව කී අතර එහිදී වැඩිදුරටත් මෙසේ... |
"චීන සහල් නැවක් එයි" | " චීන රජය විසින් ශ්‍රී ලංකාවට පරිත්‍යාග කරන ලද සහල් මෙටි්‍රක්ටොන් 500ක් සහිත නැවක් පෙරේදා (25 දා) කොළඹ වරායට පැමිණි බව මෙරට චීන තානාපති කාර්යාලය පවසයි. එම සහල් අවශ්‍යතා සහිත පාසල් සිසුන් අතර බෙදාදීමට නියමිතය. චීන ආධාර යටතේ මෙරටට ලැබීමට නියමිත සහල් මෙටි්‍රක්ටොන් 6,000ක ප්‍රමාණයෙන් කොටසක් ලෙස මෙම සහල් තොගය පැමිණ ඇත. එහි ... |
"ද්විත්ව පුරවැසියන් සොයන්න රජයට ක්‍රමවේදයක් නෑ – ඇමැති බන්දුල" | "ද්විත්ව පුරවැසිභාවය සෙවීමට රජයට ක්‍රමවේදයක් නොමැති බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්ධුල ගුණවර්ධන මහතා පැවසීය. එනිසා ද්විත්ව පුරවැසිභාවය සොයාගත හැක්කේ එම පුද්ගලයා ප්‍රකාශ කළහොත් හෝ අධිකරණ ක්‍රියාවලියක් හරහා පමණක් යැයි ද අමාත්‍යවරයා සඳහන් කළේය. වත්මන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ද්විත්ව පුරවැසියකු දැයි කියා දැන ගැනීමට ඇති ... |
"යාලේ දැඟලූ සියල්ලන් උසාවි ගේන්න" | "ඇමැති පුතෙක් ඉන්නවද? වාර්තා වී නැහැ – උද්‍යාන භාරකරුඋදව් කළ නිලධාරීන්ගේ වැඩ තහනම් ඩිපෙන්ඩර් රථවලින් යාල ජාතික වනෝද්‍යානය නැරඹීමට පැමිණි පිරිසක් විසින් වන සතුන්ට හිංසා වන පරිදි කටයුතු කිරීම සම්බන්ධයෙන් වනෝද්‍යාන භාරකරු මනෝජ් විද්‍යාරත්න මහතා විසින් තිස්සමහාරාම මහෙස්ත්‍රාත් අධිකරණයට ඊයේ (25දා) කරුණු වාර්තා කිරීමෙන් පසු ... |
"යාලේ සෙල්ලම් දැමූ සෙල්ලක්කාරයෝ අවුරුදු 3ක් බ්ලැක් ලිස්ට්" | "පසුගියදා යාල ජාතික වනෝද්‍යානයට ඇතුළු වී වනසතුන්ට හිංසා වන පරිදි හා අනිසි ලෙස වාහන ධාවනය කළ පුද්ගලයින්ට හා එම වාහනවලට වසර තුනක් යන තෙක් ශ්‍රී ලංකාවේ කිසිදු ජාතික වනෝද්‍යානයකට ඇතුළු වීමට නොහැකි වන පරිදි අසාදු ලේඛනගත කිරීමට පියවර ගන්නා බව වනජීවි අධ්‍යක්ෂ ජනරාල් චන්දන සූරියබණ්ඩාර මහතා පැවසීය. ඊයේ (25දා) පෙරවරුවේ යාල වනෝද්... |
"ප්‍රියමාලිට සපෝට් කළ නිළියන් 06ක් ගැන විමර්ශන" | "ප්‍රියමාලිට සපෝට් කළ නිළියන් 06ක් ගැන විමර්ශන රුපියල් කෝටි 500 කට අධික මුදලක් වංචා කළ බව කියන චෝදනා මත රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින තිළිණි ප්‍රියමාලි නමැති කාන්තාව සමග එක්ව ධනවත් පුද්ගලයන් බියගන්වා රුපියල් කෝටි ගණනින් මුදල් ලබාගත් බවට චෝදනා එල්ලවී ඇති රංගන ශිල්පිනියන් හය දෙනෙකුට එරෙහිව අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව විම... |
"ඡන්දයට සිටියේ නැත්තේ 22 ට විරුද්ධ නිසා නොවේ – මහාචාර්ය තිස්ස විතාරණ" | "22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත කරගන්නා අවස්ථාවට තමා මැති සබයේ නොසිටියේ එම සංශෝධනයට විරුද්ධ නිසා නොවන බවත්, විධායක ජනපති ක්‍රමය සහමුලින්ම ඉවත්කළ යුතු මතයේ තම පක්‍ෂය දිගින් දිගටම සිටින බවත් ලංකා සමසමාජ පක්‍ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය තිස්ස විතාරණ මහතා පවසයි. 22 තුළින් බලාපොරොත්තු වූ තරමට ජනපති බලතල... |
"ද්විත්ව පුරවැසිභාවය තියෙනවා කියලා මන්ත්‍රීලා අයින් කරන්න බැහැ – ඩයනාගෙන් අභියෝගයක්" | "පුළුවන්නම් ලැයිස්තුව පෙන්වන්න – “අවුරුදු පහක ජනවරමකින් පාර්ලිමේන්තුවට ආව මන්ත්‍රීවරයෙක් ද්විත්ව පුරවැසිභාවය තියෙනවා කියලා අයින් කරන්න බැහැ. මම ඔය කෑගහන මන්ත්‍රීලට කියනවා පුළුවන්නම් ද්විත්ව පුරවැසිභාවය තියෙන මන්ත්‍රීලගෙ ලැයිස්තුව ඉදිරිපත් කරන්න” යැයි සංචාරක කටයුතු රාජ්‍ය ඇමැතිනි ඩයනා ගමගේ මහත්මිය ‘දිවයින’ට ඊයේ (25 දා) ... |
"දිනකට තෙල් ලීටර් 5 ක් දෙනවා නම් ත්‍රිරෝද ගාස්තු අඩු කරනවා" | "ත්‍රිරෝද රථ රියැදුරන්ගේ සංගමයේ සභාපති ත්‍රිරෝද රථ සඳහා දිනකට ඉන්ධන ලීටර් 05 ක් ලබා දෙනවා නම් ත්‍රිරෝද ගාස්තු අඩු කළ හැකි බව සමස්ත ලංකා ත්‍රිරෝද රථ රියැදුරන්ගේ සහ හිමිකරුවන්ගේ සංගමයේ සභාපති, සුදිල් ජයරුක් මහතා ප්‍රකාශ කළේය. අඩු කළ ඉන්ධන මිලට සාපේක්ෂව මගීන්ට සහන සැලසීම සම්බන්ධයෙන් ඊයේ (25 දා) මාධ්‍යට අදහස් දක්වමින් හෙතෙ... |
"නවක වධය දුන් යාපනය සරසවි සිසුන් 19 කගේ පන්ති තහනම්" | "යාපනය විශ්වවිද්‍යාලයේ නවක වධය ලබාදීමේ සිද්ධින්ට අදාළව එම විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ සිසුන් 19 දෙනකුගේ අධ්‍යයන කටයුතු තහනම් කිරීමට විශ්වවිද්‍යාලයේ පාලන අධිකාරිය කටයුතු කොට තිබේ. නවක සිසුන් සඳහා මෙසේ පීඩා වන අන්දමින් නවක වධය ලබාදීම සම්බන්ධයෙන් වූ පැමිණිල්ලකට අනුව සිදු කළ පරීක්ෂණයකදී වැරදිකරුවන් වූ සිසුන් 19 දෙනකු සඳහා මෙස... |
"ප්‍රියමාලිගේ තවත් සමාගමක් හෙළි කළ යූටියුබ් මාධ්‍යවේදියා සී. අයි. ඩී. කැඳවයි" | "ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයේ 34 වන මහල කුලියට ගෙන ආයතන කිහිපයක් පිහිටුවා කෝටි ගණනක් වංචාකළ තිළිණි ප්‍රියමාලි නමැත්තිය සහ එම මධ්‍යස්ථානයේ පවත්වාගෙන යන තවත් මතභේදාත්මක සමාගමක් සම්බන්ධයෙන් යූටියුබ් නාලිකාවක් ඔස්සේ වැඩසටහන් කිහිපයක් මගින් අනාවරණය කළ මාධ්‍යවේදී ධනංජය නාරංබැද්ද මහතා අද (26දා) පෙරවරුවේ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තු... |
"ප්‍රමිතියෙන් තොර ඉන්ධන වෙළෙඳපොළට එවන්නේ නෑ – සිපෙට්කෝ නිවේදනයක්" | "නිකුත් කිරීමට පෙර කිහිප වරක්ම පරීක්‍ෂා කරනවා වෙළෙඳපොළට නිකුත් කිරීමට පෙර අවස්ථා කිහිපයකදී විශේෂඥ කණ්ඩායම් මගින් ඉන්ධනවල ප්‍රමිතිය තහවුරු කරන බැවින් ප්‍රමිතියෙන් තොර ඉන්ධන වෙළෙඳපොළේ අලෙවි නොකරන බව ලංකා ඛනිජ තෙල් සංස්ථාව (සිපෙට්කෝ) නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී. පාරිභෝගිකයන් නොමග යවමින් එක්තරා ආයතනයක් ඉන්ධනවල ප්‍රමි... |
"චාල්ස් රජුගේ ඉටි ප්‍රතිමාවේ චොක්ලට් කේක් තැවරූ 4 ක් අත්අඩංගුවට" | "දේශගුණ ක්‍රියාකාරීන් පිරිසක් පසුගිය සඳුදා (24දා) ලන්ඩනයේ මැඩම් ටුසාඩ් කෞතුකාගාරයේ තැන්පත් කර ඇති බ්‍රිතාන්‍යයේ තුන්වන චාල්ස් රජුගේ ඉටි ප්‍රතිමාවට චොකලට් කේක් ආලේප කර ඇත. ලන්ඩන් පොලිසිය පසුව මේ සිද්ධියට සම්බන්ධ පුද්ගලයින් හතර දෙනකු අත්අඩංගුවට ගෙන ඇත. ජස්ට් ස්ටොප් ඔයිල් නම් සංවිධානයට අයත් පිරිසක් චාල්ස්ගේ ප්‍රතිමාවට මෙස... |
"කෝටි 50 ක් වැයකර අලුත්වැඩියා කළ කැලණිතිස්ස ද්විත්ව චක්‍රීය බලාගාරය යළි අක්‍රීය වෙලා" | "මෙගාවොට් එකසිය හැටපහහකින් සමන්විත කැලණිතිස්ස ද්විත්ව චක්‍රීය බලාගාරය සති දෙකකට පෙර නැවත වතාවක් සම්පූර්ණයෙන්ම අක්‍රීය වී තිබේ. මීට පෙර 2019 වසරේදී බලාගාරයේ බෙයාරින් එක සහ රෝටරය එකවර කැඩීයෑම නිසා එය විදේශ රටවල් කිහිපයකට යවා අලුත්වැඩියා කිරීමට රුපියල් කෝටි පනහක මුදලක් වැයකළ බව ලංකා විදුලිබල මණ්ඩලයේ තාක්ෂණ ඉංජිනේරු සහ අධි... |
"මේ වසරේ මාස 09 ට අපනයන ආදායම 11.83% කින් නගී" | "මේ වර්ෂයේ (2022) ජනවාරි සිට සැප්තැම්බර් දක්වා කාලයේදී මෙරට අපනයන ආදායමේ සියයට 11.83 ක වර්ධනයක් සිදුව ඇතැයි ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය පවසයි. මේ අනුව ගිය වසරේ (2021) මුල් මාස නවයේදී ඇමෙරිකානු ඩොලර් මිලියන 8938.49ක් වූ මුළු වෙළෙඳ භාණ්ඩ ආපනයන ආදායම මේ වසරේ (2022) මුල් මාස නවයේදී ඇමෙරිකානු ඩොලර් මිලියන 9996.19 ක් දක්... |
"22 ට අපි දාපු සංශෝධන තුනක් අනුමත කළේ නෑ" | "22 වැනි ව්‍යවස්ථාවේ සංශෝධන තුනක් පාර්ලිමේන්තුව විසින් අනුමත කර නැති බවත් පොහොට්ටුව බෙදිලා නොව හත අටකට කැඩිලා බවත් ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා 22දා දෙනියාය ආසන සමුළුව අමතා පැවසීය. “විසඳුම වෙනුවෙන් ජනබලය ගොඩනගන” දෙනියාය ආසන සමුළුවට මහා සංඝරත්නය, පූජකතුමන්ලා, ජාතික ජනබලවේගයේ දෙනියාය ආසන සංවිධායකයන් වන ක... |
"උතුවන්කන්දේ බස් අනතුරින් ගුරුවරියක් මරුට: 38 කට තුවාල: 5 කට බරපතළයි" | "කොළඹ – නුවර මාර්ගයේ මාවනැල්ල උතුවන්කන්ද ප්‍රදේශයේ අන්වාරමහිදී ඊයේ (25දා) දහවල් සිදුවූ බස් අනතුරකින් කෑගල්ල මොලගොඩ ප්‍රදේශයේ පදිංචිව සිටි 67 හැවිරිදි විශ්‍රාමික ගුරුවරියක් මියගොස් ඇති බව පොලීසිය පවසයි. වංගුවක් සහිත ස්ථානයකදී ලංගම බස් රථයක් තවත් ලංගම බස් රථයකට ඉස්සර කර ඉදිරියට ධාවනය වන විට ඉදිරියෙන් පැමිණි පෞද්ගලික බස් ... |
"ද්විත්ව පුරවැසි මැති ඇමැතීන්ට කට්ටි පනින්න ඉඩක් නෑ – විජයදාස රාජපක්‍ෂ" | "ද්විත්ව පුරවැසි මැති ඇමැතිවරුන්ට කිසිම විටක කට්ටි පැනීමට ඉඩක් නොලැබෙන බව අධිකරණ හා පුනරුත්ථාපන කටයුතු ඇමැති විජයදාස රාජපක්‍ෂ මහතා දිවයිනට ඊයේ (25 දා) පැවසීය. ද්විත්ව පුරවැසිභාවය ඇති මැති ඇමැතිවරුන් පිළිබඳව තොරතුරක් වෙතොත් ජනතාවට ඒ පිළිබඳව දැනුම්දීමට හැකි බවද ඇමැතිවරයා සඳහන් කළේය. මෙවැනි මැති ඇමැතිවරුන් පිළිබඳව සොයා බල... |
"ඡන්දයකින් පාර්ලිමේන්තුවට යන එක මට අමාරු දෙයක් නොවෙයි" | "තමාට මැතිවරණවලදී ඡන්දය දෙන්නේ මෛත්‍රිපාල සිරිසේන මැතිතුමාවත්, දයාසිරි ජයසේකරවත් නෙමෙයි බදුල්ලේ ජනතාව බවත් මා හට ඡන්දයකින් පාර්ලිමේන්තුවට යන එක අමාරු කාර්යයක් නොවන බවත් අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පැවසීය. අමාත්‍ය වරයා මේ අදහස් පළ කළේ ඌව පරණගම අඹගස්දෝව දොළුන්ගහවත්ත ක්‍රීඩා මණ්ඩපයේදී 24දා පැවති ජන හමුවක් අමතමිනි.... |
"ද්විත්ව පුරවැසි මන්ත්‍රීවරු ලැයිස්තුවක් කා ළඟවත් නෑ" | "පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ උදය ගම්මන්පිල මැති සබේ ද්විත්ව පුරවැසියන් දසදෙනෙකු සිටින බවත් ඔවුන් වහාම ඉල්ලා අස්විය යුතු බවත් මෑතකදී මන්ත්‍රීවරුන් ගණනාවක් ප්‍රකාශ කර තිබුණා. ඒ අයගෙන් ඔය මන්ත්‍රීවරු දසදෙනා කවුද කියලා අහන්නකෝ. එහෙම කියන්න ලැයිස්තුවක් කා ගාවවත් නෑ. ඕක හිතළුවක් විතරයි යැයි පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන... |
"බොරැල්ල වෛද්‍ය පර්යේෂණ ආයතනයේ පරීක්ෂණ 42 ක් නතර කරලා" | "සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවී කුමුදේශ් නිලධාරීන්ගේ අකාර්යක්‍ෂමතාවය හා මුදල් හිඟය මත රසායනික ප්‍රතික්‍රියක මිලදී ගැනීමට නොහැකි වීම හේතුවෙන් බොරැල්ල වෛද්‍ය පර්යේෂණ ආයතනයේ සිදු කෙරෙන අත්‍යවශ්‍ය පීඑස්ඒ, ටීඑස්එච්ටී3/ටී4, වීඑම්ඒ පරීක්ෂාව, හෙපටයිටිස් පරීක්ෂණය ඇතුළු වෛද්‍ය පරීක්ෂණ 42ක් මේවන විට නතර කර ඇති බ... |
"රඹුක්කන පොලිස් වෙඩිල්ලට කෝටි 10ක් වන්දි ඉල්ලති" | "මියගිය පුද්ගලයා සහ තුවාලකරුවන් 2ක් වෙනුවෙන් වෙන් වෙන්ව නඩු 3ක්රාජ්‍ය නිලධාරීන් 11කට එකවර නඩු දැමීමෙන් ඉතිහාසගත වන නඩුවක්පසුගිය අප්‍රේල් 19 වැනිදා පොලිස් වෙඩි වැදී මියගිය රඹුක්කන චමින්ද ලක්ෂාන් මහතාත් තුවාල ලැබූ තවත් දෙදෙනකුත් වෙනුවෙන් පොලිසියෙන් රුපියල් කෝටි 10 ක වන්දියක් ඉල්ලා අධිකරණය හමුවේ නඩු පවරා තිබේ.පොලිස්පති ස... |
"ලංගම බස් රැසක් කොට උඩ – පාසල් බස් සේවාත් අඩපණයි – අමතර කොටස් නෑ" | "අමතර කොටස් හිඟවීම නිසා ගමනාගමන මණ්ඩලයට අයත් පාසල් බස් රථ ඇතුළු බස් රථ රැසක් ධාවනයෙන් ඉවත්කර තැබීමට සිදුව ඇතැයි වාර්තා වේ. මේ වනවිට ගොඩකවෙල ඩිපෝව මගින් ධාවනය කළ පාසල් බස් රථ 05ක් නතර කර ඇතැයි ද ඒ ආකාරයෙන් බොහෝ ඩිපෝවල අමතර කොටස් හිඟය නිසා බස් රථ රැසක් ධාවනයෙන් ඉවත්කර ඇතැයි ද ගමනා ගමන මණ්ඩලයේ උසස් නිලධාරියෙක් පැවසීය. ගොඩ... |
"කැසිනෝ බද්ද කෝටි 50ට නංවයි" | "ව්‍යාපාරවල ලාභයෙන් සියයට 40ක ආදායම් බද්දකුත්ඔට්ටු සහ සූදු පනතත් කඩිනමින් සංශෝධනයටකැසිනෝ සඳහා වන වාර්ෂික බද්ද වහාම රුපියල් කෝටි 20 සිට 50 දක්වා සියයට 150 කින් වැඩි කර ඇත.මේ අනුව පසුගිය අගෝස්තු 01 වැනිදා සිට මේ දක්වා කැසිනෝ ශාලාවක් සඳහා තිබූ වාර්ෂික රුපියල් කෝටි 20ක් වූ බදු මුදල රුපියල් කෝටි 50 දක්වා මෙසේ වහාම වැඩි කළ... |
"රාජ්‍ය ඇමැති ධුරයට ලැබුණු සියලු වත්කම් ගීතා යළි භාරදෙයි" | "රාජ්‍ය ඇමැති ධුරය වෙනුවෙන් තමන්ට හිමි නිල නිවස, වාහන ඇතුළු අනෙකුත් සියලු දීමනා ලබානොගෙන ආපසු භාරදීමට කාන්තා සහ ළමා කටයුතු රාජ්‍ය ඇමැතිනි ගීතා කුමාරසිංහ මහත්මිය කටයුතු කර ඇත. රාජ්‍ය ඇමැති ධුරය වෙනුවෙන් ඇයට සුඛෝපභෝගී වාහන 5 ක් ලැබුණු අතර රාජකාරි කටයුතු සඳහා එක් වාහනයක් පමණක් ලබාගෙන අනෙක් වාහන 4 ආපසු භාර දීමට කුමාරසිංහ ම... |
"රනිල්ට සහාය දීම අලියගේ පිටේ නැඟීමක් නොවේ – ප්‍රසන්න රණතුංග" | "මේ මොහොතේ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාට සහාය දැක්වීම අලියාගේ පිටේ නැඟීමක් නොවන බව නාගරික සංවර්ධන හා නිවාස ඇමැති ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ප්‍රසන්න රණතුංග මහතා ඊයේ (24 දා) පැවසීය. ජනාධිපතිවරයා සමග වැඩ කළ යුතු බව මිනුවන්ගොඩ පක්ෂ නියෝජිතයන් ප්‍රකාශ කර ඇතැයි ද හෙතෙම කීවේය.හෘද සාක්ෂියට එකඟව හැමවිටම නිවැරදි දේශපාලන තී... |
""ගල්අඟුරු මෙටි්‍රක් ටොන් 63,000ක් රැගත් නැවක් අද පුත්තලමට"" | "නොරොච්චෝල ගල්අඟුරු බලාගාරයට අවශ්‍ය ගල්අඟුරු මෙටි්‍රක් ටොන් 63,000 ක් රැගත් නැවක් අද (25 දා) පුත්තලමට පැමිණෙයි.මෙලෙස තවත් නැව් 02 ක් මේ මස 30 වැනිදා සහ ලබන මස 05 වැනිදා දිවයිනට පැමිණීමට නියමිතය. මේ වසරට අදාළව ගල්අඟුරු මිලදී ගැනීම සඳහා ටෙන්ඩර් කැඳවනු ලැබුවත් එයට එරෙහිව අධිකරණයට යෑම නිසා එම ටෙන්ඩරයට ඉදිරිපත් වී සිටි සමාග... |
"බි්‍රතාන්‍ය අගමැති පුටුව රිෂී සුනත්ට ?" | "බි්‍රතාන්‍යයේ නව අගමැතිවරයා වශයෙන් සුපිරි කෝටිපතියකු වූ රිෂි සුනත් ඊයේ (25 දා) සවස පත්වීමට නියමිතව තිබිණි.අගමැති ධුරය සඳහා වූ සටනින් හිටපු අගමැති බෝරිස් ජොන්සන් ඉවත් විය.බි්‍රතාන්‍ය වේලාවෙන් ඊයේ (25 දා) දහවල් 2.15 ට ඡන්ද විමසීම ආරම්භ වීමට නියමිතව තිබිණි.කොන්සවේටිව් මන්ත්‍රීවරු 170කගේ සහාය රිෂි සුනත්ට ලැබෙන බව බි්‍රතාන... |
"අපේ යෝජනා ක්‍රියාත්මක කළානම් රෝහල්වල ඖෂධ හිඟයක් නෑ – GMOA කියයි" | "මෙරට රෝහල්වල ඇති උග්‍ර ඖෂධ හිඟය පියවීමට සිය සංගමය ජනාධිපතිවරයාට ඉදිරිපත් කළ දසවැදෑරුම් යෝජනා මාලාව නිසි ලෙස ක්‍රියාත්මක කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය පියවර නොගැනීම නිසා රෝහල් ‘මරණාසන්න තත්ත්වයට’ පත්ව ඇතැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.ජාතික රෝහලේ ඇස්ප්‍රීන් පෙත්ත පවා දැඩි ලෙස හිඟ බවත් ප්‍රාදේශීය රෝහල්වල සේලයින් බෝත... |
"රන්ජන්ට ප්‍රජා අයිතිය දීමට ජනපති හමුවී කරුණු කියනවා – ඇමැති විජයදාස රාජපක්‍ෂ" | "බන්ධනාගාරගතව සිට ජනාධිපති සමාව ලැබූ රන්ජන් රාමනායක මහතාට යළි ප්‍රජා අයිතිය ලබා ගැනීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමුවී කරුණු ඉදිරිපත් කරන බව අධිකරණ, බන්ධනාගාර සහ පුනරුත්ථාපන කටුතු ඇමැති විජයදාස රාජපක්‍ෂ මහතා ‘දිවයින’ට පැවසීය.අද හෙටම නොව ඉඩ ලද අවස්ථාවක රන්ජන්ට අහිමි වූ වරප්‍රසාද ලබාදීමට කටයුතු කරන බවද ඇමැතිවරය... |
"පිටි කිලෝව 265ට බැස්සත් පාන් මිල එහෙමමයි" | "ආනයනික තිරිඟු පිටි කිලෝවක මිල දෙවරක් අඩුකර පිටි කිලෝවක මිල රු.265 ක් දක්වා පහත දමා ඇතත් බේකරි හිමියන් ග්‍රෑම් 450 ක් බර පාන් ගෙඩියක මිල පහළ නොදැමීම නිසා පාරිභෝගිකයන් අපහසුතාවට පත්ව ඇත. තිරිඟු පිටි මිල අඩුවීමට සමගාමීව පාන් ඇතුළු බේකරි නිෂ්පාදන මිල ද පහත දැමිය යුතු වුවත් මේ වනවිට පාන් ගෙඩියක් රු.160 සිට 210 දක්වා වූ මිල... |
"ආනයනික ළමා සිරප් කිසිවක් මෙතෙක් රසායනාගාර පරීක්‍ෂාවකට ලක් කර නෑ" | "සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමය ගැම්බියාවේ හා ඉන්දුනීසියාවේ ළමයින් විශාල පිරිසක් මියයෑමට හේතු වූ බාල සිරප් වර්ගවලින් ශ්‍රී ලංකාවේ දරුවන්ට තර්ජනයක් නොමැති බව පැවසීමට මෙරටට ආනයනය කෙරෙන කිසිදු ළමා සිරප් වර්ගයක් මෙතෙක් රසායනාගාර පරික්ෂාවකට ලක් කර නොමැති බවට සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමය චෝදනා කරයි. ගැම්බියාවේ ... |
"22 සංශෝධනය – විරුද්ධ වුණේ සරත් වීරසේකර පමණයි" | "පාර්ලිමේන්තුවේ විශේෂ බහුතරයකින් සම්මත වූ විසිදෙවැනි සංශෝධන පනත් කෙටුම්පතට විරුද්ධව ඡන්දය පාවිච්චි කළේ පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් වීරසේකර මහතා පමණක් බව පාර්ලිමේන්තුවේ මහලේකම් ධම්මික දසනායක මහතා පවසයි. පනත් කෙටුම්පත දෙවනවර කියැවීම අවසානයේ පැවති ඡන්ද විමසීමේදී ඊට පක්ෂව ඡන්ද 179 ක් ලැබුණු අතර විපක්ෂව ඡන්ද 1ක් ලැබුණි. එසේ ... |
"ත්‍රිරෝද රථ ඉන්ධන කෝටාව දෙගුණ කරයි" | "වෘත්තීය මගී ප්‍රවාහන ත්‍රිරෝද රථ සඳහා සතියකට ලීටර් 05 ක්ව පැවති ඉන්ධන කෝටාව ලීටර් 10 ක් දක්වා වැඩි කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා උපදෙස් දී ඇත. එහි පළමු අදියර ලෙස බස්නාහිර පළාතේ වෘත්තීය ත්‍රිරෝද රථ ලියාපදිංචිය නොවැම්බර් 01 වැනිදා සිට ආරම්භ කිරීමට සැලසුම් කර තිබේ. ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ස... |
"සංවර්ධනය පෙරට දමා පරිසරය විනාශ කළොත් රටේ අනාගතය අඳුරේ – ආදිවාසී නායක වන්නිල ඇත්තන්" | "එදා රජකාලේ දීපු දඬුවම් අද තරුණ පරපුර විලාසිතාවලට අරන්පසුගිය රජය එදා දැවැන්ත වන විනාශයකට සැරසුණා පසුගිය කාලයේ මහඔය රඹකැන්ඔය රක්ෂික වනාන්තර භූමි එළි කිරීම හා රිදීමාලියද්ද දෙහිගම උක් වගාව සඳහා අත්පත් කර ගත් පාරම්පරික හේන් වගා භූමි ඇතුළු පරිසර විනාශයන් රැසක් පරිසර යුක්ති කේන්ද්‍රය විසින් ලබාදුන් සහාය හේතුවෙන් මේවන විට තාව... |
"රටේ ආර්ථිකය ගහෙන් වැටුණා : දැන් රනිල් ඇවිත් ඇනගෙන ඇනගෙන යනවා" | "සයිප්‍රසයේ සේවයේ නියුතු ශ්‍රී ලාංකිකයන්ට ගෙවා ඇති සමාජ ආරක්ෂණ මුදල් ටිකවත් ඔවුන්ට අරන් දෙන්න මේ ආණ්ඩුවට වුවමනාවක් නැහැඋත්තර ලංකා සභාගයේ සභාපති විමල් වීරවංශ සයිප්‍රසයේ සේවයේ නියුතු ශ්‍රී ලාංකිකයන්ට ගෙවා ඇති සමාජ ආරක්ෂණ මුදල් යුරෝ බිලියන ගණනක් එම ශ්‍රී ලාංකිකයන් අතට ගැනීමට අදාළ රාජ්‍යතාන්ත්‍රික සාකච්ඡා සිදු කර අවශ්‍ය ඉද... |
"ගිය වසරේ කාන්තා අපරාධ 567 ක් කතුන් 79 ක් ඝාතනය කරලා – විගණන වාර්තාවකින් කියයි" | "ඉකුත් වර්ෂයේ (2021) කාන්තාවන්ට එරෙහිව බල අපරාධ සිද්ධීන් 567 ක් වාර්තා වී ඇති අතර කාන්තාවන් 79 දෙනකු ඝාතනයට ලක්ව ඇති බැව් ජාතික විගණන කාර්යාලය මගින් ශ්‍රී ලංකා පොලිසිය සම්බන්ධයෙන් 2021 වර්ෂයට අදාළව නිකුත්කොට ඇති වාර්ෂික විගණන වාර්තාවක සඳහන් වේ.ඉකුත් වසරේ කාන්තාවන්ට එරෙහිව වාර්තා වී ඇති බල අපරාධ සිද්ධීන් 567 න් වර්ෂය අව... |
"අධික වැස්සත් සමග කාසල්රී ජලාශය වාන් දමයි" | "කාසල්රි ජල පෝෂක ප්‍රදේශවලට ඇද හැලෙන අධික වර්ෂාවත් සමග කාසල්රි ජලාශය 24 දින අලුරෑයම සිට වාන් දැමීමට පටන්ගෙන ඇති බව ජලාශ භාර ඉංජිනේරුවන් පැවසීය.කාසල්රි ජලාශයේ ජල මට්ටම ඉහළ යාමත් සමග එම ජලාශයෙන් ජලය ලබාගෙන ජල විදුලි උත්පාදනය කරන විමලසුරේන්ද්‍ර, ලක්ෂපාන, නව ලක්ෂපාන, පොල්පිටිය යන ජල විදුලි බලාගාරවල ජල විදුලි උත්පාදනය උපරිම... |
"තංගල්ල උණුසුම් වෙයි" | "ත්‍රස්ත පනත යොදා ගනිමින් මාස 2 කට අධික කාලයක් තංගල්ල බන්ධනාගාරයේ රඳවා සිටින අන්තර් විශ්වවිiාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ සහ ගල්වැව සිරිධම්ම හිමියන් වහා නිදහස් කරන ලෙස ඉල්ලා විශාල පිරිසක් ඊයේ (23 දා) රට පුරා විවිධ ප්‍රදේශවලින් තංගල්ල නගරයට පැමිණ විරෝධතාවේ යෙදීම නිසා ඊයේ (23 දා) උණුසුම් තත්ත්වයක් හට ග... |
"කාලගුණ වෙනසට හේතුව යෝධ සූර්ය ගිනි දලුවක් – තාරකා විද්‍යාඥ අනුර සී. පෙරේරා" | "මේ වනවිට ලංකාවේ මෙන්ම ලොව පුරා ඇතිව තිබෙන කාලගුණ වෙනසට හේතුව යෝධ සූර්ය ගිනිදලුවක් බව තාරකා විද්‍යාඥ අනුර සී. පෙරේරා මහතා කියයි. මෙම ගිනිදළුව සූර්යයා මතුපිට කිලෝමීටර් මිලියන 1.5 දුරට විහිදී ඇත. මේ හරහා විහිද යන්නාවූ ආලෝක ශක්තිය අධි ආරෝපිත සූර්ය සුළං හා අන්තරාකාරී අනෙකුත් විශ්ව කිරණ මගින් පෘථිවිය වටා ඇති වෑන් ඇලන් කිරණ ... |
"කප්පම් නඩුව විභාග වෙද්දී ජැකලීන් සාක්‍ෂි විකෘති කර ඉන්දියාවෙන් පනින්න හදලා" | "ඉන්දීය පාතාල නායකයකු වන සුකේෂ් චන්ද්‍රශේකර්ගේ රුපියල් කෝටි 200 ක කප්පම් නඩුවක් සම්බන්ධයෙන් විමර්ශනය කරමින් සිටියදී රංගන ශිල්පිනී ජැකලින් ෆර්ඩිනැන්ඩස් ඉන්දියාවෙන් පලා යෑමට උත්සාහ කර තිබේ. මේ කරුණු අනාවරණය කර ඇත්තේ මේ නඩුව දිල්ලි අධිකරණයේදී විභාගයට ගත් අවස්ථාවේය.ජැකලින් ෆර්ඩිනැන්ඩස්ගේ නිත්‍ය ඇප ඉල්ලීමට එරෙහිව අධිකරණයට ක... |
""මහවැලි, කැලණි ගංගා ආශ්‍රිත ජල ධාරිතාව නගී – කොළඹත් මහ වැසි"" | "ඉහළ ජල පෝෂක කලාපවලට ලැබුණ තදවැසි සමග මහවැලි සහ කැලණි ගංගා ආශ්‍රිත ජලාශවල ජලධාරිතාව සියයට 90ක් දක්වා ඉහළ ගොස් තිබෙන බව වාරිමාර්ග අධ්‍යක්ෂ ඉංජිනේරු ඩී. අබේසිරිවර්ධන මහතා පවසයි.ප්‍රධාන ජලාශ සහ මධ්‍යම ජලාශ ආශ්‍රිත කලාපවලට මිලිමීටර් 20ත් 30ත් අතර අඩු වැසි තත්ත්වයක් ලැබුණ බවත්, එම ජලාශවල ජලධාරිතාව ඊයේ (23දා) වනවිට සියයට 40ක... |
"අඩු පීඩන තත්ත්වය අද සුළි කුණාටුවක් – කාලගුණේ කියයි" | "උතුරු අන්දමන් මුහුද ආශ්‍රිතව පැවති අඩු පීඩන තත්ත්වය අද (24 වැනිදා) වන විට සුළි කුණාටුවක් බවට පත් වී දිවයිනෙන් බැහැරව ඊසාන දෙසට ගමන් කරනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. මෙය හෙට (25 දින) බංග්ලාදේශ වෙරළ දෙසට ගමන් කරනු ඇතැයි අපේක්‍ෂා කෙරේ.කෙසේ වෙතත් පවතින වැසි තත්ත්වය 26 වැනිදා පමණ වනතෙක් පවතින බවත්, ඉන් පසුවත... |
"මෙවර ශිෂ්‍යත්ව විභාගයේ දෙවැනි ප්‍රශ්න පත්‍රය පළමුවෙන්" | "දෙසැම්බර් 18 වැනිදා පවත්වන මෙවර (2022) ශිෂ්‍යත්ව විභාගයේ දෙවැනි :(II) ප්‍රශ්න පත්‍රය පළමුවත් පළමු :(I) ප්‍රශ්න පත්‍රය දෙවනුවත් ලබාදීමට කටයුතු කරන බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.(II) වන ප්‍රශ්න පත්‍රය බහුවර්ණ හා කෙටි පිළිතුරු සැපයීම් 60 කින් සමන්විත අතර ලබාදෙන කාලය පැයයි මිනිත්තු පහළොවකි. (1.15) පෙරවරු 9.30 සිට 10.45 දක... |
"ද්විත්ව පුරවැසි පිරිසක් මැතිසබයෙන් දොට්ට – පාඨලී චම්පික රණවක" | "පාර්ලිමේන්තුවේ ඉකුත් 21 වැනිදා සම්මත වූ 22වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මගින් බලාත්මක වූ ද්විත්ව පුරවැසිභාවය සහිත පුද්ගලයන්ට තවදුරටත් පාර්ලිමේන්තු මන්ත්‍රී ධුර දැරිය නොහැකි නීතිය අනුව දැනට පාර්ලිමේන්තුව නියෝජනය කරන මන්ත්‍රීවරුන් දස දෙනකුගේ පමණ මන්ත්‍රී ධුර අහෝසි වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා ‘... |
"මම දන්න තරමින් ඉන්නේ දෙතුන් දෙනෙක් – කථානායක" | "ද්විත්ව පුරවැසිභාවය තිබෙන දෙමළ ජාතික පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දෙතුන් දෙනකු සිටින බව දැන ගැනීමට ඇතැයි කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ‘දිවයින’ට ඊයේ (23 දා) පැවසීය.මෙම දෙතුන් දෙනා හැර තවත් එවැනි මන්ත්‍රීවරුන් සිටී දැයි තමා නොදන්නා බවද කථානායකවරයා සඳහන් කළේය.කෙසේ වෙතත් ද්විත්ව පුරවැසිභාවය තිබෙන මන්ත්‍රීවරු පිළිබඳව නී... |
"ඉදිරි දේශපාලන ස්ථාවරය ගැන ප්‍රසන්නගෙන් අද විශේෂ ප්‍රකාශයක්" | "නාගරික සංවර්ධන හා නිවාස ඇමැති ප්‍රසන්න රණතුංග මහතා විසින් සිය ඉදිරි දේශපාලන ස්ථාවරය පිළිබඳව අද (24 දා) විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිතය.රටේ ආර්ථික අර්බුදය විසඳීමට භාරගත් නායකයා සමග ඉදිරියට යෑම සුදුසුද, නැතහොත් මෙතෙක් සිටි දේශපාලන ස්ථාවරයේ කටයුතු කිරීම සුදුසුද යන ප්‍රශ්න දෙක අදාළ කරගෙන පැවැත්වූ රහස් ඡන්ද ප්‍රතිඵල වා... |
"උපයන විට ගෙවීම් බදු අය කරන්නේ පාර්ලිමේන්තු අනුමැතියෙන් පසුවයි – මුදල් රාජ්‍ය ඇමැති රංජිත් සියඹලාපිටිය" | "උපයන විට ගෙවීම් බදු අයකිරීම සිදුවන්නේ පාර්ලිමේන්තුවේ අනුමැතියෙන් පසුව බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.මේ අනුව ක්‍රියාත්මක කිරීමට නියමිත උපයන විට බදු හෙවත් අත්තිකාරම් පුද්ගල බද්ද ක්‍රියාත්මක වන්නේ පාර්ලිමේන්තුවේ මුදල් කාරක සභාව මගින් සම්මත වීමෙන් පසුව සහ කථානායකවරයා අත්සන් තැබීමෙන් පසුව ලබන මාසයේ ... |
"යළි පාර්ලිමේන්තු ඒමේ අදහසක් බැසිල්ට නෑ – මහින්ද රාජපක්‍ෂ" | "ද්විත්ව පුරවැසිභාවය හේතුවෙන් පර්ලිමේන්තු මන්ත්‍රී ධුරය අහිමිවීම බැසිල් රාජපක්‍ෂ මහතාට ගැටලුවක් නොවෙයි. කොහොමටවත් ඔහු යළි පාර්ලිමේන්තුවට ඒමේ අදහසින් දේශපාලනය කරන්නේ නැහැ යැයි හිටපු අගමැති මහින්ද රාජපක්ෂ මහතා ඊයේ (23 දා) පැවසීය.මේ පිළිබඳව කිවයුතු අදහස් තව තිබෙනවා. ඒ ගැන කරුණු සොයලා බලලා කියන්නම් යැයිද ඔහු කියා සිටියේය.... |
"එල්.ටී.ටී.ඊ. රැඳවියන් 8 කට ජනාධිපති සමාව" | "එල්.ටී.ටී.ඊ. ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් වරදකරුවන් වී සිර දඬුවම් ලැබ සිටින එල්.ටී.ටී.ඊ. රැඳවියන් 8 කට ජනාධිපතිවරයා වෙත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 34 ව්‍යවස්ථාව ප්‍රකාරව ලැබී ඇති බලතල මත ජනාධිපති සමාව ලබා දී තිබේ.ඒ අනුව ඉදිරියට ගෙවීමට ඇති දඬුවම් කාලය අඩු කිරීම යටතේ මැගසින් බන්ධනාගාරයේ රඳවා සිටින 4 ක් සිකුරාදා (21 දා) නිදහස් ... |
"වැදි ජනයාගේ ප්‍රවේණිය බලන්න දඹානේදී ලේ ගනී" | "වැදි ජනයාගේ ප්‍රවේණි උරුමය ඩීඑන්ඒ මගින් නිවැරදිව හඳුනාගැනීම සඳහා ජීන් ටෙක් අයතනය මගින් දඹාන ආදිවාසී ගම්මානයේ වැසියන්ගෙන් අහඹු ලෙස රුධිර සාම්පල් ගැනීමේ වැඩසටහනක් ක්‍රියාවට නංවා ඇත. සමීප නෑදෑ සබඳතා නැති පවුල්වලින් පුද්ගලයන් 50 දෙනකු තෝරාගෙන මෙම නියැදි රැස්කිරීම සිදුකරන බවත්, කොළඹ විශ්වවිද්‍යාලය මගින් සිදුකරන විමර්ශනයක් ... |
"18 ට වැඩි තරුණ තරුණියන් අතර ශීඝ්‍රයෙන් ඒඩ්ස් පැතිරීමේ අවදානමක්" | "පාසල් සහ සරසවි සිසුන් වැඩිපුර ගොදුරු වෙලාවිශේෂඥ වෛද්‍ය රසාංජලී හෙට්ටිආරච්චිනිසි අවධානයක් යොමු නොකිරීම හේතුවෙන් මෙරට වයස අවුරුදු 18ත් 30ත් අතර වයස් කාණ්ඩයට අයත් තරුණ තරුණියන් අතර එච්. අයි. වී./ඒඩ්ස් රෝගය ශීඝ්‍රයෙන් පැතිර යමින් පවතින බව ජාතික ලිංගාශ්‍රිත රෝග හා ඒඩ්ස් මර්දන වැඩසටහනේ අධ්‍යක්ෂිකා විශේෂඥ වෛද්‍ය රසාංජලී හෙට්... |
"බුදු වදන නිසි ලෙස තේරුම් ගෙන කටයුතු කිරීමට වාසනාවන්ත වුණා – මල්වතු පාර්ශ්වයේ අනුනාහිමි අතිපූජ්‍ය නියංගොඩ විජිතසිරි නාහිමි" | "පූජ්‍ය පල්ලේගම සිරිනිවාස නාහිමි ආදාහන පූජෝත්සවයරටේ තිබෙන තත්ත්වය නිසා රජයේ මුදල් වැය කිරීම උන්වහන්සේට කරන අගෞරවයක්පල්ලේගම හේමරතන නාහිමිඅපවත්වී වදාළ අනුරාධපුර අටමස්ථානාධිපති ශ්‍යාමෝපාලී මහානිකායේ මල්වතු පාර්ශ්වයේ උතුරු මධ්‍යම දෙදිසාවේ ප්‍රධාන සංඝනායක ආචාර්ය පූජ්‍ය පල්ලේගම සිරිනිවාස නාහිමිපාණන් වහන්සේ භික්ෂුන් වහන්සේ න... |
"අඳුරින් ආලෝකය උදා වූ දීපාවලී අදයි" | "අඳුරින් ආලෝකයට පැමිණීම මහත් භක්තියෙන් සමරන හින්දු බැතිමතුන්ගේ දීපාවලී උත්සවය අදට (24දාට) යෙදී තිබේ. දීපාවලි උත්සවය සබැඳිව මතිමතාන්තර රැසකි. ලක්ෂ්මි දෙවියන්ගේ උපන් දිනය ලෙස මෙන්ම විෂ්ණු දෙවියන් විසින් ලක්ෂ්මිය බේරාගත් දිනය ලෙස එක් මතයකි. එසේම ක්‍රිෂ්ණ දෙවියන් විසින් නරකාසුර මරා දැමූ දිනය ලෙස තවත් තැනෙක සඳහන්ය. ජෛන ආගමේ... |
"පොහොට්ටුව 6ට කැඩිලා වැඩි පිරිසක් රනිල් සමග" | "පාර්ලිමේන්තුවේ මන්ත්‍රී ධුර 142ක් සහිත ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මේ වන විට කොටස් 06කට කැඩී ඇතැයි එම පක්ෂයේ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.ආණ්ඩුව නියෝජනය කරන පිල, බැසිල් රාජපක්ෂ පිල, මෛත්‍රිපාල සිරිසේන පිල, ඩලස් පිල, විමල් වීරවංශ පිල සහ අනුර ප්‍රියදර්ශන යාපා පිල ලෙස පොදුජන පෙරමුණ කොටස් 06කට කැඩී ඇතැයි පැවසේ.දැනට වැඩි ... |
"මැතිවරණ හා මානව හිමිකම් කොමිෂන් සභාපතිවරුන් ඉවත් කිරීමට ඉඩ දෙන්නේ නෑ – සජිත් ප්‍රේමදාස" | "22 වැනි සංශෝධනයට සහාය දුන්නත් රටට හොඳම දේ වන්නේ සමගි ජනබලවේගය ඉදිරිපත් කළ 21 වැනි සංශෝධනයෙන් බවත් එසේ හොඳ දෙයක් තිබියදී 22 ට සහයෝගය දුන්නේ ගෝඨාභයගේ ඒකාධිපතිවාදය පරාජය කිරීමට බවත් විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.පොහොට්ටුවේ ඇමැති කමිටුවල විවිධ කුමන්ත්‍රණ දියත් කරමින් පසුගිය කාලයේ ජනතාව වෙනුවෙන් පෙනී සිටි මානව හ... |
"හමුදාවේ අවි පාතාලයට යන හැටි හොයයි" | "මිනිස් ඝාතන ඇතුළු විවිධ අපරාධ සඳහා පාතාල කණ්ඩායම්වලට හමුදා කඳවුරුවලින් අවි ආයුධ ලැබෙන බවට ලැබී ඇති තොරතුරු සම්බන්ධයෙන් ඉහළ පෙළේ විමර්ශනයක් ආරම්භ කර ඇත. මෙම තොරතුරු අනාවරණය වූයේ අහුංගල්ලේ සංචාරක හෝටලයක් ඉදිරිපිටදී තරුණයකුට වෙඩි තැබීමේ සිද්ධියට පාතාල කල්ලිය යොදාගෙන තිබූ ටී 56 ගිනි අවිය කිලිනොච්චිය ප්‍රදේශයේ යුද හමුදා කො... |
"මැද පෙරදිග අපේ කතුන් අනාථකරන හොර ඒජන්සිවලට ගීතා වෙඩිතබයි" | "වධ බන්ධනයන්ට ලක්වෙන්නෙ විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ මෙන්ව හොර ඒජන්සිකාරයන්ගේ වරදින් දුප්පත් අහිංසක කාන්තාවන් බුරුතුපිටින් විදේශ රැකියාවන්වලට යවා ඔවුන් අනාරක්ෂිත තත්ත්වයන්ට පත්කරන විදේශ රැකියා ආයතනවලට එරෙහිව දැඩි නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරන බව කාන්තා හා ළමා කටයුතු රාජ්‍ය ඇමැතිනී ගීතා කුමාරසිංහ මහත්මිය ‘දිවය... |
"රූපලාවන්‍ය උපකරණ මෝටර් රථ අමතර කොටස් ආනයන සීමා ඉවත් කෙරේ" | "රූපලාවන්‍ය උපකරණ, මෝටර් රථ අමතර කොටස් ඇතුළු භාණ්ඩ වර්ග කිහිපයක ආනයන සීමා ඉදිරි සති දෙකක කාලයේ දී ඉවත් කරන බව මුදල් රාජ්‍ය ඇමැති රංජිත් සියඹලාපිටිය මහතා පවසයි. ඇමැතිවරයා පවසන්නේ අදාළ ක්ෂේත්‍රයන්හි රැකියාවන්වල නිරත පිරිස් වෙතින් දිගින් දිගටම ලද අභියාචනා සැලකිල්ලට ගනිමින් මහ බැංකුවේ ආර්ථික පර්යේෂණ දෙපාර්තමේන්තුවේ නිර්දේශ... |
"මණ්ඩලයේ ගබඩාවල කෝටි 17 ක වී අතුරුදන්" | "ඉකුත් වසර පහක කාලයේදී වී අලෙවි මණ්ඩලය යටතේ පාලනය වන ගබඩාවල තිබූ රුපියල් කෝටි දහහතකට වැඩි වී ප්‍රමාණයක් අන්ත්‍රස්දාන වී ඇතැයි රජයේ විගණකාධිපති වාර්තා මගින් හෙළි වී ඇත. ගබඩාවල තිබූ වී තොගවලින් සියයට දොළහක් පමණ ප්‍රමාණයක් මෙලෙස අන්ත්‍රස්දාන වී ඇතැයි එම වාර්තා මගින් දිගින් දිගටම කරුණු දක්වා ඇතැයි වී අලෙවි මණ්ඩලයේ ජ්‍යෙෂ්ඨ... |
"චන්ද්‍රිකාට බෝම්බ ගැස්සවූ කොටියාටත් සමාව: නිදහස ලැබූ මුළු ගණන 8 ක්" | "කොටුව දුම්රිය පළේදී කොළඹ ඩී. එස්. සේනානායක විදුහලේ සිසුන් අට දෙනකු කොටි බෝම්බයකින් ඝාතනය වීම ගැන වගකිවයුතු කනකේසන් දේවදාසන් සහ හිටපු ජනපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය මරාගෙන මැරෙන බෝම්බකාරියක් ලවා ඝාතනය කිරීමට තැත් කළ මෝදර කෝවිලේ පූජක කනයකිපිල්ලෙයි ශර්මා ඇතුළු කොටින් අට දෙනකුට වත්මන් රජය සමාව දී නිදහස් කර ඇත. මොවුන... |
"එංගලන්ත අගමැති ධුරයට සීතල යුද්ධයක්" | "දින 45කට පෙර එංගලන්තයේ අගමැති ධුරයට පත් වූ ලිස් ට්‍රස් සිය ධුරයෙන් හා පාලක කොන්සර්වේටිව් පක්ෂයේ නායකත්වයෙන් ඉකුත් 20 වැනිදා ඉල්ලා අස් වීම හේතුවෙන් අගමැති ධුරය හා පාලක පක්ෂයේ නායකත්වය සඳහා පක්ෂයේ මන්ත්‍රීවරුන් අතර නැවත තරගයක් ඇති වී තිබේ. ඒ අනුව එංගලන්තයේ නව අගමැතිවරයා හා පාලක කොන්සර්වේටිව් පක්ෂයේ නායකත්වය සඳහා අදාළ නා... |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.