txt
stringlengths
140
500
රි තැන්වල පයින් ඇවිද්දා. එක වේලක් විතරක් කාපු දවස් වැඩි. හෑන්ඩ් බෑග්, සෙරෙප්පු, ඇඳුම් අළුත්වැඩියාව ඉගෙන ගත්ත. දන්නා හඳුනන අය මම මුහුණ දී සිටි තත්වය ගැන දැනගත්තෙ නැහැ ඒ ගැන මම හැමෝටම කිය කියා ගියෙ නැති නිසා. නිතර යමක් ඉල්ලන්නෙ නැති කෙනෙක්ව වගේම දොම්නසින් නැති කෙනෙක් වත් ඇසුරු කරන්න පහසුයි. සමාජ ආශ්‍රයෙන් නොයෙකුත් ඉඩ ප්‍...
ාපති කෙනෙක්ට ඔහු කැමති එහෙත් ඔහුට යන්න වෙලාවක් නැති දේශන අහන්න මම ගිහින් ඒවා සේරම සටහන් ගහපු වාර්තා දීලා සල්ලි හොයාගත්ත. ඒක නිසා අහපු ටාසි විට්ටච්චිගේ දේශනය අමතක නොවෙන්නක්. SLAAS වැනි තැන්වල පුංචි සම්මන්ත්‍රණ සංවිධානය කරලා සල්ලි හොයාගත්ත. මට කමාන්ඩර් කියල නමකුත් වැටුණ. අවසන් වසර විභාගයට සූදානම් වෙන ගමන් ඔය සේරම කරලා ලැ...
කෙනෙක්ගෙ ගෙදරක හැංගිලා තැවි තැවී හිටියා නම් කාට ද පාඩු? මටනෙ. කොල්ලාගේ ඇසුර නතර කරන්න වුනා කියලා වහ බිව්වා නම් කාට ද පාඩු? මටනේ!!! ස්ථිර රැකියාවක් පේන මානයක නැහැ, පිටරට විශ්ව විද්‍යාලයකට ශිෂයත්වයකින් මිස යා ගන්න බැහැ, උදව් කරන්න කාත් කවුරුත් නැහැ, අතේ සතේ නැහැ කියල සේරම දමලා ගහලා ජීවිත සටන අත් හැරියොත් කාට ද පාඩු? මටනේ...
්ක. තාත්තා හිටියෙ කොහේදැයි වත් දැන සිටියෙ නැහැ එදා. ධනාත්මක චින්තනය කියන්නෙ සිහින ලෝකයක සිහින මවමින් සිහින සැබෑ වෙනවා යැයි ප්‍රාර්ථනා කිරීම නෙමෙයි. සැබෑ කරගත යුතු සිහින වෙනුවෙන් තමන් වෙහෙසීම. නැත්නම් කාට ද පාඩු?!!! ලැබෙන ප්‍රතිඵල අරමුණ එක්ක ගැලපෙන්නෙ නැත්නම් ඊ ළඟට ගත යුතු තාර්කික පියවර තමයි තමන් වෙනස් වීම. රැකියාවක් නැ...
ා, උත්සාහ නොකරන්න හේතු සොයනවා මිසක් තමන්ව හදාගන්න වෑයමක් ගන්නෙ නැහැ. තමන් විසින් දැනුම හා කුසලතාවයන් එකතු කරගන්න තරමට කාගේවත් පිහිටක් නැතිව තම අරමුණු තමන්ට ම සාක්ෂාත් කරගන්න පුළුවන්. ජීවිතයේ මුහුණ දෙන ඕනෑම අභියෝගයක් ජයගන්න පුළුවන්. ඒක මට විතරක් නෙමෙයි හිතන්න පුළුවන් මොළයක් තියන ඕනෑම කෙනෙකුට කරන්න පුළුවන්. ගල් ලෙනක හැංග...
ය අතකොළුවකි » kathandarakaraya said, on නොවැම්බර් 2, 2011 at 9:21 පෙ.ව. තාත්තා ගේ අභිනිෂ්ක්‍රමණය ගැන අසා මෙච්චරයි හිතුනේ.. “මිනිස් සිතේ හාස්කම්!” NotAFool said, on නොවැම්බර් 7, 2011 at 2:53 පෙ.ව. ලෝකෙට බන කියන මිනිසුන්ගේ ඇතුලාන්තය මෙන්න මේ වගේ තමයි. අරුණි මේ ලියල තියෙන සුරඟන කතාවේ ඇත්ත version එක දෙයියෝ තමයි දන්නේ. aru...
මින් ම තමයි පටන් ගත් දා සිට මේ සටහන් හැම එකක් ම ලියන්නෙ. ඉහත සටහන මට සුරඟන කතාවක් නෙමෙයි, නපුරු සිහිනයක්. ඒවා සුරඟන කතා නම් වෙන දිව්‍යලෝකයක් තමයි හොයාගන්න වෙන්නෙත්!!! NotAFool said, on නොවැම්බර් 7, 2011 at 10:57 පෙ.ව. විරුද්ධ අදහස් වලට ඔච්චර තරහ යන්නේ ඇයි? මන් මගේ අදහස්නේ කිව්වේ. මොකක්ද එකේ තියෙන වරද? arunishapiro said...
n නොවැම්බර් 2, 2011 at 9:22 පෙ.ව. එක හිත් හිතා ගත්තොත් බැහැ කියල දෙයක් නෑ කියන පරම සත්‍යය අරුණි ඔයාගෙන් ආයෙම සැරයක් ස්ථිර කර ගත්ත. දන්න හඳුනන කෙනෙකුගෙ වචන වලින්ම ඇත්තමටම ජීවිතේ ගැටළු, අභියෝග ජයගත් විදිහ කියනකොට හිතට හරිම සමීප සහ කාවදින අයුරක් මට දැනුන. ඒ සමහර විට Personal Touch එක නිසා වෙන්නැති. අරුණිට ස්තූතියි කියන්ට ...
න් ම දකින්න ලැබීම ඉතා සතුටක් රවී. kathandarakaraya said, on නොවැම්බර් 2, 2011 at 9:23 පෙ.ව. පාසලේ ඉගැන්වීමට සාරියක් ඇඳිය යුතු යැයි කියන නීතිය තර්ක සාස්ත්‍රයෙන් සාධනය කළ හැකිද? සොසී said, on නොවැම්බර් 2, 2011 at 9:52 පෙ.ව. ඒක නීතියක් නෙමෙයි.රීතියක්…. kathandarakaraya said, on නොවැම්බර් 2, 2011 at 9:25 පෙ.ව. මේ ලිපියට සෑ...
ොකරපු එකයි “මිනිස් හිතේ හාස්කම”!!!! පාසැලේ ඉගැන්වීමට සාරියක් ඇඳිය යුතු යැයි කිව්වේ ප්‍රින්සිපල් මිසක් තර්ක ශාස්ත්‍රයේ සිද්ධාන්තයක් නෙමෙයිනෙ. මේ වෙබ් අඩවියේ දී මගේ අරමුණ සටහන් කියවන්න එන සංඛ්‍යාව වැඩි කරගන්න හෝ ප්‍රතිචාර ගණන වැඩි කරගන්න නොවේ. ඔළුවෙන් හිටගෙන කිව්වත් විශ්වාස නොකරන අය ඉන්නවානෙ. නමුත් මගේ අරමුණ එය වූවා නම් ...
අය කැමති සරල කතා බලන්නයි, විශේෂයෙන්ම මිනිසුන්ගේ ජීවිත පිළිබඳ සංවේදී කතා කියවන්න. හුඟක් හිත උණුවෙන සංවේදී අය තමයි වැඩියෙන් බ්ලොග් කියවා ප්‍රතිවාර කරන්නේ. කෙස් පැලෙන, මොලය කරකරන දේවල් දිරවා ගන්න වෙලාව අඩුයි. සොසී said, on නොවැම්බර් 2, 2011 at 9:40 පෙ.ව. අරුණි අක්කා , මම මේ තාක් දැකපු එඩිතර වගේම වෙනස්ම විදිහෙ චරිතයක්. මුණ...
නේ ඇගේ දොස්තරත් එක්ක කතා කරද්දි. මගේ ජීවිතෙත් වෙනස් වෙන්න පටන් අරන්. එහෙම කියල ඔහේ බලාන හිටියොත් කාටෙයි පාඩු ? මටනේ. arunishapiro said, on නොවැම්බර් 2, 2011 at 9:58 පෙ.ව. අප්පමාදේන සම්පාදේථ! අමිල.. said, on නොවැම්බර් 2, 2011 at 9:58 පෙ.ව. අරුණි අක්කා, අක්කා මේ ගැන ඉස්සෙල්ලාම කිව්වේ මට මතක හැටියට කුමුදු පිංතු මහතාගේ මරණ...
ැඩිවෙනකොට ශක්තිය වැඩි වෙන අයට ප්‍රශ්න අඩු උනාම මෙලෝ අරමුණක් නැති වෙනවා නේද? බාහිර ලෝකයට පේන්න ප්‍රශ්න නෑ වගේ විනෝදෙන් ඉන්නකොට අපිට ලොකු අරමුණකට යන්න හයිය නැතිව යනවා නේද? අපි විනෝද වෙන්න ගත්තම අරමූන නිකං දියවෙලා වගේ යනවා නේද? arunishapiro said, on නොවැම්බර් 2, 2011 at 10:08 පෙ.ව. අමිල මල්ලි, මගෙ පවුලේ අනිත් ළමයි එහෙම නො...
ු ධනය බෙදා දෙන්න යැයි කෑ ගහන අයගෙන්!!!! ප්‍රශ්න යනු ජීවත්වෙන නිසා විසඳන්නට අවශ්‍ය අභියෝග. අරමුණු නම් තමන් විසින් තම යහපත උදාකරගන්න සකස් කරගන්නා ඉලක්ක. විනෝදයෙන් ඉන්නවා කියල බොරුවට පෙන්වන්න යෑම බොරුවක්. බොරු කරලා දිනන්න බැහැ. හැබැයි අරමුණ විනෝදය නම්, එතකොට …? රූ said, on නොවැම්බර් 2, 2011 at 10:28 පෙ.ව. මේ සටහන කියවලා ම...
යි එහෙම හිතලා අපි උත්සාහ නොකර හිටියොත් කවදාවත් අපි හිතන ඉලක්කයට යන්නත් බෑ. ඒක ඊට පස්සේ විශම චක්‍රයක් වෙනවා… මොනවා වුනත් මේ වගේ අමාරු වෙලාවල් වලදී කාටද පාඩු කියලා හිතන එක මට පුළුවන් කියලා හිතනවට වැඩිය සාර්ථකයි…ස්තුතියි පෝස්ටුවට… arunishapiro said, on නොවැම්බර් 3, 2011 at 6:31 පෙ.ව. කියවන්න එන අය අතර ඔබ //මේ වගේ අමාරු වෙ...
ූසා said, on නොවැම්බර් 2, 2011 at 11:04 පෙ.ව. නව කතා පොත් වල පිටු සිය ගානක ලියපු ඔය වගේ ගොතපු කතා කොච්චරනම් කියවලා ඇද්ද… ඇත්තමයි අක්කේ ඒ එකක් වත් මේ ඡේද කීපය වගේ හිතට වැදුනේ නෑ…. අක්කලා එක්ක බැලුවාම අපි මොනවද මේ කරන්නේ කියලා හිතුනා…. arunishapiro said, on නොවැම්බර් 3, 2011 at 6:34 පෙ.ව. //අපි මොනවද මේ කරන්නේ කියලා// නි...
wkinssdodo said, on නොවැම්බර් 2, 2011 at 12:02 ප.ව. ඔබ පුදුම නොසැලෙන චරිතයක් නේ. මේක ලියල තියෙන ස්ටයිල් එකත් හොඳයි arunishapiro said, on නොවැම්බර් 3, 2011 at 6:41 පෙ.ව. පුහුණුව … මනා පුහුණුව … තවමත් අත්හැර නැති පුහුණුව!!! හැඟීම්, ආවේග සම්පූර්ණයෙන් ම රස විඳින්න හැකියාව ඇත්තේ ද ඒවා මොනවා දැයි අවබෝධයක් ලැබුවා ම. //මේක ලිය...
දෙමව්පියන්ට බරක් නොවී එදිනෙදා වියදම පියවාගන්න මම කාපු කට්ට මතක් වුනා. මට හම්බුනේ හෝටලේක ක්ලීනින් ජොබක්. අඩි 15 ක් විතර දිග පිඟන් හෝදන මැශිමකට අපිරිසිදු භාජන ඇතුල්කිරීම සහ කුස්සිය සහ ශීතකරන (කාමර ) මොප් කිරීම. කන්වෙයර් බෙල්ට් එකට එක එක භාජන නියම විදියට දාන්ඩ ඕනේ. සිකුරාදා හවස සෙනසුරදා දවස සහ ඉරිදා දවස තමයි මගේ ශිෆ්ට් එක...
. මේක කියෙව්වහම ඒ සොඳුරු -දුක්මුසු අතීතය මතක් වුනා. arunishapiro said, on නොවැම්බර් 4, 2011 at 10:44 පෙ.ව. ඔව්, අපේ ඒ අත්දැකීම් නිසා අනිත් අයගේ දුෂ්කරතාවයන් ද වටහා ගන්න හැකියාව ලබනවා. මම මේ පැත්තෙ අවන්හලක් බාරව සිටියා මේ බ්ලොග් ලියන්න පටන් ගත්ත කාලයේ දී. ගිම්හානයේ එහි වැඩ කරන්න ආපු නේපාල සිසුවෙකු, රුසියන් හා පෝලන්ත අයට...
තිබුණත් එතැන හැම වැඩක් ම කරන්න ඇයව උනන්දු කළේ ඒවායේ දුෂ්කරතාවය වටහා ගන්නත්, ඒවා කරන අය ගැන අවබෝධයක් ලබන්නත්. නේපාල කොල්ලා ඉංජිනේරු සිසුවෙක්, නමුත් පිඟන් හෝදන්නයි බිම අතුගාන්නයි සිද්ධ වීම ලැජ්ජාවට කාරණයක් යැයි බාරගත්තෙ නැහැ. තමන් කොච්චර වෙහෙසිය යුතු ද දන්නා නිසා දියණියත් අද තතු දන්නා වූ සැලකිල්ලකින් රැකියාවක අගය දන්නවා....
තේ මල් said, on නොවැම්බර් 2, 2011 at 12:57 ප.ව. මගේ කතාවත් කවදා හෝ මට ලියන්නට හැකි වනු ඇත, තිබෙන්නේ කුඩා වෙනස් කම් කිහිපයක් පමණක්දැයි සිතේ…. arunishapiro said, on නොවැම්බර් 3, 2011 at 6:43 පෙ.ව. ජීවිතේ මල්, මීටත් වඩා හොඳින් ලියන්නට ලැබේවා! සපතේරු උන්නැහේ said, on නොවැම්බර් 2, 2011 at 4:43 ප.ව. හීනෙකින්වත් හිතුවෙ නෑ අක්...
ුලින් ලැබුණ දෙයක් කියල… අක්කෙ මම දැන් අවුරුද්දකට කිට්ටුව මේ බ්ලොග් එක කියවනව… හුඟාක් දේවල් මේකෙන් ඉගෙනගෙන තියෙනව… මගේ ජීවිතේට වැදගත්ම වෙනසක් කරපු සටහන කියෙව්වෙ අද…. arunishapiro said, on නොවැම්බර් 3, 2011 at 6:55 පෙ.ව. දුෂ්කර කාල තව තිබුණ. මේක වැදගත් කියලා සැලකුවේ ගොඩක් දේවල් එකවර සිද්ධ වූ නිසා. දුෂ්කර කාල වගේ ම ඉතා නි...
ත් යාළු වෙච්ච යෙහෙළියෝ තාමත් මිතුරු කම් පවත්වනවා. මගේ චරිතය, මගේ චින්තනය වෙන කාගේවත් නොව මගේ යැයි දැනගත් දා සිට ‘මම’ කෙසේ විය යුතු දැයි කාටවත් තීරණය කරන්න ඉඩක් දීලා නැහැ. //මගේ ජීවිතේට වැදගත්ම වෙනසක් කරපු සටහන කියෙව්වෙ අද….// සතුටුයි යම් විදියකින් ‘යහපත්’ වෙනසකට දායකත්වය දෙන්න ලැබුණා නම්. Nalaka Prasad said, on නොවැම්බ...
මන් යම් මානසික උත්තේජයක් ලබයි. මෙයත් එක්තරා ආකාරයක මනසෙහි අසිරිමත් සිද්දියකි. Nalaka Prasad said, on නොවැම්බර් 2, 2011 at 5:10 ප.ව. Why I’m doing this? ඇයි මම මේක කරන්නෙ කියන මාතෘකාව ඔස්සේත් ලිපියක් ලියන්න කියල මම අරුණි අක්කගෙන් ඉල්ලනව. මොකද මම ඇතුලු තවමත් ඉගෙන ගන්න අයට වගේම සියලුම දෙනාටම තමන්ගෙ වටිනා කාලය යමකට යෙදවීමේ...
Prasad, //තමන්ගෙ ජීවිතේ අමාරු කාලය ගැන පසුව හැමෝටම කියන එක ගොඩ දෙනෙක් ලග දකින්න පුලුවන්. මේකත් මම හිතන්නෙ මනසෙ සංකීර්ණ අවස්තාවක් කියල. තමන්ටත් හොරා මෙවැනි දේ තුලින් තමන් යම් මානසික උත්තේජයක් ලබයි. මෙයත් එක්තරා ආකාරයක මනසෙහි අසිරිමත් සිද්දියකි.// හැබෑට ම? හොඳට ම ෂුවර් ද “තමන්ටත් හොරා” කියලා?!!!! මානසික උත්තේජනයක් නැතිව...
වගේම සියලුම දෙනාටම තමන්ගෙ වටිනා කාලය යමකට යෙදවීමේ එය වැදගත්‍ වේයයි සිතනව. මෙහිදී මේ සම්බන්දව මනස හැසිරෙන ආකාරය ගැනත් යම් විස්තර කිරීමක් කරනවානම් හොඳයි. මට සුබ අනාගතයක්.// දැන් අර කළින් කියූ ගොඩ දෙනෙක් ගෙන් ඉල්ලන්න එහෙම කරන්නෙ ඇයි කියන මාතෘකාවෙන් ලිපියක්. ඔයාලට වැදගත් යැයි කියා යමක් ඉල්ලූ පලියට දෙන අය ලංකාවේ කොච්චරක් ඉන...
laka Prasad said, on නොවැම්බර් 3, 2011 at 8:43 පෙ.ව. හපොයි අක්කිට තරහ ගිහිල්ල වගෙයි!!! මට සමා වෙන්න අක්කි මම දන්නෙ නැහැ අක්කි කව්ද? මොනවද කරන්නෙ? අක්කිට වයස කොහොමද? කියන දේවල් මම අක්කිගෙ බ්ලොග් එකට අලුත්නෙ. මම දන්නෙ ඔයා ගැහැනු කෙනෙක් කියල විතරයි. සමහර තැන්වල මම ඔයාව ආමන්ත්‍රණය කරල තියෙන විදිය වැරදි නම් මට සමාවෙන්න. මම ...
සිංඩියේ. ඒනිසා මාත් ආව මේ පැත්තෙ. ඇත්තටම මේ බ්ලොග් එක කියෙව්වම තමයි මටත් හිතුනෙ බ්ලොග් එකක් කරන්න. ඒත් අවාසනාවක මහත මට ලියන්න අමාරුයි. ඒකියන්නෙ ම‍ට ලියන්න වචන එන්නෙ නැහැ. ලිපි කිහිපක් දැම්මත් මට එකක් ලියන්න පැයක්වත් යනව අනික කිසිම රසවත් බාවයක් මට ‍මගේ ලිපිවලට දෙන්න අමාරුයි. ‍ඒ කියන්නෙ මම රචනයට දක්ෂ නැහැ ඒත් මම අතහරින්න...
වා ද?// මම ඒක පන්ඩිතය වගේ කිව්වට ඒක මම බලපු එක්තරා රූපවාහිණී වැඩසටහණකදි ගල්මන්ගොඩ මහත්මය කිව්ව එකක්. ඒකෙන් අක්කිගෙ හිත රිදුනනම් මට සමාවෙන්න. //මමත් ඔබට සුබ අනාගතයක් පතනවා, අවංකව ම. ඒත් ඔයා ඒක විශ්වාස කරන එකක් නැහැ උඩ දාපු ටික කියවලා වැරදියට වටහා ගත්තොත්.// අපෝ නැහැ අක්කි මම වැරදියට හිතන්නෙ නැහැ. මට කියල මොකෝ අක්කකෙනෙක්...
මටම සුබපතාගෙන තියෙන්නෙ වැරදීමකින් ඒක උබට සුබ අනාගතයක් ලෙස නිවැරිදි විය යුතුයි. බලන්න හිතේ තියෙන යටි හැඟීම් විවිද ආකාරයෙන් එලියට පිනින හැටි.D මම සිංහල බ්ලොග් ගෝලයේ තියෙන අඩවි වලින් ඉතාම අතලොස්ක් තමයි කියවන්නෙ. අක්කිගෙ බ්ලොග් එක ලැයිස්තුවේ අංක එක. මම අක්කිගෙ පසුගිය ලිපිවලට අදහස් දැක්වූයෙ නැත්තෙ. මම නිදහස් මනසින් මොනව හරි...
nishapiro said, on නොවැම්බර් 4, 2011 at 10:23 පෙ.ව. ප්‍රතිචාරය දැක්කම ලොකු සතුටක් දැනුනා. නොවැටහෙච්ච එකක් දැනගන්න උත්සාහ කරන අය දැක්කම ඒ වගේ සතුටක් දැනෙනවා හැම විටක දී ම. මගේ වයස, මොනව ද කරන්නෙ, ඒවා මුකුත් වැදගත් නැහැ මල්ලි. වැදගත් මේ ලියන දේවල් වලින් ඔයාට වැඩක් තියෙනවා ද නැද්ද කියන එක. සමහර විට මම දාන ප්‍රතිචාර ටිකක් ...
කියන දේවල් වලින් හිත රිදවා ගන්න එකට ඉඩ දීම මේ ලියන දේවල් සේරට ම පටහැණියිනෙ. සමාව ඉල්ලන්න එපා කිසිදාක ඒකට. අයෙක් ඔයා ඇත්ත කියද්දි එයාගෙ හිත රිදවා ගන්නවා නම් ඒක එයාගෙ වැරැද්ද මිසක් ඔයාගෙ වැරැද්දක් නෙමෙයි. ඒත් තමන් කියන්නේ සත්‍යයක් ද නැත්නම් හුදු ඇහුණ දෙයක් දැයි විමසා නොබලා නැවත කියන්න ගියාම වෙච්ච වැඩේ දැක්කනෙ. යම් දෙයක් ...
යි වඩා නිවැරදි. තමන්ටත් හොරා සිතේ දේවල් වලට ඉඩ දෙන අය ඉන්නවා වුනාට හැමෝම එහෙම නැහැ. මල්ලි දිගට ම මේ පැත්තේ ඇවිත් ගන්න පුළුවන් දෙයකින් වැඩක් ගනීවි යැයි බලාපොරොත්තුවෙන් ඉන්නම්. Chandi said, on නොවැම්බර් 2, 2011 at 8:58 ප.ව. අරුණී ඔබ දිරිය කාන්තාවක්. මගෙ ජීවිතේත් මේ වගේ කාලයක් තිබෙනවා නංගී. එකම වෙනස අපි පවුලක් ලෙස එකටම හි...
ලැබුනා. බොහෝ ගැටලු ක්‍රමයෙන් විසදෙන්න ගත්තේ අපිටත් නොදැනීම. අනේක විධ කරදර මද්ධ්‍යයේ මට නංගිලා දෙන්නාවත් බලාගෙන ලංකාවේ නතර වෙන්න සිදු උනා. එදා හොදටම ඇඬුවා. අවුරුදු දොළහේදී කොහොම මේ බර අඳින්නද? කියලා හිතුනා. නමුත් අධෛර්‍ය්ය වෙන්නෙ නැතිව හැම දේටම මුහුණ දුන්නා. ප්‍රථම ප්‍රේමය කඩාවැටුනා. ජීවිතේ මානසිකව ප්‍රපාතයටම ඇදගෙන වැට...
ට වැඩදායක දරුවන් තිදෙනෙක් හැදුවා. දැන් මනස බොහෝ නිරවුල්. කිසිදෙයකින් සැලීමක් නෑ. අර විදිහට හිටියනම් කාටද පාඩු!!!……… ගොඩාක් ස්තූතියි! මේ සටහනට. arunishapiro said, on නොවැම්බර් 3, 2011 at 7:12 පෙ.ව. ස්තූතියි චාන්දි අක්කා. //අර විදිහට හිටියනම් කාටද පාඩු!!!…// ඒකනෙ කියන්නෙ. මම දිරිය කාන්තාවක් වීමට හැමදාම උත්සාහ කරනවා. ඔයයි...
් ප්‍රාන්තයේ කඳු නඟින්න ගිය ඔහුව ප්‍රපාතයක් අස්සේ හිරවෙනවා. දකුණු අත හිරවෙච්ච නිසා ගැලවී යන්න බැරිව ඔහු දවස් පහක් තිස්සේ වෙහෙස වී තමන්ගේ අත කපා දාලා තමයි ජීවිතය බේරා ගන්නේ. දැන් කතාව අහන වැඩි දෙනා “අපොයි මොන මඟුලකට ද කඳු නඟින්න යන්නෙ?” කියලා අහන්න ඉඩ තියෙනවා. ඒ දෙන දෙයක් කාලා වෙන දෙයක් බලාගෙන ඉන්න අය. එහෙම අය නිසා නෙමෙ...
ෙමින් ආත්මානුකම්පාවෙන් හිටිය හැටි කල්පනා කරලා ලජ්ජත් හිතුන. කොහොම හරි හිත හදාගන්නවා කියල තීරණය කරා. (හැබැයි ඒක කරන්නේ කොහොමද කියල තාම හිතාගන්න බැහැ! විරහ ගී අහන ඒක නම් නැවැත්තුවා . පින්තුර දිහා අනිමිසලෝචනය කරන එකත් අමාරුවෙන් නවත්තන්න ඕනා 😀 ) ඔව්… බුදු හාමුදුරුවෝ ත් කිව්වනේ තමන්ගේ හිසට තම අතමය කියල… arunishapiro said, ...
ර් 3, 2011 at 4:26 පෙ.ව. ඔබගේ චරිතය ආශ්‍රයෙන් ගෙන ආ සටහන ආවේශකයි, inspiring ස්තූතියි අප සමග බෙදාගත්තාට. මා නැවතත් මාතෘකාව වෙත ගෙන යනවා නම්, එකේ සිටින කෙනෙකු උත්සහ කල යුත්තේ දෙකට යන්න. පඩි දෙක තුන එක වර නැග යාම නොසුදුසුය.? එකේ සිටින කෙනෙකුගේ ඉලක්ක දෙකේ ඉන්න කෙනාට කුඩා වැඩියි. ආදී වශයෙන් සිතන විට සාර්තකත්වය හා ඉලක්ක විශ්...
, on නොවැම්බර් 3, 2011 at 7:25 පෙ.ව. dayal-bathee, ඉංග්‍රීසි යෙදුමක් තමයි upward mobility. ඒ කියන්නෙ කෙනෙකු තමන් ඉන්නා තත්වයෙන් සමාජීය හා ආර්ථික වශයෙන් ඉහළ තත්වයකට යෑම. වැඩවසම් ලෝකයේ එහෙම හැකියාවක් තිබුනෙ අඩුවෙන්, කුල මල හා රාජානුග්‍රහය අවශ්‍ය වූ නිසා. ඒත් ඇමෙරිකාවේ වගේ නිදහස් සමාජයක ඊට අවස්ථාවක් සෑම අයෙකුට ම තියනවා. ස...
න්නෙ? කාට ද එහෙම ඉලක්කයක් ලොකු හෝ කුඩා යැයි තීරණය කරන්න හැකියාව ඇත්තේ? තමන්ට නොවේ ද? ඉහත කියපු තුන් දෙනාගේ ඉලක්කයන් වූයේ කවුරුත් හිතපු නැති තරම් ඈතක නොවේ ද? බිල් ගේට්ස් ලෝකයේ ධනවතා වෙද්දී ස්ටීව් ජොබ්ස් වසරකට ඩොලරයක වේතනයක් ගත්තේ ඇයි? //සාර්තකත්වය හා ඉලක්ක විශ්ව සාදාරණ දෙයක් නොවේ. සාපේක්ශයි!// මගේ සාර්ථකත්වය තවත් අයෙකුග...
වක් සිද්ධ වෙනවා යැයි සත්‍යයෙන් ම සිතනවා ද?!!!! TG said, on නොවැම්බර් 3, 2011 at 10:57 පෙ.ව. Many thanks for sharing your personal experience .Indeed it has a personal texture, like pouring ur heart .i felt it even from the language ur using. It’s totally different from language in other posts I felt more or less it’s t...
න් මෙලංග said, on නොවැම්බර් 4, 2011 at 12:30 ප.ව. “තාර්කික පියවර තමන් වෙනස් වීම” මේ ලිපියෙ මාතෘකාවයි මගේ පියා හැමදාම කියන වචන කිහිපයකුයි අතර ලොකු සමානකමක් තියෙනව. ඒ කතාව තමයි “අපට අනුන්ව හදන්න බැහැ, අපි හැදෙනව මිසක්” කියන එක. එහෙම නැත්නම් කාටද පාඩු? තමන්ටමනෙ පාඩු. මේ ලිපිය කියවල ඔබතුමියට කියන්න නමක් මතක් වුනා. ජනරාල් අ...
ු කට්ටත් නැති වෙයි මට!!! නවම් said, on නොවැම්බර් 5, 2011 at 4:55 පෙ.ව. කාලෙකින් අරුණි අක්කගෙන් ඔළුව කරවෙච්ච දවාලක අවුලක් නැතිව කියවන්න පුළුවන් සටහනක්. ඒ සරළ කමට මුලින්ම ස්තූතියි. අපි හැමෝම ආසයි තව කෙනෙක්ගෙ සාර්ථක ගමනක විස්තර දැන ගන්න. හරියට වන්දනා ගමනක ගියපු ආච්චිගෙන් “ඉතිං ආච්චියෙ කොහොමෙයි අතර මඟදි කරදරයක් උනේ නැතෙයි”...
න් කීයෙන් කීදෙනාද තමන්ගෙ ජීවිතවලට ආදර්ශයක්, උත්ප්‍රේරකයක් අරගෙන ඇත්තෙ. ප්‍රේමයේ වියෝදුක, ජීවිතයේ වැටීම්, නැඟීම්, පරාජයන්, හපං කම් මෝඩකම් පුරසාරම් ගැන අපි මෙච්චර කියවන්න ආස ඇයි? ඒ දේවල් කියවීමකින් එහාට නොයන්නෙ ඇයි ? arunishapiro said, on නොවැම්බර් 5, 2011 at 8:19 පෙ.ව. මෝටර් රේස් බලන අය අතර ත් //ඔන්න අතරමඟදි කරදරයක් එහෙ...
වැඩියෙන් අහන්නයි. දැන් මේ අබුඩාබි ග්‍රාන්ඩ් ෆ්‍රී මුල් වටය බලන්න ලැහැස්ති වෙන ගමන්. ඒකයි මෝටර් රේස් හිතේ වැඩ කරන්නේ … //ඒ දේවල් කියවීමකින් එහාට නොයන්නෙ ඇයි ?// පුරුද්ද අත්හරින්න පුළුවන් වෙච්ච දාට පුළුවන්!!! Kumari Jayasinghe said, on නොවැම්බර් 5, 2011 at 10:38 පෙ.ව. godak watinawa thanks aravinda said, on නොවැම්බර් 10,...
r past life or may they were refused to help you any time any reason. They know your current status and their status.They will be tell your are lier. That is matter of shame and embarassment. If you wish to reveal your life,but this is not suitable time for that. Time will reached you. Do not try to reached time. Time ...
235 කන්කසන්තුරෙයි දකුණ, ජේ/236 පලෙයි වීවන්කාමන්, ජේ/250 තයිලෙට්ටි නැගෙනහිර යනාදි ප‍්‍රදේශවල දැනට පවතින යුධහමුදා කඳවුරු තවදුරටත් පවත්වාගෙන යායුතු බැවින් එම ප‍්‍රදේශවල ජනතාව සතු ඉඩම් නැවත් ලබාදෙන්නට කිසිඳු හැකියාවක් නොමැති බවට යාපනයේ ආඥාපතිවරයා කඳවුරු වැසියන්ට ප‍්‍රකාශකර ඇත. අනුන් සතු කුමක් වුව ද,(මෙහිදි ඉඩම් සහ ඒ ඉඩම් ...
සත්‍යය කුමක්ද? අර්ථය කුමක්ද? ”යුද්ධයෙන් අනාථව, වර්තමානයේදි යාපනය අර්ධද්වීපය තුළ අනාථ කඳවුරු 43ක දමිළ පුරවැසි පවුල් 9000ක් තවමත් ජීවත් වෙනවා. ඔවුන් එසේ ජිවත්වෙන්නේ සැප සම්පත් ලැබී, ඉතාම සුව පහසුවෙන් නෙවෙයි. අන්ත දුක්විඳිමින් ජීවිතය තිත්ත වුනු විදියට තමයි ජිවත් වෙන්නෙ. මොවුන් සියලූම දෙනා වර්තමාන ආණ්ඩුව බලයට පත්කර ගැනිම ...
දුවල සහ ඉන් පසුවත් ජනාධිපතිතුමා ප‍්‍රකාශකර සිටියා උතුරේ නැවත පදිංචි කිරීම් ඉතාම ඉක්මනින් සිදුකරනවා කියලා, ජූනි මාසය නිම වෙන්න ඉස්සරින් සියලූම දෙනාව පදිංචි කරවනවා කිවා. නමුත් ඒවා පොරොන්දු විධියට තාම තියෙනවා, ඉතාම සුළු පිරිසක් පමණක් බොහෝම මන්දගාමිව විටෙන් විට නැවත පදිංචිකරවා තිබෙනවා.” යැයි කීහ. තවදුරටත් අදහස් දැක්වූ ඇන්ත...
ඩුවත් සැළසුම් කිරීම සම්බන්ධයෙන් නම් කිසිවිටකත්, මොනම හේතුවක් මතවත් එකඟවිය නොහැකි බවයි. ජාතික ආරක්‍ෂාවට යැයි හෝ නොයෙක් නොයෙක් සංවර්ධන කටයුතුවලට යැයි ප‍්‍රකාශකරමින්, යුද්ධයෙන් පීඩාවට පත්වු දමිළ ජනතාවගේ මුල් ඉඩම් නැවත ලබාදීමට නොහැකි බවට යුධ හමුදාව ප‍්‍රකාශකරන විට, විටෙන් විට එකී ඉඩම් නැවත ලබාදෙන්නට හැකි යැයි විවිධ අවස්ථාව...
හට ප‍්‍රකාශ කළේ” තව මාස හයක් යන විට එනම් 2016 වසරේ ජුනි මාසය වන විට ඔබලා සියලූ දෙනාවම නැවත පදිංචි කරනවා” කියාය. එහෙත් ඔවුන්ගෙන් සුළු පිරිසක් හැර තවත් විශාල පිරිසක් අවතැන් කඳවුරු නැමති මඩ වගුරේ, අපායේ තවමත් ලැගුම්ගෙන සිටිති. ආණ්ඩුව දැඩි ලෙස ජාතික ආරක්‍ෂාව ගැන කථාකරනවා, උනන්දු වෙනවා, එනමුත් දමිළ අනාථායින්ගේ ආරක්‍ෂාව හා ජ...
ේ දේශපාලනඥයින් විසින් කිසිඳු පැකිලීමකින් තොරව විටෙන් විට ලබාදෙන පොරොන්දු, දේශපාලන කථා මත පමණක් යැයි කීහ. කරුණු මෙසේවන කළ, යුද්ධයෙන් විපතට පත්වු ජනතාවකගේ, අවතැන්වු ජනතාවකගේ සිය ගම්බිම්වල ජීවත්වීමේ අයිතිය, රැකියා කිරීමේ අයිතිය ලබාදීමට ”බැහැ” කීමේ හමුදාවේ තිර හඬටත් , ”විටෙන් විට පුළුවන්” කීමේ ආණ්ඩුවේ අස්ථාවර හඬටත් දෝලනය ව...
ේ සැනැසිල්ලේ තම ජීවත සතප්පවා ගන්නද ? තමන්ගේ ම වු දේපොල ආණ්ඩුවකට, රටක හමුදාවකට ලබාදි ජිවත්වීමේ අයිිතිය ඉල්ලා, රැකියාව කිරීමේ අයිතිය ඉල්ලා හූල්ලමින් දින, සති, මාස, අවුරුදු මෙසේ ගෙවා දමන්නේ මිනිසුන් කොට්ඨාශයක් යැයි බලධරයින් හට නොසිතෙන්නේ මන්ද? මෙරට දී, මනුෂ්‍යත්වය මෙතරම් ම බාල්දු ද? IDP IDPs Jaffna Tamil ලියන්නා: තහනම් ෆො...
ලස්සනට හදලා බංකු හයි කරලා හවස් ජාමෙ ගත කරන්න කදිමට සකසලා තියෙනවා. ඔතන දකින කොටම මට මතක් උනේ කාලෙකට ඉස්සර ඔය හරියෙ ගොල්ෆ් ගහන්න පිට්ටනියක් හැදුවා..ඊට පස්සෙ පෙම් උයනක්දෝ මොකද්ද එකකුත් කරලියට ආවා.. දැන් හරි ගස්සලා තියෙන්නෙ ඒ පෙම් උයනමද මන්දා..පෙම්වතුන් පෙම්වතියන් නම් වැහි වැහැලා තරමෙ බංකු අත් පත් කරන් ඉන්නෙ ඔය හැම වෙලාවෙ...
නද මා දැන් මහලු වියේ ..කිය කියා ඉන්න අතරෙ ඉතින් දැන් හොඳ ෆොටෝ ගන්න තමයි මේ වගේ තැන්..ඉතින් මමත් කැමරාව සහ ට්‍රයිපොඩ් රාජයාත් එල්ල ගෙන ගියා ඔතනට.. බංකු නම් ගොඩාක්ම වගේ හිස් මොකද එතකොටත් එතන අව්ව නිසා..මන් දැන් අවට තියෙන දේවල් මට වැඩක් නැති ගානට..ෆොටෝ ටිකක් ගන්නවා.. "කොහෙද ඉන්නෙ ?" කියලා මගෙන් අහන සද්දෙකට මමත් ඔළුව උස්සල...
ගන්ඩ අවසර අරන්ද තියෙන්නෙ ?" හුටාහ් මෙතන මේ පොදු ස්ථානයේ ෆොටෝ ගන්ඩ අවසර ගන්නත් ඕනිද කියලා හිතපු මන්.. "නෑ..මෙතන ෆොටෝ ගන්ඩ අවසර ගන්ඩ ඕනිද ?. මන් දන්නෙ නෑ..කාගෙන්ද අවසර ගන්ඩ ඕනි?" මන් ඇහුවා, "ඔව් නාගරික සංවර්ධන අධිකාරීයෙන්" ඒ එක්කම මට මතක් උනා ඔය හරියෙ මොකද්ද බෝඩ් එකක් ගහලා තිබ්බා නාගරික සංවර්ධන අධිකාරියේ අයිතිය ප්‍රකාශ ...
නි කියලයි. මොකද මන් ඊළඟ දවසෙ එන්න ඉන්නෙ ඒ හරියට..මන් හොයලා බලන්ඩ හිටියෙ ඒ හරියෙ ෆොටෝ ගන්නවනම් ආරක්ශක දෙපාර්තමේන්තුවෙන් අවසර ගන්න ඕනිද කියන එක. මේ හරිය පොදු තැනක් නිසා මන් හිතුවෙ අවසර ගන්ඩ ඕනි නෑ කියලයි" මන් කියෝනවා..පොලිස් මල්ලි අහන් ඉන්නවා.. "මන් වැඩ කරන්නෙ අහවල් තැන මන් හොයලා බලන්නම්". "අනික මෙච්චර ලස්සන තැනක් දැක්කහ...
ගන්ඩ එපාද ?" මන් අන්තිම තුරුම්පුව ගැහුවා, "නෑ ෆොටෝ ගන්ඩ ආයි ගන්න කොට අපිට කියලා ගන්ඩ " බළලා මල්ලෙන් පැන්නා එලියට.. "ඕ මන් දැක්කෙ නෑ ඉස්සෙල්ලා..මේ ලස්සන වලාකුලු ටික නිසයි මන් ටක් ගාලා ෆොටෝ ගන්ඩ හිතුවෙ" එයා ගියා..මන් මගේ ෆොටෝ ටික අරන් ආවා ගෙදර.. එන ගමන් සහ මේ වෙනකම්ම මට මතක් උනේ ලංකාව කියන්නෙ ලස්සනම රටක්..හැමදාම දකින කුක...
ට ජායාරූප ගන්න තනම්ද ? මේක අපේ රට අපි ලාංකිකයො විදියට මේ ලස්සන ගැන ආඩම්බර වෙනවා. ඒ ආඩම්බරෙ හිඳෙන්නෙ මෙන්න මේ වගේ වෙලාවට තමයි. ත්‍රස්තවාදී කලබල තිබුනු කාලවලදි අධි ආරක්ශිත කලාප වල ෆොටෝ ගත්ත එක තහනම් උන එක හරියි කියමුකො. ඒත් දැන් ? සමහර විට තාම ආරක්ශක අංශ ඉන්නෙ සැකෙන්ද මන්දා ? එහෙනම් ඒ සැකේ ඉවත් කර ගන්ඩ දැන් හොඳටම කාලෙ ඇත...
ටෝ ගන්නවා මන් දැක්කා. ඒ අයත් අවසර අරන්ද එහෙම කලේ ? මන් ආවටත් පස්සෙයි ඒ අය ෆොටෝ ගත්තෙ . සමහර විට අර කට්ටිය කියනවා වගේ මගේ පොල් රැවුලයි ද්‍රවිඩ ජාතිකයකුගෙ තියෙන පෙනුමයි නිසා එහෙම උනාද කියන්න බෑ. ඒත් එහෙම නම් ඒක පට්ට අසාධාරනයි. කොහොම උනත් එතන මාත් එක්ක කතා කල පොලිස් නිළධාරියා බොහොම ආචාරශීලීව කතා කල බව නම් නොකියාම බැහැ. ඒ ...
ත ෆොටෝ 2-3කුත් .. බලන්ඩකෝ..හවසක නිවාඩු පාඩුවෙ බංකුවක් උඩ ඉඳ ගෙන ඉන්ඩ කියාපු පොට් එක.. මන් මේ ගැන ඇහුවා පොලීසියෙ ඉහල නිළධාරියකුගෙන් ඔහු කීවෙ ඒ ප්‍රදේශය ගැන ටිකක් ආරක්ශාව අතින් තදයි..ඒ නිසා ඔයා එතන හිටිය අයට පොඩ්ඩක් කතා කලා නම් ඒ අයට වැටහෙනවා ඔයා ෆොටෝ ගන්නෙ මොකටද කියලා. අරමුණ පැහැදිලීයි දෙගොල්ලන්ටම.. එතන අවසර ගන්නවා කියන...
ොමද පටන් ගන්න ඕනි කියලා.. Posted by Weni at 8:15 AM සිහින June 27, 2012 at 8:22 AM මමත් මේ ඊයෙ පෙරේද දවසක ඔතනින් ගියා. ගෑල්ලමයි දෙන්නෙක් බංකුවක් උඩට වෙලා කතා කර කර ඉන්නව. එතනටම වෙලා පොලිස් (කාර/අයි) යෙක් ඒ දිහා බලන් ඉන්නව. සමාර විට ඒ ගෑල්ලමයි දෙන්න ඇමති දුවලද දන්නෙත් නැහැ නෙ. මොනව උනත් ඒ හරිය දැං මාර ලස්සනයි. හොඳ පිරිස...
මල්ලි දන්නෙ නෑ අවුරුදු 10-15කට එහා ඔය හරිය තිබුනු විදිය...ඒ අනුව මට ඊට වඩා සතුටුයි.. වර්ණා June 27, 2012 at 8:36 AM ඇයි එහෙම අවසරයක් ගන්න ඕනා කියලා මටත් හිතාගන්න බෑ. යාපනේ යද්දී අර ස්විමිං පුල් එකටයන පාරේදී හමුදා නිලදාරියෙක් නම් මට කියුවා යන පාර ෆොටෝ ගහන්න එපා පුල් එක විතරක් ගන්න කියලා. එතැනදී නම් ආරක්ෂක හේතුන් මත කියන...
අර පොලිස් කොලුව ගේ කතාව ගැන හිතා බලන්ඩම ඔන...මොකද විදෙස් රටවල ඔය තහනම් ෆොටොගැහිල්ල දක්නට නෑ නේද...සුන්දර සොභා පරිසරය පිංතුර කැල්ලකට අරන් ඒ සුන්දරබව බොහො දෙනා අතරේ බෙදාගන්න කොට නිරායාසයෙන්ම ලක්මවටමනේ එකේන් හොඳ නාමය ලැබෙන්නේ .මම හිතන්නේ ඒ පිළිඹඳව මොවුන් දැනුවත් වෙලා නෑ හරියට නැත්නම් ඔක අස්සේත් ගැහිලක් ඇති... හැබැ ඔකේ ඇත...
Praසන්ன June 27, 2012 at 8:44 AM මටත් පේන්න බැරි දෙයක් තමයි ඔය ෆොටෝ ගන්න එක තහනං කරන එක. යකෝ ලංකාවෙ මිනිහෙකුට ලංකාවෙ තැනක් ෆොටෝ ගහන්න කාගෙන්වත් අවසර ගන්න ඕනද ? නොදැනුවත්කම නිසා වෙන්න ඇති..එහෙම කියන්න ඇත්තෙ.. ගුණේ අයියා June 27, 2012 at 8:53 AM මටත් ඔයවගේ කේස් එකක් උනා එකපාරක් දබුල්ල ඉබ්බන්කටුව වැව ලග ඉදන් ග්‍රවුන්ඩ් ඒ...
ඉන්නේ කියලා Weni June 27, 2012 at 2:05 PM මෙයා නම් නිල ඇඳුමින්මයි හිටියෙ..නියම උත්තරේ දීපුවහම ඉවරයි.. විමුක්ති June 27, 2012 at 8:55 AM යුද්දෙ ඉවරඋනාට තාමඒමානසිකත්වෙන් එකපාරට මිදෙන්න අමාරුඇති.. ඔව් විමුක්ති කියන කතාව හරියටම හරි කියලයි මටත් හිතෙන්නෙ.. සරත් ලංකාප්‍රිය June 27, 2012 at 9:07 AM අපිත් ඔහොම හිටි හැටි මතකයි ....
න මනුස්සයා ඔහොම කරයි කියල හිතනවද ? ඒ පැත්ත බැලුවෙවත් නෑ.. Pajero June 27, 2012 at 9:29 AM ඇත්තම කිව්වනම් ඉතින් ඔතන හිටපු ගෑණු ලමයෙකුට කැමරාව මානන්න ගිහිල්ල නේද..පොලෝසියෙන් ආවෙ.............? Weni June 27, 2012 at 2:07 PM බලන්න මන් කවර් කරපු Camera angle හතරම තියෙනවා ඔය ෆොටෝ හතරෙ.. මිනිස්සුන්ව ගත්තෙ නෑ.. වෙද ගෙදර මහ වෙදන...
ඔබ එන්න දිනක එතැනට ඒ පාරෙන් ගියහම වැටෙන්නේ කෙලින්ම කොටු බැම්ම පාර හරහා කෝට්ටේ පාරට. ඒ පාර දිගටම එන්න ආ ආ අර ජපන් පන්සල තියන්නේ අන්න ඒ පාර. දිගටම එනකොට බලන්න පරිසරය. මේක ලංකාවද? ලංකාව නම් මේ ඉන්නෙ කොළඹද කියලා හිතෙනවා. තව තැනක් තියනවා. දැන් පාර්ලිමේන්තු පාර දිගේම එනකොට බත්තරමුල්ල පැත්තට හැරෙන වංගුව බලන්න. කාටත් පේන්නෙ න...
. Weni June 27, 2012 at 2:17 PM අහලක පහලක් හිටියා නම් වඳිනවා වෙද මහත්තයට දීපු ඔත්තු වලට..ඇත්තටම බොහොම ස්තූතියි..ඉන්න ඉඩ හසරක් ලැබුනු ගමන්ම මන් යනවා එතනට..හොයා ගන්ඩ බැරි උනොත් මන් කෝල් එකක් දෙන්නම්කො..ඊයෙ නුගේගොඩ පාගොඩ පාරෙන් බස් එකේ එනකොට ඔබතුමාව මතක් උනා..කිඹුහුමක් එහෙම ගියා නම් ඒ මන් මතක් කරපු පාරට තමයි..ඕන්.. රාමා J...
පෙනුනුවාද දන්නෙත් නෑ.... කොහොම වුනත් තව කාලයක් යයි ඔවා හරියන්න. අද නම් පොටෝ ටිකේ අයිතිය සනාත කරලා තියෙනවා,ඒක හොද දෙයක් Weni June 27, 2012 at 2:19 PM නැහැ සුමිත් මේ දැන් මට චාන්ස් එකක් ආවා පොලිසියෙ ලොක්කෙක්ගෙන් ඒ ගැන අහන්න..මගෙත් වැරැද්ද..මට පොඩ්ඩක් කියන්න තිබ්බා එතන හිටිය පොලිස් නිලධාරියාට..මගේ ෆොටෝ ගැනීමේ අරමුණ මොකද්...
අයිතියක් නැති හැටි.පොටෝ එකක් ගත්ත කියල පර්සරය විනාස වෙනවනම් කමක්නෑ එහෙම නීතියක් දැම්මට.. Weni June 27, 2012 at 2:21 PM මෙතන උනේ මගෙත් වැරැද්ද පොඩ්ඩක් මට ඒ අයව දැනුවත් කරන්න උනා නම්.. මොකද ඒ හරිය ගැන පොඩ්ඩක් කන්සර්න් ඉන්නෙ පොලීස් නිළධාරීන් පවා..මන් ෆොටෝ ගන්ඩ ඉස්සර කතා කලා නම් ඒ අයට වැටහෙන්න තිබුනා මගේ අදහස.. බුද්ධි Jun...
කයකුගෙ තියෙන පෙනුමයි නිසා එහෙම උනාද කියන්න බෑ. ඒත් එහෙම නම් ඒක පට්ට අසාධාරනයි. // දවස් ගාණක් නොකා නොබී කතා කරන්න පුලුවන් මාතෘකාවක් Weni June 27, 2012 at 2:26 PM බුද්ධි මල්ලි පොඩි අතපසු වීමයි වෙලා තියෙන්නෙ මන් අතින්.. රාජ් June 27, 2012 at 11:54 AM යකාගෙ නීති! උංට ගිය රටනේ! Weni June 27, 2012 at 2:27 PM මටත් මුලින් එහෙම...
:28 PM ඒ වගේ ආරක්ශිත ප්‍රදේශ සීමාවක අපිත් පොඩ්ඩක් එතන තියෙන බාධක එක්ක අපේ සීමාවන් එහෙ මෙහෙ කර ගත යුතුමයි කියන පාඩම ඉගෙන ගන්ඩ ලැබුනා..ජායාරූප ගැනීම සහ පරිසරය සාධක .. Podi Kumarihami June 27, 2012 at 12:21 PM ලංකාවේ ලස්සන තැන් ගොඩයි. පින්තූරු ටිකත් ලස්සනයි. අර උඩින් තියන සිත්තරෙත් ලස්සනයි. :) Weni June 27, 2012 at 2:29 P...
ය වෙන උන්ට පවරලා ඉවරයි . . . දැන් මේක උන්ගේ . . උන්ට විතරයි මේකේ ඕන ඕන විදිහට ආතල් ගන්න පුලුවන් . . අපිට බෑ . . දැන් වත් ඒක තේරුම් ගනින් මෝඩ අයියේ . . :D අපි දැන් උන් කියන විදිහට xx ඇඟිල්ල ගහගෙන සද්දේ වහගෙන ඉමු . . . ඊලඟ සැරේදි ආයේ කතිරේ ගහලා උන්ට හරි අනිත් උන්ට හරි දෙමු . . . දීලා අයේ මෙහෙම ඉමු . . එච්චරයි . . Weni Ju...
ඩක් කල්..ඔය ගිණි ගන්න කුණු ගොඩවල් ඔළුවෙන් අයින් කරලා ගොඩක් කල්..දේවල් සිද්ධ වෙනවා..ඒවට ඒ ඒ කන්ටෙක්ස්ට් එකෙන්ම තමයි අර්ථකතන දෙන්නෙ..මම එකඟ නොඋනට ඔබට ඔය මතය දරන්න ඇති අයිතියට ගරු කරනවා බන් එච්චරයි..අපි දෙන්නා දකින්නෙ දෙවිදිහකට..මන් උඹ දකින විදියට හැඩගැහෙන්න ඕනි නෑ මට ඕනි නැත්නම්.. and vice versa.. දුකා June 27, 2012 at 2...
...! හික් හික් හික්..... නිශ් June 28, 2012 at 12:58 PM වෙනීගේ උත්තරේට ++++++++++++++++++ කොහොම උනත් ඔය පැත්තෙ කරල තියෙන ඔය වෙනසට නම් මගෙන් ආණ්ඩුවට ලකුනු ටිකක්. එකම වැරැද්ද ආර පාලිමන්ට් ග්‍රවුන්ඩ් එකේ කොල්ලො කුරුට්ටන්ට ක්‍රිකට් ගහන්න නොදෙන එක තමා. රාජ් June 28, 2012 at 5:08 PM දුකා +++++++++++++++++++++++++++++++++++++...
දියුණු වෙනව. අර පොලිස් මෑන් මොකක්ද දික්කරන් ඉන්නෙ. ඊතල ටිකක් ගහල ඒ ඒ දේවල් නම් කරානම් හොඳයි නේ ද? Weni June 27, 2012 at 2:39 PM දැන් ඉතින් ඒවා තම තමන්ගෙ පරිකල්පන ශක්තියෙන් තේරුම් ගන්න වෙයි .. ස්තූතියි ඇගයීමට... නිසුපා June 27, 2012 at 1:26 PM වහින්න එනවා වගේ අව්ව කිව්වට.. Weni June 27, 2012 at 2:40 PM අව්ව තිබ්බෙ මන් ...
වෙලාවක තමා යන්ඩ වෙන්නේ ! Weni June 27, 2012 at 2:41 PM එතන බංකු ගොඩක් තියෙනවා මල්ලි.. ඒ නිසා හිස් ඒවා තියෙනවා ඕනි වෙලාවක යන්ඩ.. kandyan June 27, 2012 at 1:35 PM ෆොටෝ ගැහිල්ල ගැන පරිසර පොලිසියට ඇති රුදාව මොකද්ද? ෆොටෝ ගැහිල්ලෙන් පරිසරය කාබාසීනියා වෙනවාද? ලඟ තිබුනේ X-ray කැමරා එකක්ද??? :-) Weni June 27, 2012 at 2:42 PM ව...
මේ පැත්තෙන් යනකොට පරිසරය හොදට රසවිදිනවා . Weni June 27, 2012 at 2:44 PM මාත් ගොඩක් කාලෙකට ඉස්සර ඔය පැත්තෙන් ගියා .ඒත් දැන් නම් ඒ පැත්තට අමුත්තෙක්ම වෙලා... දුමී June 27, 2012 at 2:42 PM ඉස්සර මමත් මගේ ගම හාමිනේ එක්ක ඔය විදිහට විහාර මහා දේවි පාක් එකේ, දෙහිවල බීච් එකේ පාර්ලිමේන්තු ග්‍රවුන්ඩ් එක හරියේ වගේ නිදහස් තැන් වල ඉඳ...
. එදා, අද කියලා වෙනසක් නෑ වගෙයි අසරණ පෙම්වතුන් ඉන්න තැන් වලට සොභා දහමේ අසිරිය විඳින මුවාවෙන් පිහිටෙන් දැනුත් පීප්ප කාරයෝ රිංගනවා වගේ....! මට හපොයි කියලා හිතෙන්නෙ දැන් ඉන්න පීප්ප කාරයෝ ලඟ 750mm සූම් කරන්න පුළුවං කැමරාත් තියෙනකොට අනේ අර අසරණ පෙම්වතුන්ට අබ සරණයි.... Weni June 27, 2012 at 2:48 PM අනේ යන්ඩලා දුමී.. ඔය පෙම් ...
එහෙම පෙම් කෙලිය හැටි ලියන්ඩකො පෝස්ට් එකක.. දුමී June 27, 2012 at 2:53 PM පිස්සු කෙලින්න එපා වෙනී අයියේ.... උඹ මෙතන දාපු නැති ෆොටෝසුත් දලා උඹම ලියපන් එහෙම පෝස්ට් එකක් "වයි" පරම්පරාවෙ පෙම් කෙලිය කියලා....! ගැමියාගේ පත් ඉරුව June 27, 2012 at 3:30 PM //පෙම්වතුන් පෙම්වතියන් නම් වැහි වැහැලා තරමෙ බංකු අත් පත් කරන් ඉන්නෙ ඔය හ...
න්න ඇත්තේ පෙම් කෙලින ඈයොන්ගේ පොටෝ ටිකක් ගන්න කියලා.... තව ටික දුරක් කියවද්දි හිතුනා ආ දැන් හරි පෙම් කෙලින් උන්ගේ පොටෝ ගහන්න ගිහිං වෙනී අයියට වට කරගෙන නෙලයි කියලා... වෙනී අයියේ තව දුරටත් ඔයාගෙ පෙනුම ගැන කණගාටු වෙන්න ඕනේ නෑනේ.කවුරු හරි නිකන් අමුතුවට කතා කරන්න ආවොත් හොදට හිනා වෙලා කියන්න PLEASE CHECK MY BLOG කියලා.ආයේ ලොව...
June 27, 2012 at 5:39 PM හික්ස්..බ්ලොග් ලියන කතාව් කීවොත් පොලිස් කූඩුවෙන්ම නවතින්න වෙයිද මන්දා ? පොලිස් මල්ලි තුවක්කුවක් නම් දික් කරේ නෑ..මං හිතලා හිතලා ඇන්ඳා.. සෙන්නා June 27, 2012 at 10:20 PM ඔවුවොවු අර පොලීසියට ගම්පෙරලිය ගැන කියපු එකෙක්ට වෙච්ච සන්තෑසිය මතකයිනෙ.. උන්ට බ්ලොග් කිව්වොත්.. අම්මට සිරි මොකක් හරි නසරානි වැඩ...
ඕනම තැනක පිටරට සුද්දන්ට කිසිම තහනමක් නෑ,, Weni June 27, 2012 at 5:41 PM ඒ කරදර කාලෙ කොටුවෙ අඩියක් අඩියක් ගානෙ ෆොටෝ ගහන්ඩ එපා කියලා බෝඩ් තියෙද්දිත් වයිෆ් හිනාවක් දමලා ආමි කාරයින්ට ෆොටෝ ගැහුවා..ඩිලා මල්ලි කියන එක හරි..ෆොරිනර්ස් ලා ලවක් දෙවක් නැතුව ෆොටෝ ගහනවා කවුරුවත් මොනාවත් කියන්නෙ නෑ... හිරුහිමාවී June 27, 2012 at 4:34...
haraaje ta ;) Weni June 27, 2012 at 5:42 PM ඒක ඇත්ත හොඳම තැන් ඒවා තමයි..මේ ජොබ් එක කරන් තියෙන පොඩියක් නිවාඩු පාඩුවෙ ගන්න පුළුවන් ෆොටෝ තමයි මේ ගන්නෙ..අහල පහල තියෙන තැන්... මල්සරා @ ≈ මගේ ජීවිතය ≈ June 27, 2012 at 4:37 PM ඇත්තටම ලස්සනයි දැන්.. මාත් වැඩ කට යන ගමන් දැක්කා.. නිවි හැනහිල්ලේ යන්න ඕව තනියට තව මොකෙක් එක්කගෙන.. ...
යෙන්නේ පුදුම නීති තමයි. ෆොටෝ ගත්තම මොකක් වෙනවටද දන්නෙ නෑ... Weni June 27, 2012 at 5:44 PM ඒක නීතියක්ම නෙවෙයි..පොඩ්ඩක් mutual understand එකෙන් විසඳගන්න ඕනි සිටුවේශන් එකක්..හැබැයි ඔබේ කතාව හරියටම හරි.. අසරණයා June 27, 2012 at 7:01 PM පින්තුරටික ලස්සනයි. කාලයක් රට ඉඳල ලංකාවට අවාම අපිටා එපා වෙච්ච ගම් පළාතත් ලස්සනට පේනවා. W...
ගහනකොට අවසාර ගන්න ඕනෙද කියන එක ගැන නම් හිතන්නම වෙනවා Weni June 29, 2012 at 6:04 PM ඉතින් මායියා එක්ක ඇවිත් ඉඳලා යන්ඩ වරුවක් හමාරක්ම..ඔය ට්යිම් එකේ මන් දැක්කොත් ගන්නවා ෆොටෝ එකක්.. මඩිස්සලේ නිශාන් June 27, 2012 at 7:34 PM පින්තූර ටික දැක්කම නම් යන්නම හිතෙනවා බලන්න. නිශාන් යන්නකො සති අන්තෙක නිවාඩුවක.. Dinesh June 27, 2012...
කර කර හිටියා..මන් අහන්ඩ ගියේ නම් නෑ.. Dude June 27, 2012 at 10:22 PM හම සුදුනම් අවසර ඕනෙත් නෑ මොන අහවල් එකක්වත් ඕනෙ නෑ අපේ රටේ ෆෝටෝ ගන්න. වෙනියා ඔය කියලා තියෙන mutual understanding අහවල් එකත් ඕනෙ නෑ. ඒවා ඔක්කොම ඕනෙ වෙන්නෙ මේ අපිට. ඒ ගැන කතා කරොත් අප්‍රසන්න කමෙන්ට් එකක් ලියවෙන නිසා නවතිනවා. අපි අර ලස්සන චිත්‍රය ගැන කතා...
්තූර ගන්න අතරේ තට්ට හිසක් ඇති වෙලෙන්දෙක් පොප්සිකල් එකක් විකුනන්න හදනවා කියලා කියලා. පස්සෙ කතාව කිව්වම තමයි වැඩේ තේරුනේ. :) මගෙ මෝඩකමට එක ප්‍රශ්ණයක් අහන්නම්. එදා හාවො දෙන්නා වටේ තණකොල මැරිලා තිබ්බෙ උන් දෙන්න කාලයි කියමුකො. මුන් දෙන්න වටේ තණකොල මැරිලා තියෙන්නෙ අහවල් දෙයක් වෙලාද? සෙන්නා June 27, 2012 at 10:29 PM ඔය හමේ ප්...
යෝ අපිව රස්තියාදු කරන තරමක්.. ඔක්කොම නීති අපිට තමා.. මරාගන මැරෙන්ඩ හිතෙනවා.. Weni June 29, 2012 at 6:06 PM හෙන්රි ගෙ විචක්ශන ඇහැට අහු වෙච්ච සීමාව චිත්‍රයෙ...හයියෝ...ඔය පොලොස් මාමා වෙඩි තියන්ඩයි යන්නෙ අවසර නොගෙන ෆොටෝ ගහනවට... සෙන්නා June 27, 2012 at 10:22 PM අනේ මංදා... එහෙම පොදු තැන් වලටත් අවසර ගන්ඩ ඕනද කියලා මටත් ප්‍ර...
2012 at 10:25 PM අද චිත්‍රෙ ලස්සනයි. හරියට ෆොටෝ ගන්න එකාගේ ඔළුවට වෙඩි තියන්න හදනවා වගේ. ලස්සන කොක්කු (මට පේන විදිය ඈ..) ටික. පින්තුරැ ටිකත් මල් හතයි ඈ... ඒ වුනාට පොටෝ ගන්න ආයේ අහන්න කියන එක තමා අල්ලන්නේ නැත්තේ. කොහේද යුද්දේ ඉවර වුනාට කබායේ සැර වෙනස් නෑ නේ . Weni June 29, 2012 at 6:08 PM ක්සැන්ඩර් ච්ත්‍රය හරියටම තේරුම්...
6:09 PM ආ ඔන්න ඔය ඉන්නෙ පලපුරුදු කාරයෙක්... Il mondo di una povera pazza June 28, 2012 at 2:37 AM කියවලා ගියා කියලා විතරක් කිව්වම ඇතිනේ. ඔය ෆොටෝ කතා නම් ඉහේ කෙස් ගානට මට වෙන දේවල්. ඒ වෙලාවට ඉතින් හමේ පාට එලියට අරන් සේෆ් මූඩ් එකෙන් එන්න දැන් මාත් පුරුදු වෙලා. හික්ස් Weni June 29, 2012 at 6:10 PM ඔව් mutual undestand කි...
( දින කාහිපයකට කලින් යුරෝපිය රටක සිට පැමීණි සුද්දෙකූගේ පෙනුම සහිත) , මමයි ,තවත් තරෑණ ගැහැණු ළමයෙක් සහ චීන ජාතික කාන්තාවක් ( ලංකාවේ බොහොකලක් ජීවත්වු) සමග තවත් මැදි වයසේ පිරිමී කෙනෙකූත්. අපිව නවත්තපු පොලිස් මහත්තයෙක් අයිඩින්ටි කාඩ් බලලා,කොහෙද යන්නේ කියලා ප්‍රශ්න ඇහුවා. වාහන එලවපු අර සුද්දා වගේ කොල්ලගේ සහ චීන ජාතික කාන්ත...
ීංහලෙන්) නැ පුතා එයා අපි දෙන්නගෙන් මොකූත් ඇහුවේ නැත්තේ අපි දෙන්නා සීංහල කතා කරන්න දන්නැ කියලා හිතලා. මගෙන් කවදාවත් එයාලා මොකූත් අහලා නැ Weni June 29, 2012 at 6:12 PM ඔව් ඒ සිද්ධිය නිසා වෙන්නත් පුලුවන් තමයි..බය ඇති කඩු පහරක් වත් වදීදෝ කියලා.. සිඳු June 28, 2012 at 6:57 PM මේ වැඩේ මටත් වුණා නිදහස් චතුරස්‍රය ෆොටෝ ගන්න ගිහ...
ැක්කම බය වෙනවද කොහෙද පත්තරෙන් ඇවිත් කියල ඔව් සිදූ එහෙම බයකුත් එනවා ඇති.. වර්ණ June 28, 2012 at 10:37 PM මට නම් හොඳටම පුරුදු තැනක්.ඒත් ඔය ෆොටෝ කෙලිය නන් මටත් හිතා ගන්න බෑ. Weni June 29, 2012 at 6:13 PM ඔව් ..පොලීසිය එක්ක සාමෙන් ඉඳන් කර ගන්න ඕනි වැඩක් තමා.. The Modern Patriot June 29, 2012 at 11:08 AM මටනම් මේ සිද්ධිය ගැ...
මන් අදහස් කලෙත් ඒකම තමා... Dude June 29, 2012 at 11:16 AM උඹ කොහෙ ගිහින්දෝ???????????? Weni June 29, 2012 at 6:14 PM ඉන්නවා හෙන්රි පට්ට බිසි වෙන්ඩ උනා නොවැ.. ‘‘ඒ කතාව බොරුවක්. සන්ෆ්ලවර් කාටවත් තවම විකුණලා නැහැ“ නීල් වර්ණකුලසූරිය- Photos - Neel Warnakulasooriya's Article - Hiru Gossip, Lanka Gossip News | Hirugossip | ...
රිය- PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka 33,418 Views "සමහරවිට තව අවුරුදු හත අටකින් සන්ෆ්ලවර් සංගීත කණ්ඩායම විකුණාවි.." "මගේ දරුවන් සංගීතයට නැඹුරු අය නෙවෙයි.."කණ්ඩායම් සංගීතය තුළ පෙරළියක් කළ කණ්ඩායමක් හැටියට සන්ෆවලර් ...
තාවේ ඇත්ත නැත්ත ගැන පුවත්පතකට නීල් වර්ණකුලසූරිය කතා කරලා තිබුණා.නීල්... මොකද මේ එකපාරටම සන්ෆ්ලවර් සංගීත කණ්ඩායමට ඇතිවුණා කියන ප්‍රශ්නෙ...? සමාජ වෙබ් ජාලා කීපයකම පහුගිය දිනවල ප්‍රචාරය වුණා නීල් සන්ෆ්ලවර් සංගීත කණ්ඩායම විකුණලා කියලා. මොකක්ද ඒ කතාව? ඒ කියන්නේ සන්ෆ්ලවර් සංගීත කණ්ඩායම ශාන් කියන කෝටිපති ව්‍යාපාරිකයාට විකුණලා...
ස්තර අහලා. ෆෝන් එකට කියපු දෙයක් පවා ඒ කෙනා වෙබ් සයිට්වලට දාලා. ඒක කොච්චර නරකද...? මට තේරෙන්නේ නෑ... ඇයි මිනිස්සු මෙහෙම කරන්නේ කියලා. එතකොට නීල් හිතේවත් නැද්ද සන්ෆ්ලවර් සංගීත කණ්ඩායම විකුණන්න...? මෙහෙමනේ... අනාගතේ ගැන කියන්න හරියටම මම දන්නේ නෑ... හෙට මට මොනව වෙයිද කියල මම දන්නේ නැහැනේ. අනික මගේ දරුවන් වුණත් සංගීතයට නැඹු...
් සයිට්වල දාලා. ඒක කොච්චර නරකද. කොහොමද සන්ෆවලර් සංගීත කණ්ඩායමට තියෙන ඉල්ලුම එදා වගේමද...? සන්ෆ්ලවර් සංගීත කණ්ඩායම පටන් ගත්තු දවස් ඉඳන් අද වෙනතුරු හොඳ ප්‍රතිචාර ලැබෙනවා. ප්‍රසංග වේදිකාවේ ලොකු ඉල්ලුමක් සන්ෆ්ලවර් සංගීත කණ්ඩායමට තියෙනවා. සන්ෆ්ලවර් සංගීත කණ්ඩායමේ හිටපු සමාජිකයින් කීපදෙනෙක් වරින් වර සංගීත කණ්ඩායමෙන් වෙනත් කණ...