text
stringlengths
1
1.09k
label
int64
0
4
ශ‍්‍රී ලංකාවේ ජනයාගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් ආරක්‍ෂා කරමින් සාමය හා සංහිඳියාව ගොඩනැඟීමට රජය ගෙන ඇති ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මහලේකම් බැංකි මුන් ප්‍රසාදය පළ කරයි.
1
Tech Guru Episode 11 HD[14-22-19]
4
ඔහු නවසීලන්තයේ පදිංචියට ගොස් ඇත්තේ, 2001 වසරේදී ය.
3
ඒ අනුව, මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේදී කොල්කටා නයිට් රයිඩර්ස් (KKR) කණ්ඩායම නියෝජනය කිරීමේ අවස්ථාව ඔහුට හිමිව ඇත.
3
නව නායකයෙකු තෝරා ගැනීම සම්බන්ධයෙන් ක්‍රිකට් පාලක මණ්ඩලය හමුවේ අභියෝගයක් පවතින බව ත් පකිස්ථාන කණ්ඩායමේ පිතිකරු අංශය සම්බන්ධයෙන් වැඩි අවධානයක් ඉදිරියේදී යොමු කළ යුතු බව ත් එහිදී ඔහු පෙන්වා දී තිබේ.
3
චීන තාක්ෂණ පරිසර පද්ධතියන්හී (බහුතරය CTE ලෙසින් හඳුන්වන) සන්නම්නාම සහ 2015 සහ ඉන් ඉදිරියට නව්‍යතා බිහිකරමින් ඒ සඳහාම කැපවූ නව්‍යතා මධ්‍යස්ථාන සමඟ ආසියානු පැසිපික් සහ ජපානය මෙම ගණන නව යුගය ඉදිරියට රැගෙන යන තොරතුරු තාක්ෂණ ක්ෂේත‍්‍රයේ වැදගත්ම හවුල්කරු වේ.
4
එම සංයුත්ත තැටිය එළි දක්වා ඇත්තේ, 2010 වසරේදී ය.
2
අහමඩ් ශෙසාඩ් ලකුණු 63 ක් ලබා ගැනීමට සමත් විය.
3
ශ්‍රී ලංකන් ගුවන් සමාගම එමිරේට්ස් ගුවන් සමාගම විසින් කළමනාකරණය කළ අවදියේදී 2008 වසර දක්වා ශ්‍රී ලංකන් සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කළේ ටිම් ක්ලාර්ක් මහතායි.
0
මෙම තරගය අද (23 දා) කොළඹ රාජකීය විදුහල් ක්‍රීඩා සංකීර්ණයේදී පැවැත්විණ.
3
හෂින් ඩිමාල් ලකුණු 23කට කඩුලු 2ක් දවා ගත්තේය.
3
මෙම ගැටුම මර්දනය කිරීමට පොලිස් කැරලි මර්දන ඒකකය ද කැඳවා තිබිණ.
3
එහෙත්, ඔහුගේ සුපිරි නළුකමට එහා ගිය අතිශය සංවේදී මානව හිතවාදී චරිතයක් ඔහු තුළ සැබෑවට ම පවතින බව දැනගත හැක්කේ, ඔහුගේ පෞද්ගලික ජීවිතය දෙසට එබී බැලීමෙන් පමණි.
2
A380 වැනි ගුවන් යානයක් පවා හදිසි තත්ත්වයකදී මත්තල ගොඩබෑමට හැකිවීම නිසා මෙම තත්ත්වය ඇතිවී තිබෙන බව සඳහන්ය.
0
එබැවින් රජයෙන් පහත සඳහන් ප්‍රශ්නවලට පිළිතුරු අපේක්ෂා කරන බව විපක්ෂ නායකවරයා සදහන් කළේය.
1
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඔස්ට්‍රේලියාව පන්දුවාර 15යි පන්දු 2ක් අවසානයේදී කඩුලු 3ක් පමණක් දැවී තිබියදී ජයග්‍රාහී ඉලක්කය පසු කිරීමට සමත් විය.
3
ඔහු පවසා ඇත්තේ, ඓශ්වර්යා රායි සහ තමන් අතර සබඳතාවක් පැවති බවට ය.
2
වසර 12කට පසුව මෙම තරගාවලියේදී ඔහු ලැබූ දැවැන්තම පරාජය මෙය වේ.
3
Kick චිත්‍රපටය ඉන්දියාවේ සිනමාහල් 5000ක පළමු වරට තිරගත කෙරුණේ, පසුගිය 25 වන දා එනම් මීට දින 4කට පෙර යි.
2
නැවත පදිංචි කිරීමේ ක‍්‍රියාකාරී සැලැස්ම හා ප‍්‍රතිපත්ති රාමුව පිළිබඳ ආධාර දෙන රටවල හමුව අමතමින් එක්සත් ජාතීන්ගේ ශ‍්‍රී ලංකා සම්බන්ධීකාරක සුබිනේ නැන්ඩි මේ බව අනාවරණය කර තිබේ.
1
ඇමරිකානු මහ බැංකුව ඉදිරියේදී පොලී අනුපාත තවදුරටත් වැඩිකරනු ඇතැයි අපේක්ෂා කරන නිසා ජාත්‍යන්තර බැඳුම්කර නිකුතුවකට යෑමට මෙය හොඳම අවස්ථාව යැයි සිතූ හෙයින් මෙම ජාත්‍යන්තර බැඳුම්කර නිකුතුව සිදුකළ බව මහ බැංකු අධිපතිවරයා වැඩිදුරටත් මෙහිදී පැවසීය.
0
Best Cinematography
2
මේ මතබේදාත්මක චිත්‍රපටය මේ වන විට මෙතෙක් ඉතිහාසයේ අන්තර්ජාලය හරහා වැඩිම ආදායමක් ඉපැයූ චිත්‍රපටය වූයේ දෙසැම්බර් 24 දින සිට දින 4ක් ඇතුලත ඇමරිකානු ඩොලර් මිලියන 15ක ආදායමක් ඉපැයීමට සමත් වීමෙනි. ඒ වගේම මේ වන විට මිලියන 2කකට අධික පිරිසක් චිත්‍රපටය අන්තර්ජාලය ඔස්සේ නරඹා ඇත. මීට අමතරව තවත් මිලියන ගණනක් ටොරන්ට් වෙබ් අඩවි හරහා භාගත කරගනිමින් නරඹා ඇති නමුත් එම දත්ත නිවැරදිව වාර්තා වී නැත.
2
ඔහු ඉංජිනේරුවරයෙක්. ඒ වගේම ඔහු පියාඹන කාරයක නිර්මාණකරුවෙක්. Ford Pinto මෝටර් රථයකට Cessna Skymaster ගුවන් යානයක බඳ කොටස සම්බන්ධ කර නිර්මාණය කල AVE Mizar යානයේ නිර්මාතෘ ඔහුයි. නමුත් අවාසනාවකට ඔහු ගමන් ගත් AVE Mizar යානය අනතුරට ලක්වීමෙන් හෙන්රි සහ ඔහුගේ සහායකයා 1973 දී මියගියා.
4
2012 වසරේදී ලංකාව විසින් නිකුත් කළ ජාත්‍යන්තර බැඳුම්කර නිකුතුවේ පොලී අනුපාත වලට වඩා මෙවර පොලී අනුපාතය වැඩිවී තිබෙන්නේ ඇමරිකානු පොලී අනුපාත වැඩිවී තිබෙන නිසා බවත් 2012 සිට මේ දක්වා ඇමරිකානු පොලී අනුපාතය සියයට 2.2 කින් පමණ වැඩිවී තිබෙන බවත් අර්ජුන මහේන්ද්‍රන් මහතා පැවසීය.
0
තරගයේ අවසන් භාගයේදී නරඹන්නන් පිරිසක් ක්‍රීඩාංගණයට කඩා වැදීමෙන් පසුව ‍එම තත්වය හටගත් බව පොලීසිය පැවසී ය.
3
ටෙනිස් ග්‍රෑන්ඩ් ස්ලෑම් ශූරතා 15කට හිමිකම් කී ඔස්ට්‍රේලියානු ටෙනිස් ශූරයෙකු බාල වයස්කාර දැරියන් පිරිසක් දූෂණය කළ බවට වූ චෝදනාවක‍‍ට වරදකරු වී තිබේ.
3
මේ අනුව, මෙම ව්‍යාපාරික සැලසුම සකස් කිරීම සඳහා රජය විසින් කැබිනට් අනුකාරක සභාවක් පත් කර තිබෙන අතර මෙම කමිටුව පළමු වරට හෙට පස්වරු 3.30 ට රැස්වීමට නියමිත බව අප වෙත වාර්තා වේ.
0
එම තරගාවලිය පුරා විවිධ ආකාරයේ සුවිශේෂී සිද්ධි වාර්තා වේ.
3
පුද්ගලයෙක් අවුරුදු 10.5ක කාලයක් රාජකාරී සඳහා වැයකරනවා. අවුරුදු 9ක කාලයක් විනෝදාත්මක දේ සඳහා වැයකරනවා.
0
මරායස් එරාස්මස් (තෙවන විනිසුරු)
3
මෙවර ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අර්ධ අවසන් වටයේදී ඔස්ට්‍රේලියාවට එරෙහිව ඉන්දීය කණ්ඩායම ලැබූ පරාජයට බැනුම් ඇසීමට සිදුව ඇත්තේ, බොලිවුඩ් නිළි අනුෂ්කා ෂර්මාට ය.
3
ඔහු පෙන්වා දෙන්නේ පසුගිය ජනාධිපතිවරණයේ ප්‍රතිපළ නිකුත්වීමටත් පෙර තමා එම ධූරයෙන් ඉවත් වූ බවයි.
1
ඔවුන් වෙනුවෙන් නායක විලියම් පෝට්ෆීල්ඩ් ලකුණු 107ක් රැස්කළේ ය.
3
ඒ වගේම ඇමරිකානු ඩොලර් 390ක් වගේ මිලකට ඔබට මේ උපකරණය මිලදී ගත හැකියි.
4
නොකියා සමාගමේ අතිශය ජනප්‍රිය ජංගම දුරකථන මාදිලියක් වුණු Nokia 1100 දුරකථනය ඔන්න දැන් ආයෙත් කතාබහට ලක්වෙන්න පටන් අරන්. ඒ Nokia 1100 නමින් නම් කළ quad core ජංගම දුරකථනයක් අලුත්ම ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුම් පද්ධතිය වන Lollipop සහිතව වාර්තා වීමත් සමඟයි.
4
දකුණු අප්‍රිකානු පන්දු යවන්නන් හමුවේ ශ්‍රී ලංකා කණ්ඩායමේ කඩුලු 8ක් මේ වන විට බිඳ වැටී තිබේ.
3
එම විශිෂ්ට පන්දු යැවීම පහතින් නරඹන්න….
3
තරමක් විශාල ජංගම දුරකථනයක් වුනත් මෙහි button placement එකේනම් වරදක් නැහැ. ඒ නිසා Power On/Off කරන්න Volume අඩු වැඩි කරන්න වැඩි වෙහෙසක් දරන්න අවශ්‍ය නැහැ. ඉතින් මේ විදියට බලනකොටනම් මිලට උපරිම සාධාරණයක් කරන්න OnePlus One සමත් වෙලා.
4
ශ්‍රී ලංකා පිළිතුරු ඉනිම ටී.එම් ඩිල්ෂාන් සහ ලහිරු තිරිමාන්න ආරම්භ කළේය.
3
තමන් පොත ගැන දන්නේ නැති බවත්, එය තමන් දුටුවේ මාධ්‍යයෙන් බවත්, ‍හෙතෙම පැවසුවේය.
1
සාමාන්‍යෙයන් තත්පරයට රූපරාමු වැඩි ගණනක් රූගත කරන්නට නම් ඒ සඳහා හොඳ ප්‍රොසෙසරයක් අවශ්‍ය වනවා. ඉතින් මේ නව iPhone 6 හා iPhone 6 Plus හි ඇති A8 ප්‍රොසෙසරයට ඒ හැකියාව තියෙනවා. ඒ අනුව දැන් සාමාන්‍ය පාරිභෝගිකයින්ටත් වෘත්තීය මට්ටමේ වීඩියෝ ලබාගැනීමට හැකියාව ඇතිවනු ඇති බවයි ඇපල් සමාගමේ මතය.
4
තිරයේ දීප්තිය පාලනය manual සිදුකිරීමට සිදුවීම සහ කල් ගතවීමේදී දුරකථනය slow වීම අවාසි වේ.
4
ලකුණු තත්ත්වය දැක්වුණේ, 6:2ක් සහ 6:1ක් ලෙස ය.
3
මිචෙල් ස්ටාක්ගේ පන්දුවක් හමුවේ නායක බ්‍රේන්ඩන් මැකලම් ලකුණු නොලබා පිටියෙන් ඉවත් විය.
3
බාසිලෝනා විවෘත ටෙනිස් තරගාවලියේ 3වන වටයේ තරග කිහිපයක් ඊයේ පැවැත්විණි.
3
මේ අනුව, මෙම ධූරය කුලතිලක මහතාට ඉදිරි වසර 02 ක කාලය සඳහා හිමිවන අතර මීට පෙර මෙම තනතුර දරා තිබුණේ චිතගොං කොටස් වෙළඳ පොළේ සභාපතිවරයා වූ ආචාර්ය මහම්මඩ් අබ්දුල් මසීඩ් නැමැත්තායි.
0
ඩ්වේන් ජොන්සන් – අමෙරිකානු ඩොලර් මිලියන 52
2
මීට පෙර 2005 වසරේදී එවක ඇමරිකානු රාජ්‍ය ලේකම් ධූරය දැරූ කොලින් පවෙල් ලංකාවේ සංචාරය කළේය.
1
තරග – 167
3
ඇපල් සමාගමේ සම නිර්මාතෘ අභාවප්‍රාප්ත ස්ටීව් ජොබ්ස්ගේ ජීවිත කතාව ඇසුරින් නිර්මාණය කෙරෙන ‘Jobs’ චිත්‍රපටයේ ස්ටීව් ජොබ්ස්ගේ චරිතය සඳහා ඔස්කා සම්මානලාභී නළු ක්‍රිස්ටියන් බේල් (Christian Bale) තෝරාගෙන තිබේ.
2
Google Nexus ජංගම දුරකථන පෙළ පාරිභෝගිකයින් අතර අතිශය ජනප්‍රියත්වයට පත්වුනා. ඒ අතරිනුත් Nexus S, Nexus හා Nexus 5 ජංගම දුරකථන ත්‍රිත්වය වැඩි අවධානයක් දිනාගත්තා. මේ Nexus දුරකථන පෙලේ අලුත්ම ජංගම දුරකථනය පිළිබඳ තොරතුරු හෙළිවෙමින් පවතිනවා. “Shamu” යන කේත නාමයෙන් හැඳින්වෙන Nexus 6 ජංගම දුරකථනය Motorola සමාගම විසින් නිෂ්පාදනය කරනු ඇති බවයි වාර්තා වන්නේ. මේ නව Nexus 6 හි ඡායාරූප මෙතෙක් එළිදැක්වී නොතිබුනත් පසුගියදා leak වුනු LG G3 ජංගම දුරකථනය හා තවත් විශාල දුරකථනයක් දැක්වෙන ඉහත ඡායාරූපයේ ඇත්තේ නුදුරේදී නිකුත් වීමට නියමිත Nexus 6 (Shamu) බවයි හෙළිව ඇත්තේ.
4
එහිදී නව අතුරු කමිටුවක් පත් කිරීමෙන් පසු ක්‍රිකට් කවුන්සිලයෙන් එල්ල වූ බලපෑම සම්බන්ධයෙන් අමාත්‍යවරයාගෙන් කරන ලද ප්‍රශ්න කිරීමකට පිළිතුරු වශයෙන් හෙතෙම කියා සිටියේ එය අතුරු කමිටුව හා තමන් මැදිහත්වීමෙන් සුහදව විසඳාගන්නට කටයුතු කරන බවයි.
3
ඇය නෙදර්ලන්තයේ සේවය කරන බව වාර්තා වේ.
3
Alejandro González Iñárritu, “Birdman” (*WINNER)
2
ඉතාමත් සෞඛ්‍යාරක්ෂිතව සිදුකරන මෙම නිෂ්පාදන ක්‍රියාවලිය පිළිබඳව රූපවාහිනී වැඩසටහනක් කිරීමේ අවස්ථාව අපට හිමිවුණා.
0
ඇමරිකාව ප‍්‍රමුඛ රටවල සන්ධානය විසින් සිදුකළ ගුවන් මෙහෙයුම් 4200ක් මගින් එල්ල කළ බෝම්බ 14000කින් සතුරු සටන්කාමීන් 13000ක් පමණ ඝාතනය කිරීමට සමත්වූ බවද කාලයිල් පවසා තිබේ.
1
ඉතින් මේ පරාජයට පත්වූ බ්‍රවුසරය වෙනුවට අලුත් බ්‍රවුසරයක් ගෙන එන්නට මයික්‍රො සොෆ්ට් සමාගම තීරණය කරලා. එය හැඳින්වෙන්නේ Project Spartan නමින්. වින්ඩෝස් 10 නව මෙහෙයුම් පද්ධතියත් සමඟ නිකුත් වන නව බ්‍රව්සරයේ අලුතින් rendering engine එකක් සහිත නිසා වඩා වේගවත් හා වඩා නිවැරදිව වෙබ් අඩවි පෙන්වීමේ හැකියාව Spartan හට ඇති බව මයික්‍රොසොෆ්ට් පවසනවා. ඒ වගේම Cortana සමඟ ඒකාබද්ධව ක්‍රියාකරමින් ක්‍රියා කළ හැකි මෙන්ම ජංගම දුරකථන සඳහාත් පහසුවෙන් ක්‍රියාකළ හැකියි.
4
1996 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගය පැවැත්වුණේ, මාර්තු 17 වන දා ය.
3
යුද්ධයෙන් පසුව ලංකාවේ ආර්ථික වර්ධනයට ප්‍රධානතම හේතු ලෙස විදේශ ණය මත රජය සිදුකළ යටිතල පහසුකම් සංවර්ධන ව්‍යපෘති සහ අත්හැර දමා තිබුණු ධාරිතාවයන් ප්‍රයෝජනයට ගැනීම කැපී පෙනුණු බව ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා සඳහන් කළේය.
0
මෙම සාකච්ඡාවේදී රූපවාහිනී මාධ්‍ය ආයතන ප්‍රධානීන් පෙන්වා දුන්නේ, සමීක්ෂණ වාර්තා සකස් කිරීමේදී භාවිත කරන මිනුම් දඬුවල විශ්වසනීයත්වය සම්බන්ධයෙන් ගැටලු ඇති බව ය.
2
ඔහු බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහිව එම ශතකය රැස් කළේ, පන්දු 52කට මුහුණ දෙමිනි.
3
සාමාන්‍යයෙන් විශ්වාස භංගයක් පිලිගැනීමට පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් 20 දෙනෙකුගේ අත්සන් ප‍්‍රමාණවත්ය.
1
ඉන්පසු ඇය එම ස්ථානයෙන් පිටවී ඇති අතර අදාළ තරුණයින් ඇය ලුහුබැඳ තිබේ.
2
විශේෂයෙන්, සමාජ ජාල වෙබ් අඩවි ඔස්සේ අනුෂ්කා ෂර්මාට විවිධ ආකාරයේ දෝෂාරෝපණ එල්ල වෙමින් පවතී.
3
ඒජන්සි වාර්තාවල දැක්වෙන්නේ, ඔහු දකුණු අප්‍රිකානු කාන්තා ටෙනිස් පුහුණුකරු ලෙස කටයුතු කළ සමයේ බාල වයස්කාර ටෙනිස් ක්‍රීඩිකාවන් පිරිසක් දූෂණයට ලක් කර ඇති බවට අධිකරණයේදී සනාථ වූ බව ය.
3
දක්ෂ පන්දු යැවීමක නිරත වන ඔස්ට්‍රේලියානු පන්දු යවන්නන් මෙල්බර්න් පිටිය තුළ සිය අණසක පතුරවමින් සිටිති.
3
කැමිලි 2012 ලන්ඩන් ඔලිම්පික් ක්‍රීඩා උළෙලේදී පදක්කම් තුනක් දිනා ගෙන තිබේ.
3
කෙසේ නමුත් මීට පෙර සමීක්ෂණ හා නවතම සමීක්ෂණ වාර්තා අනුව නිගමනයට ආ හැකි කාරණය නම්, අවශ්‍යතාවයක් ඇතිව, තෘප්තිමත්ව ලිංගිකව එක්වන වාරගණන සෘජුවම මානසික සතුට සඳහා බලපාන බවයි. ඒ වගේම තෘප්තිමත්ව ලිංගිකව එක් වීම මානසික සෞඛ්‍යයට පමණක් නොව කායික සුවතාවයටත් හේතු වන කාරණයක් බවයි Loewenstein පවසා සිටියේ.
4
අවසන් පන්දුවට මෝර්කල් වැරෙන් පහරක් එල්ල කළ අතර හයේ සීමාවට අඟල් කිහිපයක් මෙපිටින් පන්දුව බිම පතිත වීම නිසා ලකුණු 4ක් පමණක් ලැබිණි.
3
මේ ඔබට ඉහතින් පෙනෙන දර්ශණය SimCity පරිගණක ක්‍රීඩාවේ දර්ශණයක් කියලා ඔබට හිතෙන්න පුළුවන් වුනත් එය වැරදියි. එය Xbox 360 භාවිතයෙන් Minecraft පරිගණක ක්‍රීඩාවේ එක් පුද්ගලයෙකු විසින් වසර 2ක් තිස්සේ නිර්මාණය කරන ලද මහා නගරයක්. Titan City නමින් හඳුන්වන ලද මේ නගරය නිර්මාණය කරන්නට blocks මිලියන 4.5ක පමණ උපයෝගී කරගෙන තිබෙනවා.
4
ඒ අයගේ ප්‍රධාන ලක්ෂණය තමයි එයාලා රැකියා සොයායන්නේ නැහැ. රැකියා නිර්මාණය කරගන්නවා. තවත් අයට රැකියා නිර්මාණය කරලා දෙනවා. මේ පිරිස සිග්‍රෙයන් වැඩිවන බවක් පෙනෙන්නට තිබෙනවා. අනිවාර්යයෙන්ම අනාගතයේ හැමෝම ව්‍යවසායකයින් වීමට හැකියාවක් නැහැ. නමුත් දැනට තියෙන ප්‍රතිශත සීග්‍රෙයන් වර්ධනය වේවි. මීට වඩා වැඩි පිරිසක් සමාගම්, ව්‍යාපාර ආරම්භ කරාවි. තවත් අය ඒ අය යටතේ සේවය කරාවි.
0
ජූනි මස 18 වන දා සැකකරු ඇයට, ඇය සේවය කළ නිළියගේ නිවසේ සේවයෙන් ඉවත් වන ලෙස පවසා ඇති අතර ඉන්පසු සිය නිවසට රැගෙන යන බවට පොරොන්දු වී ඇත.
2
මුශ්ෆිකුර් රහීම් සහ තමීම් ඉක්බාල් අතර බංග්ලාදේශ තුන්වැනි කඩුල්ලේ සබඳතාව ලකුණු 118 කි.
3
එහිදී, අඛණ්ඩව 4 වන ශතකය ද වාර්තා කළ කුමාර් සංගක්කාර ලකුණු 124ක් රැස් කළේ, පන්දු 95කදී ය.
3
3. මිස්බා උල් හක් – පකිස්ථානය (2002 – 2015)
3
ඊයේ දිනයේදී ද ඔහුට විශිෂ්ට ලෝක වාර්තාවක් පිහිටුවීමට තිබූ අවස්ථාවක් අවාසනාවන්ත අයුරින් ගිලිහී ගියේ ය.
3
එහිදී, ජේසන් හෝල්ඩර්ගේ අවසන් පන්දු වාර දෙක තුළදී ලකුණු 34 සහ 30 බැගින් ලකුණු 64ක් රැස් කිරීම කැපී පෙනිණි.
3
කෙසේ වෙතත්, අදාළ කොට්ටෝරුවා කෑ ගසමින් වේගයෙන් පියාඹා ගෙන පැමිණි බව ඡායාරූපය ගැනීමෙන් පසුව ඔහුට වැටහී ඇත.
2
Keyboard එක ගැන කතා කරන විටනම් LG සමාගමට ප්‍රසංසා කල හැකියි. සාමාන්‍යෙයන් Samsung ජංගම දුරකථන හා අනෙකුත් බොහෝමයක් ජංගම දුරකථන වල keyboard එක භාවිතයට අපහසුයි. නමුත් LG G3 හි Keyboard එකෙහි ප්‍රමාණය වෙනස් කල හැකි නිසා භාවිතයට වඩාත් පහසුයි. ඒ වගේම වේගයෙන් අකුරු හැසිරවීමටත් මේ දුරකථනය යෝග්‍යයි.
4
” සන්ඬේ ටයිම්ස් පුවත්පත වාර්තා කළ “පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශය දිලිත් ජයවීර මහතාගෙන් විමසා තිබුණේ ලංකා හොස්පිට්ල් ආයතනයේ කොටස් ප‍්‍රමාණයක් ඉන්දීය
0
ශ්‍රී ලංකාවේ කුමාර් සංගක්කාර අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය අද ප්‍රකාශයට පත් කළ 2015 – ලෝක කුසලාන ක්‍රිකට් කණ්ඩායමට ඇතුළත්ව සිටී.
3
4. ද්වේශ සහගත ලෙස ප‍්‍රවෘත්තිය පෙළ ගැස්සීම සහ ඉදිරිපත් කිරීම තුළින් මාගේ සේවාදායකයා පිළිබඳව වැරදි සහගත මතයක් සමාජ ගතවීමට ඉඩහැරීම තුළින් මාගේ සේවාදායකයාගෙන් මා හට උපදෙස් ලැබී ඇත්තේ සියලූ මාධ්‍ය සදාචාර හා ආචාරධර්ම උල්ලංඝණය කිරීමෙන් තම අභිමතාර්ථ සහ සැඟවුණු න්‍යායපත‍්‍ර මත මාධ්‍ය අපහරණය කරනු
0
කොළඹ මෙවර පැවති “ඉන්ටර්නැෂනල් කලර්ඩ් ජෙම් ස්ටොන් කොංග්‍රස්“ ( International Colored Gem Stones Congress) නැමති මෙම සමුළුවේදී මැණික් වෙළඳාම පිළිබඳව අලුත් කරුණු රැසක් ඉගෙන ගත්බව ඔහු වැඩිදුරටත් කීය.
0
පසුගිය අතුරු අයවැය මගින් ලබාදී ඇති ඔරොත්තු නොදෙන සහන හේතුවෙන් මෙරට සාර්ව ආර්ථික ස්ථායීතාවය දුර්වල කර තිබෙන බවත් අපි යන්නේ හරි පාරේදැයි නැවතත් විමසා බැලීම වැදගත් බවත් කුමාරස්වාමි මහතා සඳහන් කළේය.
0
ඇය ගොනු කළ නඩුව හේතුවෙන් අත්අඩංගුවට ගෙන සිටි රුබෙල් හොසේන්ට මෙවර ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදී බංග්ලාදේශය නියෝජනය කිරීමට තිබූ අවස්ථාව අනපේක්ෂිත තත්ත්වයක පැවතිණි.
3
මේ වසරේ මේ දක්වා ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියල සියයට 2.0 කින් පමණ අවප්‍රමාණය වී ඇත.
0
"මට විප්ලවයක් ආරම්භ කිරීමට අවශ්‍යයි" ඇය සිනාවෙමින් කියයි. එහෙත් ඒ ‘විප්ලවයක’අරුත නොදැනද නොවේ.
2
දැන් අනුර දිසානායක විසින් පක්‍ෂය රැගෙන යන ‘අධිරාජ්‍ය ගැති’ ගමනට අභියෝග කරමින් සෝමවංශ අමරසිංහයන් ස්වේච්ඡවෙන් එළියට බැස ඇත. එසේම සෝමවංශ අමරසිංහයන්ගේ අපේක්‍ෂාවන් වලින් භාගයක් පමණක් ඉටු කළ මහින්ද රාජපක්‍ෂයන්ද අධිරාජ්‍යවාදී බලවේගවල මෙහෙයුමක් තුළ මහජනයා විසින් සිහසුනෙන් බස්සවා ඇත. දෙදෙනාම දැන් තම අතීත වගකීම් ඉටු කළ ප‍්‍රමාණය සහ ගුණය මත ඉතිහාසයේ විනිශ්චය අභිමුවට පැමිණ ඇත. ඊට සාපේක්‍ෂව රට ඉදිරියේ පවතින අභියෝගද පශ්චාත් 2002 අවධියට සමාන ආකාරයට පෙළ ගැසී ඇත. ඒ අනුව ඒ දෙපළම අද ඉතිහාසයේ පරීක්‍ෂාවට මුහුණ දෙන්නේ පූර්ව 2005 අවධියේ පය තබාගෙන බව පැහැදිලිව තේරුම් ගත හැක. අනාගත අභියෝග ඉදිරියේ මහින්ද රාජපක්‍ෂයන් තම අතීතය දෙස ස්වයං විවේචනාත්මකව බැලීමට තරම් නිහතමානී වී ඇතත් සෝමවංශ අමරසිංහයන් තවමත් ඒ ගුණය වර්ධනය කර ගැනීමට සමත් වී නැත. වැරදි නිවරැුදි කර ගනිමින් තමාටත් රටටත් සාධාරණය ඉටුකිරීමට ඔවුන් දෙපළට ඉතිහාසය නැවත අවස්ථාවක් ලබා දෙන්නේ ඒ ගූණය දිනෙන් දින වර්ධනය කරගතහොත් පමණි.
1
හොලිවුඩ් නිළි පැමෙලා ඇන්ඩර්සන් සිය අතීතය පිළිබඳව කළ විවරණයකින් ප්‍රංශයේ කාන් (Cannes) නගරය මෙන් ම ලෝකය ම කැළඹීමට පත්ව තිබේ.
2
හොඳ ම නිළිය ලෙස සම්මානයට පාත්‍ර වූයේ, “Still Alice” චිත්‍රපටයේ රඟපෑ Julianne Moore ය.
2
පිළිතුරු ඉණිම සඳහා පිටියට පිවිසි රාජස්ථාන් කණ්ඩායමට පන්දුවාර 19දී සියලු ක්‍රීඩකයින් දැවී ලබාගත හැකි වූයේ ලකුණු 109 ක් පමණි.
3
නීල් ආම්ස්ට්‍රෝං සඳ මත පා තැබූ දර්ශනය අනුසාරයෙන් එය ප්‍රතිනිර්මාණය කර තිබේ.
2
එම වාර්තාවෙහි සඳහන් වන්නේ, ආකර්ෂණය උදෙසා කාන්තාවන් යොදා ගැනීම සිනමා ක්ෂේත්‍රයේ බෙහෙවින් ඉහළ ගොස් ඇති බව ය.
2
ඒ අනුව මෙතැන් සිට ජයග්‍රාහකයින් තෝරා ගැනීමේදී විනිශ්චය මණ්ඩලයට 40% ක අභිමතයක් ප්‍රකාශ කළ හැකියි.
2
“අවසානයේදී මා පෙන්වා දිය යුතුයි ජයවීර මහතාට සම්බන්ධ සමාගමේ ප‍්‍රධානියා සුරැකුම්පත් කොමිසමේ සභාපති ලෙස පත්වුණා.”
0
ඒ අනුව, ඇය මුම්බායිහි Kokilaben රෝහලට ඇතුළත් කර ඇත.
2
Google Map කියන්නේ අපිට අලුත් දෙයක් නෙවෙයි. ඒත් StreetView නම් ඒ තරම් ලංකාව තුල ප්‍රචලිත නැහැ. ඒකට ප්‍රධානතම හේතුවක් වුනේ මේ වනතෙක් Google Map Street View ලංකාව සඳහා සහාය දැක්වූයේ නැති නිසයි. නමුත් අද සිට ඒ අවස්ථාව ලාංකිකයින් වන අපට උදාවෙනවා.
4
ලිපි ලේඛන තියෙනවා.”
0
මෙම පැමිණීමට පසුබිම සකස්වී තිබෙන්නේ පසුගියදා මෙරටට පැමිණි ඇමරිකානු රාජ්‍ය ලේකම් ජෝන් කෙරී මහතාගේ සංචාරයයි.
0